෴ තුහින වර්ෂා෴ තෙවන කොටස







දවස් ගානක් තිස්සේ ගෙදරම ඉන්න එක එපාම කරපු වැඩක් වුනත් ආයේ කැම්පස් යන්න තියෙන දවසට කලින් දවසේ "අනේ තව එක දවසක් වැඩිපුර ගෙදර ඉන්න තිබුනා නම්" කියලා දැනෙන්නේ අම්මාව, තාත්තාව, ගෙදර දාලා යන්න බැරි කම නිසාමයි.. ඉතින් අද ඉරිදා.. හෙට උදේම කෝච්චියෙන් මම ආයෙමත් සුපුරුදු තර‍ඟෙට එකතු වෙන්න යනවා.. අම්මා තාත්තා එක්ක කථා කරලා ඒ දෙන්නටම වැඳලා ටිකක් වේලාසන නිදාගන්න හිතුවේ හෙට උදෙන්ම ඇහැරෙන්න තියෙන බව දන්න නිසා.. උත්තරයක් නැති ප්‍රශ්න ගොඩක පැටලිලා හිටපු මට මගේ නින්දත් නැති වෙලා තිබුනේ නිදාගන්න ගිය වෙලේ ඉඳන්ම හිත එක එක පැති වලට දුවන නිසා..

"හෙටත් උදේම කොච්චියට නැඟලා තනියම කොළඹට යනකන් යන එක මහා එපා කරපු වැඩක්" 
මම මටම කියාගත්තේ කෝච්චියේ යන කම්මැලි ගමන මතක් වෙලා දැනුන අපහසුව නිසා..

"ඒත්, වෙනදත් මම ගියේ තනියමනේ" ආයෙමත් මම හිතුවා.. එහෙනම් ඇයි මේ අද විතරක් එහෙම යන්න බෑ වගේ දැනෙන්නේ. මට මොනවා වෙලාද මන්දා.. මගේ ඔලුවට මමම ටොක්කක් ඇණ ගන්න ගමන් මම කල්පනා කරා..

"හ්ම්ම්... හෙට මහීන්වත් ආවොත්
නොදැනුවත්වම දිග හුස්මකුත් එක්ක මගෙ කටින් ඒ වචන ටික පිට වුනේ කොහොමද මන්දා

"මොකක්...."

 “අයියෝ වර්ෂා, ඔයාට පිස්සුපිස්සු පිස්සු හොඳටෝම පිස්සුමේ පිස්සු කොල්ලෙක් එනකන් බලන් ඉන්න ඔයාට පිස්සුද?” ආයෙමත් මගේ හිත මටම බනිනවා..

ආයෙමත් සැරයක් මහීන්ගෙ විහිළු කථා මතක් වෙලා මට හිනා ගියේ නොදැනුවත්වම. ඇත්තටම අහම්බෙන් හරි මට මුණ ගැහුනේ ගොඩාක්ම හොඳ කොල්ලෙක්, තමන්ගේ යාළුවො වෙනුවෙන් පණ වුනත් දෙන, හරිම සැහැල්ලුවෙන් ඉන්න හොඳම හොඳ යාළුවෙක්. කොටින්ම කිව්වොත් මම වගේම තව පිස්සු කේස් එකක්.

හම්බු වෙලා දවසකින් කෙනෙක්ගේ ගති ගුණ විස්තර කරන්න බැරි වුනත් මහීන්ව මට දැනුනේ අවුරුදු ගානක ඉඳන් මම අඳුනන කෙනෙක්, මගේ හොඳ යාළුවෙක් වගේ.. සමහරවිට මගේ යාළුවන්ටවත් මම ඒ ගැන කියන්න නොහිතුවේ ඒ අය මගේ ගැන වරදවා වටහාගනිවී කියන හැඟීම නිසා වෙන්නත් ඇති.. ඊටත් එක දවසක් හම්බ වෙච්ච පිස්සු කොල්ලෙක් ගැන මොනවා කියන්නද?

"පිස්සා"

" ඇත්තටම මහීන්ට පිස්සු.. මල විකාර ඔක්කොම කරානේ ඒ පැය තුනට, මට නෝන්ඩි දාලා ඒ මදිවට තව හිනා වෙන්නත් එනවා. මෝඩයා...අහුවෙච්ච්දෙන්කෝ හෙට මට කෝච්චියේදි."

