෴ඉර හඳ යට෴ පස්වන කොටස









2010.07.25


තෙවසරක් ගෙවී ගොස්,
අපි අපේ වී අදට,
සොඳුරු මතකයන් මත
ගොතමි මම සොඳුරු කව,
පත් ඉරුව පුරාවට
සතු‍ටු කඳුළෙන් ලියමි,
ඔබයි මගේ ජීවිතය
දිවි තියෙන තුරාවට,.

 එදා බංකුව උඩට වී මගේම දිනිති එන තුරු බලා සිටි මම අද වන විට ඇයගේම ආදරවන්තයා වී හමාරය. ඇය වෙනුවෙන්ම ලියවෙන මේ දිනපොතේ අද දිනය සහිත පි‍ටුව මගේ ජීවිතයේ තවත් එක් සමරු සටහනක් වනු නොඅනුමානය.

එදින උදෑසනම මගේ දිනපොත පෙරලාගත් මම මෙසේ සටහන් කලේ අපගේ තෙවන සංවත්සරයයි. වසර තුනක්  පුරාවට සිදු වුන සියළුම දේ එක් වචන පෙළකට ගොනු කරන්නට හැකියාවක් නොතිබුනද පසුගිය වසර තුන පුරා සිදුවූ සියලුම දේ මම මෙසේ පවසන්නෙමි.

දිනිතිගෙත් මගෙත් ආදර කථාව වෙනත් සියළුම පෙම්වතුන්ගේ ආදර කථාවලින් කිසිදු වෙනසක් නොමැති බව මගේ අදහසයි,. සාමාන්‍ය පෙම් යුවලක් මෙන් අපගේ සබඳතාවය තුලද නොයෙකුත් හැලහැප්පීම් නොතිබුනාම නොවෙයි,. නමුත් ඒ සියළුම දේ අතර ඉතාමත්ම සුන්දර ආදර කථාවක් ලියවුන බව පමනක් මම දනිමි. ආදරය මෙන්ම ඉගෙනීම් කටයුතුද ඉතාමත්ම සමබරව කරගෙන ගිය නිසාවෙන් මමත් දිනිතිත් හැම අවස්ථාවකම සාර්ථකත්වයට පත් වූවෙමු.

මේ වන විට අපගේ සරසවි දිවියේ අවසාන වසරේ අවසාන මාස කිහිපය ගත වෙමින් තිබුනි, මේ නිසාවෙන්ම ඉගෙනීම් කටයුතු සඳහා වැඩි කැප කිරීමක් කිරීමට අප දෙදෙනාටම සිදු විය. වසරක් හතරක වෙහෙසවීම් වල උපරිම ප්‍රථිපලය ලබාගෙන වෛද්‍යවරුන් වීම මගෙත් දිනිතිගෙත් දෙදෙනාගේම බලාපොරොත්තුව විය.
************************************************
ඒ නිවාඩු කාලයේ එක් සෙනසුරාදා දිනයකි,. නිවාඩු සුව විඳිමින් බෝඩිමට වී සිටි මගේ දුරකථනය හදිසියේම නාද වන්නට විය. ඒ මගේ පුංචි සුරංගනාවියයි,. දුරකතනයේ තිරය මත නාදයත් සමඟ වරින් වර දිස් වෙන ඇගේ රූපය දු‍ටු විගස මම නොඉවසිල්ලෙන් දුරකථන ඇමතුමට පිළිතුරු දුන්නෙමි.

"හෙලෝ. කොහොමද මගේ පුංචි කෙල්ලේ"

මම එසේ ඇසුවද දිනිතිගෙන් ලැබුන ප්‍රතිචාරය මා සසල කරන්නට සමත් වුනි,.

