෴ තුහින වර්ෂා෴ දෙවන කොටස






ඇත්තටම ඒ කොල්ලට නම් පිස්සු...

කොච්චියෙන් බැහැලා මහීන් එක්කම ඇවිත් බස් එකේ නැග්ගට පස්සේ මට සිහියට ආවෙත් මහීන්ගේ එක එක විහිළු කථා. මම උඩුගම බස් එකක නගිද්දි මහීන් ඊට එහා පැත්තේ තිබුන කරාපිටිය බස් එකකට යාළුවො රොත්තක් එක්ක ගොඩ වුනේ ආයෙමත් මට විහිළු මූණ පෙන්නන ගමන්.. දිව එළියට දාලා එයාට ඇද කරපු මට එහා පැත්තේ හිටිය අක්කා මගේ දිහා බලාගෙන හිනා වෙන බව තේරෙනකොට මම පරක්කු වැඩියි.. :) . මහීන්ටම හරියන මහීන්ගෙ යාළුවො ටිකත් එක එකා අත් වන වනා මට සුභ පැතුවේ මාව කාලයක් දැනගෙන හිටියා වගේ..

ඇත්තටම ජීවිතේ හරිම පුදුමයි... අපිට කවුරු කොයි වෙලාවෙ කොහොම මුණ ගැහෙයිද කියලා අපිවත් දන්නේ නෑ.. එහෙම මුණ ගැහෙන සමහරු අපේ ජීවිතේ අමතක නොවෙන මතකයන් එකතු කරන්න තරම් දක්ෂ වෙන්නේ කොහොමද මන්දා.. එකම එක විහිළුවකින්, එහෙම නැත්නම් පුංචි උදව්වකින් අපිට මුණ ගැහෙන ආගන්තුකයෙක් අන්තිමේ අපේ හොඳම යාළුවෙක්, නොදැනුවත්වම අපේ ජීවිතයෙන් කොටසක් බෙදා ගන්න කෙනෙක් වෙන එක හරිම පුදුමයි.. මහීන්, ඒ වගේම එයාගේ යාළුවෝ සෙට් එක.. එක දවසකින් මගේ ජීවිතේ මම ප්‍රිය කරන චරිත අතරට එකතු වෙලා ඉවරයි..

*******************************************************

වැඩ රාජකාරි නිසා ගමේ එන්න බැරුව අඬ අඬා හිටපු මම මේ සුමානේ ගෙදර ආවේ සුමානයක්ම ගෙදර ඉන්න බලාගෙන බව දන්න නිසා මම ගෙදර යද්දිම අම්මා මම ආසම කරන කෑම ජාති ඔක්කොම හදාගෙන බලාගෙන හිටියා.. කාලෙකට පස්සේ ජීවිතේ කොච්චර ලස්සනද කියලා මට හිතෙන්න පටන් ගත්තේ මහීනුත් එයාගේ පිස්සු යාළුවො සෙට් එකත් මුණ ගැහුණට පස්සේ... ගෙදර ගියපු ගමන් දුවලා ගිහින් අම්මට තුරුළු වුනේ ඒ සතුටත් එක්කමයි.. මාව නොදැක, මම නැතුව දවසක්වත් ‍රැයක් ගත කරන්න බැරි මගේ ආදරණීය අම්මගේ ඇස් වලටත් අම්මට හොරෙන්ම කඳුළු උනනවා මම දැක්කා...

"මොකද අද කෙල්ල වෙනදට වඩා සතුටකින්, මොකද වුනේ"

අම්මට ඉව තියෙනවද මන්දා.. ලාවට වගේ ආයෙමත් හිනාවක් මතු වුන මගේ මූණ දැකලා අම්මා ආයෙමත් කථා කරන්න ගත්තා..

"ඔයාට මගෙන් මුකුත් හංගන්න බෑ මගේ පැටියෝ.. කියන්නකො මොකද වුනේ කියලා"

"නෑ අම්මා මුකුත් නෑ අද මට ගොඩාක් සතු‍ටුයි කාලෙකින් ගාළු ආපු නිසා, අම්මා දන්නවනේ ඉතින් මම ගමේ එන්න කොච්චර ආසයිද කියලා"

එහෙම කියලා අම්මගෙන් ලිස්සලා ගියත් හේතුව ඒක නෙවෙයි කියලා මමම දැනගෙන හිටියා.. වෙනදා පාරෙ වෙන හැමදේම බලන් ඉඳලා කටර් එකක් වගේ කියවන මගේ කටට අගුළු වැ‍ටුනේ මොකද කියලා අම්මටත් පුදුම ඇති..

