෴ තුහින වර්ෂා෴ හයවන කොටස










හවස් වරුවෙම ඇඟට පණ නැති ගතියක් තිබුනත් ඒ මොකද කියලා මම දැනගෙන හිටියේ නෑ.. හිතට මහා බරක් දැනුනේ මහීන් තාමත් message නොකරපු නිසා වෙන්න ඇති.

"මටත් මොකෝ, මම යන්නේ නෑ එයාට 2nd  වෙන්න.. ඕනේ නම් message  කරාවිනේ".. එහෙම හිතපු මම ඇඳට ගොඩ වුනේ ඇඟේ මහන්සිය යවා ගන්න ටිකක් නිදාගන්නත් එක්කමයි..

*******************************************************************************

පහු වෙනිදා ටිකක් දවල් වෙනකන් නිදාගෙන 9ට විතර ඇහැරිලා ඉක්මනට ලේස්ති වුනේ 11ට තියෙන managerial Economics ලෙක්චර් එකට යන්න ඕනේ නිසා.. මහීන්ගෙන් message  එනකන් මඟ බලාගෙන ඉඳලාම එපා වුන නිසා කලින් දවසේ රෑ ෆෝන් එක ඕෆ් කරා කියලා මතක් වුනේ තිසූට මම එනකන් ඉන්න කියලා message  එකක් දාන්න යද්දි. ෆෝන් එක ඔන් කරන ගමනුත් මම හිතුවේ 

"අනේ මහීන් එක message  එකක්වත් එවලා තියේවි නම්.. "කියන එකම විතරයි.. ම්හ්ම්... තාමත් මුකුත්ම නෑ.. මෙයාට මොකක් හරි කරදරයක්ද? නෑ... එහෙම වෙන්නත් බෑ.. මහ ලොකුවට සඳවතියයි තරු කුමාරියොයි ගැන කවි ලියලා තිබුනේ.."

ආයෙමත් හිතට ආපු තරහා යවාගන්න මම කරේ සිංදුවක් අහපු එක.. සිංදුව අහන ගමන් තාලෙට කොන්ඩේ පීරද්දි එක පාරට මගේ ෆෝන් එක vibrate වෙන්න ගත්තා.. 

මහීන් මහීන් මහීන්.. අනේ දෙවියනේ මේ මහීන් වෙන්න... 

ඇස් දෙකත් වහගෙන ෆෝන් එක අතට ගත්ත මම එක පාරට screen එක දිහා බැලුවා.. තිසු.. ශික්.. මුන්ටත් වෙන වැඩ නැද්ද මන්දා මේ වෙලාවෙම message එවන්නේ.. හිතින් බැන බැන message එක open කරා..

"uba koheda ban, thaama anda uda dapane daalaa nidida? nagitapan, lectures thiyenawaa.. uba dannawane lectures,. ara api paya ganan nidaaganne.. ape sleeping room eka. anna eka thiyenawa. ikmanata waren. nathnam ubata idiri pela asunaka waadi wela thama nidaaganna wenne" 

තිසූ එවපු message එක දැක්කම මට තනියම හිනා.. ඇත්තටම අපි lectures ගියාට ඇති වැඩක් තියේද. ගියත් මෙලෝ දෙයක් අහන් ඉන්නෙ නෑ.. එක්කෝ නිදි, එක්කෝ අපි කරේ කම්මැලිකම යනකන් එක එක විකාර ලියපු chit හුවමාරු කරපු එක. ඉක්මනට කොන්ඩෙත් පීරගෙන 138ක නැග්ගේ ඉක්මනට කැම්පස් එකට යන්න.

