෴ඉර හඳ යට෴ හයවන කොටස








උණුසුම් කඳුළු බිඳුවක් මගේ අත මත පතිත වනු දැනී ඇස් ඇරීමට තැත් කලද ඇසි පියන් මත යම් බරක් පටවා ඇති කලෙක මෙන් මගේ මුළු හිසම රිදුම් දෙන්නට විය. මා මේ සිටිනුයේ කොහේද? දෑස රිදවන ආලෝකයක් නුවූවද මගේ දෙනෙතට වේදනාකාරී වූ සියුම් ආලෝකයක් මගේ හිසට ඉහලින් මට දිස් වෙද්දී සුදු පැහැති විදුලි පංකාවක් එළිය කඩින් කඩ කඩමින් සීරුවට කැරකැවෙනු මට ද්ක්නට ලැබින. එසේ වුවත් මා වෙනුවෙන් කඳුළු සලන නෙතු දැක ගැනීමට මම ආයාසයක් දරා දෙඇස් විවර කලෙමි,.

අම්මා,...........
මම මේ ලෝකයේ දැකීමට ආසා කල එක් රුවක් මගේ ඉදිරිපිට විය,
ඒත් අම්මා කොහොමද මෙතනට ආවේ, මම හිදින්නේ කොහේද? කොහේ වුවද මම සිටිනුයේ ඇඳක් මත බව නොඅනුමානය, මා මෙතනට ගෙන ආවේ කවුරුන්ද, මේ සියළු ප්‍රශ්න අතර සිත දෝලනය වෙද්දී නැඟී සිටීමට තැත් කලද මුළු ඇඟම අප්‍රාණික වී යලිත් ඇඳ මතටම ඇඳ වැටෙන්නට මට සිදු විය.

"පුතේ, මගේ රත්තරන් පුතා නැගිට්ටද? , මොනවද පුතේ මේ වුනේ"

එක දිගට ගලා යන කඳුළු අතරින් වචන ගලපන අම්මා දෙස මා බලා සිටියේ ශෝකයත් බියත්රැඳි දෑසිනි. යලිත් වරක් ඳෙන් නැගී සිටීමට තැත් කලද පෙර පරිදිම වාරු නොමැතිව ගිය මම යලිත් ඇඳ මතටම ඇද වැටුනෙමි.

දෙවියනේ, මට යලිත් ඳෙන් නැගිටීමට බැරි වෙයිද? මම සදාකාලික අබ්බගාතයෙක් වෙලාද? හිතට නැඟුන භය, කාංසිය අතරින් අතීතය ටිකෙන් ටික මගේ මතකයට නැඟෙන්නට විය. අවසාන වතාවට දිනිතිව හමුවීමට ගිය අයුරුත්, එහි සිදු වූ දේත් බිඳෙන් බිඳ මගේ සිහියට නැඟෙද්දී වෛද්‍යයවරයෙක් පැමින මගේ තත්වය පරීක්ශා කරන්නට විය.

මම රෝහලක, අත පය වාරු නැතිව, එක් තැන් වී රෝහලක ඇඳක් මත,. මෙතරම් බරපතල ලෙස රෝගාතුර වීමට මට සිදු වූයේ කුමක්ද? කෙතරම් මනස වෙහෙසවූවද තුලින් ඇති වන දැඩි හිසේ කැක්කුමක් විනා ලද දෙයක් මට නොමැතමේ ගැන දැන ගත හැක්කේ එකම එක මාර්ගයකින් පමණි, මේ දැන් මා ඉදිරිපිට සිටින වෛද්‍යවරයාගෙන් ගැන විමසීමෙනි,.

"ඩොක්ටර්, මට මොකද වුනේ ???"

"කලබල වෙන්න එපා පසන්, ඔයාට ලොකු මානසික කම්පනයක් ඇති වෙලා, ඒක දරාගන්න බැරි වුන නිසයි ඔයාට මෙහෙම වෙලා තියෙන්නේ,. කලබල වෙන්න එපා, අපි තව ටිකක් බලමු."

