෴ 365, 100 ෴


මීට හරියටම අවුරුද්දකට කලින්, මේ වගේම ලස්සන උදේ වරුවක ඔරලෝසුවේ 8 වෙනි පැය පහුවෙලා විනාඩි 55ට  ට ඉපදුන පුංචි කෙලි පැටික්කියෙක් දැන් හිමින් සැරේ ඇස් ඇරලා යාන්තමට ඇවිදගෙන යන්න පුළුවන් තරමට ලොකු වෙලා.. වැටි වැටී නැගිටින්න හදන මේ පුංචි කෙලි පැටික්කිට ශක්තියක් වෙන්න එයාගේ වටේ හිටපු හැමෝටම පුංචි දත් නැති කට පෙන්නලා හිනා වෙලා ස්තූතියි කියන්න හොඳම දවස එයාගේ උපන්දිනේ දවස කියලා එයා හිතන්න ඇති. ඉතින් මේ පුංචි කෙලි පැටික්කිගෙ උපන්දිනේ දවසේ එයාට කියන්න තියෙන දේවල් ඔක්කොම අහන් ඉන්න වෙනදා වගේම ඔයාලා හැමෝම එයා එක්ක ඉඳියි කියලා මම හිතනවා..

කවුද මේ කෙලි පැටික්කි... 
සිත් අහස..එහෙමත් නැත්නම් prarthana-nimnaya.blogspot.com කියලා ඔයාලා හැමෝම අඳුරන බ්ලොග් අඩවිය ගැනයි මම මේ කියන්න යන්නේ..

අවුරුද්දක්ම ගත වෙලා ගිහින්. පෝස්ට් 100කුත් මටත් නොදැනිම ලියවිලා.. බ්ලොග් එකට අවුරුද්දක් පිරෙන සතුටත් එක්කම මේ පෝස්ට් එකෙන් මගේ බ්ලොග් එකේ 100 වෙනි පෝස්ට් එක සම්පූර්ණ වෙන සතුටත් ඔයාලා එක්ක බෙදාගන්න මම හිතුවා..ඔන්න ඔයාලා මේ කියවන්නේ මගේ 100 වෙනි පෝස්ට් එක හොඳේ...

බ්ලොග් කලාව ගැන මෙලෝ හසරක් නොදැන ආසාවට අනිත් අය ලියපු කවි කථා වලින් පිරුන බ්ලොග් බල බලා කාලේ ගෙවපු මට මගේම කියලා බ්ලොග් එකක් හදාගන්න ආසාවක් නොතිබුනාම නෙවෙයි. ඒත් මොකක්දෝ හේතුවක් නිසා ඒ ආසාව ඒ තරමට බලවත් විදියට තිබුනේ නෑ. 

ජීවිතේ ඇති වුන විවිධ හැල හැප්පීම් නිසා දැනුන දුක පාළුව මඟ අරවගන්න ලියපු කවි කථා පි‍ටු 400ක් විතර තියෙන දින පොතකට කො‍ටු වෙලා දුක් විඳිද්දී ඒ කවි වලට අහම්බෙන් වගේ ඉඩක් ලැබුනේ පොඩි මෑන්ගේ කවි මඩුව ගෲප් එකෙන්.කාලයක් ඔහොම යද්දි ක‍ටු සටහන බ්ලොග් එක ලියන පොඩි මහත්තයා මගේ හිතට බ්ලොග් එකක අදහස දැම්මේ බ්ලොග් එකක් ගැන හැම විස්තරයක්ම මම කියලා දෙන ගමන්.. ඉතින් ඔය විදියට  2011.04.07 පටන් ගත්ත මගේ කුළුඳුල් බ්ලොග් අඩවිය අද වෙනකොට මගේ ජීවිතේම කොටසක් වෙලා.. දවසින් දවස බ්ලොග් එක නිසා මට ලැබුන යාළුවො ගාන වැඩි වුනා. ඒ අතරේ මම අඳුරගත්ත හොඳම යාළුවෝ අතරේ සිහින, මරණෙ අයියා,මාරයා අයියාරවා අයියා, මගේම නංගා වගේ හැමදේකදිම මගේ ලඟින්ම ඉන්න හිතූ නංගාවර්ණා නංගා, අයිස් නංගා,අග්නි ධාරා නංගා.. එක කුස උපන් සහෝදරයෝ නොවුනට ඒ වගේම සහෝදර කමක් මට දෙන කුබුවි අයියා, දිනේශ් අයියා, මධුරංග අයියා, කසුන් අයියා. මල්ලි කෙනෙක් නොහිටපු මට මගේම මල්ලිලා වුන ගිනි කුරුල්ලා මල්ලියායසන්ත මල්ලියා.
තව එකී මෙකී නොකී හැම කෙනාම මගේ යාළුවෝ ගොන්නට එකතු වුනා...

