වීදුරු ජීවිත (කෙටි කථාව) 1 කොටස



සීතල සුළඟත් සමඟ කැරලි ගැසෙමින් ආ පින්න ඔහුගේ මුව සිපගන්නා විට නැවු තට්‍ටුව මතට වී බලාපොරොත්තුවේ දෑස දල්වමින් සිටි ඔහුගේ දෑස බිම් කඩක් දැක ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළෙන්නට විය,. මේ ඔහුගේ පළමු මුහුදු ගමනයි,. වයස අවුරුදු 18ක වූ කොළුගැටයෙක් වූ ස්මිත් සිය පළවන මුහුදු ගමනේදීම ත්‍රාසජනක අත්දැකීමකට මුහුණ දුන්නේය,. මහා කුණා‍ටුවක් නොසිතූ විටෙක ඔවුනගේ යාත්‍රාව ආක්‍රමණය කොට තිබින,. යන එන මඟක් නොදැන රළ පෙළ විසින් ඔවුන් මහා සාගරයේ එක් කොනෙකට ඇද දමා තිබියදී තමා කොහේ සිටින්නේද යන්නවත් නොදැන දින 5ක් පුරාවට ඔවුන් මේ වෙහෙසෙන්නේ ගොඩබිමක් දැකගන්නා රිසියෙනි,.

රළ පෙළ මත එහේ මෙහේ පැද්දෙන සෙනොරිටා නෞකාවේ තට්‍ටුව මත හුදකලා වූ ස්මිත්ගේ සිතුවිලි බොහෝ දුර ඇදෙන්නට විය,. තම නිවස, තම දෙමවුපියන්, තමාගේ සුරතල් බලු පැටියා ලූක් ,.උණුසුම් දවසට සැමොවාරය මත වූ කේතලයෙන් නැ‍ඟෙන හඬ,. ඒ හඬට ඔහු කොතරම් නම් ආසා කලේද? ඒ පිළිබඳව දිනපතාම තමාගේ හොඳම මිතුරිය සමඟ ඔහු වාද කරන්නට පුරුදු වී සිටියේය,.

ඇත්තෙන්ම ඒ හඬ සමාන වන්නේ කුමන හඬකටද? උදෑසනින්ම තුරු මත ගීත ගායනා කරන කැනරි කුරුල්ලන්ගේ හඬටද? ඇය කියන විදියට නම් ඒ හඬ එන්නේ කැනරි කුරුල්ලන්ගෙන් නෙවෙයිලු,. ඒ හඬ සමාන වෙන්නේ වැහිලිහිනියන් සිය ගනනක් අත්ත‍ටු ගසන ශබ්දයකටලු,. විකාර,. ඔහු ඔහුටම මුමුණාගන්නට වුනා,.

එක්වරම සිහිවුන යමක් නිසා රත් පැහැ ගත් ඔහුගේ මුහුණ තුල මතු වුනේ සියුම් සිනහවක්,.

ඔහුට සිහිවුනේ ඇයවයි,. ඇය ඇනා,. ඔහුගේ හොඳම මිතුරිය,. ඇය තරමට ඔහුට පෙම් කල කෙනෙක් වෙන කොහිවත් නොසිටින්නට ඇති. සීතල හිම වැටෙන ‍රැයක ඇය හා තරු ගනින හැටි,. සීතලෙන් රෝස පැහැ ගැන්වුන ඇගේ සියුමැලි මුහුණ ප්‍රථම වරට සිප ගත් හැටි,. ලැජ්ජාවෙන් බර වුන ඇය සිනා නැඟූ හැටී,. අද ඊයේ සිදුවූවාක් මෙන් ඔහුට මැවී පෙනෙනට වුනා,.

නැවු තට්‍ටුවට සිහින් තට්‍ටුවක් දැමූ ඔහුගේ මුවින් ඇගේ නම පිට වුනේ නොදැනුවත්වම,.

ඈත අහසේ පියඹා යන කුණා‍ටු බට්ටිච්ච්න් යලිත් කුණා‍ටුවක් අත ලඟ බවට ඉඟියක් දෙන බව ඔහුට වැටහෙන්නට වුනා,. ස්වභාව ධර්මය කෙතරම් නම් බලවත්ද? රළ මත පැද යන නෞකාවක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට ඒ නැවට නිවැරදි ගමන් මගේ යන්නට උපකාරී වන සුළඟම හේතු වන අයුරු කෙතරම් නම් පුදුමද?
අහෝ ඔහු ගෙදර සිටියා නම්,. ගිනි උදුනෙන් නැ‍ඟෙන උණුසුම විඳගනිමින් උණුසුම් කෝපි කෝප්පයක් පානය කරන්නට තිබුනා නම්,. මේ සීතල සුලඟින් මිදී පොරෝනාවක් යටට ගුලිවී උණුසුම් වන්නට තිබුනා නම්,.අතීතයත් වර්ථමානයත් අතර දෙලොවකට මැදි වුන ඔහුගේ සිතිවිලි කුණා‍ටුවකටත් වඩා රළු ලෙස විවිධ මතකයන් ඔස්සේ ඇදී යන්නට වුනා.

