෴ තුහින වර්ෂා෴ පළමු කොටස




ඉතින් අදත් එක සිකුරාදා දවසක්.. ලෙක්චර් එක ඉවර වුන ගමන් පිම්මේ ඇවිත් කො‍ටුවට එන බස් එකකට නැග්ගේ ගාල්ලට යන 3.40 කොච්චිය අල්ලගන්න හිතාගෙන.. ඒ මදිවට හොදටම වැස්ස..

වෙනදා වගේම අදත් කෝච්චිය එනකන් ස්ටේශමේ බංකුවක් උඩට වෙලා වාඩි වෙලා ඉන්න ගමන් පුංචි කෙල්ලෙක් වගේ මේ ස්ටේශමේ පය තියපු මුල්ම දවස මතක් කරගත්තේ ඒකෙන් මට ලැබෙන අමුතුම සතුට නිසා. ඒ ළමා කාලේ කොයි තරම් නම් සුන්දරයිද. ප්‍රශ්න... ප්‍රශ්න කියන දේ තිබුනේම නැති තරම්. බොළඳ කමට කරපු එක එක මෝඩ වැඩ වලින් ඇති වුන හිත් රිදවීම් ඇරෙන්නට කඳුළක් ඇස් වලින් ගැලුවෙවත් නැති තරම්.

හෙමි හෙමින් ලතාවකට පැද්දෙමින් එන කෝච්චිය ආයෙමත් මගේ අතීතය මතකයට ගෙනාවාපුංචි වර්ෂා මේ බිමේ මුලින්ම පයගහද්දී තිබුන තද රතු පාටදුඹුරු පාටින් සීට් තිබුන කෝච්චිය වෙනුවට දැන් තියෙන්නේ නිල් පාටින් හැඩ වුන අළුත්ම කෝච්චි පෙට්ටි තොගයක්.කොච්චියෙන් එළියට අඩිය තියාගන්න බැරිව අම්මගේ ඇඟේ එල්ලුන ඒ පුංචි කෙල්ලම අද තනියම කෝච්චියේ ඉඩ අල්ලන තරඟයට නොදැනුවත්වම එකතු වෙලා...

කෝච්චියට නැගලා වාඩි වුනත් අතීතයෙන් එක පාරටම මිදෙන්න නම් මට අමාරු වුනා. ඒ ගමටම බද්ධ වුන , ගමට දැඩි විදියට ආදරේ කරපු ඒ පුංචි කෙල්ල තාමත් මගේ ඇතුලේ ජීවත් වෙන නිසා වෙන්න ඇති..

"පස් වන වේදිකාවේ තිබෙන දුම්රිය දැන් මාතර බලා පිටත් වේ,"

ඒ හඬත් එක්කම පිටත් වුන රුහුණු කුමාරී දුම්රිය තාලයට හඬ නගමින් සිය ගමන . සිහින් සුළං රොදක සිහිල විඳිමින් මම ජනේලය අයිනේම  වාඩි වුනේ අද දවසේ කරපු පාඩමක් බලාගන්න හිතාගෙන.

"කඳු පාර ඈත අයිනේ, සඳ රෑක ඈ සිනාසේ"

ලස්සන කටහඬකින් කියන සිංදුවක් මගේ කනට වැ‍ටුනේ ඒ වෙලාවෙමයි.
නොදැනුවත්වම සිංදුව ඇහුන දිහාවට මගේ ඇස් දෙක දිව්වේ ඒ කටහඬ අයිතිකාරයව හොයාගන්න හිතාගෙන. මට ඉස්සරහින් තිබුන සීට් එකේ යාළුවෝ ගොඩකුත් වට කරගෙන හිටපු එයත් මා දිහා බලලා සුන්දර සිනහවක් මට සංග්‍රහ කරා. පුංචි ලැජ්ජාවකුත් ඇති වුනත් කටහඬේ ලස්සන බව නිසාම එයා දිහා නොබලා අහක බලාගන්න මට පුළුවන්කමක් තිබුනේ නෑ. සින්දුව කියන ගමන් සැරෙන් සැරේ මා දිහා බලලා ලස්සනට හිනා වෙන්නත් එයා අමතක කරේ නෑ.


