෴ ආසයි මං෴


මම ආසයි..
එකම එක පාරක්වත්
ඔයාගේ අතේ එල්ලිලා,
මම යන්න හරිම බය
අර ලොකුම ලොකු ගහ යටින්,
පොඩ්ඩක්වත් බය නෑ වගේ
ඇවිදන් යන්න...


මම ආසයි,
ඔයාගේ උරහිසක ඔළුව තියාගෙන,
පුංචි පුංචි මල් පෙති,
හුලඟට වැටෙන දිහාවේ
ගොඩාක් වෙලා බලාගෙන ඉන්න.
ඒ මල් පෙති වලින්
ඔයා මම වෙනුවෙන්ම
මල් වැස්සක් මවනවා නම්,
මම ඒකටත් ආසයි...


මම ආසයි,
මට ඇඬෙන්න එන වෙලාවට
ඔයා ගාවට ඇවිත් ඔයාගේ
පපුවට හේත්තු වෙලා,
ගොඩාක් වෙලා අඬන්න,
එතකොට ඔයා
මගේ ඔලුව ආදරෙන් අතගාන එකට
මම ඊටත් වඩා ආසයි...


මම ආසයි
මහ වැස්සේ ඔයා ගාවින්ම
කුඩයක් නැතුව
තෙමි තෙමී යන්න,.
මගේ මූණට වැටෙන පිණි බිඳු නිසා
මම වෙනදටත් වඩා ලස්සනයි කියලා
ඔයා කියනවා නම්..
මම ගොඩාක්ම ආසයි,.
ඒ ඔක්කෝටම වඩා,


මම ආසයි,
ඔයාට ආදරේ කරන්න,
මගේ හිත රිදෙනකල්ම,
හිතට නින්දක් නැති වෙනකල්ම,
හිත තද වෙලා එලියට පනින්න ලං වෙන කල්ම
ඔයාට ආදරේ කරන්න.
ඔයාට ගොඩාක්ම ආදරේ කරන්න... 


ප.ලි- කාලෙකට කලින් මම ලියපු කවියක් මේ.. හිතූ නංගා එක්ක බුකියේ චැට් එකක් දාගෙන ඉන්නකොට නංගා මට එවපු කවියක් නිසයි අපි දෙන්නටම මේ කවිය දාන්න හිතුනේ... හිතූ නංගාගේ කවියට මෙතනින් යන්න පුළුවන්.. කියවලාම බලන්නකෝ මේ දෙක කොයි තරම් එක සමානද කියලා.. 


CONVERSATION

61 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. අක්කියෝ... මගෙ අක්කිගෙ එක තමා ලස්සනම.. මේක ශෝයි!!! :* :* පිස්සු හැදෙන්න ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අලේ.. මගේ නංගියගේ එක තමා මට නම් ගොඩාක්ම ලස්සන.. :* <3

      Delete
    2. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. ඩබලටම පිස්සු !!!
    ප.ලි - කමෙන්ටුවක් පමණි

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඔව් ඔව්.. ඔයාටත් පිස්සු.. :D

      Delete
  3. කවියත් ලස්සනයි අදහසත් ලස්සනයි! හැබැයි හැම ලස්සනක් පිටිපස්සෙම.......................

    ReplyDelete
  4. මුලින්ම ආවේ හිතූ නංගිගේ පෝස්ට් එකට. ඊට පස්සේ මේකට. ආයෙම හිතූ නංගිගේ පෝස්ට් එකට. ඊටත් පස්සේ මේකට. දැන් හයපාරක් විතර එහාට්ටයි මෙහාට්ටයි ගියා. :)

    වෙන මොකටවත් නෙමේ. මේ දෙන්නට එකපාරටම මෙහෙම හිතෙන්න මොකද්ද හේතු උනේ කියලා බලන්න.
    කවි ටික ලස්සනයි නංගි.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ.. අයියා දෙපැත්තට මාරු වෙවි ඉඳලානේ.. හී හී... හිතුන හේතුව නම් දන්නේ නෑ අයියා.. ඒ වුනාට එක වගේනේ...