ඒත්..... මහීන් හෙට ඒවිද?
නාවත් මොකද?
නෑ නෑ.. එන එක හොඳයි,
එක්කොත් ඕනෙත් නෑ
හැබැයි ආවොත් නම් බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන්..
ඒත් නාවොත්.... හ්ම්ම්ම්
මට තනියම තමා යන්න වෙන්නේ..

දෙපැත්තට වැනෙන සිතුවිලි අතරේ ටික වෙලාවක් සැරිසරපු මට නොදැනුවත්වම නින්ද ගිහින්.

"පුතේ, කම්මැලි කෙල්ල... නැගිටින්න නැගිටින්න.. හ්ම්ම් හ්ම්ම් ඉක්මනට"

උදේ පාන්දරම අම්මගේ කටහඬින් අවදි වුනත් අද ආයෙමත් කොළඹ යන්න තියෙනවා කියලා මතක් වුනාම මට දැනුනේ දරාගන්න බැරි දුකක්. අම්මගේ මූණෙත් ඒ දුක ලියවිලා තිබුනා. සුමානයක් තිස්සේ අම්මා එක්ක හුරතල් වෙලා ආයෙමත් බෝඩිමේ පරිප්පු නැති පරිප්පු හොද්දයි, පොල්සම්බලයි කන්න වෙන බව මතක් වුනාම "අයියෝ මම මොන මඟුලකට කැම්පස් තේරුනාද" කියලා නොහිතුනාම නෙවෙයි. ඉක්මනට ලෑස්ති වෙලා තාත්තා එක්ක ගාල්ල ස්ටේෂන් එකට ගියේ 5 කෝච්චිය අල්ල ගන්න බැරි වුනොත් ආයෙමත් 5.15 වෙනකන් ඉන්න වෙන බව දන්න නිසා. තාත්තා මාව කෝච්චියටත් නග්ගලා සීට් එකකුත් අල්ලලා දුන්නට පස්සේ මම කෝච්චි පෙට්ටිය පුරාම ඇහැ යැව්වේ අඳුනන කවුරු හරිවත් ඉන්නවද කියලා බලන්න..
ම්හ්ම්.. කවුරුත්ම නෑ.. 

"අද ඉතින් මුනිවත රකින්න තමා වෙන්නේ" කියලා තාත්තට මම කිව්වම තාත්තටත් ඉබේම හිනා ගියා..

"අනේ චූටි දුව, ඔයා නම් කැම්පස් එකේ ලෙක්චර්ස් වෙලාවට කොහොම ඉන්නවද මන්දා"

තාත්තා මගේ දිහා බලලා ආදරෙන් එහෙම කියද්දි ආයෙමත් කෝච්චියෙන් බැහැලා තාත්තා එක්කම ගෙදර යන්න මට හිතුනා.. ඒත් ඉතින් මොනවා කරන්නද, කුම්බලා මාළු කෑව නම් විඳවාපන් බළලෝ කිව්වලු.

කොහොම කොහොම හරි වට පිටාව බල බලා ගියපු නිසා වෙලාව යනවා මට දැනුනෙවත් නෑ.. දන්නෙම නැතුව කොච්චිය වැල්ලවත්තටත් ඇවිත්.. ජ'පුරට යන ළමයිනුත් අපේ කැම්පස් එකේ ගොඩාක් ළමයිනුත් ගොඩාක් වෙලාවට කෝච්චියෙන් බැස්සේ වැල්ලවත්තෙන්.. ඒ නිසා අඳුරන කවුරු හරි ඉන්නවද බලන්න කෝච්චියෙන එළියට ඔළුව දැම්මම මම දැක්කේ හුරු පුරුදු බෑග් එකක් පිටේ එල්ලගත්ත කොල්ලෙක්.. 


