෴ගමට යන්න ආසයි මට෴



වැව් තාවුල මතටම වී
පාරුව දෙස බලා ඉමි
තොටියෝ ඔබ මඟ වැරදී
ගිය මඟ මට සොයනු බැරී


අප්පච්චිට එන්න කියා,
ලිපියක් යැවූ මුත් පෙරදා,
ඔහු නාවත් මා බලන්න
ගමට එන්න මඟ කියන්න,.


පුංචි නංගි බලන් ඇති
අයියට හරි පාළු ඇති,
අම්මගේ රස පොළොස් හොද්ද
මං එනතුරු බලන් ඇති,.


ඔට්ටපාළු රබර් බෝල
පොල්පිති පිත්තක් අරගෙන,
සමනුයි, අමරයි දෙන්නා
පිට්ටනියේ ‍රැඳී ඇති,.


දුප්පත්කම නිසා ගියත්
කොළොම්පුරේ පාළුයි මට,
හිරවෙන හුස්මට ඉඩ හැර
ඉකි නොගසා හඬනෙමි මම,.


පාරුව ගඟ මත සරනා
ආ විට මම ගම දුවනා,
කොළොම් තොටට යළි නොයනා
අදහස නම් බොහොම මනා,..





CONVERSATION

54 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ගම දුරයි..
    හිතට එතරම් දුරක් නෑ
    ඒත් හිතේ ගම
    අත දුර තරම් වත් නෑ...

    ලස්සනයි ප්‍රාර්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඇත්ත,.. ස්තූතියි ජනරඟ,..

      Delete
  2. ලස්සන කවි පන්තියක්. ඉක්මනින්ම ගම් පලාතෙ යන්න ලැබේවා කියා පතමි! :)

    ReplyDelete
  3. මට ගමට එන්න ගමට එන්න..
    කුරුළු පිහාටුවක් එවන්න.. :D

    හරිම ලස්සනයි නංගියෝ.. :)

    ReplyDelete
  4. අම්ම තාත්තා ළඟ ඉන්නවා නම් ගම නෙමේ කොළඹ උණත් සුන්දරයි නේද අක්කා? ලස්සන කවි ටිකක්....

    ReplyDelete
    Replies
    1. ඔව් නංගෝ,. ඒත් තමන්ගේ උපන් ගමේ හුළඟත් මට නම් සැපයි,.

      Delete
  5. පද වලින් පේන්නෙ ජීවිතේට දැනන දේවල්..
    අපි කවුරු කොහොම උනත් වැඩක් නෑ මේ දේවල් නැත්නම්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මල්ලියෝ,.. මගේ ගමට මම ආදරෙයි,.. ජීවිතේ අන්තිම හුස්ම මම යවනවා නම් යවන්නෙත් මගේ ගමේ ඉඳන්,.

      Delete
  6. ලස්සන අදහසක් යාලුවා.....ඒත් අමරයි සමනුයිත් දැන් ගමේ නැතුව ඇති...
    රස්සාවක් හොයාගෙන නගරෙට හරි දුර රටකට හරි හිහින් ඇති.... :( :(
    මට නම් හිතුනෙ එහෙමයි.....(මේ අපේ ගමේ ඇත්ත තත්වයයි )

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ගෝළීයකරණය අපේ පුංචි ගමටත් බලපාලා. ඒත් කවදාවත් වෙනස් නොවුන මතකයන් ගොන්නක් පොදි ගැහිලා තියෙන්නේ අපි හැදුන වැඩුන ගමේ නේද.

      Delete
  7. ඉක්මනින් ගමට දුවලා එන්න
    නගරේ ඉන්න එක ගමේ ඉන්නව වගේ සුන්දර නෑ !!!

    ReplyDelete
    Replies
    1. ගමට දුවලා එන්නේ නැතුව ගමේම ඉන්න ඇත්නම් හොඳයි අයියා,.

      Delete
  8. හරිම ලස්සනයි අක්කේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගේ නංගියෝ,..

      Delete
  9. කවි ටිකනම් බොහොම මනා...

    හරිම ලස්සනයි..

    ReplyDelete
  10. මට ගමට එන්න ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න...

    ReplyDelete
    Replies
    1. අම්මේ මට ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න.. :D

      Delete
  11. ඔයා ගමට යන්න ආසාවේ ඉන්නවා.. ඒක ඕන වෙලාවක කරන්න පුළුවන්.. ඒත් අපි.. කොච්චර ආසා උනත් කැමති වෙලාවට එන්න බෑ..

    ReplyDelete
    Replies
    1. මට තේරෙනවා අයියා, ගම රට නොදැක ඉන්නවා කියන්නේ මටත් හිර දඩුවමක් දුන්න හිරකාරයෙක් වගේ හැඟීමක් ඇති කරන දෙයක්..

      Delete
  12. ලස්සන අදහස අක්කි.. ඇත්තටම කවදාවත් අපිට ගම අමතක කරන්න නම් බැරිය.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගේ මල්ලියා.

