සුපෙම් සඳ



සිඳු රළට සොඳුරු වෙරළත
පෙම් බඳින නමුදු සැම විට,
ගැටි ගැටී හිඳුම පමණෙකි
නොහැක සදහට ලං වෙන්නට...

විටින් විට නෙතු මත ගැටෙන
ඔබේ සොඳුරු නෙතු යුග දු‍ටුවද,
දොඩමළු වෙන්නට ඉඩ නොදී
ගොළු කරගනිමි මම සිත...

වැසි වැටෙන වස්සාන කාලය
අත වනා අඬගසද්දි සිප් බිම තුල
හැඟුම් පොදි කැටි කොට 
ගලයි කඳුලැල් මහා සයුර ලෙස...

සොයුරු දම පමණක් දෙනු මැන
නොවිද පෙම් හී සර මා වෙත,
අක්කණ්ඩියයි ඔබේ ලඟ මම
පමාවී ආ සුපෙම් සඳ ඔබ...




සිතුවිල්ලක් පමණි


CONVERSATION

64 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. හෆ්ෆට සිරි... පොඩි බැජ් එකෙන් ප්‍රොපෝසල් එකක්වත්ද? :O

    කොහොම වුනත් කවිපෙළ නම් ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. හෆොයි නෑ අයියා.. අනේ අම්මෝ.. එහෙම දෙයක් නෙවෙයි..

      Delete
  2. මල්ලිලට අක්කල අකැපද

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අයියා.. ඒක නම් දන්නේ නෑ :P

      Delete
  3. නිර්මාණයක් නිසා හොඳට ගියා නේ.......:))))))

    ReplyDelete
    Replies
    1. උඹ කොහොමද නිර්මාණයක් කියල කියන්නේ.අපි දන්නේ නැහැනේ අර කෝච්චියේ හිටියේ මල්ලි කෙනෙක්ද කියලා.

      Delete
    2. @පිස්සා- හෙ හෙ ඒක තමා...

      @අසරණයා අයියා- පිස්සු හැදෙයි.. කෝච්චියේ හිටියේ අයියෙක් අලෝ..

      Delete
  4. ලස්සන කවි පොඩ්ඩ :)

    ReplyDelete
  5. අනේ එහෙමවත් හරි යනවනම් මේ ඇත්තිට
    අපිටත් බැරියැ කේක් කෑල්ලක් කන්න සෙට්වෙලා මාගාල්ලට

    ReplyDelete
    Replies
    1. හපොයි.. අනේ ඇත්තටම මට කවියක්වත් නිදහසේ ලියන්න බැරි හැටි... හැමෝම හිතන්නේ මගේ අත්දැකීමක් කියලානේ..

      Delete
  6. ඉඩ නොදී දොඩමලු වන්නට
    ගොළු කරගන්න බව ඔබේ මුව
    දන්නා දකින අය
    හොරැහින් වගේ දකිනකොට
    දන්නා දේ හිත ලග
    කෑගස කියයි සයුරට
    සයුරට උසුලයි කදුළු කැට
    බර නැති නිසා සයුරට හැමදාම...
    නමුත් ..
    ගොළු කරගන්න එපා දැන් වත්
    ඔය හිතට එකගව ...
    සැමගේ යහපත් පිණිස ....

    ReplyDelete
  7. වෙන කෙනෙක්ට හිත දීල ඇත්තෙ;)
    ඒකයිනෙ බෑ කියන්නේ!:PP

    ReplyDelete
    Replies
    1. හපොයි.. කවුද බෑ කිව්වේ.. :P :P

      Delete
  8. මළ කෙලියයි! :D ආදරේට වයස ප්‍රශ්නයක් නෑ නංගියෝ. ඔන්න ඔහේ හදවතට ඉඩ දීල දාන්න.:) ඇත්ත කතාවක්ද මන්ද.;)

    ReplyDelete
    Replies
    1. ආහ් ලස්සනයි කියන්න අමතක වුනා නේ. ඇත්තටම ලස්සනයි!

