වීදුරු ජීවිත (කෙටි කථාව) අවසාන කොටස





සන්සුන් වූ මුහුදේ හෝ හෝ හඬින් දෙනෙත් හැර බැළු ස්මිත්ට ඔහු සිටින්නේ කොහිදැයි එක් වරම වටහා ගත නොහැකි විය,. තමා මුහුදු ගමනකට එක් වූ සැටිත් නැව දරුණු කුණා‍ටුවකට මැදි වූ බවත් ඔහුට සිහියට නැගෙන්නට විය,. තම දකුණු පය දෙසින් සිහින්ව නැගෙන වේදනාවත් ඔළුව බරගතියත් හැරුන විට කිසිදු අතුරු අන්තරාවක් ඔහුට නොවීය,. ඒත්,.. කෝ මේ මිනිස්සු, කපිතාන් ජෝන්,. සේලරුවන්,. කිසිවෙකුත් නොමැති විය,. නැගී සිටින්නට වෙර දැරුවද ඔහුගේදෙපා වලින් යලිත් වේදනාවක් පැණ නැඟුන නිසාවෙන්ම ඔහු යලිත් නැව් තට්ට්‍ටුව මතට ඇඳ වැ‍ටුනි,. කඳුළු බිඳු එකින් එක ඔහුගේ නෙතින් ගිලිහෙන්නට විය,.
"කඳුළු හල හලා ඉන්නවට වඩා බොඳ වුන ඇස් පිහදාලා ඉස්සරහ බලන එක හොඳයි,. කඳුළු වලින් බොඳ වුන ඇස් වලට නොපෙනුන පාරක් නුඹට දකින්න ලැබේවි,.”
කපිතාන් ජෝන්ගේ මේ වදන් ඔහුගේ දෙසවන් තුල ‍රැවු පිළි‍රැව් දෙද්දී , ස්මිත් නම් කොළු ගැටයා තරුණයෙක් ලෙසින් සිය ජීවිතය දෙස බලන්නට උත්සාහ දරමින් සිටියේය,.
ඔහුගේ දිවියේ ප්‍රථම වතාවට, ඔව්, ප්‍රථම වතාවට ඔහු තරුණයෙක් ලෙසින් කඳුළු පිසදමා නැගී සිටියේය,. එක් වරම සිය කබා සාක්කුවේ වූ යමක් ඔහුගේ නෙත ගැ‍ටුනි,.
වාසනාවේ රෙදි කඩ,. ලා නිල් පැහැ සියුම් නූලෙන් වැඩ දැමූ එන් අකුරක් සහිත කපිතාන් ජෝන්ගේ ලේන්සුව,.
එහෙත් එය තම කබා සාක්කුවට පැමිණියේ කෙලෙසකින්ද?
**************************************************************
අනෙකුත් සියළු දෙනා සිය දිවි බේරා ගැනීමට සටන් වද්දිදී නැවු තට්‍ටුව මත විසි වී ගිය කුඩා කොළු ගැටයා ගැන බැලීමට කිසිවෙකුත් නොවීය,. නමුත් එක පුද්ගලයෙක්, එකම එක පුද්ගලයෙක්, අද දහ අට වියැති මේ තරුණයා හෙට ලෝකය දිනනෙක් බව දැන සිටියේය,. කපිතාන් ජෝන් වොට්සන්,. කඩිමුඩියේ මේ කුඩා කොළුගැටයාව කුඹ ගසට තබා බැඳ දැමූ ඔහු සිය වාසනාවේ සංකේතය වන ඇගේ පෙම්වතියගේ ලේන්සුව දෙස එක් වරක් බලා සිටියේය,.
නූරි, මම මේ කර දේට ඔයා මා සමඟ අමනාප වෙන එකක් නැතැයි මම හිතනවා,. මට වඩා මේ කොළු ගැටයාගේ ජීවිතය වටිනවා,. ඔයා ගාවට එන්නට වුනොත්, මට ඒ තරමේ සතුටක් තවත් නෑ,. “
එසේ කියු කපිතාන් තැන සිය ලේන්සුව සිහිසුන්ව සිටි තරුණයාගේ කබා සාක්කුවට දැමීය,.ඒත් සමඟම පැමිණි සැඩ රළ පහරකින් නැවු තට්‍ටුවෙන් එළියට විසිවුන කපිතාන් තැන ඉමක් කොනක් නොපෙනෙන මහ සයුරේ ගැඹුරු පතුලක මිහිදන් විය,.
**************************************************************

