෴ඉර හඳ යට෴ සිවුවන කොටස







දිනිතිගේ සිදු වුන හදිසි වෙනස් වීම කොයි ආකාරයකට සිදු වුවද එය මගේ සතුටටම පමනක් හේතු වුන බව පමණක් මම දැන සිටියෙමි. පෙර කිසිම දිනක මගේ මුහුණ බලා වචනයක් කථා නොකරන ඇය දැන් මඟ තොටදී දු‍ටුවද මා සමඟ සිනාසෙන්නීය. වචනයක් හෝ දෙකක් කථා කරන්නීය. එයටත් වඩා වටිනා දෙයක් මට තවත් තිබේද?

දිනෙන් දින සමීප වන අප දෙදෙනාගේ වෙනස සියළු දෙනාටම පුදුමයක් වුවත් දිනිතිත් මමත් ඒ වන විට හොඳම මිතුරන් වී හමාරය. එහෙත් ඇය කිසිම අවස්ථාවක ඇගේ තරහවට හේතුව මට පවසා නොමැත,. මා ඒ ගැන අසන හැම අවස්ථාවකම එය කෙසේ හෝ මඟ හරින්නීය.
කෙසේ හෝ කාලය ගතවී ගොස් අප දෙදෙනාට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් පත් පැමින තිබින, මා සිතූ ආකාරයටම ඇය හා මම එකම විශ්ව විද්‍යාලයකට ඇතුලත් වී තිබින.
විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ දිනයේ පටන්ම දිනිති හා මම එකටම කාලය ගත කරන්නට වූයෙමු. මටවත් ඇයටවත් නොදැනීම අප දෙදෙනා සමීප වන්නට පටන් ගෙන තිබිනි, වචනයෙන් නොකීවද ආදරය නම් වූ සොඳුරු බැඳීම අපටත් හොරා අප දෙදෙනාව යටත් කරගනිමින් තිබිනි.

සුන්දර ආදර කතාවකට අත් පොත් තබන්නට මේ සුදුසුම කාලයයි,. වසර ගනනක් පුරාවට මගේ හිත තුල හිර වී තිබුන ඒ සුන්දර හැඟීම දිනිතිට පැවසීමට මම සිතාගත්තෙමි. එහෙත් ඒ කෙලෙසද? ඇතිවූ මිතුරුදම යලි නිමා වේ යැයි යන බියද මා සිත තුල නොතිබුනාම නොවේ,.

ඒ වෙසක් මසේ සුන්දර සැන්දෑ කාලයකි, දිනිතිත් මමත් දේශන නිමා වී නිවස බලා යාමට බසයක් එන තුරු බස් නැවතුම්පලේ ‍රැඳී සිටියෙමු. මගේ සිතේ පවතින ආදරය ඇයට පැවසීමට නොඉවසිල්ලෙන් පසුවුනද කෙසේ කොතනින් පටන් ගන්නදැයි නොදත් නිසා, මම අසරණ වුනෙමි. වචන වලට ගලපා ගත නොහැකිව සිතේ හිර වුන හැඟීම් ලියවුන කඩදහි කැබැල්ලක් පමණක් එවෙලෙහි මගේ අතේ විය.

"දිනිති"

"හ්ම්ම්ම්..."

"මට ඔයාට කියන්න දෙයක් තියෙනවා, ඒත් ඉස්සෙල්ලා ඔයා පොරොන්දු වෙන්න ඕනේ මම කියන කිසිම දෙයක් නිසා අපි දෙන්නා ආයෙමත් තරහා වෙන්නේ නෑ කියලා, "

"හ්ම්ම්, කියන්න පසන්. මොකක්ද අප්පේ ඔච්චරටම බරපතල දේ. ඔයා දන්නවනේ පසන් මට ඔයා එක්ක තරහ වෙන්න බෑ කියලා, ඉස්සර වුන දේවල් අපි අමතක කරමු, ඒ නිසා කියන්නකෝ දැන් ඔයාට කියන්න තියෙන දේ,"

එසේ කියු ඇය හුරතල් බැල්මක් මා දෙස හෙලීය,.
සිතේ කැටි වී තිබුන හැඟීම වචන වලට පෙරලන්නට මා වෙහෙසෙද්දී අවාසනාවකට මෙන් දිනිතිගේ බස් රථය බස් නැවතුම්පලට පැමිනෙනු මා දුර තියාම දු‍ටුවෙමි,

"අන්න මගේ බස් එක එනවා, ඉක්මනට කියන්න පසන්, මොකක්ද ඔයා මට කියන්න ඕනේ කිව්වේ,."
ඇය එසේ ඇසුවද තවමත් මගේ මුව ගොළුවී ඇත.