      Delete
  13. ඔයා මේ මගුලක් කියනව . . . අපි රටට එන්න බැරුව ඉන්නව :(

    ReplyDelete
    Replies
    1. :P පුළුවන් වෙලාවට දුවලා ඇවිත් යන්න එන්න අයියා. :D

      Delete
  14. සුන්දර පද වැලක් ...

    ReplyDelete
  15. සොඳුරැ හැඟුම් සිතේ මවන අලංකාර පද වැලක්.

    (මේ පැත්තට ආවෙ අදයි ඔන්න)

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආදරයෙන් පිළිගන්නවා යාළු.. බොහොමත්ම ස්තූතියි.

      Delete
  16. ඔයාගේ කවිටික ලස්සනයී. මම ආසයී ඒ රටාවට.

    යළි නොයන්න හිතන් ගියත්
    අතේ මිටේ හිගවූදා
    තව කෙනෙකුට අතපාන්න බැරිහින්දා
    අයෙත් අපි මෙහෙ එනවා....

    කොළඹ කියන අමුතු රටේ
    නොදැන කොහොම සැරි සරම්ද
    ජීවි‍තයේ කටුක ඇත්ත
    දැනගෙන තව වැඩ කරන්න....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බට්ටි, කවි පද ටික හරිම ලස්සනයි. ගොඩක් ස්තූතියි.

      Delete
  17. ම්ම්ම් ලස්සනයි..මටත් ගෙදර ගිහින් එන්න හිතුනා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරූ, ගෙදරින් දුර ඉන්න ඕනෙම කෙනෙක්ට ගෙදර දුවන්න හිතෙන එක නම් සාධාරණයි.:)

      Delete
  18. හරිම ලස්සනයි අක්කියෝ!!!! ලස්සන ගමක් ගැන මගේ හිතේ චිත්‍රයක් ඇඳීලා ගියා, මේක කියවද්දි...හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගේ නංගා.. :D

      Delete
  19. ඉතින් ඒක බස් එකයිනේ!එන්නකෝ!:))

    ReplyDelete
    Replies
    1. වැඩ ගොඩ ගැහිලා මල්ලියෝ, නැත්නම් මම හැමදාම වුනත් ගමේ එනවා.. :)

      Delete
  20. හයිවේ එකෙ යමු අක්කේ................. !! 400 යි නේ

    ReplyDelete
    Replies
    1. හෙ හෙ, ඒක තමා දැන් කරන්න වෙන්නේ.. සෙමෙස්ටර් එක හයිවේ එකටත් වඩා ඉක්මනට දුවනවනේ මල්ලියෝ.

      Delete
  21. පංකාදු කවි ටික.

    ජයෙන් ජය!!

    ReplyDelete
  22. මේ වගේ ගමක ඉන්න ආසයි අපිත්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඉතින් නිවාඩු වෙලාවක යන්නකෝ ගමක නතර වෙලා ඉන්න ටික දවසක්. :D

      Delete
  23. අදහස නම් බොහොම මනා!!!!
    හරිම ලස්සනයි ප්‍රා..:):)

    ReplyDelete
  24. ඉක්මනින්ම ගමරට බලා යන්න වාසනාව උදා වේවා මගේ නංගාට...

    කවි සිතිවිලේ එහෙම කියන්න තරම් ලස්සනකට පද ගලපලා තියනවා නංගෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගේ අයියා, ඇත්තටම මටත් ගමට යන්නේ නැතුව පාළුයි තමයි

      Delete
  25. ලස්සන කවි සංකල්පනාව. පදපෙල කිහිප වතාවක්ම කියවලා සටහනක් නොතියා යන්න වුනා, ඔබේ පදපෙලින් මැවෙන සිතුවමට හිත ලෝබ කරනවා නංගෝ.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි අයියා.

      Delete
  26. පුංචි අඩුපාඩුවක් පෙන්නලා දෙන්නවට අකමැත්තක් නැතැයි හිතමි.

    ලිවීමේ දී විරාම ලකුණු දෙකක් එක ලඟ යෙදීම පොදුවේ කෙරෙන සුළු වැරැද්දක්. උදාහරණයක් හැටියට //ගමට එන්න මඟ කියන්න,.// මෙතැන කොමාවට පසුව එන තිත ගැලීමට බාධාවක් වෙනවා. නැවත නැවත එකදිගට යෙදෙන විරාම ලකුණ තිත විතරයි. එයත් තිත් තුනක් (...) වෙන්න ඕනේ, දෙතිත (..) Typing Error එකක් හැටියට ගනන් ගන්නේ.

    කියවූ පසුව කරුණාකරලා මේ කොමන්ටුව මකා දාන්න.

    ReplyDelete
    Replies
    1. අඩුපාඩු පෙන්නලා දෙන එක මට ලොකු ශක්තියක් අයියා. ඇත්ත මම වැරැද්දක් කරලා තමයි. මටත් ඒක එච්චරටම දැනුනේ නෑ. ස්තූතියි අයියා වරද පෙන්නලා දුන්නට. ඒ වැරැද්ද මම හදාගන්නම්. :)
      ගොඩාක්ම ස්තූතියි අයියේ. :)

      Delete

Back
to top