෴ තුහින වර්ෂා෴





අවුරුදු දෙකක්හ්ම්ම්.. අවුරුදු දෙකක් නිකන්ම ගත වෙලා ගියේ කාටවත් නොදැනී. පුංචි කෙල්ලෙක් විදියට මේ නගරෙට ආපු මමම අද විශ්ව විද්‍යාලෙක දෙවන වසරේ ඉගෙන ගන්න තරුණියක් වෙලා. බලපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන ආපු ජීවිත ගමන පුළුවන් හැම විදියකටම සාර්ථක කරගන්නයි මගේ බලාපොරොත්තුව...


ලැබීම්???? ලැබීම් වලට වඩා මගේ ජීවිතේ ගිලීහීම් වැඩියි කිව්වොත් හරි.. ඒත්... ඒ ලැබීම් ගිලිහීම් අතරේ ගලාගෙන යන මගේ ජීවිතේ ඉස්සරහට මොන දේ වේවිද.. මමවත් දන්නේ නෑ...

පළවෙනි වතාවට අම්මගේ ඇඟේ ගෑවි නොගෑවි අම්මත් එක්කම මේ කොළඹ රටට ගොඩ බැහැපු මමමද මේ ඉන්නේ. ඒක මටත් ප්‍රශ්නයක්. රට තොට ගැන මුකුත් නොදැන මේ ස්ටේශමේ මේ වේදිකාවෙන්ම කෝච්චියෙන් එළියට පළවෙනි අඩිය තියපු මම අද තනියම මේ හැම තැනකම යන්න තරම් ශක්තිමත් වෙලා. අම්මගේ තුරුල්ලෙම අවුරුදු විස්සක් තිස්සේ හැදුන නිසා මුල් දවස් වල බෝඩිමක ඉඳිද්දී ගෙදර මතක් වෙලා අඬපු කඳුළු ගැන දන්නේ බෝඩිමේ ඇඳ විතරයි...


ඒත් දැන්.. මම මේ ස්ටේශමේම තනියම හැම සිකුරාදාවකම ගාල්ලට යන්න ගාළු කුමාරි කෝච්චියට නගින්නේ කිසිම පැකිලීමක් නැතුව. ජීවිතේ කොයි තරම් නම් දේවල් වෙනස් කරන්න කාලයට පුළුවන්ද?..

හිත් වේදනාවන්, සතුටකට හරවන්න, හීන බලාපොරොත්තු යථාර්ථයක් බවට හරවන්න කාලයට පුළුවන්ඉතින් ඒ විදියට හිත් වේදනාවන් වලින් බැට කාපු, ඒත් තවමත් පර නොවුන බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳ ගත්ත පුංචි දේටත් හිත රිද්දවගන්න, හීන වලින් ජීවිතේට පාට පොවන, මම වර්ෂාවර්ෂා මන්දාකිණි විජේවීර. ජීවිතයේ නොයෙක් විධ ගැලපුම් අතරින් ගලාගෙන යන මගේ කථාව. තුහින වර්ෂා  අද සිට...

*******************************************************
මේ මගේ දෙවෙනි නව කතාව :P .. කලින් කථාවේ අඩුපාඩු හදාගෙන මේ කථාව ඊට වඩා හොඳට ලියන්න උත්සාහ කරනවා. බලලා අඩු පාඩු වැරදි තියෙනවා නම් කියලා යන එක මට ලොකු උදව්වක්.. :) 

ප.ලි- හපොයි .. මේ කථාවට නමක් හදාගන්න බැරුව මම විඳපු දුකක්. නම දාන්න උදවු වුන දිනේශ් අයියටයි. කසුන් අයියටයි,හිතූ නංගටයි තැන්කූ හොඳේ...





පළමු කොටසට


CONVERSATION

56 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. පලවෙනි කතාව නම් කියෙව්වෙ නෑ,මේක නම් අනිවා කියවනවා!:)

    ReplyDelete
    Replies
    1. එහෙනම් කියවලා හොඳ නරකත් කියන්නකෝ මල්ලියෝ..

      Delete
  2. නියමයි...මග බලන් ඉන්නවා අපි..

    ReplyDelete
  3. ඔයාගේ කලින් කතාව ඔක්කොම කියවන්න වුනේ නෑ. මේ පාර නම් මුල ඉඳල කියවන්න පුළුවන්.:) ඔයා වෙලාවට දිනේෂ් අයියගෙනුයි, හිතූගෙනුයි ඔය නම හොඳද ඇහුවේ.:)

    ReplyDelete
    Replies
    1. කසුනා මොකද නිකන් අනන් මනන් කියන්නේ.. මේ වර්ෂාගේ නම දුන්නේ මම හරි...