මේ බෑග් එක මම මීට කලින් කොහේදිද දැක්කේ... කල්පනා කරනකොට එක පාරටම මතක් වුනේ මහීන්ව... දෙවියනේ.. ඒ මහීන්ම තමයි.. අපරාදේ මෝඩයා.. මේ කොච්චියේ ඇවිත්.. එහෙම හිතපු මම කෝච්චියේ ජනේලෙන් එළියට මුළු ඇ‍ඟෙන් බාගයක්ම දානගමන් මහීන්ගේ නම කියලා හයියෙන් කෑ ගැහුවා.. 
ම්හ්ම්.. ඇහෙන්නේ නෑ වගේ.. 
බැරිම තැන එයාගේ එහා පැත්තෙන් හිටපු අයියා මගේ දිහා බැලුවම මහීන්ව අතින් පෙන්නලා එයාට කථා කරන්න කිව්වේ කොච්චිය ටික වෙලාවක් නතර කරලා තියෙන නිසා මහීන් එක්ක ටිකක කථා කරන්න පුළුවන් බව දන්න නිසාමයි..අයියා මහීන්ට මාව පෙන්නපු ගමන් මහීන්ගේ කටත් ඉබේටම ඇරුනා.. හිනා වෙලා දුවගෙන ආපු එයා ආයෙමත් කොච්චියට නැග්ගේ මම හිටපු පෙට්ටිය ගාවින්..

"ඒ..මේ මොකෝ මේ.. ඔයා දැන් ආයේ බහින්නේ කොහොමද? "


කටත් ඇරගෙන මහීන් දිහා බලාගෙන මම එහෙම ඇහුවම මහීන්ට එක පාරටම හිනා ගියා.

"බහින්න නම් මොකටද හලෝ බෙල්ල කඩාගෙන කෝච්චියේ ජනේලෙන් එබිලා මට කථා කරේ.. මම හිතුවේ මේ ඔයාට පාළුවක්වත් දැනිලා මාත් එක්ක යන්න හිතිලා කථා කරා කියලා"

මහීන් කටත් ඇද කරගෙන එහෙම කිව්වේ මගේ ඉස්සරහ හිස් වෙලා තිබුන සීට් එකෙන් වාඩි වෙන ගමන්මයි..

"හපෝයි හරි වැඩේ මට.. පාළු දැනෙන්නේ කොහොමද මේ මිනිස්සු දහස් ගානක් ඉන්න තැන.මම මේ දැකලා නිකමට වගේ කථා කරාම මෙයා උඩ ගිහින්, හරි වැඩේ මට... " 


එහෙම කියපු මම වෙන කථාවක් ඇඳලා ගන්න try  කරේ මහීන් එක්ක රන්ඩුවක් පටන් ගන්න එකෙන් වෙන්නේ  මට හොඳට මඩ පාරක් කන්න වෙන එක බව දන්න නිසා..

"මේ ඒක නෙවෙයි, ඔයා හැමදාම මේ කොච්චියෙද එන්නේ.. මාත් එන්නේ මේකෙනේ අනේ.. මරු වැඩේනේ ඒකත්.." 

"මොකක්ද ඒකේ තියෙන මරු වැඩේ, ඔයා වගේ පිස්සියෙක් මේ කොච්චියේ එන බව දන්නවා නම් මම කීයටවත් මේ කෝච්චියේ එන්නේ නෑ .."


 ආයෙමත් රන්ඩු වෙන්න පොටක් හදාගන්නමයි මෙයා try කරන්නේ, මෙහෙම හිතපු මම ශේප් එකේ කට වහගත්තේ මහීන්ගේ යාළුවෙකුත් ඒ වෙලාවෙම එතනට පාත් වුන නිසා.

"ආහ්හ්.. උඹ සෑහෙන්න දියුණුයිනේ බන්, කෙල්ල හම්බ වෙලා දවස් දෙකයි එකට කෝච්චියෙත් යනවානේ


මහීන්ගේ යාළුවා එහෙම කියපු ගමන් මහීන් යාළුවගේ ඔළුවට ටොක්කක් ඇන්නේ 
"මූ කියන ඒවා ගනන් ගන්න එපා නංගා, මූට ටිකක් පිස්සු" කියලා කියන ගමන්මයි..


"නංගා, මෙයා ඒ පාර මාව නංගත් කරගෙන.. හ්ම්ම් හ්ම්ම්.. කමක් නෑ ඉතින්" එහෙම හිතපු මම වටපිටාව ටිකක් බැලුවේ බහින තැන බලාගන්න..

