වීදුරු ජීවිත (කෙටි කථාව) 2 කොටස



කපිතාන්ගේ දෙනෙතේ කඳුළු කැට දෙකක් දඟ කරද්දි ඔහු ස්මිත් සමඟ ඔහුගේ කථාව කියන්නට වුනා,.

ඇය මට පෙම් කලේ මුළු හදවතින්ම,. ඇයට මාව නොබලා එක දිනයක්වත් ඉන්න බැරි වුනා, ඇය සුසුම් ලනවා, කඳුළු හලනවා,. මම ලඟ නැති හැම දවසකටම එක ලියුම ගානේ ලියලා ඒ හැම ලියමනක්ම මම ආවාම මට දෙනවා,. ඔන්න එහෙමයි ඇය මට පෙම් කරේ,. ඒ කාලේ ලෝකේ යුද්ධේ මුල් අවදිය,. අපේ ගම තිබුනේ ජර්මනියේ මෙහා කෙලවරක,. ඉතින් මම ඒ කාලේ පුහුණු නැවියෙක් විදියට රීටා නැවේ වැඩ කලා,. හුස්මක් කටක් ගන්න තරමටවත් නිවාඩුවක් අපිට තිබුනේ නෑ,. රටකින් තවත් රටකට ආයෙමත් ඒ රටට,. ඔහොමයි මගේ ජීවිතේ ගත වුනේ,. ඇය ගෙදරට වෙලා මම එනකන් බලාගෙන හිටියා,. අපි ඒ ගිම්හාන කාලේ විවාහ වෙන්නයි හිටියේ,.
ඉතින් මම නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ ඇගේ සුදු මුහුණ දැකගන්න,. ඇය කඳුළු හලන බව, මාව පතන බව මම දැනගෙන හිටියා,. 

ඉතින් එක දවසක් මම නැවේ වැඩ කරමින් ඉද්දී මට ආරංචියක් ආවා,. අපේ ගමට බෝම්බ ගහපු බව කියලා,. 
ඉතින් එදා තරමට මම බය වුන දවසක් තවත් නෑ, මගේ දෙමවුපියන්, ඇය , මගේ මුළු ජීවිතේම තිබුනේ මගේ ගමේ,. ආරංචිය ආව ගමන් මම නිවාඩුවක් දාලා ඊලඟ නැවෙන්ම මගේ ගමට ගියා,.
කිව්වට විස්වාස කරන්න කොලුවෝ ගම තනිකරම අමු සොහොන් පිටියක්.. හැම තැනම මහා වලවල්. ගෙවල් වල අත්තිවාරම් වත් හොයාගන්න තිබුනේ නෑ,. මම කෙලින්ම දුවගෙන ගියේ අපේ ගේ ලඟට, ගෙයක්??? හ්ම්ම්,... එතන ගෙයක් තියා ගෙයක් තිබුන බවට සලකුණක්වත් නෑ. ගෙදර අයට වුන දේ,.........

මම එතනම ඇඳගෙන වැ‍ටුනත් ආයෙමත් සිහිය අරගෙන ඇගේ ගේ හොයාගෙන ගියා,.
ඇගේ ගෙදරට එතරම් හානියක් නැති වුනත් මට මොකක්දෝ අමුත්තක් දැනුනා,.මලමිනී එකක්වත් අයින් කරලවත් නොතිබුන නිසා හිත හයිය කරගෙන මම ගේ ඇතුලට ගියා,.

ම්හ්ම්ම්.. කිසිම සලකුණක් නෑ,. ඒත් එක පාරම මම දැක්කේ ඇගෙත් මගෙත් නම මහපු ලේන්සුවක්,. දෙවියනේ,. ඇයගේ සිනිඳු අතකින් ඇය ඒ ලේන්සුව අල්ලගෙන හිටියා,. අනිත් අතේ මට ලියපු ලියුම් මිටියක්.,

මගේ පුංචි සුන්දරී මාව දාලා යන්නම යන්න ගිහින්,. ඇගේ උණුසුම් හාදු ආයෙමත් මට නොලැබෙන බව දැනගෙන මම අඬපු තරමක්,.
ඇගේ අන්තිම ලිපිය ඇගේ මුතු ඇට වලින් ලියවුන අන්තිම ලිපියේ තිබුනේ මෙන්න මෙහෙමයි,.

