මා මියගිය දිනයක


මා මියගිය දිනයක
මළගමට නුඹ ආවොත්
අන්තිම කැමති පත්‍රය ඇති,.
හැමදාම නුඹට ලියුම් එව්ව
"මළවුන්ගේ අවුරුදු දා" පොත ඇතුලෙම,
මතක ඇතුව බලාපන්,
වටින කියන කිසිදෙයක් නෑ,.
අන්තිම වතාවට දෙන්නට,
ලියලා ඇති නුඹේ නමට,
බිඳුන මගේ හදවත.
පුළුවන් නම්,
කැලි එකතු කර බලාපන්
තවම ඇති නුඹේ රූපය,.
අන්තිම වතාවට මම දැකපු,.
කෑලි කැඩුනත්
ආදරේ සුවඳ ඇති තවමත්
මුළු හිතම පුරවලා
නුඹේ නමට පවරපු,
නුඹ ගිය මොහොතේම
නතර වුන හද ගැස්ම නම්
යලිත් ගැහෙනවා ඇති,
නුඹේ නම කියමින්,.

CONVERSATION

25 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. හරිම ලසනයි අක්කියෝ.... ඒත් මොකෝ මේ අන්තම කැමති පත්‍රයක් ගැන මතක් වුනේ???

    ReplyDelete
  2. අහ්හ්හ් හුරේ..!!! මමයි පළවෙනියා

    ReplyDelete
  3. ලස්සනය! නමුත් අප්සට්ය!!!!!!!! :( :(

    ReplyDelete
  4. එල ඈ!
    ඕන් අද මම 2ත් 4ත් අතර :D

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ලස්සනයි. ඒත් දුක හිතෙන කතාවක්.
    මට මේ කවිය කියෙව්වම දිවුල්ගනේ මහත්තයාව මතක් උනා.

    "ඔබ මා හමුවුන
    මේ ඉර හඳ යට
    කොතැනක හිටියත් මා මළ දවසට
    මගේ ලඟ තනියට ඉනු මැනවී"

    නමුත් මට ඉර හඳ වගේ විස්වාසයි නංගිට එහෙම වෙන්නේ නෑ කියලා. මොකද ඒ තරමට ඔයැයි පවු කරලා තියේ යෑ.

    ReplyDelete
  7. හපෝ මම් ගොඩක් පහුවෙලා ය. මට මොකෑ උනේ.
    ඊලඟ වතාවේ එක වීම මගේ බලාපොරොත්තුවයි.

    ReplyDelete
  8. ලස්සන වගේම සැර කවියක් :)

    ReplyDelete
  9. මම එද්දී නුඹ යන්න ගිහින් නොකියම
    මළවුන්ගේ අවුරුදු දා මතයක පමණක් ඉතිරිකර
    කියන්න මට මං කොහොම හදා ගන්නේ මගේ හිත
    නුඹ නික්මුනේ මගේ වරදින් වන කොට...

    ReplyDelete
  10. සිත් අහස වෙනස් වෙලා... එන්න බැරි උනානෙ ටික දවසක්...

    ReplyDelete
  11. හැමදේම වගේ
    ඒ පොතත් ඉරිලා
    වියැකිලා
    මැකිලා යාවි..
    මතකයෙන්..

    ReplyDelete
  12. ලස්සනයි...ඒත් නංගෝ ඔය වගේ දවසක් කවදාවත් ලැබෙන්න එපා කියලා පතනවා...

    ReplyDelete
  13. ලස්සනයි සුදු අක්කියෝ..ඒත් ඔය වචන ඇතුලේ හැංගිලා තියෙන දුක මටත් හොදට හුරුයි..කවදාවත් ඔහොම වෙන්නේ නෑ ඔයාට..දුක තියෙන්නේ ඔය වගේ ගොඩක් ලස්සනට හැමෝම එක්ක විදින්න මිසක් හිතේ හිර කරගෙන විඳවන්න නෙවෙයි කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
  14. @හිතුවක්කාරී- ස්තූතියි නංගියෝ.. අනේ මන්දා, නිකමට වගේ මට මතක් වුනා.. :)
    හෙ හෙ,, ඔයා අද නම් එක... හුරේ...

