෴ තුහින වර්ෂා෴ සිවුවන කොටස

මම පිටිපස්ස හැරෙද්දිම දැක්කේ බෑග් එකත් එක කරකින් එල්ලගෙන මගේ ගාවින්ම හිනා වෙවී බලන් ඉන්න මහීන්ව..
තිසූගෙයි, දුලීගෙයි ඉඟි බිඟි ඔක්කොම අස්සෙන් කෙනිත්තිලි ඇස් ගැහිලි ඔක්කොම විඳගෙන මම මහීන් දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයකුත් මූණෙ තියාගෙන බව මහීන්ට තේරෙන්න ඇති.

"මොකද මේ, යකෙක් දැකලා වගේ බය වෙලා, මදෑ මම යාළුවො දෙන්නව අඳුරගන්න හිතාගෙන ආවා"

මහීන් එහෙම කිව්වේ හරිම ලස්සනට හිනා වෙන ගමන්..
යාළුවෝ දෙන්නා අඳුරගන්න... මෙයාට මොකටද මගේ යාළුවොන්ව අඳුරගන්නේ. එක පාරට එහෙම හිතුනත් ඒ ගැන ඇහුවෙ නැත්තෙ තිසුයි දුලියි දෙන්නා මගේ කටෙන් පිටවෙන වචනයක් ගානේ මටම මඩ ගහන්න පාවිච්චි කරන බව දන්න නිසා..

"ඔය නම් පට්ට පල් බොරුවක් පු‍තෝ.. ඔන්න බලහන් මෙයා මොකටද අපිව අඳුනගන්න එන්නේ"

තිසූ ඇස් කොනින් මහීන් දිහා බලන ගමන් මගේ කනට කෙඳිරුවා..
මොන දේ වුනත් මගේ යාළුවො අඳුනගන්න ආපු නිසා ඒ දෙන්නව අඳුන්නලා දෙන්න ඕනෙ නිසා මම මහීන්ට තිසුරිවයි, දුල්ශිවයි අඳුන්නලා දුන්නා..
ගේට්‍ටුව ගාවටම වෙලා එක එක වල් පල් කියව කියවා ඉඳලා මහීන් ආපහු යනකොට එයා පළවෙනි දවසෙම මගේ හොඳ යාළුවෙක් වුනා වගේම තිසු, දුල්ශි දෙන්නා එක්කත් හොඳටම Fit වෙලා ඉවරයි..

ඒත්.. මහීන්ට යන්න හිතක් නෑ වගේ.. යන්නම් කියලා කිව්වත් ආයෙමත් මොනවාම හරි කථාවක් ඇඳලා අරගෙන තව ටික වෙලාවක් කථා කර කර ඉන්න මහීන් ලොකු උත්සාහයක් ගත්ත බව මට තේරුණා..

"එහෙනම් ... අපි ගියා.."

දහවෙනි වතාවටත් එහෙම කියපු මහීන් යන්න හැරුනාටත් පස්සේ ආපහු මම දිහාට හැරුනේ ආයෙමත් මොකක් හරි දෙයක් කියන්න වගේ.

"හයියෝ ආයෙමත් "මගේ හිතේ තිබුන දේම තිසූ මගෙ පැත්තකින් ඉඳන් මුමුණනව යාන්තමට වගේ මට ඇහුනත් මහීන් මගේ දිහා බලන් ඉන්නව දැකපු නිසා මම මුකුත්ම කියන්න ගියේ නෑ..

"මෝඩි, දන්නවද වැඩක්.. " මහීන් ආයෙමත් කථාවක් ඇඳලා ගන්නයි හදන්නේ..

"මම දන්නේ කොහොමද හලෝ.. ඔයා කියන්නේ නැතුව"

"හපෝ....හරි හරි කියන්නම් කියන්නම්, මේක කටක් නෙවෙයිනෙ කටර් එකක්නේ.. කට වහන් ඉඳලා ඇරියොත් වලියක්මයි"

මහීන් කටත් ඇද කරගෙන එහෙම කියපු විදියට මට හිනා ගියේ නොදැනුවත්වමයි.

