෴ඉර හඳ යට෴ අවසාන කොටස





උදෑසනින්ම අවදි වී මගේ සියලුම වැඩ කටයුතු හමාර කොට අවසාන වතාවට දිනිතිව හමුවීමට යාමට මම ලක ලැහැස්ති වුනෙමි,. බස් රථය ගොඩ වූ පසුවත් මගේ හිතේ වූ දෙගිඩියාව පහව ගොස් නොතිබින.

ඇයව ප්‍රථම වතාවට හමු වූ දවසේ මෙන්ම මගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන්ගෙන ඇත.
පැවසූ ලෙසම ඇය පැමිනේවිද? ඇගේ හිත වෙනස් වුනොත්??? දහසක් ප්‍රශ්න මනසේ ඇති වුනත් බස් රථයෙන් බිමට බට මම ඇය හමුවීමට නියම කරගත් ස්ථානයට  පියමං කලෙමි,. .
ඇය වනවිටත් මා එනතෙක් මඟ බලමින් ඉන්නා බව මම ඈත තියාම දුටුවෙමි,

නපුරු, උද්දච්චකමින් හිස උදුම්මවාගත් නිසාම මට රිදවූ දිනිතිමද මේ??? 

අදහා ගත නොහැකි වුවත් ඇයම බව චාම් රෝස පැහැති සාරියෙන් මම හඳුනා ගත්තෙමි. සුන්දර වත යලිත් වතාවක් ඇය ප්‍රථම වරට මට ආදරය ප්‍රකාශ කල දිනයට මා ගෙන යන්නට සමත් විය, ඇය වෙනස් නොවූවානම් මතකයන් කෙතරම් සුන්දර වනු ඇද්ද? එසේ වූවා නම් ඇයගේ අසල සිටින පුංචි සිඟිත්තියගේ පියා මම වනු ඇත.ඇය මා දකින විට තාත්තා කියමින් මා දෙසට දුව එනු ඇත..

දෙනෙතට නැඟෙන කඳුළු මගේ ඉදිරිය බොඳ කරද්දී ඇයට නොපෙනෙන ලෙස මම ඉක්මනින් කඳුළු පිස දමා ගත්තෙමි,.

අන්න අම්මි, පසන් අංකල් එනවා,දැන් අපිට අයිස්ක්‍රීම් කන්න පුළුවන් නේද?”

පුංචි දියණියගේ සුරතල් කටහඬ මගේ සවනත වැකෙන විට දරාගත නොහැකි තරමේ පිය සෙනෙහසක් මගේ ලය තුල ජනිත විය. ඇය දිනිතිගේම දියනිය නිසාවෙන් වන්නට ඇත,.
දිනිතිත් මමත් පුංචි දුවනියත් තිදෙනාම අවන්හලකට ගොඩවැදුනේ අපට නිදහසේ කථා කිරීමට ඇති එකම ස්ථානය එය බැවිනි,.

අප දෙදෙනාටම කථා කිරීමට බොහෝ දේ ඇතත් දෙදෙනාගේම මුව ගොළුවී ඇත,.
ඇය පිළිබඳව වූ එක පැනයක් බොහෝ වේලාවක පටන් මගේ සිතට වද දෙන්නට පටන් ගෙන තිබින,.

"ඔයා මෙහෙම මගෙත් එක්ක කථා කරන එක ඔයාගේ මහත්තයටයි ඔයාටයි ප්‍රශ්නයක් වේවි නේද දිනිති"

එලියට පැනීමට දඟලන කඳුළු බිඳු සහිත දෙනෙතින් මා දෙස බැලූ ඇය දිග කථාවකට මුළ පුරන්නට අර අදින බව වැටහුන නිසාවෙන් මම කිසිවක් නොකියා නිහඬ වූවෙමි,.

"මට මහත්තයෙක් නෑ පසන්, කොටින්ම කිව්වොත් මම කසාද බැඳලවත් නෑ" ඉකිබිඳීමක් සමඟම ඇගේ කටින් පිටවුන වචන මා තැතිගන්වන්නට සමත් විය,.

"මොනවා දිනිති, එහෙම කොහොමද වෙන්නේ, එතකොට මේ දරුවා ඔයාගේ නෙවෙයිද?"

"දරුවා මගේ තමයි පසන්,. " යලිත් වරක් ඇගේ වෙවුලන කටහඬෙන් වචන ගලපාගත් ඇය පැවසුවාය.

