෴ තුහින වර්ෂා෴ පස්වන කොටස










එකක් පස්සෙන් එකක් ඇවිත් වෙරළෙ හැපෙන රළ දිහා බලාගෙන ඉර බැහැගෙන යන දිහා මම බලාගෙන හිටියේ පුදුම පාළුවකින්.. රතු පාටට දිලිසෙන බැහැගෙන යන ඉර මගේ ජීවිතේ තවත් එක දවසක් අරගෙන යද්දි ඒ බහින ඉරට සමුදෙන්න වෙරළේ හිටියේ මම විතරයි. වෙරළ දිගේ ඇවිදින මගේ පා සටහන් රළ පාරට මැකිලා යද්දි මට මතක් වුනේ කොහේදෝ මම අහපු කවියක්.

මුහුදු රළ ඇදී එන යලිත් දියඹටම යන
වෙරළ මත පිය තබන මගේ පිය මං මකන,
ඔබගේ සිත් වෙරළ මත පිය තැබූ නමුදු මම
මැකී යාවිද බයයි යලි නො‍රැ‍ඳෙනා ලෙසට...

සෙනසුරාදා හැන්දෑව තනියම මුහුදු වෙරළේ ගත කරන්න ඕනේ කියලා හිතුන නිසා අම්මාටත් කියලා පයින්ම ඇවිත් සමුද්‍ර මාවතේ බංකුවක වාඩි වුනත් හිත එකලස් කරගන්න බැරි කම නිසාම මගේ හිත වගේම අකීකරු ‍වුන මුහුදු රැල්ල පාගන්න මට ආසාවක් ආවා. ඒ නිසාම වෙරළ දිගේ ඇවිදගෙන යද්දි හිතට ආපු සිතුවිලි එක්ක පොර බදින්න බැරි නිසාම ආයෙමත් මම ඇවිත් බංකුවක් උඩ වාඩි වුනා.

හීතල හුළං ‍රැළි ඇවිත් මගේ ඇඟේ හැපෙද්දි රත්තරන් පාටින් බැහැගෙන යන ඉරේ එළිය වැටිලා දිළිසෙන වැලි තලාවට වෙලා තනියම බලන් ඉන්න මගේ දිහාවට ඇදෙන දෙන්නෙක්ගේ ඡායාවක් දැක්කේ එතකොටයි. ආදරෙන් වෙලිලා අත් අල්ලගෙන මාව පහු කරන් ගිය ඒ දෙන්නා දැකලා මට නොදැනුවත්වම හුස්මක් පිට වුනා.

ඉර බැහැගෙන යන වෙලාවට තමන් ආදරේ කරන කෙනා එක්ක ඒ ඉර බැහැගෙන යන දිහා බලන් ඉන්න තියෙනවා නම්... 

138 බස් එකේ යන ගමන් තිසූ බැහැගෙන යන ඉර පෙන්නලා මට දවසක් කියපු දේ මට ඉබේටම මතකෙට ආවා.

හැම කෙල්ලෙක්ම ජීවත් වෙන්නේ තමන්ටම කියලා මවාගත්ත හීන ලෝකේක. ඒ හීන ලෝකේ ඇතුලේ සුරංගනා කථා තරමට ලස්සන හීන තියෙන බව දන්නේ ඒ කෙල්ලගේ හොඳම යාළුවෝ විතරයි. මට තිබුන හීන ලෝකේ ගැන හොඳටම දැනගෙන හිටියෙත් මගේ හොඳම යාළුවො විතරමයි.. ඒ හීන එකින් එක පණ ගහලා එද්දි ඒ තරම් සතුටක් කෙල්ලෙක්ට වෙන නෑ.. කඳුල දුක කියන්නේ කෙල්ලෙක්ගේ ජීවිතේ සාමාන්‍ය දෙයක්.. ඒත්...  මේ තරම් කාලයක් හැඟීම් වලට වැට බැඳපු හිත දැන් ඒ කම්බි කණු ඔක්කෝම කඩාගෙන පිට පනින්න හදනවා..තනිකම දැනෙද්දි ඇස් වලින් ගලාගෙන යන කඳුළු බිංදු හැමදාමත් වගේ එදත් මට මගේ අතීතය මතක් කරලා දුන්නා.. අතරමං වුන හිත ආයේ අතරමං නොවෙන්න කියලා මමම හදාගත්ත හිරගෙයි මගේ හිත තනි වෙලා.. අනේ මට මේ හැමදේම කාට හරි කියන්න ඇත්නම්.. මට වද දෙන පරණ මතකයන් ඔක්කොම හිතෙන් උගුල්ලලා විසික් කරන්න ඇත්නම්........