සිදුවූ සියළු දේ වටහා ගන්නා විට ස්මිත්ගේ දෙනෙතින් නොනවත්වා කඳුළු කඩා හැලෙන්නට විය,. සිය ජීවිතයේ තමාට හමුවූ වටිනාම මිනිසා, සිය පියතුමෙක් වන්ව තමාව ‍රැකගත් ඒ මිනිසා ඔහු දමා ගොස් ඇති බව දැනගත් විට ඔහුට දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නට විය,. සිය ජීවිතය බේරාගැනීමට තරමට තමාගේ ඇති වටිනාකම කුමක්ද? ඔහු අත්දැකීම් බහුල කපිතාන් වරයෙකි,. ස්මිත් කටේ කිරි සුවඳවත් නොගිය කුඩා කොළු ගැටයෙකි,.  මේ ගැන සිතත්ම අමුතුම ජවයකින් ඔහුගේ සිත පිරී යන්නට විය,.
"ඔව්, කපිතාන්ට අවශ්‍ය වූවේ එයයි, හෙට දින තමාද ඔහු මෙන්ම දක්ෂ එමෙන්ම අත්දැකීම් බහුල යහපත් පුද්ගලයෙකු වනු දැකීම ඔහුගේ පැතුම වන්නට ඇත,."
කෙදිනක හෝ ඒ අරමුණ ඉ‍ටු කරගන්නේය යන අධිශ්ඨානයෙන් යුතුව නැගී සිටි මේ තරුණයා ගොඩබිමක් දැක ගැනීමට සිය දුරදක්නය ගෙන වටපිට පරීක්ෂා කර බලන්නට විය.
හිස් අවකාශය දෙස බලා සිටි ඔහුට දකින්නට ලැබුනේ කුමක්ද? දෙනෙත් පිසදමා බැලුවද දසුනෙහි කිසිදු වෙනසක් නොමැත,. ඈතින් දිස් වන්නේ සෙනොරිටා නෞකාව දෙසට ඇදෙන තවත් නෞකාවකි,.
නොදැනුවත්වම ඔහුගේ දකුණු අත සිය කබා සාක්කුවේ වූ ලේන්සුව දෙසට ඇඳී ගියේය,.
ඒ ජර්මනිය බලා යමින් තිබූ බඩු නැවකි,. රළ පහරට හසුව කුණා‍ටුවෙන් ඔවුන් ගසාගෙන ගොස් වැටී ඇත්තේ නිවැරදි මුහුදු මාර්ගයකටයි,. දෙවියන්ට ස්තුති කිරීම්, සතු‍ටු කඳුළු දහසක් මැද්දේ දිවි ගලවාගත් සෙනොරිටා නෞකාවේ ස්මිත්ද ඇතුළුව සුළුතරයක් වූ කාර්ය මණ්ඩලය ඊට සුමානයකට පසු සිය මවු රටේ නැංගුරම් ලන්නට සමත් විය,. අපේ පුංචි තරුණ කොලු ගැටයා ස්මිත්,. සිය මිතුරන්ට සමුදී සිය ගම්මානය බලා පිය නැඟුවේ සිය සහෞදයන් දැක ගැනීමේ දැඩි ආසාවකිනි,.
ඉතින් හෙට දිනයේ ඔහු උණුසුම් පොරෝනාවක වැතිරී සුවසේ නිදනු ඇත,. මව ඔහුව ඇහැරවනු ඇත,. උණුසුම් හිරු එළිය ඔහුගේ කාමරයේ ජනේලය තුලින් පෙරී විත් ඔහුව තවත් උණුසුම් කරවනු ඇත,. ඔහු,. ස්මිත් නම් කොළු ගැටයා ලෙස නොව,. නෞකාවක ප්‍රධාන නිලයක් දැරීමට සුදුසු පෞර්ශත්වයකින් හෙබි තරුණයෙකු ඒ සයනය මතින් නැගී සිටිනු ඇත,.
අවසානයේ ඇය,. ඔහු ඇය සමඟ සැමොවාරය මත තැබූ කේතලය රත් වන තුරු බලා ඉඳිනු ඇත,.
ඔයා වැරදියි ස්මිත්, ඇත්තටම ඒකෙන් එන්නේ වැහිලිහිණියෝ ත‍ටු ගහන සද්දේ බව ඔයාට නොතේරෙන හැටි,. මෝඩයා,. “
ඉතින් එවිට ඔහු ඇයට තුරුළු කරගෙන හාදුවක් දෙනු ඇත,. ඔව්, එකම එක හාදුවක්,. කුණා‍ටුව නිම වනු ඇත,. මහා සාගරය නිසල වනු ඇත,. එකම එක හාදුවක්... ඇය නිහඬයි,.