      Delete
  5. ඇත්තටම ලස්සනයි යාලුවා...:)
    දෙන්නගෙම කවි එක වගේනේ.එක වගේ අදහස් තියෙන අය එක වගේ දේවල් කරනවා කියලා අහලා තිබුනට පිස්සියො දෙන්නෙක් එක වගේ දේවල් කරන බව දැක්කෙ පළවෙනි වතාවට. ;) :P :P

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ස්තූතියි අයියා.. හරි හරි ඉතින් පිස්සො එකම කමෙන්ට් එක දෙතැනකට කොපි පේස්ට් කරන එකට මම නම් මුකුත් කියන්නේ නෑ ඉතින්..

      Delete
    2. ඒක ඉතින් සමානාත්මතාවයනේ.. ;) :P

      Delete
    3. හා හා එහෙමවත් කියමු ඉතින්.. :D :P

      Delete
  6. අනේ මෙහෙමත් කෙල්ලො දෙන්නෙක්... ( එහෙම කිවුවට අපිටත් ඔය වගේ දේවල් කොච්චර නම් හිතෙනවද)

    ReplyDelete
    Replies
    1. හේ හේ.. අනේ මෙහෙමත් හොර කෙල්ලක්.. :D

      Delete
  7. මේක මෙහෙම බෑ, දෙකම හොඳට විශ්ලේෂණය කරලා උත්තරයක්‌ දෙන්න ඕන.:) හෙට එන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...!

      දැන් මෙ දෙන්නටම එක පාරට මෙහෙම හිතුනේ කොහොමද? :)

      ඔය වගේ ආසාවල් නම් ඉතින් කොච්චර හොඳද නගෝ. බොහොම කැමැත්තෙන් ඉෂ්ඨ කරන්න පුළුවන් නේ කොල්ලට.:) අම්මියෝ මටත් තියනවා ඔහොම ලිස්ට් එකක්ම.;)

      මුල් කොටස තමයි ගොඩක්ම හිතට වැදුනේ.

      Delete
    2. හෙ හෙ.. අනේ මන්දා අනේ.. දෙන්නටම කූම හරි හිතුනනේ අයියේ.. ස්තූතියි හොඳේ...

      Delete
  8. මේ දෙන්නටම පිස්සුද නැත්නම් දෙන්නම ආදරේක පැටලිලාද.. හපෝ ගෑණු ළමයින්ගේ කතා ගැන එච්චර හිතන්න නරකයි..

    ආ කවි පෙල ලස්සනයි හොදේ.. දන්නවද ඔය ටිකම කොල්ලට කිවිවම කොල්ලට හිතෙන දේ...

    මට බයයි,
    ඔයාගෙ බය නැති කරන්න
    ගස් වටේ එක්කන් යන්න..
    අන්තිමේ ඔයා ඒවි
    මටත් චන්ඩිකම් දාගෙන..

    මට බයයි,
    මගේ උරහිසට ඔයාව ලං කරන්
    ඈතින් වැටෙන මල් වැසි බලන්න..
    මලුත් එක්ක ගහගෙන එන
    මල් රේණු
    ඇස් වලට ගියාම..

    මට බයයි,
    ඔයා එක්ක මහ වැස්සේ
    තෙම් තෙම් යන්න..
    අන්තිමේ බැරි වෙලාවත්
    හෙම්බිරිස්සාව හැදුනොත්
    ඔයාම අහයි ඇයි තෙමුනේ කියලා..

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ.. කොල්ලෙක්ට හිතෙන්නේ ඔහොමද.. තියන්න වටින්නේ නෑනේ මේ කොල්ලොන්ව.. හිකිස්..