"කොහොම වුනත් අද හරි ලස්සන දවසක් නේද අම්මා, මම අම්මට ගොඩාක් ආදරෙයි.. " කියලා අම්මට කියපු මම හිනා වෙවී ගේ ඇතුලට දිව්වේ අම්මටත් පොඩි විහිළුවක් කරගෙන..

"පිස්සු කෙල්ල, එන්න එපා මාව හිනාගස්සන්න" 
එහෙම කියපු අම්මත් මා එක්ක ගොඩාක් හිනා වුනේ මම ගෙදර ආපු සතුටට බව මම දැනගෙන හිටියා..

ගෙදර ආපු වෙලාවෙ ඉඳන් අම්මා දීපු එක එක කෑම ජාති කාලා බඩ පුරවගෙන හවස් වරුවේ මම අම්මගේ කාමරේට ගිහින් අම්මා ගාවින් වාඩි වුනේ හැමදාමත් පුරුද්දට කරනවා වගේ ඒ සුමානේ වුන දේවල් අම්මට කියන්න හිතාගෙන.. තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකන්ම අම්මයි මමයි හැමදාමත් පුරුදු වෙලා හිටියේ අපේ අදහස් බෙදාගන්න.. හැමදාමත් ‍තෝර‍තෝංචියක් නැතුව අම්ම එක්ක දිගට කථා කරන මට අද කියන්න කිසිම දෙයක් නෑ.. අම්මා සුමානෙක කථා එකට එකතු කරගෙන ‍තෝර‍තෝංචියක් නැතුව කථා කරද්දි මම කරේ අම්මා කියපු හැමදේම අහන් හිටපු එක විතරයි..අම්මට ඒ බව තේරිලාද කොහේදෝ අම්මා මගේ දිහා බැලුවා.. මොකක්දෝ හේතුවක් නිසා ඒ ඇස් දිහා බලන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ..

"ඇයි පුතේ, ඔයාට මහන්සිද? මහන්සි නම් ගිහින් නිදාගන්න පැටියෝ, තාත්තා එනකන් ඉන්නේ නැතුව. තාත්තත් හෙට නිවාඩුනේ ඒ නිසා හෙටම අපි ඔක්කොම කථා කරමුකෝ."

අම්මා එහෙම කිව්වම මට ඇති වුනේ පුදුම සැනසීමක්..

"ඔව් අම්මා, අද මගේ ඔළුව කැක්කුමයි වගේ, ඒ නිසා වෙන්න ඇති මහන්සි ගතියක් දැනෙනවා, මම ටිකක් නිදාගන්නම් එහෙනම්"  එහෙම කියලා අම්මගෙන් සමුගත්ත මම ඉක්මණටම කාමරේට රිංගගත්තෙ නිදාගන්න හිතාගෙන නම් නෙවෙයි..

මගේ ජීවිතේ වැදගත් දවස් ගැන ලියපු පොතක් මගෙ පොත් රාක්කේ පැත්තක තියලා තිබුනේ පුරුද්දක් විදියට, මොනවාම හරි විශේෂ දෙයක් වුන දවසට මම ඒ පොතෙ පි‍ටු ගනන් පිරෙන්න ඒ දේවල් ගැන ලියලා තිබ්බා.. කාලෙකට පස්සේ ආයෙමත් මම ඒ පොත අතට ගත්තේ අද දවස ගැන ලියන්න හිතාගෙන..

පෑනත් අතට ගත්තත් ලියන්න දෙයක් මට හිතාගන්න බැරි වුනා.. අද මොකක්ද වුන විශේෂ දේ.. හ්ම්ම්ම්ම්..... කිසිම දෙයක් නෑ.. ඒත් හිත කියනවා අද දවස ගැන ලියන්න කියලා. වෙනදට පොතේ පි‍ටු ගනන් පිරෙන්න ලිව්ව මම අද ඒ පොතේ පුංචිම පුංචියට ලිව්වේ එකම එක පේළියක් විතරයි..

2012.02.12
අහම්බෙන් කෝච්චියේදි මට හම්බ වුනා පිස්සු කොල්ලෙක්එයාගේ නම මහීන්..