ඒ නිසාම මේ කට හඬ අයිතිකාරයගේ හැඩ රුව බලාගන්න මට ආසාවක් ආවා.. මූණ පුරාවට පිළිවෙලකට වැවුන රැවුල නිසා එයාට තිබුනේ කඩවසම් පෙනුමක්. දිලිසෙන  ඇස් දෙක, තියුණු ඇහි බැම මේ හැම දේකින්ම එයාගේ කඩවසම් බව ඒ වගේම දඟකාර පෙනුම තවත් වැඩි වුනා.. ඒ ලස්සන හිනාව ආයෙමත් මගේ පැත්තට යොමු වෙද්දි මට මං ගැනම ලැජ්ජ හිතුනේ එයා දිහා මම ගොඩාක් වෙලා බලාගෙන හිටපු බව තේරුන නිසා.





"මහීන්, කොහෙද මචං උ සැරෙන් සැරේ බල බල තනියම හිනාවෙන්නෙ, තව සින්දුවක් පටන් ගනින්කෝ"  

යාළුවෝ එයාට විහිලු කරත්දිත් එයා තාමත් මා එක්ක හිනාවෙනවා,
"අනේ මෙහෙමත් කොල්ලො," මට නිකන්ම හිතට ආවේ ඒ අදහස. දවස පුරාම මහන්සි වෙලා 3.40 කෝච්චියේ නැගලා ගාල්ලට යන මට එයාගේ කටහඬින් නම් ලැබුනේ පුදුම සැනසීමක්. දවස පුරාම අහන ටකරන් සංගීතෙන් මිදිලා මේ වගේ සිංදුවක් අහන්න ලැබෙන්නේ මෙහෙමත් වෙලාවක නේද කියලා මට හිතුනා,  අතීතය අමතක කරන්න දඟලන මගේ හිතේ ආයෙමත් ගම ගැන ඒ අතීතය ගැන, ගොඩාක් වේදනාකාරී  සිදුවීම් මගේ හිත ඇතුලේ හොල්මන් කරන්න පටන් ගත්තේ ඒ සින්දුව අහපු නිසා. ඔය විදියට මගේ කල්පනාව දුරට දුරට ඇදිලා යනකොට මගේ මූණෙ ඉරියව් වෙනස් වෙන හැටි එයාත් එයාගේ යාළුවොත්  බලාගෙන ඉන්න ඇති,

"මචං අර බලපන් අරකි ඉන්නේ අඬන්න ඔන්න මෙන්න වගේ, සින්දු අහලා අඬන්න නම් කෙල්ලෝ හරි දක්ෂයිනේ බං"

එහෙම කියපු එයාගේ යාළුවෙක් මගේ දිහාවෙ බලලා හිනාවකුත් දැම්මා. ඒ එක්කම ඕනේ දෙයක් වෙච්චදෙන් කියලා මගේ හිත හදාගත්ත මම එයා දිහා බැලුවේ  එයා ඒකට මොනව කියාවිද කියලා බලන්න.

ඒත් එයා කිසිම සද්දයක් නැතුව මගේ දිහා බලන් ඉන්නවා...
එක පාරටම මගේ දිහා බලන් හිටපු  එයා නැගිටලා මගේ පැත්තට එන්න ගත්තා,

"මේ මොන මරාලයක්ද මට කඩන් වැටෙන්න යන්නේ, කමක් නෑ අපි බලමුකෝ. "

මෙහෙම හිතපු මමත් කලබල නොවී  බලාගෙන හිටිය එයා කරන්න යන දේ.
මෙන්න ඒ පාර මෙයා මගේ ගාවින් වාඩි වුනා, හිතට බයක් දැනුනත් වෙන කරන්න දෙයක් නැති නිසා මාත් ඉවසගෙන බලාගෙන හිටියා.

"ලෝ කොහොමද ඔයාට, අපෙ සිංදු ලස්සනයිද? "

එයා මාත් එක්ක කථා කරන්න පටන් ගත්තෙ හරියට ගොඩාක් කාලයක් දැනගෙන හිටපු කෙනෙක් වගේ.

