෴තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගෙයි෴

සමනල රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසල් කාලේ,
ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ...

ඉස්කෝල කාලේ කොයි තරම් නම් සුන්දරද, කොච්චර සුන්දර මතකයන් ගොඩක් අපි ඒ කාලේ ජීවිතයට එකතු කරගත්තද? ඒ අතරිනුත් ජීවිතේ සුන්දරම කාලේ තමයි ඒ ලෙවල් වලට ඉගෙන ගත්ත අවුරුදු දෙක. ඒ කාලේ තරමට පිස්සු නටපු කාලයක් ආයේ නම් කවදාවත්ම එන්නේ නෑ. මම පොඩි කාලේ ඉදන් 13 වසර වෙනකන්ම ගියේ එකම ඉස්කෝලෙකට, ගාල්ලේ සවුත්ලන්ඩ්ස් බාලිකාවට. පොඩි කාලේ ඉදන්ම අවුරුදු 13 ක් මගේ ජීවිතේ සුන්දරම මතකයන් ලබා දුන්න මගේ ඉස්කෝලෙට මම හැමදාටම ණයගැතියි. ඉස්කෝලේ මගේ පයට නොපැගුන එකම වැලි කැටයක්වත් තියෙන්නෙ නැතුව ඇති. ඉතින් ඉස්කෝලේ කාලේ මගේ ජීවිතේ සුන්දරම විදියට ගතවුන අවුරුදු 2ක් ගැනයි මම ඔයාලට අද කියන්න හිතුවේ, මේක කියවන දැන් මාව දන්න කවුරුත්ම හිතන එකක් නම් නෑ මේ මම කරපු වැඩ කියලා. ඒ තරමට අපත වැඩ කරපු මම අද මේ වගේ වෙලා ඉන්න එක ගැන මටම පුදුමයි. මගේ ජීවිතේ දෙබිඩි ජීවිතයක්ද කියලත් වෙලාවකට මේ නිසාම මට හිතිලා තියෙනවා. අදටත් ගාල්ලේ ගියාම මතු වෙලා එන්නේ මම මේ පහලින් කියන ප්‍රාර්ථනා කියන චරිතය. ඒත් කොළඹ ඉන්න ප්‍රාර්ථනාට වඩා ගාල්ලේ ඉන්න ඒ  චරිතෙට මගේ හොඳම යාළුවෝ හැමදාමත් ආදරෙයි කියලා මට හිතෙන්නේ අදටත් ගාල්ලේ ගිහින් යාළුවෝ එකතු වුනාම, " ඔයා නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ " කියලා මගේ යාළුවො කියනවා ඇහුවාම.

මේ අපේ ඉස්කෝලේ 

පොඩි කාලේ ඉදන්ම මම ඩොක්ටර් කෙනෙක් වෙනවා කිය කියා හීන මව මව හිටියට අන්තිමේදී මම COMMERCE කරන්න හිතුවේ කවුරුවත්ම නොහිතපු විදියට. O/L කාලේ මලවපු  SCIENCE පොත් ගොඩ දැක්කම මගේ සරල සුගම ජීවිතේට  SCIENCE හරි යන්නේ නෑ කියලා මට හිතුනා, ඒ වගේම මම  O/L කාලේ ගොඩාක් ආසාවෙන් කරපු එකම විෂය වුනේ  COMMERCE විෂය.කොහොමින් කොහොම හරි  COMMERCE කරන්න මම සෙට් වුනා කියමුකෝ, මට සෙට් වුන යාළුවෝ සෙට් එකත් මටම ගැලපෙන පිස්සෝ සෙට් එකක්