උණු කඳුළු බිංදු කම්මුල් දිගේ ගලාගෙන යද්දි ආපු ලුණු රස මූදු හුළඟ මගේ කම්මුල් දෙකම සීතල කරගෙන හැමුවා.. අවුල් වුණ කොන්ඩේ වගේම අවුල් වුන හිතත් අරගෙන මම ගෙදර ගියේ පෑරිච්ච හිතකුත් ඒ හිතේ අළුත් වුන මතකයන් ගොඩකුත් එක්ක...

ගෙදර යද්දිම අම්මා උණු උණුවෙන් තේකක් හදලා තිබුන නිසා මුහුදු හුළං වැදිලා හීතලේ ගැහි ගැහි ආව මට සනීපයක් දැනුනා.. එත් අඬලා අඬලා රිදුම් දුන්න හිතට නම් සනීපයක් දෙන්න ඒ කිසිම දේකට පුළුවන් කමක් වුනේ නෑ....

ෆෝන් එක ගෙදර දාලා ගිය නිසා කාමරේට ගිහින් ෆෝන් එක බලද්දි messages  5ක්. missed calls 11 ක් .. කවුද මේ.??

5 messages- view ගිහින් බැලුවේ මේ තරමට හදිස්සියක් වුනේ කාටද කියලා බලන්න..

maheen.....
කළු පාට අකුරෙන් ෆෝන් එකේ screen එක පුරාවට පිරිල තිබුනේ මහීන්ගේම messages  වලින්.. තිබුන හදිස්සිය නිසා මුල ඉඳන් අගට බලන්න ඕනේ messages ටික මම බැලුවේ අග ඉඳන් මුලට.

hari, mama thrahay,. aye nam  wadayak wenne na oyata :( :( 

උඩින්ම තිබුන message එකෙ තිබුනේ එහෙම දෙයක්.. මොකක්ද ඒ හරුපෙ.. මට වදයක් වෙන්නෙ නෑ.. මම කවදාවත් එයා වදයක් කිව්වෙ නෑනේ.. එහෙම හිතලා අනිත් messageනුත් බලාගෙන යනකොටයි මට වැඩේ තේරුනේ... විස්තරේ කියලා මහීන්ට message එකක් යැව්වත් reply  එකක් නම් නෑ වගේ.. පැයක් පැය දෙකක්තුනක්. කොච්චර බලන් හිටියත් reply එකක් නම් නෑ.. 

මම මොකටද එයා reply කරනකන් බලන් ඉන්නේඑයාට ඕනේ දෙයක් කරගන්න කියන්න.. මේක මාර වැඩක්නේඑයාගේ ආණ්ඩුවයැ මේක..

තරහා ගිය වෙලාවට එළියට පනින මගේ වචන ටික හිත ඇතුලෙන් මම එළියට දැම්මේ කිය කියා බනින්නවත් කෙනෙක් නොහිටපු නිසා.. 
කොහෙද යන පිස්සෙක්මෝඩයෙක්.. ආයේ නම් මුකුත් කියන්නේ නෑ.. එහෙම හිත හිතා බැන්නත් සැරෙන් සැරේට ෆෝන් එක අතට අරගෙන බැලුවේ ඇයි කියලා මටවත් තේරුනේ නෑ.

ම්හ්ම්.. reply නම් නෑ වගේ.. ආඩම්බරකම.. මම නම් ගනන් ගන්නේ නෑ..

රෑ පුරාම මහීන්ට හිතින් බැන බැන ඉඳලා මම නිදාගන්න ගියේ අද නම් මහීන් Reply කරන්නේ නෑ කියලා තේරුන නිසා..ඉරිදා උදේ වරුවත් ගෙවුනේ මහීන්ගෙන් එකම message  එකක්වත් නැතුව.. හවස කෝච්චියේ කොළඹ යන්න හිතාගෙන හිටපු නිසා ඇඳුම් ලේස්ති කරගෙන මමත් 12ට විතර ලේස්ති වුනා..

