෴ඉර හඳ යට෴ හත්වන කොටස


හැඳින්වීම
















අද මගේ ගුරු පත්වීමේ පළමු දිනයයි. උදෑසනින්ම ප්‍රබෝධමත් සිතින් යුතුව පාසලේ ගේට්‍ටුවෙන් ඇතුල් වත්ම කිරි කොකුන් රෑනක් මෙන් සැරසුන කුඩා දරු දැරියන් ‍රැසක් මා පසු කර ගියහ. මේ පුංචි මල් වලට අකුරු කරමින් මගේ ජීවිතය යලි ගොඩ නගා ගන්නෙමැයි මම දැසි ලෙස අධිෂ්ඨාන කරගත්තෙමි. ඒ අතරතුර මා පසු කර ගිය සිඟිති දැරියකගේ දෙසට මගේ නෙතු ඇඳී ගියේ පෙර දු‍ටු හුරු පුරුදු මුහුණක හැඩ රුව මට සිහියට නඟමිනි. එහෙත් ඇය මේ පාසලේ ඉගෙනුම ලබන්නියක නොවන බව මට වැටහී ගියේ ඇගේ නිල ඇඳුම පෙර පාසල් නිල ඇඳුමක් වූ නිසාවෙනි. සුන්දර සිනහවක් හා පැහැපත් සමක් ඇති මේ කුඩා ලදැරිය තමාට හැකි උපරිම වේගයන් මා පසු කර දුව යමින් සිටියාය,. ඇගේ කෙලිලොල් බව නිසාම තවත් මොහොතක් ඇය දෙස බලා සිටීමට මට සිත් විය.

"චූටි දුව, දුවන්න එපා. වැටේවි පැටියෝ."

පි‍ටුපසින් ඇසුන කටහඬ යොමු වූයේ මේ ළදැරිය වෙත විය යුතුය. එම හඬ සවනත වැකෙත්ම හඬ එන දෙස බැලූ මට මා දෙනත් අදහා ගත නොහැකි විය.

ඇත්තටම මේ ඇයද, ..........

"දිනිති"

අදහා ගත නොහැකි යමක් යලිත් මා වට සිදු වෙමින් පවතී. මේ ඇත්තක්මද? යලිත් දෙනෙත් පිසදමා බැලුවද එම රුවෙහි කිසිදු වෙනසක් නැත. සිහින් සිරුරත් දිගට වැවූ කොන්ඩයත් ඇගේම අංග ලක්ෂන යලිත් මට සිහිපත් කර දුන්නේය.

"පසන්"...................

ඇගේ මුවින් නොදැනුවත්වම මගේ නම කියවෙද්දි මා දකින්නේ සිහිනයක් හෝ මිරිඟුවක් නොවන බව මට වැටහී ගියේය. නිමේශයකින් ආපසු හැරුන ඇය මා දෙස යලි නොබලාම තම දියණිය සමඟ ඒ අසලම නවතා තිබුන සුදු පැහැති කාරයට නැඟී නොපෙනී ගියාය.

යලිත් වරක් ඒ වේදනාකාරී අතීතය මගේ පසුපසින් හඹා එමින් ඇත, මෙයින් ගැලවී යන්නට මඟක් ඇත්තේම නැද්ද? ජීවිතයේ වැරදුන මඟකින් නවමු මඟකට පිලිපන් වහාම මගේ ජීවිතය යලිත් වැරදීගෙන එන්නේද?