බස් එකෙන් බැහැලා law එක ගාව ඉඳන් තනියමම ඇවිදන් යන ගමනුත් මම හිතුවේ එදා වගේ මහීන් කොහෙන් හරි මතු වෙනවා නම් කියලා.. මගේ ඇස් එයාව මේ තරමට හොයන්නේ මොකද මන්දා.

library එක පහු කරගෙන law කැන්ටිම ගාවින් හෙමින් හෙමින් 
ඇවිදන් යද්දි මගේ ඉස්සරහට ඇවිදගෙන එන දෙන්නෙක්ව දැකලා මට මගේම ඇස් අදහා ගන බැරි වුනා.. කොහෙන් හරි මතු වෙනවා නම් හොඳයි කියලා මම හිත හිතා හිටපු  මහීන්.. ඔව් ඒ එයාමයි.. ඒත්.. මේ වෙලාවෙ මම එයාව නොදැක්ක නම් හොඳයි කියලා හිතුනා..

මහීන්.......... කෙල්ලෙක් එක්ක...........

සමහරවිට යාළුවෙක් වෙන්න ඇති.. ඒත්.. මෙහෙම.. යාළුවෙක් එක්ක මෙහෙම හැසිරෙනවද? ටිකෙන් ටික මම ඉස්සරහට ඇදුනත් මගේ කකුල් දෙක පැටලිලා මාව කොයි වෙලාවේ බිමට ඇඳන් වැටේවිද කියලා මට බය හිතුනා.. මගේ පපුව ගැහෙන සද්දේ මටත් ඇහෙනවා වගේ..

"එහෙනම්.. ඒ සඳවතිය මෙයාම තමා.. මහීන් කවි ලිව්වේ මෙයාටම තමා.. "

කොහේදෝ ඉඳලා ආව ඉරිසියාවක් හිත පුරාම පුපුරු ගහන්න ගත්තේ ඇයිද මන්දා...  කිසිම වෙනසක් නැතුව මගේ ඉස්සරහට සුපුරුදු හිනාව දාගෙන ආපු මහීන් මගේ ගාව නතර වුනා..

"හලෝ හලෝ මැඩම්.. කොහොමද ඉතින්.. මොකෝ සද්දයක්වත් තිබුනේ නැත්තේ පහුගිය ටිකේ.."

මහීන් තව මොන මොනවදෝ කිව්වත් මට ඒ කිසිම දෙයක් ඇහුනේ නෑ.. මගේ ඇස් දෙක තිබුනේ අර ගෑණු ළමයා දිහාට බව තේරුන නිසාම වෙන්න ඇති මහීන් කර කර හිටපු කථාව නවත්තලා මාව ඒ ගෑණු ළමයට අඳුන්නලා දුන්නා..

"වර්ෂා නංගා, මේ සඳුනි,"

"සඳූ, මේ වර්ෂා.. කොච්චියේදි මට හම්බ වුන පිස්සු නංගියෙක්.."

"සඳූ... ආයේ දෙකක් නෑ මේ අර සඳවතියම තමා.." කරකවලා අත්
 ඇරියා වගේ බලාගෙන ඉන්න මාව දැක්කම ඒ කෙල්ලට නම් මොනවා හිතුනද දන්නේ නෑ..

"හලෝ හලෝ අක්කී" කියලා කථා කරත් වෙනදා වගේ මහීන්ට කට 
කැඩිච්ච කථාවක් කියන්න මට පුළුවන් වුනේ නෑ..

"අපිට lectures අයියා, මම යන්නම්.. " 

ජීවිතේට මහීන්ට අයියා කියල නොකියපු මම මෙහෙම කියාගෙන ඉක්මනට මාරු වුනේ තවත් එතන ඉන්න බැරි නිසා.. මහීන්ට පි‍ටුපාලා යන අතරේ ආයෙමත් කකුල පැටලිලා වැටෙන්න ගියේ වුන දේ හිතාගන්නවත් වෙලාවක් වුනේ නැති නිසා..

නොහිතපු විදියට ඇස් බොඳ කරගෙන මම යන පාරත් බොඳ කරගෙන මගේ ඇස් වලින් කඳුළු බිඳු එකින් එක වැටෙන්න ගත්තා.. එවෙලම තිසූට call එකක් ගත්තත් අඬන ගමන් මට කියාගන්න පුළුවන් වුනේ වචන දෙක තුනයි.