නම් වශයෙන් නොකියවුන තව ගොඩාක් අය මගේ හැම සැපකදිම, දුකකදිම මා එක්ක හිටියා.. නම් වශයෙන් කිව්වේ නැතත් ඒ හැමෝටම ගොඩාක්ම ස්තූතියි... 

බ්ලොග් එක පටන් අරගෙන අවුරුද්දක් ගෙවෙන දවසේ බ්ලොග් එක ගැන ආපහු හැරිලා බලද්දි පුංචි ආඩම්භරයකුත් නැතුවම නෙවෙයි, දවසින් දවස බ්ලොග් එකේ ලිපි එකින් එක වැඩි වෙද්දි, ඒවා ගැන හොඳ නරක කියලා දෙන පිරිසක් එකතු වෙද්දි  හිතට දැනුනේ පුදුම සතුටක්.. කැම්පස් එකේ යාළුවෝ බ්ලොග් එක බලලා ඒක ගැන මගෙන් අහද්දිත් හිතට දැනෙන්නේ ලොකූ සතුටක්. සමහරවිට මම මේ බ්ලොග් එකට ගොඩාක්ම ආදරේ කරන නිසාම වෙන්නත් ඇති.. පාළුවක් දැනුනම සමහර වෙලාවට මගේ හොඳම යාළුවා වෙන්නේ මේ බ්ලොග් එක.. ඒ වගේ වෙලාවට ලියලා පල කරපු නැති පෝස්ට් ඕනේ තරම් බ්ලොග් එකේ draft වල තියෙනවා. ඉතින් ඒ රහස් පිට කරන්නේ නැතුව දැනගෙන ඉන්න එකම කෙනා මගේ බ්ලොග් එකම විතරයි. මගේ Diary එකට පස්සේ මම වැඩියෙන්ම ආදරේ කරන්නේ මගේ බ්ලොග් එකට කිව්වොත් ඒක වැ‍රැද්දක් නෑ. කෙනෙක්ට ඉන්න හොඳම යාළුවො අතරෙන් අපි දුක සතුට බෙදාගනිද්දි කට වහගෙන , නෝන්ඩි නොදා ඒවා අහන් ඉන්න හොඳ යාළුවොන්ට අපි ගොඩාක් ආදරෙයි නේද.. ඉතින් මගේ බ්ලොග් එකත් ඒ වගේ.. ඒ නිසාම මම මගේ බ්ලොග් එකට පුදුම ආදරෙයි....

ඉතින් නොදැනිම අවුරුද්දක් ගෙවිලා ගිහින්, ජීවිතේ ගැන ආපස්සට හැරිලා බලද්දි මේ යාළුවා මට ගෙනත් දුන්න, ලබලා දුන්න දේවල් ගොඩාක් වැඩියි. ඉතින් ඒ හැමදේම වෙනුවෙන් අද මම මේ පෝස්ට් එක මගේ ආදරණීය බ්ලොග් එක වෙනුවෙන්ම වෙන් කරා... :) 

අද වෙනකන් මා එක්ක හිටපු හැම යාළුවෙක්ටම ඔන්න මගේ ගානේ කේක් එකකුයි බීම වීදුරුවකුයි.. කාලා බීලා ඔය ගෙනාපු දේකුත් පැත්තකින් තියලාම ගියා නම්... ;) 



CONVERSATION

99 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. තවත් ඉදිරියටම යන්න සුභ පැතුම් මගෙන්....
    :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි මිනෝ..

      Delete
  2. මාගේ උණුසුම් සුභපැතුම්........
    ඔහොම යං ඔහොම යං........ :)
    කේක් නං මාර රහයි අක්කා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ... හික්.. කේක් එක රහ නම් එච්චරයි.. :D

      Delete
  3. අප්පට හුඩු.... මට තාම මතකයි ඉස්සර කවි මඩුවෙ එලිවෙනකං හිටවන කවි ලියපු හැටි... කවි මඩුව පැත්තෙ ආවෙ නැති උනාම ඒ ගැන අහපු වෙලේ බ්ලොග් එක ගැන කියපු හැටි.. මටත් කියන්න කියල බ්ලොග් අක්වුන්ට් එකක හදල දීපු හැටි....

