මීවිත ඔබ...




කුළුඳුලේ  මීවිතක රස බලා මත් වුනෙමි,
පාවෙනා සිතුම් ‍රැල ගලා යන්නට දුනෙමි,
අඩවන්ව පියවෙනා නීල නෙතු වසා ගමි
නොලැබෙනා හීනයක් අද ‍රැයෙහි මම දකිමි,.


මසිත මන් මත් වුනේ ඔබ පෙමින් බව දනිමි
ගත මගේ මත් වෙන්න මීවිතක රස බලමි,
තනිකමට මීවිතට මගේ ජීවය පුදමි,
මිය යන්න මගේ සිත මධු බඳුන් හිස් කරමි,.


(සිතුවිල්ලක් පමණි :D )

CONVERSATION

25 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මම ආසයි ගොඩාක් මේ සිතුවිල්ලට...

    ReplyDelete
  3. ලස්සනම ලස්සන කවි දෙකක්! හැබැයි ඔ්ක ලියන්න ඔ්න මෙහෙමයි :D
    "
    __කුළුඳුලේ මීවිතක රස බලා මත් වුනෙමි,

    _______________පාවෙනා සිතුම් ‍රැල ගලා යන්නට දුනෙමි,

    _____අඩවන්ව පියවෙනා නීල නෙතු වසා ගමි

    ___________________නොලැබෙනා හීනයක් අද ‍රැයෙහි මම දකිමි,.
    "
    :D

    ReplyDelete
  4. ශා....අක්කි මේකනම් මරු..:D පින්තූරෙත් ගැලපෙනවා අපූරුවට....අමුතුම සිතුවිල්ලක්,,,

    විහිලුවටවත් මීවිතක රස බැලුවද මන්දා මෙයා..;)

    ReplyDelete
  5. අදයි මේ පැත්තට ගොඩවුනේ.. දැක්ක පළවෙනිම පොස්ට් එකට හිත ගියා... ලස්සනයි...:)))

    ReplyDelete
  6. අපි නම් මතට කොමාවක් තියල ඉන්නේ මේ දවස් වල ඔන්...
    හි හි..
    ඇත්තටම ලස්සන පද පේලි ටිකක් අක්කෝ.. :) :)

    ReplyDelete
  7. බොක්කෙන්ම ලියලා තියෙන්නෙ ඇත්තටම මත් වෙලාද මංදා.......:P

    ReplyDelete
  8. නංගිට කියන්න මම නම් ආසයි නොලැබෙන දේවල් හීනෙන් හරි ලැබෙනවා දකින්න. මොකද සමහර දේවල් හීනෙන් හරි ලබෙනවා දකින්න මම් ගොඩක් ආස කරනවා. ඒ වගේම තමා සමහර එවුවා හීනෙන්වත් දකින්න ආස නෑ.

    ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete
  9. මම නම් හරිම ආසා කවියක් මේක..

    මේක නම් නිකම් කවියක් වෙන්න බෑ මොකක් හරි හොරයක් පේන්න තියනවා .. මොකක්ද සහෝදරී බීපු බ්‍රෑන්ඩ් එක ? :)

    කවිය හරිම ලස්සනයි ..

    ReplyDelete
  10. මරු ඈහ්..!
    සමහර හීන තියෙනවා හැබෑ නොවුනත් හීනෙන් හරි දැක්ක එක සැපක් කියලා හිතෙන...
    ඒ හීන වලට අපි මත් වෙලා නිසා!

    ReplyDelete
  11. මට සමාවෙන්න වැඩ වැඩි නිසා එන්න බැරි උනා ටික දවසක්....
    ඒත් ඉර හඳ යට අවසාන කොටසේ ඉඳලා ඉතිරි ඔක්කොම කියවගෙන ආවේ...
    ආ අර රූපේ ඉන්න කෙනා බීපු බ්‍රැන්ඩ් එක දන්නවද..තනි කකුලෙන් ඉන්නේ..

    ReplyDelete
  12. මරු ඈ...මම නං මීවිත බොන්නේ සීතලට .....

    ReplyDelete
  13. කුළුඳුලේ මීවිතක රස බලා මත් වුනෙමි,
    පාවෙනා සිතුම් ‍රැල ගලා යන්නට දුනෙමි,

    මීවිත වලින් අදහස් ගලා ගලා එනවා කියන එකත් බලාන යද්දි හරි වගෙයි නේද.. ;)

    හිහිහී.. හරිම ලස්සන පද ගැලපුම ප්‍රාර්ථනා..!!!