"මේ.. ඒක නෙවෙයි ඔයාට මොනවම හරි උවමනාවක් වුනොත් මට කථා කරන්න, ඔය පිස්සියො පාරේ තොටේ යනකොට හරියට පිස්සු වැඩ වෙනවලු, ඒ නිසා ඕනෙ නම් මගෙ number  එක save පාරක් දාගන්නකෝ.."

කට්ට නෑ කොල්ලා.. කෙල්ලොන්ගෙන් number ඉල්ලලා හොඳ පුරුද්දක් තියෙනවා වගේ.

"හනේ.. පව් අනේ. මේ...... මෝඩයා phone number  එක ඕනෙ නම් කෙලින්ම කියන්න තිබුනනේනිකන් මෝඩ කථා කියන්නේ නැතුව"                                                              මගේ කටින් ඒ වචන ටික එළියට පැන්නා.

"හපෝ.. අද කාලේ කෙල්ලෝ විස්වාස කරන්න පුළුවන්ද අනේ, කොල්ලෙක් phone number  එකක් ඉල්ලුවම හිතන්නේ හරියට ඒ කොල්ලා proposal එකක් ගෙනාව වගෙනේ. ඒකයි මම එහෙම කිව්වේ. මට අමතක වුනානේ ඔයා abnormal කියලා :D."

"abnormal  නම් මොකටද මගෙන් number ඉල්ලන්නේ, ඉන්න normal කෙල්ලෙක්ගෙන් ඉල්ල ගන්නකෝ."

"normal  කෙල්ලො එහෙම දෙන්නෙ නැති නිසානේ හලෝ ඔයාගෙන් ඉල්ලුවේ, මළ මෝඩි
මෙහෙම කියපු මහීන් මගෙ ඔළුවටත් ටොක්කක් අනින ගමන් හිනා වුනා.

"හරි හරි, මමත් ඔයා abnormal නිසා phone number  එක දෙන්නම්, නැත්නම් මම normal කොල්ලොන්ට phone number දෙන්නේ නෑ"

එහෙම කිව්වත් මම මහීන්ට මගේ phone number  එක දුන්නේ කිසිම අකමැත්තක් නැතිව. වෙන කොල්ලොන්ට දිනාගන්න බැරි වුන මගේ විස්වාසේ මෙච්චර ඉක්මණට දිනාගන්න තරමට මහීන්ගේ තිබුන විශේෂත්වය තේරුනේ නැති වුනත් හදවතට සමීප බවක්, හොඳම යාළුවෙක්ගෙන් ලැබෙන බැඳීමක් මට මහීන්ගෙන් ලැබෙන බව මම දැනගෙන හිටියා.. මහා ලොකු පණ්ඩිත කථා කිව්වේ නැති වුනත් මහීන් කරන එක පුංචි විහිළුවකින් මගෙ මූණෙ හිනාවක් එන බව මහීනුත් ඒ වගේම දැනගෙන හිටියා.

තිසූටයි , දුල්ශිටයි සමුදීලා මහීන් ආයෙමත් ගියාට පස්සේ මට නම් උන් දෙන්නගෙන් ගැලවීමක් නැති වුනා..

"ආව්ව් ආව්ව්, බලපන්කෝ කෙල්ල ඉල්ලපු ගමන් phone number  එක දුන්න ලස්සන, මේකි මටවත් ඔච්චර ලේසියෙන් phone number එක දුන්නේ නෑ. දුලී ආයෙමත් කැගහන්න ගත්තා..

දැන් නම් ඉතින් අද දවසම මුන් එක්ක ඉඳලා ඉවරයි,

"ඒ නෑ සිරාවටම මහීන් සිරා කොල්ලෙක් කෙල්ලේ..කවදාවත්ම ඒ වගේ කොල්ලෙක්ව නම් උඹට ලැබෙන්නේ නෑ ආයෙමත්, ඒ නිසා නිකන් ඉන්න එකේ සලකා බලපන්..දුලී කියපු කථාවෙන් මගේ ඇස් උඩ ඉන්දවුනා.

"අනේ කෙල්ලේ, උඹ හොඳටම දන්නවා මම ආදරේ කියන වචනෙටවත් කැමති නැති බව.මම දෙයක් කරනවා නම් අවංකව කරනවා, සලකා බලන්න ගිහින් නිකන් මිනිස්සුන්ගෙ හැඟීම් සෙල්ලමකට අල්ලගන්න මම කැමති නෑ කෙල්ලේ"

"හ්ම්ම්.. උඹ ඔහොම හැමදාමත් ඉන්නද කල්පනාව, ජීවිතෙ හැමදාම එකම තැන ඉන්නද කල්පනාව" තිසූ ඒ පාර නම් ඒක ඇහුවේ ඇත්තටම බව මට තේරුනා.