සාමාන්‍යයෙන් නම් ඉස්කෝලේ ඒ ලෙවල් ක්ලාස් පටන් ගන්න කලින්ම අපි ටියුශන් යන්න පටන් ගන්නවනේ, ඉතින් මමයි අපේ ගෙවල් පැත්තෙම ඉන්න මගේ තව යාළුවෙකුයි එකට ක්ලාස් යන්න සෙට් වුනා,ඒ යාළුවා තමයි මල්මි. අදටත් මගේ ලඟම ඉන්න මගේ හොඳම යාළුවන්ගෙන් කෙනෙක්. ඉතින් ඔය විදියට එකතු වුන අපේ දෙකේ කල්ලිය ටික කාලයක් යද්දි 5 දෙනෙක් වෙනකන් වැඩි වුනා. හෝඩියේ ඉඳන්ම මගේ යාළුවෝ වුන චාමෝ, මිනෝ දෙන්නත් මේ කණ්ඩායමට එකතු වුනා. ඒ වගේම අපේ අහිංසකම යාළුවා තිලි. අපි පස් දෙනා එකතු වුන තැන මැවුනේ සුන්දරම ලෝකයක්, වලියට බර චාමෝ, සීරියස් ගතිය වැඩි මිනෝ, හැමවෙලේම කටර් එක වගේ කියවන මල්මි, කිරි පණු ගාය හැදුන මම , අහිංසක කවිකාර තිලි. හිතාගන්නවත් බැරි විදියේ වෙනස්කම් අපේ හැසිරීම් වල තිබුනත් අපි 5 දෙනාගෙම අදහස් එක සමානයි. අදටත් මගේ ඕනේම දේකදි ඒ හතර දෙනා මගේ ලඟ ඉන්නවා,. කොහොම හරි ඔය විදියට එකතු වුන අපි 5 දෙනා ඉස්කෝලේ කොමර්ස් ක්ලාස් පටන් ගනිද්දී එකාට එකා නැතුව ඉන්න බැරි තරමට ලං වෙලයි හිටියේ,. ඒත් මගේ තිබුන අවාසනාවකට මම විතරක් 12 J පන්තියට වැටිලා අනිත් තුන් දෙනාම 12 Iපන්තියට වැ‍ටුනා. එදා මම ඉස්කෝලේ මිස්ලටත් ඒක ගැන කිය කිය හොඳටම අඬපු හැටි මට තාම මතකයි... :D

එහෙම වුනා කියලා අපි වෙන් වෙයිද? හීනෙන්වත් නෑ... හී හී..




හැමදාම උදේ පාන්දරට පන්තියට එන මම බෑග් එක මේසේ උඩට විසික් කරලා එහා පන්තියට දුවනවා. ඒ වෙලාව තමයි අපේ උදේ ආහාර අනුභවය කරන වෙලාව. ඉස්කෝලේ ඉන්න ටිකටම අපි වේල් 4ක් 5ක් විතර කෑම කන නිසා අපේ සෙට් එකට යාළුවෝ ඔක්කොම නම දාලා තිබුනේ ජංගම කැන්ටිම කියලා. :D

ඉතින් ඔහොම උදේම එහා පන්තියට දුවන මම ආයේමත් අපේ පන්තියට එන්නේ පළවෙනි පීරියඩ් එක පටන් ගන්න වෙලාවට. හැම පීරියඩ් එකක් අතරෙම පන්ති දෙකෙන් එකකට මිස් කෙනෙක් එනකම් මම අරහෙට මෙහෙට දුව දුවා තමයි දවසෙම ඉන්නේ. ඒ අතර තුර ඒ පන්තියට කවුරු හරි මිස් කෙනෙක් ආවොත් මම කෙලින්ම මල්මිගේ, මිනෝලිගේ චාමෝදිගේ හෝ තිළිගේ මේසේ යටට රිංගනවා. :P :D

අපේ සෙට් එකට බඩගින වුන වෙලාවට එහා පන්තියේ ඉඳන් මහා හයියෙන් මගේ නම කියලා කැ ගහනවා, ඔන්න එතකොට මම මැරතන් පිටම එහා පන්තියට දුවනවා. දවසෙන් තුන්කාලක්ම මම ගෙව්වෙ එහා පන්තියේ. කොටින්ම කියනවා නම් එහා පන්තියේ මිස්ට අවුරුදු දෙක ඉවර වෙනකන්ම හිතාගන්න බැරි වුනා මම එහා පන්තියේ ලමයෙක්ද මෙහා පන්තියේ ළමයෙක්ද කියලා. . හිකිස්.. මිස් වෙලාවකට රෙජිස්ටර් එක ගේන්න භාර දෙන්නෙත් මට, මාත් ඉතින් මුකුත්ම නොවුනා වගේ රෙජිස්ටර් එක ගෙනැත් දීලා ඒ පන්තියෙම වාඩි වෙලා ඉන්නවා...

