සුන්දරම කවිය ඔබ



පද ගලපන්නට බැරි
හිත කොනක සැඟවුන
කිසිදිනෙක නොගැයෙන,.
සුන්දරම කවිය ඔබ,.


එහි මිහිරි රස කැළ
හද පුරා සෙමෙන් පැතිරෙන,.
සවනතට සෙමෙන් කොඳුරන
සුන්දරම කවිය ඔබ,.


මුව අගට හස‍රැලි නංවන
නෙතු අගට කඳුලැලි නංවන,.
අසීරුම තනුවක හැඩවෙන
සුන්දරම කවිය ඔබ,..


ගයන්නට දෙතොල් නලියන
එනමුත් මුවින් නොගැයෙන
වෙණ තත් පවා සසැලෙන
සුන්දරම කවිය ඔබ,. 


හද ගැස්ම තාලය වන
ආදරේ මාත්‍රා හැඩ කොට
සුසුමකින් වාගැබට මුසු වන
සුන්දරම කවිය ඔබ,...


අද මම හිනා වුනා,.. ඕනෙවටත් වඩා,.. හිතේ තියෙන දුක ඔක්කොම දිය වෙලා යන තරමටම හිනා වුනා,. ඒ ඔයා නිසා,. ඔය හිනාවෙන තරු ඇස් දෙක දැක්කම මම කොහොමද අහක බලාගෙන යන්නේ. කකුල් පණ නැති වෙලා ඇවිද ගන්න වාරු නැති වුනත් ආයෙමත් ඔයා දිහා හැරිලා බැලුවේ මාසෙකින් දැකපු නැති ඔය මූණ ආයෙමත් දකින්න ලෝභ කමෙන්. මම යන යන හැම තැනකම ඔයාම දකිද්දි කොහොමද මම මේ තරමට හිනා නොවී ඉන්නේ,. සතුට වැඩි කමට ඇස් වලින් කඳුළු ගලාගෙන යද්දි ඒ එක කඳුලක්වත් නවත්තන්න මම උත්සාහ ගන්නේ නෑ,. ඒත් මම ලියන්නම්,. හැමදාමත් ඔයා වෙනුවෙන්ම,. මේ පිස්සු කෙල්ල ඔයා එනකන් බලාගෙන ඉන්නවා,. ඔයාට ඉක්මනට එන්න පුළුවන් නම්,...



CONVERSATION

27 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. වෙනද වගේම ලස්සනයි! කවි පන්තිය වගේම යටින් තියන අදහස්! :)

    ReplyDelete
  2. just to say MAXSAAAAAAAAAAAAAAAAAAAAAAAA

    ReplyDelete
  3. අද මුලින්ම මම තමයි !!
    :))))
    කලිනුත් කිව්වා වගේ පට්ටයි අක්කියෝ...
    කවි ටික දැක්කම නම් කියන්න තියෙන්නේ අනේ මටත් ඔහොම ලියන්න පුළුවන් වුනා නම කියල හිතෙනවා..:/
    ඔය කවිය ජිවිතේ පුරාවටම ඔයාගෙම වෙන්න කියල ප්‍රර්ථනා කරනවා !!!

    ReplyDelete
  4. "අසීරුම තනුවක හැඩවෙන
    සුන්දරම කවිය ඔබ,.."

    ඇත්තටම හරිම ලස්සනයි... අසීරුම තනුවක හැඩවෙන කවියෙ සුන්දරත්වය වගේම අගයත් වැඩිනෙ ප්‍රාර්ථනා...

    සුන්දරම කවියේ තනුව තවත් ලස්සන වෙන්න... ඔයාගෙම අතින් පද ලියැවෙන්න.. සුබ ප්‍රාර්ථනා..!!! :)

    ReplyDelete
  5. කවිය ඔබ...
    තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
    සිත දෙගිඩියාවෙන් තවම නොලියු
    කවිය ඔබ... කවිය ඔබ...

    මේ කියන්නෙත් ඔය වගේ සීන් එකක් ගැන වෙන්න ඇති නේද? :) හරි හරි තව ටික දවසයි නේ.... එතකන් කවි ලිය ලිය ඉන්න.

    @ගිනි කුරුල්ලා
    බෙටර් ලක් නෙක්ස්ට් ටයිම් මචෝ...!:P

    ReplyDelete
  6. ගොඩක් ලස්සනයි යාලුවා......ලස්සන ලස්සන කවි හැමදාටම ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔන්න.......;) කේක් කන වෙලාවට අපිටත් පණිවිඩයක් එවන්න. :D

    ReplyDelete
  7. මට මේ කවි පන්තිය කියෙව්වම මතක් උනේ අර දීපිකා ප්‍රියදර්ශනී නෝනගේ සිංදුවක් තියෙන්නේ "කවිය ඔබ..." කියලා. එන්න ඒ ගීය මතක් උනා.
    කවි ටික ලස්සනයි නංගි.
    ගොඩක් හිනා වෙන්න උනා කියලා පෝස්ට් එකෙන්ම හිතා ගන්න පුලුවන්.