"හ්ම්ම්ම්.. හරිම ලස්සනයි, සින්දු වගේම ඔයාගේ කටහඬත්"

"මම මේ මොනවද කියන්නේ, දන්නෙවත් නැති කෙනෙක්ට, මෝඩ කෙල්ල" මගේ හිතම මට එහෙම කියද්දිත් එයා එක්ක තව තවත් කථා කරන්න ඕනේ කියලා මට හිතුනා.

"ඉතින් ඔයා කැම්පස් නේද?"

"හ්ම්ම්... මෙයා කොහොමද ඒක දන්නේ,"

හ්ම්ම්, ඔව්. කොහොමද ඔයා ඒක දන්නේ,

"මෝඩි , ඔයා රටටම පේන්න කැම්පස් එකේ ටී ෂර්ට් එක ඇඳගෙන මගෙන් අහනවා මම කොහොමද ඒක දන්නේ කියලා"

"ආහ්හ්.. ඇත්තමයි, මෝඩ කෙල්ල," මගේ හිත ආයෙත් මට බනිනවා,.
"මෙයාගේ විස්තර අහන්නද එපාද?, ඇහුවොත් ඇඟට ගොඩ වෙන්න එයිද දන්නේ නෑ."

"මොනවද කල්පනා කරන්නේ, මගේ විස්තර අහනවද නැද්ද කියලද?"

හපොයි, මෙයා හිත් කියවන්නවත් දන්නවද? කමක් නෑ ඕනේ දෙයක්, අහලා බලමු විස්තර.

"හ්ම්ම්.. නෑ එහෙම දෙයක් නෑ"

"නෑ නෑ, ඔයා නෑ කිව්වට මම ඒක දන්නවා,.ඒක නේද හිතුවේ,. හා හා කමක් නෑ, මම කියන්නම්කෝ විස්තර,. මාත් ඔයාලගේ කැම්පස් එකේමයි. හැබැයි UCSC එකේ මම Third year. දන්නවනේ UCSC කියන්නේ මොකක්ද කියලා,"

"මට නෝන්ඩි දාන්නද මේයා ලෑස්ති වෙන්නේ, හා බලමු, මම අහු වෙයි ඕවට."

ආහ්හ් අයියා කෙනෙක්නේ,.

"හ්ම්ම්, ඔව්නේ, UCSC කියන්නේ University of spoiled children නේ," :P

එහෙම කියපු ගමන් එයාගේ කටින් හිනාවක් පැන්නා, බොහෝම අමාරුවෙන් හිනාව නවත්තගත්ත ගමන් ආයෙමත් මම දිහා බලලා අර සුපුරුදු හිනාව දාන්න ඔහු අමතක කරේ නෑ

"ආහ්හ්, එහෙමද නංගි  ඔයාලා අපි ගැන හිතන් ඉන්නේ,. බලාගමුකෝ"

"හා, මම බය වෙයි ඕවට, හරි බලාගමුකෝ. "

එහෙම කියපු මගේ කට ඉබේම අගුළු වැ‍ටුනේ නොදන්න කෙනෙක් එක්ක මෙහෙම කථා කරන එක හරිද කියලා හිතුන නිසා...
එයාට නම් ගානකවත් නෑ වගේඔව් ඉතින් පිස්සු නැත්නම් මා ගාවට ඇවිත් කථා කරාවිද. එහෙම හිතලා මම හිත හදාගත්තා.ආයෙමත් අර සුන්දර හිනාව පාපු  එයා මගෙන් ඇහුවේ මම නොහිතපු ප්‍රශ්නයක්.

"සිංදු අහලා පරණ දේවල් මතක් වුනා  නේද? දුක හිතුනා නේද? "

අනේ දෙවියනේ, මම මොනව කියන්නද මෙයාට, ඇත්තම කියන්නද, බොරුවක් කියන්නද?