මහීන් අද කෝච්චියේ ඒවිද?? ආවත් මට මොකෝ... එයා කථා කරනකන් මම නම් කථා කරන්නේ නෑ..

මගේ හිතත් එක්කම රණ්ඩු වෙලා රණ්ඩු වෙලා ඒ විදියට අවසාන තීරණේ ගත්තට පස්සේ තාත්තා එක්ක ස්ටේශන් එකට ගියේ දරදඬු මූණකුත් මවාගෙන..

කොළඹට යනකන්ම නවත්තන හැම ස්ටේශන් එකකින්ම වැරදිලාවත් මහීන් බහීවිද කියලා බලාගෙන හිටියත් මම කොළඹින් බහිනකන්ම මහීන්ව නම් දකින්න ලැබුනේ නෑ..

ඒ හේතුව නිසාමද මන්දා එදා දවසම එපාම කරපු විදියට ගෙවිලා ගියේ තිසූයි දුලීයි එක පොඩි පොඩි වලි දෙක තුනකුත් ඇඳ ගන්න ගමන්..

"උඹට මොනවා වෙලාද.. දුම්මල වරම අතට ගත්තා වගේ අපි දෙන්නට කෑ ගහන්නේ" 

ඉවසලා ඉවසලා බැරිම තැන දුලී මගෙන් ඇහුවා..ඒ අහපු විදිය නිසා හිතේ තිබුන කේන්තිය ඔක්කෝම නැති වෙලා මට හිනාවක් ගියා..

"අපොයි ඇති යන්තම් හිනා වුනාඒ නිසා අපි පොඩි පාටියක් දාමු"

දුලී එහෙම කිව්වේ මගේ mood  එක ආයෙමත් පුරුදු විදියට හරිගස්සන්න හිතාගෙන වෙන්න ඇති.. 

පිස්සු නටන අපි තුන් දෙනාගේ එක පිස්සු වැඩක් වුනේ පොඩි සතුටක් ලැබෙන දේකට වුනත් පුංචි party එකක් දාන එක.. party  කියලා කිව්වත් අපි තුන් දෙනා කරේ science එකේ හරි law එකේ හරි canteen එකකට ගිහින් බඩ පැලෙනකන් කන එක. ඉතින් අද අපි තුන් දෙනාගේ තේරීම වුනේ Science canteen එක. 

canteen එකේ කාලා බීලා ඉවර වුනාම හැමදාමත් අපේ පුරුද්ද වුනේ canteen එකේ ටැප් පේළිය එක්කම තියෙන කැටපත් පවුරේ ලියවුන කවි බලන එක.. හැමදාමත් වගේ අත හෝදන ගමන් මගේ ඇස් දෙක ගියේ කැටපත් පවුරේ අලවලා තිබුන කවි වලට.. ඒ අතරින් එක ලස්සන කවියකට මගේ හිත ගියේ නොදැනුවත්වම..

෴සඳවතියට

කවියේ මාතෘකාවෙන්ම කවිය ගැන ආසා හිතුන නිසා මම කවිය කියවන්න පටන් ගත්තා..

෴සඳවතියට
පාවෙනා සිහින සිත්තම් මැද,
වෑහෙනා සිනහා ගෙත්තම් කොට,
ගෙනෙන්නේ නුඹේ  රුවම වූ කල
නිදන්නේ කෙලෙස රෑ යම මම...

කෝල නෙතු කැළුමන් දිලිසෙනා විට
ආල නිල් දෙනුවන් මදෙස බැලු සඳ,
දියවෙනා පණ නල ඔබේ බැල්මෙන,
වැගිරෙනා අරුමය දනියි නම් නුඹ...

සඳවතිය ,කුමුදිනිය ,මද පවන ඔබ
නෙතු අගට රස ගෙනෙන අංජනය ඔබ
උන්මාද සිත පුරා පා තබන විට
ගිලිහෙනා පෙම් හසුන් නුඹට පෙනුනිද...


කවිය අන්තිම වෙනකන්ම කියෙව්ව මට මේ වගේ කොල්ලෙක් ලබන කෙල්ල මොන තරම් නම් වාසනාවන්තද කියලා හිතුනා. ඒ නිසාම මේ සුන්දර කවියාගේ නම දැනගන්න හිතාගෙන කොළේ අන්තිම බැලුනේ නොදැනුවත්වමයි..