දෙවියනේ, දිනිති, එහෙම වෙන්නේ කොහොමද? ඔයාට එහෙම වෙන්නේ කොහොමද? මට කියන්න දිනිති. ඔයාට කොහොමද එහෙම වුනේ,,”

මගේ පුංචි කෙල්ල, මේ තරමට දුකක් හිත තුල තද කරගෙන මේ පුංචි සිඟිත්තිය සමඟ තනිවම කෙසේ දිවි ගෙවන්නට ඇත්ද? පුංචි දෙයටත් ඇස් වලට කඳුළු උනන ඇය මේ තරම් දුකක් කෙසේ විඳදරා ගන්නට ඇත්ද?

ඔයාට මතකද පසන් මම අන්තිමට ඔයාව හම්බ වුන දවස, එදා ඔයාගේ වගේම මගෙත් ජීවිතේ තීරණාත්මක දවසක්,.”

ඇය කියන්නට යන කථාව එතරම් සුන්දර නොවූවද, මට වේදනාවක් ගෙනාවද ඇයගේ සිතේ වේදනාව අඩු වීමට නම් මම කථාව අසා සිටිය යුතු වේ,.

ඔව් දිනිති , ඔයාට කියන්න තියෙන හැමදේම මට කියන්න, මම අහගෙන ඉන්නම්..

"පසන් මම ඔයාට කිව්වා නේද ඔයාට මම වෛර කරනවා ඒකට හේතුව ඔයා මට වඩා ඉගෙනීමට දක්ශ බව කියලා, ඒත් දෙවියනේ,. ඒක ඇත්ත නෙවෙයි. මම ඔයා එක්ක ඉස්සර තරහින් හිටියේ හේතුව නිසා. ඒත්... ඔයා අපේ තාත්තගේ දානේ ගෙදර ආව දවසේ මට තේරුණා ඔයා මේ කිසිම දෙයක් හිතලා කෙරුව දේවල් නෙවෙයි නේද කියලා. ඊට පස්සේ මම ඇත්තටමයි ඔයාට ලං වුනේ පසන්. ඔයාට ආදරේ කරෙත් ඇත්තටමයි පසන්. ඔයා එක්ක ඉඳපු එක දවසක්වත් මම ඔයාට බොරුවක් කරලා නෑ පසන්."

"එහෙනම් ඇයි ඔයා මාව දාලා ගියේ, කියන්න දිනිති. ඇයි ඔයා එහෙම කරේ. ඔයා නිසා මට හැමදේම නැති වුනා කියලයි මම හිතුවේ, පහුගිය අවුරුදු 4 පුරාවටම මම මගේ හිත හදාගන්න පුළුවන් හැම දේම කරා. ඒත්.. දැන් ඔයා මේ මොකක්ද කියන්නේ. මට ආදරේ නම් ඇයි මාව අර විදියට අසරණ කරේ, කියන්න දිනිති, මට කියන්න.."

නොඉවසිල්ල හා දුක හේතුවෙන් මගේ දෙනෙතින්ද කඳුළු කඩා හැලෙන්නට විය. දිනිති මා හැර ගිය දිනෙන් පසුව මා කඳුලක් හෙලූ ප්‍රථම අවස්ථාව එය විය.

"ඒකට උත්තරේ ඔයාගේ ඉස්සරහ හිටගෙන ඉන්න මේ පුංචි කෙල්ල දන්නවා පසන්,."
සිය දියනිය පෙන්වමින් දිනිති පැවසුවාය,.

"මොනවා.. එතකොටත් ඔයා,....
දෙවියනේ, කොහොමද? ඔයාට කොහොමද එහෙම වුනේ,."

"මම ඔයාට කවදාවත් ද්‍රෝහී වෙලා නෑ පසන්, මට මෙහෙම කරපු කෙනා,. එයා අපේ ගමේම කෙනෙක්,. එයා නිසා මගේ ජීවිතේ නැති වෙන්න ගිහින් අපේ අම්මලා මාව බේරගත්තේ හරිම අමාරුවෙන්. මේ කිසිම දෙයක් මගේ කැමැත්තෙන් වුන දේවල් නෙවෙයි පසන්,."

ඉන් පසුව ඇය පැවසූ කිසිවක් වචන වලට පෙරලීමට මට හැකියාවක් නොමැත,. ඇගේ වේදනාව, දුක සියළු දේ මා ඉදිරියේ සෝදා හරින්නට මම ඇයට ඉඩ හැරියෙමි,.පුංචි මල් කැකුළක් ගැහැණියක් බවට පත් කල ඒ නරුම පාපතරයා මා දැන සිටියා නම්,...

ඒත් ඇයි දිනිති ඔයා මට බවක් කිව්වේ නැත්තේ, කිව්වා නම් අද අපි මේ විදියට දුක් විඳින්නේ නෑ,.”