"දිනිති ඔයාට පුළුවන් නම් ඊලඟ බස් එකේ යන්න,.... " එසේ කියන්නට සිත් වූවද යලිත් හැඟීම් වචන වලට පෙරලා ගැනීමෙ සටනක යෙදෙන්නට මට සිදුවුනි. බස් රථය හෙමින් හෙමින් අප සිටිනා තැනට එද්දි අමාරුවෙන් වචන ගලපාගත් මම මේ වචන ටික පමනක් කියන්නට සමත් වුනෙමි,

"මේ ලියුම ඔයාට, පරෙස්සමෙන් ගෙදර යන්න."

දිනිතිගේ මුහුණ මදක් වෙනස් වූවත් යලිත් ඉක්මනින් ප්රකෘති තත්වයට පැමිනි ඇය ඉක්මන් ගමනින් බස් රථය දෙසට යන්නට වූවාය. බස් රථයට ගොඩවී
"ඔයත් පරෙස්සමෙන් යන්නකියන්නාක් මෙන් යලිත් වරක් මා දෙස බැලූවාය.

*********************************************************************
                           දයාබර දිනිති,
ඔය නෙතු සොයමින්
වෙහෙසෙන මා සිත
වැටහුනි නම් අද,
ලඟම ‍රැ‍ඳෙනවද?
දහසක් නෙතු ලඟ
මා තනි වන විට,
ඔය නෙතු පමනකි
සෙව්වේ මා සිත,.
අවන් හලේ
මල් උයනේ,
දෙසුම් හලට යන
අතර මඟේ,
සඳක් වෙලා ඔබ
පායා එන කල,
එළිය ලබන්නට
අවසර දෙනවද?
මලක් වෙලා ඔබ
සිත අග පිපි කල
සුවඳ මගේ ලඟ
‍රැදුනා සැම විට,.
තරුවක් වෙන්නට
එපා අහස් කුස,
සඳක් වෙලා පායා එනු මසිතට,.


ඇයට ලියා දුන් කවියේ පද වැල් මගේ ඇස් ඉදිරිපිට දඟකම් කරද්දී පෙර දින ‍රැයේ නොසන්සුන් වූ සිත එක තැන් කරගැනීමට තැත් කරමින් හදවත සමඟ සටනක යෙදී ඇඳ මතට වැ‍ටුන මම පසුදින උදෑසනින්ම අවදි වුනෙමි.

අද ඇය ඒවිද?... 

ඇත්තටම ඇය මට සඳක්ම වේවිද

නැත්නම් මේ අපේ මිතුරුදමේ අවසානයද? කිසිවක් වටහා ගත නොහැකි වුනත් කඩිමුඩියේ ලක ලැහැස්ති වුන මම විශ්ව විද්‍යාලය බලා පිටත් වුනෙමි.

දහසක් නෙතු මා දෙසට යොමු වෙද්දී එකම එක ඇස් දෙකක් සොයමින් මම විශ්ව විද්‍යාලය පුරා දෙනෙත යැව්වෙමි.. ඈතින් එන හුරු පුරුදු රුවක් එක් වරම මගේ නෙත ගැ‍ටුනි.
ඒ ඇයමදරෝස පැහැති මල් වැඩ දැමූ හැට්ටයක් සහ ඊටම ගැලපෙන සුදු පැහැති දිග සායකින් ඇය සැරසී සිටියාය,.
කෙමෙන් කෙමෙන් ඇගේ රූපය මා වෙතට ලඟා වෙද්දී මගේ හදවත ගැහෙන නාදය ටිකෙන් ටික වේගවත් වනු මට දැනුනි. වෙනදා මෙන්ම සුපුරුදු සිනහා මුසු මුහුණෙන් කිසිවක් සිදු නොවූ ආකාරයෙන් ඇය මා වෙතට පැමිනෙන්නට විය,
එසේ නම් ඇය තීරණයක් අරගෙනද? සමහරවිට අපි මිතුරන්ම පමණක් වනු ඇත, ඒත් ඇය මේ ලෙසට හෝ සිනා මුසු මුහුණින් සැමදා මා ලඟ හිඳී නම් මට එය වුනත් සෑහේ,.

