සිත් අහස- ඉඩෝරයෙන් වසන්තයට



අම්මෝ, ගොඩ කාලෙකට පස්සේ,. මගේ විභාග නිසා මේ පැත්තේ එන්නම බැරි වුනානේ,. ඊටත් වඩා මගේ බ්ලොග් එක රීඩර් වල පෙන්නනේ නැති වෙලා මම හිටියේ පුදුම හිතේ අමාරුවකින්. දන්න කියන ගොඩාක් අයගෙන් ඇහුවත් කවුරුත්ම ලෙඩේට හේතුව දැනගෙන හිටියේ නෑ,.ලාංකීය සිතුවිලි එකේ පටස් කරන හැම වෙලාවකම වැටෙන්නේ එකම දේ,. 


"පටස් නිවැරදිව ක්‍රියාත්මකයි , නමුත් ඔබගේ ලිපිය මේ වන විටත් ඇතුලත්ව ඇත,." :P 
@#%#%^^##@#$%#^&

හපොයි මම විඳපු දුකක්,. හිතට එන කිසිම දෙයක් ලියාගන්නවත් නැතුව දුකසේ ජීවත් වුන මගේ බුකියේ වෝල් එක නම් හරිම ලස්සනට පිරුනා ඒ නිසාම. :P :D


මේ වැඩේ හරි යන්නේ නැති නිසා මමම පරීක්ෂණ, විශ්ලේෂන කරලා ලෙඩේට හේතුව හොයාගත්තා, ලෙඩේට හේතුව  feedburner URL එකේ මොකක්දෝ අවුලක්. , හැමෝගෙම රීඩර් වල ටෙස්ට් පෝස්ට් තුන හතරක් වැටිලා කරදරයක් වුනා නම් සමා වෙන්න ඕන,. ඉතින් ඒ ලින්කුව අයින් කරපු ගමන් පටස් කරද්දි ලිපිය ඇතුලත් වෙනවා, ලින්කුව ආයේ දාපු ගමන් ආයෙමත් කලින් සෙතේමයි,. එකට ඕනේ දෙයක් කොරගන්න කියලා මම ඒ ලින්කුව බ්ලොග් එකෙන් අයින් කරලම දැම්මා. ඔය පෙන්නන්නේ බ්ලොග් එක රීඩර් වල යස අගේට. බ්ලොග් එක මගේ ජීවිතේට කොයි තරම් ලං වෙලාද කියලා මට දැනුනේ පහුගිය දවස් ටිකේ,.:( 


ඒ වගේම තමයි කියන්න ඕනේ මගේ බ්ලොග් එකට මෙහෙම අවුලක් තියෙනවා කියලා කියපු ගමන් ඒක ගැන විස්තර හොයන්න මහන්සි වුන මධුරංග අයියට, දේවා අයියට ගොඩාක්ම ස්තූතියි. ඒ වගේම මේ ප්‍රශ්නෙට මේ විදියටම මූණ දීපු අපේ දිනේශ් අයියත් එයාගේ මල්ලිව මට අඳුන්නලා දීලා බ්ලොග් එක හදාගන්න උදවු කරා,. "නංගි අර වැඩේට මොකද වුනේ, බ්ලොග් එක හදාගත්තද කියලා හැමදාම මැසෙජ්  එවපු දිනේශ් අයියට, මධුරංග අයියට ගොඩාක්ම ස්තූතියි,. ඒ වගේම වැඩ රාජකාරි ගොඩාක් මැද වුනත් වචනෙකින් හරි මට උදවු කරපු දිනේශ් අයියගේ මල්ලිටත් ගොඩාක්ම ස්තූතියි, මට තියෙන කලබලේ නිසා මම තනියමම වැඩේ කරගත්තට මල්ලි හැම වෙලාවකම මට උදව් කරා. ඒකටත් ගොඩාක්ම ස්තූතියි. 


එහෙනම්, ඔන්න අද ඉදන් මම ආයේ ලියන්න පටන් ගන්නවා,. :) මාත් එක්ක ‍රැඳුන හැමෝටම ස්තූතියි,. 

CONVERSATION

11 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ජයවේවා ජයවේවා! :D :) :) :)

    ReplyDelete
  2. මේ ලෙඩේ හරිගිය එක නම් ගොඩක් හොදයි. එහෙනම් නංගි දැන් ඉතින් හිතේ තියෙන සේරම ටික බ්ලොග් එකේ ලියන්න. බයවෙන්නෙපා කියවන්න අපි ඉන්නවා නේ.

    ReplyDelete
  3. අම්මෝ...කාලෙකින් නේද? ලියමු ලියමු එහෙනම්...

    ReplyDelete
  4. බොලොග් එක ආයෙම කලින් තත්වෙට ආපු එක ගැන සතුටුයි.. මමත් ඒ දවස් වල මාරම දුකක් වින්දේ මේ නිසා..
    අර කතාවේ අවසානය දාන්න.. ගොඩක් ආසාවෙන් ඉන්නේ කියවන්න..

    ReplyDelete
  5. @තනි අලියා- ස්තූතියි මල්ලියා, :) :)

    @මධුරංග අයියා- ඔව් අයියේ, මම පුදුම දුකකින් හිටියේ බ්ලොග් එක නැතුව.. අයියට ගොඩාක් ස්තූතියි.. :)

    @සයුරි- ඒකනේ අක්කේ. විභාගේ නිසා මට ඔයාලගෙ ලිපි එකක්වත් බලන්න බැරි වුනා.. දැන් නම් විභාගෙ ඉවරයිනේ, ඒ නිසා ආයේ ලියනවා මම.. ස්තූතියි අක්කා.. :)

    @Dinesh අයියා- ස්තූතියි අයියේ. අනිවාර්යෙන් දාන්නම්. :)

    ReplyDelete
  6. පටස් නිවැරදිව ක්‍රියාත්මකයි , නමුත් ඔබගේ ලිපිය මේ වන විටත් ඇතුලත්ව ඇත,." :P

    මම එහෙම දානකොට ඔය :P කෑල්ල එන්නේ නැහැ නේ ;)

    ReplyDelete
  7. හිකිස්.... ඒක් දැක්කම මගේ කට ඇද වුන විදිය නෙව මම ඔහොම දැම්මේ,.. :p :D

    ReplyDelete
  8. ආහ්...ඒකද මේ වෙලා තිබුනේ.මංනම් ලියනවා දානවා.මොනවා වෙනවද කියලා බලන්නෙත් නෑ.හැබෑටම මොනවා වෙනවද දන්නෙ නෑ.

    ReplyDelete
  9. හිකිස්.. ඒක තමයි අක්කේ.. විභාගේ නිසත් ලියන්න බැරි වුනා මට..

    ReplyDelete
  10. @ නිසූපා... මාත් එහෙමයි අක්කෙ..... මොකේ යනවද නොයනවද දන්නෙ නෑ.... :D

    හා.. දැන් යං එහෙනම්...

    ReplyDelete
  11. ස්තූතියි පොඩ්ඩෝ.. හෙ හෙ... යමු යමු...

    ReplyDelete

Back
to top