"හ්ම්ම්.. ටිකක් විතර,. ඒකට කමක් නෑ" 
මගේ කටින් එහෙම පිට වුනේ කොහොමද කියලවත් මම දන්නේ නෑ.
"මෝඩි, ඔහොමත් කියනවද? ඇයි කට පරෙස්සම් කරගන්න බැරි, හිතට එන හැම දේම කියවනවා, මෝඩි, මෝඩි මෝඩි." හිත ආයෙමත් සටනක..
ආයෙ නම් මොනව ඇහුවත් ඒ ගැන නම් කියන්නෙ නෑ නෑ මයි, මම මටම පොරොන්දුවක් දුන්නා.

"ඉතින්, මොනව හරි කියන්න,"  ටික වෙලාවක් මා දිහා බලන් ඉඳලා එයා කිව්වා,.
මොනවා කියන්නද මම,.

"ඔයා හිතනවා නේද මම වගේ කොල්ලෙක් එක්ක මොනවා කථා කරන්නද කියලා. හ්ම්ම් කමක් නෑ ඉතින්, එහෙනම් මම කියන්නම්කො මම ගැන., ඊට පස්සේ ඔයාට හිතෙනව නම් ඔයා ගැනත් මට කියන්න.
මගේ ගම නම් ගාල්ල, නම,.. හ්ම්ම්... නම නම් ඔයා හොරෙන් අහන් හිටියානේ.." 

ආයෙමත් අර හිනාව, අනේ මන්දා මේ කොල්ලට නම් පිස්සුද කොහෙද? කොහොම වුනත් පිස්සු කේස් එකක්, එහෙම හිතපු මම පොඩි හිනාවක් දැම්මා.

"අම්මෝ, ලොකු දෙයක් යන්තම් ඇති හිනා වුනා, ඒ කියන්නේ මගේ නම හොරෙන් අහන් හිටියානේ.. ඒත් සම්පූර්ණ නම දන්නේ නෑනේ,. මගේ නම මහීන් සස්මිත අබේගුණවර්ධන."

"මහීන් සස්මිත, හ්ම්ම්,, කොල්ලා වගේම නමත් ටිකක් වෙනස් වගේ". මට නිකන්ම කියවුනා.

"ආහ්හ්, ඔය පනින්නේ හිතේ තියෙන ඒවා එලියට, ඇයි ඔයාට මාව පේන්නේ පිටසක්වලකින් මේ දැන් බිමට බැහැපු ජීවියෙක් වගේද? ඒකද කටට ලොක් එක දාගෙන බයෙන් වගේ ඉන්නේ."

"හපෝ, හරි වැඩේ එහෙම පේන්න, ජීවියෙක් නම් තමයි, හැබැයි පිටසක්වලින් නෙවෙයි, පිස්සන් කො‍ටුවෙන් මේ දැන් පැනපු පිස්සෙක් වගෙයි.. "

මටත් ඉතින් කට තියන් ඉන්න බෑනේ. ආයෙමත් මගේ වාචාල කට ඉස්සර වුනා.
ඉතින් කොහොම කොහොම හරි මේ විදියට කථා කර කර අම්බලන්ගොඩ පහු  වෙනකනුත් අපිට කිසිම ගානක් තිබුනේ නෑ. ඒ වෙනකොට එයා  මගේ හැම විස්තරේමත්, මම එයාගේ හැම විස්තරයක්මත් දැනගෙන ඉවරයි. ඒ අතරේ එයාගේ යාළුවො හැමෝම අපිට විහිලු කරේ මුළු කෝච්චි පෙට්ටියම හිනා ගස්සවමින්.

"ආහ්හ් .. මේ මෝඩී ඒක නෙවෙයි මට හැම වෙලේම ඔයාට මෝඩි මෝඩි කියන්න බෑනේ, ඒ නිසා කරුණාකරලා ඔයාගේ නම කියනවද මැඩම්.."

එක පාරටම මහීන් ඇහුවේ නෝන්ඩි හිනාවකුත් දාන ගමන්..
හහ්... මෝඩි... මම කවුරු කියලද දන්නේ නෑ මේ මෝඩයා හිතන් ඉන්නේ.

"මම වර්ෂා, වර්ෂා මන්දාකිනී විජේවීර.. දැන් හරිද?? :P "

තරහ නොගියත් බොරු තරහවක් මවාගෙනම මම ඇහුවේ මේ මෝඩයා තවත් මොනවා හරි කියන්න කලින්..