"අනේ තිසූ මම ෆැකල්ටිය ඉස්සරහ, ඉක්මනට එන්න" 

එහෙම කියලා Call එක Cut කරපු මම පාරේ යන එන අය 
ගැනවත් වගක් නැතුව අඬන්න පටන් ගත්තා.. ගලන කඳුළු එකින් එක මගේ කම්මුල් තෙත් කරද්දි.. නමක් දෙන්න බැරි වුන මේ බැඳීමට නමක් දෙන්න මම උත්සාහ කරා.. තව තවත් කඳුළු ගලන් එනවා මිසක් වෙන කිසිම දෙයක් මගේ ඔළුවට ආවේ නෑ..

*******************************************************************************

"මැන්ඩි,, මැන්ඩි.... මොකද බං මේ... මොකද උඹ මේ අඬන්නේ.. මැන්ඩියෝ.. නැගිටපන් බන්... මොකද මේ.. උඹ හීනෙන් බය වුනාද?" 

ඇඟට ඇන ඇන මාව නැගිට්ටන්න හදන දුලීව දකිද්දි මට මුකුත්ම හිතාගන්න බැරි වුනා.. එක පාරට නැගිටලා දුලීව බදාගෙන ආයෙමත් ඇඬුවේ වුන දේ හරියට තේරුම් ගන්නම බැරි වුන නිසා..

"අඬන්නේ නැතුව කියපන් බන්.. හීනයක් දැක්කද?"

හීනයක්........ 
වෙච්ච දේ තේරුම් යනකොට මටම ලැජ්ජයි.. කොහේවත් නැති විකාරයක් ඔළුවට දාගෙන ගෙදර ආපු නිසා නින්ද ගියාම මම දැක්කේ මහීන්ව.. 

ශික්.. මේ කොහේවත් නැති කොල්ලෙක් නිසා මම ඇඬුවත් එක්කනේ.. එහෙම හිතලා කඳුළු පිහිදගෙන මම දුලීට හිනාවක් දැම්මේ ඊළඟට දුලී මම දැක්ක හීනේ මොකක්ද කියලා අහන බව ඉවෙන් වගේ තේරුන නිසා..මහීන්ව දැකලා මම හීනෙන් ඇඬුවා කිව්වොත් මට විසුමක් වෙන්නේ නෑ.. ඒ නිසා එක පාරට හිතට ආව හීනයක් කියලා දැම්මා..

"නෑ බං මම දැක්කනේ අපි ලොකූ ගඟක මැද බෝට්‍ටුවක් පෙරලිලා 
ඉන්නවා.. මට බය.......... හිතුනා හලෝ.. ඒකයි ඇඬුවේ.. "

එහෙම කියලා යාන්තම් බේරුනා..

"පිස්සි.. ඒ අඬපු විදියට මම හිතුනේ සිරාවටම හොඳ බූට් එකක් කනවා හීනෙන් දැකලවත්ද කියලා.. " 

එහෙම කියපු දුලී ඇහැකුහ් ගහලා හිනා වුනා.

"මලා.. මම මහීන්ගේ නමවත් කියෙව්වද දන්නේ නෑ........නෑ එහෙම 
වෙන්න බෑ.." එහෙම හිතන ගමන්ම දුලීට ඒක අමතක වෙන්න ඒ කතාව මඟ ඇරෙන්න හොඳ තේ එකක් බොන්න හිතාගෙන දුලී එක්ක කුස්සියට යන්න කලින් මම නිකමට වගේ ෆෝන් එක බැළුවා..


"hallo modi,. moko halo sadhdhakaywath naththe. apima message 
ekak ewwoth misak oyalata nam apiwa mathak wenne naa ne? mage phone eka mokakdo awlak wela ada halo hadagaththe. itin itin kohomada kohomda? "

හෑ... මම ආයෙමත් හීනයක් දකිනවද? ඇස් දෙකත් පිහදාලා ආයෙමත් බැලුවේ මේකත් හීනයක්ද කියලා ශුවර් නැති නිසා.. නෑ නෑ.. මේ නම් ඇත්තමයි.. මහීන් message එකක් එවලා.