"මොකද මේ බය වෙලා, මම මෝහිනි වගේද පේන්නේ,"

"ඔව් ඔව් ලමයා විතරයි අඩුවට තියෙන්නේ,"

හදවත යකාගේ කම්මලක් මෙන් ගැහුනද ඒ බව නොපෙන්නා ඇයට විහිළුවක් කලේ මිතුරුකමවත් ඉතිරි වී ඇති බවට මට ඒත්තු ගිය නිසාවෙනි,
එක් වරම ලැජ්ජාවෙන් මෙන් මා දෙස බැලූ ඇය කිසිවක් නොකියා මා අසලින් දේශන ශාලාව දෙසට පියනගන්නට වූවාය.

"දිනිති"

"හ්ම්ම්ම්... "

"ඔයා මාත් එක්ක තරහද? , මම ඊයේ අහපූ දේට " බියෙන් බියෙන් එසේ ඇසුවත් ඇගේ මුවේ මතු වුන සිනහව මගේ බිය පහ කරන්නට සමත් විය.

"අනේ නෑ පසන්,මම ඇය තරහ වෙන්නේ. ඔයා මගේ යාළුවා, මොන දේ වුනත් ඒක වෙනසක් වෙන්නේ නෑ. "

"ඒ කියන්නේ, ඔයා මම කියපු දේ ගැන හිතලා බැලුවද?"

"හ්ම්ම්, ඔව් මම හිතුවා,ගොඩාක්ම හිතුවා,. මම ඒ ඔක්කොම දේවල් මේකේ ලියලා ඇති බලන්න,"

එසේ කියමින් මා දෙසට ඇය දිගු කල රෝස පැහැති කොලය දෙඅතට ගන්නා විට එය සැලුන සැටි ඇයද දකින්නට ඇත,. මට තනිවෙන්නට උවමනා වී තිබින. ඒ බව තේරුම් ගත් ඇය දේශන ශාලාවට යන බව කියමින් මගෙන් සමුගත්තාය.

විශ්ව විද්‍යාලයේ එක් පසෙක වූ රූස්ස ගහක් යට වූ බංකුවක් මත මම වාඩි වුනා නොව ඇඳ වැ‍ටුනායයි කිව්ව හොත් නිවැරදිය,. වෙවුලන දෙඅත, ගැහෙන හදවත, වාරු නැති දෙපා, දහඩියෙන් තෙත් වුන මුහුණ සහිතව මා එහි සිටිනු දකින ඕනෑම කෙනෙකු මම තදබල අසනීපයකින් පෙලෙන බව සිතනු නොඅනුමානය. ඔව්, මම ආදරය නැමති රෝගයෙන් දැඩි සේ පීඩා විඳින්නට පටන් ගෙන සිටියෙමි. දිනිතිගේ මුතුවන් අත් අකුරෙන් ලියා තිබුන ඒ ලිපිය දිගහරින්නට අවැසි වුනත් මගේ හදවත බයෙන් ගැහෙන්නට විය,. ඇය මගේ ආදරය ප්‍රතික්ශේප කර තිබුනොත්,...

ටිකෙන් ටික දිගහැරෙන ලිපිය මත ඇගේ මුතු කැට වන් අකුරු එකින් එක මගේ දෙනෙතට හසුවන්නට විය,.


                    සදාදර මිතුරු පසන්,..
සඳක් නොවෙයි මම
එලියක් නොමැත බෙදනට,
මලක් නොවෙයි මම
සුවඳක් නොමැත සිප සැනසෙන්නට,
ගඟක් නොවෙයි මම
ඔබේ දාහය නිවන,.
ඒත්...
තරුවක් වෙන්නෙමි මම,
ඔබට මඟ කියන,
කැකුලියක් වෙමි මම
ඔබේ දෙනෙත් මායිමේ පිපෙන,
උල්පතක් වෙමි මම
ඔබේ පවස නිවනට,..
ඉතින්
ඒ ඇතිද නුඹට
මා සඳක් නොවූවාට,..