***********************************************************


ගෙදර ආපු දවසේ ඉඳන් ආයේ කොළඹ යනකන් හැමදාමත් මම කරන්නේ මගේ යාළුවො ඔක්කෝමලව බලන්න යන එක... ඉස්සර ඉස්කෝලේ කාලේ එකට හිටපු මිතූ, රෂ්, තුශී,මාෂි වගේ ඔක්කෝම යාළුවොන්ට නිවාඩු දවසක් බලලා ඒ කාගේ හරි ගෙදරක සෙට් වෙලා වල් පල් දොඩවන එක තමා අපි ආසම කරපු වැඩේ...

මම ගෙදර ආවට දවස දෙකකට පස්සේ මමයි මගේ යාළුවෝ සෙට් එකයි තුශීලගේ ගෙදරට එකතු වුනේ මොකක් හරි පිස්සුවක් නටන්න හිතාගෙන. කොහොම කොහොම හරි එක එක වල් පල් දොඩවලා ඉවර වෙලා අපි කථාවෙන් කථාවෙන් ආවේ පොඩ්ඩක් සීරියස් මාතෘකාවකට

"ආදරය"

ඒකෙත් පරතෙරට ගිය අපේ පන්ඩිතයෝ ටික අන්තිමේ කථා වුනේ අපි ආදරය කරන කෙනා මොන වගේ වෙන්න ඕනෙද කියලා..

වැඩක් නෑ බන්, ඔය ආදරේ කියන වචනේ නිකන්ම වචනයක් විතරයි, ඕකට ප්‍රායෝගික උදාහරණ තියෙන්නේ ඈත අතීතේ රෝමියෝ ජුලියට්, ලයිලා මජ්නූ වගේ චරිත වල විතරයි.” කියලා කියන්න පුරුදු වෙලා හිටපු මම අද කිව්වේ වෙනස්ම දෙයක්..

මට නම් කුමාරයෙක් නොවුනත් කමක් නෑ මාව සතුටින් තියන්න පුළුවනි නම්.. ඒ වගේම එයා දඟකාර, කටකාර, පිස්සු කොල්ලෙක් වෙනවා නම් මම කැමතියි.. මට විතරක්ම ආදරේ දෙන, මගේ සහෝදරයෙක් වගේ මාව බලාගන්න, එයා ගාවදි මගේ මුළු ලෝකෙම වුනත් අමතක වෙන විදියේ කෙනෙක් නම් මම ගොඩාක් ආසයි. කොටින්ම කිව්වොත් සුදු අශ්වයෙක් පිට එන කුමාරයෙක්ට වඩා පොලවේ පය ගහලා ජීවත් වෙන කොල්ලෙක්ට මම කැමතියි.

එක දිගට කියවගෙන ගිය මම යාළුවොන්ගෙන් කිසි ප්‍රතිචාරයක් නැති නිසාම පොඩ්ඩක් කථාව නතර කරාම තුශී එක පාරටම උගුර පෑදුවේ පන්ඩිත කථාවක් කියන්න බව මට තේරුනා..

"අප්පට සිරි, මෙන්න බලහල්ලකෝ මෙයාගේ පඬි කථා... වෙනදට මේ ගැන කථා කරද්දි මූණ ඇඹුල් කරගන්න කෙල්ල දැන් ෆුල් රොමැන්ටික් වෙලානේ.."

විහිළුවට මෙහෙම කියන ගමන් තුශී මගේ මූණ දිහා බැලුවේ මම ඒ හැමෝටම නොකියන රහසක් මගේ මූණෙන් කියවන්න හදනවා වගේ..

"සිරාවටම කියපන් මොකද වුනේ කියලා.. කැම්පස් එකේ කොල්ලෙක්ටවත් හිත ගියාද? නැත්නම් උඹ නම් මෙහෙම දෙයක් ජීවිතේට කියන්නේ නෑ.. අපිට නම් හංගන්න හිතන්නවත් එපා පුතේ..උඹ නොකිව්වත් අපි ඕක කොහොම හරි හොයාගන්නවා.. ඒ නිසා කියපන් මොකද වුනේ කියලා."

හරිම පුදුමයි, මේ සුමානෙට එකම දේ ආයේ පාරක් අහපු දෙවෙනි වතාව මේ.. කලින් අම්මා, දැන් මගේ යාළුවෝ.. ඇත්තටම මේ මොකද? මට නොදැනුන වෙනසක් මේ හැමෝටම දැනෙන්නේ ඇයි??