ස්මිත් නුඹ හරිම අපූරු තරුණයෙක් නෙව, මම මේ තරම් කථා කරත්දීත් නුඹට ඒ වගක්වත් නොවුන හැටි,.”

පසුපසින් ඇසුන කටහඬකින් ඔහු මෙතෙක් වෙලා හුන් ලෝකයෙන් පියවි සිහියට ගෙන එනු ලැබුවා,.

ඒ නැවේ කපිතාන් තැනයි,. ජෝන් වෙස්ටන් නම් ඔහු වසර පනස් පහක පමණ වූ වියපත් එනමුත් ශක්තිමත් පුද්ගලයෙකි. වසර 17 වැනි කුඩා වයසකදී ස්මිත් මෙන්ම නෞකාවක සේවයට බැඳුන ඔහු උත්සාහය හා කැපවීම මත සිය ජීවිතය ගොඩනගාගන්නට සමත් වූවෙක් විය,.

ඔහු ලද අත්දැකීම් නිසාවෙන් ස්මිත් මේ අවස්ථාවේ මූණ දී ඇති අසීරු තත්වය වටහා ගැනීමට ඔහුට අසීරුවක් නොවීය.

" ඔහොම තමයි කොල්ලෝ මූදූ ගමනේ හැටි,. මුහුදු රළයි, හුලඟයි හැම වෙලාවකම අපිට ඔච්චම් කරනවා,. ජීවිතේ කියන දේ අවිනිශ්චිතයි. ඒත් ලබන්න පුළුවන් අත්දැකීම් නම් බොහොමයි,. බුද්ධිය විතරක් තිබුනට මදි, අත්දැකීම් ජීවිතේට ගේන්නේ එළියක්. බුද්ධිය කියන්නේ පහනක් නම් ඒකේ ආලෝකය අත්දැකීම්,. මමත් නුඹගේ වයසේ ඉන්නකොට මමත් බය වුනා, හැමදාම රෑට කැබින් කාමරේට වෙලා කඳුළු හැලුවා, දෙවියන්ට යාඥා කලා.. ඒත් කොල්ලෝ ස්වභාවධර්මය පරද්දන්න අපි කාටවත්ම බෑ,. හුළඟ හමන්නේ ඔහුට ඕනේ දිශාවට,. රළ නැගෙන්නේ ඔහුට ඕනේ විදියට,. අපිට තියෙන්නේ බලාහිඳීම විතරයි,. ඉතින් අපි බලන් ඉමු,. මුහුද ඒ තරමට අකාරුණික නෑ කොල්ලෝ,. කන්න කෑම බොන්න වතුර තියෙනකන් බය නොවී ඉමු,.”

කපිතාන් තැනගේ වදන් වලින් සසල වුන ස්මිත් දොඩමළු වන්නට විය.

ඒත් අපිට ගොඩබිමකට යාගන්නට බැරි වුනොත්,. මුහුදෙම මැරිලා යන්නට වුනොත්,. පේන තෙක් මානෙක නැති ගොඩබිමක් ගැන කොහොම බලාපොරොත්තු තියන්නද?”

උඹ තරුණ වැඩියි කොලුවෝ,. උඹලගේ වයසෙදි හැම කොල්ලෙක්ම හිතන්නේ තමන්ගේ ජීවිතේ බේරාගෙන තමන්ගේ පෙම්වතිය ගාවට යන හැටි, ගිහින් ඉතින් ඔන්න ඇයට පුරසාරම් දොඩනවා,. ඉන් පස්සේ උඹ කොයිතරම් නම් දක්ෂද කියලා  ඇය නුඹට හාද්දක් දෙනවා,. ඔන්න ඔහොමයි තරුණයන්ගේ වැඩ,.”

මම තරුණ කාලේ මමත් ඔහොමයි. කිව්වට විස්වාස කරන එකක් නෑ මටත් හිටියා ලස්සන කෙල්ලක්,. නූරි, ඇය මම එන තුරු බලා ඉන්නවා,. මම දු‍ටුව ගමන් ඈ ඔන්න කඳුළු හලන්න පටන් ගන්නවා,. ඔන්න කෙල්ලන්ගේ හැටි,. කඳුළු හලනවා ඇරෙන්නට වෙන මුකුත්ම ගැන ඔවුන් හිතන්නේ නෑ. ඉතින් මමත් ඇයව සනසනවා, සනසලා ඇගේ නලලට හාදුවක් දුන්නම, ඔක්කොම හරි කොලුවො, හරියට කුණා‍ටුවක් ඉවර වුන මුහුදක් වගේ ඇය නිසල වෙනවා,. එකම එක හාදුවක්, ඇය නිහඬයි,.”

