වස්සානයට අත වනලා ඉමු මඟ බලන්,.


පුංචි ගෙරවිලි සද්දෙකුත් එක්ක එකින් එක, ටිකෙන් ටික ඇඳ හැලුන වැහි බිඳු දැන් මහ වැස්සක් වෙලා මගේ මුළු ඇඟම තෙමාගෙන ගලාගෙන යනවා,. මම තනියම මේ බංකුව උඩ,. පළවෙනි වැහි බිංදුව මගේ අතට වැටෙනකොට මට දැනුන සීතල,.. මගේ නලලට, කම්මුලට එකින් එක වැහි බිංඳු වැටෙද්දී අනේ මමත් වැහි බිඳුවක් වුනා නම් කියලා නොහිතුනාම නෙවෙයි,.

ම්ම්ම්ම්ම්ම්, ඇත්තටම මම වැහි බිංඳුවක් වුනා නම්,.මට ලං වෙන්නවත් බැරි ඔයාගේ මූණට වැටෙන පුංචිම පුංචි වැහි බිංඳුවක් වුනා නම්,...එක මොහොතකට හරි මට ඔයාගේ ලඟින්ම ඉන්න ලැබේවී. මම දන්නවා මම වගේම ඔයත් මේ වැටෙන වැස්සට ආදරෙයි,. ආයෙමත් වැහි බිංඳු එකින් එක මගේ අත් දිගේ ගලාගෙන යනවා,. හීතල හුළං ‍රැල්ලක් ඇවිත් මගේ ඇඟේ හැපෙද්දී , ඇඟේ හිරිගඩු පිපෙද්දී සීතලට තුරුළු වෙන්න ඔයා මගේ ලඟ හිටියා නම්,.

එකින් එක වැටෙන මේ වැහි බිංඳු මට හාදු දෙනව වගෙයි මට හිතෙන්නේ,. ඉවක් බවක් නැතුව මගේ මුළු මූණම තෙමාගෙන මේ වැහි බිංඳු ගලාගෙන යනවා,. මේ තරමට සුන්දර වැහි බිංඳු පොලවට එවන්න වැහි වලාකුලට ලෝභ හිතුනේ නැද්ද මන්දා,. වැහි වලාකුලේ සුන්දරත්වය විඳින්න හිතාගෙන අහස දිහා බලනකොට මට දකින්න ලැබුනේ හරිම ලස්සන දර්ශනයක්,. දේදුන්නක්,,. පාට හතක එකතුවෙන් හැදුන දේදුන්න ඒ පාට හතේ විවිධත්වය නිසාම කොච්චර ලස්සනද, සුන්දරද? ඉතින්........... ඔයා දන්නවද? මම ආසයි ඔයා එක්ක මේ වැස්සේ තෙමෙන්න,. තෙමි තෙමී අර ඈත පේන දේදුන්න දිහා බලාගෙන ඉන්න,. ඒත් ඔයා මට ගොඩාක් ඈතයි,. මම දන්නවා ඔයා මට ආදරෙයි,. ඉතින් ඇයි අපි අතරේ මේ තරමට දුරස් බවක්,. මේ තරමට දුරින් ඉන්න එක මට දරාගන්න කොච්චර අමාරුද කියලා ඔයා දන්නවා නම්,. ඔයාව දකින්න ඔයාගේ ඔය ලස්සන හිනාව බලාගන්න මම පෙරුම් පුරන තරම ඔයා දන්නවා නම්,.

විකාර,........... මම ආයේමත් මටම කියාගත්තා,. එහෙම හිතලා වටපිට බලද්දි හුරු පුරුදු ඇස් දෙකක් මගේ දිහාව බලාගෙන ඉන්නවා,.

දෙවියනේ,.. ඔයා,..