"ඒයි... වර්ෂා කියපන් බන්"

මාෂි මගේ නම කියපු ගමන් මට එක පාරටම හිනා ගියේ මහිම කියපු දෙයක් මතක් වෙලා..

"වර්ෂා... පුහ්.. මහප්‍රාණ, අල්ප ප්‍රාණ ඔක්කෝම තියෙනවනේ හලෝ ඔය නමේ.. විප්ලවවාදී නමක්නේ තියෙන්නේ.. ඒක නම් තේරෙනවා කටේ තරමින්ම"

හිනාවේ තරම කොච්චරද කිව්වොත් බිබී හිටපු බීම එකෙන්  රෂ්ව නාවන්නේ නැතුව ඒක උගුරෙන් පහලට යවාගත්තෙත් පුදුම try එකක් දීලා

"අනේ බන් උඹට නම් පිස්සු හැදීගෙන එනවද කොහෙද? අපි මේ ෆුල් සීරියස් ප්‍රශ්නයක් අහනවා මේකි හොඳ ගානට හිනා වෙනවා."

මාෂි මගේ දිහා බලලා කිව්වේ පොඩි තරහකුත් මවාගෙන

"හරි හරි, උඹලා ඕනේ දෙයක් හිතාගත්තට මට කමක් නෑ, මට මුකුත් වෙලා නෑ අප්පා.. කිව්වට තේරුම්ගන්නේ නැත්නම් නිකන් ඉඳපන්, මේ ඒක නෙවෙයි මම අහන්නමයි හිටියේ, මම කියවනවා වැඩිද බන්"

හෙමින් සැරේ  ඒ ප්‍රශ්නෙන් මඟ ඇරලා මහීන් මට කියපු දේ ඇත්ත නැත්ත දැනගන්න හිතාගෙන මම ඒ ගැන මිතූගෙන් ඇහුවා,.

"හරි, මම කියන්නම් වෙලා තියෙන වැඩේ, මේකි අපිට නොකිව්වට මේකිට කවුරු හරි කොල්ලෙක් මීට් වෙලා,. ඒ කොල්ලා නේද කිව්වේ උඹ කියවනවා වැඩියි කියලා."

"විකාරයි.. මුන් එක්ක රහසක්වත් තියාගන්න බැරි හැටි,මුන් detectivesල වෙලා මාවත් අල්ලගන්නයි හදන්නේ උන්ගේ experiments වලට"
ඔක්කෝටම හිතින් බැන බැන මම ඒකටත් කියන්න බොරුවක් ගොතාගත්තා,

"හා හා මේ උඹලා ශර්ලොක් හෝම්ස් පොත් කියෙව්වට උඹලට detectivesල වෙන්න බෑ. ඊටත් උඹලටනේ ඔක්කෝටම වඩා මට කොල්ලෙක්ව ගාවන්න උවමනාව තියෙන්නේමේ තනිකඩ ජීවිතේ කොච්චර ජොලිද ??. 
එහෙම එකක් නෙවෙයි බන්, අපේ කැම්පස් එකේ කෙල්ලෙක් කිව්වා මම කොයි වෙලේ බැළුවත් කච කචේ කියලා."

ඔව් ඉතින් උඹේ කට නම් කටර් එක වගේ තමයි. අපිත් කන් දෙක බේරගෙන ඉන්නේ හරිම අමාරුවෙන්.

එහෙම කියපු මගේ යාළුවෝ හැමෝම මහා සද්දෙන් හිනා වුනේ මගේ මූණ ඇඹුල් වුන හැටි දැකපු නිසා.ඒ වුනත් ආයෙමත් බොහොම සීරියස් පෙනුමක් ගත්ත මාෂි කිව්වේ මම කවදාවත් නොහිතපු දෙයක්.

"ඔයා මොන දේ අද අපෙන් හැංගුවත් ඔයාගේ ඕනෙම දේකට අපි ඉන්න බව හිතාගන්න මැන්ඩියෝ, ආදරේදි වුනත්, කඳුළෙදි වුනත්, දුකේදි වුනත්, සැපේදි වුනත්. කවදා හරි දවසක ඔයා ඔය හංගන දේම ඔයාට සතුටක් නැත්නම් දුකක් ගෙනාවොත් ඒ ඕනෙම වෙලාවක අපි හැමෝම ඔයා ගාවමයි " 

මාෂි කිව්ව දේ හිතටම වැදුනත් මහීන් ගැන ඒ කාටවත්ම කියන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ..