කොළඹ කො‍ටුවෙන් කෝච්චියෙන් බැහැපු මහීනුත් මාත්, මහීන්ගේ යාළුවත් තුන් දෙනාම එකටම ස්ටේශන් එකෙන් එළියට ඇවිත් එතනම තිබුන කොට්ටාව බස් එකකට නැග්ගේ කැම්පස් එක ගාවින්ම බහින්න ලේසිම විදිය ඒක නිසා..

හැමදාමත් සඳුදට මම ගාල්ලේ ඉඳන් එන බව දන්න මගේ හොඳම යාළුවො දෙන්නා දුල්ශියි, තිසරියි මම එනකන් law gate එක ගාවට වෙලා බලන් ඉන්න නිසා මම මහීනුත් එක්කම කහ ඉර ගාවට ඇවිත් තනියම පාර පැනලා ඒ පැත්තට යද්දි මහීනුත් මට සමාන්තරවම පාරේ අනිත් පැත්තෙන් දිගටම ground එක දිගේ ගියේ ucsc  එකට යන්න එයාට එතනින් ලඟ නිසා..දුලීයි, තිසුයි දෙන්නා ඉන්න තැනදි ටිකක් නතර වෙලා මහීන් දිහා බලද්දි මහීනුත් මම දිහා බලන් ඉඳලා අත වනලා ආයෙත් දිගටම යන්න පටන් ගත්තා...





"ආව්ව් ආව්ව්.. කවුද අප්පා අර හැන්ඩ්සම් කුමාරයා.."


 තිසූ gate එක ගාව කියලාවත් හිතන්නේ නැතුව මහා හයියෙන් බෙරිහන් දෙද්දී මම තිසූගේ කට වැහුවේ හයියෙන් තිසූගේ අත කොනිත්තලා..

"ඔන්න ඉතින්... ආපු ගමන් උඹලා මාව බයිටට අල්ල ගන්නවනේ, ටිකක් හිටපන් මම විස්තරේ කියන්නම්" 


කියලා කිව්ව ගමන් වැහිලා තිබුන දුලීගේ බෝක්කු කටත් ඇරුනා.. 


" හරි හරි.. උඹ අපිට කියන්න දෙයක් නෑ ඉතින්, අපි හිතාගෙන ඉවරයි.. ඔය පෙම් කැකුළ පිපුනේ ශුවර් එකටම උඹේ අර ආදරණීය ගාළු කුමාරි කෝච්චියෙදි වෙන්න ඇතිනේ.."

හපොයි, මේ ඩබලත් අර සෙට් එකටම ගැලපෙනවා, පොඩ්ඩ ඇත්නම් ඉවරයි..

"පිස්සුද තිසූ, අනේ ඇත්තමයි ඒ කොල්ලා මට හම්බ වුනේ නම් කෝච්චියෙදි තමයි, එයා  හොඳ යාළුවෙක්.. ඊට එහා දෙයක් නෑ බන්.. ඊටත් මම එයාව දන්නේ දවස් දෙකක් විතරයි.. "

"හා හා.. කමක් නෑ ඉතින්, දැනටම ෆෝන් නම්බර් එක එහෙම ඉල්ලගෙන ඇතිනේ.. අපි බලමුකෝ වෙන දේ,.."

"පිස්සුද? එයා මගෙන් ඉල්ල ගත්ත ෆෝන් නම්බර් එකක් නෑ" 


තරහා ගිය පාර එහෙම කියලා මම බරට බරේ තියෙන මගේ බෑග් එකක් එල්ලගෙන ඇතුලට යන්න හදද්දී තිසූගේ මූණට එක පාරටම අමුතු විදියේ හිනාවක් ආවේ මොකක් හරි මම නොදැකපු දෙයක් එයා දැකපු නිසා කියලා මට හිතුනා.. තිසූ මගේ උරහිසට උඩින් කොහේදෝ ඈතක බලාගෙන හිනාවෙන බව තේරුන නිසා මටත් කලින්ම දුලීත් ඒ දිහා බැලුවා.. 