"ආදරේ ජීවිතේට ඕනෙම නෑනේ බන්, අම්මා තාත්තගේ ආදරේ තියෙනවා, උඹලාගේ, මහීන්ගෙ යාළුකම මට තියෙනව.. මට ඒ ඇති බන්.. හීන ලෝක වල ජීවත් වෙලා ඒවා කඩන් වැ‍ටුනම දැනෙන වේදනාවට වඩා මේ විදිය හොඳයි මට"

මම එහෙම කිව්වම තිසුයි දුලියි දෙන්නම මගේ දිහා බැලුවේ පුදුම ආදරේකින්..

"හ්ම්ම්.. උඹේ කැමැත්තක්.. ඒත් කෙල්ලේ ඔය මූණට හිනාවක් ගේන්න පුළුවන් කෙනෙක්ව අපි අද දැක්කා, ඉතින් ඒ හිනාව හැමදාම උඹේ මූණේ තියෙනවා නම් අපි හරිම ආසයි, ඒ නිසා කරන දෙයක් කල්පනාවෙන් කරපන්, උඹට ඕනෙම දේකට අපි ඉන්නවා"

ඒ ආදරේ, ඒ සහෝදරකම නිසා මගේ ඇස් වල කඳුළු පිරුනත් ඉක්මනට පිහිදගත්තේ මම අඬනවා දකින එක තරම් අකමැති දෙයක් දුලීටයි තිසූටයි නොතිබුන නිසා.. මගේම සහෝදරියෝ වගේ ඉන්න මේ දෙන්නා මම වෙනුවෙන් ඕනෙම දෙයක් කරන බව මම දැනගෙන හිටියා..

තිසුයි දුලීයි එක්ක හිමින් හිමින් ෆැකල්ටිය පැත්තට ගිහින් මහන්සි යවන්න හිතාගෙන තෙල් බැම්මක වාඩි වුනත් මගේ හිත තිබුනේ දුලීයි තිසුයි කියපු දේවල් වලින් පිරිලා.. ඇත්තටම මම මීට කලින් හිනා වෙලා නැද්ද? සමහර විට එහෙම වෙන්නත් ඇති....

හ්ම්ම්.. ඒත් ඇයි එහෙම හිතුනේ මේ දෙන්නට, මම ජීවිතේ විඳිනවා කියලා හිතුවත් ජීවිතේ ඇත්තටම විඳවනවද?....

කල්පනා ලෝකේ ටිකින් ටික හිත අතරමං වෙද්දි මම එක පාරටම ගැස්සිලා ගියේ මගේ ෆෝන් එක රිංග් වෙන්න ගත්ත නිසා.. අම්මගෙනුයි යාළුවොන්ගෙනුයි ඇරෙන්න call  එකක්වත් නොලැබෙන නිසා ෆෝන් එකෙ ringing tone  එකත් අමතක වෙලා තිබුන මට මේ වෙලාවේ කෝල් කරන්නේ කවුද කියලා බලද්දි මම දැක්කේ නොදන්න number  එකක්

"හෙලෝ...."

නොදන්න කෙනෙක් නිසා බොහොම සංවරව කථා කරත් එහා පැත්තෙන් මට ඇහුනේ හිනාවක්..

කවුද මේ... ඒත් එක්කම අහලා පුරුදු කටහඬකින් කොල්ලෙක් කථා කරත් ඒ කවුද කියන  එක මට හිතාගන්න බැරි වුනා..

"ඔයා කවුද කියනවද? ඔයානේ මට ගත්තේ"කටහඬ මතක් කරගන්න පුළුවන් තරම් try එකක් දෙන ගමන් මම ඇහුවා.

ආයෙමත් සැරයක් ලස්සන හිනාවකුත් එක්ක නිහඬතාවයක්.

