෴ මටත් සිටියා නම්෴





සිත හඬන ගතු කියන නිදිනොමැති තුන් යම
නෙතු දවන තනි හැඟුම විඳ විඳම හිඳි සඳ,
දුක දැනන සිත මතට සිනාවක් ඉසිනට
මටත් සිටියා නම් සෙනෙහෙබර රන් කඳ...


තනිව තනි මංපෙත දුරට මා යන කල
සුපෙම්වත් දෙහදක් සිනාවෙනු දු‍ටු විට
අතින් ඇඳ ලං වී නලල් තල සිඹිනට,
මටත් සිටියා නම් පෙමින් වෙලෙනෙමි මම...


ගී ගයා සවනතට හෙමි හෙමින් කොඳුරන
මියුරුතම නද දී හද මගේ නළවන,
නෙතු අගින් බලමින් සිතම හිරි වට්ටන
මටත් සිටියා නම් පෙම්වතෙක් සොඳුරුම...


වැසි වැටෙන වසත් කල උණුසුමින් තුරුළුව
මහා තුරු සෙවනක සීත විට හිඳිනට,
මී බිඟුන් ගයනා මිහිරි නඳ ඇසුමට
මටත් සිටියා නම් අගෙයි කුමරෙකු අද...


උකුල් තල හොවමින් නිදි වරන නෙතු යුග
කොපුල් තල සිඹිමින් ස්නේහයෙන් රස කොට,
පුළුල් උරතලයේ හිස හොවා රඳනට
මටත් සිටියා නම් පෙම් කරමි සදහට...






CONVERSATION

72 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හ්ම්ම් ;) මට ෂුවර් නගෝ ඉක්මනට ඔය විදියේ කෙනෙක් ලැබේවි. ඔන්න බලන්නකෝ මම කිව්වට.:) කවිය ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.:)

    "උකුල් තල හොවමින් නිදි වරන නෙතු යුග
    කොපුල් තල සිඹිමින් ස්නේහයෙන් රස කොට,"

    මොනවා වුනත් ඒ කොල්ල හරි වාසනාවන්තයෙක්.:)

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. අපි බලමුකෝ අයියේ.. ඉක්මනට ඕනේ නෑ.. හෙමින් සැරේ හොඳම කෙනා ලැබුනොත් ඇති..

      හෙ හෙ.. අපි ලඟ ඉන්න කොහොමත් වාසනාවන්ත වෙන්න ඕනේ අලෝ.. ;) :P

      Delete
  3. මම හිතුවා අක්කි මෙහෙම එකක් ලියාවි කියලා...පුදුම ලස්සනට ඒ වචන ටික ලියලා..
    //උකුල් තල හොවමින් නිදි වරන නෙතු යුග
    කොපුල් තල සිඹිමින් ස්නේහයෙන් රස කොට,
    පුළුල් උරතලයේ හිස හොවා රඳනට
    මටත් සිටියා නම් පෙම් කරමි සදහට...//

    අනිවා අක්කි.. මටත් මෙහෙම කියන්න තමා තියෙන්නෙ ;)

    ඔය එන කුමාරයෙක් ඉක්මනට එන්නෙ නැතුව මොනා කරනවද මන්දා හෆ්ෆා.. අක්කිටත් පාළුයිනෙ..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් පාලුයි නේ..

      Delete
    2. ආ.. මේ.. මම මගේ පාළුව ගැන බලාගන්නම්කෝ...:/ :/

      Delete
    3. ඒකනේ මගේ නංගියෝ.. අපි බලමුකෝ.. අපි දෙන්නටම හරි යන දවසක් ඒවිනේ.. :*

      Delete
  4. ගොඩක්ම ලස්සනයි ප්‍රාර්ථනා...
    කුමාරයෙක් එවී ඉක්මනටම... ඇවිදින් සෙනේ පුදාවි මේ ලියපුවටත් හරියන්න...
    :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ මිනෝ... අනේ මන්දා.. අපි බලමුකෝ.. :D

      Delete
  5. ඔය හිතට මහා ගොඩක් ආදරය කරන කෙනෙක් ඉක්මනින්ම ලංවේවි අක්කියෝ...

