෴එකම රුව ඔබ෴




ගං දෑල උමතුවිය
නැඟුන සඳ එළිය මැද,
ගං දියෙහි ඔබේ රුව 
මැවුණ කල මා සබඳ,.


‍රැහැයි නද නිසල විය
මා නමින් ගී ගයන,
නැඟුන කල ඔබේ හඬ
නිදිබරිත රෑ කලෙක,.


තඹරු පෙති කෝල ලෙස
ඉඟි කලා මට මිතුර,
ඔබේ ඔය හිනැහෙනා
මුව මඬල දැක ගොළුව,. 


ඔබ තරම් සොඳුරු වූ
වෙනත් කිසිවෙකුත් වෙද
මගේ දෙනෙත් මත ඇ‍ඳෙන
එකම රුව ඔබම විට,..




CONVERSATION

18 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. lassanaiii....... :D godak asai mekata...

    ReplyDelete
  2. හැමදාවත් වගේ අදත් ගොඩක් ලස්සනයි! :) (කවිය අෑ :D)

    ReplyDelete
  3. ඔබ තරම් සොඳුරු වූ
    වෙනත් කිසිවෙකුත් වෙද
    මගේ දෙනෙත් මත ඇ‍ඳෙන
    එකම රුව ඔබම විට,..


    මම ආසම මේ පද පෙළට.:) හරිම ලස්සනයි අක්කියෝ..ආදරේ උතුරනවා..:)

    ReplyDelete
  4. ඔබට හිතේ මැවෙන දෙයක්ද ? නොමෙතිනම් මවාගන්නා දෙයක්ද?

    ReplyDelete
  5. කැම්පස් පටන් ගත්තනේ ... ආයි ඉතින් ඔහොම හිතෙන එක ඉතින්...... නේ අක්කේ..

    ReplyDelete
  6. දෙනෙත් මත රැදෙන එකම රුව එයා කියලා අපි දන්නවා. අපි බලාගෙන ඉන්නේ ඒ රුව නංගිගේම වෙන්නේ කවදටෙයි කියලා. එදාට අම්මාපල්ල මම් පාටියක් දානවා !!! :)

    ReplyDelete
  7. එකම රුවයි ඇස්දෙකේ මැවෙන්නේ..
    හඳපානකදී වුනත් ඉරපාන යට උනත්
    ජීවිතයට ඒ එලියම ඇති
    ජීවත් වෙන්න හැබැහින්ම..

    ගොඩක් ලස්සනයි යාළුවා...

    ReplyDelete
  8. ලස්සන කවි පෙලක් නංගී..

    නුඹයි ඒ රුව මා දෑස සොයන
    නුඹයි ඒ සිහිනය මගේ නින්ද පතන
    නුඹයි ඒ උණුහුම සීතල මගේ ගත සොයන
    නුඹයි ඒ ආදරය මගේ හිත සොයන..

    ReplyDelete
  9. @Red නංගා- හ්ම්,.. අද ඔයා තමයි නංගෝ පළවෙනියා,. :)
    ස්තූතියි නංගා,. :)

    @තනි අලියා- ස්තූතියි මල්ලියා,.

    @හිතූ නංගා- ස්තූතියි මගේ නංගියෝ,. මගේ දෙනෙත් මත ඇඳෙන එකම රුව,. හ්ම්ම්,.. ඒත් දකින්න දුරයිනේ මේ දවස් වල නම්,. ;)

    ReplyDelete
  10. @Sanoj -හිතේ මැවෙන දෙයක් නෙවෙයි සහෝ මේ යථාර්ථය පද පෙළකට ගැලපීමක්,.

    @රහස් පරීක්ශකයා- අපිට තාම නෑ මල්ලියො,. හෙ හෙ.. ඔයා දන්නවනේ මේ අක්ක ගැන ඉතින්,. :) ;)

    @මධුරංග අයියා- ස්තූතියි අයියා, අම්මො මරු එහෙනම් මධුරංග අයියා ගානේ අපිට පාටියක්,. හුරේ, ජය වේවා!!!

    ReplyDelete
  11. @ජනරඟ- හ්ම්ම්,,.. ඔව් ඇත්ත,. බොහොමත්ම ස්තූතියි යාළුවා,.

    @Dinesh අයියා- අයියගේ කවි හැමදාමත් වගේ හරිම ලස්සනයි අයියේ,. බොහොමත්ම ස්තූතියි හැමදාමත් ලස්සන කවි බෙදාගන්න එකට,.

    ReplyDelete
  12. කවිය ගැන කියන්න කලින් හිතෙන්නේ දාල තියෙන ෆොටෝ එක ගැන..:)
    නියමෙට ගැලපෙනවා ලස්සන ආදරේකට..
    "ඔබ තරම් සොඳුරු වූ
    වෙනත් කිසිවෙකුත් වෙද
    මගේ දෙනෙත් මත ඇ‍ඳෙන
    එකම රුව ඔබම විට,.."
    ගොඩක් ලස්සනයි අක්කියෝ..

    ReplyDelete
  13. ගොඩාක්ම ස්තූතියි මල්ලියා. මාත් හරිම ආසයි මේ ෆොටෝ එකට,.

    ReplyDelete
  14. මේ කියල තියෙන්නේ අර තරු ඇස් වලයි, ලස්සන හිනාවෙයි අයිතිකාරයා ගැන වෙන්න ඇති නේද අක්කියෝ? ලස්සනම ලස්සනයි.. :) :)

    ReplyDelete
  15. ;) හ්ම්ම් හ්ම්ම්... හෙ හෙ.. එයා ගැන ඇරෙන්න වෙන කවුරු ගැන ලියන්නද නංගියෝ,. ගොඩාක්ම ස්තූතියි,. :D

    ReplyDelete
  16. හ්ම්ම් ලස්සනයි අක්කේ .

    ReplyDelete
  17. ගොඩාක් ස්තූතියි නංගා

    ReplyDelete

Back
to top