"මහීන්.."
සැකයක් තිබුනත් හෙමින් සැරේ ඇහෙන නොඇහෙන සද්දෙන් මම එහෙම ඇහුවේ ඒ මහීන් නොවුනොත් කියන බයත් එක්ක..

"හ්ම්ම්ම්ම්....ඔව් ඔව් එයා තමා,. අනේ අනේ.. මගේ number එක දාගත්ත හැටි තමා නේ ඔය.. අනේ ඉතින් දැන්මම මෙහෙම අමතක වෙනවා නම් පස්සේ කාලෙක දැක්කත් අහක බලාගෙන යාවි

අනේ එහෙම නෑ කියලා කියන්න උවමනා වුනත් ඒ කටහඬ අහගෙන ඉඳිද්දී මොකක්දෝ අමුතු හැඟීමක් දැනුන නිසා මම කථා කරේ හරිම අඩුවෙන්. සමහරවිට මම ආස කරපු විදියේ නිවුන තැන්පත් ඒත් ගැඹුරු කටහඬක් මහීන්ට තිබුන නිසා වෙන්න ඇති. මහීන් කියවපු හැමදේම මම සද්දයක් නැතුව අහගෙන හිටිය එක මහීන්ටත් ප්‍රශ්නයක්.

"කෝ ඉතින්, කෝච්චියේදි කටර් එක වගේ කියවන වර්ෂා නෙවෙයිද ඔය"

මගේ සද්දයක් නැතිම තැන මහීන් ඇහුවා.

", වර්ෂම තමා අනේ, ඒත් ඉතින් කියවලා කියවලාම මට එපා... වෙලා.." ඇදලා පැදලා මම එහෙම කිව්වම මහීන්ට සද්දෙට හිනාවක් ගියා.

"පුදුමයි ඔයාට කියවන එක එපා වෙලා කියලා කියපු එක, හා හා හරි එහෙනම් කෝච්චියේදිම සෙට් වෙමුකෝ ආයේ, නැත්නම් ඉතින් ඔය කටර් එක වැහුනොත් මටමනේ පාළු"

"හ්ම්ම්.. හරි එහෙනම්,බුදුසරණයි.. බායි.." එහෙම කියලා මහීන් phone  එක තිබ්බම මට දැනුනේ වෙනදට නොදැනෙන විදියේ සතුටක්. 

එයාට පාළුලු,....... පිස්සෙක්...... කෝච්චියෙදි සෙට් වෙමුලු....... ඒ කියන්නේ මේ සිකුරාදත් මට මහීන් එක්කම ගෙදර යන්න පුළුවන්........

හිතට එන ඒ වගේ එක එක විකාර ගැන හිතලා හිත ඇතුලෙන් ආපු සතුට එක පාරටම හිනාවක් වෙලා එළියට එද්දි තිසුයි දුලියි මගේ දිහා බලාගෙන හිනාවෙනවා මම දැක්කා.

"උඹ ඉවරයි බන්.. ආයෙ ගන්න දෙයක් නෑ. ඔන්න අදින් තනිකඩ ජීවිත ගෙවපු අපි තුනෙන් එකෙක් ඩබල් වෙනවා

එහෙම කියලා තිසූ මහා හයියෙන් හිනා වුනා..

"පිස්සු.... උඹලා හිතන විදියට කොල්ලෝ සෙට් කරගන්න ගියොත් මට ඉතින් ඒ ඇරෙන්න කරන්න වෙන වැඩක් නැති වෙයි, මහීන් මගේ හොඳ යාළුවෙක් විතරයි.. ඊට එහා දෙයක් බලාපොරොත්තු වෙනවා නම් උඹලට වැරදිලා."

"හා හා.. හරි හරි.. අපි බලමුකෝ.. ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න නෙවෙයි නම් කමක් නෑ. හැබැයි පොල් පැලෙත් ගොනා කනකන් කැමැත්තෙන් බලන් ඉන්නවා නම් අපිට මොකෝ ඉතින් "

දුශී කියපු දේ ලාවට වගේ මටයි මහීන්ටයි ඇනුම් පදයක් බව නොතේරුනාම නෙවෙයි. ඒත්.. එහෙම දෙයක් කවදාවත්ම වෙන්න බැරි බව මම දැනගෙන හිටිය නිසා මම තවත් ඒ ගැන මුකුත්ම කියන්න ගියේ නෑ..