ඔව් ඔයාම තමයි, ඔය ඇස් දෙක තරම් මම ආදරේ කරන දෙයක් වෙන කොහේවත්ම නෑ,. ලස්සන හිනාවත් එක්ක පුංචි වෙන ඔයාගේ තරු ඇස් දෙකට මම කොච්චර නම් ආසයිද? ඒ ඇස් වල මම මාව දකිනවා.

ඒත්.....ඔයා මේ මහ වැස්සේ මොනවා කරනවද තෙමි තෙමි,.. මම වගේම මේ වැස්සේ ලස්සන විඳිනවද? ඒත් දෙවියනේ ඇයි මේ මගේ දිහාම බලාගෙන,. වෙන කවුරුවත්ම එලියට බහින්නේ නැති මේ වැස්සේ ඔයයි මමයි විතරක්ම කැම්පස් එකේ කෙලවරක වැස්සේ තෙමි තෙමී,........ 
හීතලටත් වඩා සියුම් හැඟීමක් නිසා කිති කැවුන හිතත් එක්කම මගේ මුළු ඇඟම වෙවුලලා ගියා,. ඔය තරු ඇස් දෙක තාමත් මගේ පැත්තට හැරිලා දිලිසෙනවා,. ඒ ඇස් වල එලිය නිසා අහක බලාගන්න බැරි වුන මමත් වශී වෙලා වගේ ඔයා දිහාම බලාගෙන ඉන්නවා,.

වැහි බිංඳු වැටෙන ඔය මූණ , අවුල් වුන කොන්ඩේ,. ඒ හැම දේකින්ම ඔයා තවත් ලස්සන වෙලා,. අනේ දෙවියනේ,. ඇයි මේ තරමට දුරින් ඉන්නේ,. ඇයි ඔයාට මේ බංකුවේ කොනකින් වාඩි වෙන්න බැරි,.

ඔයා ආවොත් ,...

ඔයා දන්නවද? මට ඔයාට කියන්න කොච්චර දේවල් තියෙනවද කියලා..අර ඈතින් පේන මල් පිපුන තණ බිස්ස පුරාම දැන් ලස්සනට පිණි වැටිලා ඇති, ඒ තණ ගස් වල බැඳුන මකුළු දැල් වල පිණි ‍රැඳිලා මුතු ඇට වගේ දිලිසෙනවා ඇති.. ම්ම්ම්ම්... ඔයා දන්නවද? මට ආසයි ඒ පිණි බිංඳු අතට අරගෙන ඔයාගේ මූණට ඉහින්න,. එහෙම ඉහලා ඔයා ඔය ඇස් දෙක පුංචි කරගෙන හිනාවෙනවා බලන්නත් මම ආසයි,.. තණ බිස්ස පුරාම පිපුන ලස්සන මල් වලට එන පුංචි සමනල්ලු පස්සේ පොඩි කාලේ දිව්වා වගේ ඔයාගේ අත අල්ලගෙන දුවගෙන යන්න ඇත්නම්.. 

හ්ම්ම්,,,, ඔය තරු ඇස් දෙක දිහා බලාගෙන මේ ටිකට මම හීන මවපු තරමක්. ඔයා,.. තාමත් වැස්සේ තෙමීගෙන මගේ දිහාම බලාගෙන ඉන්නවා,. සමහරවිට මම වගේම ඔයත් ඒ හැමදේම ගැන හීන මවන්න ඇති,..

ඒත්........ 
ඇයි තාමත් ඈතින් ඉඳගෙන,. මම ඔයා ලඟට එන්නද? මම ඔයා ලඟට ආවොත්
පොරොන්දු වෙනවද මට,. 
එකම එක දෙයක්,.
පුංචිම පුංචි පොරොන්දුවක්,. 
ඔයා මගේම වෙනවා කියලා..