"තව ටිකක් බලමු, මේ වචන වල සැඟවුන අර්ථය කුමක්ද? මට සදාකාලිකවම මේ ලෙසින් ඇඳක් මතම මගේ ජීවිතය ගෙවන්නට සිඳු වේවිද.
මේ සිතුවිල්ල සිතට නැගෙත්ම ඇඟම සීතල වී ගියද මම සිතට දිරිය ගත්තෙමි,.

"තව ටිකක් බලමු කිව්වේ ඩොක්ටර්"

" කම්පනය නිසා ඔයාගේ ස්නායු දුර්වල වෙලා, නිසා ඔයාට ටික දවසක් යනකන් ඇඳට වෙලා ඉන්න වෙයි, ඒත් කලබල වෙන්න එපා,. අපි පුළුවන් තරම් ඉක්මනට ඔයාව සනීප කරනවා, ඒකට අපිට ඔයාගේ උදව්වත් ඕනේ,. ඔයා ශක්තිමත් වෙන තරමට ඔයාට ඉක්මනට සනීප වෙන්න තියෙන ඉඩකඩ වැඩියි."

වෛද්‍යවරයෙක් වීමට මා පැතූ සිහින සියල්ල බොඳව යන්නට පටන් ගත්තේ අවාසනාවන්ත සිඳුවීමෙන් බව මම ඔබට කියමි. වසර තුනක් පුරාවට බලාපොරොත්තු ගොඩ නගා බලාපොරොත්තු මතින් මා මගේ සිහින මාළිගය තනද්දී එහි අවසන් පිය ගැටය මතදී පය පැකිලී ගිය මා හට යළි නැඟිටීමක් වේවිද? වංක වූ ප්‍රේමයක් නිසාවෙන් මම ඇය හා තැනූ සිහින මාළිගාව බිඳ වැටී ඇත. අත්තිවාරමේ සිටම පුස්සක් වූ සිහිනය කවදා හෝ බොඳව යන බව මම දැන සිටියා නම්.... එහෙත් මා පමා වූවා වැඩිය. මෙතැන් පටන් කෙසේ හෝ ජීවිතය යලි ගොඩ නගා ගැනීමේ අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරන්නට මම සිතාගත්තෙමි.

වෛද්‍යවරුන්ගේ වෙහෙස මහන්සියෙන් ලද ප්‍රථිකාරයන් හා, මගේ නොසැලෙන උත්සාහය මත එම අවාසනාවන්ත සිඳුවීමෙන් වසරක් ගිය තැන යලිත් දෙපා නඟා ඇවිද යාමටත්, යම් යම් දේ ලිවීමටත් මට හැකියාව ලැබින. සීඝ්‍ර ලෙස සුවය ලද මා වසර එකහමාරක් ගිය විට සම්පූර්ණයෙන්ම සුවය ලබා යලිත් හොඳින් ඇවිදීමටත්, ලිවීමටත් හැකියාව ලැබුවෙමි.

මේ කාලය තුල මාගේ සැප දුක බැලීමට විශ්ව විද්‍යාලයේ සියළුම මිතුරු මිතුරියන් පැමිනියද දිනිති පමනක් ඒ අතර නොවීය. ඇග වෛරය සිව් වසරක් පුරා ඒකරාශී කොට ආදරයක වෙසින් විත් මා පරාජය කරා ගෙන යන කල ඇගේ හෘද සාක්ෂිය එකඟ කරගන්නට හැකියාව ඇයට ලැබුනිද? . එය දන්නේ ඇයම පමණකි.

මේ වන විට වෛද්‍යවරයෙකු වීමේ සිහිනය යලි නොඑන්නටම මා වෙතින් ඈතට ගොස් තිබුනි. කඩා වැ‍ටුන ජීවිතයේ නටබුන් මත හිඳ පසුතැවිලි නොවී යලි ජීවිතය ගොඩ නගා ගත යුතු යැයි අධිෂ්ඨාන කරගත් මා විද්‍යාපීඨ ඉංග්‍රීසි ගුරු පත්වීමකට අයදුම් කලේ වසර තුනක් පුරාවට ලද ඉංග්‍රීසි දැනුමෙන් හෝ ප්‍රයෝජනයක් ලබා ගැනීමේ අරමුණෙනි. මාගේ පැතුම මල් පල ගන්වමින් ඒ තීරණාත්මක දිනය පැමිණියේය.