    කවිය ගොඩාක් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඒකනෙවෙයි.කලින් පොස්ට් එකත් මේ වගේ...ඇයි අක්කියෝ මේ...ඔයා ගොඩක් හිත දුකින්ද ඉන්නේ...දුකින් ඉන්න එපා..ගොඩාක් ප්‍රශ්න කාලය විසඳනවලු අක්කියෝ...

      Delete
    2. ස්තූතියි මල්ලියෝ.. අනේ එහෙම දුකක් නෑ මල්ලියෝ.. මම සතුටින්.. කලින් නම් දුකින් හිටියා.. ඒත් දැන් නෑ.. :D

      Delete
  6. ඉක්මනට එයාව හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරානවා.බලන්නකෝ මේ ලඟම ඉන්නවා වගේ මට දැනෙනවා :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. හෙ හෙ.. බලමුකෝ නංගියෝ..

      Delete
  7. කවිය ගති ..

    කෙල්ලොන්ටත් එහෙනම් මෙහෙම හිතෙනවා ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු..
      හපොයි.. කෙල්ලොන්ට මොකෝ මෙහෙම හිතෙන්නේ නැත්තේ.. කෙල්ලෝ හැමෝම මෙහෙම හිතනවා...

      Delete
  8. කවිය නම් පට්ට !!!
    මෙහෙම හිතන කෙල්ලෝ ඉන්නවද කියලා මට ප්‍රශ්නයක් !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා.. හනේ ඉතින්.. මෙහෙම හිතන්නේ නැති වුනොත්නේ ප්‍රශ්නේ අයියේ

      Delete
    2. @මධුරංග - //මෙහෙම හිතන කෙල්ලෝ ඉන්නවද කියලා මට ප්‍රශ්නයක් !!!//
      ඔන්න කිව්වා කතාවක්.. :P

      Delete
  9. අඳුරු වූ මංපෙතක තනිව යනවිට නුඹ
    පෙරුම් පිරුවා මමත් යන්න නුඹෙ අත ගෙන
    නුඹ නමින් ස්නේහෙන් පුරවාන මුළු හද
    බලාඉන්නෙමි දිනක හා කියන තුරු නුඹ

    ReplyDelete
    Replies
    1. අක්කේ මෙන්නෝ

      Delete
    2. ශා.. සාතන් අන්කල්ට ලස්සනට කවි ලියන්න පුළුවන් නෙ..:D

      Delete
    3. හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ
      කවුරුන්දෝ ලමිස්..

      ආ තොලී වලදුනා...

      Delete
    4. කව්ද මේ ඇනෝ කමෙන්ට්...

      Delete
    5. හා හා සාතන් මොකාටද ඒ ගමන එන්න හදන්නේ. ඔන්න අක්කේ බලා ගෙන හොදද......:D

      Delete
    6. අනේ මංදා දැන් මේ ඇනෝ ලා වැහිවැහැලා :O

      Delete
    7. හරිම ලස්සනයි සාතන් කවිය..
      @වර්ණා නංගා- හී හී.. ඒක තමා නංගෝ...
      @හිතූ නංගා- අනේ මන්දා.. ඇනෝලා ගොඩයි..
      @ඇනෝ- :P
      @සිහින මල්ලි- මෙයාව නම් මම දන්නෙම නෑ මල්ලියෝ..

      Delete
  10. කෙල්ලොන්ටත් මෙහෙම හිතෙන එක ගැන නම් සන්තෝසේ බෑ අෆ්ෆා.. ;) ;)

    ReplyDelete
    Replies
    1. කෙල්ලොන්ටත් හිතෙනවා හරිද :/

      Delete
    2. ආ.... ඔව් ඔව්.. කෙල්ලොන්ටත් හිතෙනවා නේන්නම්....:/

      Delete
    3. හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ
      කවුරුන්දෝ ලමිස්..