      Delete
  9. කවිය (පදය) ලස්සනයි ප‍්‍රාර්ථනා..;-)

    ReplyDelete
  10. මට මතක් වුනේ අර “රෝජා“ දෙමළ චිත්‍රපටයේ “චින්න චින ආසෙයි“ ගීතය..මට මුලින්ම හිතුනේ එහි සිංහල අනුවාදනයවත්දෝ කියලා. කොහොම වුනත් ගොඩක් ලස්සනයි සහෝදරී.හරි පෙම්පත් ගතියක් එහි තියනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජනරඟ.. මමත් හරිම ආස කරන ගීතයක් ඒ ගීතය.. :D

      Delete
  11. බංකුවක් උඩ ඉඳගෙන
    දෙන්න දෙපැත්ත බලාගෙන
    බොරුවට තරහ වෙලා ඉන්න
    පොඩි මොහොතක්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. තරහා වෙලා ඉඳලා හෙමින් හොරෙන් බලලා ආයේ යාළු වෙද්දි ඒකෙත් අමුතුම සුන්දරත්වයක් තියෙනවා නේද ? :)

      Delete
  12. සිත් අහස - හිතුවක්කාරිගේ හිත දෙකම එකද කියල හිතුනා.. එකම ටොපික් එකෙන් පෝස්ටු වැටෙන්කොට..

    ජය !

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. ටිකක් විතර එක වගේ තමා.. ඒකනේ මගේ නංගත් මම හිතන එකම හිතන්නේ..

      Delete
  13. ලස්සනයි. මම මේ මාරුවෙන් මාරුවට දෙකම කියෙව්වා. මැෂින් දෙකින් ලොග් වෙලා එකම වෙලාවේ කමෙන්ට් එක දාන්න බුදු ගේමක් දුන්නා. කෝ වැඩේ හරි යන්නෑ. මේකට දාලම ඒකට දානවා.
    දෙන්නගෙම ආදරණීය පැතුම් එලෙසින්ම ඉටුවේවා.

    ReplyDelete
    Replies
    1. අම්මේ.. බට්ටි අරගෙන තියෙන මහන්සියක්.. හෙ හෙ.. ස්තූතියි යාළු..

      Delete
  14. අම්මෝ..සුදු අක්කියගේ කවි වල ලස්සන...
    හිතු ත් මේ වගේම එකක් දාල නේ?
    පිස්සු හැදෙයි!!
    :D

    ReplyDelete
    Replies
    1. තැන්කූ මගේ සුදු මල්ලියෝ.. :D :D

      Delete
  15. කවියකටත් එහා ගිය අව්‍යාජ සිතුවිල්ලක් කියලයි මට නම් හිතෙන්නෙ!:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. හ්ම්ම්.. ටිකක් විතර එහෙමයි මල්ලියෝ..

      Delete
  16. කවි දෙකම නැගල යනවා.
    අර අහිංසකයන්ගෙ පර්ස් වලට තට්ටු වෙනවා

    ReplyDelete
    Replies
    1. හපොයි.. අපි නම් එහෙම කාගෙවත් පර්ස් වලට තට්ටු කරන්නේ නැතෝ..

      Delete
  17. මං හිතුවක්ක්කරිගේ හිත කියවන කෙනෙක් ඔන්න ඒකේ පෝස්ට් එකක් පස්සේ ගියාම තමා මේ පැත්තට ආවේ. උපරිමයි මේ කවිය. මම ගොඩක් ආසයි මම අතිනුත් මේ වග කවි ගොඩාක් ලියවිලා තියෙනවා අනේ බලන් යනකොට අපි හැමෝටම තියෙන්නේ එකම ආසාවල්නෙ.මේ තියෙන්නෙ කාලෙකට කලින් මම ලියපු මේ වගෙ අදහසක් තියෙන කවියක්.