"හෙලෝ පසන්,විකාර කියවන්න වෙලාවක් නෙවෙයි මේක, මට ඔයාව හම්බ වෙන්න ඕනේ, මේ දැන්ම"

"ඇයි දිනිති, මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔයාට මොකක් හරි කරදරයක් වුනාද? "

"කියන්න ඕනෙ දේ කියන්න තමයි ඔයාට එන්න කියන්නේ, මේ දැන්ම කැම්පස් එකට එන්න, මම අපේ ෆැකල්ටි එකේ දැන් ඉන්නේ"

"හරි මම එන්නම්, මම එනකන් ඔයා පරෙස්සමෙන් ඉන්න"

ගැහෙන හදින් යුතුව කඩිමුඩියේ ටී ෂර්ට් එකක් සහ ඩෙනිම් කලිසමක් ඇඳගත් මම කොන්ඩයද ඉක්මනින් පීරාගෙන එලියට බැස්සෙමි.
දිනිති මේ කියන්නට යන්නේ කුමක්ද? ඇයට මොකක් හෝ කරදරයක්ද?
දහසක් ප්‍රශ්න , සිතුවිලි හිත තුල තෙරපෙද්දී ඉක්මනින් බස් රථයක නැඟුන මම විශ්ව විද්‍යාලය බලා පිටත් වුනෙමි,. මා එන තුරු පෙර දිනවල අපි ආදරයෙන් අත් වැල් බැඳගෙන වාඩි වී සිටි බංකුවක් මත වාඩි වී බලා සිටි ඇය මා දු‍ටු විගස ඉතාමත් රළු බැල්මක් මා වෙත හෙලුවාය. යලිත් වරක් වසර 5ක අතීතයට මා ගෙන යාමට ඒ බැල්ම සමත් විය.
"ඇයි දිනිති මේ, මොකක්ද ප්‍රශ්නේ, ඔයාට මොකක් හරි කරදරයක්ද? මොකද හදිසියෙම වුනේ." 
කලබල වී ගැහෙන හිත තුල දඟලන සියලුම ප්‍රශ්න එක වරම ඇයගේ ඉදිරිපිට මම දිගහැරියෙමි.

"කිසිම ප්‍රශ්නයක් නෑ පසන්, මට කියන්න ඕනේ වුනේ එක දෙයයි,. ඒක කියන්නයි මම ඔයාට මෙහෙම එන්න කිව්වේ"

"මොකක්ද දිනිති ඒ, මගේ අතින් ඔයාට වරද්දක් වුනාද? කියන්න මට"


"ඔව් පසන්, ඔයා ඉස්සර ඉදන්ම කරේ මගේ සතුට නැති කරපු එක, මට දැන් මේක ඇති වෙලා තියෙන්නේ, අපි මේ සම්භන්ධේ අදම මෙතනදිම නවත්තමු. මේ රඟපෑම් , බොරුව ඔක්කොම මට දැන් එපා වෙලා තියෙන්නේ, දැන්වත් මට මගේ පාඩුවේ, සතුටින් ඉන්න දෙන්න, එච්චරයි මට කියන්න ඕනේ වුනේ,."

නොනවත්වා කඩා හැලෙන වරුසාවක් සේ ඇඳ හැලෙන ඇගේ වදන් මගේ හදවත පසා කරගෙන යන්නාක් මෙන් මට හැඟින.

"මොනවද රත්තරන් ඔයා මේ කියවන්නේ, මම ඔයාට කවදද දුකක් දුන්නේ. පුළුවන් හැම වෙලාවකම මම බැලුවේ ඔයාව සතිටින් තියන්න. තාත්තා නැති ඔයාට තාත්තාගේ අඩුව පුළුවන් තරම් නොදැනෙන්න දෙන්නයි මට ඕනේ කලේ. මම කවදාවත් ඔයාට බැනලවත් නෑ නේද? ඇයි මේ, මට කියන්න ඔයාට තියෙන ප්රශ්නේ."

"මගේ ප්‍රශ්නේ ඔයයි පසන්, ඔයාට කවදාවත්ම මගේ තාත්තා වගේ වෙන්න බෑ. ලෙවල් කාලේ ඉදන්ම ඔයා මට ප්‍රශ්නයක්. ඔයා හැමදාමත් මගේ සතුට උදුරගත්තා, මගේ තාත්තාවත් මගෙන් උදුරගත්තේ ඔයා. ඔයා මගේ ජීවිතේට ලං වුනේ මට තියෙන ආදරේකට නෙවෙයි කියලා මම දන්නවා,. මගේ ජීවිතේ මට ඇති වුන හැම ප්‍රශ්නෙකටම මුල ඔයා, ඔයාම විතරයි."

