පුරවර සිරි


සදිසි දන නිති මගෙහි සරනා
තුටින් යුතු නිති සිනා පිරෙනා,
නිඹද දිනපති පහස ලබනා
මෙබඳු පුරවර අසිරි දකිනා.


බ‍රැති දිගු නෙතු පියා විදහා
දිගැති නයනග අඳුන් ගල්වා,
නිතඹ ඉඟ සුඟ සෙමෙන් නවා
සිටිති අඟනෝ එ මං අවුරා.


නිතිනි සැම හට පිහිට සදනා
අම්බලම එහි පසෙක සිටිනා,
සදා සොම්නස විඩා නිවනා
පිනෙන් බර වූ තැනෙකි සොබනා.


බ‍රැති ගැල් නිති මිලෙන් පිරෙනා
කසී සළු පිළි නුවර ගෙනෙනා,
දකින් දන මන පුබුදු කරනා
අහෝ නගරෙකි පිනෙන් පිරෙනා.


උත්සාහයක් පමණි. වැරදි අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටිමි. :) 

CONVERSATION

40 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. හරිම ලස්සනයි අක්කේ.. මටනම් අඩුපාඩුවක් පෙන්වන්න තේරෙන්නෙ නෑ..මොකද මම කවි ලියන්න ඔයා තරම් දක්ෂ නෑනෙ අක්කියෝ!!

    ReplyDelete
  2. පුරවරේ ලස්සනකුත් තියනව..... මමත් හරි අාසයි. විශේෂයෙන්ම ඔයාලගෙ පැත්තට! :)

    අවාසනාවට.. පුරවරේම උනත් හැමතැනම එහෙම නෑනෙ :(

    ReplyDelete
    Replies
    1. බලමුකො ! අපිත් ලඟදි එනව පුරේ සිරි නරඔන්න :D :)

      Delete
    2. ස්තූතියි මල්ලියෝ.. හැම පුරයක්ම මෙහෙම නම් නෑ තමයි.

      Delete
  3. ආ නංගියේ මේ කොයි ටවුම ගැනද හැබැටම කියන්නේ? ගාල්ල ගැන නම් නෙවෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. ගාල්ල නම් නෙවෙයි අයියේ.. මේ මම මවාගත්ත නගරයක්.. මේ වගේ නගර අද කාලේ හොයාගන්න නෑනේ අයියේ

      Delete
  4. ලැදි මන බන්දනා
    පැහැබර සිනා රුස්නා
    කතක්හී තොස්නා
    මිණි අකුස්හි ලයිගන්නා

    ReplyDelete
    Replies
    1. සීගිරි ගී... ස්තූතියි අයියා

      Delete
  5. උත්සාහය සාර්ථකයි.

    ජයෙන් ජය..

    ReplyDelete
  6. මට නම් ගාලු පුරවරේ මැවිලා පෙනුනා....:D :D
    ලස්සන නිර්මාණයක් යාලුවා.:)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි යාළු.

      Delete
  7. ලස්සනයි.... පුංචි අවුලක් තියෙනවා ,,,මේ කියන්නේ ගාල්ල ගැනද ? :P

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශයන්ග, ගාල්ලමත් නෙවෙයි... මම හිතේ මවාගත්ත නගරයක් ගැන තමයි ලිව්වේ...

      Delete
  8. දෙවනි කවියෙ තුන්වෙනි පේලිය

    නලවා = නළවා.. වෙන්න වෙන්න ඕනෙ.. තේරුම වෙනස් වෙනව නැතිනම්...

    අඩුපාඩු පෙන්වන්න කියපු නිසයි එහෙම කරේ.. මමනම් ඔයිට වඩා වරද්දනවා... :D :D කම්මැලිකමට :D

    යකෝ ගජමන් නෝන වගේ...:D

    ReplyDelete
    Replies
    1. හරි පොඩ්ඩෝ, ඒක වෙනස් කරා. වරැද්ද පෙන්නලා දුන්නට තැන්කූ හොඳේ... :D

      Delete
  9. නියමයි නංගියේ.. මටත් හිතෙන්නේ මේ ගාල්ල වගේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ... හ්ම්ම්... ගාල්ලමත් නෙවෙයි, ඒත් ගාල්ලත් මේ වගේ තියෙන්න ඇති කාලෙකට ඉස්සර.

      Delete
  10. ගුත්තිල කාව්‍යක් ලියන්නද කල්පනාව!:)

    ReplyDelete
    Replies
    1. හපොයි නෑ... මේ කවි ඒ ලඟින්වත් තියන්න බෑ...

      Delete
  11. නියමයි අක්කෝ... මටත් අඩුවක් නම් පෙනුනේ නැතෝ. :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගේ නංගෝ. :D

      Delete
  12. නියම නිර්මාණයක්...තවලියන්ඩ ජය..නිර්මාණයකට කොයින්ද සිමා මායිම්..ඔක කොයි නගරේ උනහම මොකෑ

    ReplyDelete
  13. Replies
    1. බ්ලොග් එක දාලද යන්න හිතුනේ ,)

      Delete
    2. යන්න හිතුනත් මේ වගේ නගරයක් හොයාගන්න එක තමා අමාරු වැඩේ අයියා.. :D

      Delete
  14. ලස්සනයි නංගි.... කවි වල හරි වැරදි කියන්න නම් තේරෙන්නෙ නෑ.

    ReplyDelete
  15. මේ කොහේ ගැනද ලියලා තියෙන්නේ.....රුපෙ නම් ඉන්දියාවේ එකක් වගේ.....

    පද ටික නම් අපුරුයි අක්කා....

    ReplyDelete
    Replies
    1. මනංකල්පිත නගරයක් ගැන නංගෝ මේ ලිව්වේ.. ස්තූතියි

      Delete
  16. සසිරි සිරිබර
    එමහ පුරවර
    අවරගිර දොර
    යදිති සිඟමන් !!

    කවි ලස්සනයි එත් ඔකේ අනිත් පැත්ත ලියන්න හිතුවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි
      ඇත්ත තමයි, ඕනෙම පුරවරයක අසුන්දර පැත්තකුත් තියෙනවානේ..

      Delete
  17. මොන අඩුපාඩුවක් ද ?
    කවි ටික සුපිරියටම තියෙන්නේ. මම් තාලයකුත් දාලාම කියෝලා බැලුවා.

    ReplyDelete
  18. පුරෙහි සිරි එක මිටට හකුලා
    අගෙයි ඇති හැටි අකුරු කරලා

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඔබට

      Delete

Back
to top