    අවුරුද්දකුත් ගියා එහනං...

    ඔන්න එහෙනං මගෙනුත් සුභ පැතුම්.....

    ජයවේවා....!!!

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් අෆ්ෆා... අවුරුද්ද්ක්ම ගෙවිලා ගිය ඉක්මන.. දැනටත් තර‍ඟෙට කවි ලියන්න නම් ආසයි පොඩ්ඩෝ... ඒත් වෙලාවක් නැති එක තමා අවුල..
      ස්තූතියි හොඳේ..

      Delete
  4. අයියෝ මට තව චුට්ටක් ඉස්සර වෙනන් බැරි වුනානෙ..100දිවත් 1 වෙන්න. :(

    කමක් නෑ..ඔන්න එහෙනම් මේ කෙලි පැටික්කිට මගේ සුභ පැතුම්!!!:* :* :* අක්කි 100 නෙවෙයි 100000 ලියනක්ම් හරි මම ඉන්නව ඔයා එක්ක.(ජීවත් ව්එලා හිටියොත්) :D මේ ආපු ලස්සන ගමන,තව ඉස්සරහටත් යන්න වාසනාව, ශක්තිය ධෛර්‍ය ප්‍රාර්ථනා කරනවා අක්කිට!!!

    මේ බ්ලොග් එකට මාත් ආදරෙයි!! මේක නිසා මට හොද අක්කෙක් ලැබුනා. අපේ යාළුකම ඇතිවුනේ මේ බ්ලොග් එක නිසා.. ඉතිං අක්කිට, ජයෙන් ජයම වේවා!!!:*

    ReplyDelete
    Replies
    1. හෙ හෙ. කමක් නෑ මගේ සුදු නංගියෝ.. ඔයා එක වගේ තමා... :D
      ගොඩාක්ම ස්තූතියි ඔයාට වගේම ඔයාගේ සුභ පැතුමටත්. මගේ ලඟින්ම හැමදාම ඉන්න එකටත් ඔයාට ගොඩාක්ම ස්තූතියි නංගියෝ.. :* :* :* <3

      Delete
  5. බෑ බෑ මමනම් සුභ පතන්නෙ නෑ. නෑමයි. මගෙ නම අර ලිස්ට් එකේ නැහැ. :(













    ජය වේවා නංගෝ!!! :D

    ReplyDelete
    Replies
    1. හික් හික්... ඔය බෑ බෑ කිය කියා සුභ පතලා තියෙන්නේ.. අනේ නම නැති වුනාට මොකෝ අයියා, ඔයාලා හැමෝම මගේ හොඳ යාළුවෝ තමා.. ස්තූතියි හොඳේ..

      Delete
  6. පළවෙනි ඡේදය හලි සෝයි අලේ.:) හැමතිස්සෙම කියනවා වගේ මම බොහොම ආසාවෙන් කියවන බ්ලොග් එකක් මේක. ඉතින් තව තවත් සාර්ථක වෙලා දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගියෝ. හදවතින්ම සුභ පතනවා!

    මෙහෙම නම් කේක් දීල මදි මම හිතන්නේ.:) ෆොටෝ පෙන්නලා ශේප් වෙන්නද හදන්නේ??? :D

    ReplyDelete
    Replies
    1. හී හී.. පෝස්ට් එක හිතට ඇල්ලුවා නම් ඒකත් හලි සෝයි අලේ... බොහොම ස්තූතියි අයියා..
      :P දීපු ඒවත් කාලා තවත් පාටි ඉල්ලන එක හරිද මං අහන්නේ.. :P :D ;)

      Delete
  7. පාටියක් පාටියක් :D :D

    ReplyDelete
  8. මම අසාවෙන් කියවන තවත් බ්ලොග් 1ක් මේක!
    ඇත්තටම සතුටුයි අක්ක ආපු දුර ගැන :)
    හදවතින්ම සුභ පතනව!:)

    ReplyDelete
    Replies
    1. අනේ ගොඩාක්ම ස්තූතියි මල්ලියෝ.. ඔයාලගේ මේ ආදරේ, සුභ පැතුම් නිසා මට ගොඩාක්ම සතු‍ටුයි..

