මගේ අතිජාත අතීසාර යාලු කැල,.


අපේ ජීවිත කාලේ පුරාවටම විවිධ වයස් මට්ටම් වල, විවිධ විදියේ මිනිස්සු මුණ ගැහෙනවා. ඒත් එයින් බොහෝම ටික දෙනෙක් ආයේ නොයන්නම ‍රැඳිලා ඉන්න අපේ හිතේ  ඉඩක් හදාගන්නවා
යාළුවෝ,, ඒ අතරින් ගොඩාක්ම විශෙෂයි. අපේ ජීවිත කාලෙම එක දවසක්වත් යාළුවෙක් එක්ක ගෙවුනේ නැති දවසක් තියෙනවා කිව්වොත් කවුරුවත් ඒක විශ්වාස කරන්නේ නෑ නේද? ඇත්ත,. යාළුවෝ ඒ තරමටම අපේ ජීවිත එක්ක බැඳිලයි ඉන්නේ, පාරක තොටක ගියත්, කැම්පස් ගියත්, ඉස්කෝලේ ගියත් කොහේ ගියත් අපිට යාළුවෝ ඕනෙමයි,. මට නම් කොහේ ගියත් කොහෙන් හරි යාළුවෙක්ව සෙට් වෙන එක අනිවාර්යෙන්ම වෙනවාමයි, මම හිතන විදියට නම් යාළුවො කියන්නේ ජීවිත කාලේ පුරාම අපි එකතු කරගන්න ධන සම්පතක්,. ඒ ධන සම්පත අතින් නම් මම ගොඩාක් පොහොසත් කියන එක මට අහිංසක ආඩම්බරයකින් කියන්න පුළුවන්,. මගේ ජීවිතේට ආපු හැම යාළුවෙක්ම මට මගේ පණටත් වඩා වටිනවා,. යාළුවෙක් වෙන්න සම වයසේ වෙන්නම ඕනේ නෑ,. මම හිතන විදියට නම් යාළුකමට වයසට වඩා වටින්නේ අපිව තේරුම් ගැනීමයි,. ඉතින් ඔය විදියට බලද්දි අපේ ජීවිතේ වැඩි හරියක් ගෙවෙන්නේ යාළුවො එක්ක කිව්වොත්, මම හරි නේද? ඒත් ඒ අතරිනුත් ඉතාමත් සුළුතරයක් අපි අපේ හොඳම යාළුවෝ විදියට සලකන්නේ එයාලා ගාවදි අපේ කිසිම රහසක්වත්, දුකක්වත් සතුටක්වත් අපි හංගන්නේ නැති නිසා,.

අඬන්න ඕන වුනොත් අඬන්න, හිනාවෙන්න ඕනේ වුනොත් හිනා වෙන්න , රහසක් කියන්න ඕනේ වුනත් ඒක කියන්න පුළුවන් ඕනෙම පිස්සුවක් නටන්න හෙල්ප් එක දෙන විදියේ විශ්වාසදායී යාළුවො තමයි අපි අපේ හොඳම යාළුවෝ විදියට සලකන්නේ,.
ඉතින් මටත් ඉන්නවා අන්න ඒ වගේ පිස්සු යාළුවෝ ටික දෙනෙක්,. ඒ කට්ටිය ගැන කියන්න වචන ගලපගන්න අමාරු වුනත් මම හිතුවා ඒ ගැන ලියන්න,.
යාළුවෝ ඔක්කොම සෙට්වුන දවසක,. :)

ඉතින්, මල්මි (මිකී, වැල්මී) , අශේනිකා (:P :D ) , චාමෝදි (චාමෝ) , මිනෝලි (මිනෝ) , තිලිණි (තිළි) , රජිත (චූටි, _ _ _ හොරා etc etc... :D ) , නදීශාන් ( _ _ ශාන්, {දන්නෝ දනිති මේ නම, කිව්වොත් මට ලුණු ඇඹුල් ඇතුව අහගන්න වෙන නිසා කට තද කරගෙන ඉවසා වදාරමි,.}, පෙට්ටි etc etc,.. :D ) , මමත් ඔයාලා ගැන ලියනවෝ,.. :)