අතීතය ගැන සිතමින් මේ තරමින් වද වෙන්නට තරම් දෙයක් දිනිති මට සිදු කලේදැයි ඔබට හැ‍ඟෙනු නොඅනුමානය, ඇය මට සිදු කල එකම වරද වංක ආදරයක් ලබා දීමයි,. එකම එක වතාවක් පමණක් පෙමින් වෙලුන මම ඒ වතාවේදීත් වංක ආදරයකට හසුවුන විට මට දැනෙන හැඟීම කුමක්ද? එය මගේ මුළු ජීවිතයම වෙනසම මඟකට හරවද්දී නොසිතූ ලෙස මා වෙනස්ම මඟක ගමන් කරද්දී මගේ සිහින බිඳී යද්දී මා මේ තරමින් හෝ ජීවිතය දෙස සුභවාදීව බලන්නට වූයේ මගේ ආදරනීය මෑණියන් නිසාවෙනි,.  
යලිත් මම පෙම් කරන්නට නොසිතනු ඇත,. ආදරය මේ තරම් වේදනාවක් බව දැන සිටියේ නම් කිසිදිනක මම පෙම් කරන්නට කිසිදිනක නොසිතන්නට තිබුනි. එහෙත් අතීතය ආපසු නිවැරදි කල නොහැක,. මා කල යුතුව ඇත්තේ ජීවිතය යලි ආරම්භ කිරීමයි,.
එහෙත් යලිත් දිනිති මගේ ඇස් ඉදිරිපිට දිනපත දකිමින් මම කෙලෙසකින් නම් කල් ගෙවන්නද?

ඇගේ සුරතල් දරු සිඟිත්තිය දකින වාරයක් පාසා මගේ සිහියට නැ‍ඟෙන ඇගේ ළමා කාලය කෙලෙස නම් අමතක කරන්නද?
ගැටළු රාශියක මා යලිත් තනි කරමින් ඈ යලිත් මගේ දිවියට බලපෑම් කරන්නීය. කුමක් කරන්නද , කෙසේ කරන්නද කියමි සිත දෙගිඩියාවෙන් පසුවෙද්දී ඇසුන සීනු හඬින් පාසල නිමවුන බව මට හැඟිනි,. දෙගිඩියාවෙන් යුතුවම කාර්යාලයට ගිය මම මගේ අත්සන සඳහන් කොට එලියට බැස්සෙමි,.

දෛවය කෙතරම් නම් මගේ දිවියට සරදම් කරන්නේද? යලිත් වරක් සුදු පැහැති කාරය මා දෙසට ඇදෙමින් ඇත,. මෙතනින් කොහේට හෝ දුව යන්නට ඇත්නම්. ඇයව නොපෙනෙන මානයක සැඟවී ඉන්නට ඇත්නම්...

බ්‍රාආආආආආආස්ස්ස්ස්ස්

එක් වරම තිරිංග තද වුන සුදු පැහැති කාරය මා අසල නතර විය,. කළු පැහැයෙන් වැසුන වීදුරුව සෙමින් සෙමින් පහතට යද්දී එක් වරම ඇගේ නිල් වන් දෙනෙත මගේ දෙනෙත හා ගැටින,.

ඒ ඇස් වල සඳහන් වූයේ පෙර මා ඇයට පෙම් කල කාලයේ පැවති කෲර නපුරු ස්වභාවය නොවේ,. කල වරදකට පසු තැවෙන්නියක ස්වයං පාපොච්චාරණයක් කරන්නාක් මෙන් ස්වභාවයකි,.

"පසන්"

ඇයගේ සුපුරුදු කටහඬ වෙනුවට එහි වූයේ පරිනත භාවය මුසු වූ වැඩිහිටියෙකුගේ කටහඬකි,.

"පසන් මට ටිකක් ඔයා එක්ක කථා කරන්න පුළුවන්ද? "

සුපුරුදු ලෙසම ඇගේ මේ වචන යලිත් මා අතීතය කරා ගෙන ගියේය,.
එක් වරක් මේ ලෙසම ඇය මගෙන් විමසූ දින මට අමතක නොවන පාඩමක් ඉතිරි කොට තබා ඈ මා හැර ගිය හැටි සිහිවී මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය,.

තව මොනවා කතා කරන්නද දිනිති, ඔයා කොහේද මම කොහේද? ජීවිතේ අපිට පාරවල් පෙන්නලා දීල තියෙන්නේ වැරදුන තැන් හදාගන්න. ඉතින් ආයේ කථා කරලා මොකටද අපි ආයෙමත් අතීතය හාරා අවුස්සන්නේ. ඒකෙන් ඔයාට කෙසේ වෙතත් මට නම් ගේන්නේ සුන්දරත්වයක් නොවෙන බව මට හොඳටම විස්වාසයි,.”