මමත් ඔයාට ආදරෙයි පසන්,.
මම ඔයාගෙම ආදරණීය දිනිති..

ආරම්භය දු‍ටු විගස පන නැතිව ගිය මගේ දෙඅත් තුල මෙතෙක් වෙලා ලිපිය ‍රැඳවූ දැඟිලි වලට ස්තූති වේවා.. මගේ දෙනෙත් බොඳ වී යද්දි එකක් පසු පස එකක් ගලා ආ කඳුළු බිඳු මගේ කොපුල් තෙත් කරද්දී ප්‍රීතියෙන් ඉපිලෙන මගේ සිත පුපුරා යන්නට ආසන්න වූ බව පමණක් මම දන්නෙමි. දිනිති මට ආදරය කරයි. ඇය දැන් මගේ ලෝකයම වී හමාරය. මම එයව මගේම කරගන්නෙමි, ඇය සමඟ මගේ මුළු ජීවිතයම ගොඩ නගා ගන්නෙමි,. ඇය හා මා අතර අතීතයේ සිඳු වූ දෑ දැන් මතකයක් පමණි. ඒ අසුන්දර මතකයන් වලට වඩා වර්ථමානය කෙතරම් සොඳුරුද?

ඇයව යලි හමුවනා තෙක් එක මොහොතක්වත් ‍රැඳී සිටීමට අපහසු වුවත් මම ඉවසන්නෙමි. .ඇය යලිත් එන තුරා මේ බංකුව මතට වී බලා ඉන්නෙමි. තව තත්පර කිහිපයකින් අපි අපේම වනු ඇත,. එහෙත් මේ ආදර කථාවේ නිමාවක් නොවනු ඇත,.

*********************************************************************

CONVERSATION

22 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ඒකත් ජයසිරි මංගලම් කිව්වා එහෙනම්..

    ReplyDelete
  2. එ්ක එහෙම උන එක ගැන සතුටුයි! නමුත් මතක තියාගන්න..........

    "අැතිවීම ස්වාභාවය කොටගෙන අැති යමක් වේද එය නැති වීම ම ස්වාභවය කොට ගෙන අැත්තේය!"

    ReplyDelete
  3. හුරේ........... !!!!
    ඔන්න දැන් නේ හිනා වෙන්න පුලුවන් කොටස එන්නේ. මේක හැපි එන්ඩින් එකක් වෙයි නේද නංගි. එහෙම නම් ශෝක්.

    දිනිති හිත හොද කෙල්ල. මේ කෙල්ලෝ ආදරේ හිතේ හංගන් ඉන්නවා කියන්නේ නැතුව. කොල්ලා අහනකන්ම ඉන්නවා.

    ආහ්.. මට ප්‍රශ්නයක්. දැන් ඔය පසනුයි දිනිතියි දෙන්නට දෙන්නා ආදරේ කියා ගන්න කලින් වෙන කොල්ලෙක් ඇවිත් දිනිතිගෙන් ආදරේ ඉල්ලුවොත් දිනිති ඒ කොල්ලට කැමති වෙයිද ? අත්දැකීම් තියෙන කට්ටියම කියන්න බලන්න.

    ReplyDelete
  4. මම හිතුවා ඒ ලියුමේ තියන්නේ..
    අනේ පසන් ඔයා මගේ යාලුවෙක්නෙ හොඳම.මම ඔයාට මේ කියන්නමයි උන්නේ.මට ආදරේ කරන කෙනෙක් ඉන්නවා.ඒ නිසා හැමදාම අපි යාළුවො වගේ ඉමු..
    කියලා..
    හැපි එන්ඩින්ස්.. !!!
    එල එල... ජය වේවා !
    මේ වගේ දේවල් වෙන්නේ නැති එක තමයි දුක නංගි.වෙනවනම් මේ ලෝකේ කොච්චර ලස්සන තැනක් වෙයිද?