දයාබර ජෝන්,
පුංචි හඬකිනුත් ගැස්සෙන මගේ හිතට දැන් බයක් දැනෙන්නේ නැත්තේ ඇයිද මන්දා,. සමහරවිට ඔයා සතුටින් බව මම දන්න නිසා වෙන්න ඇති,. අපේ ගමට බෝම්බ ගහනවා, ඔයා ඉන්න තැනක සුවෙන් ඇති කියලා මම හිතනවා,. මේ මගේ අවසන් ලියමන වෙන්න පුළුවන්,. මේ ලේන්සුව,. හැමදාටම ඔයා ගාවින් තියාගන්න,. ආයෙමත් දවසක අපි අපේම වෙන තුරු සමුදෙන්නම් මම,.

මම  ඔයාගෙම ආදරණීය නූරි,.

මට වාසනාව දෙන ඇගේ ලේන්සුව අතේ තිබිලත් ඇයට ජීවිතේ බේරගන්න බැරි වුන හැටි,. ඉතින් එදා තරමට මම ඇඬුවේ නැතුව ඇති කවදාවත්,. ඔන්න ඔහොමයි මගේ ජීවිතේ ගෙවුනේ,. ඇගේ මතකයන් එක්ක මම ජීවත් වෙනවා,. ඇය මේ මහා සමුදුර වගේ, යන හැම තැනකම මා එක්ක ඉන්නවා,. ඉතින් කොලුවෝ,. කියපන් ජීවිතේ හරි පුදුමයි නේද?

පපුව තුල හිර වුන යමක් එලියට දමන්නට මෙන් දිගු හුස්මක් ගත් ඔහු නිමක් නොපෙනෙන මහා සයුර දෙස බලා ඉන්නට වුනා,. ස්මිත් කිසිම අරමුණකින් තොරව කපිතාන් දෙස බලා සිටියේ කුමක් කියන්නදැයි සිතාගත නොහැකිවයි,.

ඇත්තෙන්ම ජීවිතය පුදුමයක් නොවෙද? එදා නිවසට වී කුඩා කොළු ගැටයෙකු ලෙස සතුටින්  දිවි ගෙවූවද අද බාධක ‍රැසක් මැද ජීවිතය ජයගන්නට වෙර දරන තරුණයකු බවට ඔහු පත්වී ඇත,.
යළි යළිත් දඟර ගැසෙමින් පැමිණෙන සුළං ‍රැළි ඔහුගේ කෙහෙ‍රැලි අවුල් කරමින් සැඩ ලෙස හමා යයි,. දුපතක් පෙනෙනතෙක් මානයකවත් නොමැත,. මෙතරම් අවිනිශ්චිත වූ දිවියක් තුල ආසාවන් පොදි බැඳ ගැනීමේ කුමන ප්‍රයෝජනයක් වෙද? කපිතාන් පැවසුවාක් මෙන්ම ඔහුගේ නූරි මෙන්ම තමන්ගේ ඇනාවත් තමන්ට නැති වුවහොත්,. තමන්ගේ දෙමවුපියන් මිය ගිය හොත්,. එය සිහිවත්ම ඇඟ පුරා දිව ගිය විදුලියක් ඔහුගේ හදවත පසා කරගෙන වේදනාවක් බවට පත්වන්නට විය,. ඔව්,. ඔහුට කෑ ගසා අඬන්නට සිත් විය,. 

තාවකාලික ජීවිතයක සංකීර්ණත්වය????,. 