ආහ්හ්.. ඒ කියන්නේ ෆෝන් එක කැඩුන නිසයි මෙයා message කරලා නැත්තේ.. කොහේද ඉතින් මගේ පන්ඩිත කමට මම ring  කරලාවත් බැලුවේ නෑනේ.. එහෙම හිතුවාම මට මම ගැනම ලැජ්ජ හිතුනා.. මෝඩි.. මම මහාම මෝඩි... උද්දච්චකමෙත් සීමාවක් තියෙන්න ඕනේ.. කොහෙද මට ඒක ඉහවහා ගිහින්.. පව් මහීන්.. එහෙම හිත හිතා මම මහීන්ට reply  එකක් type කරා

"ehema apita amathaka wenawada halo. me dan mama maaraanthika heenayak dakala aharuna. dan tea ekak bona gaman. hodata nidaganna ehenam. good night. sweeeeeeeeeet dreams."

"අනේ මන්දා බන්, උඹට නම් පිස්සු. දැන් ටිකකට කලින් හූ තිය තිය ඇඬුවා. දැන් ආයෙම හිනා වෙනවා.. ඕක නම් ඔච්චර හොඳ නෑ කෙල්ලේ.. ඔව්වා love sick  එකේ පූර්ව රෝග ලක්ෂණ.." 

මගේ දිහා බලලා හිනා වෙවී මගේ අතේ නාඩියක් අල්ලන ගමන් දුලී කිව්වේ මාව ආයෙත් හිනා ගස්සන ගමන්. 

"message එක එව්වේ කවුද කියලා නම් මම අහන්නේ නෑ කෙල්ලේ.. මේ මහා රෑ ඉතින් උඹට message එවනවා නම් එවනවා ඇත්තේ උඹේ අර මල්සරා, සඳ කුමරුම තමා... හා හා ඔහොම යමු ඔහොම යමු.."

එහෙම කියපු දුලී ආයෙමත් හිනා වුනා..

"ඔව් ඉතින් එයා නම් තමා . පව් බන් ෆෝන් එක කැඩිලලු, ඒකලු message නොකරේ.. මම බැන්න තරම මහීන් දැනගත්තා නම් මට ආයේ message එකක්වත් එවන එකක් නෑ.."

"අප්පටසිරි.. මෙන්න මෙයා.. ටිකකට කලින් පතුරු යන්න බැනපු කෙනාවම දැන් ආයේ පවුලු.. අනේ අනේ බන්. උඹ අපිව තම්බන්න හදනවා තවත් ඕක LOVE නෙවෙයි කිය කියා. හරි හරි දැන් නිදාගනිමු.. උඹට මල් කඩන්න කට්ටිය හිටියට අපිට මල් නෑනේ බන්.. ඒ නිසා මලක් ඉන්න දවසක ඇහැරිලා ඉන්න දැන් ටිකක් වැඩිපුර නිදාගන්න ඕනේ.." 

එහෙම කියපු දුලී ඇඳට ගියා..
මමත් දුලී එක්කම ඇඳට ගියත් මට මතක් වුනේ මම දැකපු හීනෙමයි..

හ්ම්ම්... කොහොම වුනත් හැමදේම වෙන්නේ හොඳටයි, ඒක හීනයක්ම වුන එක හොඳට ගියා..

එහෙම හිතුනත් එහෙම හිතෙන්න හේතුව මොකක්ද කියලා මම දැනගෙන හිටියේ නෑ..

*******************************************************************************


ආදරය නම් අකුරු හතරේ අර්ථයක් නොදු‍ටු තරුණියක්. සැහැල්ලු දිවියක හීන වලින් පිරුන ඇගේ සිත වටහාගත නොහැකි ගැටළුවක්.. ඇය ඇත්තටම ආදරය නොහඳුනන්නියක්ද? නැතිනම්.....

හමුවෙමු ඊළඟ කොටසින්..