හිතේ ඇතිවුන ආවේගය සමඟ ගැලපුන වදන් වැල් හී පහරවල් මෙන් ඇගේ සවනත පතිත වෙද්දී ඇගේ දෙනෙත් වල ‍රැඳුන කඳුළු බිඳුවක් ඇය ඇඳ සිටි සාරි පොට ඔසවා පිස දමා ගත්තාය,.

"අනේ, පසන් මට එකම එක අවස්ථාවක් දෙන්න ඔයා එක්ක කථා කරන්න, මම දන්නවා මම කරපු දේ වල් වලින් ඔයාගේ හිත ගොඩාක් රිදුනා, ඒත් මට සමාව ගන්නවත් බැරිද ඔයාගෙන්"


"සමාව ගත්තට ඔයා හිතනවද මම ඔයාට සමාව දෙයි කියලා දිනිති, ඔයාට මේ තරමට ආදරේ කරපු මට මෙහෙම කරලා මදි ඔයා"

මේ වචන කොහෙන් ගලාගෙන ආවාදැයි මම නොදන්නෙමි,. ඒ වචන වල බරපතල බව වැඩි බව සිහි වන විට මගේ මුවින් ඒ වදන් පිටවී හමාරය,. කුමක් කරන්නද? මට තවමත් ඇයගේ සිත රිද්දන්නට බැරි හැටි,. ඇයට කිවු වචනයක් වචනයක් පාසා මම දැන් විඳවන බව ඇය දන්නවා නම්..

"මම දන්නවා පසන්, ඒත් මට එකම එක වතාවක් හරි ඉඩ දෙන්න මගේ වැ‍රැද්ද නිවරදි කරගන්න, මෙහෙම කථා කරන්න බෑ, ඔයාට පුළුවන් නම් අපි හෙට හම්බ වෙමු,.

ඇය මට කොයිතරම් වේදනාවක් දුන්නද තවමත් ඇගේ ඉල්ලීමක් ඉවත දැමීමට තරමට මගේ සිත දැඩි කරගැනීමට මට නොහැකි විය,. මම ඇයව හමුවීමට පැමිනෙන බව හිසින් සන් කලෙමි. එවෙලෙහි ඇයගේ මුහුණේ ඇඳුන සිනහව ජීවිත කාලය පුරාවටම මට අමතක කල නොහැකි වනු ඇත,.

නිවස බලා පියනැඟුවද මගේ සිතට කිසිම නිදහසක් නොවීය. දිනිති යලිත් මගේ දිවියට පැමිණ ඇත. මෙවර මෙය නිමාවක් වන්නේ කෙලෙසකින් වුවද ඇය නිසා යලිත් මගේ ජීවිතය විනාශ කර නොගන්නා බවට මම තරයේ අධිශ්ඨාන කරගත්තෙමි.

හෙට දිනයේ කුමක් සිදු වේවිද? ඇයට සමාව දෙන්නට හැකි වේවිද? නැතහොත් මට යලිත් සිත රිදවාගන්නට සිදු වේවිද? නොයකුත් සිතුවිලි අතරේ සිත සක්මන් කරද්දී මම නොදැනුවත්වම නින්දට වැටුනෙමි


CONVERSATION

20 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. කාවහරි දාල නෙලයිද දන්නෑ අර අසරණයට! :D

    ReplyDelete
  2. අනේ....ඔන්න පසන්ව එයා එක්ක කතාවට යවන්න එහෙම එපා ඕං අක්කා.....එයාට වඩා ලස්සන ගුණයහපත් ගැණු ළමයෙක් පසන්ට මුණගස්සන්න අක්කා.....

    ReplyDelete
  3. තනි අලියාගෙ කතාව සහතික ඇත්ත ඔය වගේ කෙනෙක්ට කවදාවත් සමාව දෙන්න නරකයි

    ReplyDelete
  4. අද තමයි ගොඩ වැදුනේ... කොටස් 7 ම කියෙව්වා.... බලමු අවසානය වෙනකම්ම... ලස්සනට ගලාගෙන යනවා...

    ReplyDelete
  5. අවසානයට ලගයි වගේ....

    ReplyDelete
  6. දැන් ඉතින් ආයේ අර මෝඩ කොල්ලා අමාරුවෙනේ....