මේ තරම් ශක්තිමත් හා විශ්වාසයෙන් යුතුව ඇය කරන මේ චෝදනා මොනවාද? මට මේ කිසිවක් වටහා ගැනීමට නොහැක,.

"ඔයාගේ තාත්තා නැති වුනේ මම නිසා???? කොහොමද දිනිති ,. ඔයාගේ තාත්තා නැති වුනේ ලෙඩ වුන නිසානේ,."

"නෑ මගේ තාත්තාව මැරුවා, මම මිනීමරුවට කිසිම සමාවක් දෙන්නේ නෑ කියලා හිතාගත්තේ එදාමයි,"

"මොනවා, කවුද දිනිති එහෙම කලේ, මට කියන්න."

" ඔයා පසන්, ඉස්සර ඉදන්ම ඔයා හැමදාම විභාග වලින් පළවෙනියා වුනා, මම හැමදාමත් දෙවෙනියා. මට ඒක එපා වෙලයි තිබුනේ, කොච්චර උත්සාහ කරත් මට ඔයාගේ තැනට එන්න බැරි වුනා, මම හැමදාමත් තාත්තාගෙන් බැනුම් ඇහුවා කෙල්ලෙක් වෙලත් කොල්ලෙක්ට ඉගෙනීමෙද පරදිනවා කියලා, මට පැරදිලා පුරුදු නෑ පසන්, ඒත්... ඔයා මාව පැරැද්දුවා.
"ඔයා නිසා මම හැමදාම පැරදුනා, දෙවෙනියා වුනා. මම දිස්ත්‍රික් පළවෙනියා වෙන්න ඕනේ කියලා අපෙ තාත්තා ගොඩාක් ආසාවෙන් හිටියේ. ඒත් ඔයා නිසා මම එතනදිත් දෙවෙනියා වුනා. තාත්තා නැති වුනේ ගැන හිතලා. මගේ තාත්තත් පැරදිලා පුරුදු කෙනෙක් නෙවෙයි පසන්, මම එයාගේ දුව, මමත් පැරදෙන්නේ නෑ. එදාම මම හිතාගත්තා ඔයාගෙන් මම මේ පළිය ගන්නවා කියලා, මට මේ රඟපෑම එපා වෙලා. මම ආස නැති කෙනෙක් එක්ක අවුරුදු ගානක් ඉන්න එක මට හරිම පිළිකුලක්. මට තවත් ඔයාගෙන් වැඩක් නෑ........................

ඇය දිගින් දිගටම කියන වදන් තවත් ඇසීමට මගේ දෙසවන් තවත් සූදානම් නැත, ප්‍රහේලිකාවක එකින් එක හෙලිවන වචන සේ ඇගේ වසර පහක් පුරා වූ වෛරයට හේතුව මා ඉදිරිපිට අනාවරණය වෙමින් පවතී.

ඇයගේ ආදරය පළිගැනීමක්, ඇගේ වදන් යළි යළිත් මගේ සවනත දෝංකාර දෙද්දී හිස පුපුරා යන තරමේ වේදනාවක් සමඟ මා ගත අප්‍රාණිකව යන අයුරුත්, කිසිවෙකු මා ඔසවා ගන්නා අන්දමත් යාන්තමින් මගේ මතකයේරැඳුනි.....
***********************************************************************



CONVERSATION

14 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. අනේ... ඇයි එහෙම වුනේ.. :( ඇත්තටම කෙනෙක්ට ඔය විදිහට බොරු කරන්න පුළුවනද?
    ලස්සනයි අක්කේ.. දිගටම ලියන්න... :)

    ReplyDelete
  2. අම්බෝ..මේක නම් මාස්ටර් ප්ලෑන් එකක් නේ ගහලා තියෙන්නේ..
    දිනිති එහෙම කෙල්ලෙක් නම් , පසන් දැන්මම අයින් උන එක පසන්ට හොදයි..
    + හැබැයි දිනිතිට තිබ්බා වගේ හේතුවක් තිබ්බත් නැතත් ඔය වගේ සිද්ධි කැම්පස් වලට පොදුයි..( අවුරුදු දෙකක් / තුනක් එකට ඉදලා අන්තිම කාලේදී දාල යෑම )

    ReplyDelete
  3. හික් හික් හික් :P

    ReplyDelete
  4. ප්‍රාර්ථනා.. මොකද්ද මේ ඔයා කතාවට ගෙනා අළුත් මුහුණුවර.. මට නම් හිතා ගන්නවත් බෑ... අනිත් කොටසනම් ඉක්මනින්ම ඕන...