CONVERSATION

54 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. Replies
    1. හික්ස්...මැන්ඩිගෙත් ලොකු ලයින් වැඩියිනෙ ඉතින්....කොල්ලා නම් හොද එකෙක් වගේ :D

      Delete
    2. හිකිස්.. මොකෝ අයියා මේ ඩොට් එකක් විතරක් දාලා පලවෙනි කමෙන්ට එකට.. :P
      මැන්ඩි ලොකු ලයින් නෑ හලිද... කෙල්ලෝ වුනාම ටිකක් විතර ලැජ්ජයිනේ අෆ්ෆා... :P

      Delete
  2. Replies
    1. හැමදේම හොඳින් විසඳිලා...:D

      සමහර කොටස් මග හැරුන.කමෙන්ට් කරන්නත් බැරිවුනා අක්කියෝ..

      ලස්සනට කතාව ලියවෙනවා...

      Delete
    2. දෙක හරි වුනානේ අනේ.. හොඳින් විසඳිලා? :P කමෙන්ට් නොකරට කමක් නෑ මල්ලියෝ. කියවලා යන්න එන්න.. ස්තූතියි හොඳේ

      Delete
  3. ඔන්න ඔ්කයි තත්වෙ! :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. ඔන්න ඕකයි තත්වේ මල්ලියෝ..

      Delete
  4. ශික්.. පරක්කුයි මම

    ReplyDelete
    Replies
    1. // මෙයාට මොකක් හරි කරදරයක්ද? නෑ... එහෙම වෙන්නත් බෑ.. මහ ලොකුවට සඳවතියයි තරු කුමාරියොයි ගැන කවි ලියලා තිබුනේ.."//

      හික්ස්ස්..තලහා යනවා නෙහ්??මහීන්ට ඔක්කොම කරන්න පුලුවන් මැසේජ් එකක් එවන්න බෑ...:/

      අම්මියෝ... හීනයක් දැකලා..වෙලාවට ..මම බය ව්උනා මහීන්ට කෙල්ලෙක් ඇති කියලා.. ඔයා බය කරනවනෙ අපිව අක්කි...:( :(

      //"නෑ බං මම දැක්කනේ අපි ලොකූ ගඟක මැද බෝට්‍ටුවක් පෙරලිලා
      ඉන්නවා.. මට බය.......... හිතුනා හලෝ.. ඒකයි ඇඬුවේ.. "//

      හරිම හුරතල් විහිළුවක් අනේ ඒක...:* නියමයි අක්කියෝ.. කතාවනම් මරු..

      Delete
    2. තරහා යන්නේ නැද්ද නංගියෝ.. ඔක්කොම කරලා මැසේජ් එකක් විතරක් එවන්න වෙලාව නැති වෙනකොට.. :P ..

      ස්තූතියි නංගියෝ...

      Delete
  5. ඇති යන්තම්...තරහ වෙලා නෑ

    ReplyDelete
    Replies
    1. :D එහෙම තරහ වෙන්නේ නෑනේ අක්කා.. ;)

      Delete
  6. හප්පේ හොද වෙලාවට මේක හීනයක් උනේ.. මම හිතුවෙත් ඇත්තම කියලනේ.. දෙන්නගෙම ආඩම්බරකම් නේ ඉතින්.. ඒකනේ ප්‍රශ්ණේ.. බලමු බලමු මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. හික්ස්.. අනේ මන්දා ඉතින් ඒ දෙන්නගේම හැටිනේ අයියා.. :D

      Delete
  7. ඊ.....මුල්ටික කියෝනකොට මාව උඩ ගියා.......:O
    තාපොඩ්ඩෙන් අර පොඩිමෑන්ගෙ කතාව කියවල ඔලුව පලාගත්ත වගේ මේක කියෝල අත කඩාගන්නව.....:/

    පෝස්ට් එක තූති වැඩිඩ මන්ඩ.......ඉක්මණට ඊළඟ කොටස ඩාන්ඩෝ.....