ඔහොම ඉඳලා ඉඳලා මල්මියි මමයි දෙන්නා ශිෂ්‍ය නායක පට්ටමත් කරේ ගහගත්තේ නෑතෑ. ඒකෙන් අපි දෙන්නට වඩා ඉතින් පල ප්‍රයෝජන ගත්තේ අපේ අතිජාත මිත්‍රයෝ ටික තමයි. බැජ් එක ගහගෙන එලියට බැස්සම මිස් කෙනෙක්වත් අපි යන එන තැන් අහන්නේ නැති බව මල්මියි මමයි දන්නවා. ඉතින් ඕකෙන් ප්‍රයෝජන අරගෙන එපාම කරපු පීරියඩ් කට් කරපු වාර අනන්තයි, වැරදිලාවත් එහෙම එලියේ ඉන්න වෙලාවක මිස් කෙනෙක් ඇහුව ගමන් අපි කියන්නේ අහවල් මිස් තව මිස් කෙනෙක්ට පණිවිඩයක් කියන්න කිව්වා ඒක කියන්න යනවා කියලා. හිකිස්..

ඔන්න ඔහොම දවසක් පීරියඩ් එකක් කට් කරන්න ගිහින් අපි හොඳ නෝන්ඩියක් කෑවා.
එදා අපිට තිබුනේ  ACCOUNTING, ඉස්කෝලේ සර් අපි ක්ලාස් ගිය සර් එක්ක වලි, ඉතින් අපිට හැමදාම මොකක් හරි ලෙඩක් අදින්න බලාගෙන් තමයි සර් ඉන්නේ. ඒ නිසාම මට නම් පන්තියේ ඉන්න එකත් එපා වෙලා තිබුනේ. එහා පන්තියට ECON. ඒකේ නෝට්ස් ලියනවා කියන්නේ මරනවා වගේ වැඩක්. අපේ පස් දෙනාගේ කල්ලිය තව යාළුවො ටික දෙනෙකුත් එක්ක කතා කරගත්තා පීරියඩ් එක කට් කරන්න., මගෙයි මල්මිගෙයි ඇරෙන්න තව එක්කෙනෙක්ගෙත් බැජ් එක තිබුන නිසා අපිට ඕනේ තැනක යන්න කිසිම බාධාවක් තිබුනේ නෑ. සෙට් එක එක්කම කෙලින්ම ගියේ ලයිබ්‍රිය පැත්තට, මිස් කෙනෙක් දැක්කත් සැක හිතන්නේ නෑනේ. පොතක් කියවගෙන් ඉන්න ආපු අහිංසකයො ටිකක් කියලනේ හිතන්නේ. ඉතින් අපිත් ගිහිල්ලා පෙරලගත්තා ඉංග්‍රීසි කාටූන් තිබ්බ පත්තර ටිකක්. පෙරලගෙන ඕක බල බලා හිනා වෙවී ඉන්නකොට , මළකෙලියයි, අපේ අංශ ප්‍රධාන මැඩම් ලයිබ්‍රියේ,. අපි එයාට ආදරෙට කිව්වේ බට්ටි කියලා. අඩි 4යි අඟල් ගානක උස තිබුන නිසයි එයාට ඒ නම හැඳුනේ.