ඒත්....
නමක් දෙන්න බැරි අමුතුම සුන්දර බැඳීමකින් මහීනුත් මමත් බැඳිලා ඉන්න බව ඒ දෙන්නටම නොකිව්වත් මට තේරුණා. සහෝදර බැඳීම, යාළුකම ඔක්කොම එකතු වුන ඒ බැඳීම පිවිතුරු සුන්දර හැඟීමක් විදියට පිළිගත්තත් ඒ බැඳීමට ආදරේ කියන නම දෙන්න  උවමනාවක් මට පොඩ්ඩක්වත් තිබුනේ නෑ..
**************************************************

ආදරය නම් අකුරු හතරේ අර්ථයක් නොදු‍ටු තරුණියක්. සැහැල්ලු දිවියක හීන වලින් පිරුන ඇගේ සිත වටහාගත නොහැකි ගැටළුවක්.. ඇය ඇත්තටම ආදරය නොහඳුනන්නියක්ද? නැතිනම්.....

හමුවෙමු ඊළඟ කොටසින්..



CONVERSATION

59 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. වාව්.....මලේ මලු හලේ...
    ජය වේවා අක්කියෝ.....ඊළඟ කොටසත් ඉක්මනටඩාන්න

    (මේක ඇත්තට සිද්දවෙච්ච එකක්ඩ මන්ඩ....o.O)

    ReplyDelete
    Replies
    1. හී හී.. තැන්කූ නංගියෝ.. අලේ.. ඇත්තට වුන එකක් නම් නෙවෙයි අනේ...

      Delete
    2. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. කොල්ල දැක්ක පළවෙනි දවසෙ ඉඳලම මනෝ ගගහ ඉඳලා දැන් කියනවා ආදරයක් ගැන හිතන්නෙවත් නෑ කියලා..අනේ අම්ම්පා කෙල්ලොන්ගේ බොරුව!

    -මමත් ඇනෝවෙක්-

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. එහෙම තමා... ඒක බොරුවක් නෙවෙයි වර්ෂාට අනුව..

      Delete
  3. මට කාවදෝ මතක් වුණා ද මන්දා.... ලස්සනට ලියාගෙන යනවා නංගි. දුක හිතෙන්න නම් එපා මට මේක ඉවර වෙනකොට

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... බලමුකෝ අක්කා වෙන දේ..

      Delete
  4. මේ ඩබල නම් සෙට් වෙන්නම වටින කපල් එකක් වගේ. දැන් ඔය බයිලා ගැහුවට පහු වෙද්දි කෙල්ලගේ වැඩත් බලන්න බැරියැ :P

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. ඒ මොකෝ අයියේ..
      හ්ම්ම්.. බලමුකෝ අයියා කියනවා වගේ වේවිද කියලා..

      Delete
  5. කව්ද දන්නෙ මහීන් වර්ෂගෙ නොම්බරේ ඉල්ලගත්තෙ රිගිං ටෝං එක අහන්නද කියල නේද ප්‍රාර්ථනා.........

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. ඔයා ඉල්ලගන්නේ එහෙම හිතාගෙනද පිස්සෝ.. :D

      Delete
  6. අදකොටස හොඳයි..අක්ක කතාව දිගට ලියල තියෙනවා...

    මටත් මතකයි මම එයාව අඳුන ගත්තු මුල් දවසක...නෑ..නෑ.. ටොක්කක් නෙවෙයි ඇන්නේ...ඇඟිල්ලෙන් ඔළුවට තට්ටුවක් දැම්ම....

    ReplyDelete
    Replies
    1. අනේ අනේ.. පව්නේ ඒ අහිංසක කෙල්ල..

      Delete
  7. අඩේ නම්මර් ඉල්ල ගන්න මරු ව්දියක්නෙ, ට්‍රයි කොරල බලන්න ඕන. ලස්සන කතාව,
    waiting for next episode

    ReplyDelete
    Replies
    1. හිකිස්.. හපොයි.. තවත් කෙල්ලෙක් අමාරුවේ වැටෙන්නයි යන්නේ..

      Delete
  8. ලස්සනයි කතාව.. ඉතුරු ටිකත් දානකම් බලන් ඉන්නෙ.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලයාන්... :D :)

      Delete
  9. ෂා ලස්සනට ලියල තියනවා....