මහීන් සස්මිත (ඩිංගා)

මහීන්................ 
කවි ලියනවා..............
ඒත්............

ආයෙමත් කවිය දිහා බලපු මම එතකොටයි  කවියේ දිනේ දැක්කේ
2012.03.26

අද...........
මහීන් මේ කවිය දාලා තියෙන්නෙ අද.... 
ඒත්......
කාටද මේ කවිය ලියන්න ඇත්තේ...... 

සඳවතිය ??
කවුද මේ මහීන් කියන සඳවතිය??. දෙගිඩියාවක් ඇති වුනත් කිසිම දෙයක් හිතාගන්න බැරි වුන නිසා මම ආයෙමත් කවිය දිහා බැලුවා..

"මට පුස් පාට් පෙන්න පෙන්න මෙයා මෙහේ කවිත් ලියනවා" 

මෙච්චර වෙලා හිත ඇතුලේ හිරවෙලා තිබුන තරහා එක පාරට පිට වෙද්දි තිසූයි දුල්ශියි කට ඇරගෙන මගේ දිහා බැලුවේ මට එක පාරට වුන දේ හිතාගන්න බැරුව.. ඉන් පස්සෙ මගෙ ඇස් තිබුන දිහාව බලපු තිසූට අමුතුම හිනාවක් ගියේ මහීන්ගේ නම දැකපු නිසා වෙන්න ඇති..

සඳවතිය........
 අඩේ.. උඹේ කුමාරයා කවිත් ලියනවානේ.. නරකම නෑ.. උඹත් එහෙමනේ.. ඉතින් මොකක්ද දැන් මේකේ තියෙන අවුල.. ඇයි ජෙලද

දුලීත් මට විහිළු කරන්න පටන් ගත්තම තරහ ගියත් දුලී කියපු දේ අහලා තරහටත් වඩා මට ඇති වුනේ ලැජ්ජාවක්..

"මම මොකට වෙන්නද?? , මට මොකෝ කවි ලිව්වට එයා..මගේ ඇඟේ කෑල්ලක් යනවදනෑනේ.."

"ඇඟේ කෙසේ වෙතත් හිතෙන් නම් කෑල්ලක් නැති වෙලා වගේ"  තිසුත් එහෙම කියලා හිනා වෙද්දි මට දැනුන ලැජ්ජාව තවත් වැඩි වුනා.

"අනේ යන්න.. මට මොකද අනේ.. එයා කවි ලිව්වට මට මොකෝ.. පිස්සු නොකියා ඉන්න" 

බනින්න ගියත්  ටිකක් සැර බාල කරලා එහෙම කිව්වේ මම ඕනෙවට වැඩිය රන්ඩු වෙන්න ගියොත් දුලීගෙනුයි තිසූගෙනුයි මට බේරුමක් නැති බව දන්න නිසා..

ඒත් මගේ හිතේ තිබුනේ දෙගිඩියාවක්.. කවුද මේ සඳවතිය.. මේක නිකන්ම නිකන් කවියක්ද??? එහෙම නැත්නම් මහීන් මටවත් නොකියපු කවුරු හරි කෙනෙක් ඉන්නවද?? 
ඇත්තටම මේ කවුද??..........


*******************************************************************************

ආදරය නම් අකුරු හතරේ අර්ථයක් නොදු‍ටු තරුණියක්. සැහැල්ලු දිවියක හීන වලින් පිරුන ඇගේ සිත වටහාගත නොහැකි ගැටළුවක්.. ඇය ඇත්තටම ආදරය නොහඳුනන්නියක්ද? නැතිනම්.....

හමුවෙමු ඊළඟ කොටසින්...


CONVERSATION

68 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. Replies
    1. අදමද මන්ද එක වුනෙ..:D

      මුහුදු වෙරළ දිහා බලං ඉඳිද්දි දන්නෙම නැතුව හිත අතරමං වෙනවා.හුඟක් ආසයි එහෙම ඉන්න...

      කතාවටම ගැලපෙන කවියත් හුඟාක් ලස්සනයි අක්කියෝ.