*******************************************************

තුශීලගේ ගෙදර ඉඳන් ආපහු ගෙදර ඇවිත් කෙලින්ම නාන්න ගියේ ඇඟේ තිබුන මහන්සිය වතුර ටිකක් ඇඟට වැටෙද්දි හේදිලා යන බව දන්න නිසා.නාලා ආපු ගමන් මම කැමතිම පරිවර්ථන පොතක් අතට අරගෙන ඇඳේ ඇල වුනේ මහන්සිය නිසාමයි..එක තැනක නැති හිත පොතේ අකුරු අතරේ තියාගන්න කොච්චර උත්සාහ ගත්තත් එකම පේළිය ආයේ ආයේ කියවනවා ඇරෙන්න පොතේ එක පි‍ටුවක්වත් කියවගන්න මට පුළුවන්කමක් ලැබුනේ නෑ...

ඒ අතරේ මට මතක් වුනේ මාෂි මට කියපු දේ

"කවදා හරි දවසක ඔයා ඔය හංගන දේම ඔයාට සතුටක් නැත්නම් දුකක් ගෙනාවොත්.....".

ඇත්තටම ඇයි මම මහීන් ගැන හැමෝගෙන්ම හංගන්නේ.. මගේ අම්මට, ඒ වගේම මගේ හොඳම යාළුවොන්ට දෙයක් හංගපු පළවෙනි වතාව මේ.. මහීන් ඇත්තටම මගේ ජීවිතේට වැදගත් නැති නිසාද? එහෙම නැත්නම් මහීන් මට දුන්න සතුට වෙන කා එක්කවත් බෙදාගන්න අකමැති නිසාද?? 
එහෙමත් නැත්නම් වෙන මොන හේතුවක් නිසාද??? 
ඇත්තටම ඒ ඇයි???


තෙවන කොටසට

CONVERSATION

63 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. Replies
    1. හී හී.. හුරේ.. ජය වේවා.. මගේ නංගියා කොහොමත් එක අනේ... <3

      Delete
  2. //කොටින්ම කිව්වොත් සුදු අශ්වයෙක් පිට එන කුමාරයෙක්ට වඩා පොලවේ පය ගහලා ජීවත් වෙන කොල්ලෙක්ට මම කැමතියි.//

    හෆ්ෆටසිලි!! ඔය පොළොවෙ පය ගහලා ඉන්න අය ඉන්නවද මන්දා හෆ්ෆ මේ කාලෙ...හම්බුනොත් පොඩ්ඩක් මාවත් දැනුවත් කරන්න අක්කියෝ..:*

    නියමයි කතාවනම්, වර්ෂා කියන්නෙ හරි හෝක් කෙල්ලෙක්.. එයා නිකන්.. මේ..මේ...නෑ එක්කෝ ඕනෙ නෑ..;) ආයෙත් මහීන්ව හම්බෙයි කියලයි මම බල්න් හිටියෙ.මේ කොටසෙ නෑනෙ..ඊලඟට කොළඹ් යද්දි හම්බෙයි නේද අක්කියෝ???

    ReplyDelete
    Replies
    1. "ඔය පොළොවෙ පය ගහලා ඉන්න අය ඉන්නවද මන්දා හෆ්ෆ මේ කාලෙ... හම්බුනොත් පොඩ්ඩක් මාවත් දැනුවත් කරන්න අක්කියෝ..."

      මම ඔයාට කලින් දවසකත් කිව්වා ඔයාට මතකද දන්නේ නෑ, ඔයා හිතන විදියෙයි වැරැද්ද තියෙන්නේ කියලා. ඔහොම කොල්ලෝ ඕන තරම් ඉන්නවා, ඔයා දකින විදියෙයි වැරැද්ද.:)

      Delete
    2. හෆ්ෆටතිලි..කසුන් අයියාට තලහා ගිහින්ද මංදා...;)

