මහ වැස්ස ඔබ



ඇඳ හැලෙන දහස් ගනනක වැහි බිඳු
ඔබේ කටහඬින් මුමුණනවා මට,
ආදරෙයිලු දිවි ඇති තුරාවට,
කඩා හැලෙනා ඒ වැහි බිඳු
මගේ සිරුරත නහවමින්
ගලා යන විට,.
වැහි බිඳක් බිඳක් පාසා
මගේ නලලත සිප ගන්නා විට,
මේ වැටෙන වැස්සට,
රහසක් කියන්නද මම,..
මේ වැහි බිඳු වැටෙන තුරු
මඟ බලා පාළුවෙන් ලතැවෙන,.
මහ පොළොව වෙන්නම් මම,.
හැමදාම ආදරේ වැහි බිඳු ගෙන
ඇද හැලෙනවාද නුඹ,..
මහ වැස්ස ලෙස,.
ඒ වැටෙන වැස්සට
මේ පිපාසිත මිහිකත
සාගත කොතෙක් ආවද,.
ආදරෙයි හැමදාම එක ලෙස,.. 



උදේ ඉදන් එක සීරුවට නැවතිල්ලක් නැතුව හැමදාමත් ඇද හැලෙන මේ වැස්සට මම ආදරේ කරන්න පටන් අරන්,. වැහි බිඳු වැටෙන හඬට ඇස් දෙක වහගෙන ඇහුම් කන් දෙනකොට දැනෙන්නේ හරිම සුන්දර හැඟීමක්,. 

ඔයත් හරියට ඒ වගේ,. හැම මොහොතකම මගේ ජීවිතයට එක් කරන්නේ අළුත්ම පැහැයක්,අළුත්ම හැඟීමක්.. සතුට කඳුල , දුක සුසුම, පාළුව තනිකම දැනෙන හැම වෙලාවකම මගේ හිතට 
ඔයාවම මතක් වෙන්නේ කොහොමද මන්දා,.


එකින් එක වැටෙන වැහි බිඳු දිහා ගෙදර ජනේලේ ගාවට වෙලා බලන් ඉඳ්දී ජනේලය අතරින් එන හීන් හිරිකඩක් මගේ ඇඟේ වැදෙද්දී සියුම් සීතලක් එක්ක හිත කිතිකැවෙද්දි දොර ඇරගෙන එළියට දුවන්නේ මේ හිත හිතුවක්කාර වැඩි නිසා වෙන්න ඇති,. 
වැස්සේ තෙමෙද්දී සීතලේ ගැහෙද්දී ඒ දැනෙන හීතල මුළු ඇඟම දවාගෙන ඇතුලට කාවද්දිදිත් ඒ සීතලට වෙවුල වෙවුල වැස්සටම වෙලා ඉන්න හිතෙන්නේත් මේ හිත හිතුවක්කාර නිසා වෙන්න ඇති,.

ඔව්,.. මම හිතුවක්කාරයි,. මගේ හිත ඊටත් වඩා හිතුවක්කාරයි,. ඉතින් මේ හිතුවක්කාරී කරන කියන හැමදේම දැන දැනත් සද්දයක් නැතුව ඉන්න 
ඔයත් හරියට මේ වැස්ස වගේ,. එක පාරට කඩාගෙන හැලෙන,. දැවෙන මගේ හිත නිවන,. සුන්දරම වැස්සක් වගේ,.

ඉතින් මේ හිතුවක්කාරී ආසයි මේ මහ පොළව වෙන්න,. 
ඔයා එනකන් හැමදාම මඟ බලාගෙන ඉන්න මහ පොළව වෙන්න,. සැරෙන් සැරේට පුංචි වැහි වගේ කඩන් වැටෙන්නේ නැතුව මුරුගසන් වැස්සක් වෙලා  
ඔයා එනවා නම්,. සාගත කොච්චර ආවත් මේ හිතුවක්කාර මහ පොළවට කමක් නෑ,. වේලිලා ඉරි තැලිලා කොයිතරම් වේදනා දුන්නත් ඔය වැස්සෙන් එක බිඳුවක් හරි මේ පොලව සිප ගන්නකොට දැනෙන හැඟීම ඔයා දන්නවා නම්,. මුරුගසන් වැස්සක් එනකන් මේ පොළව බලා ඉන්න තරම ඔයා දන්නවා නම්,. 