      Delete
    2. හෙ හෙ.. හුලේ... මල්ලියා එක.. හෙ හෙ.. ඇත්ත.. මුහුදු වෙරළේ නිදහසේ වාඩි වෙලා ඉද්දි දැනෙන්නේ පුදුම සැහැල්ලුවක් මල්ලියෝ..තැන්කූ හොඳේ

      Delete
    3. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. හික්ස්...
    හැමදාම සයන්ස් එකට යන මම දැක්කෙ නැහැනේ ඔය කවිය :D :D

    කතාව මරු...අද කොල්ලා නැතුව පාළුද මන්දා...

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඔයාලට පේන්න එහෙම දාන්නේ නෑ.. :P .. මටත් පාළුයි අෆ්ෆා එයා නැතුව.. හෙ හෙ

      Delete
  3. Replies
    1. ශික්.. 3 :/ කමක් නෑ...

      ශා... මහීන්ට කවි ලියන්නත් පුලුවන්ද හෆ්ෆ... එයානම් ශෝයි කොල්ලෙක්නෙ.. කවි ලියන්න පුලුවන් කොල්ලන්ගෙ හිත් ලස්සනයිලු හුඟාක් :D :D

      ලස්සනයි අක්කි අද කොටසත්.. හරිම ලස්සනයි.. නිකන් මම හිතපුවා ලියලා ව්අගේ...;) හික්ස්ස්...

      //හැම කෙල්ලෙක්ම ජීවත් වෙන්නේ තමන්ටම කියලා මවාගත්ත හීන ලෝකේක. ඒ හීන ලෝකේ ඇතුලේ සුරංගනා කථා තරමට ලස්සන හීන තියෙන බව දන්නේ ඒ කෙල්ලගේ හොඳම යාළුවෝ විතරයි. //

      ඇත්ත කතාව. සමහර වෙලාවට හොදම යාලුවෙක්ටත් නොකියා හිතේම විතරක් තියන් ඉන්න හීනත් තියෙනවා නේද අක්කි???

      Delete
    2. හ්ම්ම්.. මහීන්ට නම් කවි ලියන්න පුළුවන්... ඇයි වර්ෂාටත් පුළුවන්නේ නංගෝ..;)
      හ්ම්ම්ම්... ඇත්ත.. සමහර වෙලාවට හොඳම යාළුවන්ටවත් කියන්නේ නැති රහස් අපේ ගාව තියෙනවා තමයි..

      Delete
    3. කියන්නේ නැති උනත් යාළුවන්ට ඒව තේරෙනවා...

      Delete
  4. අයියෝ මේ දෙන්නම හරි ආඩම්බරයි නේ. ඔහොම නම් බෑ.:) දෙන්නට දෙන්නම හිත රවට්ට ගන්නවා වගේ. හැබැයි වර්ෂට තිබුනා තව මැසේජ් එකක් දාන්න.:) බලමුකෝ දෙන්න මොනවද ඉස්සරහට කරන්නේ කියලා. කතාව වගේම අර කවියත් ගොඩක් ලස්සනයි නගෝ.

    "ඒ හේතුව නිසාමද මන්දා එදා දවසම එපාම කරපු විදියට ගෙවිලා ගියේ තිසූයි දුලීයි එක පොඩි පොඩි වලි දෙක තුනකුත් ඇඳ ගන්න ගමන්.."

    මේක නම් හරියටම හරි. ඔය වගේ වෙලාවට යාලුවන්ගේ පිටින් තමයි යන්නේ ඕව.:D

    ReplyDelete
    Replies
    1. හික්ස්.. අපෝ එහෙම බෑ.. ආඩම්බර නොවී කොහොමද ඔච්චර ගෑස් පෙන්නද්දි.. :P
      ස්තූතියි අයියා

      Delete
  5. නෙක පැහැ හැන්දෑනක් නැවතිලා
    පියවිය නෙතු අද්දර

    මත් වූ නෙත් සරයක් දැවටිලා
    සීතල සිතුවිල්ලෙක

    හැඟුමන් නැහැවිලා
    ප්‍රේමණීය රිද්මයේ

    නාඳුනනා සිනා
    අාරාධනා ගෙනා//

    මේ හීනයේ
    අතරමං වෙලා!...........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.. අතරමංවෙලා.. ඒත් මහීන් අතරමං වුනේ කා එක්කද කියලා අපි තාම දන්නේ නෑනේ මල්ලියෝ.. හෙ හෙ

      Delete
  6. හිහි දන්නෙම නෑ නේ ඒ කවුද කියලා? ඉතින් අර මහින් තරහ වෙච්ච හේතුව හරියට පැහැදිලි නෑ නේ...එයාගේ කලින් එස එම්එ එස් වලට රිප්ලයි නොකරපු නිසාද?