ඒ පළමු ‍රැකියාවේ පත්වීම් ලිපිය මා අතට පත් වුන දිනයයි. ලිපියේ සඳහන් වන පරිදි නුවර පළාතේම ප්‍රාථමික පාසලක ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස මට පත්වීමක් ලැබී තිබිනි


CONVERSATION

29 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හිතුවට වඩා ගොඩක් වෙනස් අවසානයක් වගෙයි...කෙල්ලො කොහොමත් ඔහොම තමයි යාලුවා.... ;)

    ReplyDelete
  3. අනේ පව්... එයා ගොඩක් දක්ෂයිනේ. ඉංග්‍රීසි ගුරුවරයෙක් කරලා නවත්තපු එකෙන් ඔයාටත් පව්. ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න.

    ReplyDelete
  4. කියෙවුවා . . . රසවින්දා . . . . හැබැයි මෙහෙම කතාව ඉවරකරනව නං ටිකක් මදි වගේ

    ReplyDelete
  5. අනපේක්ෂිත විදිහට හයි ස්පීඩ් ගිහින් ඉවර කරලා වගේ..

    ReplyDelete
  6. හනේ... මේක මහ පුදුම විදියටනෙ වෙනස් වෙන්නෙ අක්කි..:(
    දුකයි ටිකක්. පවු පසන්..:(

    අක්කි කතව දැන් වෙනස්ම ගමනක් යන්නෙ නේ?? දිගටම ලියන්න. බලන් ඉන්නවා අපි..

    ReplyDelete
  7. මේ කතාව වෙනස්ම විදිහකට ගලාගෙන යන කතාවක් වගේ. මෙහෙම අවසානයක් මම් බලාපොරොත්තු උනේ නෑ.
    මොනා උනත් කතාව ලස්සනයි.

    ReplyDelete
  8. ප්‍රාර්ථනා අක්කෙ මේක අැත්ත කතාවක්ද??????

    ReplyDelete
  9. කතාව ඉවර නෑ නේද නංගි?

    ReplyDelete
  10. මේ අැටෑක් එක පුරුදු වෙන්න ඔ්න අප්ප! බ්ලොක් කරන්නත් පුරුදු වෙන්න ඔ්න! (හැබැයි පුලුවන්ද දන්නෑ)

    ReplyDelete
  11. අයියෝ....කොටස් දෙකක් මිස් වෙලා....හම් හම්...ඔය ‍වගේ ආදරෙන් පළිගන්න කෙල්ලො වගේම කොල්ලොත් ඉන්නවා....කොහෙම නමුත් කතාවනම් සුපිරියි අක්කා....

    ReplyDelete
  12. ප්‍රාර්ථනා කතාව එකපාරම ගොඩක් ඉදිරියට අරන් ගිහින්.. හැබැයි ඒක හදිස්සියේ කරලා වගේ හැගීමක් මට තියෙන්නේ... කතාව ඉක්මනින් ඉවර කරන්නවත් හිතුවද??

    මේ තරම් දෙයක් උනාට පස්සේ කතාව අවසානයේ මේ දෙන්නව ආයෙමත් එකතු කරන්න නම් එපා.. වෙනත් විදිහක හොද අවසානයක් දෙන්න...