දැන් නම් හොඳටම සීතලයි.. හ්ම්ම්... ඒත් ඔයාට ඒ හීතලෙන් ගානක්වත් නැති හැටි,. ඔයාවත් මගේ ලඟ හිටියා නම්,. සීතලට ගුලි වෙලා උණුහුම් වෙන්න තිබුනා,. මම දන්නවා ඔය සීතලට පෙන්නන හිත ඇතුලේ මහා ගොඩාක් උණුසුම තියෙනවා,. ඔයා හැමදේම හංගගෙන ඉන්න පුංචි හිත ඇතුලේ මහා ගොඩාක් ආදරෙත් තියෙනවා.. ඔයාට මගේ හැම පුංචි දෙයක්ම දැනෙනවා වගේ මටත් ඒක දැනෙනවා.. 
මේ වැස්සේ එක කුඩයක් යටින් ඔයා එක්ක ඇවිදන් යන්න මම කොයිතරම් හීන මවනවද කියලා ඔයා දන්නවා නම්,.

හ්ම්ම්ම්... හීන දුර ගියා වැඩිද මන්දා,. ඒත් මම මොනවා කරන්නද? ඔයා දවස ගානෙම මට හරිම ලස්සන හීන පෙන්නනවා, ඔයා ගැන තිබුන හැම බලාපොරොත්තුවක්ම නැති වෙලා යද්දි ඔයා ආයෙමත් මට ලං වෙනවා, ඔයත් ඒ අතින් බලද්දි මේ වැස්ස වගේ.. මහා නියඟයක් අන්තිමේ වැස්සක් වැටෙන්නේ නෑ කියලා හිතලා බලාපොරොත්තු කඩ වුන මහ පොලවට එක පාරට කඩාගෙන හැලෙන වැස්සක් වගේ,.

ඉතින්,.. ඔයා තාමත් එතනමයි,..

නෑ,.. පොඩ්ඩක් ඉන්න,.... 
මම මේ දකින්නේ හීනයක්ද? ඔයා මම ඉන්න පැත්තට හෙමි හෙමින් ඇවිදගෙන එනවා,. මට මතක මගේ හිත පපුවෙන් එලියට පනින්න වගේ ගැහෙනවා විතරයි,.

"මේ මොකද මේ වැස්සේ තෙමීගෙන කරන්නේ"

"දන්නෙම නැතුව වගේ අහන හැටි" කියලා කියන්න මගේ හිත කෑගැහුවත් වැස්සේ තෙමුනා මදිවට තව බැනුමකුත් අහගන්න බැරි නිසා මම සද්ද නැතුව හිටියා,.
එක පාරටම ඔයාගේ බෑග් එක ඇරපු ඔයා එලියට ගත්තේ කුඩයක්,.

"හ්ම්ම්... දැන් එන්න, අපි යමු,. මම මේ ඔයා වැස්සේ තෙමෙනවා දැකලමයි කෙල්ලෙක්ගෙන් කුඩයක් අරගෙන ආවේ, කුඩයක් ගෙනාවේ නැත්නම් හෙවනකට යන්න තිබුනනේ, පන්ඩිතයා,."

මම මවන හීන මේ තරම් ඉක්මනට හැබෑ වෙන්නේ ඒ හීන වලට පැවැත්මක් නැති නිසාදෝ කියලා බයක් දැනුනත් වචනයක්වත් කතා නොකර මම කුඩේ යටට රිංගුවේ සීතලෙන් ගැහී ගැහී, ඒ පුංචි කුඩේ යට ඒ තරමට පරතරයක් තියාගන්න ඉඩක් කොහේ තිබුනද මන්දා? දෙන්නගේ අතරේ අඩියක් විතර පරතරයක් තියාගෙනම දෙන්නම ඉක්මනට ෆැකල්ටි එක පැත්තට ගියා,. ඒත් ෆැකල්ටි එකේ කොල්ලෝ කෙල්ලෝ මේක දැක්කොත් විසුමක් වෙන්නේ නෑ, එයාටත් ඒ බව තේරුන නිසාද කොහේද එයා මට කුඩේ අල්ලගන්න දීලා පැත්තකට වුනා,.