    ReplyDelete
  5. කිසිම අදර කතාවකට නැවතීමේ තිතක් නෑ කියල කියනවනේ ....

    ReplyDelete
  6. ඇත්තටම ඔයාගේ ආදර කතාව මගේ හිත මගේ අතීතයට අරන් යන්න පුළුවන් උනා... මොකද එකපාරක් මටත් පූජා ඔයවගේ සදසක් දුන්නා...
    අවසානය සතුටක් වේවි කියලා හිතනවා....

    ReplyDelete
  7. මුළු කතාවම ඉවර උනාම බලනවා නිකං හිතේ බලාපොරොත්තු තියාගන්නෙ ඔනෙ නෑනේ?

    ReplyDelete
  8. කතාව නම් ලස්සනයි සහෝදරී. ඒත් ඉතින් ඔයා කිව්වා වගේ මම ඔතන හිටිය නම් ඔය කතාව ගොඩක් වෙනස් වෙනවා.:)

    ReplyDelete
  9. හි හි......වුණ දේ නම් දැනට හො‍ඳයි....ඒත් ඉස්සරහට මොකන් වෙයිද?

    ReplyDelete
  10. ඉස්සරහ හොද වෙයිද? නිමාවක්ම වෙවිද?

    ReplyDelete
  11. හ්ම්ම්ම්ම්.............. සුභ මංගලම් ලු.......!!!!

    නොඉවසිල්ල ඉතිං අපිට තමා..... :)

    ReplyDelete
  12. @හ්ම්ම් හ්ම්ම්... ජය සිරි මංගලම්... :)

    @තනි අලියා- ඔව් මල්ලියා. ඒක හරි. ඇතිවීම නැති වීම, දුක සතුට හැමදේම උරුමයි අපිට.

    @මධුරංග අයියා- හෙ හෙ.. හ්ම්ම් අපි බලමුකෝ අයියේ හැපි එන්ඩින්ග් එකක් වෙයිද කියල. :)
    ඇත්තම කියනවා නම් මටත් කථාව ලියද්දි ඔය ප්‍රශ්නේ ආවා. හදිසියෙවත් මෙතනට තව කොල්ලෙක් දැම්මොත් මොනව වෙයිද කියලා. ඒත් ඒ හැටි වෙනසක් වෙන්නෙ නෑ අයියේ.. දිනිති කොහොමත් පසන් එක්ක යාළු වෙනවා.

    @තිශ් අයියා- හී හී.. එහෙම වුනොත් කතාව එතනින්ම ඉවරයිනෙ අයියේ.. ඊටත් අපේ ආදරවන්තයො දෙන්නට තව ගොඩාක් දුර යන්න තියෙනවා..
    හැපි එන්ඩින්ග්ස් කිව්වට තාම මේක අවසානෙට ඇඉව්ත් නෑ අයියේ..:)
    හ්ම්ම්.. මේ වගේ දේවල් වෙන්නේ නැත්තෙත් නෑ අයියේ. ඒත් ගොඩාක් සුන්දර ආදර කථා ටික කාලයක් පැවතිලානැති වෙලා යනවා..
    අර ලූශන් බුලත්සිංහලත් කියලා තියෙන්නේ
    "සැබෑ පෙම්වතුන් කිසිදාක එක් නොවේ,
    එක් වූ පෙම්වතුන් කිසිදාක සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ,
    වෙන් වී ගිය වුන් සදාකාලික පෙම්වතුන් ලෙස ජීවත් වේ" කියලා.

    @සයුරි අක්කා- හ්ම්ම් ඔව් අක්කේ.. ආදර කථාවට නැවතීමේ තිතක් නෑ, ඒත් ආදරවන්තයන්ට නැවතීමේ තිතක් තියෙනවා. නේද???

    @dinesh - හ්ම්ම් ඔයාට ඒකෙන් දුකක් වුනා නම් මට සමාවෙන්න අයියේ. ඒත් ඒ මතකය ඔයාට ගොඩාක් සුන්දර සිහිවටනයක් කියල මම දන්නවා. හ්ම්ම්,, අවසානය අපි බලමු අයියේ..