    ReplyDelete
  10. නම්බර් එකත් ලැබුනා. දැන් ඉතින් වැඩේ හරි.:) කෙල්ල හිතත් එක්ක ලොකු සටනක් දෙනවා වගේ හැබැයි.

    "මිනිස්සුන්ගෙ හැඟීම් සෙල්ලමකට අල්ලගන්න මම කැමති නෑ"

    මෙන්න මේක නම් අපි කාට කාටත් ගොඩක් වැදගත්.

    ReplyDelete
    Replies
    1. හෙ හෙ... බලමු බලමු අයියා... වැඩේ හරි යාවිද කියලා..

      හ්ම්.. හැඟීම් එක්ක සෙල්ලම් කරන එක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයිනේ කොහොමත්..

      Delete
  11. ආදරේ ගලාගෙන යනවා..ජීවිතේ ඒක පිළිගන්නවා..හා හා හොදයි හොදයි ප්‍රාර්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි.. :)

      Delete
  12. ගිය කතාවේදී මම කියපු අනාවැකිය වැරදියි වගේ!:-/

    ReplyDelete
    Replies
    1. ඒකනේ මල්ලියෝ.. හැමෝම කියපුවා වැරදියිනේ..

      Delete
  13. මම එකනේ කිවුවේ එදා ඔයා දිහා බලං ඉන්නවා කියලා.නොම්බරේත් දුන්නා හරි එහෙනං මල් හතයි ආ....

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. ඒක තමා.. බලමු බලමු වෙන දේ

      Delete
  14. "ආදරේ ජීවිතේට ඕනෙම නෑනේ බන්, අම්මා තාත්තගේ ආදරේ තියෙනවා, උඹලාගේ, මහීන්ගෙ යාළුකම මට තියෙනව.. මට ඒ ඇති බන්.. හීන ලෝක වල ජීවත් වෙලා ඒවා කඩන් වැ‍ටුනම දැනෙන වේදනාවට වඩා මේ විදිය හොඳයි මට"
    :D
    හික් හික්...

    :)
    අද කොටසින්නම් කතාව සුභ පැත්තට හැරුනා...

    ReplyDelete
    Replies
    1. මොකෝ හිනා වෙන්නේ මෝඩි.. :P

      හ්ම්ම්.. සුභයි තමා

      Delete
  15. නම්බර් දීල වැඩේ චොර කරගනී වගේ !

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ අර එහෙම කියන්නේ...

      Delete
  16. මේ විදිහට කෙල්ලෙක්ගේ නොම්බරේ ඉල්ලගන්න ට්‍රයි එකක් දීලා බලන්න ඕන.. ඉතිරියත් ලියමු නංගී..

    ReplyDelete
    Replies
    1. ලස්සනට ගලාගෙන යනව නේ :)

      Delete
    2. හෙ හෙ.. try කරලා තනි අලියා කිව්වා වගේ අත කනේ තියේවිද දන්නේ නෑ අයියේ..

      Delete
  17. කතාව නම් ශෝක් ප්‍රාර්ථනා :) ආසාවෙන් එක හුස්මට කියවගෙන යන්න පුලුවන්...ඊළඟ කොටසත් ඉක්මනට දාන්නකො....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි chams, ඊලඟ කොටසත් දාන්නම්කෝ..

      Delete
  18. හිතුවක්කාරීMarch 15, 2012 at 6:33 PM

    ආව්ව්... නියමයිනෙ.. මහීනුත් මෙයාල ලඟට ඇවිල්ලා..;) අපි ඔට්ටුත් ඇල්ලුවා නෙ එදා.. හික්ස්ස්..

    කොල්ලොන්ටනම් ෆෝන් නම්බර් ඉල්ලන එක මහ දෙයක් නෙවෙයිනෙ ;) ඒත් කෙල්ලෙක්ට තමා අවුල..:( කැමති කෙනෙක්ගෙ නම්බර් එක ඕනෙ වුනත්,මොකෝ කොල්ලාගෙන් පැනලා නම්බර් එක ඉල්ලගන්නද? හික්ස්ස්ස්...:D

    කතාව ලස්සනට යනවා අක්කි.. ලොග් වෙන්න බෑ.. හදිස්සියෙම කතාව කියවන්නම් ඇවිල්ල කමෙන්ට් කලේ... :*

    ReplyDelete
    Replies
    1. මගේ කට නලියනවා එක්කෝ ඕනේ නැහැ.. අද මොනවත් කියන්නේ නැහැ..