මල්මි, මිනෝ, තිළි, චාමෝදී, මම

මගේ ජීවිතේ හොඳම කාලේ මම ගෙවන්නේගෙව්වේ මේ යාළුවෝ එක්ක කියලා මම කිව්වොත් ඒක වැ‍රැද්දක් නෑමල්මිමිනෝතිලිචාමෝචූටි පෙට්ටි,  ඒ ලෙවල් කාලේ මට මේ දෙනාගෙන් තොර ලෝකයක් තිබුනේ නැති තරම්,. කරන මගෝඩි වැඩ ඔක්කොටම මට උදවු දුන්නේ මේ පිස්සු යාළුවො ටික තමයිඒ අතරෙන් මල්මිමම රජිතනදීශාන් අපි හතර දෙනා හැම ක්ලාස් එකටම ගියේ එකට, B.S වලටAccounting වලට, Econ වලට,English වලට, ඒ හැම ක්ලාස් එකකටම අපි හතර දෙනා එකටයි ගියේ,. B.S ක්ලාස් එකේ තරම් අපි හතර දෙනා ගුටි කන, බැනුම් අහන පන්තියක් වෙන තිබුනෙම නැති තරම්අරහෙන් චූටියිපෙට්ටියයි කෑ ගහලා ගුටි කද්දී මෙහෙන් මල්මියි මමයි හැමදාමත් කචකචේ නිසා සර්ගෙන් ගුටි කනවා,.


පන්තියෙන් එළියට දැම්මත් ඒත් අපි හතර දෙනා එකට,. පුළුවන් තරම් පිස්සු නටලා නටලා තමයි ඉතින් ඒ වගේ දවසට ගෙදර යන්නේ,. ඒ වගේම තමයි අපි යන හැමතැනම ගියේ එකටහිටියේ එකටක්ලාස් එකට කලින් මොන මොනවා හරි වල් පල් කියව කියව රන්ඩු වෙන එක තමයි ඉස්සර අපේ ප්‍රියතම විනෝදාංශේ වුනේ,. හැමදාමත් රන්ඩු වෙන යාළු වුන අපේ ඒ යාළුකම අදටත් මට කොච්චර වටිනවද කියලා ඒ තුන් දෙනාම දන්නවා ඇති කියලා මම හිතනවාකොච්චර වැඩ තිබුනත් මට මැසේජ් එකක් යවන්න බැරි වුනත් අදටත් ඒ අය මගේ සැප දුක් අහලා එවද්දි මගේ ඇස් වලට කඳුළු එන්නේ මටත් නොදැනුවත්වම,.

චූටි & මල්මි
මල්මි ,මම ,තිලි, මිනෝ අපි හතර දෙනා එකට එකතු වුන තැන චූටිට සහ නදීට මඩ පෝස්ටර් වැදෙන එක නම් ඒ දෙන්නටවත් නවත්තන්න බැරි වුනාක්ලාස් කට් කරන්න පුදුම කැමැත්තක් දක්වපු අපේ මේ පිස්සෝ දෙන්නට දවස ගානේ ඒකට ගහපු මඩ පෝස්ටර් තාමත් ඒ දෙන්නා ගාව අරන් තියලා තියෙනවා කියලා මම දන්නවා,. දවසක ආයේ රිටර්න් දෙන්නම් ඕවටමම කසාද බදින දවසට ඔය ඔක්කොම ගෙනත් මට පෙන්නනවා කිය කිය තමයි ඒ ඩබල ඕවා අරන් තියාගෙන ඉන්නේ,. ඒ ගහපු මඩ පෝස්ටර් වැරදිලාවත් මම බඳින මනුස්සයා දැක්කොත් මාව අත් ඇරලා දාලා යනවාඒක ශුවර්.. :P. 
ඇයි දෙයියනේ ඒ ඩබල ඉවසුවට කාටද ඒ මඩ කෑම ඉවසන්න පුළුවන්,. 


මඩ වගේම  චූටිනදී දෙන්නගේ හැම උපන් දිනේකටම මමමල්මි දෙන්නම උපන් දින තෑග්ගක් එක්ක ඒ කොල හතර පහක් පිරුන ලියුමක්  අනිවාර්යෙන්ම දුන්නා,. ඒ තරමටම යාළුකමක් අපි අතරේ ඇති වුන විදිය නම් මම අදටත් දන්නේ නෑඒ වගේමයි ඒ යාළුකම වගේ යාළුකමක් ආයේ මට වෙන කාගෙන්වත්ම  හොයාගන්නත් බෑ කියලා මම දන්නවා.


