ගාලු ගෙට්ටුව?????? පෝස්ට් එකක්ද මන්දා,.. :)


කොහොමද ඉතින් කට්ටියට,. බ්ලොග් එක පැත්තේ ආවේ සෑහෙන කාලෙකින්,. පෝස්ට් එකක් දාන්නමයි කියලා එයාගේ ඩොන්ගලේ මට දීපු යසයා මල්ලිට ගොඩක් පින් හොඳේ,.ඒ වගේම මගේ කලින් පෝස්ට් එක මම වෙනුවෙන් ලියපු අපේ හෝදන්න දෙයක් නැති කොල්ලටත් ගොඩක් ස්තූතියි,.  ඉතින් හැමෝම මඩ නාගෙන ඉන්න වෙලාවේ මටත් හිතුනා කවුරුත් දන්න කියන අපේ get together  එක ගැන ලියන්න,. අනේ මන්දා ඉතින්,.මොනව ලියන්නද කියලා,. ඇත්තමයි මට ලියන්න දෙයක් හිතාගන්න බෑ.. :p 


ඔන්න ඉතින් උදේ පාන්දරම කුකුළත් අතේ අරගෙන ලේස්ති වුන මම 8ට 10ක් තියලා ගාල්ලේ පාලම ගාවට ලඟා වෙද්දිම ගාල්ලත් බණ්ඩාරවෙල වගේ කියලා හිතාගෙන අත් දිගට ඇඳලා ඊට උඩින් තව ශර්ට් එකකුත් දාගත්ත අපේ සොනික් මල්ලි තනියම පාලම උඩට වෙලා බලාගෙන හිටියලු,. ඉතින් මමත් ඔතනට ගිහින් අපෙ කට්ටිය ඔක්කොම එනකන් බලාගෙන හිටියා,. ඔය අතරේ බනියා, ජනරඟ, හිම හංසි, චිරාන්, ප්‍රවීන් අයියා, මන්තරකාරී අක්කා, සමිල මල්ලි, රොශාන් මල්ලි, ශයංග, තරින්ද, රෙප් මහත්තයා, පණුවා නොහොත් අනුරාධ අයියා, යොහාන්, නලින් අයියා, චාමිල අයියා, ඉෂාන් , මහිම , ජනිත මල්ලි,  ගෝල් ‍ෆිස් අයියා, සිංහයා කියන කට්ටියත් පාලම උඩට එකතු වුනා,. 


එහෙම එකතු වුන අපෙ කස්ටිය ඔක්කොමත් එක්ක බස් එකක නැගලා රූමස්සල හන්දියෙන් බැහැ ගත්තා.. ඉන් පස්සෙ එතනට වෙලා අපේ අනිත් බ්ලොගර්ස්ල එනකන් කට්ට කාපු අපි ඒ අය ආපු බස් එකේම නැඟලා රූමස්සල කන්ද නගින්න පටන් ගත්තා,.ඒ කන්දත් නැග්ගා කියමුකෝ,. ඊට පස්සේ කට්ටිය අඳුන්නලා දීලා අපේ අභියා අයියා, රංග අයියා, වගේ  ටික  දෙනෙක් හීනියට වගේ සෙට් වුනාලු,.. 
ආහ්හ් ඔය අතරේ පවනි තරංගා කියන අක්කා හොයාගන්න අපේ කට්ටිය ගේමක් දෙනකොට කවුදෝ කොල්ලෙක් මම තමයි පවනි තරංගා කියාගෙන මතු වුනාලු,. (අනේ මන්දා,.. :P) ,. 