      Delete
  9. මම නම් ඉතින් වේලාස්සනින්ම සුභ පැතුවනේ.. මෙතන එක නොවුනට.. අර ලියන්න පොරොන්දු උන පෝස්ට් එක අමතක කරන්න එපා... :)

    සුභ පැතුම් නංගියේ.. තව බොහෝ කාලයක් අපිට මේ වගේ සොදුරු නිර්මාණ ගේන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉතින්.. අයියා තමා මුලින්ම සුභ පැතුවේ.. හරි හරි පොරොන්දු වුන පෝස්ට් එක නම් අනිවා දාන්න වෙයි වගේ මේ යන විදියට.. ;)

      සුභ පැතුමටත් ගොඩාක් ස්තූතියි අයියේ...

      Delete
  10. ඔන්න අපිත් ආවා කේක් කන්න...ඔයාගේ ලස්සන බ්ලොග් එක තවත් ලස්සන ලිපි වලින් හැඩ වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිළිගන්නව හැමදාමත් වගේ අදත්.. ගොඩක් ස්තූතියි අක්කේ..

      Delete
  11. මගෙනුත් උණුසුම් සුබ පැතුම් ප්‍රාර්ථනා අක්කේ.. :D
    බලන්නකෝ කාලය ගෙවිල යන ඉක්මන..
    ඉස්සරහට මේ බ්ලොග් එක වගේම අක්කිගෙ ජිඉවිතයත් ලස්සන වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.. :D :D :D

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි මල්ලියෝ.. ඒකනේ කාලේ ගෙවිලා යනව අපිටත් නොදැනිම..

      Delete
  12. "කෙනෙක්ට ඉන්න හොඳම යාළුවො අතරෙන් අපි දුක සතුට බෙදාගනිද්දි කට වහගෙන , නෝන්ඩි නොදා ඒවා අහන් ඉන්න හොඳ යාළුවොන්ට අපි ගොඩාක් ආදරෙයි නේද.."

    හෆ්ෆට සිරි...:D :D නංගිට මාත් එක්ක කොහොම තරහක් තියෙන්න ඇතිද කියලා හිතුනා :D :D

    ඇත්තටම මමත් ගොඩක් ආසාවෙන් කියවන බ්ලොග් එකක් තමා මේක.
    තවම අවුරුද්දක් වුනත් ඇවිත් තියෙන දුර නම් පොඩි නෑ...:) ඊලග අවුරුද්ද වෙනකොට තවත් ගොඩක් දුර යන්න, අපිට කියවන්න තව පෝස්ට් ගොඩක් දාන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    එහෙනම් පුංචි කෙලි පැටික්කිට මගෙනුත් සුභ පැතුම්!!! :)
    (මෙහෙම කේක් දීලා ශේප් වෙන එක හොදද මන්දා :P )

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. දැන් කවුද කිව්වේ ඒක දැම්මේ අයියට කියලා.. මැට්ස්... ඒක ඔයාට නෙවෙයි අෆ්ෆා... :P
      විශ් ඒකට තැන්කූ හොඳේ..
      කොහේද මම පාටි දෙන්න හදද්දී කට්ටියක් එන්න බෑ කිව්වලුනේ.. පාටි දෙද්දි දුවන අයට කොහොමද අෆ්ෆා පාටි දෙන්නේ..

      Delete
  13. ආනෝ.........අපිනම් ඊයෙම විශ් කලානේ......^_^
    ඒවුනාත ඔන්න අඩට් විශ් කලනව....
    අවුලුඩ්ඩෙ තූති බබීත හැපී බර්ත් ඩේ........!
    පාතියක් ඕනෙ හලිඩ.....

    මං ගෙනාපුවනම් පැට්ටකින් ටීල නන්න බැලියෝ.....ඩීලම නන්නෝනෙ......

    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා.......

    සුදු අක්කිට දිගටම ලියන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.....

    තුහින වර්ෂා හෙට දාන්ඩෝ.........උයා මගෙ සුඩු ප්‍රා අක්කියනේ.....:****

    ReplyDelete
    Replies
    1. ඒකනේ අනේ.. ඔයත් ඊයෙම මට විශ් කරානේ...
      හලේ.. උම්මා එකට තැන්කූ හොඳේ මගේ නංගියෝ.. තුහින් වර්ෂා දානවෝ.. සුට්ටක් ඉවසලා ඉන්ඩෝ... හී හී

      Delete
  14. සුභ පැතුම් නංගියේ...තව තවත් හොදින් ලියන්නට හැකියාව ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාරයා අයියේ...

      Delete
  15. මාගෙත් උණුසුම් සුභපැතුම්.... දිගටම ලියන්න ශක්තිය හා දිරිය ලැබේවා...
    ප.ලි..අර තුහින වර්ෂාවෙ ඊලග කොටසත් ඉක්මනටබ දාන්න හොදේ....