පිස්සු වැඩක්,. මම, නදියාගේ අතේ මෙහෙන්දි ගාමින්,. :P :D
අපි හය දෙනාගේ බැඳීම යාළුකමටත් වඩා එහා ගිය සහෝදර බැම්මක්, අපි හිටපු ගමන් හුවමාරු කරගන්න ලියුම්, ඒ ලෙවල් පන්තියේ අන්තිම දවසේ අන්තිම පේපර් එක පිරෙන්න ඒ අය ලියපු ලියුම් තාමත් මගේ ලඟ ගොඩාක් ආරක්ශා කරලා මම තියාගෙන ඉන්නේ ඒ නිසයි,. අදටත් මගේ සමරු පොත බලන හැම වෙලාවකම ඒ ලස්සන කාලේ මගේ ඇස් ඉස්සරහ මැවෙන්නෙත් ඒ මතකයන් ඒ තරමටම ලස්සන නිසා වෙන්න ඇති,. ජීවිතේ විඳින්න මිසක් විඳවන්න තියෙන දෙයක් නෙවෙයි කියලා මට කියලා දුන්නේ මගේ මේ පිස්සු යාළුවෝ 6 දෙනා,. දුකේදි අඬන්න උරහිස දෙන්න, සතුටෙදි ඒ සතුට බෙදාගන්න අදටත් මේ හය දෙනා මා එක්ක ඉන්න බව මම දන්නවා, මගේ ජීවිතේ වෙන කවුරුත්ම දන්නේ නැති රහස් පවා නදී, චූටි, මිනෝ, චාමෝ, මල්මි, තිලිට මම කියලා ඇති. ඒ හැම ප්‍රශ්නෙකටම විසඳුමක් දන්න බැරි වුනත් ඒ අය හැමදාමත් දුක බෙදාගන්න මගේ ලඟ ඉඳපු බව මම දන්නවා,. මේ වෙද්දි අපේ මේ යාළුකමට අවුරුදු 6ක්,7ක් සම්පූර්ණ වෙලා, ඒත් ඒ කෙටි කාලෙට මට ලැබුන මතකයන් මගේ ජීවිත කාලෙම සුවඳවත් කරාවි.. ඒ තරමටම මම මගේ පිස්සො සෙට් එකට ආදරෙයි,.

අහිංසක ආශා & mee
ඒ වගේම තමයි ඒ ලෙවල් වලට පස්සේ මට ලැබුන හොඳම එකම යාළුවෙක් ගැනත් අමතක කරන්නම බෑ,, අශේනිකා, කෙටියෙන් කිව්වොත් ආශා, මම ගොඩාක්ම ආදරේ කරන මගේ තවත් යාළුවෙක්, පිස්සු නටන්න වගේම සීරියස් කථාවලටත් මම අල්ල ගන්නේ එයාව. මම කියන ඕනෙම විකාරයක් අහගෙන ඉඳලා අන්තිමේ මගේ හිත හැදෙන්න මොනවම හරි කියන්න කොළඹ ආවට පස්සේ මට ලැබුන එකම යාළුවා ආශා. මගේ දුක සතුට හැම දේම එයා අවංකවම එයාගෙම වගේ බෙදාගන්නේ කිසිම ලෝභ කමක් නැතුව. මට සතුටක් ආවම එයාගේ ඇස් වලින් ඒ සතුට දෝරේ ගලන තරම මට ඕනේ තරම් පෙනිලා ඇති. ඒ තරමට අවංක යාළුවෙක් මේ ගිනිගහන පොලවේ මට නොහිටියා නම් අද වෙනකොට මම පිස්සියෙක් වෙලා,. අපි රන්ඩු වුන වෙලාවලුත් නැතුව නෙවෙයි, ඒ වෙලාවට මම දුක් වෙන තරමටත් වඩා එයා දුක් වෙනවා කියලා මම දන්නවා,. ඒ වගේම පිස්සු නටන වෙලාවට ඒ පිස්සුව උපරිමෙන්ම නටන්න මට උදවු දෙන්නේ ආශා.. :) ;) ඒ වගේම මගේ ඕනේම දෙයක් කිසිම භයක් නැතුව කියන්න පුළුවන් එකම යාළුවත් එයාම විතරයි,. මම කියන පිස්සු කථා ඔක්කොම මාව විහිළුවකට ගන්නේ නැතුව අහන එකම යාළුවත් එයා,. :) මට ඉන්න අහිංසකම අහිංසක යාළුවත් එයා,. අවුරුදු 2ක් වගේ පොඩි කාලයක් ඇතුලත ආශා මගේ හොඳම යාළුවෙක් වුනත් අපි දෙන්නා මුණ ගැහුන විදිය අදටත් අපිට මතකයක් නෑ.