    @තනි අලියා- හ්ම්ම්... :(

    @මලියා- ස්තූතියි හොඳේ.. හෙ හෙ.. හ්ම්ම්,,, ඔයා 4නෙ යාළු..

    @නලින්- හපොයි.. මම බූට් කාලා නෙවෙයි. නිකමට දුක හිතුන වෙලාවක හිතුන එකක් දැම්මේ,.

    ReplyDelete
  15. @මධුරංග අයියා- හ්ම්ම්.. පව් නොකරන අයට තමයි අයියේ හැමදාම දුකම උරුම. මේ ලෝකේ හරිම අසාධාරණයි ..:(
    අද මධුරංග අයියා එන්න ටිකයිනෙ පරක්කු වුනේ.. ඒකට කමක් නෑ.. කොහොම හරි ආවනේ අයියේ... :)

    @සයුරි අක්කා- හ්ම්ම් මටත් හිතුනා අක්කේ ටිකක් විතර සැර වැඩිද කියලා.. :)

    @Dinesh- වැටහුනත් නුඹට එය,
    පමා වී වැඩි වෙයි නුඹ,,
    එදා මා දමා ගිය විට,
    නොහැඟුනිද ඔබට මගේ දුක...

    @පොඩි මෑන්- සිත් අහස වෙනස් වුනාට ප්‍රාර්ථනා තාමත් ඒ වගේමයි පොඩ්ඩෝ.

    @සරත් ලංකාප්‍රිය- හ්ම්ම්,,
    හැමදාම වගේ,.. ඇත්ත. ඒත් ඒ පොත මතකයන් වියැකෙනකොට ,ඉරිලා යනකොට ඒ පොතේ ලියවුන දේවල් මනසට කා වැදිලා තියේවි නේද?....

    ReplyDelete
  16. @නිසුපා අක්කා- ස්තූතියි අක්කේ, ඒත් මේ වගේ දවසක් ලබුනොත්,.. :(((

    @ගිනි කුරුල්ලා- ස්තූතියි මගේ මල්ලියෝ, හ්ම්ම් අපි බලමු මල්ලියෝ. ජීවිතේ හරිම පුදුම දෙයක්,. දුක බෙදාගන්න තරමට අඩු වෙනකොට, සතුට බෙදාගන්න තරමට වැඩි වෙනවලුනේ මල්ලියෝ..

    ReplyDelete
  17. අනේ අක්කියෝ මගේ හිතේ අද තියෙන දේ ඔයා මේකේ ලියලා.. මේකට ලස්සනයි කියන්න මට බැ. එකේ තියෙන ගින්දර ලස්සන නැති නිසා.. ඔයගේ පෑනෙන් මෙහෙම ලියවෙන්නේ ඒ ගින්දර කියලා මට හිතෙන නිසා.. එහෙමත් නැත්නම් මම මගේ හිතේ ගින්දර මේ නිසදැසින් දකින නිසාද දන්නේ නැ..
    ඒත් මම මේකට ගොඩාක් ආසයි...

    ReplyDelete
  18. ඇත්තටම මේ ගින්දර තමයි නංගෝ,, පිච්චෙන බව දැන දැනම අපි පනින ඒ ගින්දර තමයි මේ. ඒත් ඒ ගින්න පත්තු කරන අයට අපිට දැනෙන වේදනාව තේරෙන්නේ නෑ නංගෝ

    ReplyDelete
  19. අම්මෝ අක්කේ එකපාරට මෙහෙම එකක් ලිව්වේ ඇයි.?

    ReplyDelete
  20. නිකන් මල්ලියො.. ටිකක් දුක හිතුන වෙලාවක ලිව්වෙ,, දැන් නම් හරි.. :)

    ReplyDelete
  21. අම්මෝ.. මේ මොකද මේ? කාලෙකින් මේ පැත්තේ ආවේ. පුදනකොටම කාපි යකා කිව්වලු.

    ReplyDelete
  22. හෙ හෙ හෙ.,.. හ්ම්ම්.. මුකුත් නෑ යාළු.. ටිකක් පිස්සු හැඳුන වෙලාවක ලියවුන කවියක්. ඒත් දැන් හරි.. :)

    ReplyDelete
  23. හැගීම්බර ලස්සන පද පෙලක්..

    ReplyDelete
  24. හුරේ... මමයි අන්තිමයා...

    ReplyDelete

Back
to top