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි අනේ...
      තුහින වර්ෂා ඉක්මනටම දාන්නම්.. ටිකක් ඉවසලා ඉන්ඩෝ.....

      Delete
  16. සුබ පැතුම් නංගෝ..... අහම්බෙන් දැකපු ඔයාගෙ බ්ලොග් එක කොයි තරම් නම් හිතට දැනුනා ද කියනවා නම් මම ඒක ෆලෝ කළේ ඔයාට ෆේස් බුක් රික්වෙස්ට් එකකුත් දාලා. මතකද මන්දා.... ?? එදා ඉඳන් මම බ්ලොග් වලට එබෙන හැම වෙලාවෙම , ඔයාගෙ බ්ලොග් එක පැත්තෙත් ඇහැක් දාලා යනවා.

    ReplyDelete
    Replies
    1. මට මතකයි අක්කෝ.. ඔයා මට කියපු දේ හිටන් මට මතකයි.. ගොඩාක්ම ස්තූතියි අක්කියෝ..

      Delete
  17. සුබ පැතුම්.!!!!!!!

    බ්ලොග් ලෝකයෙන් ටිකක් එහාට ගිහින් සාහිත්‍ය ලෝකයේ හොඳ නමක් ඇති ලේඛිකාවක් වන්නට වරම් ලැබේවා..

    දිගු ගමනට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තූතියි අයියේ.. දෙවෙනි සුභ පැතුමට නම් ස්තූති කරන්න වචන මදි.. අපි බලමු..

      Delete
  18. බ්ලොග්කරණයේ දිගු ගමනකට සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොඳුරු මිනිසා

      Delete
  19. මගෙනුත් උණුසුම් සුබ පැතුම් ප්‍රාර්ථනා! ජයෙන් ජයම වේවා!!
    සිංහල වියුණු සටහන් ලොවේ මම දු‍ටුව සුන්දරම ගෙත්තමක් තමයි සිත් අහස.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි විසිතුරු.. හිතට පුංචි ආඩම්බරයක් දැනෙනවා ඔයාලගේ සුභ පැතුම් දැක්කම

      Delete
  20. අහ් හා.. අක්කා නාකි වෙලා.. හූ හූ.. (ඔය කිවුවට ඉතිං අපිත් නාකි වෙලා තමයි..) අවුරුදු දවස් සති මාස අවුරුද්දකට පෙරලුන හැටි අපූරුයි. අවුරුද්ද පිරෙන දවසෙම 100 වෙනි පෝස්ට් එකත්.. අර ලියලා දැම්මෙ නෑ කිවුවෙ මොනා ද දන්නෑ නේ... ;)

    සුභපැතුම් අක්කේ.. ඉස්සරහටත් ලියමු..

    ReplyDelete
    Replies
    1. හපෝ.. හූ කියන්න එපා අලේ... මම කොහෙද නාකි.. මම තාම දනගාන වයසේ මල්ලියෝ..
      ලියලා දැම්මේ නෑ කියපුවා ගැන නම් ඉතින් මගෙන් අහන්න එපෝ.. හී හී...
      ගොඩාක්ම ස්තූතියි මල්ලියෝ...

      Delete
  21. හුඟාක් සතුටුයි අක්කියෝ.ආ..කියන්න බැරිවුනානෙ අක්කි මම "සිහින මතකයන්" ලියන මලයම තමයි.බ්ලොග් එක අයින් කරා.ආයේ නොලියන්නම හිතුවත් එහෙම ඉන්න බැහැවගේ හිතුන නිසා මේ බ්ලොග් එක පටන් ගත්ත.දැන් ඒකත් නැවතිලා :( .යාලුවන්ටත් කමෙන්ට් කරන්න බැරිවුනා අක්කියෝ. :( .බ්ලොග් වලින් නවතින්නම හිතුව.බුකියේ අක්කිගෙ මේ පොස්ට් ඒක දැකලයි ආවේ.අක්කිගෙ අවුරුද්දක් සපුරපු මේ 100 වෙනි පොස්ට් එකට හදවතින්ම සුභ පතනවා.