ඔය අතරේ කොහෙන්දෝ ලොකු කොට කැල්ලක් හොයාගත්ත සිහිනයා ඒක මුහුදට දැම්මොත් වතුරේ පාවෙන්න පුළුවන් කියලා බැරි බැරි ගාතේ කොටෙත් උස්සගෙන මුහුද පැත්තට ඇඳුනලු,. උදේ ඉඳන්ම බඩගිනියි බඩගිනියි කිය කියා හිටපු හිමා නංගිට බයිට් පැකට්, බිස්කට්, බීම ජාති සපයන්න අපේ අයියලා සෙට් එකක් පුල පුලා බලාගෙන හිටියලු,. :D . අධිවේගෙන් එන්න කියලා උදේ 3.30ට එයාව ඇහැරවන්න කියලා මටයි දේවා අයියටයි කියපු වර්ණා නංගි කිරිටොපි හදන්න ගිහින් ඒව බුල්ටො වෙලා ඒ ඔක්කොම මඟ දාලා කොට්ටාවට එද්දිම 10.30 වුනා කියලා තමයි ආරංචි,. අපේ කට්ටිය අරගෙන කොට්ටාවෙන් ආපු දෙවෙනි බස් එක අධිවේගෙදි මඟ හිටලා කට්ටියට ඒක තල්ලු කරන්නත් වුනාලු, :P. එහෙම කරදර ජරමර ඔක්කොම විඳගෙන ඒ කස්ටිය ගාල්ලට එද්දි දවල් කෑම වෙලාවත් පහු වෙලා තව පැය දෙකක් විතරත් ගිහින්ලු,.


කට්ටිය නාලා කාලා ඔක්කොම කරලා ‍රැල්ල ටිකක් පාගන්න කියල මුහුදට බැස්සම පැත්තකින් තිබුන කළු ගලක් දැකලා අපේ කට්ටියටම ඒක උඩ ඉඳන් බිමට පැනලා බලන්න මාර ආසාවක් ආවලු,. ජනරඟ දෙතුන් වතාවක් ගලෙන් බිමට පනින්න උත්සාහ කිරීමෙද දිව හපාගෙන හක්ක කඩාගත් බව කාටත් නොරහසකි,. ) :P . 


කොට , ගල්, ලණු වලට දැඩි සේ ආසා කරන අපේ කට්ටියගේ ඊළඟ අංගය වුනේ show  එකට ගෙල වැලලාගන්නට උත්සාහ කිරීමලු,. 


ඒ අතරේ වෙරළේ නාමින් සිටින පිට‍රැටියන්ට බැල්ම දැමූ අපේ අයියලා, මල්ලිලා ටික ඒ අයගේ පින්තූර පවා මතක සටහන් විදියට ලබා ගත්තාලු. :P  අන්තිමෙ සිංදු කියන්න සෙට් වුන අපේ කට්ටියගෙ නැ‍ටුම්, විශේෂයෙන්ම නාකියා අයියා සහ පොඩි මෑන්ගෙ නැ‍ටුම්, ලෝක ප්‍රසිද්ද නැ‍ටුවන්ගෙ ලඟින්වත් තියන්න බැරි තරම්  විශිෂ්ඨ විදියට තිබුනලු,.,. 


ගෙට්‍ටුවට අඳින්නම කියල අළුතින්ම කලිසමක් ගත්ත අපේ චතූ මිතූ අක්ක ඒ කලිසම අළුත් බව පෙන්නන සාක්ශි ඇතුවම කලිසම ඇඳන් ආවලු,.ඔය අතරෙ හීනියට වගෙ මලක් කඩාගෙන හිටපු කට්ටියත් දෙතුන් දෙනෙක් හිටියලු,. (චිරාන් අයියා, සමිල මල්ලි ඔයාලට තොප්පිය හරි නම් දාගත්තට කමක් නෑ හොඳේ., :D )


 ඒ අතරෙ කොහෙන්දෝ කැමරාවක් උස්සගෙන ආපු අනුරාධ නොහොත් පණුවා අයියා හතර වටේට කැරකි කැරකි දෙකට තුනට නැවි නැවි අපේ කට්ටියගෙ පින්තූර ගැහුවලු,. :P (මඩක් නෑ කියල උඩ පැන්න නිසා ඔන්න මඩ දුන්න.. :D). කොහොම කොහොම හරි එක එක විකාර කරපු, ඒ විකාර නිසාම මඩ නාගත්තු අපේ කට්ටිය අන්තිමෙදි සින්දුවක් දෙකක් එහෙමත් කියලා,  group photo එකකුත් අරගෙන ගෙවල් බලා යන්න පිටත් වුනාලු,. පිටත් වුනා කිව්වට බායි බායි කිය කියා එතනම ‍රැඳිලා ඉඳපු වෙලාව පැයකටත් වැඩියිලු,. 