"පුහ්.. මහප්‍රාණ, අල්ප ප්‍රාණ ඔක්කෝම තියෙනවනේ හලෝ ඔය නමේ.. විප්ලවවාදී නමක්නේ තියෙන්නේ.. ඒක නම් තේරෙනවා කටේ තරමින්ම.."

අනේ ඇත්තටම මෙයාට මා එක්ක වලියක් දාගන්නේ නැතුව හොඳට කථා කරන්නම බැරි හැටි.
බනින්න හිතාගෙන කට අරින්න යනකොටම ආයෙමත් මහීන්..

"හෝව් හෝව් මැඩම්.. ඔයාට අහු වුනාම නිකන් කෝච්චියට අහු වුනා වගේනේ..මේ... ඔය කෝච්චිය දැනට නතර කරන්න වෙනවා.. ඔන්න අපි ගාල්ලේ.. ආයෙමත් දවසක හම්බු වෙලා මම කන් රිදෙනකන් වුනත් කියන ඒවා අහන් ඉන්නම්.. දැන්.. බහිමුද?" 


"අම්මෝ ලොකු දෙයක්, ආයේ නම් ඔයාව හම්බ නොවුනට කමක් නෑ.මාත් මේ ඔයාගේ කන් කරච්චලෙන් බේරෙන්නේ මොන වෙලාවෙද කියලා බලාගෙනයි හිටියේ..  එහෙම කියාගෙනම මම කෝච්චියෙන් බිමට බැස්සා.. 


ඒත් පැය කීපයක් ඇතුලත ඇතිවුන ඒ යාළුකම, ඒ බැඳීම දැන්මම ඉවරයක් කරන්න මගේ හිත ඇතුලේ පොඩිම කැමැත්තක්වත් තිබුනේ නෑ..




ප.ලි- UCSC වෙනුවෙන් දාපු නමට කවුරුත් තරහා ගන්න එපා හොඳේ... අගෞරව කරන්න හිතාගෙන නෙවෙයි ඒ නම දැම්මේ.. :D :) 




දෙවන කොටසට

CONVERSATION

69 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ANE MATA HARIMA DUKAI OYAGE POST 1KAK WATH KIYAWANNA WIDIYAK NA MAGE COMPUTER 1KE SINHALA UNICOD DANNA BA Y-RAS 1K AVILLA

    ReplyDelete
    Replies
    1. mama kiyapu widyata karalath hari giye nadda yalu. operabeowser eka aran balanna.. :)

      Delete
  2. හෆ්ෆට සිරි ...මමත් කෝච්චියේ හිටියා වගේ කතාව කියවගෙන ගියා..මේකිත් පුදුම කෙල්ලෙක් අහ්හ්...:P
    UCSC එකේ කට්ටිය අපහාස නඩුවක් දාවිද දන්නෙත් නෑ.. ;)

    ලස්සනයි නංගි දිගටම ලියන්න(ඉක්මනට )....:)

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒකනම් කියන්න බෑ අයියා... අපහාස නඩුවක් දැම්මොත් ඔයා මට උදව්වට එනවනේ නේ?? ;)
      ස්තූතියි අයියා..

      Delete
  3. University of spoiled children - නෝ කමෙන්ට්ස් :P

    ReplyDelete
    Replies
    1. මචන් මෙච්චර හොඳ කතාවකින් ගත්තේ ඕක විතරද?

      Delete
    2. මඩ ගහන ඒවා විතරද අෆ්ෆා chammaට පේන්නේ.. ඒ අපේ කැම්පස් එක හොඳේ.. :) විහිලුවට දැම්මට UCSCඑක තමා හොඳම.. :):D ;)

      Delete
  4. කතාවනම් සුපිරි.. එක හුස්මට කියෙව්වා.. ඉතිරිය එනතෙක් මග බලා හිදිමි.. :D

    ReplyDelete
  5. ලස්සනයි කථාව...ගොඩක් ආසාවෙන් කියෙවුවා.ඉක්මනටම ඊලඟ කොටසත් ලියන්න.