      Delete
    2. හ්ම්ම්.. ඒක ඇත්ත අයියා.. අනේ ඇත්ත කථාවක් නෙවෙයි.. හිතිච්ච දෙයක් විතරයි.. :D

      Delete
  9. ලස්සනයි නිර්මාණය... :)

    ReplyDelete
  10. පමා වුනාම මොකද සුපෙම් සඳක් නම්..පද පෙල නියමයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.. ඒකත් ඇත්ත තමා .. :D

      Delete
  11. //සිතුවිල්ලක් පමණි.//

    ඔන්න ඒ නිසා කමක් නෑ..;) ලස්සනම ලස්සනයි මගේ අක්කියෝ... පුදුම ලස්සනට කවිටික ගොතලා.. මේකයි ඉතින් ආදරේට වයස ප්‍රශ්නයක් නෑ...;) හිත ගිය තැන මාළිගාවලුනෙ

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. සිතුවිල්ලක් පමණි තමා නංගියෝ.. ඔයා ඉතින් දන්නවනේ මේ අක්කා ගැන.. ස්තූතියි හොඳේ :D

      Delete
  12. වැටෙනා කදුලු බිදු වැහි බිංදු සේ
    හෙලනා සුසුම් වැල් මීදුම් සේල සේ
    මලානික මුහුණ වැහිබර අහස සේ
    දිදුලන්නේ කවදා අම්බරේ හිරු සේ

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සනයි යාළු කවිය.. හ්ම්ම්.. සමහර අහස් වල කවදාවත්ම හිරු පායන්නේ නෑ..

      Delete
  13. ඇත්තටම සිතුවිල්ලක් පමණිම ද...
    මට නම් sure නෑ.
    :D

    සිප් බිමතුළ
    නුඹෙ ‍රැව පෙනෙද්දී
    ළංවන්නට සිතයි
    මගහැර දුවිලි බැමි

    සිඹින්න සිනිදු රළක් සේ
    බලන්න සොදුරු දසුනක් සේ
    වසින්න කතරට සැනසුමක් සේ
    හිදින්න සුපෙම් සොහොයුරික සේ

    නොයා හැරදා මේ ලෙසින්

    ReplyDelete
    Replies
    1. හපොයි... ඔයත් එහෙමද අනේ හිතන්නේ.. අයියෝ.. ඇත්තටම සිතුවිල්ලක් විතරයි අනේ...
      ස්තූතියි මිනෝ..

      Delete
  14. ඇත්ත සිතුවිල්ලක් වුනත් ආදරේට වයස ප්‍රශ්නයක් නැහැ.අපිට ප්‍රශ්නයක් නැත්තම් ලෝකයා කුමක් කීවත් මොකද?.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත.. ලෝකයා මොන දේ කිව්වත් ඒ ආදරේ කරන දෙන්නට සතුටින් ඉන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම දේ...

      Delete
  15. කවුද නගේ ලැම්බට් ???

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. කවුරුත් නෑ අයියා.. නිකන් හිතුන දෙයක් විතරයි...

      Delete
  16. පමාවී ආ සුපෙම් සඳ ඔබ...

    සිතිවිල්ල ලස්සන කවියක..
    ගොඩක් ලස්සනයි නංගියෝ.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ... :) :D

      Delete
  17. සිතුවිල්ලක්ම පමණයි කියලා කියපු නිසා හොදට ගියා !
    මට නම් මේ සිතුවිල්ල ඇත්ත වෙච්ච කාලයකුත් තිබ්බා !

    ReplyDelete
    Replies
    1. හුටා...එහෙමද?

      Delete
    2. ඒක ඇත්ත වෙන්න බැරි කමක් නෑ අයියා... ආදරේට වයස, ආගම් ජාති මුකුත්ම බලපාන්නේ නෑනේ.. හිත ඒ වෙනස්කම් මුකුත්ම අඳුරන්නේ නෑනේ..

      Delete
  18. හිමි නැති පෙමකට හඬා පලක් නැ..

    ReplyDelete
    Replies
    1. මම නම් හඬන්නේ නෑ අයියා.. සිතුවිල්ලක් විතරයිනේ මේක...

      Delete
    2. හඬන්නෙ ඉතිං අසරණයා තමා..;)
      -හුරතල් ඇනී-

      Delete
    3. දැන් ඔයා හඬන්නේ නැද්ද ඇනී.ඔයා මාව කොලොප්පං කරනවා නේ.පොඩ්ඩක් හිටු කෝ.