අනේ මන්දා, ඔන්න මමත් පෝස්ට් එකක් ලිව්වලු,. හැමොම ගැන ලියන්න නම් බැරි වෙන්න ඇති, ඒ ගැන නම් කවුරුත් මා එක්ක තරහ වෙන්න ඔට්‍ටු නෑ ඕන්,. දවස් ගානක් දැඟළුවත් මේ පෝස්ට් එක මේ විදියට ලියවුනත් හිතට නම් මදි වගේ,. හිතට තදින්ම වැදුන හැඟීම් , බැඳීම් ගැන වචන වලින් ලියන්න හරිම අමාරුයිනෙ,. ඒ හැඟීම මට වෙන කවදටත් වඩා මේ පෝස්ට් එක ලියද්දි දැනුනා,. ඒ ඇති වුන සහෝදර බැම්ම කවදාවත් බි‍ඳෙන බැඳීමක් නොවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා,. පවුලක් එකට එකතු වුන තැන තිබුන ආදරය, සෙනෙහස, සතුට ඒ හැමදේම මේ එක දවස ඇතුලට මට දුන්න මගේ ආදරණීය අයියලා, අක්කලා, නංගිලා මල්ලිලා හැමෝටම ගොඩක්ම ස්තූතියි,. 


ගෙට්‍ටුව ඉවර වෙලා ගෙදර ආවම පුදුම තනිකමක් පාළුවක් දැනුනත් එදා දවස ගත වුන විදිය ගැන නම් තියෙන්නේ පුදුම තෘප්තියක්,.  අඟල් 21 අතරෙන් එපිටට ගියපු සහෝදර බැඳීමක් අත් විඳපු ඒ දවස සුන්දරයි,. ඉතින් තවත් කියන්න ගියොත් මේක අඬන පෝස්ට් එකක් වෙන නිසා මම මෙතනින් නවතිනවා,. හැමෝටම ආයෙමත් ගොඩාක්ම ස්තූතියි,.


ප.ලි: 
ගෙට්ටුවට පැමිනි සියළු දෙනාගේ ඡායාරූප සහ තවත් දෑ ඇතුලත් තවත් පෝස්ටුවක් ලඟදීම බලාපොරොත්තු වන්න,. :P


ප.ප.ලි : මේ පින්තූර සියල්ලම අනිත් අයගේ ඇල්බම් වලින් උස්සන ලද ඒවා බව කරුණාවෙන් සලකන්න.. 

CONVERSATION

41 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. දැන් නම් මඩ ඇති වගේ. තවත් මඩ ආවොත් තවත් කීප දෙනෙකුගේ ඇස් රතු වෙන්න බැරි නෑ. අගල් 21 න් එහා ගිය edaa ඇති උන සහෝදර බැම්ම කවදාවත් බිදෙන බැම්මක් නොවේවා.

    ReplyDelete
  2. "ඒ අතරෙ කොහෙන්දෝ කැමරාවක් උස්සගෙන ආපු අනුරාධ නොහොත් පණුවා අයියා හතර වටේට කැරකි කැරකි දෙකට තුනට නැවි නැවි අපේ කට්ටියගෙ පින්තූර ගැහුවලු,. :P (මඩක් නෑ කියල උඩ පැන්න නිසා ඔන්න මඩ දුන්න.. :D)."

