෴ජීවිතේ සුන්දරද මෙතරම්෴


ජීවිතේ,..... සමහරු කියනවා ගලාගෙන යන ගඟක් වගේලු,. ගල් බොරළු වංගු නිසාලු ඒ ගඟේ ලස්සන වැඩි වෙලා පේන්නේ,. ඇත්තටම ඒක එහෙමද? පිටින් බලන කෙනෙකුට ගඟේ භයානක බව, ගැඹුර ගැන වැටහීමක් ගන්න බෑ,. ඒ වගේම තමයි කෙනෙක්ගේ ජීවිතේ,. පිට ඉන්න අය මොන විදියට මොන කන්නාඩි දාගෙන බැළුවත් ඒ කෙනා විතරයි හරියටම තමන්ගේ ජීවිතේ ගැන, තමන්ට විඳින්න වෙන හැලහැප්පීම් ගැන දන්නේ,.

පුංචිම දවසවල අම්මගේ අතේ එල්ලිලා, පාර පුරා ඇවිදන් යද්දි දැකපු පාට පාට බැලුම් බෝල, ලස්සන බෝනික්කෝ, සෙල්ලම් කාර්, හරිම සතුටින් හිනා වෙන මිනිස්සු දැක්කම ජීවිතේ කොච්චර සුන්දරද කියලා හිතුන වාර අනන්තයි,. හැමෝගෙම හුරතලේ මැද කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙවුන ඒ කාලේ අපි හැමෝටම ඕනේ වුනේ ඉක්මනට ලොකු වෙන්න,. වැඩිහිටියෙක් වෙලා වගකීම් භාරගන්න. අපේ අම්ම තාත්තා වගේ ස්වාධීන කෙනෙක් වෙන්න,. ඒ වගේම හොඳට ඉගෙන ගන්න,.

මේ හීන ඔක්කොම ගොඩ ගහගෙන අපි ටිකෙන් ටික වයසින් වැඩෙනකොට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න නම් අනන්තයි අප්‍රමාණයි,.  ලෙලි ගියපු දණහිසක්, තරහ වුන යාළුවෙක්, කරන්න බැරි වුන homework එකක් වගේ පුංචි පුංචි ප්‍රශ්න  වලින් පටන් ගෙන බිඳුණ හිතක්, එහෙම නැත්නම් දරාගන්න බැරි පීඩනයක්, අවසානේ මුළු ජීවිතෙන්ම පළිගන්න තත්වයක් වෙනකන් ඒ ප්‍රශ්න වල පරාසය විහිදෙන්න පුළුවන්,. පුංචි කාලේ හැමදෙයක්ම සැහැල්ලුවෙන් හිතන අපි ඇයි වයසින් වැඩෙද්දි මේ තරමට දුර්වල වෙන්නේ. පුංචි දේටත් ඉක්මනින් කඩන් වැටෙන්නේ,. අඬන්නේ.

ජීවිතේ කියන්නේ මහා පුදුම දෙයක් කියලා හිතෙන්නේ අන්න ඒ වගේ අන්ත අසරණ වුන වෙලාවකට,. හැමදේම වැරදුන කෙනෙක් ජීවිතේ ආයෙමත් පටන් ගන්න හදන වෙලාවකම ආයෙමත් එයා ඉස්සරහින් තියෙන පාර ඇස් වලින් ගලන කඳුළු වලින් බොඳ වෙලා යන වෙලාවල් ඕනේ තරම්,. ජීවිතේ තවදුරටත් විඳින්න දෙයක් ඉතිරි වෙලා නෑ කියලා හිතෙන වෙලාවල් ඕනේ තරම්. තමන්ගේ හිත කඩාගෙන වැටෙද්දි, වත්තම් වෙන්න වාරු දෙන්න කවුරුවත්ම නැති වෙද්දි, හැම රෑකම ඇස් වලින් කාටත් හොරා කඳුළු ගලාගෙන යද්දි , දුක කියාගන්න ප්‍රශ්න වලට අවවාද දෙන්න කවුරුත්ම නැති වෙද්දි, වරදිනකන් බලන් ඉඳලා හිනාවෙන මිනිස්සු වැඩි වෙද්දි, පුංචි කාලේ මවපු හීන ලෝකේ යතාර්ථයක් නෙවෙයි කියලා තේරුම් යද්දි ආපහු හැරෙන්න තරමට අපි පරක්කු වැඩියි,. ඉක්මණට ලොකු වෙලා වගකීම් ගන්න ආසාවෙන් හිටපු ඒ පුංචි එකාම උහුලගන්න බැරි තරම් වගකීම් ගොඩක් අස්සේ හිර වෙද්දි ආයෙමත් ළමයෙක් වෙන්න ඇත්නම් කියලා හිතුන වාරත් නැතුවමත් නෙවෙයි නේද?. 