    ReplyDelete
  7. ඔන්න මමත් ආවා බ්ලොග් කණ්ඩායමේ දාලා තිබුණු ඇඩ් එක දැකලා...
    එක හුස්මට ඔක්කොම කොටස් ටික කියවගෙන ගියා..පසන්ගෙ රිසල්ට් එක දැක්කම මගේ ඇඟ සීතල වෙලා ගියා...මමත් ඒ වගේ රිසල්ට් එකකට හීන දැකපු එක නිසා වෙන්ඩ ඇති...(මට එවන් එකක් නොලැබුනු මුත්........)
    කතාව ලස්සනට ලියලා තියෙනවා...මට තියෙන ලොකුම පුදුමේ ඔයා කෙල්ලෙක් වෙලාත් මේ කතාවේ පසන්ගේ චරිතය රඟ පාන එක...ම්ම් ඒකතමා ලියන්නියගේ දක්ෂතාවය..මම ඔයානම් මම ලියන්නේ දිනිති වෙලා....මම හිතන්නේ දෙන්නා ඉන්න ඇත්තේ කොළඹ එම් ෆැක් එකේ වෙන්ටැ...
    අවසානය :කොල්ලාගේ ජීවිතේට මොනා කරයිද දන්නේ නෑ කෙල්ල...ඒකනේ කියන්නේ කොල්ලො කොහොමත් අසරණයි,අහිංසකයි..:D
    කොමෙන්‍ටුව නම් ටිකක් කොටයි ..කමක් නෑ පලවෙනි එකනේ ...කියන්න දේවල් ගොඩයි නේ....

    ReplyDelete
  8. හෙට පරෙස්සමෙන් ඔන්න, හම්බවෙන්න නොගියත් කමක්නෑ.... නියමයි! ලස්සනට ලියනවා... !

    ReplyDelete
  9. එදා පසන්ට නපුරු උනේ වෙන හේතුවක් නිසානම් කියලා දිනිතිගේ මුවින් පිට කරන්න එපා නංගී.. පසන්ගේ හිත අන්තිම කොටස වෙනකම් මේ විදිහටම ස්ථාවරව තියන්න.. දෙන්නා ආයෙම එකතු වෙනවටනම් මම කොහෙත්ම කැමති නෑ..

    ReplyDelete
  10. අනේ..එන පොට හොඳ නැහැ වගේ....

    ReplyDelete
  11. මොකද වෙයි කියලා හිතාගන්න බෑ. ඉතුරු කොටස ලියනකන් ඉන්නවා. මම් කියවපු කතා වලින් වෙනස්ම ආරක කතාවක්.

    ReplyDelete
  12. eka husmata okkoma kiyewwa... lassanata liyala thiyenawa... pasan dinanawanam mn kamathi...

    ReplyDelete
  13. මට මේ කතාවේ සමහර කොටස් නම් මග ඇරුනා මෙයා .. දිගටම බලන්න බැරි වුණා .

    හෙට මම ගෙදර හිටියොත් ඔයාගේ මේ කතාව සේරම කියවන්න ඕන ..

    ReplyDelete
  14. @තනි අලියා- බලමු බලමු... :)

    @සී.නී- හ්ම්ම් බලමුකෝ නංගා.. අපි හිතන දේම නොවෙන්න පුළුවන් වෙන්නේ,.

    @ශානු- හපොයි,. අනේ මන්දා,. බලමුකෝ. ඒක තීරණය කරන්න අයිතිය අපි පසන්ට දෙමු,.

    @පිස්සා පලාමල්ල- සිත් අහසට සාදරෙන් පිළිගන්නවා,. හ්ම්ම් බලමු.. බොහොම ස්තූතියි,.

    @නිසුපා අක්කා- ටිකක් විතර වගේ ලඟයි තමයි අක්කා,.

    මන්තරකාරී- කාලෙකින් මේ පැත්තෙ ඇවිත් කොහේද අප්පා මෙච්චර කල් ගිහින් හිටියෙ,. පසන්ගේ තීරණය මොන වගේ වේවිද කියලා බලමුකෝ අපි,.

