෴ හීන ගෙනෙන සුපෙම් ඔබට෴



සුපුන් කුසුම මල් මුවරද රොද රන්දා
ලතා මඬුළු මත හිනැහී නැලවෙන්නා,
සිනහා මලක් මගේ තොල් පෙති අග රන්දා,
සුපෙම්වතෙක් අද සිත තුල නිදි වින්දා...


දඟකම් කල සිත් යායම සසල වෙලා
නිල්වන් දෙනෙත් තුල මගේ ජීවිතය තබා,
මුකුලිත නොවෙන කුසුමිය මම ඔබ හන්දා,
බඹරිඳු ඔබයි සිත නොරිදා ලඟ ඉන්නා..


සුලං රොදක පැටලී ඔබ වෙත හමමී
සුවඳක් වෙලා ඔබගේ ලඟ ‍රැඳී ඉමී,
විසිරෙන කුසුම් පෙති අරගෙන කවි ලියමී
පෙම්වත ඔබේ උණුහුම යට තුරුළු වෙමී...





CONVERSATION

57 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. හ්ම්ම්??? ප්‍රශ්න ගොඩක් හිතට එනවා මේක කියෙව්වම.;)

    ReplyDelete
    Replies
    1. හපොයි අයියේ.. හී හී.. එහෙම මුකුත් නැතෝ.. හී හී

      Delete
  2. කා ගැනද අක්ක මේ කියන්නේ :)

    ReplyDelete
    Replies
    1. අනේ කා ගැනවත් නෙවෙයි මල්ලියෝ.. මේ නිකන් කවියක්..

      Delete
  3. ලස්සන කවි පෙළක්...
    දැන් ඉතිං කියමුකෝ බලන්න මේ කවුද කියලත්...

    ReplyDelete
    Replies
    1. හපොයි.. කවුරුත් නෙවෙයි අනේ

      Delete
  4. //සිනහා මලක් මගේ තොල් පෙති අග රන්දා,
    සුපෙම්වතෙක් අද සිත තුල නිදි වින්දා...//

    කවුරු ගැනද බොලේ අක්කියෝ මේ කියන්නෙ???

    ReplyDelete
    Replies
    1. කවුරු ගැනවත් නෙවෙයි කෙල්ලේ .ප්‍රර්තනට ආපු සිතුවිල්ලක් විතරයි.ප.ලි.කල්ල දාන්න අමතක වෙලා.

      Delete
    2. ආ... ඔයා ප්‍රර්ථනා අක්කිගෙ සෙකට්‍රි ද?? :p

      Delete
    3. හලේ කවුරුත් ගැන නෙවෙයි මගේ නංගියෝ...
      @අසරණයා අයියා- ඔයා කොහොමද අෆ්ෆා හරියටම ඒක කිව්වේ...

      Delete
    4. මම දන්නවනේ.හැමදාම එකම බොරුවනේ ඔයා කියන්නේ..

      Delete
    5. අනේ යන්න.. බොරු නෙවෙයි අයියා..

      Delete
  5. සුභ ආරංච්යක් වගේ.. අපිට හංගනවා එහෙම නෙමෙයි ඔන්න..

    ReplyDelete
    Replies
    1. අනේ අයියේ එහෙම මුකුත් නෑ... :D ;)

      Delete
  6. කව්ද මේ......... :)

    ReplyDelete
    Replies
    1. කවුරුත් නෙවෙයි නංගෝ..

      Delete
  7. ලව් සීන් නම් එෆා වෙලා අෆ්ෆා :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.. ඒ මොකෝ..

      Delete
  8. Replies
    1. මොකක්ද අයියා හරි.. :P

      Delete
    2. හා.හා..හරි හාවා කැලේ මැදින් ආවා....

      Delete
    3. හුරතල් ඇනී ඇවිත් ගිහින්.. හරි ශෝයි අනේ :*

      Delete
    4. ඒ මම නෙවෙයි.. ඒ ව්එන කවුරුහරි.. මමයි හුරතල් ඇනී...

      -හුරතල් ඇනී-

      Delete
    5. හයියූ මෙයාල මාව මේ ළමයත් එක්ක පටලවා ගන්නවනේ...මමත් නමක් දාගතනම් හරි වගේ...මොකක්ද දාගන්නේ...

      අනේ...ප්‍රාර්ථනා ඔයාම මට නමක් දෙන්නකෝ....

      Delete
    6. ඔයාට කියන්නම් "සූර-තල්-ඇනි" කියලා..

      Delete
    7. හිකිස්.. හයියෝ.. ඇනෝලට නම් දාන්නත් වෙලා මට.. හෙ හෙ.. හ්ම්ම්... මොන වගේ නමක්ද අනේ ඔයාට ඕනේ..
      @අසරණයා අයියා- අනේ ඒ නම හරි නෑ අනේ.. අපි සෝයි නමක් දාමුකෝ..

      Delete
    8. මමම නමක් දා ගත්තා,

      හා..හා..හරි හාවි...