    ReplyDelete
  6. කතාව සුපිරියටම ලියලා !
    ආයේ ඊට පස්සේ අර කට්ටිය හම්බ උනේ නැතෙයි ?

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රශ්නෙට උත්තරේ ඊලඟ කොටස්ඩ් වලින් මමම හොයාගන්නම් !!!
      මට හිතෙන්නේ මේ හමුවීම දුර දිග යාවි කියලා !

      Delete
    2. හී හී... අපි බලමුකෝ අයියා මොකෝ වෙන්නේ කියලා..
      ස්තූතියි හොඳේ.. :D

      Delete
  7. මෙයාට නම් UCSC එකත් එක්ක තරහක් තියනවද කොහේදෝ :)

    ReplyDelete
    Replies
    1. හපෝ එහෙම නෑ අක්කියෝ.. ucsc අපේ සහෝදර ෆැකල්ටි එකක්නේ.. :)

      Delete
  8. "මූණ පුරාවට පිළිවෙලකට වැවුන රැවුල නිසා එයාට තිබුනේ කඩවසම් පෙනුමක්"

    සිරාවට කෙල්ලෝ මෙහෙම හිතනවද?? පුදුමයි. හික්ස්...

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන කෙල්ලොත් ඉන්නව මැට්ටෝ...........

      Delete
    2. අනේ කොච්චර ශෝක් ද.. මමත් රැවුල වවනවා එහෙනම්... එහෙම ඕනත් නෑ එක්කෝ. මම කොහොමත් හැන්ඩ්සම් නේ.. හික්ස්ස්

      Delete
    3. හිකිස්....හූම් හූම්ලු.....:P

      Delete
    4. ඇත්තටම එහෙම හිතනවා.. ඒත් මතක තියා ගන්න "පිළිවෙලකට" කියන වචනෙ

      Delete
    5. හා හා... එහෙනම් බලමුකො පිළිවෙලකට වවලා...

      Delete
    6. හිටුකෝ මාත් රැවුල වවනවා හෙට ඉදන්..

      Delete
    7. @රවින්- පුහ්... හිතන් ඉන්නවළු එක්කෙනෙක් එයා හරි හැන්ඩ්සම් කියලා.. ;) හිකිස්.. එහෙම තමා හලෝ.. ඒ වගේ කොල්ලොන්ට ආස කෙල්ලොත් ඉන්නවා, හැබැයි අර පොටෝ කෑල්ලේ ඉන්න අයියා වගේ පිළිවෙලකට ඉන්නවා නම් විතරයි.. :P :D

      @chamma- හිකිස්.. හෆ්ෆෝ.. මේක බලල හැමෝම රැවුල් වවන්න පටන් ගනියිද මන්දා..

      Delete
  9. හැඳින්වීමයි, පලවෙනි කොටසයි දෙකම කියෙව්වේ අද...
    මං ආසයි මහීන් ගේ චරිතෙට හොඳේ.. ;)
    නියමයි අක්කියෝ... ඉක්මණට ලියමු ඉතුරු කොටස් ටික.. :DD

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. හ්ම්ම් හ්ම්ම්..මහීන්ට ඉල්ලුම වැඩියි වගේනේ... :)
      ස්තූතියි නංගියෝ..

      Delete
  10. අලුත් වැස්සක් වහින්නට සැරසේ..පුරුදු ආකාසේ..

    ලස්සනයි යාළුවා..බොහොම ලස්සනට යනවා..සුබ පැතුම්

    ReplyDelete
  11. ආදරණීය ප්‍රා.......

    හලේ.....
    ඔන්න තවත් කතාවකට අද මං පිස්සු වැටුන....කතාව ගලාගෙන යනව අක්කියෝ...අවසානෙට එනකම්ම තේරුණේනෑ......

    ඉක්මණට ඊළඟ කොටස දාන්ඩෝ.....අපි බලන් ඉන්නෝ....
    (හනේ රිද්මය වගේ අපිව මරවන්නෙ නැතුව අපිගැන අනුකම්පා කරල ඉක්මණට ඩාන්න හොඩේ....:(..)