    මන්දාරම් අඳුර මැදින් වැටෙන අනෝරා වැස්සේ
    ආසයි මට ඇවිද යන්න ඔයා එක්ක කුඩේ යටින්

    හුළං කෝඩ දඟ කරාවි කුඩේ වාරු නැතුව යාවි
    මොර ගෙඩි වගේ ලොකු වැහි බිඳු අපි දෙන්නව තෙමා දාවී

    වැස්ස එක්ක දඟ කරන්න මගේ හිතත් ලෝබ වේවි
    පුංචි එවුන් වාගේ අපි මහ වැස්සේ සිනා සේවි

    මඟ දිග මිනිසුන් බලාවී මුන්ට පිස්සුයැයි කියාවි
    උණු උණු කිරි කෝපි එකක් බොන්න යමුද සිත අසාවී

    දඩිං බිඩිං මහා හඩින් කණ ළඟ අකුණක් ගසාවී
    අනේ ඉතින් මගේ හීනය මෙතනින් කුඩ පට්ට වේවි

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සන කවි පන්තියක් යාළු.. උපරිමයි..

      Delete
  18. හැම කෙල්ලම හිතන්නෙ මෙහෙම නම්, කෙල්ලෙක් මලාට මාත් එක්ක ඉන්නෙ නෑ... :)

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒ මොකද සාතන් උන්නැහැ

      Delete
    2. හෙහ්.. කෙල්ලෙක් මාත් එක්ක ඉන්න එකකුත් නෑ... මම තියාගන්න එකකුත් නෑ... හිතුවක්කාරිගෙ එකෙත් දැම්මෙ මේක.. උත්තරයක් ලැබෙයිද බලන්නකො

      පුංචි එකියක් වගේ දඟලන
      නුඹේ මුහුනේ මැවෙන සිනහව
      හදවතේ මස සිදුරු කරගෙන
      කිඳා බසිනව පිහි තුඩක් ලෙස

      හුර‍තලේ පෙන්නා පුරුදු ලෙස
      ඉල්ලනා විට හිමකිරම නුඹ
      අරන් දෙන්නෙ කෙසේදැයි මම
      දුප්පත්ය පෙම්වතා නුඹ ලද

      හොවාගෙන උරතලේ නුඹ හිස
      හීන ලෝකෙක ඇවිදිනා විට
      සැබෑ ලෝකයෙ පය ගසන් මම
      ඉන්නෙ කොහොමද කෙලින් හිටගෙන

      රකින්නට නුඹෙ සිනා සැමදා
      ඉටුකරන්නට නුඹේ ආශා
      නුඹේ හීනයෙ ඉන්න කුමරා
      වෙන්න බැහැ මම යමී හැරදා

      Delete
    3. ස්නේහයෙන් පිරි ඔබේ සිත ලඟ
      වෙනත් වත්කම් කුමට මා හට
      සිහින කුමරුනි පෙමින් ඉනු මැන
      නුඹ නොමැති ලොව දිළිඳු මගේ හද..

      Delete
  19. දෙන්නම එක වගේ මොකද එකම වයසනේ.

    ReplyDelete
  20. එකත් ලස්සනයි මේකත් ලස්සනයි :)

    ReplyDelete
  21. කියවද්දී හිතුන මේ හිතේ ඇතිවුන ඇත්තම හැඟීමක්ද කියල.ප.ලි.දැක්කම දන්නෙ කතාවෙලා ලියන්න හිතුන සිතිවිල්ලක් කියල.මේ සිතිවිල්ලට හදවතින්ම සුභ පතනව.ලස්සනම ලස්සනයි අක්කියෝ.

    ReplyDelete
    Replies
    1. කථා වෙලා ලියන්න හිතුන සිතිවිල්ලක් නෙවෙයි මල්ලියෝ..කලින් ලියපු එකක් දෙන්නගෙම සමාන නිසා එකට දැම්මා.. ස්තූතියි හොඳේ..

      Delete
  22. කවිය හරිම ලස්සනයි ප්‍රාර්ථනා...