    අයියෝ නංගී මෙව්වත් මඩද? මට වැදිලා තියෙන මඩ වල හැටියට මේවා මොනාද? හෙ හෙ හෙ.... :D:D:D

    ReplyDelete
  3. ඒ මයෙ පොටෝ එක උස්සලා‍....
    පෝස්ටුව නම් කදිමයි.. අක්කා නම් අරිරිරිරිරිරි.. හොදයි.. මං ගැන මඩ නෑ... (කොහොමත් ගහන්න මඩකුත් නෑ නේ) හි හි...!!!

    ReplyDelete
  4. අඩේ මෙයාට තියෙන‍්නේ අඟල් 21ක මොනිටරයක් :D

    ReplyDelete
  5. හලේ......... සිත් අහස පන්හිඳ අතට අරගෙන..... :DD
    වර්ණා අක්ක කොළඹට එන්න ඔච්චර පරක්කු වෙනවා කියල දන්නවා නම් මාත් එනවා නොවැ... නියමයි.. :))

    ReplyDelete
  6. හැක හැක හැක මම පරක්කු වුනේ අක්කේ මගේ අක්කා පරක්කු උණු නිසයි බොල :/
    බුල්ටෝ ගෙනව‍ා 22 හුරේ... :ඩි
    මටමනේ මඩ ගහන්නේ :(( හැක හැක හැක
    ඇත්තටම එදානම් සුපිරිම දවසක් නේද අක්කේ...

    ReplyDelete
  7. නංගිව අඳුනා ගන්න ලැබුනට මන්තරකාරිටත් සතුටුයිලු... :) :)

    ReplyDelete
  8. කස්ටියම හදුන ගන්න ලැබුනට මටත් සතුටුයිලු.....:D

    ReplyDelete
  9. අර ෆේස්බුක් එකේ තියෙන පින්තූර වල එක එක්කෙනාගේ බ්ලොග් නම් වලින් ටැග් කරලා ඒ අයගේ බ්ලොග්ස් වල ලින්ක් එක එහෙම දාන්නකෝ . .

    එතකොටට අපිට ආ මේ බ්ලොග් එක ලියන කෙනා තමා මෙයා කියලා අඳුන ගන්න පුලුවන් . . .

    ගෙට්ටුවට ආපු නැති අයට ඒක ලේසියි . .

    පුලුවන්ද එහෙම කරන්න . . .??

    බලමු සයිබර් ෆෙස්ටිවල් එකටවත් එන්න ට්‍රයි එකක් දෙන්න . .

    සතුටුයි ඔයාලා හැමෝම සතුටු උනු එන ගැන . ..

    ReplyDelete
  10. මෙයා කොහොම කොහොම හරි කියා ගත්තා එයාට තියෙන‍්නේ අඟල් 21ක මොනිටරයක් කියලා :D
    ගොඩක් අය කලින් හමුවෙලා තිබ්බත් සමහරක් අයව දැක්කෙත් එදා
    දුකා අයියා කිව්වා වගේ ෆොටෝස් වල ටැග කරද්දී බ්ලොග් ලිපිනයක් දාන්න කියවපු නැති අයගේ බ්ලොග් ඇති ඒ අස්සේ

    ReplyDelete
  11. @Dar[K] විලිලැජ්ජයි බං.. මෙයාට එච්චර ලොකු මොනිටරයක් නැ.. ඔය ගෙදර TV එකේ ගාන කියලා තියෙන්නෙ :D :D

    අර පනුවා ගත්තු පොටොස් අභිත අයියා පබ්ලිශ් කලා නම් ඌට යසටම මඩ ගහන්න තිබ්බා.. ඌ ගත්තුවා ඒ තරමට අසභයයි... :D :D

    ReplyDelete
  12. ඔන්න ඔන්න ඉතින් අක්කා වැරදි වැඩ කරලා..හීනියට මටත් මඩ පාරක් ගහල තියෙන්නේ...;)

    කොහොම හරි එදා මටත් මාර හැපිලු!!!
    :)))))

    ReplyDelete
  13. කොහොමහරි මොනිටරේ අගල් 21ක් කියලා කියගත්තනේ :D

    ReplyDelete
  14. නියමායි ලමායි....