මොකක්ද මුන් දෙන්නම මේ කට ඇරගෙන බලාගෙන ඉන්නේ.. ඒ දිහා බලන්න හිතාගෙන මමත් පිටිපස්සේ හැරුනත් මට දකින්න ලැබුනේ මම නොහිතපු දෙයක්..





CONVERSATION

64 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. හෆ්ෆටසිලි~!!! මහීන් වෙන කෙල්ලෙක් එක්ක කතා කරනවාවත්ද?? :O නැත්තම් එයාගෙ හර්ල් ෆ්‍රෙන්ඩ් ද ?? නැත්තම් මහීනුත් වර්ෂා දිහා බලාගෙන ඉන්නවාව්ත්ද??

    අයියෝ!!! ඊලඟ ටික ඕනෙ..

    ReplyDelete
    Replies
    1. මහින් බුවත් කෙල්ලෝ සෙට් එක දිහා බලාගෙන ඉන්නවා ..වෙනා මොනාද.. කියාද ඔට්ටුව :P

      Delete
    2. නෑ... කෙල්ලො සෙට් එක දිහා බලන් නෙවෙයි ඉන්නෙ...;) හලි..ඕනෙ ඔට්ටුවක්....:p

      Delete
    3. හිකිස්.. දෙන්නා ඔට්ටුවක් අල්ලලා ඔය බෙදාගන්න දේකින් කොටසක් මටත් දෙනවා නම් මම කියන්නම් ඊළඟට වෙන දේ.. හී හී

      Delete
    4. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. මදි මදි මේ මදි අනිත් දවසේ ගොඩාක් ලියන්න ඕනා හොදේ .. නැත්තම් කන කපනවා :/

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. හපොයි එහෙම කරන්න එපා ඉතින්.. මම පවුනේ.. :P :D

      Delete
  3. ඒකත් නරක නෑ...කොහොම හරි කොල්ලව දැලේ දාගත්තා නේද?? :P
    අද කතාව කොට වැඩියිද මංදා...:/

    ReplyDelete
    Replies
    1. දැලේ දාගෙන නෑ අයියා... හපොයි.. මේ දවස් වල විභාගේ අස්සේ ලිව්වේ ඒකයි අයියා..

      Delete
  4. Sure එකටම ඔයාට කතාකරන්න කියලා යාළුවට (තිසූ) කියන්න ඇති.

    මෙච්චර කතාකරලත් ෆෝන් නම්බර් එක මේ නගාට දෙන්න බැරි වුණානෙ කියලා මහීන්ට හිතෙන්න ඇත්තේ මගක් දුර ගියාම වෙන්න ඇති.
    :D

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. බලමුකෝ අපි.. :D ;)

      Delete
  5. කතාව හොඳම හරියෙදි නතර කෙරුව නේද​?:C ...අනේ තව ටිකක් තිබුනනම් කියල හිතුන.මම කලිනුත් කිව්වද මන්ද අක්කේ මේ දෙබස් වලට ගොඩාක් ආසයි..හුරතල් ලස්සන කතාවක්.ආසාවෙන් කියවන කතාවක්.ඉක්මනින් ඉතුරු කොටසත් දාන්න බලමූ....

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි මල්ලියෝ.. :D :)

      Delete
  6. අයියෝ හොදම ටිකෙන් නවත්තලනේ........:( ඉතුරු ටික ඉක්මනටම දාන්ඩෝ........කතාව වෙනද වගේම උපරිමයි අක්කේ....:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ.. :D

      Delete
    2. අයියෝ.......අක්කේ...මම මල්ලි කෙනෙක් නෙවෙයිනේ.......:( :'(

      Delete
    3. ඒකතමයි.....

      Delete
    4. එහෙනම් නංගියෙක්ද? අනේ සොලී හොඳේ නංගියෝ.. :D

      Delete
    5. අයියෝ කමක් නෑ අක්කේ...මිනිස්සු අතින් ඔයිට wada වැරදි වෙන්නේ නේද...? (වල්ගේ නැතුව අලි මැරෙන්නේ නේද...:P )

      Delete
    6. පිස්සුද අෆ්ෆා.. වල්ගේ නැතුව නෙවෙයි නංගෝ අලි මැරෙන්නේ වල්ගේ පිටින්.. හී හී

      Delete
  7. සෝයි කතාව අක්කේ....!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ.. :D