      ආ තොලී වලදුනා...

      Delete
    4. ඇයි.. කෙල්ලොන්ටත් මෙහෙම හිතෙනවා අෆ්ෆා.. එහෙම නොහිතෙනවා නම් අපි මිනිස්සු නෙවෙයිනේ.. :P :D

      Delete
    5. මගේ අම්බෝ..ගෑනු ළමයි තුන් දෙනෙක්ම මේ ගේම ඉල්ලනවනේ..අනේ හෆොයි..

      Delete
    6. හිකිස්... කව්ද අලෝ ගේම ඉල්ලුවේ.. :P :D

      Delete
  11. ළයට ළංවී තවත් ඉන්නට
    නිදි බිදින රෑ ළඟින් තුරුළුව
    සුපෙම්බර හිත මත සැතපෙන්නට
    මටත් හිටියා නම් ඔබ තවම ලඟ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. දුක් වෙන්න එපා යාළු.. උරුමකාරයා ආවම ඔය දුක් ඔක්කොම නැති වෙයි

      Delete
  12. අද මම බුකියේ දාපු එක මෙන්න..


    ඔහුද, මා අද
    මෙන්ම ඔබ හද
    රිදුම් දෙන සද
    අහිමි පෙමකට..

    අතැර නුඹ සතු
    සියළු සිතුවිලි
    වසාගෙන නෙතු
    හිදිනු කෙලෙසක..

    ලැබිනි ඉදහිට
    සුහද ඇරයුම
    ලබාගන්නට
    පෙමක් ලග හිද

    ඔහු පැතු ලෙස
    පැතූ මා ලොව
    අදින් අසරණ
    වේවි නොදැනිම

    හිදිනු කුරිරුව
    අතැර පැතු පෙම
    හෙටින් පසු මම
    නොඑම් කිසිදින

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ලස්සනයි ඒත් දුකයි..

      Delete
  13. හරිම ලස්සනයි අක්කා...හරිම ලස්සනයි !!!!

    මාත් මෙහෙමම ප්‍රාර්ථනා කරන්නම්කො.. :)))

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියෝ.. ප්‍රාර්ථනාවටත් ස්තූතියි හොඳේ.. :) :)

      Delete
  14. අක්කට ඉක්මනටම ඉල්ලන දේ ලැබේවායි පතමි!

    මටත් හිටියානම්........ සොරිම තමයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියා... මොකෝ සොරිම තමා.. නරකට හිටියි කෙල්ලෙක් හිටියා නම් ඔයාට.. :P

      Delete
  15. සාන්කාවට හිතනේ කවි.ඔහොම ඉන්නකෝ ටික කාලයක්.හරි යාවි ඉක්මනින්....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ප්‍රාර්ථනා අක්කියෝ..මේ අසාර් අයියා අත්දැකීමෙන් කියන්නෙ...ඔයාටත් ඉක්මනටම හරි යාවිලු මෙයාට වගේ...

      Delete
    2. ඔයාටත් එක්ක කිවුවේ ප්‍රර්තානගේ පිටින් දාල නිකා ඉන්නේ.

      Delete
    3. හිකිස්.. හා අයියේ.. බලමුකෝ..

      Delete
  16. හැමදාම වගේ ඉතින් සුදු අක්කිගෙ පොස්ට් වල තියෙන කවි පුදුම ලස්සනයි...
    ඒත් එහෙමටම ඒවා ලස්සන වෙන්නේ හිතේ තියෙන අවංක, ඇත්තම හැඟීම් වචන වලට පෙරලුන ගතියක් තියෙන නිසා වෙන්නැති...
    කුමාරයෙක් ඒවි අක්කියෝ..
    "හිඳීවි කොතැනක හෝ..
    හිමිකාරයා උපන් ඔබේ නමින්.."