      Delete
    3. අනිවා... පොළවේ පය ගහලා ඉන්න කොල්ලෝ තමා වැඩිපුර ඉන්නේ යාලුවා... කෙල්ලෝ ගැන නම් කියන්න අමාරුයි.ඒත් කොල්ලන්ට කරපු අභූත චෝදනාව සමස්ත කොලු සන්හතිය වෙනිවෙන් ප්‍රතිප්ශේප කරනවා..:D

      Delete
    4. හෆ්ෆෝයි!! මම කාටවත් චෝදනා කලේ නැතෝ... නිකන් කිව්වෙ අදහසක්. මෙන්න බොලේ මට සටන් පාඨ කියනවා.. :'(

      Delete
    5. @හිතූ
      අලේ නෑ නගෝ, තරහ ගිහිල්ල නම් නෑ. ඔයා ව්‍යන්ගෙන් කියන්න හදන අදහසට විරුද්ධයි කියලා විතරයි කියන්න ඕන.;)

      @කුබූ
      අනිවා මචන්. පොලවේ පය ගහල ඉන්නවා කියන කාරනාව ගත්තොත් කොල්ලෝ කෙල්ලන්ට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.

      Delete
    6. හිතූට ඔය කතාව මාත් කියලා තියෙනවා කසුනෝ.. කෝ මේ අපි කියන දෙයක් අහන අය නෙමෙයිනේ..

      Delete
    7. @හිතූ: සටන් පාඨ කිව්වේ නැත.
      දක්වපු අදහසට ප්‍රතිචාරයක් පමණි...:)

      @කසුන්: (Y) :)

      Delete
    8. හලේ අප්පා.. මෙතන වාද පිටියක් වෙලානේ.. හී හී.. මාත් හිතන්නේ පොලවෙ පය ගහල ඉන්න කොල්ලෝ ඉන්නවා ඕනේ තරම්.. ඒත් හැමෝම එහෙමයි කියලා පිළිගන්නත් බෑ.. කෙල්ලෝ එහෙම නෑ කියලා කියන්නත් බෑ.. :)

      Delete
  3. හයියෝ.....
    ඊළඟට මොනාවෙයිඩ.......???..:(

    මලු කටාව අක්කියෝ............

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. තැන්කූ නංගියෝ..

      Delete
  4. අප්පච්චියේ කෙල්ලට එක දවසට වැඩේ දුරදිග ගියා වැඩිද මන්ද.;) ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියනවනේ නගෝ. වර්ෂාටත් ඒකද මන්ද වෙලා තියෙන්නේ.:)

    ආහ් තව දෙයක් කියන්නද? කලින් කතාවේ මම කොටස් කීපයක් කියවලා තියනවා. ඒකට වඩා ලොකු දියුණුවක් තියනවා කියල හිතෙනවා මේ කතාවේ. මගේ සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අයියා.. අපි බලමුකෝ මේ ආදරේද කියලා.. :P

      ස්තූතියි අයියා.. ඒකේ ගොඩාක් වැරදි තිබුනා.. හැමෝම මට ඒ වැරදි පෙන්නලා දුන්නා.. ඒ ඔක්කොම හදාගෙන තමයි මේ කථාව ලියන්න ගත්තෙ.. ඒත් මේකෙත් වැරදි තිබුනොත් පෙන්නලා දෙනවා නම් ඒක ලොකු උදව්වක් අයියා

      Delete
    2. එහෙනම් එකක් කියන්නද නගෝ? පළවෙනි කොටස ගැන. හැබැයි ඔන්න මේ මට හිතෙන විදියට කියන්නේ හොඳද. මටත් හරියටම ෂුවර් නෑ ඒක වැරද්දක්ද කියලා. ඒ නිසා එදා කියන්නත් ගිහින් නිකන් හිටියා. මට හිතෙනවා නගෝ කෙල්ල කොල්ල ගැන උනන්දු වෙන්න ඉක්මන් වුනා වැඩියි කියලා. ඒ කියන්නේ සින්දුව ඇහුන වෙලාවේ ඉඳලම වගේ කොල්ලගේ මූණ දිහාම බලන් ඉන්නවා නේ. ඒක ටිකක් ඉක්මන් වැඩියි වගේ කියල හිතෙනවා. මන්ද මට හිතෙන විදිය.:)

      Delete
    3. ඇත්ත ඇත්ත.. ඒක වෙන්නත් පුළුවන්.. ඒත් සමහරවිට ඒක ආදරයක්ම නෙවෙන්න පුළුවන්නේ අයියා.. ඕනෙම කෙල්ලෙක්ට ඒ වගේ සුන්දර මතක තියෙනවනේ... ආකර්ශනය වෙන්නත් පුළුවන් ඒක.. ආදරේ කියලා පටලගන්න එපා.. මුණ ගැහුන දවසට පස්සෙත් එයා ගැන එක පාරක් දෙපාරක් මතක් වෙන්නෙ සමහර විට ආකර්ශනේට වෙන්නත් පුළුවන්නේ...