      Delete
  8. ඔන්න මම නම් මේ කතාවට කැමති තනිකරම ෆුල් ෆන් එකේ ඉන්න කෙල්ලක්ගේ පැත්තෙන් ලියෙවෙන නිසා..අපිට උනත් ඉස්සරහට ප්‍රයෝජනවත් වෙන්නේ නැතෑ ඔය හිතන පතන එව්වා ;)

    ReplyDelete
    Replies
    1. හිකිස්.. අම්මෝ.. මාර බලාපොරොත්තුවක්නේ ඔයාට තියෙන්නේ.. හී හී.. එහෙනම් බලමුකෝ චම්මාට කෙල්ලෙක් ලැබුන දවසට මේ theories පාවිච්චි කරයිද කියලා.. :D :P

      Delete
  9. කුතුහලය ඉතිරි කර නවතලා.. අසාධාරනයි නොවැ.. :(

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. ඊළඟ කොටස බලමුකෝ ඉතින්.. :)

      Delete
  10. ත්‍රාසය, භීතිය, කුතුහලය .........................

    ReplyDelete
    Replies
    1. මේකේ කොහෙද අලියෝ ත්‍රසයක්

      Delete
    2. ආදරේ කියන්නෙත් එක්තරා ත්‍රාසජනක සෙල්ලමක් තමා අසර්...හරියට ඔයාගෙයි මගෙයි වගේ..
      -හුරතල් ඇනී-

      Delete
    3. හික්ස්ස්... මොකක්ද අසරණයා මේ කතාව? :D :P

      Delete
    4. මෙහෙමනි බොස්ල! මේක කම්බියේ යනව වගේ වැඩක්නෙ. සියලු අවදානං තියනව. කලිං කරපු ඔක්කොම ෆේල් වෙලා තියන බවත් දන්නව. මට එහෙම වෙන්නෑ කියල හිතාන කරල කෙළ කරගන්නව. අන්න ත්‍රාසය!

      Delete
    5. අනේ අම්මෝ.. බය හිතෙනවා.. හී හී

      Delete
  11. යනවා වගේ හිහිං හොරෙන් ඔයාගේ පස්සෙන්ම ඇවිල්ල නේද.

    ReplyDelete
  12. මහීන් වෙන කෙල්ලෙක්ට ටෝක් කරනව ඇති!
    ගාල්ලේ කොල්ලොනේ ;)

    ReplyDelete
    Replies
    1. හපොයි.. ගාල්ලේ කොල්ලෝ එහෙම නෑ අනේ.. :D

      Delete
  13. අයියෝ හොඳම හරියට ඇවිත්නෙ කතාව නතර කලේ...ඊළඟ කොටස කියවන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ..පුලුවන් තරම් ඉක්මනට ඉතුරු කොටසත් ලියන්න :)

    ReplyDelete
  14. මම මුලින්ම කියපු දේ තමයි ආයෙත් කියන්න වෙන්නේ නගෝ. කියවගෙන යද්දී මුළු කතාවම ඇස් ඉදිරිපිට මැවෙනවා. ඇත්තටම ලස්සනයි.

    //"ඒත්, වෙනදත් මම ගියේ තනියමනේ" ආයෙමත් මම හිතුවා.. එහෙනම් ඇයි මේ අද විතරක් එහෙම යන්න බෑ වගේ දැනෙන්නේ. මට මොනවා වෙලාද මන්දා..//

    හරි හරි දැන් ගින්න ඇවිලිලා තියෙන්නේ.:) අනිත් එක ඔය තනියම කතා කරනවා කියන්නේ බඩු තමයි.;)

    ඔයා කතාව නවත්තලා තියෙන්නේ නම් නියම තැන. හැබැයි අපේ ලේ ටික තමයි පිච්චෙන්නේ.:D

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි අයියා.. බලමුකෝ වර්ෂාට වෙලා තියෙන දේ.. අයියා හොඳට දන්නවා වගේනේ ආදරයක් ඇති වුනාම වෙන දේවල්.. හී හී ;)

      Delete
  15. අපරාදේ එයා ගාල්ලේදීම හම්බ උනා නම් හරිනේ :(

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං...එහෙම වුනා නම් ප්‍රාර්ථනාට අද විතරයි කතාව ලියන්න වෙන්නේ

      -මමත් ඇනෝවෙක්-

      Delete
    2. ඒකනේ අක්කා.. එහෙම වුනා නම් තව ටිකක් වැඩිපුර කථා කරන්න තිබුනා නේ...
      @ඇනෝ- හෙ හෙ.. ඇනෝලා මට ටැපලිලා ...