ඒත් ... අපිට ආයෙමත් හැරෙන්න බෑ. මේ ජීවිතේ ගඟක් වගේ කියන කථාව එක අතකින් ඇත්ත වෙන්නේ ඒ නිසා,. ගඟක් උල්පතකින් පටන් අරගෙන මුහුද වෙනකන් යද්දි කොච්චර බාධක ආවත්, කොයි තරම් වේදනා දෙන ගල් පර වල හැපෙන්න වුනත් ඒ ගඟට ආයෙමත් හැරෙන්න බෑ,. ගඟේ ගමනාන්තය විය යුත්තෙ මහ මුහුද,.ඒ වගේම තමයි අපේ ජීවිතෙත්, කොච්චර බාධා ආවත් අපි යායුතු ගමන අපි යායුතුමයි,. හති වැටේවි, ඉස්සරහට යාගන්න බැරුව දඟලන අය කකුලෙන් අදීවි, සමහරවිට ආදරෙන් ඔළුව අතගාලා ටොකු අනින සමහරුත් ඉඳීවි, හිත් රිදවීම් ඕනෑ තරම් ඇති වේවි,. කඳුළු ගලාවි,. ඒත් ඒ කඳුළු පිහදාලා බලන දවසක ඔබ නුදු‍ටුව අළුත්ම මාර්ගයක් දකීවි,.ජීවිතේ වැරදුනා කියලා හිතුනත් ඒ වැරදීම නිසාම ලොකු ජයග්‍රහණයක් ලබාගන්න ඔබට පුළුවන් වේවි,. කටකතා, මඩ ගැහීම් කොච්චර ආවත් නොසැලී ඉන්න පුළුවනි නම්,.ඔබේ ඉදිරිය පැහැදිළි එකක් වෙනවා නොඅනුමානයි,.

වැටෙන හැමවතාවකම ඊට වඩා ශක්තිමත් විදියට නැගිටින්න පුළුවන් නම් කෙනෙක් ජීවිතේ ලබන ලොකුම ජයග්‍රහණය ඒක කියලයි මම හිතන්නේ,. අපි වැටෙන වෙලාවක අපෙන් කඳුළු, සුසුම් හෙලීම් බලාපොරොත්තු වෙන සමාජයට ලොකූ හිනාවකින් සංග්‍රහ කරන්න පුළුවන් නම්, හිතේ දුක යටපත් කරගෙන අවංකවම හිනාවෙන්න පුළුවනි නම් ජීවිතේ විඳීම තියෙන්නේ එතැනයි,.  ගල් පර ගොඩාක් එකතු වුන උඩකින් ගංගාවක් කඩාගෙන හැලෙද්දි එතනින් ලස්සන දිය ඇල්ලක් මැවෙනවා වගේ ඔබේ ජීවිතේ අසීරුම තැනදි ඒ අසීරුම පියවර ජීවිතේ සාර්ථකම පියවර විදියට ගොඩනගාගන්න පුළුවනි නම්, ඒකයි ජීවත් වීමේ සැබෑ අර්ථය වෙන්නේ,

ජීවිතේ හැම තත්පරයක්ම විඳින්න පුළුවනි නම්, ඇති වෙන හැම ගැටළුවක්ම ජීවිතයට පාඩමක් විදියට ගන්න පුළුවනි නම්, ඒ හැම දේකටම අමාරුවෙන් වුනත් හිනා වෙලා මූණ දෙන්න පුළුවන් නම්,. ලස්සනට පිවිතුරුව ගලාගෙන යන ගඟක් වගේ ගලාගෙන ගිහින් කවදාම හරි ගඟට උරුම තැන වුන මහ මුහුදට, එහෙමත් නැත්නම් අපේ ඉලක්කයට යන එක නවත්වන්න කාටවත්ම පුළුවන් කමක් නෑ,.
ඉතින් ජීවිතේ විඳින්න,. හැම තත්පරේකම සතුටින් ඉන්න, අනුන්ට උදවු කරන්න, කෙටියෙන්ම කිව්වොත් ජීවිතේ විඳින්න, එතකොට දුකයි කියලා හිතන මේ ජීවිතේ කොච්චර සුන්දරද කියලා ඔයාලාටත් තේරේවි,.