      Delete
    2. කවුද දෙයියෝ අනං මනං කිව්වේ.....? :) මම කිව්වේ මට නම් ඔය නම ඇල්ලුවේ නෑ. ඔය දෙන්න නේ හොඳයි කිව්වේ, ඒකයි.:)

      Delete
    3. ආ.... වර්ෂා නම නම් දන්නෙ නෑ..කතාවෙ නම හොදයි කිව්වෙ මම..:D
      මොකද දන්නෙ නෑ දිනේශ් අයියා වර්ෂා නමට ඔයතරම් ආස..;) නේද කසුන් අයියේ??

      Delete
    4. හිකිස්.. ඉතින් ඔන්න මෙතන වලියක් ඇදෙන්නයි යන්නේ... හී හී... ඔන්න තුන් දෙනාගෙම අදහස් වලට ඉඩ දුන්නෝ.. (නැත්නම් මේ තුන් දෙනා එකතු වෙලා මට වැඩක් දෙයි වගේ.. :P)

      Delete
  4. ප්‍රාර්ථනාගේ පළවෙනි කතාව මට මතකයි.. ඔයා ඒකේ අවසානය අපි හිතුවට වඩා ඉක්මන් කලා.. මම ඒ ගැන ඔයාට පෞද්ගලිකවත් කිවුවා එහෙම කරන්න එපා කියලා.. මම හිතනවා ඔයාට මතක ඇති කියලා.. ඒ දේ මේකෙදි නම් කරන්න එපා.. ඔන්න මම මෙක බලන්න එනවා අනිවාර්යෙන්ම..

    ReplyDelete
    Replies
    1. මේ පාර ඒ වැරැද්දත් හදාගෙන ලියන්න හිතුවා අයියේ.. :D

      Delete
  5. එල එල.. අද සිට මේ කතාව කියවන්න සෙට් වෙනවා. පලවෙනි එක නම් මිස් උනා. අවුලක් නෑ. මේකේ ඉඳන් කියවමු.

    ReplyDelete
  6. කලින් කතාවනම් කියෙවුවෙ නැහැ.මේක කියවන්න හිතෙනවා හඳුන්වදිමම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ආ...මෙයා කියන්නෙ පචමයි...!!!

      Delete
    2. කවුද මේ හුරතල් ඇනෝ..

      Delete
  7. මමත් එනව අක්කෙ මේ කතාව බලන්න.ලස්සන ආරම්භයක්.කලින් ලිපි වගේම මේ ලිපි පෙළත් ලස්සන වේවි.කතාව දිගටම ලියන් යන්න ප්‍රාර්ථනා අක්කට එක හිතින් ප්‍රාර්ථනා කරනව.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මල්ලියෝ..

      Delete
  8. අපිත් කියවන්න බලාගෙන ඉන්නේ !!!
    ජය වෙවා !!!
    ලස්සන නමක් දාලා තියෙන්නේ !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.. නම නම් ඉතින් තුන් හතර දෙනෙක්ගේ මහන්සියෙන් දැම්මේ.. හී හී

      Delete
  9. ආව්ව්... ලස්සනයිනෙ.. ඔය තියෙන්නෙ..ඒ නම ලස්සනය්.. ඔය කසුන් අයියාට ඇල්ලුවෙ නැති ව්උනාට මොකද වැඩි ඡන්දෙ නම ලස්සනයි කියලානෙ.. නියමයි අක්කියො.. අපි ලියමු... බලන් ඉන්නවා..

    ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. හී හී... ඒකනේ... තැන්කූ මගේ නංගියෝ..

      Delete
  10. නමක් හොයාගෙන නේද කොහොමහරි...
    :D

    ReplyDelete
    Replies
    1. හී හී.. හොයාගත්තා නේන්නම්.. :D :D

      Delete
  11. ලස්සනයි නම...අනිවාර්යයෙන්ම මාත් එනව කතාව කියවන්න.

    ReplyDelete
    Replies
    1. එන්න එන්න.. ආදරෙන් පිළිගන්නවා.. :D

      Delete
  12. මළා මම හිතුවේ මේක ප්‍රාර්ථනාගෙ ගැන කථාවක් කියලා.බලමුකෝ.කලිං එකත් කියෙව්වා.මේකත් කියවන්නංකෝ.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. මගේ ගැන කථාවක් නෙවෙයි අයියා.. විස්තරෙන් ටිකක් විතර මගේ ගැන කියලා හිතෙනවා තමයිනේ

      Delete
  13. විජේවීර ගේ දුවෙක් ද දන්නෑ නේද... :) ඵල! ලියන්න ලියන්න, අපි කියවනවා!