ඉතින් ඔන්න ඔහොම තමයි මගේ හොඳම යාළුවෝ කට්ටිය එක්ක මගේ ජීවිතේ ලස්සනම කාලේ ගෙවුනේ, මේ කට්ටිය ගැන මෙහෙම කෙටියෙන් කියන එක නම් හරිම අමාරු වැඩක්,.  ඒත් අමාරුවෙන් හරි මේ විදියට කෙටියෙන් ලිව්වේ මේ හැමෝම මට ගොඩාක් වටින නිසාමයි,.ඉතින් මේ පෝස්ට් එක මගේ පිස්සු යාළුවෝ 7දෙනාටම.



CONVERSATION

28 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ඉගෙනගන්න කාලෙ හිටපු යාලුවෝ තමයි ඇත්තටම යාලුවෝ . . ඊට පස්සෙ ජොබ් කරද්දි සෙට්වෙන ඔක්කොමල්ල පැය අටේ යාලුවො . . . ඒනිසා පරණ යාලුකම් ඉතුරුකරගන්න පුලුවන් නං ගොඩාක් වටිනව . . .
    හැබැයි මටනං ඉගෙනගන්න කාලෙ යාලුවන්ට අමතරව තවත් ගොඩාක් වටින යාලුවො සෙට් එකක් ලැබිල තියනව . . . බ්ලොග් අවකාෂයෙන් . . . .

    ReplyDelete
  2. හරිම ලස්සනයි මගේ අක්කා.. අක්කගේ මේ යාළුවො ගැන කියවද්දී මට මගේ යාළුවො සෙට් එකත් මතක උනා. එයාලත් මේ වගේමයි.. මම බාලිකා පාසලකට ගිය නිසා පිරිමි යාලුවොනම් ඔච්චර ලගින් ඇසුරු කරලා නැහැ, හරිම සතුටුයි ,, අක්කගේ දුක සතුට අහන්න කට්ටියක් ලග ඉන්න එක ගැන.

    එක නෙමෙයි ඇයි මේ පිරිමි ළමයාගේ අතේ මෙහෙන්දි ගාන්නේ, හිකිස්‌, පව් අනේ ..

    ReplyDelete
  3. ඇත්තටම අක්කියෝ ජීවිතේ හුගාක් වටින්නෙ අපිට මුලින්ම මුන ගැහුනු පරණම යාළුවෝ..මොකද ඊටපස්සෙ අපේ ජීවිත වලට හම්බෙන හුගාක් යාළුවො අපිට ළංවෙන්නෙ අවංක අරමුනකින්ම නෙවෙයි ව්එන්න පුළුවන්,ධනය, බලය, තරාතිරම මත වෙන්න පුළූවන්..

    හරිම ලස්සන ලිපියක් අක්කි මේක. මටත් මගේ යාළුවොන්ගෙ අතීතෙට අරන් ගියා

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. සයුරේ රළ සේ අහසේ තරු සේ මිතුදම් පවතී ලොව සැමදා!

    ReplyDelete
  6. හ්ම්ම් මං කොහොමද මේක පටන් ගන්නේ.....:))
    ඔයා ගැන කියන්න ගියොත් ඉතින් කථාවක්ම ලියන්න වෙනවා..ඒ තරමට දිග, ලස්සන, හිනා යන, අමතක වෙන්නෙ නැති මාතෘකා ගොඩායී.....:)

    හරිම ලස්සනයි ප්‍රා...මං මේ පෝස්ට් එකට ගොඩක් ආදරෙයි...කතාවකුත් තියෙනවනෙ තමන් අනිත් අය ගැන හිතන දේ කියන්න ඒ අය මිය යනකන් බලන් ඉන්න එපා කියලා...(මං ගැනත් ලිව්වට ස්තූතියි...:D) ඔයා වගේම ඔයාගෙ ගාල්ලේ නට්ස් ටිකත්( මිනෝ, සයිටම් 5 අයිටම්, නදී & අනිත් අය ඔක්කොම)
    ඇත්තටම ගොඩක් හොඳ යාළුවෝ...(වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියල කියන්නෙ ඒකනෙ..හිහී :D):)