      Delete
  5. [“වැඩක් නෑ බන්, ඔය ආදරේ කියන වචනේ නිකන්ම වචනයක් විතරයි, ඕකට ප්‍රායෝගික උදාහරණ තියෙන්නේ ඈත අතීතේ රෝමියෝ ජුලියට්, ලයිලා මජ්නූ වගේ චරිත වල විතරයි.” කියලා කියන්න පුරුදු වෙලා හිටපු මම අද කිව්වේ වෙනස්ම දෙයක්..]

    අයියෝ!..... මටත් එහෙම වෙයිද? :O

    ලස්සනට ගලාගෙන යනව මට පේන විදියට.... :)

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒක නම් කියන්න දන්නේ නැත.. ඔය මොන කථා කිව්වත් මලයටත් ආදරේ කරන්න වෙන දවසක් ඒවි..
      ස්තූතියි මල්ලියෝ..

      Delete
  6. හිහිහී.. ඕන් ඕන් සුන්දර ලෙඩක වැදගත් ලක්ෂණ පහලවේගෙන එනවා..
    ලිවීමේ රටාව ගොඩක් ලස්සනයි නංගියෝ..
    බලාගෙන සිටිමි ඊ ළඟ කොටසක එනකල්..

    අද උදේසිටන් හිත අතීතයතට දුවන කරුණු වැඩියි.. :D

    ReplyDelete
    Replies
    1. හී හී.. හ්ම්ම් හ්ම්ම්.. ඒ වගේ තමයිනේ.. බලමු බලමු..

      ස්තූතියි අක්කියෝ..
      ඒ කියන්නේ අක්කටත් මේ වගේ අතීතයක් තිවිලා වගේ..

      Delete
  7. මේ ඇත්තමද ප්‍රාර්ථනා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... මන්දා අනේ.. හී හී...

      Delete
  8. ඔය රෝග ලක්ෂණ ටික අඳුරන්නේ ඉතින් ලෙඩේ හැදිලා තියන කෙනෙක්ම තමයි...හික්ස්..ලියමු නඟා ඉතුරු ටිකත්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.. ඒක තමා අක්කියෝ.. වර්ෂා ඒක නොදන්නවා නෙවෙයි.. ඒත්.. මොකක්දෝ හේතුවක් නිසා ඒක පිළිගන්නේ නෑ..

      Delete
  9. හෆ්ෆට සිරි....
    වර්ෂා උඩුගම පාරේ කොච්චර දුර යනවද යාලුවා....:O

    කතාව නම් ගොඩක් ලස්සනට යනවා...:)

    ReplyDelete
    Replies
    1. හී හී.. වර්ෂා උඩුගම පාරේ යන්නේ මීටර් 750ක් විතර.. එච්චර දුරක් නෑ අෆ්ෆා..
      ස්තූතියි :)

      Delete
  10. ඕන් ඒ කෙල්ලටත් අර ලෙඩේ හැදීගෙන එනවා !
    වෙන මොකවත් නෙමේ බොලවු... ආදරේ !!! ආදරේ !!

    මට හිතූ......නා !!!

    ReplyDelete
    Replies
    1. ශුවර්ද අයියේ මේ ආදරේමයි කියලා.. මම වර්ෂාට කියන්නද එහෙනම්.. හෙ හෙ..

      Delete
  11. අයියෝ අම්මට නොකියුවත් යාලුවන්ට කියන්න තිබුනා නේද

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඒක තමා නංගියෝ.. බලමු වෙන දේ..