    ReplyDelete
  15. මළ සේක..
    මම නම් ඔහොම එහෙකට ආවෙ නෑ....
    කවුද ඔය මගෙ නම කියාගෙන ආව එකා??
    අහුවෙච්චදෙන්කො ඕකව.....
    සෑහෙන විමර්ශණය කොරන්ට ඕන ප්‍රශ්නයක් ඕක....

    ReplyDelete
  16. දුකයි අප්පා එන්න බැරිවෙච්ච් එකට සැනකෙලියෙදි වත් බලමු

    ReplyDelete
  17. ඊරිසියාවේ බෑ.. මෙව්වා බල බල මෙහෙටම වෙලා හිටිය ඇතිද මන්ද..

    ReplyDelete
  18. @Bunny හරි හරි මන් කිව්වේ එයාගේ මොනිටරේ ගැන මිසක් ටි වී එක ගැන නෙමේ නේ
    සිරා ඒවා පබ්ලිස් කරන්න පුළුවන් තරමට වැදගත් xD

    ReplyDelete
  19. එන්න බැරි උනාට දුකයි . . ඒත් මොනා කරන්නද ????? බලමු ලබන අප්‍රේල්වත්

    ReplyDelete
  20. දුකා ගේ කොමෙන්ට් එකත් එක්ක 100% එකයි.පොඩ්ඩක් දාන්නකෝ.අපිට බලාගන්න.

    ReplyDelete
  21. එලකිරි ආ..... වැඩේ නියමට ගියා!!
    යාලුවෝ ගොඩාක් අදුන ගත්තා...විනෝද වුනා...
    නියමයි!

    ReplyDelete
  22. ඇඩෙනවා අක්කේ.. මන් ඒ සතුට කැම්පස් එකට කැප කරා..

    ReplyDelete
  23. ඒ බන් ප්‍රාර් හැම එකාටම හරි අප්සට් නේද මගේ හක්ක පැනපු කේස් එක..පව් දුකේ බෑ..කොහොමහරි කමක් නෑ අර ශයන්ග කිව්වා වගේ අර අඹගැට සිද්ධිය සහ තොටිල්ලක් තෑගි දීමේ මගේ යෝජනාව ගැන කියලා නෑනේ..හිකිස්

    ReplyDelete
  24. අපරාදේ යන්න හිතන් හිටියත් මට යන්න උනේ නැති එකට දුකයි !
    මොනා කරන්නද ඊලඟ සැරේවත් යන්න ඕනා.
    කට්ටිය හොදට විනෝද උනා නම් එච්චරයි !
    නංගිව නම් බස් එකේදි හම්බ උනා නේ. හික්ස් :)

    ReplyDelete
  25. මේ වෙලාවට තමයි හිතෙන්නේ ලංකාවේ හිටියනම් හොදයි කියලා..

    ReplyDelete
  26. ප්‍රාර්ථනාත් එක්ක කතා කළෙත් චුට්ටන් වෙලාවයිනෙ.අපසාදේ.
    මට මෙච්චර ලොකුවට අත්පුඩියක් ගහනවා කියලා දන්නවනම් ඔයත් එක්ක විතරක්ම කතා කර කර ඉන්නවා.ඩී.

    උදේ ඉදලම කට්ටිය එක්ක ගැවසෙන්න නැති වුන එකට නම් මට පට්ටම දුකයි.කමක් නෑ ..
    ආයෙ දවසක මුණ ගැහෙමු නංගි.!!

    ප.ලි.-අර අඹ ගැට කතාව මට ආරංචි වුනාට මම මගෙ පෝස්ටුවට ඒක දැම්මේ නෑ අරී..

    ReplyDelete
  27. දිනේෂ්ට හිතුන දේම තමයි මටත් හිතුනේ..තව හිතුනා කොල්ලෙක් වෙලා ඉපදුනා නම් කොච්චර හොඳඳ කියලා..