ඔයාට බව කිව්වෙ නැත්තෙ ඔයා ගැන හිතලා දවස්වල තිබුන විභාගේ නාස්ති කරගනියි කියන බයට.කාගෙවත් වැරදි වලට ඔයාවත් මේ පුංචි කෙල්ලවත් වැරදි නෑ පසන්, මම නිසා තීරණය කරා මගේ මේ පුංචි සමනලීව හදාගන්න,. මොන අමාරුකම් ආවත් එයාව හොඳින් බලාගන්න,. මට සමාවෙන්න පසන්,. ඔයාව බලන්න නාවට, ඔයා ගැන හැම විස්තරයක්ම මම සමිත්ගෙන් දැන ගත්තා.. වෙනකොට සමිත් මේ හැමදේම ගැන දැනගෙන හිටියත් ඔයාට එක දෙයක්වත් නොකියන්න මම සමිත්ව පොරොන්දු කරගෙනයි තිබුනේ,. ඔයාට ඉස්කෝලෙක පත්වීමක් ලැබුන බව දැනගෙන හිටියත් මෙහේ කියලා මම දැනගෙන හිටියේ නෑ,. ඔයාව මුණු ගැහුනෙත් හරිම අහම්බෙන්,. කොහොම වුනත් මේ හැමදේටම වැරදි මමයි පසන්. මම නිසා ඔයාගේ මුළු ජීවිතේම අඳුරු වුනා. ඔයාව එදා අර විදියට දාලා යන්න වුන එක ගැන මම අදටත් පසුතැවෙනවා පසන්,. මට සමාවෙන්න. මම ඉල්ලනේ එච්චරයි., මම දන්නවා ඔයා කිව්ව විදියටම මම කරපු දේවල් වලට සමාව දෙන්න වටින්නේ නෑ... ඒත්.... ඒත් මම මොනවා කරන්නද පසන්.. මට තේරෙන්නේ නෑ..

ඇය යලිත් වරක් ඉකිබිඳින්නට පටන් ගත්තාය..

අවසානයේ, මා කිසිදිනක නොසිතූ දෙයක් සිඳුවී ඇත, ඇය කෙතරම් මට ආදරය කර ඇත්ද? ඒත් මම,... පහුගිය වසර කීපය පුරාවටම ඇයගේ මතකයන්ට සාප කරමින් විඳෙව්වෙමි. ඒත් ඇයව අමතක කිරීමට මට නොහැකි වූවා සේම, ඇයද මා ගැන සිතමින් කාලය ගතකොට ඇත.
ඇය කෙතරම් ශක්තිමත්ද?

එතකොට දැන් ඔයා මොකද කරන්නේ දිනිති, ඔයා ඊට පස්සේ කැම්පස් ගියේ නැද්ද?”

මම ඔයාට මෙච්චර වරදක් කරලා මම කොහොමද පසන් ආයේ ඔයා නැතුව කැම්පස් යන්නේ. ඊටත් අපේ අම්මලා කැමති වුනේ නෑ මාව ආයේ කැම්පස් යවන්න මම ඉන්න තත්වේ නිසාම. ඉතින් මමත් ඔයා වගේම ගුරු පත්වීමකට ඉල්ලුම් කරා, මම උගන්නනේ පේරාදෙනියේ ඉස්කෝලෙක,. එදා මම ඔයාලගේ ඉස්කෝලෙට ආවේ චූටි දුව ඊලඟ අවුරුද්දේ ඉස්කෝලෙට දාන්න ඕනේ ලියකියවිලි වගයක් අරගෙන යන්න,. ඒත් ඔයා දැක්කම මට ඔක්කොම අමතක වුනා, හැමදේම දමලා ගහලා ආපු ගමන්ම ආයේ ගියේ ඒකයි,. මට සමාවෙන්න පසන්.. ආයෙමත් මම ඉල්ලන්නේ එච්චරයි,.”

කඳුළු බිඳු ඇයගේ දෙකොපුල් දිගේ ගලා යද්දී ඇයවත් සිඟිති දියණියවත් තුරුළට ගත් මම ඇති තරමින් කඳුළු හෙලුවෙමි,. ඔව් මේ මගේ නව ජීවිතයේ ආරම්භයයි. මගේ දිවියේ අවසානය සනි‍ටුහන් කල ඇයම යලිත් නවමු ආරම්භයක් ගෙන එමින් මගේ ඉදිරියේ සිටින්නීය. යලිත් වතාවක් මම ඇයට මා හැර දමා යන්නට ඉඩ නොදෙන්නෙමි,.ඒ බැව් සිතාගෙනම මම සිඟිති දියනියව ඇමතුවෙමි,.