ප.ලි- මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා පෝස්ට් එකක් ලියපු ජනරඟටත්, මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු ඔයාලා හැමෝටමත්, කෝල් වලින් මැසේජ් වලින් එහෙමත් බැරි නම් මුණු පොතේ මැසේජ් වලින් මගේ ගැන හොයලා බලපු, ඔයාලා හැමෝටම ගොඩාක්ම ස්තූතියි,. මේ ලෝකේ මාව නොවටිනා අය අතරේ මාව වටින මගේ දුකේදි දුක් වෙන, සතුටෙදි සතු‍ටු වෙන පිරිසකුත් ඉන්නවා කියලා හිතුවම හිතට දැනෙන්නේ අහිංසක ආඩම්බරයක්,. ඒ හැමදේකටම ගොඩාක්ම ස්තූතියි,.

ඒ වගේම මම ගොඩාක්ම වැටිලා හිටපු වෙලාවක මගේ හිත හදලා මේ පෝස්ට් එක මේ විදියට ලියන්න තරමට මගේ හිත ශක්තිමත් කරපු එක කුසෙන් ඉපදුනේ නැතත් ඒ තරමටම මට සමීප වුන මගේම අයියටයි අක්කටයි, ඒ වගේම මගේ යාළුවෝ හැමෝටමත් ගොඩාක්ම ස්තූතියි,.
ඔයාල හැමෝම මට ගොඩාක් වටිනවා,.

ප.ප.ලි- මගේ අයියයි අක්කයි දෙන්නට මම පොරොන්දුවකුත් වෙනවා,. මගේ අයියා කියපු විදියට නම් මගේ ඇස් වලින් වැටෙන කඳූළු දම් පාටයිලු,. ඉතින් එච්චර විශේෂ වටිනාකමක් තියෙන කඳුළු වලින් එක බිඳුවක්වත් ආයෙමත් නොවටිනා දේවල් වෙනුවෙන් බිමට හලන්නේ නෑ කියලා මම පොරොන්දු වෙනවා,. :)

CONVERSATION

45 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. නියමයි ප්‍රර්ථනා ...ඇත්තටම නියමයි ....ඔව් ජිවිත ගලන ගගක් වගේ ....එක ඉලල්ල්කයකට එක හිතින් ජිවිතේට එන හැම බදකයක්ම ජයගෙන් ඉස්සරට යන්න පුළුවන් නං එකයි ජිවිතේ කියන්නේ..ඒ වගේම තමයි ..මොන දේ උනත් සතුටින් ඒ හැමදේකටම මුණ දෙන්න පුළුවන් කම තියෙන්න ඕනේ ...ඒ හැම දෙයක්ම ඔය සතුව තියනවා ...ඒ හයිය ඔයාලග තියනව..ඒ ලස්සන හිනාව ඔයාලග තියනවා..ඒ ඉලක්කය ඔයාලග තියනවා .....ඉතින් ඔයාට තියෙන්නේ මේ ගලන ගගේ ඉස්සරහටම යන එක විතරයි ...ඒ හැම දේටම මගේ සුබ පැතුම් ...ඒ වගේම අමතක කරන්න එපා...වෙනද වගේම ඉස්සරටත් අපි ඉන්නවා ඕනෑම දෙකට ... just to say ..u r grate ...... :D

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි කර්පු හැමදේකටම ශයංග.. මට ඔයාල ලොකු ශක්තියක්,.