    ReplyDelete
    Replies
    1. හෙ හෙ... හපොයි.. අත් පය කඩාගන්න එපා අෆ්ෆා...
      චූටි වැඩිද අනේ පෝස්ට් එක.. :P

      Delete
  8. හොඳ වෙලාවට love නොකළේ.. එහෙම කරලා මාත් ඔහොම හීනයක්‌ දැක්කොත්..එහෙම උනොත් ගෙදර ඉදන් කැම්පස් යන එකෙක් විදියට වර්ෂාට තරම් ලේසියෙන් ගැලවෙන්න ඉඩක් ලැබෙන එකක් නෑ.. මොකද වැඩේ මාට්ටු වෙන්නේ ගෙදර මනුස්සයෙකුට නේ.. එල එල අක්කේ.. ඊළඟ කොටස ඉක්මනට ම දාන්න..

    ReplyDelete
    Replies
    1. හික්ස්.. love නැති තරමට හොඳයි තමා අනේ... මටත් ඕකම තමා වෙන්නේ මල්ලියෝ.. වැරදිලාවත් ගෙදර කෙනෙක්ට ඇහුනා නම් හීනෙන් නමවත් ඇහුනොත්.. ඉවරම තමා...

      Delete
  9. පොඩ්ඩක් හෝව් හෝව්.... මට ප්‍රශ්නයක්... එතකොට අර සදවතිය ගැන ලියල තිබුනු කවිපෙළත් හීනයේ කෑල්ලක්ද? ඇත්තටම තිබුන එකක්ද?..ඕන් කිව්වා අවුරුදට කලින් ඊලග කොටස ඕන

    ReplyDelete
    Replies
    1. සඳවතීට ලියපු කවිය ඇත්ත එකක් මල්ලියෝ... අනේ අවුරුද්ද නම් පහු වෙලා දැන්.. :D

      Delete
  10. ප. ලී.... මේ කතාව සැබෑ ජීවන අත්දැකීමක්ද? ප්‍රබන්ධටක්ද?? තොටියටත් ලියපු එක කියවලා නිකන් ඉන්න බැරුව අනවශ්ය ප්‍රශ්න අහනවද මන්දා...

    ReplyDelete
    Replies
    1. හික්ස්.. මේක ප්‍රබන්ධයක්.. ජීවන අත්දැකීමක් නෙවෙයි.. :D

      Delete
  11. හපොයි..මට කතාවේ කොටස් දෙකක්ම මගරිලානේ.....:(
    අද කොටස් තුනම කියෙව්වා එක දිගට ඔන්න ඉතින්.

    "වර්ණා නංගා, මේ සඳුනි,"
    "සඳූ, මේ වර්ණා.. කොච්චියේදි මට හම්බ වුන පිස්සු නංගියෙක්.."
    අක්කේ නම වර්ණාද? වර්ශාද..? මට කොටස් මගරුණ නිසා ටැපලුනාද?

    මම මුලදී හීනෙ කියවන් යනකොට හොදටම රැවටුනා...:(
    දෙන්නම ඉතින් ආඩම්බර කාරයොනේ..
    ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න හොදේ.. :D

    ReplyDelete
    Replies
    1. මට චුට්ටක් වැරදිලා නංගෝ.. වර්ෂා නම තමා වර්ණා කියලා දාලා තියෙන්නේ.. හෙ හෙ...
      අපි බලමුකෝ ආඩම්බරකාරයො දෙන්නට වෙන දේ...

      Delete
  12. එහෙමයි එතකොට උනා කියන්නෙ නෙහ් :)
    ඉතුරු ටිකා...ත්

    ReplyDelete
    Replies
    1. එහෙම තමා අනේ.. හෙ හෙ.. :D

      Delete
  13. කෙල්ලොන්ගේ කොහොමත් ලොකු ලයින් නේ!:p

    ReplyDelete
    Replies
    1. පිස්සු තමා... කෙල්ලෝ ලොකු ලයින් නෑ හරිද... කොල්ලෝ තමා හෙන ලොකු ලයින් දාන්නේ.. :P :D

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මට හීනයක්වත් දකින්න නිදහසක් නැද්ද දෙය්යනේ..

      Delete
    2. ඒකනේ අනේ... ඒකත් ලියලා,... නේද නංගියෝ...

      Delete
  15. හිකිස්....මමත් එකපාරට හිතුවෙ මහීන්ට කෙල්ලෙක් ඇති කියලා...වෙලාවට හීනයක් උනේ....