    ReplyDelete
    Replies
    1. හලේ.. තැන්කූ නංගියෝ.. පුළුවන් තරම් හොඳට ලියන්න බලන්නම්.. හොඳ වගේම වැරදි තිබුනොත් ඒවත් කියලා යන්න හොඳේ..

      Delete
  12. ඇත්තම කියන්නද? මුළු කතාවම කිසි අඩුවක් නැතුව ඇස් ඉදිරිපිට මැවුනා. ඇත්තටම ලස්සනයි නගෝ. ඒ කියන්නේ කෙල්ලොත් කොල්ලෙක් දැක්ක ගමන් හැඩරුව හොඳට බලනවා නේ.;) ඉක්මනටම අනිත් කොටස දාන්න.

    ඒක නෙමෙයි, කතා කරනකොට අර :P කියන එක කියන්නේ කොහොමද? :D

    ReplyDelete
    Replies
    1. හානේ.. ගොඩාක්ම ස්තූතියි අයියා.. ඔයා තාම කෙල්ලෝ ගැන හරියට දන්නේ නැද්ද අනේ.. ඇස් තියෙන්නේ ලෝකෙ තියෙන සුන්දර දේවල් විඳින්නනේ අනේ.. හී හී..

      මේ.. ඔය ප්‍රශ්නෙට උත්තරේටත් මට දාන්න තියෙන්නේ :P :P තමයි.. :D

      Delete
  13. මේ නංගියෝ අර සිංදුව "තරු පාර ඈත අයිනේ" නෙමෙයි.. "කදු පාර ඈත් අයිනේ" කියලා වෙනස් වෙන්න ඕන..

    අහම්බෙන් කෝච්චියක හම්බුන ඒ කෝච්චිය ජීවිත කෝච්චියටත් එකතු වෙයිද කියලා අපි බලාගෙන ඉමුකෝ..

    ReplyDelete
    Replies
    1. මාත් බැලුවා මල්ලි මොකක්ද ඒ සින්දුව කියලා..:D

      Delete
    2. අහ්හ්.. ඔව්මයි අයියා.. ඔන්න දැන් හරි හොඳේ... අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා.. :)

      @නිසුපා අක්කා- හෙ හෙ අනේ ඉතින් පොඩ්ඩක් වැරදුනා අනේ.. :)

      Delete
  14. මුලින්ම අක්කියො ඔයාට සුභපැතුම් ආයිත්...ලස්සනම ලස්සනයි මේ කතාව....

    මේ දෙබස් ටිකට ගොඩක් ආස හිතුන...ඉතුරු කොටස එනකම් බලන් ඉන්නව....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියා, දිගටම කථාව එක්ක එකතු වෙන්න.. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා..

      Delete
  15. අහ්: ලස්සන කතාව..දිගටම ලියන්නකෝ...

    ReplyDelete
  16. නියම කතාව නංගි..කෙල්ල නම් කතා කෝච්චියක් වගේ..
    පරිස්සමින් ඉන්න කියන්න එයාට. :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ අක්කා.. කථා කෝච්චියක් නම් තමා.. ඒකටම හරියන්න එයාට ලැබුන යාළුවත් ඉන්නවනේ.. :)

      Delete
  17. ශා........ නියමයි අක්කියෝ..කතාවනම් සුපිරියටම ලියලා තියෙනවා.. නියමයි!! අක්කියෝ බැරිද මටත් මහීන් ශෝයි නේ?? :D ;) :p හිත ඇදිලා යනවා...:D

    ඊළඟ කොටසින් බලමුකෝ මේ හමුවීම කොහෙන් නතරවෙයිද කියලා??:D

    ප.ලි- අර ucsc කතාවට අපේ විසිතුරු මොනා කියාවිද දන්නෙ නෑ...;)

    ReplyDelete
    Replies
    1. උඩ කමෙන්ට් එකේ පොඩි දෝෂයක් තියෙනවනෙ..