වීදුරුවක් වන් වූ මේ ජීවිතය බිඳී ගිය දිනෙක යලි යථා තත්වයට පත් කිරීමට ඔහුට හැකියාවක් ලැබෙන්නේද? නැත ,.. කිසිවෙකුත් එයට සමත් නොවේ,. ඉතින් කුමක්ද මේ ජීවිතය්න් ඇති ඵලය??
ඔහුගේ සිතට නැඟුන ඒ ගැටළුව ඔහුගේ මුවින් වදන් බවට පෙරලී පිටවුනේ කපිතාන් ජෝන්ගෙන් උපදෙසක් බලාපොරොත්තු වන නියාවෙනි,.

"ඉතින් නුඹ මට මෙහෙම කියනවා,නුඹ කොහොමද නූරි නැතුව එක දවසක්වත් ගෙවාගන්නේ,. මම නුඹ වුනා නම්,.. එදාම මගේ දෙමවුපියන් ගිය තැනට ගිහින්,. කොහොමද නුඹ මෙතරම් කලක් ඉවසාගෙන හිටියේ,."

විසල් වූ අහස් තලය මත ඉතා ඈතින් පියඹා යන රාජාලියෙකු දෙස බලා සිටි කපිතාන් ජෝන් සිය තියුණු දෑසින් ස්මිත් දෙස බැලුවේය,.

"ඔන්න කොල්ලෝ නුඹට වැරදුන තැන,. හිතාපන්, ඒක තමයි අපි මේකට ජීවිතය කියලා කියන්නේ,. ජීවිතය දිහා අපි බලන කෝණයයි වැදගත්, ජීවිතයක් බිත්තර ක‍ටුවකටත් වඩා ඉක්මනට බි‍ඳෙන්නත්, නැත්නම් ගලකටත් වඩා ශක්තිමත් වෙන්නත් බලපාන එකම දේ අපේ ආකල්ප විතරයි,. හිතපන්, අර රාජාලියා ගැන,. ඌ මේ නිල් අහස පුරාම තනියම කරක් ගහනවා,. තනියම ගොදුරු හොයාගන්නව,.උගේ ජීවිතය ‍රැ‍ඳෙන්නේ උගේම මහන්සිය මත,. රත්තරන් කූඩුවක දාලාහදන ගිරවෙක්ට වඩා දෙයක් මේ කුරුල්ලා මේ ලෝකය ගැන දන්නවා,. ඉතින් අර ගිරවට තමන්ගේ අයිතිකාරයා නැති වුන දවසක තනියම කෑමක් හොයාගන්න, තනියම ඉගිල්ලෙන්න පුරුදු වෙන්න පුළුවන්ද? බෑ,.. ඒත් රත්තරන් කූඩුවේ ඉන්නකන් ගිරවා හිතන්නේ තමන් සැප විඳිනවා කියලා. නුඹත් හරියට ඒ වගේ,. අම්මගේ තුරුල්ලට වෙලා, දෙන දෙයක් කාලා ඉන්න එක තමයි නුඹ ජීවිතය විදියට දකින්නේ,. ඒක වැරදියි කොළුවෝ,. ඔව්.. හොඳටම වැරදියි,. පුරුදු වෙයන්,. ජීවිතේ තනියම ගෙවන්න,. දූපතක තනි වුන තනි මිනිහෙක් වගේ හිතලා වැඩ කරපන්,. ආදරය කරපන්, යාළුවෝ ඇති කරගනින්,. ඒත් ඒ මතම යැපෙන්න එපා කොළුවෝ,. ඒ ඔක්කොම තාවකාලිකයි,. මේ ජීවිතෙත් තාවකාලිකයි,. ඉන්න ටික කාලේ දෙමවුපියන්ට ආදරය කරපන්,. ඒක හංගගෙන ඉන්න එපා,. ඇයට ඕනේවටත් වඩා ආදරය කරපන්,. නැත්නම් ඇය ගිය දාක පසුතැවෙන්න වෙයි,. හැමදවසක්ම ජීවිතේට අළුත් ආරම්භයක් කරගනින්,. එහෙමයි ජීවත් වෙන්න ඕනේ,. කඳුළු හල හලා ඉන්නවට වඩා බොඳ වුන ඇස් පිහදාලා ඉස්සරහ බලන එක හොඳයි,. කඳුළු වලින් බොඳ වුන ඇස් වලට නොපෙනුන පාරක් නුඹට දකින්න ලැබේවි,.”