    ReplyDelete
    Replies
    1. හික්ස්... හීනයක් නොවුනා නම් තමා වැඩේ...

      Delete
  16. මේ හීනත් එක්ක බෑ අප්පා....
    :(

    ReplyDelete
  17. කෙල්ලෝ තමන්ගේ හොඳම යාලුවටවත් ඇත්ත කියන්නේ නැහැ නේ.එකට රත්තරං කොල්ලෝ බොක්කේ තියෙන දේ හරි කියල දානවා.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කෙල්ලො 'බොක්කෙන්ම ලව්' කොරනවලු නෙ...හී...හී..එතකොට එයාලත් රත්තරං වගේ තමා....හරිද????

      Delete
    2. හපෝ.. රත්තරං කොල්ලො භයානකයි.. හොරු ඉන්නවා රත්තරං මංකොල්ලා කන්න පුළුවන්.. :/

      Delete
    3. ~~කොල්ලොක් වීම මට මහත් ආඩම්බරකි~~

      Delete
    4. මොකෝ මෙයා ආඩම්බර වෙන්නෙ.. ඔයාට රත්තරං කිව්වෙ නෑනෙ කවුරුත්:p

      Delete
    5. @අසරණයා- පිස්සු තමා... එහෙම නොකියන කොල්ලෝ ඕනේ තරම් ඉන්නවා.. බොරු කියලා කිව්වොත් සාක්ෂි දෙන්න පුලුවන් ඕනේ තරම්.. :P

      @චින්චැට්- අන්න නියම කථාව.. කෙල්ලෝ බොක්කෙන්ම love කරනවා..

      @හිතූ නංගා- අසර් අයියට පිස්සු නංගෝ.. :P

      Delete
  18. අනේ මම වුණා නම් යාළුවා එක්ක සේරම කියලා අඬලා නාලා ඉවරයි

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම තමා අක්කා.. කියලා ඇඳගෙන නාලා ඉවරයි.. හෙ හෙ

      Delete
  19. වෙලාවට හීනයක් වුණේ..
    ඉදිරියෙ භයානක දෙයක පෙරනිමිත්තක් හෙම නෙමෙයි නෙහ්.. :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... බලමුකෝ අක්කා... :P

      Delete
  20. ඔයා මාර වැඩ කරන්නේ නගෝ. අස්සට හීනයක්‌ දාල අපිව බය කළානේ.:) ඒ හීනේ පෙනුන එක නම් හොඳයි. එතකොටවත් හිතේ හිරවෙලා තියන තේරුම්ගන්න බැරිදේ තේරෙන්න ඇතිනේ.

    දැන් හරි නේ. ලොකුකමට මහීන්ම මැසේජ් එකක් එවනකල් නේ හිටියේ.:D දැන් කෙල්ලට නින්ද යාවි.

    ReplyDelete
    Replies
    1. හපොයි.. මම ඉතින් කිව්වේ වර්ෂා දැක්ක හීනේ.. ඒකට මේ අහිංසක මම මොනවා කරන්නද අෆ්ෆා...
      කවුද අනේ ලොකුකමට මැසේජ් යැව්වේ නැත්තේ.. :P

      Delete
  21. එහෙනම් හීනෙනුත් දැක්කා. දැන්වත් තමන්ගෙ හිතේ තියෙන දේ හරියට තෙරුම් ගනීවිනෙ වර්ෂා.. හා හා ඔහොම යමු :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. එහෙම හිතමුකෝ අපි.. ඒත් කොහොම වේවිද දන්නේ නෑනේ...

      Delete
  22. තුහින වර්ෂා කියවන්න පටන් ගත්තේ අදයි ඕං! ශැහ් මට මේක මග ඇරිලා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා තුහින වර්ෂා එක්ක එකතු වුනාට.... :)

      Delete
  23. මදි මදි මේ ලියුවා මදි :/

    ReplyDelete
  24. කරකවලා අතෑරියා වගේ !!!
    මැන්ඩිට නම් හොදටම පිස්සු අප්පා.

    ReplyDelete

Back
to top