ටිකින් ටික මගෙන් ඈත් වුන එයා මම යන්නම් කියලාවත් නොකියාම මඟක් දුරකදි නතර වුනා, එයාගේ ඉස්සරහ වචනයක්වත් කියාගන්න බැරුව ගොළු වුන මට "ඔයා තෙමෙනවා නේද?" කියලවත් අහන්න බැරි වුන හැටි,. 
හිත කෑ ගහනවා, ආපහු හැරිලා බලන්න කියලා,. දෙතුන් සැරයක්ම හිත හදාගෙන බලන්න හැදුවත් බලන්න බයයි, එයා ගිහින් තිබුනොත්,.... එයා මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා මට බලාපොරොත්තු දුන්න මගේ හිතට කොච්චර දුක හිතේවිද?

නෑ, මම හැරිලා බලනවා....,

අන්තිම වතාවට හිත හදාගත්ත මම හැරිලා බැලුවා,

එයා,... තාමත්,.. වැස්සේ තෙමි තෙමී,.. ඒ ලස්සන තරු ඇස් ආයෙමත් මගේ දිහා බලලා හිනා වුනේ පරෙස්සමෙන් යන්න කියන්න වගේ..

ඔයත් පරෙස්සමෙන් ඉන්න  කියලා මගේ කටින් මිමිනුනේ මටත් නොදැනුවත්වම...

එවෙලෙම වගේ කැන්ටිමේ රේඩියෝ එකෙන් ලස්සනම ලස්සන සින්දුවක් මට ඇහෙන්න ගත්තා,.

වස්සානයට අත වනලා ඉමු මඟ බලන්
උද්‍යානයක කෙලවරට වී,
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී,.

හාදු දෙන වැස්සේ
දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුළටම වී
ඔබේ ඇස් අස්සේ
මං මාව දැක්කේ,
සංසාරයම මම නුඹගේ වී
තව ඈතින් අඳන් ඉන්නවද රත්තරන්
සංසාරයම මෙය මට නොදී,.

වැට කඩුලු අස්සේ
මල් පිපුනු බිස්සේ,
අපි හැංගෙමුද උණුහුමට වී
සමනල්ලු පස්සේ
දුව පැනපු කාලේ,
දැන් මට දෙන්න ඔබ මගෙම වී,..
ඇයි ඈතින් අඳන් ඔය තරම් රත්තරන්
මං ආවොත්ද නුඹ මට හිමි,..

ඔබ ඈතින් ඉඳන් ඉන්නේ ඇයි රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී,.
 ගායනය - උමාරා සිංහවංශ

CONVERSATION

30 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. මේ......... සත්‍ය සිදුවීමක් නේද?????? ;)
    however ලස්සන අදහස් ගොන්නක්! :)

    ReplyDelete
  2. අලේ අක්කා....මට නම් ඕං මැවිලා පෙනුනා.....කපල් එක ලස්සනට ඉන්න ඇති......

    ඒ වෙලාවේ දැනුන හැඟීම් ඔයා බාගයයි නේද කිවේ.....

    ReplyDelete
  3. ඇත්ත සිදුවීමකද නංගි.මොනවවා වුනත් ලස්සන අදහස් ටික.....

    ReplyDelete
  4. වාව් අක්කි.එහෙනම් වෑඩේ සෙට් වගේ නේද? කෝ දෑන් අපිට පාර්ටියක් ඕන.

    ReplyDelete
  5. ප්‍රාර්ථනාගෙන් ලගදිම අපිට පාටි එකක් ලැබයි නේද??

    ReplyDelete
  6. ඔන්න මටත් මැවිලා පෙනුනා...මේක ඇත්තටම උන දෙයක්ද?

    ReplyDelete
  7. මංගලම් ජය මංගලම්.... අනේ මුකුත් කියන්නේ නෑ ඉතින් එකත ජය සිරි මංගලම් එහෙනම් ආ.....