    සිත් අහස දිදුලනා
    අවුරුද්ද සපුරලා
    ශතකයක් ලියවෙද්දී
    අක්කි අද හිනැහිලා

    හිතුවමුත් එක්වන්න
    සිත් අහස කියවන්න
    අදින් පසු බැරි මෙමට
    අක්කි අනේ තොලි ඔන්න

    තව තවත් ලියවෙන්න
    සදා කල බැබලෙන්න
    හදවතින් පතන මේ
    සුභ පැතුම පිළිගන්න

    හුඟාක් සතුටියි අක්කියෝ.මේ ගමන හැමදාම යන්න හදවතින්ම සුභ පතනවා.පුළුවන් හැම වෙලාවකම කියවල යන්න එන්නම්.අක්කිගෙ ලිපි හැමදාම ලස්සනයි.සිත් අහසට සුභ පැතුම්. :)

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලියෝ.. ඇයි ලියන එක නැවැත්තුවේ... ආයෙමත් බ්ලොග් එකක් පටන් ගන්නකෝ.. ලියමු අපි..

      කවිය නම් හරිම සෝයි අනේ... :*
      ස්තූතියි මල්ලියෝ..

      තැන මොකක් වුනාම මොකෝ අනේ. ඔයාලා ඔක්කොම මගේ යාළුවොනේ.. :D

      Delete
  22. මමත් තරහයි අෆ්ෆා... අර ලිස්ට් එකේ මගේ නමත් නැනේ............. හිකිස්..... සුභ පැතුම් නගෝ.... ඉස්සර තරම් අපි එහෙම කතා නොකලට (ඉස්සර එහෙම කතා කල හින්දානේ තාම ඔයා මගේ ෆෙස් බුක් සහෝදරි වෙලා ඉන්නේ)

    සුභ පැතුම් නංගෝ.... ආදර කතා කියවනවා අඩු නිසා සමහර පොස්ට් වලට නාවත් අපි හැමදාම ඔයාත් එක්ක ඉන්නවානේ ඉක්මනට පොස්ට් 1000ත් ලියන්න්කෝ...

    ජය වේවා

    ReplyDelete
    Replies
    1. හලේ.. ඇයි අනේ තරහා වෙන්නේ... හී හී...
      ගොඩාක්ම ස්තූතියි අයියා... සම්භන්ධතා අඩු වුනාට යාළුකම නැති වෙන්නේ නෑනේ නේද? හැමදාටම ඔයා මගේ යාළුවා.. :D

      Delete
  23. ඔයාත් අවුරුද්දක් වෙන කෙනෙක් නේද?සුභ පැතුම්. මගේ මුල් කාලේ උදවු කරපු කෙනෙක් නේ ඔයා.

    ජයෙන් ජය!!.

    ReplyDelete
    Replies
    1. අයියටත් අවුරුද්දක් වෙනවද හලේ.. මුල් කාලේ විතරක් නෙවෙයි දැනුත් මම අයියා එක්ක ඉන්නවා ඕනේ දේකට..
      ස්තූතියි හොඳේ..

      Delete
    2. නෑ නෑ මට තවම අවුරුද්දක් වෙන්නේ නැහැ.. ඔයා ඉතිං තවමත් ඉන්නවා කියල දන්නවා දන ගාද්දී ඇවිදින්න අත දුන්නේ ඔයා නේ.එකයි මම මතක් කලේ.

      Delete
  24. මගෙනුත් උණුසුම් සුභ පැතුම්!!!!!!තව තවත් ලස්සන නිර්මාණ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
    Replies
    1. හලේ .... ස්තූතියි chams :) :)

      Delete
  25. අවුරුද්ද පුරා ලිවුව ලිපි 100න් 2-3කට වඩා මට නම් කියවන්න බැරි වුණා.. කියවනවැයි කියලා ඔහොමටම කියෙවුවැහැකෑ.. නේද?

    තව තවත් රස බර, හර බර නිර්මාණ කරන්ට ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඒකත් ඇත්ත තමා.. කියවනවා කියලා මෙහෙමත් කියෙව්ව හැකෑ.. හී හී.. මගේ වැදගත්ම දවසේ මා එක්ක එකතු වුන එක මට ගොඩාක් වටිනවා.. බොහොමත්ම ස්තූතියි..

      Delete
  26. මගේ උණුසුම් සුබ පැතුම් සහෝදරිය... තව තවත් හරවත් දේ වර්තමානයට විතරක් නොවෙයි අනාගතයටත් කියවන්න පුළුවන් වෙන්න ලියන්න..ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තූතියි ජනරඟ... බ්ලොග් එක නිසා මට ලැබුන තවත් ගොඩාක් හොඳ යාළුවෙක් තමා ඔයා. ඒ යාළුකමට ගොඩාක් ස්තූතියි..