මැඩම් කෙලින්ම අපේ ගාවට ඇවිත් මල්මිගෙනුයි මගෙනුයි ප්‍රශ්න පෝලිමක් අහන්න පටන් ගත්තා,

"මල්මි, ප්‍රාර්ථනා, දැන් ඔයාලට මොනවද තියෙන්නේ, "

මම - ACCOUNTING

මල්මි- ECON

"ඉතින් මොකද මේ මෙතන කරන්නේ,

හත් ඉලව්වයි, මොනවා කියලා කියන්නද?

"අපි එනකොට නම් සර් ඇවිත් තිබුනේ නෑ මිස්. " මම හොඳ කෙබරයක් අත් ඇරියා. මැඩම් අහු වෙයි ඕවට..

"එතකොට සර් ඇවිත් තිබුනේ නෑ කියන්නේ ඔයාලට සර් ආවේ නෑ කියන එක නෙවෙයිනේ, යමු ඔක්කොම මගෙත් එක්ක. "

ඉවරයි අද නම් කාඩ් එක කියලා හිතාගෙන අපිත් ඉතින් මැඩම්ගේ පස්සෙන් ඇඳිලා ගියා,
අපේ පන්තියෙන් මම විතරයි සෙට් එකටම හිටියේ.
මැඩම් නුත් අපිව එක්කගෙන ගිහින් ක්ලාස් එකේ මිස්ටයි සර්ටයි භාර දුන්නා. ACCOUNTING සර් නම් මා ගැන කොහොමත් හොයන්නේ නෑ, මගේ වැඩ නිසා සර්ටත් මාව එපා වෙලා තිබුනේ.. හී හී.. ඒ නිසා මම නම් බැනුම් අහන්නේ නැතුව බේරුනා. අනිත් හතර දෙනාට වුන දේ ගැන නම් ඉතින් මම කියන්න ඕනේ නෑ නේ.

ඒ වගේමයි අපි කරපු Prefects Day එක . ඒක අපේ සෙට් එකෙන් කරන පළවෙනි Prefect Day එක නිසා ඒක හොඳටම කරන්න අපේ ආසව තිබුනා. ඉතින් අනිත් අයගේ නැ‍ටුම් සිංදු අස්සට අපි ටික දෙනෙකුත් එකතු වෙලා නැ‍ටුමක් කරන්න කථා කරගත්තා. කොහොමින් කොහොම හරි මායි මල්මියි තව යාළුවො ටිකකුයි එකතු වෙලා නැ‍ටුමකුත් හදාගත්තා කියමුකෝ.. "නා මල් මිටක් සුදු දෝතින් අරන්" කියලා අර තියෙන්නෙ සිංදුවක්, ඔන්න ඕකට තමයි අපි නටන්න හිතුවේ.. නැ‍ටුමත් හැදුවා කියමුකෝ. දැන් කෝ සුදු දෝතට ගන්න නා මල්.. ඔය වෙලාවේ තමයි අපේ එකෙක්ට නියම අදහසක් ආවේ නා මල් වෙනුවට නෙළුම් මල් ගමු කියලා.. හී හී..නා මොකෝ නෙළුම් මොකෝ දෙකම "න" යන්නෙන්නෙ පටන් ගන්නේ.. :D . අදහසත් හොඳයි අකුරුත් ගැළපෙනවා, ඒත් අපි කොහෙන්ද නෙළුම් මල් හොයන්නේ. ඔය වෙලාවේ තමයි තව කෙනෙක්ට මතක් වුනේ අපි යන ක්ලාස් එකක පැත්තෙන් තියෙන පුංචි පොකුණ ගැන. මහා ලොකු මල් ගොඩක් නොපිපුනාට ඒ පිපෙන මල් ටික අපි හය දෙනාට හොඳටෝම ඇති. අපේ ඉස්කෝලේ ඉතින් ඉන්නේ කෙල්ලෝ විතරක් නිසා මල් කඩන්න වගකීම භාර වුනෙත් නැ‍ටුමෙ නටන්න ඉන්න අපිටමයි
 