    ReplyDelete
    Replies
    1. හෙ හෙ හෙ.. දන්නේම නෑ නේ අක්කෝ.. හෙ හෙ... හ්ම්ම්.. රිප්ලයි නොකරපු නිසා තමා.. ඒකයි තරහා.. හෙ හෙ

      Delete
  7. හම්මියෝ....හයානකයි......:(
    ඊළඟත මොනා වෙයිඩ අප්ප......:)

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. භයානකයි තමා අෆ්ෆා.. බලමු :D ;)

      Delete
  8. අද තමයි මේ ස්ටොරිය කියවන්න පටන් ගත්තේ. තවත් ආදර හුටපටයක් වගෙයි. ඔක්කොම කියවලා එන්නම්කෝ...

    ReplyDelete
  9. එස් එම් එස් එකේ එව්ව ඉතිරි මැසේජ් 4 කිව්වෙ නෑනෙ ඉතින් අපිත් තරහා ගන්න.. :D

    පාවෙනා සිහින සිත්තම් මැද,
    වෑහෙනා සිනහා ගෙත්තම් කොට,
    ගෙනෙන්නේ නුඹේ රුවම වූ කල
    නිදන්නේ කෙලෙස රෑ යම මම...

    ආව්.. කවියෙ ලස්සන.. ♥

    ReplyDelete
    Replies
    1. හිකිස්.. හපෝ ඔයාලගේ ලේ නිකන් පුච්චන්නේ මොකටද අක්කියෝ.. හෙ හෙ.. ස්තූතියි හොඳේ..

      Delete
  10. අඩේ ප්‍රාර්ථනා අපේ බෝඩිමෙත් ඉන්නව ඩිංගා කියල පොරක් මේ එයාද දන්නෙ නෑ නේ..........

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑ අලේ...හෙ හෙ.. නම මහීන් නෙවෙයිනේ... :P

      Delete
  11. එහෙනම් දැන් දෙන්නත් එක්ක එකතුවෙලා කවි ලියන්න මොහොත උදාවෙලා වගේ....
    :D

    ReplyDelete
    Replies
    1. බලමු බලමු.. කවි ලියාවිද කියලා.. :D

      Delete
  12. යේ යේ..අද මම 14 වෙනියා :P

    ReplyDelete
    Replies
    1. කොහොම කොහොම හරි ඩබල ළගදීම එකට කවිත් ලියයි වගේ... #Prediction ;)

      Delete
    2. හුරේ... ජය වේවා.. අද chamma 14 වෙනියා වෙලා...
      ඔය predictions නම් හරි යාවිද මන්දා... :P :D

      Delete
    3. හික්ස්ස්.. ඇති යානතම් 14 වෙලා.. පවු!!!

      Delete
  13. කාටද කියලා බොරුවට ඇහුවට වර්ෂාගේ හිත දන්නවා ඒ සදවතිය කවුද කියලා.. ඔය සදවතිය ගැන කවි ලියන අයට ඒ ගැන කියන්න බැරුව හිටියට..

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. අයියා හිත කියවන්නවත් දන්නවද මන්දා... බලමුකෝ අයියා කියපු එක හරිද කියලා. හෙ හෙ

      Delete
  14. ඔය සඳවතිය ඔයා නෙවි කියල හිතන්න...එතකොට එහෙම නොවුනා උනත් දුකක් නැහැ...ලස්සනයි ලියන විදිය..කම්මැළි හිතෙන්නෙ නැහැ කියවන්න..........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. වර්ෂා නම් කීයටවත් හිතන්නේ නෑ වගේ මේ සඳවතිය එයා කියලා..ස්තූතියි කිරිල්ලි.. :)

      Delete
  15. කවුද මේ සඳවතිය..? ලස්සන කවිය.ආසාවෙන් කියෙව්වා

    ReplyDelete
  16. දෙන්නා තර‍ඟෙට කවි ලියාවිද දන්නෙ නෑ ඉස්සරහට... බලමු බලමු නේද.. :)
    කතාව UOC වටා ගෙතිලා තියෙන නිසා තවත් හිතට දැනෙනවා හොඳට..