"චූටි දුව,.ඔයා දන්නවද ඔයාගේ තාත්තා කවුද කියලා,"
මේ මල් කැකුළ තමන්ට වුන අසාධාරණකම් ගැන මොනවා දන්නවාද? තමා පියෙක් නැති දරුවෙකු බව ඇයට වැටහෙන කලෙක ඇය කුමක් සිතාවිද? 

"නෑ පසන් අංකල්, අම්මි නම් කිව්වේ තාත්තී අපිට ගොඩාක් ඈතයි කියලා,."

සිඟිත්තිය තොඳොල් බසින් දොඩන්නීය,. දෙනෙතට නැඟුන කඳුළු පිස දැමූ මම යලිත් ඇයව ඇමතුවෙමි,.

"නෑ චූටි දුව, දැන් තාත්තී ඔයාට ඈත නෑ,. තාත්තී ආයේ ඔයාව දාලා කොහේවත්ම යන්නේත් නෑ, හොඳද,"

"එතකොට පසන් අංකල්, ඔයාද මගේ තාත්ති,"
සිඟිත්තිය දෑස් ලොකු කරමින් මා දෙස බලා අසන්නීය,.

"ඔව් පැටියෝ, මම ඔයාගේ තාත්තී,දැන් තාත්ති ආවනේ ඔයාව දාලා ආයෙමත් කොහේවත්ම යන්නේ නෑ හොඳේ,. "

මෙය ඇසුන විගසම හඬමින් සිටි දිනිති කඳුළු පිසදමමින් මා දෙස බැලුවාය,.
ඇගේ දෙනෙත් තුල වේදනාව වෙනුවට ආදරය ගැබ් වී ඇත, සිය දියනිය සමඟ මට තවත් තුරුළු වෙමින් ඇය යලිත් අඬන්නට පටන් ගත්තාය.

"හුරේ, තාත්ති ආවා, මම දැනන් හිටියා ඔයා කොහේ හරි ඉඳන් මාව හොයාගෙන එනවා කියල,. මම ඔයාට ගොඩාක් ආදරෙයි තාත්තී,."

ඇගේ සතුට මගේ මුළු ලොවම එළිය කරන්නට සමත් වනු නොඅනුමානය,. 
ඉන් එපිටට සිදුවූ කිසිවක් වදන් වලින් ගැලපීමට මම සමතෙක් නොවෙමි. යලිත් ආදරය නොකරන්නට ගිවිසගත් මම යලි ආදරය කරන්නට පටන් ගෙන ඇත, ඒත් ඒ ආදරය ලබන්නිය එදා සහ අද දෙකෙහිම නොවෙනස්ව සිටින්නීය,.


මා තනිව ගෙවූ මගේ ක‍ටුක ජීවන ම‍ඟෙහි  අවසානය මෙය වුවද මගේ ජීවිත ගමන් මගේ ආරම්භක පියවර අදින් ආරම්භ වෙයි,.එය සැපවත් එකක් වූවද නොවූවද මට කම් නැත,. මගේ ආදරය මා සමඟ වේ, මගේ පුංචි දියනිය හා ඇය මගේ ලෝකයයි,. ඉතින් සමුගන්නෙමි මම ,. 

මෙතුවක් කල් මගේ දුක සතුට බෙදාගත් ඔබ සැමට තුති,.
**************************************************************

කොටස් අටක් පුරාවට ගලාගෙන ගිය පසන්ගේ සහ දිනිතිගේ ආදර කථාව මෙසේ නිමා වන වගයි,.
කථාවේ ඔබ නොදුටු පැති ගෙන එන පසුවදනක් සමඟින් යලිත් හමු වෙමු,.මා ඔබගේ බලාපොරොත්තු බිඳ දැමුවාදැයි මම නොදනිමි,. නමුත් සත්‍ය වශයෙන්ම මෙවන් වූ මිනිසුන් ගැවසෙන සමාජයක අප ජීවත් වන බව පමණක් අවසානයේ සිහි කරන්නට කැමැත්තෙමි,. 



CONVERSATION

13 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. කාරණා කීපයක් මතක් උනා!
    එකක් තමයි අපි නොදන්න දේවල් තියන බව!