Prefect Day එකට කලින් දවසේ හවස තමයි අපි මල් කඩන්න වෙන් කරගෙන තිබුනේ. ඉස්කෝලේ තිබුනේ කො‍ටුවෙ ඇතුලෙ නිසා එතන ඉදන් මේ පන්තිය ගාවටම කිලෝමීටරයක් විතර දුරක් පයින්ම ගෑ‍ටුවා.. පොකුණ ළඟටත් ගිහින් මඩේ බැහැගෙන මඩ නාගෙන නෙළුම් මලුත් කැඩුවා.. ඊට පස්සේ තමයි අපිට මතක් වුනේ ආයෙත් පාරේ බැහැලා යන්න වෙන්නෙත් මේ ආපු පාරෙම තමයි නේද කියලා.. හපොයි කාපු කට්ටක්.. මඩ නිසා සෙරෙප්පු දාන්නත් බෑ කකුල් ලිස්සනවා. සෙරෙප්පුත් නැතුව හවස 5ට විතර කෙල්ලෝ ටිකක් හඩ්ඩො වගේ නෙළුම් මලුත් අරගෙන පාරේ යද්දි අහගන්න වුන කථා ටික ඉතින් නොකිව්වට අපේ අයියලා මල්ලිලා දන්නවා ඇතිනේ.. හී හී...

ඔහොම තමයි ඉතින් මගේ ඉස්කෝලේ කාලේ ගෙවුනේ. ඒ මතකයන් ගැන ලියලා නම් ඉවර කරන්න බෑ. ඒ වගේම මතකයන් ගොඩක් අපි ගියපු පන්ති එක්කත් බැඳිලා තියෙනවා.. ඒවා වෙන පෝස්ට් එකකින් පස්සේ වෙලාවක දාන්නම්.. එතකන් මම ගියා..


CONVERSATION

59 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ආයෙත් පාසල් යන්න තියනවා නම් කියලා මටත් ගොඩක් වතාවට හිතිලා තියනවා.. මේ ලඟදී ඉස්කෝලේ නිවාසාන්තර ක්‍රීඩා උලෙලටත් ගියා.. පරණ යාළුවෝ ඔක්කොම ආවා.. හැමෝම කියන්නේ ආයේ එන්න තියනවා නම් කියලා.. :) පෝස්ට් එක නම් නියමයි අක්කා.. මේක කියවද්දී ඔවා කොහොම කරන්න ඇත්ද කියලා මැවිලා පේනවා :P ඒ වගේම මට ‍මතක් උනේ අපි 11 වසරේදී විතර ආසාවෙන් කියවපු හරි පුදුම ඉස්කෝලේ කතා පොත් සෙට් එක :) ලියලා නම් ඉවර කරන්න බැරි උනාට ආයෙත් එකක් ලියලා දාන්න :P

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලියෝ.. ආයේ ඉස්කෝලෙ යන්න ඈත්නම්.. ඒ තරමට සතුටින් හිටිය කාලයක් නම් ආයෙ එන්නේ නෑ අපේ ජීවිතේටම..

      Delete
  2. මේ කතාව කියවද්දි දන්නෙම නැතිව මාවත් ඉස්කෝලෙට අරන් ගියා..මමත් ආසම කාලය A/L කෙරුව කාලය.ඒ වගේ සුන්දර කාලයක්නම් ආයෙ එන්නෙ නැහැ.ඉස්කෝලෙන් අයින් වෙලා දැන් අවුරුදු 3ක් වුනත් තාමත් හිත ඒ සුන්දර කාලෙ ඉන්න.පුලුවන්නම් මේ ගැන තව ලිපියක් ලියන්න බලන්න.ආසවෙන් කියෙව්ව....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළු.. A/L කාලේ තමයි නටන්න පුළුවන් ඔක්කොම පිස්සු නටන්නේ හෑමෝම.. ඒ කාලෙ ගෑන නම් කියලා වෑඩක් නෑ.. :)

      Delete
  3. පිස්සු පුරවරයක් පාසැල් කාලේ කියන්නේ.අපරාදේ අපි ඉක්මනින් ලොකු වුනානේ.