    ReplyDelete
  17. නියම කතාව මේක.නියමෙට ගලා ගෙන යනවා.
    ඇත්තටම අර ඉතුරු මැසේජස් ටිකේ මොනවද කියලා කිව්වෙ නෑ නෙ.

    ReplyDelete
    Replies
    1. තැන්කූ අක්කියෝ.. හ්ම්ම්.. පව්නේ ඉතින් මහීන්.. මම ඒවා මෙතන දැම්මොත් වර්ෂාට වගේම ඔයාලටත් තරහා ගියොත්..

      Delete
  18. වෙන කව්ද ඉතින් සඳවතී වර්ෂා මිසක්!:P
    හැබැයි ඉතින් වෙන කෙනෙක් ඇති කියලත් හිතෙනවා!:-/

    ReplyDelete
    Replies
    1. එහෙම හරියටම කියන්න බෑනේ මල්ලියෝ... සමහර වෙලවට අපි හිතන දේම වෙන්නේ නෑනේ

      Delete
  19. මැසේජස් ගොඩක් තිබුණම අන්තිම එකේ ඉඳන් කියවන්න ඕනා.... නැත්නම් කිසි ගතියක් නෑ

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඒකනේ අක්කා වර්ෂාටත් වුනේ.. ගතිය වැඩි වුන පාර තරහත් වෙලා නතර වුනේ..

      Delete
  20. ඕකනේ කියන්නේ ෆෝන් ඒක ළඟ තියාගන්න කියල.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑනේ අනේ ලඟ තියාගෙන.. නිදහසේ ඉන්න වෙලාවට ඔය මුකුත් නැති තරමට හොඳයි..

      Delete
  21. බ්ලොග් නවකතා විවිධ මානයන්ගෙන් ලියන නිසා හරි අපූර්වත්වයක් තියනවා.

    ඔය ජංගම දුරකතන එස්.එම්.එස්. වෙලාවකට මාර ඇණයක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා... හ්ම්ම්.. ඔව් වෙලාවකට නම් මාරම ඇණයක් තමා.. නිදහසේ ඉන්න නෑ ඒවා නිසා..

      Delete
  22. අලේ..ඔයා මගේ නම හොරකම් කරලා.මං නඩුවක් දානවා හොදේ..

    ReplyDelete
    Replies
    1. හලේ.. සොලි සොලි ඉතින්.. නඩු දාන්න එපා... අපි මේක සාමදානෙන් විසඳගමු.. :D :D

      Delete
  23. අද පහම කියෙවුවා එකදිගට..

    ReplyDelete
  24. මෙච්චර කියලත් "සඳවතිය" එයයි කියල මේ මෝඩිට තේරෙන්නැති හැටි ...... මාර ස්ටෝරිය... ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඒකනේ අෆ්ෆා.. (:P ) ශුවර්ද එහෙමයි කියලා... ස්තූතියි ඇනෝ..

      Delete
  25. එක හුස්මට කියෙවුවා... හැබෑටම කවුද මේ සදවතී??????

    ReplyDelete
    Replies
    1. කතාවවෙ මීලග කොටසත් කියවන්නම හිතුන නිසා ඕන් මාත් සිත් අහසට ජොඉන් උනා....

      Delete
    2. ගොඩාක්ම ස්තූතියි තොටියා..

      Delete
  26. කාලෙකට පස්සෙ සිත් අහසට ගොඩ වෙලා කොටස් පහම එක හුස්මට කියෙව්වා...ලස්සනයි නගෝ... :))

    ReplyDelete
    Replies
    1. අම්මෝ.. අක්කා කාලෙකින් නේන්නම්.. ගොඩාක්ම ස්තූහියි අක්කියෝ..

      Delete
  27. මමනම් දන්නවා සඳවතීය ව :පි\

    ReplyDelete
  28. කතාව තුන්කොන් ආදරයකට පෙරලෙන්ව ඩගේ යන්නේ. ඉතුරු ටිකත් කියවලාම බලන්ඩ ඕනේ කවුද මේ කියන සඳවතිය කියලා !!!

    ReplyDelete

Back
to top