හ්ම්,....
දවස ගානේ ලිව්වත් ලියවෙන්නේ නැති කවි සිතුවිලි ගාව හිත අතරමං වෙලා,. ඉතින් ඔයා ගැන ලියන්න වචන ගලපන්න මට බෑ,. මේ හැමදෙයක්ම මගේ හිතට මහා වැස්සක් වගේ කඩා හැලෙන, ඔයා වෙනුවෙන්මයි,. 


මේ වීඩියෝ එක මගේ පළවෙනි උත්සාහය ,හොඳයි කියලා හිතනවා නම් ඒ ගැනත් කියලා යන්න,. 



CONVERSATION

26 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. wassanayata atha wanala imu maga balan..uddyanaka kelawarata vi
    oba athin idan innawaa raththaran man gavinma unusum noii....
    lassana adahasaka prarthana.... sithla pini bidu oyage muhuna siba mulu gathama sithala karaddi..oyawa unusum karanna prarthana prarthana karana kena lagadeema oyawa soya enawa.... .mama eekata godaaaaak suba pathanawa....mata hodatama viswasai eya me hama kaviyakma nihadawa vidinawa

    ReplyDelete
  2. වැස්සට මමත් ආදරෙයි.....

    හිරිපොද වැස්සක් වැටෙද්දී කඳුකරේ පැත්තක කුඩයක් ඉහළගෙන ඇවිදගෙන යන්න මට ලොකු ආසාඅවක් තියෙනවා. ඒත් තාම කරන්න බැරි වුනු එකයි දුක :(

    කොහොම නමුත් වැස්ස ගැන කියද්දී මතක් වෙන සිංදු දෙකකුත් තියෙනවා. එකක් තමා Colonial Cousins ලගේ Indian Rain song එක.

    http://www.youtube.com/watch?v=49rRK8slUaY

    අනික තමයි Lakeer ෆිල්ම් එකේ Paigham එක.

    http://www.youtube.com/watch?v=hODao2WnKsk

    ඒ දෙකම පුලුවන් නම් අහලා බලන්න ඇස් දෙක පියාගෙන. වැස්ස කියන එක සංගීතයෙන් මතු කරන්න ඒ සිංදුවල සංගීත අධ්‍යක්ෂවරුන්ටත් හැකිවෙලා තියෙනවා.....

    වීඩියෝ එකත් හොඳයි :))

    ReplyDelete
  3. හරිම ලස්සනයි අක්කියෝ.... හිත කිති කැවිල යනවා මේ වචන ටිකට.මෙන්න බොලේ ,මගේ නමත් තියෙනවා..;) සංතෝසේ බෑ... හරිම ලස්සන හැගීමක්, අදහසක් අක්කියෝ.. හිත ඇදිලා යනවා...

    ReplyDelete
  4. අහ් කියන්න අමතක වුනා. ලස්සනම ලස්සන වීඩියෝ එකක් අක්කි.. එක හරි අපුරුයි

    ReplyDelete
  5. ලස්සනයි.. ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
  6. හරිම ලස්සනයි අක්කි..
    එයා දැක්කොත් නම් සන්තෝසේ ඉහ වහා යාවි..

    ඔයාට ඉක්මනටම වස්සානයේ තනියම ඉන්න වෙන එකක් නැ මගේ අක්කියෝ..
    ජය වේවා...

    ReplyDelete
  7. ලස්සනයි අක්කෙ! (අදහස් හා වීඩියෝව :P :) )

    ReplyDelete
  8. වහින එක නම් නියමයි.
    ඒත් මේ ලිපියේ වැස්සට කියලා කියන්නේ ප්‍රධාන චරිතය නෙමේ. වැස්ස උපමා කරලා තියෙන්නේ වෙන කෙනෙකුට.
    ඔන්න ඔහොමයි මට හිතුනේ :)

    ReplyDelete
  9. ලස්සනයි අක්කි.මම හුගක් පරක්කු වෙලානෙ මේක දෑක්කෙ.මම හිතන්නෙ ඔය අයියණ්ඩි අක්කටත් ආදරෙයි.

    ReplyDelete
  10. වැඩි කතා ඕනේ නෑ ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
  11. වීඩියෝ එක ඇත්තටම ලස්සනයි නංගියෝ....