    ReplyDelete
    Replies
    1. පිස්සු පුරවරයම තමා.. ඔක්කොම ඉන්නේ පිස්සෝ.. හෙ හෙ..

      Delete
    2. ඉතින් මම හිටියෙ නෑ නොවැ ඔය පිස්සු පුරවරයෙ.....

      Delete
  4. තව අවුරුදු දෙක තුනක් ඉස්කෝලේ යන්න තිබ්බනම් කියලා අන්තිම මාසේ දෙකේ හිතුන වාර අනන්තයි..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා.. මට නම් දෑනුත් හිතෙනවා ආයෙමත් ඉස්කෝලෙ යන්න තිබුනා නම් හොඳයි කියලා

      Delete
  5. හිහිහී.. ආයෙත් ඒ කාලෙට ගියා නංගියෝ.. ඒ කාලෙ ඉතින් මිස්ලට හරියට පණිවිඩ එහෙට මෙහෙට ගෙනියන්න වුණානෙ අපිටත්... :D
    සුළඟට හසුවූ පහන්සිලක් මෙන් සැඟව ගියාදෝ කියලා ‍හිතෙන වාර අනන්තයි ඒ කාලෙ.. :)

    ReplyDelete
    Replies
    1. හී හී.. ඒකනේ අක්කා.. ඒවා බාගෙට බාගයක් බොරු පණිවිඩ නේ.. හී හී..

      Delete
  6. ඔයාලගේ ජංගම කන්ටිමක් හිටියා වගේ අපේ ඉස්කෝලේ හිටියා ජංගම පෙරේතයා කියලා බුවෙක් :D පොර ක්ලාස් පටන් ගන්න තැන ඉදන් අන්තිම ක්ලාස් එක වෙනකම්ම පන්තිවලට ඇවිත් හැමෝගෙන්ම කකා බිබි යනවා..

    ReplyDelete
    Replies
    1. හපොයි.. අපි නම් එච්චර කෑවේ නෑ ඔන්න.. දවසට හතර පස් පාරක් කැන්ටිමට දුවලා මොනවා හරි අරගෙන එනවා මිසක්..

      Delete
  7. අනේ අක්කි මට මේක කියෙව්වාම හිතුනේ මම ඉස්කෝලෙ ගිය කාලෙ ගැන ලියලා කියලා..:D ඇත්තටම මාර ලස්සනයි ඒ කාලෙ..:)

    ReplyDelete
    Replies
    1. හී හී ඒ කියන්නේ නංගියත් මේ දඟ වැඩ කරලා තියෙනවානේ..

      Delete
  8. හි හි..
    නියමයි නියමයි...
    ආයෙම ඒ කාලෙට ගියා.

    ReplyDelete
    Replies
    1. හී හී.. මරු මරු .. ඒ කාලේ නම් ආයෙ කවදාවත්ම ගන්න බෑ හලෝ.

      Delete
  9. මේක කියවපුවම ඉබේම පාසල් කාලෙට හිත ඇදිල ගියා ....ඒ කලේ කරපු පිස්සු වැඩ ඔක්කොම මතක උනා...නියම පොස්ට් එක ප්‍රර්ථනා ......

    ReplyDelete
    Replies
    1. හී හී.. ස්තූතියි ශයංග.. :D

      Delete
  10. ආයිත් ඉතිං ලබන ආත්මේ තමා.... :( :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒකත් මනුස්සයෙක් වෙලා ඉපදුනොත් තමා අයියා.. :(

      Delete
  11. ආයේ ඉතින් ඉස්කෝලේ යන්ට බැරි එක නම් දුකක් !
    ඉස්කෝලෙට කෙසේ වෙතත් පොඩි කාලෙට යන්න තියෙනවා නම් මම එක පයින්ම යනවා !
    ඒ කාලේ දැන් වගේ සංකීර්ණ නෑ නෙව. දැන් නේ රස්සාවක් කරගෙන ගෙදරට සලකගෙන ඉන්න ඕන කියලා වගකීම් ටික ඉහ මතට වැටෙන්නේ !

