හත්වෙනිදට ගාල්ලට ඔයාලත් එනවද.. ?? මමත් එනවා..




ඔන්න එහෙනම් හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කිවුවා මුලින්ම... බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනානෙ  ගොඩාක් කාලෙකින්.. ...මගේ ඩොන්ගල් එකේ ප්‍රස්නයක් නිසා මූනු පොතටවත් බ්ලොග් එකටවත්  එන්න විදියක් නෑ.. ... හරිම දුකෙන් තමයි ඉතිං ඉන්නෙ ඒක නිසා.... වැඩියත්ම දුක ඔන්න බ්ලොග් ලියන අය ලේස්ති වෙනවලු ගාල්ලට එන්න.... එන්නත් කලින්ම මූනු පොතේ ගෲප් එකක් එහෙම හදාගෙන පිස්සු නටනව කියල තමයි ආරංචිය..  කොහෙද ඉතිං මට එන්න විදියක නෑනෙ... :( :(

 කොහොමින් කොහොම හරි කමක් නෑ  ඔන්ලයින් එන්න බැරි උනාට 7 වෙනිදට මමත් එනව ගාල්ලට...

දැන් කොළඹ රටේ ඉදියට ගාල්ල ඉතිං මගේ උපන් ගමනෙ...  කලිනුත් අපි ගාල්ලෙ බ්ලොග් ලියන කට්ටිය එකතු උනා ඔයාටල මතක ඇතිනෙ... එදා ඇත්තටම  ගොඩක් සතුටු දවසක්.... මෙන්න මෙදාපාර ලංකාව වටෙන්ම එනවලු... ඉතිං නෑවිත් කොහොමද...

කවුරු හරි තාම ඒ ගැන දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් බලාගන්න පුලුවන්...

කොළඹ ඉදල එනකට්ටිය ඉන්නවනම් රාජ් මෙන්න මෙහෙම කට්ටිය එකතු කරනවා.. එයාලත් එක්ක එකතු වෙලා අධිවේගී එකේ අධි වේගයෙන් එන්න පුලුවන් ඔයාලට....



දේව්
කිඩෝ මලය

එහෙමත් ලියල තියෙනව මේ ගැන...

ඔක්කොම කට්ටිය  60 විතර එනවලු.... ...

එහෙනම් දැකපු නැති කට්ටිය දැකගෙන කතා කරලා දැන අදුන ගන්න හරිම ආසාවෙන් තමයි ඉන්නෙ...

පුලුවන් කමක් තියෙන හැමෝම එන්න.....

ගාල්ලට එනවනම්

උදේ 8.00ට  බස් ටෑන්ඩ් එකේ අලුත් පාලම උඩට
දවල් කෑමට රු 200 / = ක මුදලක්
වතුර නෑ ඒ හරියෙ... ඉතිං ලොකු වතුර බෝතලේකුත් අරගෙන එන්න...

එහෙනම් 7 වෙනිදට මුනගැහෙමු යාලුවනෙ......



 ____________________________________________
මේක ප්‍රාර්ථනා ලියන විදියට ලියන්න පෂ්ඨ ගේමක් තමයි දුන්නෙ.. ඒ ඇත්තිගෙ ඩොන්ගල් අර්බුදේ තාම එහෙමමයි... ඒත් මේක ගැන පෝට්ටුවක් දාන්න ඕනෙමයි කියල පාස්වර්ඩ් එක මට දුන්න මෙන්න මෙහෙම  ලියන්න කියල...

ඒ කරපු කැප කිරීමට මන්න ඇයට මාගේ ප්‍රණාමය....

ප්‍රාර්ථනා වෙනුවට මේක ලියපු එකත් ගාල්ලට එනව එදාට සෙටාර් වෙන්න

ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ.. බුදු ෂුවර්....

එහෙනම් ගාල්ලෙදි සෙට් වෙමු කෂ්ටිය...... ;)

CONVERSATION

14 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා නංගී..

    අපිට ඉතින් එන්න විදිහක් නෑනේ.. :(

    ReplyDelete
  2. අපිට ආආ...තල් නැ.....

    ReplyDelete
  3. ඕක ඉතින් කවුරු ලිවුවත් අපිත් එන්ට තමයි හිතාන ඉන්නෙ හරිය...
    එතකොට මේකෙ අයිතිකාරිය එන්නෙ නැතිද?

    ;-)

    ReplyDelete
  4. මම නම් දන්නවා මේක ලියපු එකාව :D

    ReplyDelete
  5. මමත් දන්නවා ලියපු එකානම්..ඒත් ඉතින් උඩ ටිකනම් ප්‍රාර්ථනාගේ අදහස් ටිකක් තමයි..කොහොමහරි කමක් නෑ මමත් සෙට් වෙනවා එදාට

    ReplyDelete
  6. මේක ලියපු එකාට එදාට දණ ගහන්න වෙනවා, ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ. බුදු ෂුවර්....

    ReplyDelete
  7. හෆ්ෆා... මගෙ අක්කියාත් එනවා...:( මට එන්න බැරිවුනාම දුකයිනෙ...:( මොනාකරන්නද මන්දා......

    මමත් දන්නවා ලියපු කෙනාව.. ආයෙ හෝදන්න දෙයක් නෑ...:D

    ReplyDelete
  8. අපිට ඔව්වට පින නෑ අනේ....

    ReplyDelete
  9. ඒ මටත් කියාපංකො ලියපු එකාව ... :( :(

    ReplyDelete
  10. මේක ලියපු එකාද??? හිතා ගත්ත හැකි ඒක නම්.

    අනේ මට එන්න වෙන්නෙ නෑ නෙ.
    මේ... මේක ලියපු එකාටයි මේ කියන්නෙ ප්‍රාර්ථනා නගාට කියන්න "සුභ නව වසරක් වේවා" කිව්වා කියලා.

    ReplyDelete
  11. ප්‍රාර්ථනා නන්ගිගේ පෝස්ට් එකක් කියවන්න උනේ සෑහෙන කාලෙකට පස්සේ. ඉක්මනටම ඩොංගල් එක හදාගෙන එන්න.
    අපිත් ගාලු එන්නම්

    ReplyDelete
  12. කට්ටිය එකතු වෙමු... මන් මාර ට්‍රයි එක්ක් දීලා එන්නම්

    ReplyDelete
  13. මමත් දන්නවා ලියපු කෙනාව හික් හික්..
    මමත් එනවා අක්කේ.. සෙට් වෙමු ඔන් :)))

    ReplyDelete
  14. අසරණයා අයියාගේ පෝස්ටුවේ ලින්ක් එකෙන් ආවේ ඊලග අවුරුද්දෙවත් සෙට් වෙන්නම්කෝ ගාල්ලට මේ මගඇරුණු අවස්ථාව ගැන ඇත්තටම දුකයි අප්පා පොටෝ දකිද්දි දුකාාාාායි..ඩොංගා හදාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා ඕං ජය වේවා

    ReplyDelete

Back
to top