සියුම් සිනාවක් සහිතව දොඩමළු වෙන කපිතාන් දෙස බලා සිටි ඔහුට යලිත් නිවස සිහි වන්නට විය,.

කපිතාන් දිගටම දොඩමළු වෙයි,

"නුඹ දන්නවද ඇය මට හැමදාමත් නැව් ගමනක් යනකොට දෙනවා ලේන්සුවක්,. ඇගේ මගේ නම් මහපු, දීලා මෙන්න මෙහෙම කියනවා,."

"ජෝන් මේ ලේන්සුව තියාගන්න, ඔයා ආයේ එන දවසක් වෙනකන් මේ ලේන්සුව ඔයාව ආරක්ශා කරාවි,. ඉතින් ගන්න,."

ඉතින් ඇය මොන දේ කිව්වත් මම අහගෙන ඉන්නවා,. කඹයකටවත් ගොඩදාන්න බැරි නැවකට ලේන්සුවකින් මොනවද කරන්න පුළුවන්. ඒත් ඇය ඒ හැමදේම විස්වාස කරා,. හැබැයි කොලුවෝ අද වෙනකන් ඇය කිව්ව දේ බොරුවක් වෙලා නම් නෑ,. ඇගේ ලේන්සුවක් අදටත් මගේ කබා සාක්කුවේ මම යන යන තැන ගෙනියනවා,.”

"ඉතින් ඇයි දැන් නූරි ඔබ ගාව නැද්ද? කුතුහලය නිසාවෙන්ම ස්මිත් එක්වරම එසේ අසන්නට වුනා,."

ඒක දිග කථාවක් කොලුවෝ,.

මෙසේ කියමින් කපිතාන් හරි බරි ගැසෙන්නේ ඔහුගේ ජීවිතයේ සංවේදීම පැතිකඩක් එළිදක්වන්නට බව ස්මිත්ට වැටහෙන්නට වුනා,.

CONVERSATION

22 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ඔන්න මං පළවෙනියා... ත්‍රාස්‍යජනක කතාවක් වගේ.. එහෙම කතා වලට මං ආසයි.. දෙවෙනි කොටසත් දාන්නකෝ බලන්න..

    ReplyDelete
  2. පරිවර්ථනයක් කියවන් යනව වගේ දැනුනෙ.අර උඩ තියන වචන දෙකක් එකතු කරල මෙහෙම කියන්නම්..
    කියල වැඩක් නෑ.. නියමයි !!!
    තවත් ලස්සන කතාවක ආරම්භය......

    ReplyDelete
  3. හරි ලස්සනයි...මටනම් දැනුනේ පරිවර්තනයක් කියලමයි...රණ රාළ / කොරල් දූපත වගේ එකක්...

    ReplyDelete
  4. මරු.. නැවු කතා වලට මං මාර ආසයි.. :D

    ReplyDelete
  5. මරු මරු දිගටම කථාව ලියන්න.

    ReplyDelete
  6. නියම කතාවක්. මාත් ආසයි ඔය වගේ කතා කියවන්න. මම් මුලින්ම හිතුවේ මේ කතාව පරිවර්තනයක් කියලා. ඒ උනාට මේක නංගිම ලියන කතාවක් කියලා හිතුනම සතුටු හිතුනා.

    ආහ්... මට අමතක උනා අපේ සිංහල ටීචර්ගේ දුව නේ. ඉතින් ලස්සනට ලියන එක අහන්නත් දෙයක් යෑ. :)

    ReplyDelete
  7. /* ජීවිතේ කියන දේ අවිනිශ්චිතයි. ඒත් ලබන්න පුළුවන් අත්දැකීම් නම් බොහොමයි,. බුද්ධිය විතරක් තිබුනට මදි, අත්දැකීම් ජීවිතේට ගේන්නේ එළියක්. බුද්ධිය කියන්නේ පහනක් නම් ඒකේ ආලෝකය අත්දැකීම්/*
    ඒ ටික නම් පට්ට පට පට... නියමෙටම ලියනවා අක්කි ... ඉතුරු ටිකත් ඉක්මනින්ම ලියන්න... මග බලාගෙන ඉන්නේ... ජයවේවා!!

    ReplyDelete
  8. හරිම ලස්සනයි ප්‍රාර්ථනා අක්කේ..ඉලග කොටසත් ඉක්මනට ගෙන්න..

