රහස මට කියා දෙනවද?


නිදි වරන තුන් යම,
වෙහෙසෙනා සිත සොයන රුව ඔබ.
පාළුවෙන් දැවෙමින්
හිඳින්නෙමි යලි දැක ගන්න මම,


අඩවන් දෙනෙත අභියස
දඟකම් පාන සිහිනයකි ඔබ,
හිඳී නම් හැම සිහිනෙක,
තුන් තිස් පැයම නිදන්නෙමි මම,


දු‍ටු දිනය දුර නොවුනද
යලි දකින දින බෝ දුර වග,
සිතන්නේ මම කෙලෙසක
නෙතු යුග සොයන කල ඔබ,.


සිත් වැලි මළුව මත
සීරුවට පා තිය තිය
සිත මගේ කලඹන
රහස මට  කියා දෙනවද?



CONVERSATION

19 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. තනි අලියාOctober 5, 2011 at 10:45 PM

    අනේ හරි ලස්සනයි! :)

    දුටු දියන අෑතය...
    යලි කවදා දකීදැයි
    මම නොදනිමි!!!!!! :( :( :'(

    (මොකද්ද ටෙක්නිකල් කේසක් නිසා මෙලෙස comment කිරීමට සිදුවිය! තහවුරු කිරීම අවැසිනම් මූනුපොත හරහා විමසා තහවුරු කරගන්න! :) )

    ReplyDelete
  2. රසවත් ලෙස ලියා තිබෙනවා.නියමයි ........:D

    ReplyDelete
  3. සිහිනයක් වී වඩින්න
    මගේ දෙනෙත් අද්දරට
    හිනහවක් වී ඉන්න
    කතා කරන මේ දෑස් අද්දර

    ReplyDelete
  4. කවිය වගෙම පින්තුරේ මාර රහයි.. :D

    ReplyDelete
  5. දු‍ටු දිනය දුර නොවුනද
    යලි දකින දින බෝ දුර වග,
    සිතන්නේ මම කෙලෙසක
    නෙතු යුග සොයන කල ඔබ,.

    හම් හම්
    මට මේ පද ටික ගැලපෙනවා.....
    ලස්සනයි අක්කා....ආදරයක් හිතට ආවම කවි පද ඉබේ ලියවෙනවා නේද?

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. අම්මෝ ආදරේ බේරෙන කවි ටිකක්. ලස්සනයි මේ කවි ටික.
    මම නම් උදේ හිටන් රෑ වෙනකන් කිය කියා ඉන්නේ,

    "රටා තියලා ඇමදපු මගේ හිත් මලුවේ
    අපිලිවෙලට සක්මන් කල සුදු මැණිකේ
    යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ" කියලා. ඔන්න ඕකයි රංජනී වඩමාරච්චිවල දැන් තත්ත්වේ !!!!

    ඔයාගේ එක්කෙනාට ඔයාගේ ආදරේ තේරුම් ගන්න දින ලං ලං වේවා කියලා පතන්නම් !!!!

    ReplyDelete
  8. "සිත් වැලි මළුව මත
    සීරුවට පා තිය තිය
    සිත මගේ කලඹන
    රහස මට කියා දෙනවද?"

    හරිම ලස්සනයි අක්කියෝ... ආදරේ හිත පුරාම පිරිලා ඉතිරිලා යන ගතියක් දැනෙන්නෙ මටනම්..ලස්සනම ලස්සනයි...

    අරයා දැක්කොත් පපුව පැලෙයි..:p

    ReplyDelete
  9. ගොඩාක් ලස්සනයි නංගියෝ... කියන්න වචන නැ,, හිතට ගොඩාක් වැදුනා මේවා නම්

    ReplyDelete
  10. @තනි අලියා- ස්තූතියි මල්ලියෝ..

    @The Lion- ස්තූතියි යාළු, සිත් අහසට ආදරයෙන් පිළිගන්නවා.

    @Dinesh අයියා- හරිම ලස්සනයි අයියගේ කවි අයියේ. ගොඩාක්ම ස්තූතියි අයියටත්.

    @Bunny - ස්තූතියි මල්ලියෝ.. :D

    @සී.නී- හ්ම්ම් හ්ම්ම්.. ගොඩාක් අයට ඔය පද ටික ගැලපෙනවා නේද සී,නී... ආදරේ කියාගන්න තියෙන හොදම ක්‍රමේ මේකනේ නංගෝ..

    @මධුරංග අයියා- ගොඩාක්ම ස්තූතියි අයියේ,, මාත් මේ ඇඟිලි ගැන ගැන බලාගෙන ඉන්නේ ඒ දවස එනකන් තමයි අයියේ.

    @හිතූ නංගා- ස්තූතියි මගේ නංගියෝ.. ඒ එයා දැක්කොත්නේ.. ඒත්... එයා දකින එකක් නෑ.. :)

    @දේවා අයියා- ස්තූතියි අයියේ. කාලෙකින් මේ පැත්තට ගොඩ වැදිලා.. :)

    ReplyDelete
  11. ආයි මොනවා කියන්නද???? මරු මරු

    ReplyDelete
  12. ස්තූතියි මල්ලියෝ.. :)

    ReplyDelete
  13. අදම තමයි මේ පැත්තට ගොඩවැදුනෙ . . . . ලස්සනයි . . . මට ඊට වඩා කියන්න වචන ගැටගහන්න බෑ

    ReplyDelete
  14. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා. ගොඩාක්ම ස්තූතියි.. :)

    ReplyDelete
  15. "සිත් වැලි මළුව මත
    සීරුවට පා තිය තිය
    සිත මගේ කලඹන
    රහස මට කියා දෙනවද?"

    හරිම ලස්සනයි... මගේ හදවතටම දැනුණ පද ටික තමයි මේ.. අපි ආදරේ කරන කෙනාගෙන් මේ ප්‍රශ්ණෙ අහන්න ලැබෙනවා නම් කොච්චර හොඳද?? කී පාරක් නම් අපි හිතින් මේ විදිහට අහනවා ඇත්ද?

    ReplyDelete
  16. හ්ම්ම්.. කොච්චර අතුගෑවත් ඒ පා සටහන් මකන්න බෑනේ හංසි.. ඒක තමයි දරාගන්න අමාරුම දේ..

    ReplyDelete
  17. හරිම ලස්සනයි අක්කේ...

    ReplyDelete
  18. pls visit web site by FIREFOX--------WWW.RAWAYA.NET

    ReplyDelete
  19. ඇත්තටම හරිම ලස්සනයි

    ReplyDelete

Back
to top