    කොච්චර මතක් කලත් අපි දෙන්න යුනි එකේදි හම්බුනේ කොහොමද කියල මතක් වෙන්නැති එකත් මාර පුදුමයි..(දෙන්නටම පිස්සු ඩබල් නිසා ඒකෙත් පුදුමයක් නෑ හැබැයි..) :)) ඒත් එකම හිතන, එකම කියන, කාලෙන් කාලෙට වෙනස් වෙන්නෙ නැති, හොඳම හොඳ ලස්සන යාලුවෙක් හම්බුනා කියලනම් මතකයි ...:) මේ තරමටම හොඳ යාලුවෙක් ආයෙ මට හම්බෙයි කියල මං හිතන්නෑ... :)
    මේ හිටියා වගේම අන්තිම අවුරුදු 2ත් වැඩ ටික හරියට කරගන්න ගමන් පිස්සු නට නට ඉමු..lv uuu matziii!!!!

    ReplyDelete
  7. Love is like a '' missed call''
    it stops when u try to catch.......
    BUT
    friendship like a ''SMS''
    because it comes and stays inside your inbox
    until u delete it..........

    කියල සුද්ද කිව්වෙ නිකන්ද

    ReplyDelete
  8. හරිම ලස්සන අතීතයක්.. ඇත්තටම එහෙම අතිතයක් නෑ කියන කෙනෙක් ඉන්නවා නම්,එක පුදුමයක්.. එ තරමටම පාසැල් කාලය කියන්නේ හරිම සුන්දර,අපුරු කාලයක්..ඒ වගේම හිතුවක්කාරි කියන්නත් වගේ පස්සේ අපේ ජිවිත වලට ආපු ගියපු යාළුවෝ අනන්තයි,අප්ප්‍රමාණයි..එත් ඒ මොන හෙතුවකට කියන එක තාමත් මට හොයාගන්න බැරිව ඉතිරි වුණු ප්‍රශ්නයක්.. :)

    ReplyDelete
  9. ලස්සනයි..ඔයාගේ යාළුවො ටිකත් ඔයා එක්කම කැම්පස් ආවද? එහෙනම් ඔයා ගොඩක් වාසනාවන්තයි...

    ReplyDelete
  10. අම්මෝ පරණ යාලුවෙක් එක්ක කතා කරන්න ලැබෙනවා කියලා කියන්නේ ගොඩක්ම ආස හිතෙන වැඩක්. අපේ ඉස්කෝලේ කාලේ යාලුවෝ දැන් නම් හොයා ගන්න නෑ. සමහරු රට ගිහින් සමහරු වෙන වෙන පලාත් වල ජොබ් කරනවා.

    කලාතුරකින් හම්බ වෙන යාලුවෙක් උනත් මාරම වටිනවා.

    නංගිට නම් කවදාවත් අමතක කරන්න බැරු යාලුවෝ සෙට් එකක් ඉන්නේ. ඒකනෙමේ නංගි ඉස්කෝලේ යන කාලේ ෆොටෝ නම් මරු !!!

    ReplyDelete
  11. යාලුවො ගැන කතා කරනවානම් ඉතිං මහ ගොඩක් පොත් ලියන්න වේවි.මං නම් යන යන තැන යාලුවො හදා ගන්නවා කියලා අපේ අම්මත් කෑ ගහනවා.

    බැදීම් කියලා හදා ගන්නවයෑ.ඇති වෙනවා මිසක් නේද?

    ReplyDelete
  12. මටත් මගේ පාසල් කාලෙ මතක් උනා අප්පා මේක කියෙව්වාම...
    නියමයි...

    ReplyDelete
  13. යාලුවෝ මාළුවෝ..යාලුවෝ යාලුවෝ...හොද යාළුවෝ ලැබෙන තරමට හොදයි වගේම නරක අය ඈත් වෙන තරමටම හොදයි..ඔයාලගේ ඔය තියෙන ෆිට් එක හැමදාටම තියෙන්න ඕන :)

    ReplyDelete
  14. හ්ම් හ්ම්.....මටත් ඉස්කෝලේ කාලේ මතක් වුණා..........

    ReplyDelete
  15. ඉස්කෝලේ කාලේ ඇති උන යාළුකම් තමයි ඇත්තම යාළුකම්..

    ReplyDelete
  16. ස්කෝලෙ කාලෙට ආයෙත් ගියා.. ඇත්තටම ලස්සනට ලියලා.. :)
    වාසනාවන්..!!!!