      Delete
  2. ඔව් නංගියෝ........හැමදාටම ඉන්නවා මමයි මල්ලියි ඔයා ලඟින්ම.......ගොඩාක් සංවේදීව ඔයගෙ අතින් ලියවුණු මේ පොස්ට් එක,ඇත්තමයි....මගෙ ජිවිතේදි මං දැකපු වටිනාම පෝස්ට් වලින් එකක්.......ගොඩාක් සතුටුයි මගෙ නංගියෝ ඔයා ගැන...ඒ වගේම මල්ලිටයි මටයි ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි.........!!!!!!!! Love you alot.......!!!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් මම වෙනුවෙන් කරපු හැමදේකටම ගොඩාක් ස්තූතියි අක්කියෝ.. ඔයා මට මගේම අක්කා වගේ,. love you too

      Delete
  3. අපිට එන ප්‍රශ්න වලින් අපි තව තවත් ශක්තිමත් වෙනවා මිසක් දුර්වල වීම මෝඩ කමක්.. මට දැනෙන විදියට ප්‍රර්ථනා මෝඩියෙක් නෙවෙයි.. ලස්සන අනාගතයක් තියෙනවා ඔයාට.. ඒ අනාගතය දිහාවට ලස්සන අලුත් බලාපොරොත්තු ගොන්නක් එක්ක සතුටින් පිය මනින්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. ඔව්.. මම මෝඩියෙක් නෙවෙයි නජාත්,පුළුවන් විදියට ජීවිතේ ජයගන්න හැම උත්සාහයක්ම ගන්නවා,. . බොහොමත්ම ස්තූතියි ඔයාටත්,. :)

      Delete
  4. මේ ජීවිතේ ගඟක් වගේම සුන්දරයි වගේම භාධකත් වැඩියි.. ඒත් දවසක මේ ජීවිත ගඟ මුහුද කියන සතුට හොයාගෙන යන්න ඕන.. ඔයාට ඒක බැරි නෑ කියලා මම දන්නවා නංගියේ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් අයියේ,. කොච්චර බාධා ආවත් මම දිනනවා,.

      Delete
  5. "වැටෙන හැමවතාවකම ඊට වඩා ශක්තිමත් විදියට නැගිටින්න පුළුවන් නම් කෙනෙක් ජීවිතේ ලබන ලොකුම ජයග්‍රහණය ඒක කියලයි මම හිතන්නේ,. අපි වැටෙන වෙලාවක අපෙන් කඳුළු, සුසුම් හෙලීම් බලාපොරොත්තු වෙන සමාජයට ලොකූ හිනාවකින් සංග්‍රහ කරන්න පුළුවන් නම්, හිතේ දුක යටපත් කරගෙන අවංකවම හිනාවෙන්න පුළුවනි නම් ජීවිතේ විඳීම තියෙන්නේ එතැනයි,."

    අනිවාර්යයෙන්ම නංගියෝ.. ජීවිතේ පුදුමත්වය විඳින්න.. ජීවිතයට රිදෙයි, වැටෙයි.. ඒත් යම් දවසක හැරිලා බලද්දි පෙනේවි මේ ජීවිත ගඟ පහුකරන් ආව මඟ කොයිතරම් ලස්සනද කියලා නංගියෝ.. ලස්සන සුබ ප්‍රාර්ථනා අහසක.. පැතුම් ඉටුවෙන්නට සුබ අනාගතයකට ධෛර්යය, ශක්තිය වගේම.. හද පිරි සුබ ප්‍රාර්ථනා..!!! නංගියට.. :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි අක්කියෝ,.. :)

      Delete
  6. නැගිටලා ඉන්න හැම දෙනෙක්ම වැටිලා තියෙනවා.වැටීම යනු නැගිටීමේ පළමු උත්සහයයි.ඔයාගේ අසනීපෙ ගැන විතරයි දාන්න.අනෙත් ප්‍රශ්න ගැන දන්නේ නැහැ.


    සියලු බලාපොරොත්තු සාර්ථක වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.. අසනීපෙ නම් දැන් හොඳයි,. :)

      Delete
  7. වැටි වැටි නැගිටිනකොට ශක්තිය ඩබල් කීවලු.. ජය !

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... ස්තූතියි ඔබට..