    ඒ කාලේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තියෙන්නේ. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තමයි අයියා.. පොඩි කාලේ අපි හිතුවට ඉක්මණට ලොකු වෙන්න ඕනේ කියලා දෑන් නම් මටත් හිතෙන්නේ පොඩි කාලෙම හිටියා නම් හොඳයි කියලා... :D

      Delete
  12. මේ කතාව කියවන කොට සුනිල් එදිරිසිංහ ගැයූ මේ ගීය මතක් වුණා

    " ඉස්සර මං ගිය පාසැල ඇරිලා
    පුංචි පැටව් පෙරහැරෙ එනවා
    හේවිසි ගහගෙන හූ හඬ දීගෙන්‍
    ලන්ද පුරා දුව පැන නටලා".......

    ReplyDelete
    Replies
    1. සාමලා අමරලා පොත් තුල තව ඈත
      …එන එන අය හා යාළු වෙති,
      …අපේම පාසල අපේම මව් විය
      එදවස් අප හට නැත ආයේ... :(

      Delete
  13. මටත් මතක් උනා ඉස්කෝලේ කාලේ වෙච්ච් සිද්දි ගොඩාක් අක්කියෝ.. හිමිට ඒවාත් දාන්නම්කො :)))

    ReplyDelete
    Replies
    1. දාන්න නංගියෝ.. ආසයි කියවන්න..

      Delete
  14. අපොයි ඉස්කෝලෙ කාලෙ කරපුවා ගැන කොහොම ලියන්ඩද අප්පා.පොලීසියෙං දැක්කොත් එහෙම කූඩුවෙ තමයි ඉන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හී හී... හිතාගන්න පුළුවන් අයියලා කරපුවා.. හී හී.. හොරෙන් කෙහෙල් කැන් කපන්න ඇති... etc..etc...

      Delete
  15. හා මේ fort central එකනේ !:DD

    ReplyDelete
  16. ඉස්කෝලෙ ගියකාලෙ කතානං අම්බානකුත් තව දෙකක් විතර තියනව . . . ප්‍රසිද්දියෙ ලියන්න බැරි එකනෙ අවුල

    ප.ලි.
    මම ඒත් බැලුව මොකද මේ බ්ලොග් එක පැත්තෙං මඩ පුවක් සුවඳක් හමන්නෙ කියල . . . මෙයාල මල් කඩන්න ගිහිං නෙ

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. අයියලා කරපු හොර වැඩ එහෙම නම් මට හිතාගන්න පුළුවන්..

      …හපොයි අයියේ.. මඩ පුවක් සුවඳක් එන්න මම ලඟකදි මල් කඩන්න ගියේ නෑ..

      Delete
  17. ඔන්න අද සිට මගේ බ්ලොග් රෝලටත් දාගත්තා...

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. එහෙනම් සාදරයෙන් පිළිගන්නවා සිත් අහසට

      Delete
  18. ජීවිතේ හොඳම කාලේ අපේ උපේ කාලෙ තමයි.....
    කොච්චර වැඩ තිබුනත් අපි නම් ෆුල් ජොලියෙ තමයි...
    යාලුවො එක්ක සෙට් වෙලා කෙළින්නෙ තනිකර පිස්සු තමයි......
    exam ළං වෙනකොට පේන්නේ දවාලෙ තරුම තමයි.....

    http://www.youtube.com/watch?v=0dnsjkFdMm4

    ReplyDelete
    Replies
    1. හී හී.. මමත් ඊයෙ ඇහුවා ඔය සින්දුව..

      Delete
  19. අනේ මගේ ඉස්කෝලේ කාලේ මතක් උනා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...දුකයිනේ අක්කා ඒ කාලෙ මතක් වෙද්දිත්..

      Delete
  20. ඉස්කෝලෙ කාලේ ගැන නම් කියල වැඩක් නෑ.. ඒකෙනුත් ඒ ලෙවල්... මතක් වෙද්දිත් ආසයි...