පනස් පස් වියැති මේ මිනිසා ජීවිතය ගැන ලබාගත් අත්දැකීම් කෙතරම්දජීවිතය පාසලක් වැනි යැයි ප්‍රථම වතාවට ස්මිත්ට හැ‍ඟෙන්නට විය,. ජීවිතය ගැන නැවුම් බලාපොරොත්තු ඔහුගේ මනස තුල සටහන් වෙද්දී යලිත් වරක් දඟර ගැසුන සුළං ‍රැළි ලඟ එන කුණා‍ටුවක ලකුණු කියා පෑවේය,.

මුහුදු රළ ක්‍රම ක්‍රමයෙන් ඉහලට නැගෙද්දි කපිතාන් තැන යලිත් වරක් රුවල් ගොඩ බාන ලෙසට අණ කළේය,. රළ පෙළ වඩ වඩාත් ප්‍රචණ්ඩ වෙත්දී නැව් තට්‍ටුව මත වූ බැරල් එහේ මෙහේ පෙරලුනේ පුංචි ප්ලාස්ටික් බෝල ‍රැසක් එහෙ මෙහේ විසිර යන්නාක් මෙනි,. එක් වර පැමිණි මුහුදු රළකින් තමා බදාගෙන සිටි කුඹ ගස අත්හැරී ගොස් යමක සිය හිස වැදෙනු පමණක් ඔහුට මතකයේ ‍රැඳුණි,. සිහිසුන්ව ඇඳ වැ‍ටුන ඔහු සෙල්ලම් බඩුවක් මෙන් නැව් තට්‍ටුව මත පෙරළී යද්දී  රළ පහරට නැව වඩ වඩාත් වේගයෙන් පැද්දෙන්නට විය,.


CONVERSATION

19 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. මට අර සදරු අයියාගේ බ්ලොග් එකේ තිබ්බ කතාව මතක් උනා :(

    ReplyDelete
  2. ලස්සන කතාවක්! :)
    මොකද වෙන්නෙ කියල බලාන ඉන්නව! :)

    ReplyDelete
  3. ලොකු දුකක් හිතුනා....කවුරු ගැනද මංදා............

    ReplyDelete
  4. අපුරුයි...හරිම ලස්සනයි ප්‍රාර්ථනා අක්කේ...
    පරිවර්තනයක් හා සමානයි...

    ලස්සන ලියවිල්ලක් තියෙනවා ඔයාට..

    ReplyDelete
  5. ජීවිතයේ අභ්‍යන්තරික කාරණා ගැන කතාකරද්දි කොහොමත් සංවේදී සිදුවීම් ගණනාවක් තියනවා..ඒවා කතා මාතෘකාවෙද්දි පුදුම ආත්මීය රසයක් එනවා..බොහොම ලස්සනයි ප්‍රාර්ථනා අක්කේ

    ReplyDelete
  6. මටත් Bunnyට වගේ මතක් වුනේ සඳරු අයියගේ පොස්ට් එකක තිබුණු සුරවීර - මාලනී ආදර කතාව... :)

    ඇත්තටම ඇස්වහ කටවහ නෑ, අක්කි නියමෙටම ලියනවා..
    මට දැනුනේ හරියට රුසියානු කෙටිකතාවක් කියවනවා වගේ..
    පොතක් එහෙම පල කරන්න අදහසක් තියෙනවා නම් කියන්න..
    ඕනේ sup එකක් දෙනවා.. :) :) :)
    අක්කිට ජය!!

    ReplyDelete
  7. ලස්සන කතාවක්. අර සදරු මල්ලි ලියපු ගාමනි චිත්‍රපටියේ තිබ්බ කතාව මතක් උනා.මේ කතාවත් ඒතරමට දුක හිතෙන කතාවක්.

    ඒ වගේම මම් ආස කරනවා අර මනුස්සයා ඒ කොල්ලට දීපු අවවාද ටිකට. ඔයා ලස්සනට මේ කතාව ලියලා තියෙනවා.