    මම ඔය ගමන යන්න හැදුවනම් අනිවාර්යෙන්ම අපේ අම්මා හරි අත්තම්මා හරි පස්සෙන් එනවා.

    ReplyDelete
  28. @රෙප් මහත්තයා- මේවා මඩ නෙවෙයි අලේ,.. ඇත්තටම එදා ඇති වුන සහෝදර බැඳීම නම් කවදාවත්ම නැති වෙන්නේ නෑ,.

    @අනුරාධ අයියා- ඇත්තම කියනවා නම් අයියට ගහන්න මඩක් නෑනේ,. :P ඒක නිසා ඉතින් ඔහොමවත් දැම්මා,.. :P

    @ආගන්තුකයා- හී හී,... අවසාන මොහොත මාගේ,.. අනේ ඉතින් මගේ මල්ලියට මොන මඩක් කියලා ගහන්නද, හැබැයි අර හිමා කිව්වා වගේ ඔයාගේ සුවීට් වොයිස් එක නම් මරේ මරු...

    ReplyDelete
  29. @පොඩි මෑන්- එල එල.. :P :D

    @යොහාන් මල්ලි- අයියෝ,.. ඔන්න ඉතින් අල්ල ගත්තා මොකක් හරි එකක්,. අනේ ඇත්තට ඔයාට ඔය කථාව විතරද මේ පෝස්ට් එකෙන්ම පෙනුනේ,. :P

    @ශයංග- :D

    @ICE - ඒකනේ නගෝ... කොහෙද වර්ණා නංගිගේ බුල්ටෝ ටික හරි ගිහින් නෑනේ,. :P :D

    ReplyDelete
  30. @amila chathuranga- හරිම සෝක්,..

    @වර්ණා- හැක හැක තමයි,. අන්තිමේ බුල්ටොත් නෑ,. :'( සුපිරිදත් අහනවා නංගෝ,. මල් හතයි,. :P :D

    @මන්තරකාරී- අක්කව අඳුනගන්න ලැබුන එක ගැන නංගිටත් සතු‍ටුයිලු,. :D

    @soda ගුණේ- මටත් ඒ ගැන නම් මාරම මාර සතු‍ටුයිලු,. :)

    ReplyDelete
  31. @දුකා අයියා- මම වෙනම ඒ ගැන පෝස්ට් එකක් දාන්නම් අයියේ,. ඇත්ත තමයි, අඳුනන්නේ නැති අය ගොඩාක් ඉන්නවනේ,.
    අනිවාර්යෙන් සයිබර් ෆෙස්ටිවල් එකේද අයියලාවත් අඳුනගන්න අපි හැමෝම ගොඩාක් ආසාවෙන් ඉන්නේ,.

    @Dar[K]- :P හලේ,.. මට හරි වැඩේ ඒක කියාගන්න,. :P මම ආපු ඔක්කොගෙම බ්ලොග් ටික දාන්නම් මල්ලි,. :)

    @bunny- ඒ මාර වැඩේනේ,.. ඔයා කොහොමද දැනගත්තේ මම කිව්වේ අපේ T.V එක ගැන කියලා,.. :P :Dපණුවා අයියට මඩක් ගහන්න එයා මඩ කන වැඩ එළි පිට කරේ නෑනේ අලෝ..

    ReplyDelete
  32. @ගිනි කුරුල්ලා- :D හෙ හෙ.. හීනි මඩක්නේ මල්ලියෝ,. ගනන් ගන්න එපා මෙයා,.. මටත් එදා නම් මාරම හැපි,.

