෴මීන නුවන්෴




හීන කතන්දර රහස් කියන විට
නුරා දෙනෙත් යුග කෝල කතා මැද,
ආල සිතින් ඔබ ගෙතුව වදන් පෙල
ලෝල සිතින් මම දකිමි විටින් විට...


කූඩු වුනත් මගේ සිත මත සදහට
සසර පුරාවට පැතු ඒ පෙම් ලොව,
දකින තුරාවට ඔබගේ ලඟ මම
රකිමි සෙනෙහේ සිත මා මිය යනු වෙද...


නීල නුවන් යුග දකිනා හැම වර
මීන නුවන් මගේ දොඩමළු වෙන විට,
කතා නැතත් බැල්මෙන් ගිලිහෙන පෙම
සදා රකිමි මගේ නෙත් යුග මත මම...



CONVERSATION

28 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අයියෝ මම එක වෙන්න ගියේ...:/ මේ අලියා පැන්නානෙ..

    ReplyDelete
    Replies
    1. //දකින තුරාවට ඔබගේ ලඟ මම
      රකිමි සෙනෙහේ සිත මා මිය යනු වෙද...//

      මම ආසම ටික.. :D ;) හික්ස්ස්.. අක්කි හැමදාම වගේ ඉතිං කවි ටික ශෝයිම ශෝයි!! ආදරේ නම්, උපරිමයි... :D

      Delete
    2. අයියෝ.. මල්ලී..පිස්සුද ඔයාට?? :/ :/ :/ :( :(

      Delete
  3. ඔයා දාන්නේ නැද්ද අර හිතූ නංගි ලියනවා වගේ මේක සිතුවිල්ලක්ම පමණයි කියලා. හික්ස් :)
    ලස්සනයි නංගි මේ කවි පන්තියම !!!

    ReplyDelete
  4. හ්ම්ම්... අනේ මන්ද අද නම් මුකුත් හිතා ගන්න බෑ නගෝ.:) කවිය නම් ඉතින් කියන්න දෙයක් නෑ. වෙනදා වගේම ගොඩක්ම ලස්සනයි.

    ReplyDelete
  5. ලස්සන කවි පන්තියක්! :)

    ReplyDelete
  6. මට මේකත් උස්සන්න හිතෙයිද දන්නේ නෑ. මට නෙමෙයි යසන්ත අයියටත් මේක උස්සන්න හිතිලා වගේ දැන්මම. බලමුකෝ ඉස්සරහට :D

    ReplyDelete
  7. මෙවා දකිද්දි කවි ලියන්නත් ලැජ්ජයි අප්පා....... ලස්සනයි නංගි

    ReplyDelete
  8. නීල නුවන් යුග කවියක් විය ඔබගේ

    ReplyDelete
  9. මට පේන්නෙ මෙතන කතා දෙකක් හෝ තුනක් තියෙනව කියල. පළවෙනි පද හතර අතීතයෙ කතාවක්. දෙවනි පද හතර හරියට තමන් බලාපොරොත්තු නොවුන යම්කිසි බැදීමකට හිරවෙලා වගේ. තුන්වෙනි පද හතර කූඩුවෙන් පිට වෙනත් කතාවක් වගේ. සමහර විට දෙවනි තුන්වෙනි කවි එකම කතාවක් සම්බන්දව වෙන්නත් පුළුවන්.

    ලස්සනට ලියල තියෙනව.

    ReplyDelete
  10. ආ.......නෝ.......
    ලස්..............සනයි......අක්කියෝ....
    ^_^^_^^_^^_^_^_^_^_^_^_^_^_^_^_^

    ReplyDelete
  11. වෙරලියැද්ද මහතාගේ මීන නුවන් යුග ගීතය මතක් වුනා‍ ටොපික් එක දැකලා..

    ReplyDelete
  12. ලස්සනයි අක්කා... මේ නීල නුවන් නම් තේරෙනවා... මීන නුවන් කිව්වේ??

    ReplyDelete
  13. එලියට දාගන්න බැරි ආදරයක්ද??:)

    ReplyDelete
  14. "කතා නැතත් බැල්මෙන් ගිලිහෙන පෙම
    සදා රකිමි මගේ නෙත් යුග මත මම..."

    ගොඩක් ලස්සනයි යාලුවා...:)

    ReplyDelete
  15. දෙනෙත් යුග හමු වෙනා හැම වර
    යැද්ද සෙනෙහසේ පාරමිතාව නුඹ
    දහස් වර දුටු සිහිනයේ රැදි හිත
    නීල නයනයට වසග උන..

    ලස්සනයි ප්‍රාර්ථනා නංගියේ.. දැන් කාටද මේ නිල් පාට ඇස් තියෙන්නේ??

    ReplyDelete
  16. ඔයා කවියක් ලිවුවොත් ආදරේ වැහෙනවා නේ..

    ReplyDelete
  17. හරිම ලස්සනයි..මම හිතන්නෙ මම මේ පැත්තෙ ආවෙ අදමද කොහේද..හැමදාම එනව මේ ලස්සන කවි කියවන්න.. :)

    ReplyDelete

Back
to top