      Delete
  9. ප්‍රාර්ථනාගේ පෙම් කවි.....පට්ටයි හොඳේ......:)))

    ReplyDelete
  10. හුර්රේ...... ප්‍රාර්තනා නංගි අපට පාර්ටියක් දෙන්ඩ යන්නේ !
    ඉතින් ඊට පස්සේ කැළුමුයි දේදුනුයි ආදරයෙන් ජීවත් උනා ලූ !!!

    ReplyDelete
    Replies
    1. හුරේ... මම ඔයාලට පාර්ටියක් දෙන්න යන්නේ.. හෑ.... ඒ මොකටද අයියේ.. හිකිස්..

      Delete
  11. අනේ ඇත්තටම හරිම ලස්සනයි ප්‍රර්ථනා....කීප සැරයක්ම කවි ටික කියෙවුවා :)))

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි chams

      Delete
  12. ආදරය යනු පට්ට ම පට්ට මෙව්වා එකකි.. මෙය පට්ට ම පට්ට කවි සිතිවිල්ලකි.. එල ය!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියා... :D

      Delete
  13. හ්ම්ම්.. කට්ටියට පාටියක් දෙන්නකො අක්කෙ එහෙනම්..!!!

    ReplyDelete
    Replies
    1. අනේ මොන පාර්ටිද මල්ලියෝ... :D

      Delete
  14. අනේ නංගියෙ . . මම කසාද බැදල දැං දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක් . . සොරි ඈ

    ReplyDelete
    Replies
    1. අනේ පිස්සුද අයියේ... හිකිස්..

      Delete
  15. මේ කවි ලස්සනයි..ලස්සනම ලස්සනයි..ගොඩාරියක් ලස්සනයි..

    එකනේවෙයි අක්කියෝ මේ කට්ටිය කියන කතා ඇත්තද..ඔන්න අපිටත් පාටි ඕනෑ...

    ReplyDelete
    Replies
    1. හනේ අම්මෝ මල්ලියෝ.. ස්තූතියි හොඳේ.. ඒත් පාර්ටි දෙන්න නම් මට කිසිම අදහසක් නැතෝ.. හී හී

      Delete
  16. නිකන් පාර්ටි සුවඳක් එනවා එනවා වගේ.. ඕන් අපිත් ඉන්නෝ හො‍ඳේ න‍‍‍ඟේ.. :D
    ප්‍රාර්ථනා හිතක ගොඩක් ලස්සන වෙනස් ආදර කවි සිතිවිලි..
    සුබ පැතුම් නංගියේ..

    ReplyDelete
    Replies
    1. හිකිස්.. අනේ මොන පාර්ටි සුවඳවල්ද අක්කා.. මම තාම අම්මගේ ගාව ඉන්න පුංචි කෙල්ල :P.. කිරි සුවඳ වෙන්න ඇති මයේ හිතේ..

      Delete
  17. ලස්සන කවි පෙළක් අක්කෝ... අර උඩින් තියෙන පින්තුරේත් ගොඩක් ලස්සනයි..
    ඇත්තට මේ කට්ටිය කියන කතා ඇත්තද ආ? :DD

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියෝ.. ඔන්න ඉතින් ඔයාටත් මාව විස්වාස නැද්ද අෆ්ෆා..හී හී

      Delete
  18. හා හා හොරේ දැනුනා දැනුනා... :D

    ReplyDelete
    Replies
    1. අනේ.. එහෙම හොරයක් නෑ අනේ.. :D :D

      Delete
  19. අප්පද බොල කවිය..

    ReplyDelete
    Replies
    1. හිකිස්.. අප්පද බොල කවිය කියන්නේ මොකක්ද අෆ්ෆා.. :P

      Delete
  20. ආදරය ගැන නේද... හ්ම්ම්

    ReplyDelete
  21. කවිය ලස්සනයි .. ඔය කවි වලින් කියන්න හදන දේ මට නම් යාන්තමට වැටහුනා ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු.. හෙ හෙ.. මේ කාටවත්ම කියන දෙයක් නෙවෙයි සඳරු. සිතුවිල්ලක් විතරයි..

      Delete
  22. මාරම ලස්සන කවි ටිකක් අක්කේ උපරිමයි.....කවියක් ලියන්න හිතුනත් මේ වෙලාවේ හිත එකතැනක නෑ අක්කේ අනිවා ඊළඟ ඒවායේ ලියලා යන්නම්

    ReplyDelete
    Replies
    1. එක සිත දෙතැනක නතර වෙලා...

      Delete
    2. ගොඩාක්ම ස්තූතියි මල්ලියෝ.. අනිවාර්යෙන් කවියක් ලියලා යන්නකෝ ඊළඟ සැරේ..

      @ඇනෝ- කාගෙද අනේ..

      Delete
  23. මේ කවි පංතිය කවායේ සීමාව ඉක්මවලා ගීයකට ළං වෙනවා. ලස්සන ගීතමය ආකෘතියක් හොද පදරචනාවක්..

    "සුලං රොදක පැටලී ඔබ වෙත හමමී" මේ පේලියේ "ඔබ වෙතට එමී" කියා ලිවිවා නම් හරියටම හරි.

    ReplyDelete

Back
to top