    ReplyDelete
  5. මෙය මෙසේ දෑම්මාට ප්‍රාර්ථනා අක්කා මා සමග පොඩ්ඩක්වත් අමනාප නොවන්න, මේ විවේචනය කරන්නේ ප්‍රාර්ථනා අක්කාව නම් නොවෙයි, මා කියවූ හොඳම සහ ලස්සනව කතා වලින් එකකි මෙය, එය එසේ වීම ගැන අවංකව සතුටු වෙමි

    කොහෙන් ගියත් අාදරය යන් මානව වර්ගයාට හානිකර ක්‍රියාකාරීත්වයක් බව බොරු කල නොහැක, අාදරය මිනිහාට හානිකරය කියන සත්‍යට පිටුපාන්නට පුලුවන් කෙනෙකු නැත. සාමාන්‍යයෙන් මම ඉරයි හඳයි වත් විශ්වාස නොකලත් මේ සත්‍යය පමණක් තරයේ අදහමි

    පහත දක්වන්නේ මාව add වී අැති පව්ඩර් බබාලා ඉලක්ක කරගත් සමූහ දෙකක බිත්තියේ ද මගේ පුද්ගලික වත්පොත් බිත්තියේ ද පලකල පොස්ට් එකකි. තේරුම් ගැනීමේ පහසුවට මුල් පොස්ට් එකට ඉතා කුඩා වෙනස්කමක් කරමි
    "
    මෙහි තිබෙන්නේ ,අභාවප්‍රාප්ත වූ apple inc හි Steve Jobs මහතා 2005 දී ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී කල දේශණයකි. ලව් කරන්නැතුව ඉන්නබෑ බූට් කාල විඳවන්න බෑ කියන අනේකවිධ මන්දබුද්ධිකයන්ට මේ මහා තාක්ශණඥයා එල්ලකල කණේෂොට කෙබඳු වනු අැති ද?

    http://news.stanford.edu/news/2005/june15/jobs-061505.html

    "

    ReplyDelete
  6. හපොයි...මොකද උනේ එක පාරට :(

    ReplyDelete
  7. අම්මෝ.... අක්කියෝ.. මේක මෙහෙම ව්න්නෙ කොහොමද දෙයියනේ?? දිනිති මාර ගෑණු ළ්මයෙක්නෙ...:/ හරිම පුදුමයි.. කතාව ලස්සන වෙනස් කතාවක් වෙයි අක්කි.. හරිම අපූරුයි..

    දිගටම ලියන්න. ජය වේවා..!!

    ReplyDelete
  8. අපොයි මේ මොකක් වුනාද එක පාරටම..:(((

    ReplyDelete
  9. හැමෝටම ගොඩාක් ස්තූතියි යාළුවනේ. මේ දවස් වල මට විභාගේ නිසා ඔක්කොටම වෙන වෙනම කමෙන්ට් කරන්න තරම් වෙලාවක් නෑ. ඉඩක් ලැබුන ගමන් හැමෝටම කමෙන්ට් දාන්නම් යාළුවනේ.. ස්තූතියි

    ReplyDelete
  10. ගොඩක් ලස්සනයි කතාව. මෙහෙම දේවල් සිද්ධ වෙන්න පුලුවන් මම හිතන්නෙ. සමහර අය හිතේ තියන දුකට හිතට එකඟ නැති දේවල් කරනවා.. කොටස් දෙකක්ම මග ඇරිලා. දැන් දෙකම කියෙව්වා.. ඉක්මනටම ඉතුරු කොටස් ලියන්න.

    ReplyDelete
  11. මාර සීන් එකක් නේ නංගි.

    ReplyDelete
  12. හෆොයි.. බොහොම බොළඳ විදිහට හිතන කෙල්ලක්නේ.. මෙතනින් ගොඩයන එක කොල්ලටත් හොඳයි වාගේ !

    ReplyDelete
  13. කෙල්ල බොලඳද මන්දා.. අපි බලමුකෝ.. :)

    ReplyDelete

Back
to top