    @ලොකු ජෝන්- ස්තූතියි මේ පැත්තට ගොඩ වැදුනට.. හ්ම්ම්... ඔව් ඔයාගෙ ක්‍රමෙත් හරි. ඕනෙම දෙයක් ගැන ඕනෙවට වඩා බලාපොරොත්තු තියාගන්න ඕනෙ නෑ නේ..

    @kasun - ස්තූතියි කසුන්, ඔයා හිතන විදියට නම් ඔයා මෙතන හිටියා නම් මේ තරමට කෙල්ලට යටත් වෙන්නේ නෑ නේද? :)

    @සිතුවිලි නිහඬයි- හෙ හෙ.. හ්ම්ම් හ්ම්ම්.... ඉස්සරහට වෙන දේ අපි බලමුකෝ සී නී.. :)

    @රහස් පරීක්ශකයා- අපි බලමුකෝ මල්ලියො.. සමහරවිට හොඳ නරක දෙකම තියෙන දෙයක් වෙන්නත් පුළුවන්.. :)

    @හා පැටික්කි- හ්ම්ම්ම්,, හෙ හෙ, නොඉවසිල්ල ටිකක් තිබුනට කමක් නෑ.. තව ටික දවසක් ඔහොම යමුකෝ.. :)

    ReplyDelete
  13. ආහ් ඔන්න අද තමා කොටස් 5ම කියෙව්වේ ඉක්මනට අනිත් කොටසත් දාන්න නංගි

    ReplyDelete
  14. @ශානු- ස්තූතියි අක්කේ.. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා.. :D

    ReplyDelete
  15. යටත් වෙන කතාව කෙසේ වෙතත් අර වෙලාවෙම අනිත් පැත්තට හොඳ පාරක් ගහල ගෙදර එනවා. ආයෙත් ඒ කෙල්ල ගැන හිතන්නෙවත් නෑ. පාරකදී තමන්ට අතක් උස්සන කෙල්ලෙකුට මොකටද සහෝදරී ආදරේ කරන්නේ? මේ ලෝකෙ වෙන කෙල්ලො නැතුවද ඔහොම කෙල්ලො ලොකු කරන්නේ?:)

    ReplyDelete
  16. නිමාවක් නොවු කතාවේ ඉතිරිය බලාපොරොත්තු වෙමි

    ReplyDelete
  17. ම්ම්ම්ම්ම්ම්ම්..... අරුම පුදුම අවසානයක් වෙයිද??? හ්ම්ම්ම්ම්ම්.... බලමු මොකද වෙන්නෙ කියලා..:) කොහොම වුනත් අක්කි ලස්සනටම ලියන්වා.. ෂෝයි...!!!
    ඉතුරු ටිකත් බලමුකෝ...

    ReplyDelete
  18. අදයි කොටස් හතරම කියෙව්වේ... දුක හිතෙන විදියටනම් ඉවර කරන්න එපා...

    ReplyDelete
  19. මෙහෙම කතාවක හරි ඔයවගේ සුන්දර සිදුවීම් දකින්න ලැබීමත් වාසනාවක්........:)
    ඉතුරු ටිකත් කියවන්න අපි බලාගෙන ඉන්නවා...

    ReplyDelete
  20. @කසුන්- හ්ම්ම්.. ඔව්. ඒක ඇත්ත. ඒත් ආදරේදි ඕවා වලංගු නෑනේ යාළු.. :)

    @Uvindu- ස්තූතියි මල්ලියා.. :)

    @හිතූ නංගා- හ්ම්ම්ම්ම්.. බලමු බලමු.. ස්තූතියි නංගියෝ. ඉතිරි කොටසත් ඉක්මනටම දාන්නම්කෝ..

    @මන්තරකාරී- හ්ම්.. බලමු යාළු.. හැම කථාවකම අවසානය සතුටුදායක වෙන්නේ නෑ නේද ඇත්ත ජීවිතේදී..

    @කුබුවි- ඔව් අයියා, අපි බලමුකෝ මේ සුන්දරත්වය පසන්ව කොහේට ගෙනියාවිද කියලා.. ස්තූතියි අයියේ

    ReplyDelete
  21. ඔන්න කියෙවුවා. මෝඩ කතා නීලියා මන් ඊළඟ කොටසට යනවා.

    ReplyDelete

Back
to top