    ReplyDelete
  13. හ්ම්ම් හ්ම්ම්..පව් අර අසරණ කොල්ලා

    ReplyDelete
  14. @කුබුවි අයියා- හ්ම්ම්.. අවසානයට තාම ආවේ නෑ අයියේ. අපි බලමු වෙන දේ.. හපොයී.. කෙල්ලෙක් ලියපු කථාවකට කෙල්ලෙක්ටම මෙහෙම කියන හැටි.. :(

    ReplyDelete
  15. @හංසි- හ්ම්ම්ම්, මොනව කරන්නද හංසි, මට ඕනේ වුනේ වෙනස්ම විදියක කථාවක් ලියන්න.. ඒකයි මෙහෙම ලිව්වේ,..

    ReplyDelete
  16. @ඕනයා- හ්ම්ම්.. තාම ඉවර නෑ අයියා. තව තියෙනවා... :)

    ReplyDelete
  17. @සරත් ලංකාප්‍රිය- නෑ ,, තාම ඉවර නෑ කථාව.. ගියා ඉක්මන් වැඩිද? අනේ මන්දා...

    ReplyDelete
  18. @හිතු නංගා- හ්ම්ම්.. බලමු නංගෝ. පසන් නම් පවු තමයි.. ඒත් මේ වගේ ඒවා ඇත්තටමත් ඕනේ තරම් වෙනවනේ නංගෝ..

    ReplyDelete
  19. @මධුරංග අයියා- හ්ම්ම්.,. ස්තූතියි අයියේ.. අපි බලමු අන්තිමේ වෙන දේ.. :)

    ReplyDelete
  20. @තනි අලියා- නෑ මල්ලියෝ, මේක සම්පූර්ණයෙන්ම ගොතපු කථාවක්.. :)

    ReplyDelete
  21. @නිසුපා අක්කා- නෑ අක්කේ.. තව තියෙනවා...

    ReplyDelete
  22. @තනි අලියා- හපෝ ඕවා පව් වැඩ මල්ලියෝ..හීනෙන්වත් ඔහොම දේවල් නම් කරන්න හිතන්න එපා...

    ReplyDelete
  23. @සී. නී- ස්තූතියි නංගියෝ.. හ්ම්ම්... මේ වගේ අය ඕනේ තරම් ඉන්නවා.. මීට වඩා දේවල් කරන අයත් ඉන්නවා..

    ReplyDelete
  24. @Dinesh අයියා- හ්ම්ම්ම්ම්.. එහෙම දෙයක් නම් හිතුවේ නෑ අයියේ. ඒත් මට හිතුනා මේ ටික ඉක්මනට යවන්න ඕනේ කියලා.. ඒත් ගිය වේගේ වැඩිද මන්දා... :(

    ReplyDelete
  25. මට නිකමට හිතුන, මම ඔයාගෙ හැකියාවට අපහාස කරනව කියල හිතන්න එපා, ඔහොම බලපෑම් මිනිස්සුන්ට වෙනවනම්, සමහරවිට මම මේ වෙද්දිත් (17-01-2008/ 09.35am --10.10.2011/07.48pm) අැඳේ හරි වීල්චෙයා එකේ හරි වෙන්න ඔ්න!

    ReplyDelete
  26. @Chamma- දිනිති හිතලා කරාට මම නම් හිතලා රිද්දෙව්වේ නෑ පසන්ට.. :P

    ReplyDelete
  27. @තනි අලියා-මෙහෙම වුනේ නැති අය නැත්තෙත් නෑ.. ඒත් ඒ මේ වගේ දෙයක් නිසාමයි කියලා මම හිතන්නේ නෑ..

    ReplyDelete
  28. 1. එතකොට උන්දැ(ල) මටයි ,දිනිති පසන්ටයි (පසන් ට සාපේක්ෂව) එහෙම කරද්දි හොඳද???? :D
    2. මට ඔහොම එකක් නං උන්නෑ! සතියක් විතර ඔලුවෙ කැක්කුම හැදිල තිබ්බ, පස්සෙ හොඳ උනා, හැබැයි දැන්නං මේ කිව්ව එක මේ අමතක තත්වයක් තියනව, එ්ක මේ නිසාද වෙන මොකක්හරි නිසාද නං මන්ද! :)

    හැබැයි ලස්සන කතාවක් අෑ!!! :)

    ReplyDelete

Back
to top