      Delete
    2. අනේ.. මේ..අසරණයා.. කටවහන් හිටු!!! ඇරියොත් දන්නවානෙ.. සුදු වෑන් එකක් එවලා පැහැරගන්නවා..;) :p

      Delete
    3. හිකිස්.. මේ දෙන්නා නම් පැටලෙන්නමයි හදන්නේ අෆ්ෆා...

      Delete
    4. මිත්‍රවරුනි නිකන් කොක්ක දාගන්න එපා...හක..හක....

      මෙතැන මොකක් අලි අලකලංචියක් වගේ.පැත්තකට වෙලා ඉන්ට ඕන.නැත්නම් වලං මුට්ටි පාරක් කන්න වෙන්නෙ.

      දුකින් සිටින හා..හා..හරි හාවී...

      Delete
    5. ආ.. මේ හා හා හරි හාවීට මාර දුකයිනෙ අසර් ගැන... අසර්ට ගුටි කන්න වෙයි කියලා බයයිද??

      -හුරතල් ඇනී-

      Delete
  19. හීන ලෝක වල ජීවත් වෙලා ඒවා කඩන් වැ‍ටුනම දැනෙන වේදනාවට වඩා මේ විදිය හොඳයි මට"

    හ්ම්ම් ඒ කතාවනම් සහතික ඇත්ත අක්කේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. ඒක තමා නංගෝ..

      Delete
  20. අදනේ අක්කගෙ කතාව කියවන්න සෙට් උනේ... කලින් කොටස් ඔක්කොම කියවල ආවේ... ලස්සනයි අක්කේ.. දිගටම මම එනවා කියවන්න... :)))

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියෝ.. :D :)

      Delete
  21. මේ අර මාත් එක්ක ඔට්ටුව අල්ලපු හිතුවක්කාර කෙල්ල කෝ... ? ඔට්ටුව ඉතින් මම 'එක්තරා' විදියකට දිනුම් නේ :P

    ReplyDelete
    Replies
    1. ආ... ඇයි ඇයි?? :p ඔයා කොහෙද දිනුම්..උත්තරය භාරගත නොහැකියි කියලා ප්‍රාර්ථනා අක්කි කිව්වා..:p ඉතිං දෙන්නාම පරාදයි.. හලිද??:p

      Delete
    2. තවත් වලියක්.. හේ හේ.. ඔව් ඔව් කවුරුත් දිනුම් නෑ...
      @හිතූ නංගා- කවදද නංගෝ මම එහෙම කිව්වේ.. :P ;)

      Delete
    3. ඒක තමා..ඒක තමා කවදා නංගෝ එහෙම කිව්වේ :P

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. ලස්සනා....යි කතාව
    ජය!

    ReplyDelete
  24. ටිකා...ක් පරක්කු උනා.
    වැඩේ නැගලා යනපාටයි නේ. අඩේ කෙල්ලෙක් එක්ක යාළු වෙන එක මෙච්චරම ලේසි වැඩක් කියලා අදමයි දන්නේ. අපි බලමුකෝ ඉස්සරහට මොන මොන බාල්දි තියේවිද කියලා. (හිතින්... මුන් දෙන්නට බාල්දි නම් වැටෙන්න එපෝ !!!)

    ReplyDelete
    Replies
    1. හෙ හෙ හෙ.. හපොයි.. කෙල්ලෙක් එක්ක යාළු වෙන එක ලේසියි.. බලමුකෝ.. :D

      Delete
  25. අදයි මේ කාතාව දැක්කේ, ඉර හද යට කියෙව්වට පස්සේ මේ පැත්තේ එන්නත් බැරිඋනා. ඉර හද යට" නම් කියන්න වචන නෑ අක්කේ :) මේකත් එහෙමයි,ලස්සනයි. දිගටම ලියන්න.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ.. මම දැනගෙන හිටියේ නෑනේ ඔයා ඒ කථාවත් බැලුවා කියලා.. ස්තූතියි හොඳේ.. :D

      Delete

Back
to top