      Delete
  27. කිරිල්ලිගෙනුත් මෙන්න සුභ පැතුම්...!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිරිල්ලියේ..

      Delete
  28. සුබ පැතුම් අක්කියෝ..දිගටම ලියන්න.
    මේ ඒක නෙවෙයි කෝ මගෙයි මහීන්ගෙයි කතාව...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි බබෝ.. හලේ.. ඒතකොට නිකන්ම මහීන් ඔයාගේ වුනාද.. ඕක නම් නගෝ ටිකක් අමාරු වෙයි.. දෙතුන් දෙනෙක්ම ඉන්නවා මහීන්ව ඉල්ල ඉල්ල.. හී හී

      Delete
  29. එල එල ....සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි... :D (Y)

      Delete
  30. ජයවේවා අක්කා තවත් 100ක් ලියන්න ලැබේවා සුබම සුබ උපන්දිනයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ... :D :D

      Delete
  31. තෑන්ක්ස් මගේ සුදු අක්කියෝ මාව ඒ තරම්ම හොඳ යාලුවෙක් විදියට හිතන එක ගැන...සුභ පතනවා තව තවත් ඉස්සරහට දිගු ගමනක් යන්න වාසනාව ලැබෙන්න කියල..තෙරුවන් සරණයි!!!

    ReplyDelete
    Replies
    1. හනේ... මගේ මල්ලියා මගේ හොඳම යාළුවෙක් තමා... ගොඩාක්ම ස්තූතියි හොදේ..

      Delete
  32. හදවතින්ම ජයෙන් ජය !

    අපේ එකාල, අපිත් එක්ක, එකට ඉන්න ඕනේ.. නවත්තන්න එපා..!!

    ReplyDelete
    Replies
    1. මම හරිම ආසයි අර වචන දෙකට "අපේ එකාලා" අනිවා සෑම්.. අපි හැමෝම එක පවුලක් වගේ.. ගොඩාක්ම ස්තූතියි..

      Delete
  33. සුභපැතුම් අක්කො! හදවතින්ම! :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි මල්ලියෝ..

      Delete
  34. තව තවත් ලස්සන නිර්මාණයෙන්..., ප්‍රාර්ථනාවෙන්... සිත් අහස හැඩ වෙන්නට...
    හදවතින්ම.. සුබ පැතුම් නංගියෝ..!!! :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි සුදු අක්කියෝ..

      Delete
  35. උණුසුම් සුභපැතුම්..!

    ReplyDelete
  36. සුභ පැතුම්. දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

    ReplyDelete
  37. සුභ පැතුම් දිගටම ලියන්න..

    ReplyDelete
  38. ෂා.. කේක් නම් මාර රහයි. අරන් ආවේනම් ඉතින් කමෙන්ටුවක් තමයි. මෙන්න එක.

    100 වෙනි පොස්ටුවට උණුසුම් සුභ පැතුම්. තවත් මේවගේ සංවත්සර ගොඩක් ගන්න ශක්තිය වාසනාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළු.. තෑග්ගටත් තැන්කූ හොඳේ

      Delete
  39. 100 වෙනි පෝස්ටුවට සහ වසරක් සපිරීමට රස්තියාදුකාරයාගෙනුත් උණුසුම් සුභ පැතුම්!!

    ReplyDelete
  40. නියමායි!! ඉදිරියටම යන්න සුභ පතනවා :)

    ReplyDelete
  41. අනේ මම පරක්කු වෙලා නේද :(
    සොලී අක්කේ :(
    මගේම අක්කා වගේ ඔයා මගේ සතුටේදී හිටියේ නැතත් මගේ දුකේදී හැමවෙලේම හිටියා. බ්ලොග් එක වහලා යන්න කිහිප පාරක්ම උත්සහා කලාත් ඔයා ඒ හැම වෙලාවකදීම මාව දිරිමත් කරලා මාව නතර කරගත්තා. ඒ හැමදේකටම ස්තුති මගේ අක්කේ.

    මගේ නංගෝ කියලා මට කතා කරද්දී මට පුදුම හැගීමක් හිතට එන්නේ ඒ දේ වචනෙන් විස්තර කරන්න බෑ..

    ගොඩාක් ආසාවෙන් ලියන හැම ලිපියක්ම කියවනවා.. හරිම ලස්සනයි අක්කේ :) මේ ලිපි වගේම ඔයාත් ගොඩාක් ලස්සනයි :*
    සුභ පැතුම් 100 ට 100000000000000000000000 ක් ලියන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි මගේ නංගියෝ..අනේ ඔයා පරක්කු නෑ අනේ.. හැමදාමත් ඔයාල මට දෙන ඒ ආදරේ මට ගොඩාක් වටිනවා මගේ නංගෝ.. ගොඩාක්ම ස්තූතියි..