    ReplyDelete
  8. මට මම් කියවපු පරිවත්‍රන කතා ටික සේරම එකපාරම මතක් කරලා දුන්න රටාවක් ලොකු නංගි !!!
    මේ රටාවත් මරු ඈ

    ReplyDelete
  9. මේ කොටසත් ආසාවෙන් කියෙව්වා ඔන්න....

    ReplyDelete
  10. කපිතාන් කොල්ලට දුන්න අවවාද ටික මාරම වටිනවා... මටත් ඔය ටික් මීට කාලෙකට කලින් අහන්න ලැබුනනම් කියලා හිතුනා..

    ReplyDelete
  11. @Bunny- හ්ම්,.. ස්තූතියි මල්ලියෝ..:)

    @තනි අලියා- ස්තූතියි මල්ලියා,.

    ReplyDelete
  12. @කුබුවි- හ්ම්,.. ඒ මොකද යාළු ඒ,.

    @නිම්ශා- ස්තූතියි නංගියෝ,.

    ReplyDelete
  13. @ජනරඟ- කියමු බලන්න මම ඔයාගේ අක්කා වුනේ කවදා ඉදන්ද කියලා :P ,..:)
    බොහෝමත්ම ස්තූතියි ජනරඟ,.

    @Ice- හ්ම්ම්,,.. ඒ කථාවෙත් තියෙන්නේ මෙයිට ටිකක් සමාන දෙයක් නේද නංගෝ,.

    බොහොමත්ම ස්තූතියි ඔයාට නංගියො,. හෙ හෙ, පොතක් ලියන්න දැනට නම් අදහසක් නෑ. බලමුකෝ පස්සේ කාලෙක,. :)

    @මධුරංග අයියා- මනුස්සයා කොල්ලට දීපු අවවාද මම මගේ ජීවිතෙන් ගත්ත දේවල් අයියේ,. ඒවා කාට හරි වැදගත් වෙනවා නම් ඒකම ලොකු දෙයක්,. ස්තූතියි ලොකු අයියේ,.

    ReplyDelete
  14. @සයුරි අක්කා- ස්තූතියි අක්කා,. :)

    @dinesh අයියා- හ්ම්ම්,,.. මමත් මේ හැමදේම ගත්තේ මගේ ජීවිතේ ගැන හිතලා,. ඇත්තටම අපි ගොඩාක් දෙනා ඔය වගෙයි අයියේ, ඒත් අපිට ඒ වැරදි තේරෙන්නේ කාලයක් ගියාට පස්සේ,

    ReplyDelete
  15. කපිතාන්‍ගේ අදහස් ටික නම් මසුරන්.මමත් හිතන්නේ මට නම් කාගෙවත් අනුකම්පාවක් ඕනේ නැ.ඇයි අපිට බැරි තනියම නැගිටින්න කියලා.

    ReplyDelete
  16. මට හිතුනා ලව් ස්ටොරියක්........ එල අක්කේ නොයමට යනවා..... කප්පිත්තා හොදට යයි නේ?

    ReplyDelete
  17. @බට්ටි- ස්තූතියි මේ පැත්තට ආවට,. ඇත්ත, අපිමයි ශක්තිය හොයාගන්න ඕනේ තනියම නැගිටින්න,.

    @රහස් පරීක්ෂකයා- ස්තූතියි මල්ලියෝ,. අපි බලමුකෝ වෙන දේ,. :)

    ReplyDelete
  18. ඉවරයිද??? මටනං පේන්නෙ ඉවරයි වගේ ඒත් 'නිමි' කියලා දාලා නෑනෙ.එළ කතාව හැබැයි.

    ReplyDelete
  19. හ්ම්ම්ම් දුක හිතුනා අක්කි...:( ඔයාගෙ ලිවීමේ හැකියවනම් උපරිමයි..ලස්සනට ලියලා.ඇත්තටම මට පොතකින් කියවනව වගේ රසයක් දැනුනා..ජය වේවා අක්කි

    ReplyDelete

Back
to top