    ReplyDelete
  17. @ඕනයා අයියා- ඔව් අයියේ , ඒ කාලේ යාළුකම් තමයි හැමදාටම ආරක්ශා වෙන්නේ,.
    මටත් බ්ලොග් අවකාශෙන් නම් ගොඩාක් හිත හොඳ යාළුවෝ ලැබිලා තියෙනවා,. :)

    @වර්ණා- මමත් ගියේ බාලිකා පාසලකට තමයි නංගියො,. ඒත් පන්ති වලදි මට ගොඩාක් යාළුවෝ අඳුනගන්න ලැබුනා,. ඒ අය තමයි අද වෙනකන්ම මගෙ ගාව හැමදේටම ඉන්නේ,. :)
    ඔය පිරිමි ළමය හරි ආසයි කිව්ව මෙහෙන්දි වලින් අතේ ඇඳගන්න. ඉතින් මාත් ඇඳා,. හෙ හෙ

    ReplyDelete
  18. @හිතූ නංගා- ගොඩාක්ම ස්තූතියි මගේ නංගෝ,. ඇත්ත, පහු කාලෙක ගොඩාක් අය අපට ලං වෙන්නේ අපෙන් ප්‍රයෝජනයක් ගන්න බලාගෙන,. ඒත් ඉස්කෝලේ කාලේ යාළුවෝ එහෙම නෑ,.

    @විසිතුරු- :) ස්තූතියි.

    ReplyDelete
  19. @ආශා- අනිවාර්යෙන් ආශා, මට නම් මෙතන ඔයාට කියන්න මුකුත්ම හිතාගන්න බෑ,. හැමදාමත් කියනවා වගේ ඔයා තමයි හොඳම.. YOU ARE THE BEST. lv u matzzzz.. :)


    @රත්නේ- ඒක නම් ඇත්ත යාළු, :)

    ReplyDelete
  20. @චතුමිතූ- ඇත්තමයි, ඉස්කෝලේ කාලේ තරමට සුන්දර මතකයක් වෙන මොනම කාලේකදිවත් අපිට එකතු කරගන්න බෑ,. ස්තූතියි චතූ,.

    @සයුරි අක්කා- ස්තූතියි අක්කා,. නෑ අක්කා අපි එක එක කැම්පස් වල ඉගෙන ගන්නේ. ඒත් අදටත් වෙලාවක් ලැබුන ගමන් අපි එකට එකතු වෙනවා,.

    ReplyDelete
  21. @මධුරංග අයියා- අපේ නම් මේ යාළුවො ටික කොහොම ගියත් ගාල්ලෙදි එකතු වෙනවා,. හැමෝගෙම ගම ගාල්ලනේ,.

    අමතක කරන්න බෑ නේන්නම් අයියේ,. :) ඒක නෙවෙයි මගේ ෆොටෝ මරු කිව්වේ මොකද? :P

    ReplyDelete
  22. @නිසුපා අක්කා- හෙ හෙ.. ඒකනේ මටත් යන යන තැන යාළුවෝ නම් ඉන්නවා,,. ඇත්තට යාළුකම් නම් ඉබේමනේ ඇති වෙන්නේ, නම අහනවා, ගම අහනවා,. ඊට පස්සේ කථා කරන්න ගියාම මෙලෝ සිහියක් නෑ,. :) :D

    @චතූ- ස්තූතියි යාළු,. :)

    ReplyDelete
  23. @තනි අලියා- :))))))

    @Chamma- ඒක නම් ඇත්ත,. ඒත් හොඳයි නරකයි කියලා යාළුවෝ වෙන් කරන්නත් බෑ,. නරක යාළුවන්ගෙනුත් අපිට ගන්න පුළුවන් පාඩම් තියෙනවා,.

    ReplyDelete
  24. @සී. නී- හ්ම්ම් හ්ම්ම්.. ස්තූතියි නංගෝ,

    @Dinesh අයියා- ඔව් අයියා ඒ තරම් වටින බැඳීම් ආයේ ඇති කරගන්න බෑ.

    ReplyDelete
  25. @නන්දු- ස්තූතියි. :)

    ReplyDelete
  26. යාලුවෝ ගොඩක් එක්ක ඉඳපු කෙනෙක්ට ඒ හැමෝගෙන්ම වෙන්වෙලා තනියෙන් ජිවත්වෙද්දී කොහොමද දැනෙන්නේ.මන් ඉන්න රටේ කවුරුත් නෑ මට

    ReplyDelete

Back
to top