    ReplyDelete
  14. මමත් දවසක් ,, ජීවිතේ ප්‍රථම සහ අන්තිම වතාව කියලා බිව්වා දවසක් වෙරි වෙන වයින් එකක් අන්තෙටම කලකිරිලා ඉන්න දවසක.. අන්තිමට වමනේ දාල තමයි හරි ගියේ :))

    ReplyDelete
  15. හෆොයි , හොදට හිටපු ගෑනු ළමයට මොකද මේ උනේ :P

    ReplyDelete
  16. ආදරේ මීවිත මා මත් කරන
    දින දින සිහින ලොවට ගෙනයන
    පදෙන් පද ගලපා මා කවියෙක් කරන
    ආදරේ මීවිත මා අත් නොහරින...

    ඇත්ත කියන්න ප්‍රාර්ථනා නංගී.. මොකද මේ හදිස්සියේ මීවිතක් ගැන මතක් උනේ??

    ReplyDelete
  17. මිය යන්න මගේ සිත මධු බඳුන් හිස් කරමි,. මන් ආසම පද පේලිය

    ReplyDelete
  18. අපෝ එකෙක් නැතුව මැරෙන්න වුනත් මම නම් ඔය දහ ජරාව බොන්නේ නෑ. මොකටද වෙන කෙනෙක් වෙනුවෙන් නාස්ති වෙන්නේ.

    ReplyDelete
  19. @ නංගා- හ්ම්,.. ස්තූතියි නංගෝ,.

    @තනි අලියා- මල්ලි හොඳට දන්නවා වගේනේ බීපුවාම හැටි,.. :) ;)

    @හිතූ නංගා- හෙ හෙ හපොයි,. මම හරි සිල්වත් ළමයෙක් විහිළුවකටවත් මීවිතක් නම් තොලගාන්නෙ නෑ,.

    @වර්ණා- ස්තූතියි නංගෝ,. සිත් අහසට සාදරයෙන් පිළිගන්නවා,..

    ReplyDelete
  20. @අයේෂා නංගා- හිකිස්, මතට කොමාව නම් වැඩි අවුලක් නෑ,. තිත තිබ්බොත්නේ අවුල වෙන්නේ,.
    ස්තූතියි නංගියා..

    @කුබුවි- හෙ හෙ හපොයි නෑ,,. මම හීනෙකින්වත් එහෙම හිතලවත් නෑ,.

    @මධුරංග අයියා- ඔව් අයියේ, ඇත්තමයි,. හීනෙන් හරි එක මොහොතක් හරි ඒ නොලැබෙන දේ දකින එක කොච්චර සතුටක්ද?
    ස්තූතියි අයියා,.

    ReplyDelete
  21. @සඳරු- අනේ මම මොන බ්‍රෑන්ඩ් එකකින්වත් බිව්වේ නෑ අනේ,. මම හරි අහිංසක ලමයෙක්,. :p
    ස්තූතියි සඳරු,.

    @ගලයා- ඔව් මල්ලි, සමහර හීන වලට අපි ඇත්තටම මත් වෙනවා තමයි,. ගොඩාක්ම ස්තූතියි මල්ලිඅ,.
    හිකිස්, අනේ මංදා එයා බීපු බ්‍රැන්ඩ් එක නම්, මම බීපු වර්ගේ කියඳ???

    @නන්දු- මමත් හිතන්නේ, මීවිතක එක හොඳක් මම දැකලා තියෙනවා, නපුරු දඩබ්බරයි කියල අපි හිතන් ඉන්න කෙනෙක්ගෙ මුදු මොළොක් පැත්ත එළියට ගන්න ඒකට පුළුවන්,. ස්තූතියි යාළු,..

    ReplyDelete
  22. @වර්ණා- අම්මෝ,.හිකිස්,. අම්මා ලෙඩේ දැම්මේ නැත්ද බිව්වා කියල,..

    @Chamma - මට මුකුත් වුනේ නෑ අනේ,. හිකිස්,..

    @Dinesh අයියා- හරිම ලස්සනයි අයියා කවිය,.
    ඇත්තටම ආදරේ කියන්නෙත් මීවිතක් තමයි, සිහිය නැති කරන,. මොලේ අවුල් කරන,.
    ඇත්ත හේතුව නම්,... අනේ මන්දා,. ඇත්තටම මත් වුනා නම් මට හිතෙන දේ මම මත් නොවී හිතුවා,. හිතලා ලිව්වා,. හෙ හෙ,..

    ReplyDelete
  23. @අසරණ්යා- ස්තූතියි යාළු,. ඒත් ඇයි ඒ පද පේළියට ආසා,.

    @බට්ටි- හෙ හෙ.. හ්ම්ම්.. ඒක නම් ඇත්ත. මාත් මේ ඇත්තට බිව්වා නෙවෙයි අනේ,. :)

    ReplyDelete
  24. අම්මා බැන්නා ඉතින් හිකිස්‌'

    ReplyDelete

Back
to top