    @මහිම- හෆ්ෆොයි... මම එහෙම කිව්වදෑ,. ඔයාලට ඒක විතරක් පෙනුනට මම මක්කා කරන්නද අනේ,.. :P

    @Raj අයියා- නියමායි අයියේ,. දවසත් නියමායි, ඔයාගේ බොංගෝ වාදනයත් නියමායි,.. :D

    @පවනි- නෑ,.. මළ සේකම තමයි එහෙනම්,. කවුද ඒ ආපු එකා එතකොට,.,.. කණ්නාඩි දෙකකුත් දාගෙන,. කමිටුවක් පත් කරන්න වේවි වගේ,.. .. :P

    @Loku John- කමක් නෑ අලේ,.. අවුරුදු උත්සවේට එන්නකෝ,.. :)

    @ක්සැන්ඩර් Xander- ආවානම් ඔය මුකුත් නෑනේ,. රචියා අයියත් ආවේ දුරු කතර ගෙවාගෙන,. :D

    ReplyDelete
  33. @Dark- ඩොට් දෙකයි පී...

    @ඕනයා අයියා- ලබන අප්‍රේල් වල එන්න අයියා. කොළඹමනේ තියෙන්නෙත්,..

    @අසරණයා- හරි අයියේ, මම දාන්නම්,.. :D

    @Chamikawp- නියමයි අයියේ,. ඇත්තමයි නියමයි,.. :D

    @රහස් පරීක්ෂකයා- ගනන් ගන්න එපා මල්ලියෝ,. අප්‍රේල් වල එන්නකො,. එදාට හැමොම එනවනේ,. :)

    ReplyDelete
  34. වැඩියම මඩ නෑ නෙහ්...

    ReplyDelete
  35. @janaranga- ඔව් අප්පා, දුකේ බෑ,.. ඊට පස්සේ සිද්ධාලේප ගාගන්නකොට කෑගහපු හැටි මතක් වෙද්දි තවත් දුකයි අප්පා... :P. grrrrrrr මගෙන් මුකුත් අහගන්න එපා ඉතින් ඔයා,.. :P

    @මධුරංග අයියාප් ඒකනේ අයියේ අපරාදේ නාවේ,.. කමක් නෑ,. මම නම් අයියා එක්ක බස් එකේදි හොඳ කථාවක් දාගෙන ආවනේ,. :D

    @dinesh අයියා- අයියා ආයෙම ලංකාවට ආව දවසක කට්ටිය එක්ක එකතු වෙන්න පුළුවන්නෙ අයියටත්,. :)

    @නාකියා- ඒකනේ,. අපි වගේ වැදගත් අයව එහෙම ලේසියෙන් අල්ලගන්නත් බෑ අප්පා.. අපරාදේ ඔයාගේ
    chance එක.. :P
    බුදු අයියේ,, මොනවා ලිව්වත් කමක් නෑ ඒ කථාව නම් දාන්න එපා..:D

    @පුංචි කුමාරිහාමි- කොල්ලෙක් වුන කෙල්ලෙක් වුනා කියලා ගත්ත සතුටෙ වෙනසක් වෙන්නේ නෑ යාළු,. අපි හැමොම එක පවුලක් වගේ සතුටු වුනා,. :) ඔයාටත් ඉතින් කියන්න වෙන්නේ dinesh අයියට කියපු දේමයි, ආයේ ලංකාවට ආව දවසක ඔක්කොම කට්ටිය මුණ ගැහෙන්න එන්නකො,. :)

    ReplyDelete
  36. @පැණි දොඩම් අයියා- හෙ හෙ.. වැඩිය නෑ අයියේ,.. ටිකම ටිකා...යි,.. :P

    ReplyDelete
  37. මටත් එන්න බැරි වුනානේ......:(
    කස්ටිය පට්ටම ෆන් එකක් අරගෙන තියෙන්නේ.....:)))
    සයිබර් සැණකෙලියට නම් කොහොම හරි සෙට් වෙනෝ......

    ReplyDelete
  38. හොඳ. . . අක්කි.මට මඩ ගහලා නෑ.ඇත්තටම ගෙදර ආවම පාළුයි.අපි කලින් කරපු ගෙට් එක.අර අපි 12ක් වගේ හිටියෙ.මම ආසම ඒකට.

    ReplyDelete

Back
to top