♥ පන්හිඳ ගොළුවිය ♥


නැග එන සිත් රළ, ගලපනු නොහැකිව,
කවක් ලියන්නට ගත්මුත් පන්හිඳ,.
වෙරළේ හැපෙමින ගල් පර බිඳිමින
ඔබගේ නම යලි යලි කැටයම් වෙන,.

උපමා නොමැතිව එළිවැට බිඳගෙන
ගිලිහෙන කවි සියොතුන් ‍රැළ ‍රැකගෙන,
කූඩු කරන්නට තැත් කල මුත් මම,
විසිරී යන සිත කෙලෙසක රකිමිද??

මී මැසි කැළ ලෙස ඉවසුම් රහිතව
මී වැනි වූ ඔබ රුව දෙසටම නෙත ගිය,.
ඔබ ගැන, මම ගැන ගලපනු නොහැකිව
අසරණ වූ මගේ පන්හිඳ ගොළුවිය,.



කාලෙකට පස්සේ ඔන්න මම පෝස්ට් එකක් දාන්න හිතුවා,. මගේ මොඩම් රාජයගේ මොකක්දෝ අවුලක්. ඒ නිසා මේ දවස් ටිකේ කාගෙවත්ම බ්ලොග් කියවන්නත් බැරි වුනා,.ඒකට යාළුවෝ මා එක්ක තරහ නෑ කියලා මම හිතනවා,.මේ දවස් ටිකේ මම ගැන හොයලා බලපු හැමෝටම ගොඩක්ම ස්තූතියි,.

CONVERSATION

19 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. දැන් ඒ අවුල හරි ද?? කල් අරගෙන හොඳ පෝස්ට් එකක් දාල තියෙනවා... එල!

    ReplyDelete
  2. ප්‍රශ්නයක් නම් කාලයට ඉඩ දීලා බලන්න

    ReplyDelete
  3. කවිය ගොඩාක් ලස්සනයි
    මම ත් බැලුවා මොකද අක්කි පේන්නවත් නැත්තේ කියලා

    ReplyDelete
  4. තාම මොඩම් රාජය කේස්ද? :)
    අායෙ ලියනකං බලං ඉන්නව අෑ! :)

    ReplyDelete
  5. හිතට හීනියට වැදුනා

    ReplyDelete
  6. oya panhinda golu kara ganna epa deviyane..

    ReplyDelete
  7. "අසරණ වූ මගේ පන්හිඳ ගොළුවිය,."ආදරේදී එහෙම වෙනවලු නේද?ඇත්තද එක ?...

    ReplyDelete
  8. කොහොම මෙච්චර ලස්සනට ලියනවද මන්දා??? :)
    ලස්සනයි අක්කියෝ...

    ReplyDelete
  9. මගේ ආත්මයටම
    ඔබේ මතකය එක් වෙලා අද
    නුඹ දන්නේ නැති උනාට
    අපි දෙන්නගෙම හිත්
    එකම හැගුමෙන් වෙලෙන කොට
    කෙලෙස ලියම්ද කවක්
    නුඹේ සොදුරු මතකය
    මුසු නොකර මම..

    ReplyDelete
  10. ලස්සනයි අක්කියෝ.මොකක්ද මටත් මතක් වුනා මේක කියවනකොට

    ReplyDelete
  11. ලස්සන කවි සිතුවිල්ලක් !!! සමහර දේවල් කියාගන්න සිංහල හෝඩියේ වචන මදි වෙන කතාව නම් ඇත්ත ය.

    අම්මෝ නංගි ගොඩ කාලෙකට පස්සේ. මෙහෙම පෝස්ට් එකක් කියවන්න ලැබුන එකත් ලොකු දෙයක්. ඉක්මනටම ඩොංගල් රාජයාව හදාගෙන ආයෙම බ්ලොග් අවකාශයට එන්න.

    ReplyDelete
  12. "කූඩු කරන්නට තැත් කල මුත් මම,
    විසිරී යන සිත කෙලෙසක රකිමිද?"

    මම ආසම පේලිය....:)

    ReplyDelete
  13. "උපමා නොමැතිව එළිවැට බිඳගෙන
    ගිලිහෙන කවි සියොතුන් ‍රැළ ‍රැකගෙන,
    කූඩු කරන්නට තැත් කල මුත් මම,
    විසිරී යන සිත කෙලෙසක රකිමිද??"

    ඇත්තනේන්නම්.. පන්හිද ගොළුවෙන එක සිතිවිලි විසිරෙද්දී..
    හරිම ලස්සන කවි සිතිවිල්ලක් ප්‍රාර්ථනා.. :)

    ReplyDelete
  14. අම්මියෝ මගේ අක්කියා ඇවිල්ලා..:D ලස්සන කවි සිතුවිල්ලක් අක්කි.. නියමයි....

    ReplyDelete
  15. ඇත්ත අක්කියෝ.. හිතේ නිදහසක් නැත්තන් පන්හිඳත් ගොළු වෙනවා... ඉක්මනට අයෙත් ලියන්න පටන් ගන්න... අපි ආසාවෙන් මග බලන් ඉන්නෝ... :) :)

    ReplyDelete
  16. සැමදා සැමහට සුමිතුරු පන්හිඳ
    විසිරුණු සිතකට එයමයි සංහිඳ

    ලියන්න නංගා...තව තව ලියන්න...

    ReplyDelete
  17. අක්කව හම්බෙන්න ඕන.... නිවාඩු වෙලවක කියන්න.

    ReplyDelete
  18. මටත් එහෙම්මම වෙලා

    ReplyDelete
  19. පන්හිදට ගොළුවන්න ඉඩ දී
    සිත් මලට පිපෙන්ට සිත් වී
    හදවතේ කොන සැංගිලා හිදි
    ආදරේ කොදුරන්න බොලදී

    අසරණයාගේ පොස්ටුවක බ්ලොග ගැන විස්තරයක් තිබ් බ නිසා, බුක් මාර්ක් එකකුත් දාගෙන මේ පැත්තේ ආවේ. බලමු.. ජය ශ්‍රී !

    ReplyDelete

Back
to top