      Delete
  42. 100ට වගේම අවුරුද්දටත් සුභ පැතුම් නංගෝ......
    ඔයාලා ඔක්කොම බලන්න 22 එන්න හිටියත් එන්න බැරි වෙයි වගේ...:'(((((((((((((

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ.. අනේ ඇයි එන්නේ නැත්තේ.. කොහොම හරි එන්න බලන්නකෝ..

      Delete
  43. හනේ...100 ක්ම ලියලා..මම ඉතින් මගදිනේ කියවන්න ගත්තේ අක්කෝ...
    ටික දවසකින් මේ පැත්තේ එන්නත් බැරි උනානේ..පොස්ට් 100ට 1000000ක් ලියන්න ලැබෙන්න ශක්තිය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...:)
    දිගටම ලියන්න හොදේ...ජය..!!!
    ඔන්න මාත් කේක් කලා බිමත් බිව්වා...:D

    ReplyDelete
    Replies
    1. හනේ.. ස්තූතියි නංගියෝ..

      Delete
  44. මගෙනුත් උණුසුම් සුබ පැතුම් නංගියාට...!!
    නංගිගේ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක හා වාසනාවන්ත වේවා කියලා හදවතින්ම සුබ "ප්‍රාර්ථනා" කරනවා..........!!!!! :D :D

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි අක්කියෝ.. :D :D

      Delete
  45. සුභපැතුම්! අර කේක් දැකල කටට කෙලත් ඉනුව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා. හනේ ඉතින් කේක් කෑල්ලක් කාලම යන්න අයියා..

      Delete
  46. ෂහ් කේක් නම් මාර රසයි....චොක්ලෙට් ඩ්‍රින්ක් එක ඊටත් එහා....හෙහෙ තැන්කූ හොන්දේ...:):)))
    ඉතින් ප්‍රා මගෙනුත් සුභ පැතුම් ඔයාට සහ ඔයාගෙ සිත් අහසට!!!! :))
    සිත් අහසින් මo සම්පූර්ණයෙන් දකින්නෙ ඔයාව..ඔයාගෙ හැඟීම්,හීන,මතකයන්,අදහස්..මේ හැම දේකම එකතුව කවි, කතා, සටහන් විදියට ඔයා ලස්සනට සිත් අහසෙ අමුණනවා....ඒ හැම පෝස්ට් 1ක් ම කියවන අයගෙ හිතට යන්න තරම් ලස්සනට ඔයා ලියනවා..
    තාම ගෙවුනෙ අවුරුද්දයි..ඉස්සරහට තව ගොඩාක් කල් තියෙනවා..:)ඉතින් මේ විදියට ලස්සනට, දිගටම ලියන්න ශක්තිය ධෙර්ය ප්‍රාර්ථනා කරනවා!!!! lv uuu matziiii!!!! <3 :)

    (විශ් කරන්න ම0 පරක්කු වැඩිදත් මන්දා..:))

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි ආශා... ඔයා මේ හැමදේකින්ම මාව දකින්නේ ඔයා මාව ගොඩාක් හොඳට තේරුම් අරන් ඉන්න නිසා.. ඉතින් ඒ වගේ හොඳම හොඳ යාළුවෙක් වුනාට ඔයාටත් ගොඩාක්ම ස්තූතියි...

      අනේ පරක්කුවක් නෑ අනේ.. ඔයා ඉතින් මට කලින්ම විශ් කරානේ.. :D

      Delete
  47. මාත් පරක්කුයි... එත් සුභ පැතුම් පිළිගන්න මගෙනුත් නංගියෝ...
    මෙන්න මම නම් තෑගි ගෙනාවා..

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි අයියා... පරක්කුවක් නෑ අනේ... අනේ තැන්කූ තෑගි වලට හොඳේ... :D

      Delete
  48. මාත් චූටි කේක් කෑල්ලක් කාලා මිල්ක් ෂේක් ටිකක් බිව්වා !!!
    ඔන්න එහෙනම් මගේ සුබ පැතුම !!

    බ්ලොග්කරණය දුල දීර්ග ගමනක් යන්න සුබ පතවනා.
    සුබ පතන්න ප්‍රමාද උනාට සමාව !!!

    ReplyDelete

Back
to top