    ReplyDelete
  9. ලස්සන කතාවක් බව දැනෙනවා.. දිගටම ලියමු... :)

    ReplyDelete
  10. ප්‍රර්ථනා අක්ක පටන් අරන් තින කතාව... මුහුදු මංකොල්ලකාරයෙක්ගේ කතාවක් ද? නැත්නම් ගවේෂණයක්ද? මරු මන් ආසම ස්ටයිල් එක. නමෙන්ම තෙරෙනවනේ...

    ReplyDelete
  11. තවත් ලස්සන කතාවක අාරම්භය! :) සුභ පතමි!

    ReplyDelete
  12. මුහුදෙං පටං ගත්තට කතාව යන්නෙනං වෙන පැත්තකට වගේ.බලමුකෝ.අනේ දරුවො මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.පුළුවන්නං නණලළ වගේම අනිත් මහප්‍රාණ අල්පප්‍රාණ අකුරු භාවිතය ගැන ටිකක් සළකා බලන්න.මටත් ලොකු අවබෝධයක් නෑ.ඒත් අපේ භාශාව ඩිජිටල් ලෝකෙත් අපි රැකගන්න බලමු.ජය වේවා!!!

    ReplyDelete
  13. ලස්සන ආරම්භයක් යාලුවා......ඉතුරු ටිකත් කියවන්න අපි බලාගෙන ඉන්නවා....

    ReplyDelete
  14. @dinesh අයියා- හ්ම්ම්.. ත්‍රාසජනක කථාවක්ම නෙවෙයි අයියා,. ස්තූතියි,.

    @තිශ් අයියා- ස්තූතියි අයියේ, මම ගොඩක් ආසයි පරිවර්ථන වලට, ඒ හින්දා වෙන්න ඇති ඒ වගේ ලියවුනේ,.

    ReplyDelete
  15. @සයුරි අක්කා- ස්තූතියි අක්කේ,. රණරාළ පොත මාත් ආසවෙන් කියවපු පොතක්,.ඒත් මගේ කථාව නම් ඒ තරමට හොඳ නෑ,.. :)

    @හාවා THe bUnny - ;) හෙ හෙ හෙ,.. :D

    ReplyDelete
  16. @මගේ සිතුවිල්ල- ස්තූතියි යාළු,.

    @මධුරංග අයියා- ගොඩක් ස්තූතියි අයියේ,. හෙ හෙ හෙ, හපෝ මට එච්චර හොඳට සිංහල බෑ,.

    ReplyDelete
  17. @අයේෂා නංගා- හෙ හෙ.. ස්තූතියි නංගියෝ,. ඉතිරි ටිකත් ඉක්මනටම දාන්නම්කෝ,.. :)

    @නිම්ශා- ඔයාටත් ස්තූතියි නංගෝ,.

    ReplyDelete
  18. @ලයාන්- ස්තූතියි යාළු,. :)

    @රහස් පරීක්ෂකයා- හ්ම්ම්ම්.. ඒ එකක්වත් නෙවෙයි වගේ මල්ලියෝ.. බලමුකෝ අන්තිමේ වෙන දේ,. ස්තූතියි..

    ReplyDelete
  19. @තනි අලියා- ස්තූතියි මල්ලි,.

    @දිනුක අයියා- හ්ම්ම්.. අයියා හිතන දේත් වෙන්න පුළුවන්,..
    ගොඩාක්ම ස්තූතියි අයියේ වැරැද්ද පෙන්නලා දුන්නට,. මම පුළුවන් තරමට ඒක නිවරැදි කරගන්න බලන්නම්,.

    @කුබුවි- ස්තූතියි යාළුවා,. :)

    ReplyDelete
  20. නව ප්‍රවේශයක්.වෙනස්ම විදියක ප්‍රවේශයක්.වෙනස් විදියේ කතාන්තරවලට කොහොමත් මමනම් කැමතියි.ගතානුගතිකව පැවතෙනවාට වඩා. ගොඩක් හොඳ ප්‍රවේශක් ගන්නවා කියන්නේ ඉදිරි කොටස නිවුටල් එකේ යන්න පුළුවන්..ගොඩක් ලස්සනයි

    ReplyDelete
  21. බොහොම ස්තූතියි ජනරඟ.. වෙනසක් කරන්න ඕනේ නිසාමයි මම මේ කථාව ලිව්වේ,. :)

    ReplyDelete
  22. හම්මා..අක්කියෝ කියලා වැඅඩක් නෑ.. කතාවනම් නියමයි..පරිවර්තනයක් වගේ දැනුනා,,පුදුම ලස්සනයි

    ReplyDelete

Back
to top