    ReplyDelete
  8. අන්තිමට ලියාතියන හමු වීමක් ගැන කොටස දැක්කාම මේ අහක උන්නු අපිටත් සතුටුයි ..

    ReplyDelete
  9. මේ මම කොහේදී හරි දැකපු කවියක්...

    "මගේ කවි සිත පහන් කළ
    මහා කිවිඳාණෝ ඔබය
    එකඳු කවියක් නොලී.."

    මේක ඔයාටත් හරි යනවද මන්දා....

    ReplyDelete
  10. ආදරේ නිසා අක්කි සතුටින් කියල අහන්න ලැබීමත් සතුටක්...ලස්සනම ලස්සනයි අක්කි... :)

    ReplyDelete
  11. අසීරුම තනුවක වැයෙන
    සුන්දරම ගීය නුඹ
    ඈතක හිත මගේ හදේ රාවයට
    ස්වර මුසු කරන...

    ReplyDelete
  12. @තනි අලියා- ස්තූතියි මල්ලියා,.. :)

    ReplyDelete
  13. @ගිනි කුරුල්ලා- 3 වුනාට කමක් නෑ මල්ලියා :)
    ගොඩාක්ම ස්තූතියි ඔයාට,. ඇයි අනේ ඔයාට ලියන්න බැරි මොකද? ඔය ලියන්නේ ලස්සනට,.
    ප්‍රාර්ථනාවටත් ගොඩාක්ම ස්තූතියි මල්ලියෝ,.

    @නන්දු- ඇත්ත, තනුව ඇඑරු නිසාම වෙන්න ඇති ඒ කවිය මේ තරමටම ලස්සන,.
    බොහොමත්ම ස්තූතියි නන්දු,.

    ReplyDelete
  14. @කසුන්- හ්ම්ම්,.. ඔව් ඔව්.. තව ටික දවසද මන්දා,.. හෙ හෙ.. අනිවාර්යෙන් යාළු තව ටිකම ටික දවසයි,. ඊට පස්සේ අපි බලමුකො ඉතින්,.. :)

    @Red නංගා- :) :)

    @කුබුවි- බොහොමත්ම ස්තූතියි යාළු,. කේක් කන වෙලාවක නම් ඉතින් ගෙනත් දෙන්න හරි බැරියැ ඔයාගෙ පංගුව,. :).අල්ලපු වැටේනෙ ඉන්නෙ,.

    ReplyDelete
  15. @මධුරංග අයියා- ගොඩක්ම ස්තූතියි ලොකු අයියා,. හ්ම්,.. ගොඩාක්ම හිනා වුනා නම් තමයි,. ඒත් අඬන්නත් වේවිද මන්දා,..

    @සඳරු- ගොඩාක්ම ස්තූතියි සඳරු,. :)

    @සයුරි අක්කා- ඇත්තමයි අක්ක,. හරියටම හරි,.

    ReplyDelete
  16. @ice නංගා- ස්තූතියි නංගෝ මගේ සතුට බෙදාගන්න ආවට,. ඒ වගේම ගොඩාක් ස්තූතියි,.

    @Dinesh අයියා- ඈතින් හිඳ වුව
    ස්වරය මුසු වේ නම්
    දුරින් නුඹ බලමින්,
    සොයුර මා සැනසෙන්නම්,.
    ස්තූතියි අයියේ,.

    @බට්ටි- ස්තූතියි..

    ReplyDelete
  17. ගීතයකට අපුරු පදමාලාව !

    ReplyDelete
  18. මේ පිස්සු කෙල්ල ඔයා එනකන් බලාගෙන ඉන්නවා,. ඔයාට ඉක්මනට එන්න පුළුවන් නම්,...
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....අනේ... දුක හිතෙනවා...ආදරේ උතුරනවා..හුගාක් හිතට දැනුනා අක්කියෝ.. ලස්සනම ලස්සනයි කවි ටික..

    අනේ.. එයා ඉක්මණට එන්න කියලා මම ප්‍රර්ථනා කරනවා මගෙ අක්කි වෙනුවෙන්.

    ReplyDelete
  19. කෝ දැන් එයා? ඉක්මනින් දාන්න එයා ගැන.. අපිටත් බලන්න ලස්සන ආදර කතාව අක්කගේ ඉක්මනින්

    ReplyDelete
  20. හ්ම්ම්.. බලමු නංගෝ.. ආදර කථාව ලියවුන දවසට අනිවාර්යෙන් ඔයාලට කියන්නම්... :)

    ReplyDelete
  21. ඇත්තටම ඔයා දුකෙන්ද ඉන්නේ !!!

    ReplyDelete
  22. නෑ මල්ලි,,.. ඇයි එහෙම අහන්නේ,.

    ReplyDelete

Back
to top