ඔහුගේ සේයාරුව



නෙතු දෑල උතුරවා
ගලා යයි කඳුළු ගඟ,
ඒත් නුඹ නිසලවම
සිනාවෙන් මා ලඟ,
සිනහා මුව නැගෙන විට
ඉපිලෙනා විට සිතම,
යලිත් නුඹ නිසලවම
සිනහවෙන් මා ලඟම,
ලෝකයම උරණ වී
හැර යද්දී මා තනිව,
ඒත්...
සිනහවෙන නුඹ
තවමත් මා ගාව,.
ඉතින්,.
කෙලෙසකින් පෙම් නොකර
හිඳින්නද මා ඔබට,
සිනාසෙන ඔබේ මුව
දැක දැකම හැම විටම,.

CONVERSATION

5 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ඒකනේ !!!
    දකින දකින හැමවෙලාවෙම ආදරේ කරන්නම නේ හිතෙන්නේ. මොනා කරන්නද ඉතින්.

    ReplyDelete
  2. ම්ම්ම්..මට නම් හැමවෙලේම හිනාවෙන මුව නෙමෙයි රවාගෙන ඉන්න මුව දැක්කත් ආදරේ කරන්නම තමා හිතේන්නේ අක්කියෝ.. :)

    ලස්සනයි.. ලඟදිම ආදරයත් ඔයා එක්ක හිනාවෙයි මේ අයියා හිනාවෙනවා වගේම.. එදාට ඔයාගේ ලස්සන හිනාව තවත් දීප්තිමත් වෙයි..
    බුදු සරණයි අක්කියෝ..

    ReplyDelete
  3. සුභ පැතුම්! හැබැයි බොරු හිනාකාරයන්ට රැවටෙන්න එපා අෑ! :) ;) :D
    ගනංගන්න එපා පොඩි විහිලුවක්! නමුත්..................

    ReplyDelete
  4. හම් හම්....ආදරේ අරුමයකි.....

    ReplyDelete
  5. pls ...visit this web site by firefox...www.rawaya.net

    ReplyDelete

Back
to top