      Delete
  8. අදයි සිත් අහසට සෙට් වෙන්නෙ!
    මුල්ම දවසෙම ජීවිතයට ගන්න යමක්.
    මම නම් මොකක් හරි පසුබෑමකට ලක් උනාම කියවන කවියක් තියෙනව.
    රත්න ශ්‍රී විජේසිංහ මහත්තයාගේ වස්සානය

    "ගිම්හානයේ ගිලන්වී කෘශ වී සුදුමැලිව,
    ඇදි ඇදී ඉකි ගැසුව ගඟ නැවත පිරිපුන්ය
    දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය
    කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස"

    ජය ප්‍රර්ථනා කරනවා අක්කට

    ReplyDelete
    Replies
    1. මමත් ගොඩක්ම ආස කවි පන්තියක් මල්ලියෝ..
      සාදරයෙන් පිළිගන්නවා සිත් අහසට,. :)

      Delete
  9. අපිට එන ප්‍රශ්න වලින් අපි තව තවත් ශක්තිමත් වෙනවා මිසක් දුර්වල වීම මෝඩ කමක් :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්.. වැටෙන්න වැටෙන්න අපි ඒක ශක්තියක් කරගත යුතුමයි

      Delete
  10. ජීවිතේට ප්‍රශ්න එන්නේ එක පිට එක.. සමහරු හිතනවා ප්‍රශ්න තියෙන්නේ තමන්ට විතරයි කියලා. ඒ ඇත්තම කතාව හැමෝම හැමවෙලේම මොකක් හරි ප්‍රශ්නෙකින් පීඩා විඳිනවා. සතුට වගේම දුකත් ජීවිතේට ගොඩක් වටිනවා, ඇත්තටම ඒ දේවල් නිසා තමයි අපි ජීවත් වෙන්නේ..
    කලකිරිලා පිස්සු නටනවට වඩා, අක්කි පන්නරයක් ලබපු එක ගැන ගොඩක් සතුටුයි. :DD

    ReplyDelete
    Replies
    1. ඇත්ත නංගියෝ.. හැමෝම හැමවෙලේම මොකක් හරි ප්‍රශ්නෙකින් පෝඑඩ විඳිනවා,.. ඒත් ඒ ප්‍රශ්නේ මුහුණ දෙන විදිය අනුවයි ඒක පීඩාවක් වෙනවද එහෙමත් නැත්නම් අපේ ජීවිතේ හරිගස්සගන්න ලැබුන අවස්ථාවක් වෙනවද කියන එක තීරණය වෙන්නේ,.

      Delete
  11. ආයේ අක්කගේ පෝස්ට් එකක් දැක්කාම ගොඩාක් සතුටු හිතුනා.. මගේ අක්කියට වරදින්නේ නැ.. මොන දුක ආවත් හිත හදාගෙන ඉස්සරහට යමු අක්කා.. ඔයාට ජය වේවා.. බුදු සරණයි.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගේ නංගියෝ.. කාලෙකින් මේ පැත්තේ එන්න නම් බැරි වුනා වැඩ නිසා.. :)

      Delete
  12. මාත් ඔයාගෙ අසනීපෙ ගගැන විතරයි දන්නෙ නංගි.අනික් ප්‍රශ්න වලටත් හොදින් මුහුණ දීමට ලැබේවා....

    ජය

    ReplyDelete
  13. පැමිනෙන දුක් පැනිරසයි කියලා එන දේකට මූන දෙන්න තියෙන්නේ...ජය......

    ReplyDelete
  14. අදයි ආවෙ අක්කා... ආයෙත් මම ඔය පැත්තෙ එන්නම්කෝ... ජය වේවා!!!

    ReplyDelete
  15. දැන් නංගිට හොදටම සනීප වෙලා ඇති කියලා හිතෙනවා. තමන් ඉස්සරහට එන ප්‍රශ්න බාධක මොනවා උනත් ඒවයින් පැනලා යන්නේ නැතුව ඒවාට සතුටින් මුණ දීලා හැම වෙලාවේම හිනාවෙලා ඉන්න පුළුවන් නම් ඒක තමයි හපන්කම. ජිවිතේ කරන කියන හැම දෙයක්ම සාර්ථකව ඉටු වෙන්න කියලා පතනවා. ඔබට ජය.... !!!!

    ReplyDelete
    Replies
    1. දැන් නම් හොඳටම සනීපයි අයියේ,. ස්තූතියි දිරිගැන්වීමට

      Delete
  16. හම්මියෝ!!! කිව්වා වගේම ඔන්න අක්කියා සිත් අහසේ කුරුටු ගාලා.. මොනතරම් දෙයක්ද, නියමයි අක්කියෝ!!! ඔයාගෙ හයිය ගැන මට හුඟාක් ආඩම්බරයි!!! ජීවිතේ වැටෙන්න වැටෙන්න නැගිටින්න හයියක් ඔයාට තියෙනවා.. බය වෙන්න එපා. මගෙ අක්කිට වරදින්නෙ නෑ.. පොඩි පොඩි බාධා ආවත් අක්කි දවසක දිනනවා. ඒ දවස එනකම්, මේ හිතූ නගා ඉන්නවා ඔයා එක්කම..ඔව් ඒ දවස වැඩි ඈතක නෙවෙයි...ළඟ්යි!!