    ReplyDelete
  12. @ශයන්ග- ස්තූතියි යාළු, එයා මේවා විඳින්න මේවා දකින්න ඕනේනේ,. ඒත් ,. එයා මේවා දකින්නේ නැතුව ඇති,. හ්ම්ම්..
    ගොඩාක්ම ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනාවට,. :)

    @Hasitha- ඇත්තටම ඒ සිංඳු දෙක හරිම ලස්සනයි. මම ඇහුවා,. වැස්සත් හරියට ලස්සන සිංඳුවක් වගේ තමයි සහෝ,. ස්තූතියි,.

    ReplyDelete
  13. @හිතූ නංගා- හෙ හෙ.. ඒකනේ මම ඔයාට කිව්වේ මම ඔයාගේ නමත් ටිකක් හොරකම් කලා කියලා,. ගොඩාක්ම ස්තූතියි නංගෝ,.

    @නිම්ශා- ස්තූතියි... :)

    ReplyDelete
  14. @Red - එයා දැක්කොත්,. අම්මෝ,. එයා දැක්කොත් මට නම් යන්න තැන් නැති වෙනවා,. :)
    ගොඩාක්ම ස්තූතියි නංගෝ,. අපි බලමුකෝ,.

    @තනි අලියා- ස්තූතියි මල්ලි,. :)

    ReplyDelete
  15. @මධුරංග අයියා- මමත් හරි ආසයි වැස්සට අයියේ,. හ්ම්ම්.. වැස්ස උපමා කරලා තියෙන්නේ එයාට තමයි,.

    @හිමා නංගා-මාත් එහෙම හිතනවා නංගෝ,. ගොඩාක්ම ස්තූතියි

    ReplyDelete
  16. @ADK- ස්තූතියි, කාලෙකින් මේ පැත්තේ ඇවිත්,. :)

    @Dinesh අයියා- ස්තූතියි අයියේ..:D

    ReplyDelete
  17. බොහොම අපූරුයි..නිර්මාණ දෙකම..ඔබ තුමියගේ කලින් වීඩියෝවක් මම දැක්කා(ගාල්ල බ්ලොග් හමුව ගැන නිමවුනු) ඒ උත්සහය ගැන අවංකව සතුටුයි.. ඒ වගේම මේ ලිපියත් ගොඩක් ලස්සනයි..

    මේක කියවද්දි මේකෙ තියන..මම මහපොලව වෙනවනම් කියන කොටස කියවද්දි මට මතක් වුනේ මගේ මිතුරෙක් ලියපු ගීතයක කොටසක්..ඒකෙ අහිංසක යුවතියකට තරුණයෙක් කියනවා...

    බිම බලන් ගමන් යන සොඳුරී
    මම මහ පොළව වුනා නම්
    නුඹ නෙත් දකීවි නුඹ පතනා
    මේ හිනාව හැබැහින්..

    ගොඩක් ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
  18. කාලෙකින් මේ පැත්තේ ආවට ගොඩාක්ම ස්තූතියි ජනරඟ සහෝ,.
    ඇගයීමටත් ස්තූතියි,. විවේක කාලය ඵලදායීව යොදාගන්න ගත්ත පොඩි උත්සාහයක් මේ,.
    ඒ වගේම කියන්න ඕනේ යාළුවගේ ගීතය නම් හරිම නිර්මාණශීලියි,. :)

    ReplyDelete
  19. ලස්සනයි. ඔය වැස්ස තවමත් සද්ද නැතුවද වහින්නෙ?? ;)

    ReplyDelete
  20. ඔව්නේ අනේ,.. හිටපු ගමන් පුංචි පුංචි සද්ද දානවා.. ඒත්.. හයියෙන් වහින්නෙ නෑ,. :)

    ReplyDelete
  21. මහ වැස්සේ.. සීතල මහ වැස්සේ
    පොද අස්සේ... සීතල වැහි පොද අස්සේ
    බොඳවුනාද... පෙම්බර මගෙ හීනේ...
    අලු අහසේ...දුර ඇති දේදුන්නේ
    පාට අරන් පායයි...අයෙත් මගෙ හීනේ
    පෙම්බර මගෙ හීනේ...

    ReplyDelete
  22. හරිම ලස්සනයි අනන්තය, බොහොම ස්තූතියි මෙ පැත්තේ ගොඩ වැදුනට,.

    ReplyDelete
  23. හැමදේම හරිම ලස්සනයි.. හැමදේම.

    ReplyDelete

Back
to top