      Delete
  19. ලස්සන කවියක්! මතක් වෙද්දි බයයි!

    ReplyDelete
    Replies
    1. අලියටනම් මේවා හොදට හුරු දේවල්..

      Delete
    2. හුරුයි නං තමා හැබැයි සයිඩ් ඉෆෙක්ට් බරපතලයි! :(

      Delete
    3. ස්තූතියි මල්ලියෝ.. හෙ හෙ.. ඔයාට හොඳට හුරුයි තමයි නේ??

      Delete
  20. අප්පට සිලි......මාර කේස් එක.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ අප්පා, මාර කේස් එක... :D :D

      Delete
  21. ආදරේට වයස ප්‍රශ්ණයක් නෑ කියනවනේ.. අර සිතුවිල්ලක් පමණි කියන කෑල්ල අයිනෙන් පොඩියට දාලා තියෙන එක සැක සහිතයි..

    ReplyDelete
    Replies
    1. ආදරේට නම් වයස ප්‍රශ්නයක් නෑ අයියා.. හපොයි ඒක රතු පාටින්ම දැම්මේ වැඩිපුර පේන්න එක්ක.. :P

      Delete
  22. සිතුවිල්ලක්ම පමණි.. :P
    මෙහෙම විශේෂයෙන් දාලා තියෙන්නෙ ඒක එහෙම නොවෙන නිසා.. මම දන්නෙ නැද්ද මගේ අක්කි ගැන.. :P
    කැම්පස් එකේ මල්ලි කෙනෙක්ට බැල්ම දානවද කොහෙද?? :P :P
    පවු අහිංසකයා

    ReplyDelete
    Replies
    1. හපොයි.. මෙන්න ඒ පාර මල්ලියත් මට අනන් මනන් කියනවා.. හලේ... පව් අනේ මම... මේක ඇත්ත එකක් නෙවෙයි මල්ලියෝ... :D

      Delete
  23. අපි ඉඳලා ඉඳලා එකක් ගොඩ දාගන්න ගියොත් අක්කෙක්...

    අයියෝ සංසාරේ...

    ReplyDelete
    Replies
    1. හනේ... හරීට ඒ කියන්නේ මේ experiance එක ලැබිලා තියෙනවා වගේ :D

      Delete
  24. සවන්දෙනු මැන
    වරක් තව හිතට
    මගහරින්නද කෙලෙසක
    ඒ සුපෙම් ඇස්දෙක,
    අයදිනා සුන්දර
    පෙමක්....
    ජීවිතේ පිරෙන්නට...

    ReplyDelete
    Replies
    1. අයදිනා නමුදු දෙනෙත් මත රැඳෙන්නට
      හිමිවෙනා බවක් නොහඟිනා මසිත,
      වියැකෙනා රුවක හැඩ රුව සුවඳ
      අඳිමි මා යලිදු ඔහු මතක රැඟෙන..

      Delete
  25. ෆට්ට අක්කෙ... මේ වගේ දේවල් නොවෙනවා නෙමෙයි සමාජේ....

    ReplyDelete
  26. ලොව එලිය වුනි හිරු කිරන ලැබ
    නුමුදු වැසි වැස තෙත්වුනා අද​
    මසිත තුටුමුත් ඔබ ලැබුනු සඳ
    අහිමි ඔබ ළඟ වැලපුනා හිත​

    ලස්සනයි අක්කියො මේ ගලන සිතිවිලි.ඒත් මමත් ටික වෙලාවක් කල්පනා කරේ දිනේෂ් අයිය කියල තිබුන දේ ගැන....:

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියා.. හෙ හෙ.. හ්ම්ම්.. අනේ ඉතින් මේක සිතුවිල්ලක් පමණිම තමා...

      Delete
  27. ආදරේට වයස ප්‍රශ්නයක් නෑ //

    කසුන් අයියගේ කතාවවට එකයි.. ඒ නිසා බිය නොවන්න :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. හෙ හෙ.. මම බිය වෙන්නේ නෑ නංගෝ.. මේ මගේ අත්දැකීමක් නෙවෙයි අනේ...

      Delete

Back
to top