CONVERSATION

16 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ලස්සන කතාවක්........ ඉවර උනාටනං දුකයි! ම්... :) :) :) :)

    ReplyDelete
  2. හ්ම් හ්ම්ම්ම් එළට ගියා.

    ReplyDelete
  3. නියමයි...මම කිව්වනේ, මේකනම් ඇත්තටම රණරාළ ශයිලියේ කතාවක්...

    ReplyDelete
  4. ඔයාට මේ කතාව තව ටිකක් දිගට ගෙනියන්න තිබුනා.. ඇත්තටම මං බලාපොරොත්තු උනේ අර රොබින්සන් අන්දරය වගේ කතාවක් වේවි කියලා.. කොහොම උනත් කතාව ලස්සනයි නංගී..

    ReplyDelete
  5. කතාව ඉක්මනටම ඉවර උන එකට පොඩි තරහක් නැතුවම නෙමෙයි !!
    කතාව ලස්සනයි නංගි. වෙනස්ම ආරක වෙනස්ම රටාවක කතාවක් මුල ඉදලා රස වින්ඳා !!!!

    ReplyDelete
  6. මං කිවානේ.. මුහුදු කතාවලට මං කොමත් ආසයි :D

    ReplyDelete
  7. කතාව ඉවර කරන්න ඉක්මන් උනා වැඩිද මංදා......
    කොහොම උනත් ලස්සනට ලිව්වා....අයෙත් ලියන්න මීට වඩා දිග එකක්....:)

    ReplyDelete
  8. අයියෝ....අක්කී....ඉවරයිනෙ...:( ඉකමනටම ඉවර ව්එලා..හැබැයි අක්කියෝ හරිම ලස්සනයි...මේ වගේ මුහුදු කතාවක් ඔය කොහොම ගලපලා,ගොතලා ලිව්වද මන්දා..හරිම අපූරුයි..!!

    තවත් කතා ලියන්න දිගටම අක්කිට මගෙන් සුභ පැතුම්!!!

    ReplyDelete
  9. හරිම ලස්සනයි අක්කි..ලස්සනට ගලපලා ලියලා තියෙනවා අපුරුවට.. :)

    ReplyDelete
  10. හරිම ලස්සනයි නංගෝ.මට මතක් වෙන්නෙ හොද ඩොකියුමෙන්ට්‍රි එකක්.හොදට ගැලපෙන්න වචන,භාෂාව යොදාගෙන තියෙනවා.තව මේ වගේ කතාවක් ලියන්න.

    ReplyDelete
  11. හැමෝටම බොහොමත්ම ස්තූතියි යාළුවනේ,. :)

    ReplyDelete
  12. අනේ මං ගොඩක් පරක්කුයි නේ.. කොහොම වුනත් මූසිලයන්ට ආදරේ කරන ගුත්තිල කෙනෙක්ගේ ලස්සන කතාවක් අක්කියෝ.. :)

    ReplyDelete
  13. ගොඩාක්ම ස්තූතියි නංගියෝ,.. :)

    ReplyDelete
  14. කතාව බලල සෑහෙන දවස්. ඒත් කොමන්ටුවක් දාන්න උනේ දැනුයි. මම එහෙම නිතර කොමෙන්ටු දාන එකෙකුත් නෙවේ. ඒත් මේකට එකක් නොදැම්මොත් මගේ නැහැදිච්චකම...
    'හොඳයි' කියල නෙවෙයි කියන්න ඕනකම. ඊටත් වඩා හොඳයි කියල.

    ReplyDelete
  15. ලස්සනට ලියල තියනවා ...
    පරණ පොස්ට් එකක් උනත් මම බැලුවේ අද..:)
    මම මේ පැත්තට අලුත්..

    ReplyDelete
  16. ලස්සනට ලියල තියනවා ...
    පරණ පොස්ට් එකක් උනත් මම බැලුවේ අද..:)
    මම මේ පැත්තට අලුත්..

    ReplyDelete

Back
to top