    ප්‍රාර්ථනා සවුත්ලන්ඩ් ද හික් හික්... ගමේ කෙල්ලෙක්.

    ReplyDelete
    Replies
    1. හී හී.. අලේ.. පිස්සා අයියා ගාල්ලෙද.. මරුනේ..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  21. ඉස්කෝලේ අයි පාරක් යන්න ඇත්නම් කියල හිතෙනවා මේක කියෙව්වම.
    හොද සුන්දර මතකයන් ටිකක් තියෙනවා විශේෂයෙන් ඒ ලෙවල් කරපු කාලේ :D
    ලියන්න ඕනේ පොස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ගැන නම් පෝස්ට් 10ක් 15ක් වුනත් ලියන්න පුළුවන් නේ?? :)

      Delete
  22. මේක කියවනකොට මාවත් නිකම්ම ඇදිල ගියේ ඉස්කෝලෙ කාලෙට...මොනව කරන්නද ආයිත් යන්න බෑනේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ආයෙමත් යන්න නම් බෑ.. ඒත් ඒ මතකයන් හරිම සුන්දරයි නේ??

      Delete
  23. අනේ ඉස්කෝලේ කාලේ ගැනනම් කතා කරන්නෙපා....මතක් වෙද්දිත් දුකයි අප්පා....ආයේ යන්න තියනවනම්....දැනට පැයකට කලින් එකට හිටපු යාළුකේ හම්බුණා...ඒ කතාවුණෙත් ආයෙම ඒ කාලෙට යන්න තිබුණනම් කියලා....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔයාට නම් එහෙම හරි යාළුවො හම්බ වෙනවනේ නංගෝ.. මට නම් ගමේ ගියාම විතරයි එහෙමවත් යාළුවෙක්ව හම්බ වෙන්නේ..

      Delete
  24. මගෙත් ජීවිතෙ තිබ්බ හොඳම කාලෙ තමයි A/L කාලෙ. මටත් හිටිය මටම හරියන යාලුවො සෙට් එකක්. ඒ කාලෙ කරපු දඟ වැඩ අපි තාම මතක් කර කර හිනාවෙනව. එතකොට තමයි මටත් හිතෙන්නෙ "තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ" කියලා.

    ලස්සනයි පෝස්ට් එක...හරිම ආසාවෙන් කියෙවුවා :)

    ReplyDelete
    Replies
    1. සදහටම පුං\චි එකෙක් වෙලා ඉන්න තිබුනා නම් කියලා හිතෙන්නේ ඒව මතක් වෙද්දි..
      …ගොඩාක්ම ස්තූතියි යාළු..

      Delete
  25. මමත් හුගක් ඇවිත් ගිහින් තියෙන ඉස්කෝලෙකනේ මෙයා ගිහින් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හපොයි.. ඒ කියන්නේ බට්ටිත් දකුණු පළාතේ.. හී හී.. එහෙනම් මට හිතාගන්න පුළුවන් අනුමානෙට වගේ ඔයාගේ ඉස්කෝලෙත්.. :)

      Delete
  26. පිස්සු කෙලිනව වගේම ජීවිතේට ගොඩක් දේවල් එකතු කර ගන්නෙත් ඉස්කෝලෙන්ම තමා....අදයි ආවෙ මේ පැත්තෙ දිගට ඇවිත් යන්න එන්නම්.....ජය වේවා....!!!!!!

    ReplyDelete
  27. ඉෂ්කෝල කාලේ මතක් වෙනකොට නම් පස්ට ආතල්.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒ කාලේනෙ පිස්සුම කාලේ අපි හැමෝගේම

      Delete
  28. Oya wge tmai math prarthana.
    Meka kiyawaddi mge as walata kandulu binduwakuth awa.;(
    Aththatama oyage wge tmai mgeth a/l kale.apith karapu pixu wada godaaaa....i.;(:-\
    ewa mathak weddi dukaaaaa......i.

    mamath blog1 hadapu dawasaka wistara dannam.

    ReplyDelete

Back
to top