      Delete
  12. ආදරෙයි, කැස්සයි හන්ගන්න බෑ කියනවානෙ..D
    අපරදේ යාලුවන්ට කියන්න තිබ්බේ.....
    කතාව නම් ගොඩක් ලස්සනට යනවා...:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා..
      වර්ෂා කවදා හරි දවසක යාළුවොන්ට කියාවිනේ.. අපි බලමු.. :)

      Delete
  13. කතාව ගොඩක් ලස්සනයි. ආසාවෙන් ඉන්නෙ ඉතුරු කොටස් ටිකත් කියවන්න... :)

    ReplyDelete
  14. ළඟින්ම ඉන්න යාලුවන් එකතු වුන ගොඩාක් වෙලාවට අන්තිමේදි එන්නෙ ඔය අකුරු හතරට කියන එක ඇත්තක්ම තමයි....

    ලස්සනයි අක්කියො ඇත්තටම මේ කතාව....ආදරය නිසා, ලියන විදිහ නිසාත් කතාව හිතින් මවාගෙන කියවන්න පුලුවන්.....

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවාර්යෙන් මල්ලියෝ..යාළුවො එක්ක විතරනේ ඒ දේ ගැන නිදහසේ කථා කරන්න පුළුවන්..

      ස්තූතියි මල්ලියා

      Delete
  15. අම්මට හැංගුවත් මේක යාළුවන්ට හැංගුවේ මොකද හැබෑටම.. අපිනම් ඉස්සෙලා කියන්නේ යාළුවන්ටනේ..

    ReplyDelete
    Replies
    1. වර්ෂා තමයි හේතුව දන්නේ අයියේ.. කවදා හරි කියාවි.. :D

      Delete
  16. ඔය එන්නේ පෙම් කැකුල පිපි පිපී!;)

    ReplyDelete
    Replies
    1. හෙ හෙ හෙ... හ්ම්ම් හ්ම්ම්.. :D

      Delete
  17. ලස්සන කතාවක්... බලන්න ඕනෙ දිගටම :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අලුත් කොල්ලා

      Delete
  18. අහා....ඹහොම යං ඔහොම යං...........

    ReplyDelete
    Replies
    1. ඔහොම යං.. හී හී... ස්තූතියි..

      Delete
  19. මොකද මේ.යාළුවොන්ටත් හංගන්නේ ඇයි.එත ඉතිං දැක්කේ තවම එක දවසයි නේ.

    ReplyDelete
    Replies
    1. අනේ එක දවසක් දැක්කම මදෑ ඉතින්...

      මම වෙන හුරතල් ඇනෝ කෙනෙක්.කලින් කෙනා නෙවෙයි...

      යාලුවෙක්.

      Delete
    2. ඉතිං ඒ යන වේගේ වැඩියි වගේ නේ.එක දවසක් දැකල ඔච්චර හිත විකසිත වෙන්න තරම්..

      මම හුරතල් ඇනෝලට ආදරෙයි.

      ඔය යාළුවා කවුද කියල අල්ලගන්නම්කො. හෙක් හෙක්.....

      Delete
    3. මේ ඇනෝ කවුද හෆ්ෆා...:O මමනෙ හුරතල් ඇනෝ....:(

      Delete
    4. කලින් ඇනෝ කියපු එක ඇත්ත වගේනේ.. යටින් ඉන්නේ හුරතල් ඇනෝ වෙන්ට ඕනේ.. මට නම් මොලේ අවුල් වෙනවා අෆ්ෆා මේ හුරතල් ඇනෝලා නිසා.. හී හී

      Delete
  20. මේක සිරා කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. නැහැ ආදර කතාවක්නෙ :D

      Delete
  21. දැන් වර්ෂා මහීන් එක්ක යාලු වෙන්නෙ කවදද?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටපන් බං.එක කියන්න තමා මේ හදන්නේ. බලපන්කො හුරතල් ඇනොලා ඉන්න තරම්... ආසයි අප්පා........

      Delete
    2. හිකිස්.. බලමු බලමු... යාළු වෙනවද කියලත් බලමුකෝ..

      Delete
    3. අසරණය පස්සෙන් එන ඇනී කෙනෙක් වෙන්න ඇති මයෙ හිතේ.....:))))))

      Delete
    4. මටත් හිතෙනවා මේ ඇනී කෙනෙක් කියල.

      මං කැමති බං ඒ ඇනිට..

      Delete
    5. මාත් ආසයි හෆ්ෆා හුරතල් අසරණයන්ට..:D

      Delete
    6. මම යනව යන්න.... දුකින් :'(

      යාලුවෙක්...

      Delete
    7. ඔන්න මට මොකද වෙනවා වගේ.

      Delete

Back
to top