    අක්කිට ජයම වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැමවෙලාවකම මගේ දුක සැප බෙදාගන්න මගේ නංගියා මා ගාව ඉන්නවා කියලා මම දන්නවා.. අපි බලමු වෙන දේ නංගියෝ.. :)

      Delete
  17. සමාවෙන්ඩ ඔ්න ප්‍රමාද උනාට. කතාවනං ලස්සනයි! :)

    අක්ක ඔපරේෂන් කලේ මොකටද කියල කියන්නකො. අනික..... දැං පන්හිඳ වැඩද?

    ReplyDelete
    Replies
    1. පන්හිඳ නම් දැන් හොඳට වැඩ.. :D

      Delete
  18. අක්කේ ඉළග පාර මට ජූස් එකක් අරන් ඔන,,,!!!

    ReplyDelete
    Replies
    1. හී හී... හා හා... හැබැයි මටත් මොනව හරි අරගෙන ඕනේ.. ඔයාලගේ ෆැකල්ටියට ආවම ආගන්තුක සත්කාර කරන්න ඕනෙ නේ???

      Delete
    2. හී හී ... ඉළග පාර අරන් දෙනවමයි.

      Delete
    3. :D :D එහෙනම් මරු.. ළඟදීම දවසක මම එනවා එහෙම නම්.. හී හී

      Delete
  19. "ජීවිතේ වැරදුනා කියලා හිතුනත් ඒ වැරදීම නිසාම ලොකු ජයග්‍රහණයක් ලබාගන්න ඔබට පුළුවන් වේවි"

    මේ කියමන ගැන හිතන්න ඔයා මාව පෙලෙබෙව්වා... අක්කි ගොඩාක් පින්.

    මේ බ්ලොග් ලෝකයේ මාව ඔයාගෙම නංගි කෙනෙක් විදියට පිළිගත්තා දෙවෙනි අක්කි ඔයා. පලවෙනි අක්කි නන්දු අක්කා.
    ඔයාට මැසේජ් එවද්දී මගේ නංගෝ කියලා එවන්නේ ඔයා හරියට ඒ වෙලාවට මට දැනෙන්නේ ඔයා මගේ එක කුස උපන් අක්කා වගේ..
    අක්කගේ හැම දේකදිම මේ නංගිත් ඉන්නවා කියලා අමතක කරන්න එපා. එදා ගාල්ලේදී වැඩියේ කතා කරන්න බැරි වුනාට ඉක්මනින්න්ම නැවත හමු වේවි කියලා මම හිතනවා.
    ජිවිතේ හැම කරදරයකදිම මේ ශක්තිමත් හිත ඒ විදියටම තියෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මගේ අක්කේ.. ජය

    ReplyDelete
    Replies
    1. මොනම දෙයක් නිසාවත් වැටෙන්න එපා නංගියෝ.. ඔයා ගොඩාක් සංවේදී කෙනෙක්, ඉතින් ඒකෙන් ගොඩාක් අය ප්‍රයෝජන ගන්න බලාවි. ඒකට ඉඩ දෙන්න එපා..
      ඔයා මගේම නංගියෙක් තමයි මගේ නංගියෝ,. මේ අක්කිත් මගේ නංගියගේ ඕනෙම දේකට ඉන්නවා..

      Delete
  20. අපෝ !!
    මට නම් ජීවිතේ කියන්නේ ගලන ගඟක් නෙමෙයි සංසාර චක්කරය වගේ චක්‍රයක් !

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි අයියා... ජීවිතේ කියන්නේ එක අතකට සංසාර චක්‍රය වගේ දෙයක් තමා,.

      Delete
  21. තවත් එක ඇත්තක්.... :)
    මධුරංග කියන දේ ඇත්ත‍‍‍.. ඒ තවත් එක ඇත්තක්..
    ඇත්ත ගැන කියන්න දේවල් නම් ගොඩයි.. හිටියොත් කියන්නම්..

    ReplyDelete

Back
to top