    ReplyDelete
  23. හිතාගන්න බැරි හීන සිතුවිලි
    හද පුරාවට සිත්තම් වෙන සැදෑවක
    කවදාවත් මගේ කරගන්න බැරිද කියලා
    හිත කෙලවරක කවුද කෑ ගහද්දි
    නුඹෙ හීන දැක්කම හද ගැහුනා
    කවදාවත්ම නැති විදියට,
    නුඹත් - මමත්....
    මොන තරම් ලගින්ද කියලා හිතෙනකොට
    සිතුවිලි වලින් විතරක්....

    වචනයක් ගානේම
    උතුරලා ගලාගෙන යන
    ඔය ආදරේට
    මොන තරම් ලෝබ හිතුනත්,
    හිත පුරාවටම
    අමුතුම වේදනාවක්...
    දරාගන්න බැරි තරම්
    නූඹේ ආදරය මට
    හැමදාම හීනයක් කියලා හිතෙද්දි....

    ඒත් මම හිනා වෙන්නම්...
    හදවතින්ම නෙමේ,
    ඒත් මම හිනාවෙනකොට
    හිනාවෙන නුඹෙ මූණ බලන්න
    තරු ඇස් දෙකේ දිස්නය දකින්න
    මම ගොඩක්ම ආස නිසා....

    ReplyDelete
    Replies
    1. @ano
      නෙතු ගැටෙන මායිමේ ඉඳන්
      මේ තරු ඇස් වලට එබී බැලුවා නම්..
      පෙනෙන්නට ඇති නුඹට
      ස්නේහයේ පිළිරුව ඔබේ...
      විටින් විට දොඩමළු වෙන
      ගැටි ගැටී ඉවතටම විසි වෙන,
      නෙතු කෙවෙනි අද්දර,
      හීන බර වැඩි වුනා සත්තට...

      එක වරක්වත්
      අසන්නට හිතුනා නම්,
      මගේ හදවත ගැහෙන රාවය..
      දැනගන්නට තිබුනා
      මුවින් නොකියවෙන ඔබේ ස්නේහය
      හී සර බැලුම් අතරින්
      වරින් වර කාන්දු වන බව...

      දිලිසෙන මගේ තරු ඇස්
      පදෙන් පද ගැලපූ මේ වදන් දු‍ටු කල
      කඳුළු වලින් පිරෙනා විට
      නොදන්නා නමුදු හිතවත
      නුඹේ කවි පදයක
      දැනුනි හුරු පුරුදු ගති මට...

      Delete
  24. අනේ මෙහෙම කවි කාරියක් මටත් හිටිය නම්... :) ලස්සනයි නංගා.. ඇත්තටම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ.. ඉක්මනටම ලැබේවි අයියා.. ස්තූතියි හොඳේ

      Delete
  25. ඒකත් මරුය මේකත් මරුය ඇත්තම කියනවා නම් 2ම එළකිරිය. එම නිසා 2ම එකම කොමොන්ටුවක් පළකිරීමට තීරණය කෙරෙමි......

    ReplyDelete
    Replies
    1. හලේ.. තැන්කූ හොඳේ... හෙ හෙ හෙ

      Delete
  26. හරිම ලස්සනයි ප්‍රාර්ථනා..අහින්සක ලස්සන හීනයක්..සැබෑවේවා කියල පතනවා.. :)

    හිතූගේ කවි ටිකත් ගොඩාක් ලස්ස්නයි..

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි සිත්රූ. :D :)

      Delete
  27. මන් දාපු කමෙන්ට් වැටෙන්නේ නැත්තේ ඇයි....

    ඉහි ඉහි ඉහි......:'(

    ReplyDelete
    Replies
    1. හී හී.. හුරේ.. කමෙන්ට් එක වැටිලෝ... දැන් ඉතින් නාඩා ඉන්නකෝ නංගියෝ.. :D

      Delete

Back
to top