    අපි බලං ඉමුකො..:) :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ මගේ සුදු මල්ලියෝ.. ඔයා ඉතින් මේ අක්කා ගැන දන්නවනේ නේ.. අපි බලමුකෝ මගේ මල්ලියෝ.. ;)

      Delete
  17. මොනවත්ම කියන්නෙ නෑ අක්කියෝ.......
    මේක ඒතරමටම ලස්සනයි....
    ඔයාට ඉක්මනින්ම ඔයාට ගොඩාක් ආදරේකරන කෙනෙක් ලැබෙන්න කියල පතනව....


    සංසාරෙ පුරාවට
    ආදරෙන් රැකගන්න
    මේ වසන්තයට පෙර
    කෙනෙක් ඔබ වෙත එන්න...:)

    ReplyDelete
    Replies
    1. අනේ ගොඩාක්ම ස්තූතියි මගේ නංගියෝ... :* :)

      Delete
  18. ඔය කියන විදියේ එක්කෙනෙක් ඉන්නව මම දන්න!:P
    එත එයාට වයස මදි තාම!:D

    ReplyDelete
    Replies
    1. මට පේනවා එයාව මගේ තනි ඇහැට :D

      Delete
    2. @නුවන් මල්ලි- බාලාපරාධ කරන්න බෑ අලෝ.. හී හී...

      @වර්ණා නංගා- මටත් නිකන් පේනවා පේනවා වගේ.. හී හී

      Delete
  19. දෙන දෙවියනි, විගහට ගෙදට්ටම ගෙනත් දෙන්න

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. ස්තූතියි හොඳේ..

      Delete
  20. හිතට දැනෙන පිරිසිදු ඇත්තම හැගීම කවියකට හරි, කතාවකට හරි ඇඳ ගත්තම ලස්සන නිර්මාණයක් බිහිවෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒක ඇත්ත යාළු.. ස්තූතියි හොඳේ

      Delete
  21. ආනේ දුකේ බෑ කවි ටික කියෙව්වෙහම. ඔන්න අහන්න එපා මොකද කියල නම් හරිද?

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ඔහොම කිව්වම නාහා ඉන්නේ කොහොමද අනේ.. කොහොම වුනත් දුකින් ඉන්න එක කිසිම වැඩක් නෑ බට්ටියෝ.. හැම දේකින්ම පුංචිම හරි සතුටක් ගන්න බලන්න..

      Delete
  22. ම්ම්ම්ම්ම්...ලස්සනයි...

    ReplyDelete
  23. ජීවිතේ සමහර දේවල් තියෙනවා නංගී ඉක්මන් නොවිය යුතු.. ඒ නිසා තව ටිකක් ඔහොම ඉවසීමෙන් ඉමු.. හොදම කෙනා ලගදිම මුණගැහේවී..

    ReplyDelete
    Replies
    1. හදිසියක් නෑ අයියා මට.. අපි බලමුකෝ.. :)

      Delete
  24. තනිව තනි මංපෙත දුරට මා යන කල
    සුපෙම්වත් දෙහදක් සිනාවෙනු දු‍ටු විට ...

    ReplyDelete
  25. ප්‍රාර්ථනාගේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා.....!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පිස්සා.. :D :D :))

      Delete
  26. ලස්සන කවිය නංගියෝ....

    කියෙව්වාම මටත් මොකක්ද වෙලා ගියා වගේ... හ්ම්.....

    ReplyDelete
    Replies
    1. තැන්කූ අක්කියෝ.. හ්ම්ම්.. බලමුකෝ නේ.. අපේ උරුමකාරයෝ ඇතිනේ.. :D :D

      Delete
  27. මේ කවිය කියෙව්ව ගමන් මතක් වෙන්නෙම අමරසිරි පිරිස් ගයන අලුත් ගිය " කාත් කවුරුවත් නැති බව හැඟුණා" ඒකත මේ වගෙමයි. ලස්සන කවි පන්තියක්

    ReplyDelete
    Replies
    1. මමත් ගොඩාක් ආසා කරන සිංදුවක් ඒ.. බොහොමත්ම ස්තූතියි ඔබට.. :)

      Delete

Back
to top