    ReplyDelete
  8. වැස්ස, මිනිස්සුන්ව ලං කරනවා. මාත් වැස්සට හරි ආසයි. ඔයා පොඩ්ඩක් හිතන්න පොද වැස්සක් කඩාගෙන වැටෙනවා. ඒක ටික වෙලාවකින් ලොකු වැස්සක් එනවා. එකම කුඩේ යට පිරිමි ළමයයි ගෑල්ලමයයි.... (ඔය ඇති ඔය ඇතී


    මම නම් ආස වැස්සේ රේන් කෝට් එකක් දාගෙන ටිකවෙලාවක් ඇවිදලා ඇවිත් උනු උනු කෝපි එකක් බොන්න !!!! වෙලාවක කරලා බලන්න. :)

    ReplyDelete
  9. මොනවාටත් වඩා මම මේ ලියවිල්ලට ආසයි ඒක මාරම ලස්සනට ලියලා තියේ ..

    මගෙනුත් සුබ පැතුම් !!

    ReplyDelete
  10. @ශානු- ස්තූතියි... :)

    @තනි අලියා- මේක ඇත්ත සිදුවීමක් නෙවෙයි මල්ලියෝ.. හිතලා ලියපු එකක්.. :)ස්තූතියි.

    @සී.නී- හෙ හෙ.. හ්ම්ම් හ්ම්ම්,,, ඒ වෙලාවේ හැඟීමක් දැනෙන්න මට මේක වෙලා තියෙන්න එපාය නංගියෝ.. මේක ගොතපු එකක්.. ස්තූතියි ඔයාටත්,.

    @නිසුපා- ඇත්ත සිදුවීමක් නෙවෙයි අක්ක, ගොඩාක්ම ස්තූතියි,.

    @හිමා- හෆොයි, මොන සෙට්ද නංගෝ. මේක නිකන් කථාවක් විතරයි,. :)

    ReplyDelete
  11. @Dinesh අයියා- පාර්ටියක් නම් නිකනුත් දෙන්න පුළුවන්නේ අයියා, :)

    @සයුරි - හ්ම්ම්... ඇත්තට වුන දෙයක් නෙවෙයි අක්ක, ඒත් එහෙම වෙනවා නම්,,, හ්ම්ම්,..

    @Marlan- ස්තූතියි, ඒත් මේ ගොතාපු කථාවක් විතරයිනේ,.

    @මධුරංග අයියා- මධුරංග අයියා මටත් වඩා දුර හිතනවද කොහේදෝ.. හෙ හෙ.. හ්ම්ම්,, වැස්ස කියන්නෙ හරිම සුන්දර දෙයක් තමයි අයියා, මමත් ආසයි වැස්සේ තෙමිලා ඊට පස්සේ උණුවෙන් මොනව හරි බොන්න.. :)

    @සඳරු- ගොඩක්ම ස්තූතියි සඳරු, සුභ පතන්න නම් දෙයක් වෙලා නෑ අනේ, මේක නිකන් කථාවක් විතරයි. :)

    ReplyDelete
  12. ගෙදර ඇවිල්ලත් තාම මම කලපනා කරනවා... ඔයා ගැන.. ඒත් එක්කම මාහ හයියෙන් කිඹුහුමක් ගියා.. නහයත් හිරවෙලා වගේ.. අයියෝ.. මට හෙම්බිරිස්සාව හැදෙන්නද... කොහෙද ම අච්හ්කර තෙමි තෙමි ඉන්නව බල බල ඔයා අතනට වෙලා බාලාගෙන ඉදියනෙ... අර කුඩේ කලින් ඉල්ලගෙන එන්න බැරි උනාද.. සික්... එහෙනම් පේයාව පැකට් එක්වත් අරන්න දෙන්න...

    හැක හැක හැක... පුල් ආතල්..