      මම කියන්න ගියේ බැරිද මටත් මහීන් වගේ එක්කෙනෙක් හොයලා දෙන්න කියලා.:D එයා ශෝයි!! හරිම හුරතල් හිතුවක්කාර කොල්ලෙක්..:D

      Delete
    2. ස්තූතියි නංගියෝ..
      මහීන් වගේ එක්කෙනෙක් හම්බ වුනොත් නම් sorry තමා නංගියෝ.. හිකිස්.. මාත් එයාට මාර ආසයි අනේ.. හෙ හෙ..

      Delete
  18. මේ කතාව ලියන්නෙ ප්‍රාර්තනා නංගිනෙ. ඉතින් මෙහෙම ලස්සන වෙන එක අහන්නත් දෙයක් ද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම !!!!
      කොටින්ම සිංහල ටීචර්ගේ දුව නෙව !

      Delete
    2. ස්තූතියි සිඳූ අක්කියෝ.. අම්මෝ මම දැන් අඩි ගානක් උඩ හොඳේ... ;)

      @මධුරංග අයියා- හෙ හෙ.. හනේ.. තැන්කූ අනේ..

      Delete
  19. ලස්සන ආදර කතාවක් වේවි වගේ දැනෙන්නෙ...:)

    ReplyDelete
  20. ම්! අැරඹුමම හයේ පාරක් :) :) ලස්සනයි! :)

    ReplyDelete
  21. ඇත්තමයි ප්‍රාර්තනා.. ඔයා එක ලස්සනට ලියල තියෙනවා. ඉතිං එ කඩවසම් කොල්ලව ආයෙම මුණගැහුන නේද...
    හි හි හී...

    ReplyDelete
  22. ස්තූතියි මිනෝ.. අනේ මන්දා අනේ.. වර්ෂාගෙන් තමා ඒක අහන්න ඕනේ.. හෙ හෙ හෙ

    ReplyDelete
  23. ලස්සන කතාවක් එක හුස්මට කියෙව්වා. මේ කතාව නිර්මාණය කරලා තියන හැටියට නම් ලේඛන කලාවේ මනා පළපුරුද්දක් තියන බව නම් පේනවා. සරලයි, සුන්දරයි. නිර්මාණාත්මකයි, ඒ වගේම විශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඔබටත්.. පළපුරුද්දක් නම් නෑ.. ඒත් පුළුවන් තරම් රසවත්ව ලියන්න උත්සාහ කරනවා... :)

      Delete
  24. පොඩිම කැමැත්තක් වත් තිබුනේ නෑ??:-/
    බොරු නේද??:)

    ReplyDelete
    Replies
    1. වෙන් වෙන්න පොඩිම කැමැත්තක්වත් තිබුනේ නෑ කියලා කිව්වෙ මල්ලියෝ..

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. කතාව නම් හරිම ලස්සනයි.....දිගටම ලියන්න...එක හුස්මටම කියවන් ගියා...ඔයට සුබපැතුම්..!!! :)

    ReplyDelete
  27. කෙල්ල හෙන ෆෝවර්ඩ් නේ.. හරි බලමු ඉස්සරහට.

    කෝ අර එදා මට විහිලි කරපු හුරතක්‌ ඇනෝ..

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. හ්ම්ම් ඔව් අයියා.. බලමු බලමු වෙන දේ.. හුරතල් ඇනෝ ගැන නම් මම දන්නේ නැතෝ.. :P

      Delete
    2. මං ආවා....:D

      Delete
    3. හිකිස්... ඔන්න ඇවිත් අයියා..

      Delete
  28. පෙරවදනෙ කිව්වා වගේම ආසාවෙන් කියවන කතාවක් නංගියෝ..
    බලමු බලමු සිංදු කෝච්චියේ ලස්සන හිතකට ගොඩවදින්න අවසරද කියලා.. :D
    සුබ පැතුම් නංගියෝ..!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ.. අපි බලමුකෝ වෙන දේ.. :) :D

      Delete
  29. ප්‍රාර්ථනා නියම කතාව ඊළඟ කොටස කියවීමට දත මැදගෙන බලන් ඉන්නෙ....

    ReplyDelete
  30. අහ්හ් මම බැලුවේ මොකද මට මේ කතාව මග හැරුනේ කියලා

    ReplyDelete

Back
to top