    අනිත් එක ඔය අපේ ජනාධිපති කෙනෙක්ගෙ ජීවිත කතාව! එයා විභාගෙ පාස් උනෙත් පිනට, නෝන හම්බඋනෙත් පිනට, ජනාධිපතිකම සෙට් උනෙත් පිනට! හරියට පසන්ට දිනිති ව ලැබුන වගේ! :D

    ලස්සන කතාවක් අවසන් උනා නේ! :(

    ReplyDelete
  2. ලස්සන කතාව... හරිම ලස්සනට ඉවර වෙලා තියෙනවා. පසන් වගේ කොල්ලො හැමතැනම ඉන්නවා නම් කොච්චර හොදද... :))

    ReplyDelete
  3. හරිම ලස්සනයි අක්කි... හරි පුදුමයි.. ජීවිතේ කාලෙකදි නොලැබුනු සමහරක් දේවල්,පහු ව්එලා හරි අපිව හොයාගෙන ඇවිත් ජීවිත වෙනස් කරන්න පුළුවන්.. හරිම අපූරුයි... හැබෑවටම මෙහෙම වෙනවනම්...

    මෙහෙම බෝසත් කොල්ලො, පිරිමි ලෝකෙ හරි අඩුයි අක්කි...ඒ අතින් පසන් ශ්‍රේෂ්ඨ පිරිමියෙක්....

    අක්කි පසු වදනින් හමුවෙමු..!!! තවත් ලස්සන කතා දිගටම ලියන්න. සුභ පැතුම්...!!

    ReplyDelete
  4. දිනිති පසන්ට වෛර නොකරනවා කියලා මට දැනුනා.. ඒකයි මං ඔයාට කලින් කොටසදිත් කිවුවේ ඒ වෙනසට වෙනත් හේතුවක් දෙන්න එපා කියලා.. ඒත් ඒ හේතුව මෙහෙම වේවි කියලා මං හිතුවේ නෑ..

    කතාව ඉක්මනින් ඉවර නොවී තව ටිකක් ගලා ගියානම් ලස්සනයි කියලා මට හිතෙනවා.. කොහොම උනත් කතවනම් ගොඩක් ලස්සනයි නංගී.. තව කතාවක් ලියන්න..

    ReplyDelete
  5. හිතුවෙවත් නැති විදියේ සතුටු හිතෙන අවසානයක්...හරිම ලස්සනයි...

    ReplyDelete
  6. @ශානු- හ්ම්ම්.. :)

    @තනි අලියා- හ්ම්,. ස්තූතියි මල්ලි,. :)

    @නිසුපා අක්කා- ස්තූතියි අක්කේ,. පසන් වගේ කොල්ලෝ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා,. මම අහලා තියෙනවා ඒ වගේ කථා,.

    @හිතූ නංගා- ස්තූතියි නංගෝ,. ඇත්ත මෙහෙම කොල්ලෝ වගේම මෙහෙම කෙල්ලොත් අඩුයි,. ඒත් නැත්තෙමත් නෑ නංගෝ,.

    @- ඔව් අයියේ මම හිතුවා ඔයා ඒක තේරුම් අරගෙන වෙන්න ඇති කියලා,. මට ඕනේ වුනේ වෙනසක් කරන්න,. ගොඩාක්ම ස්තූතියි අයියේ,.

    @සයුරි අක්ක- ස්තූතියි අක්කේ,.:)

    ReplyDelete
  7. හ්ම්ම් ඇත්තටම විඳින්න පුළුවන් ලස්සන කථාවක් ප්‍රා.. ආරම්ඹයේ ඉඳන් අවසානය වෙනකන් කරපු වෙනස්කම් ගොඩක් ලස්සනයි..All the Best!!!! :))

    ReplyDelete
  8. ගොඩාක්ම ස්තූතියි ආශා,. :)

    ReplyDelete
  9. හරිම ලස්සනයි අක්කියෝ.. තවත් එකක් ඕනේ ඉක්මනටම හොඳේ? :D

    ReplyDelete
  10. මෙහෙම ඉවර වෙයි කියලා හිතුවෙම නෑ. ලස්සනයි.

    ReplyDelete
  11. @red නංගා- ස්තූතියි නංගෝ,. අනිවාර්යෙන් ලියන්නම් තව කථාවක්,.

    @මන්තරකාරී- ස්තූතියි. හැමෝම හිතුවේ වෙන විදියකට ඉවර වෙයි කියලා යාළු,. වෙනස හොඳ විදියකට වුනා නම් ඒක තමයි මගේ බලාපොරොත්තුව,. :)

    ReplyDelete
  12. බොහෝම වෙනස් විදියකට ඉවර වෙලා තියෙන්නේ...
    හැඟීම්බරයි...
    සියල්ලෝම සතුටින් විසිර ගියහ..

    ReplyDelete

Back
to top