    ReplyDelete
    Replies
    1. හිකිස්.. හෆොයි නෑ... විප්ලවවාදියෙක් නෙවෙයි වර්ශා :D

      Delete
  14. ලියපං බලන්න . . . හැබැයි කොමෙන්ට් දෙන්නෙ අන්තිම කොටසට

    ReplyDelete
    Replies
    1. හිකිස්.. හා හා අයියේ.. බලලා හොඳ නරක ටිකත් කියන්න.. :D

      Delete
  15. අහ්හ් මගේ නමේ කෑල්ලක් තියෙනවා නේද බොලේ :ඩි

    ReplyDelete
    Replies
    1. හී හී... ඔව් ඔව්.. මන්දාකිණී.. :P :D

      Delete
  16. චක් මම හිතුවේ පටන් ගන්නකොට මෙයා ගැන කියන්න යන්නේ කියලා :P

    ReplyDelete
    Replies
    1. හෆොයි.. හැමෝම හිතලා තියෙන්නේ එහෙම.. :P :D

      Delete
  17. තවත් නව කතාවක්! ගොඩක් ස්තූතියි :) :) :) :)

    ReplyDelete
    Replies
    1. ස්තූති මොකටද මල්ලියෝ.. :P :D

      Delete
    2. හොඳ කතාවක් ලිව්වට :) කියවන්න කලින්ම මම දන්නව එ්ක හොඳ බව :)

      Delete
  18. උපන් වෙලාවට අනුවද නම දැම්මේ ;)

    අපිත් බලං ඉන්නේ.. ‍

    ReplyDelete
    Replies
    1. හිකිස්.. වර්ෂා උපන් වෙලාව මට නම් මතක නෑ..
      ස්තූතියි සෑම්,

      Delete
  19. තුහීන කියන එකේ තේරුම මොකක්ද???? ගාළුකුමාරි තාම වැඩ කරන්නෙ නැනේ අක්කේ.. වැඩ කරනකොට මමත් යනවා වර්ෂා එක්ක

    ReplyDelete
    Replies
    1. තුහින කියන්නේ හිම වලට මල්ලියෝ..

      Delete
  20. අපි කියවන්න බලාගෙන ඉන්නවා

    ReplyDelete
  21. තුහින.. වර්ෂා.. සමග දුම්රිය... ♥

    හිත ආයෙමත් අතීතයකට ගියා නෙව.. සුබ පැතුම් නංගියෝ.. මේ අළුත් පියවරට.. අපි එනවා තුහින වර්ෂාවේ වර්ෂාත් එක්ක දුම්රියේ යන්න..
    පහුගිය නවකතා ටිකත් නංගියගෙ කියවන්න ඕන.. :)

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. හ්ම්ම්.. ඒ අතීත කථාව මොකක්ද අප්පේ..
      ස්තූතියි අක්කියා..

      Delete
  22. 1 එක නම් බැලුවෙ නෑ. මේක බලන්නම් දිගට ලියන නව කතාව සාර්ථක වෙන්න කියල පිස්ස සුභ පැතුව ඕං......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියා.. :D

      Delete
  23. 1 නම් හරියට බලන්න උනෙ නෑ..මේකවත් බලන්න ඕනි...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් බලන්න එන්න අයියේ.. :)

      Delete
  24. අම්මෝ...... බොහොම අමාරුවෙන් කමෙන්ට් බොක්ස් එක ලෝඩ් කරගත්තා..

    ලියන්න ලියන්න ලස්සනයි කතාවෙ නමත්.කසුන් මල්ලි අකමැති වුනාට මොකෝ නේද නම ලස්සන නම්...;))

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ අක්කා.. කමෙන්ට් බොක්ස් ලෝඩ් වෙන්නේ නැද්ද.. :)
      තැන්කූ හොඳේ... බලාගෙන යද්දි කසුන් අයියා විතරයි වගේනේ මේ නමට අකමැති.. :P :D

      Delete
  25. හලේ....... මං පරක්කුයිද මන්ද.. කමක් නෑ..
    ලස්සන කතාවක් වගේ වෙයි අක්කියෝ.. ආසාවෙන් ඉන්නවා කියවන්න.. :D
    (තුහින කියන්නෙයි වර්ෂා කියන්නෙයි එකම තේරුම වෙන්න ඕනේ මට මතක විදියට.. හරිද මන්දා.. :) )

    ReplyDelete
  26. මෙතනින් පටන්ගෙන මාත් කතාව කියවන්නයි මේ සූදානම් වෙන්නෙ.....ඔන්න ප්‍රරාර්ථනා එහෙනම් මාත් එනවා දිගටම ඔබේ නව කතාව රස විඳින්න....:)

    ReplyDelete

Back
to top