    @ගලයා- මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා, හ්ම්ම්,, අපේ ජීවිතේ අපිට ලැබෙන දේවල් වගේම ගිලිහෙන දේවල් ගොඩක් තියෙනවා, ඒත් ඒව ගැන හිතල පසුතැවෙනවාට වඩා ඒ තුලින් පන්නරය අරගෙන ජීවිතය ගොඩනඟා ගැනීමයි වැදගත්,.
    බොහොම ස්තූතියි යාළු, මට ඕනේ වුනේ හැමදාම ලියන රාමුවෙන් එළියේ යමක් කරන්න. කෙල්ලෙක් විදියටම හිතනවට වඩා කොල්ලෙක්ගේ හැඟීම් මොන වගේඩ කෙල්ලෙක් දකින්නේ කියන දේ පෙන්නන මම හිතුවා. ඒක සාර්ථකයි නම් ගොඩාක්ම සතුටුයි,. දෙන්නා හිටියේ නම් කොළඹ එම් ෆැක් එකේ නෙවෙයි, ඒත් මේ කථාව ගොතනකොට මම යොදාගත්තේ ඒ පරිසරය,.
    අවසානය ගැන නම් ඉතින් මුකුත්ම කියන්න විදියක් නෑ, ඇවිල්ලම බලන්නකෝ. කවුරු අසරණ වෙලාද? පසන්ගේ ජීවිතේ කොහොම හැඩ ගැහෙවිද කියලා,. :)

    @ලහිරු- හ්ම්ම්.. පසන් පරෙස්සමෙන් යාවි, නොයා ඉන්න තරමේ තද හිතක් පසන්ට නැහැ යාළු,. බොහොමත්ම ස්තූතියි,.

    )

    ReplyDelete
  15. @Dinesh අයිය- හ්ම්ම්.. අපි බලමු අයියේ,. සමහරවිට අපි නොහොතනම දෙයක් වෙන්නත් පුළුවන්,. :)

    @සයුරි- හෙ හෙ.. හ්ම්ම්... එන පොට පසන් මොන අතට හරවගනිවිද බලමුකෝ අක්කේ,.

    @මධුරංග අයියා- ස්තූතියි අයියේ, මට ඕනේ වුනේ වෙනස් කථාවක් ලියන්න. ඒක එහෙම වුනාද කියලා අපි අන්තිමේදිම බලමු.. :)

    @ජීවන්ත තාරක- බොහොම ස්තූතියි, පසන් සමහරවිට දිනාවි, ඒට් ඒ කොහොමද කියල අපි බලමු,.

    @හිස් අහස- එහෙනම් බලල හොඳ නරක කියන්නකෝ සඳරු ,. :)

    ReplyDelete
  16. මෙන්න මන් ඉවරයි කියල හිතපු කතාව ආයිත් යනව !! මේ පාර කොල්ල මොන වලක වැටේවිද ?

    ReplyDelete
  17. හෙ හෙ.. ඉවර නෑනේ.. බලමුකෝ අපි ,. ස්තූතියි ඔබට

    ReplyDelete
  18. අම්මෝ අක්කියෝ මාරයිනෙ කතාවනම්.. හරිම අමුතුයි.. මට අර සින්දුව මතක් වුනා.

    "හිතුවෙවත් නැති දවසක.."

    ලස්සනට ලියාගෙන යන්වා අක්කියෝ.. දිගටම ලියන්න. දැන් නම් කුතුහලය උපරිමයි.. කොයිතරම් වැඅර්දි කලත්, ආදරේ කරපු කෙන්ක්ට සමාව නොදී ඉන්නත් බෑ නේද?

    ReplyDelete
  19. ම්ම්ම්.... බලාසිටිමි නිහඬවම...
    කිසිත් නොකියා මම..
    ;)

    ReplyDelete
  20. @හිතූ නංගා- හ්ම්ම්,.. ස්තූතියි නංගෝ,.පසන් ගැන නම් මම දන්නේ නෑ, ඒත් මට නම් ආදරේ කරපු කෙනෙක්ට කවදාවත්ම වරදක් කියන්න බෑ,.

    @Red Riding Hood- හ්ම්ම්, ඒක වඩාත්ම හොඳයි නංගියෝ,. :)

    ReplyDelete

Back
to top