    ReplyDelete
  13. හෆ්ෆා... අක්කියෝ.. මම එක හුස්මටම කියවගෙන ගියා... දෙයියනේ මම හිතුවෙ ඇත්තටම කියල.. ඒථ් බැලුවා මෙච්ච්ර දෙයක් ව්එලත් අක්කි මට කිව්වෙ නැත්තෙ මොකද කියලා.
    මොනා වුනත් ලස්සනම ලස්සනයි අක්කියෝ... ඇත්තටම මෙහෙම දෙයක් වෙන්න කියලා අනාගතෙ දවසක හරි, මම සුභ පතනවා..

    ReplyDelete
  14. @පොඩි මෑන්- හපෝ.... සික්... :P :D

    @හිතූ නංගා- මෙහෙම දෙයක් වුනා නම් මම ඔයාට නොකියා ඉන්නවද නංගෝ.. හ්ම්ම්,, අපි බලමුකෝ.. :) ස්තූතියි නංගියෝ.. :)

    ReplyDelete
  15. ගොඩක් වෙලාවට මම් දුර හිතනවා. ඔය කුඩේ යට ඉන්න වෙලාවක ගෑල්ලමයට පුංචි හාද්දක් නලලට තියන්න තියේ නම් කොච්චර ෂෝක් ද ?

    ඒත් කෝ ඉතින්...... :(

    ReplyDelete
  16. ශා අයියා නම් නියමයි.. ඉවසන්න අයියා,. කවදාහරි දවසක අයියගේ ඔය හීනේ හැබෑ වේවි. ලස්සන පුංචි කෙල්ලෙක් අයියා එක්ක එක කුඩේ යටින් මහා වැස්සේ ඇවිදගෙන යාවි..

    ReplyDelete
  17. වැස්ස නුඹ වගේ
    සිත් මලට ඇද වැටෙයි
    මලේ පාට නොසේදීම
    පුදුමයක් තමයි

    ReplyDelete
  18. හ්ම්ම්.. සුළඟ නුඹ වගේ
    සිත් මල වටා ඇදෙයි
    මල් සුවඳ හොර හොරෙන් අරන්
    යන්නටම හදයි,. :)

    ReplyDelete
  19. ane... mama hithuwa aththama thamai kiyala... eth eda msg karalath kiwwe nene kiyala hithuna.. passe comments dakkamai dana gaththe manankalpitha kathawak kiyala.. lassana kathawak akkiyo.. eth oyata ohoma dawasak ewi.. mata wiswasai..

    ReplyDelete
  20. අනේ නෑ නංගියෝ, එහෙම වුනා නම් මම කියනවනේ ඔයාට,.මන්ංකල්පිත කථාවක් තමයි නංගියෝ,. අපි බලමුකෝ වෙන දෙයක් වේවිනේ නංගෝ,. ගොඩාක්ම ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනාවට.. :)

    ReplyDelete
  21. මේක නම් කියල වැඩක් නෑ සහෝදරී. ඇත්තටම ලස්සනයි. කතාව ගොතපු එකක් වුනාට චරිත ඇත්ත ඒවා නේ.

    ReplyDelete
  22. ස්තූතියි කසුන්,. හ්ම්ම්.. ඔව් කථාව ගොතපු එකක් වුනාට චරිත නම් ඇත්ත තමයි,.. :)

    ReplyDelete
  23. කතාව ගොතලද? මේ සිද්දිය ඇත්තක් නෙමෙයිද?

    ReplyDelete
  24. ගොතපු කථාවක් තමයි නංගියො,. මෙ කිසිම දෙයක් ඇත්ත නෙවෙයි,. :)

    ReplyDelete
  25. kamak ne ikmanata eththa venna kiyala prarthana karanava.

    ReplyDelete
  26. ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී,.

    ReplyDelete
  27. ගොතපු කතාවක් උනත් මාර ලස්සනයි අක්කියෝ.........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ\ na\ngiyoe..

      Delete

Back
to top