      Delete
    3. නෑ ප්‍රර්ථනා කෙල්ලේ, මම කිව්වේ මේ සයුරි කෙලීට ඕන විදියට කථා ලියන්න ගියොත් උඹට මේක ලියන්න වෙන්නේ නැහැ නොවැ.
      මාව ලටපව ගන්නේ අහවල් එකකටයැ..
      හෙහ් හෙහ් හෙහ්...
      -"මමත් ඇනෝවෙක්"-

      Delete
    4. මේ ඇනෝව නම් මම හොඳට දන්නවා වගේ අෆ්ෆා.. කථා කරන විදිය හොඳට හුරුයි.. සුවර් එකට පිස්සු අයියලා සෙට් එකේ කවුරු හරි නේද? :P

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. කවුද මේ ඇනෝ යාලුවා....

      Delete
    7. කවුරු හරි මගේම යාළුවෙක් මල්ලියෝ.. හෙ හෙ.. :D

      Delete
  16. හ‍‍ෆ්ෆේ.. මොකද වුණේ අන්තිමට.. අලේ බය හිතෙන තැනකින්නෙ නතරකරලා තියෙන්නෙ.. :D
    ඊ ළඟ කොටසත් බලාගෙන ඉන්නවා ආසාවෙන් කියන්න නංගියෝ..

    ReplyDelete
    Replies
    1. බලමුකෝ අක්කියෝ වෙන දේ.. හෙ හෙ.. ගොඩාක් ස්තූතියි හොඳේ...

      Delete
  17. හලේ මඩි මඩි හොඩටම මඩි.....ඉක්මනට ඉතුලු ටික ඩාන්ඩෝ......:(

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල මට විභාගයක් නංගෝ.. ඒ අතරේ තමා කථාව ලිව්වේ.. ඒ නිසා සුට්ටක් කොට වුනා.. හී හී

      Delete
  18. අර කිව්වත් වගේ කෙල්ලට මහින් ගැන ආදරයක්වත් හිතිලද මන්දා ! ගාල්ලේ කෙල්ලෝනේ. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒ මොකෝ අයියා ගාල්ලේ කෙල්ලෝ ආදරේ කරන්නේ වෙනස් විදියකටදෝ.. :D

      Delete
  19. දැන් ඉතින් දෙන්නෙගෙන් කෙනෙක්ට ඉස්සර වෙන්න තමයි ඉතුරු.. අපි බලාගෙන ඉමුකො..

    ReplyDelete
    Replies
    1. හපොයි එච්චර දෙයක් වුනේ නෑනේ අයියා තාම.. හෙ හෙ..

      Delete
  20. ඔය ආයෙත් හම්බවෙලා තියෙන්නෙ හීන කුමාරයව කොහොමහරි.. බලමු බලමු මොකද වෙන්නෙ කියල :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. බලමුකෝ වෙන දේ.. :D :)

      Delete
  21. හැරිල බලද්දි මහීන් දුවගෙන එනව වර්ෂා ගාවට තුම්පාස ආයේ ගාගෙන මම හරිද?

    ReplyDelete
    Replies
    1. හිකිස්.. බලමුකෝ.. එහෙමම නම් වෙන එකක් නෑ.. :P

      Delete
  22. මොනවද අෆ්ෆේ දැක්කෙ.....

    ReplyDelete
    Replies
    1. හිකිස්.. බලමුකෝ දැක්ක දේ..

      Delete
  23. හප්පට සිරි... ඒ පාර මහීන් කෙල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවවත් ද? එහෙම නම් වෙන්න එපෝ.... මේ කෙල්ලගේ හිත රිදෙයි.. :D

    ReplyDelete
    Replies
    1. හී හී.. බලමු බලමු නගෝ.. හෙ හෙ.. :D

      Delete

Back
to top