෴ පිලවක්කේ කැත්ත දොදොං , පිල වටකර කැත්ත දොදොං, සිහින උළෙල මඟ එනකං,මඟ බල බල ඉඳපන් දැං ෴



අවුරුද්දෙන් පස්සේ ඉස් ඉස්සෙල්ලම දාන්න පෝස්ට් එක නිසා ඔන්න කට්ටියටම 
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!

අද මම කියන්න යන්නේ ටිකක් විශේෂ දෙයක් ගැන

සයිබර් සිහින උළෙල.. 
මේ සයිබර් අවකාශේ සැරිසරන ලොකු කුඩා කවුරු වුනත් මේ ගැන අහලා නැති වෙන්න බෑ.. මාස ගානක මහන්සියේ, බලාපොරොත්තු වල ප්‍රතිඵලයක් විදියට දොරට වඩින මේ බක්මහ සැනකෙළිය ගැන දන්න නොදන්න හැමෝටම විස්තර ටිකක් කියන්නයි මම මේ ලේස්ති වෙන්නේ

මොකක්ද මේ සයිබර් සිහින උළෙල ?

කවද්ද මේක තියෙන්නේ?

කොහේද තියෙන්නේ ? 

කාටද එන්න පුළුවන් ? 

කොහොමද එන්න පුළුවන් ? 

මොනවද එතන වෙන්නේ ? 

ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර සයිබර් සැනකෙළියට සහභාගි වෙන ඔයාලා හැමෝටම වැදගත් වේවි.


ඇත්තටම මොකක්ද මේ සයිබර් සිහින උළෙල??? 

බ්ලොග් අවකාශේ ඉන්න බ්ලොග් ලියන කියවන හැමෝම එකට එකතු වෙලා ඇඳුනුම්කම් ඇති කරගන්න,තිබුන යාළුකම් වැඩි කරගන්න, කම්පියුටර් එකෙන් internet හරහා ඇති වුන ඇඳුනුම්කම් තවත් වැඩි කරගන්න, විනෝද වෙන්න කියන මේ හැම දෙයක්ම අරමුණු කරගෙන සංවිධානය කරන අවුරුදු උත්සවයක් තමයි සයිබර් සිහින උළෙල කියන්නේ.. ඇත්තටම මේ අවුරුදු උත්සවේ බ්ලොග් අවකාශයේඉන්න අපි හැමෝගෙම මහන්සියක ප්‍රතිඵලයක් විදියට එළි දැක්වෙන නිසා මේ බක්මහ උළෙල අපේ හීනයක් සැබෑ වීමක් කිව්වත් මම වැරදි නෑ මම හිතන විදියට.



තව දවස් තුනකින්.. ඒ කියන්නේ හරියටම අප්‍රියෙල් මාසේ 22  ඉරිදා උදේ 9ට  වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනේදී තමයි අපේ  මේ සිහින බක්මහ උළෙල පැවැත්වෙන්නේ. කලින් අපි  ලබාදුන්න පෝරමය පුරවපු හැමෝටම සයිබර් සැනකෙළියේ නිල e - mail ලිපිනය විසින් අංකයක් එවලා ඇති. එදාට එනකොට මතක ඇතුව ඒ අංකේ අරගෙන එන්න අමතක කරන්නත් එපා..

එතකොට කොහොමද එදාට එන්න ඕනේ??
එදාට ඔයාලා එන්න ඕනේ වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයට හරියටම උදේ 9ට.

කිරිබත්ගොඩ, දෙමටගොඩ, බොරැල්ල ඉඳලා එන අය 154 බස් එකේ ඇවිත් ගාළු පාරෙ වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ඉදිරි පිට බස් නැවතුමෙන් බසින්න. පිටකොටුවෙන් මර්ග අංක 100/101

මොරටුව හරි පානදුරේ බස් එකක නැගල එන අයටත් එතනින් බහින්න පුළුවන්. නුවර පාරෙ එන අය කිරිබත්ගොඩින් (නැත්නම් බේස්ලයින් පාරෙන් හරි) බැහැලා 154ක නගින්න, නැත්නම් පිටකොටුවට ඇවිත් 100/101 බස් එකක එන්න.

138 පාරෙ (හෝමාගම පැත්තේ ඉඳලා) එන අය තුන්මුල්ල [කොළඹ කැම්පස් එක] ගාවින් බැහැල පාර දකුනු පැත්තට  මාරුවෙලා නිතී පීඨය ගාව තියෙන හොල්ට් එකේන් 154ක නැගල මුලින් කියල තියෙන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට බස් හොල්ට් එකේන් බහින්න.

120 එන අය (හොරණ පැත්තේ ඉඳලා) කොහුවල බැහැලා 163/168 පානදුර හෝ දෙහිවල බස් එකක නැගල ගාලුපාරට එන්න.දෙහිවල ගල්කිස්ස නගරසභා හොල්ට් එකේන් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා පිටකොටුව යන බස් එකක නගින්න. වැල්ලවත්ත HSBC ගාවට ටිකට් අරගෙන වැල්ලවත්ත HSBC  ගාවින් බහින්න.නැත්නම් තුම්මුල්ලෙන් බැහැලා 154ක නගින්න.

ගාල්ල පැත්තේ ඉඳල එන අයත් වැල්ලවත්ත HSBC ගාවින් තමයි බහින්න ඔනේ.බැහැල පාරේ දකුනු පැත්තට මාරුවෙන්න. වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ගාවින් බැහැපු අයට, ආපහු කොළඹ පැත්තට හැරිලා ආපස්සට එනකොට සහ HSBC ගාවින් බැහැපු අයටත්, බැහැල පාර දකුනු පැත්තට පැනල  වැල්ලවත්ත පැත්තට ඉස්සරහට එනකොට දකින්න ලැබෙනව " FREDRICA " පාර අන්න ඒ පාරේ මිටර් 200 විතර එනකොට වමට හැරෙන්න කුරේ ක්‍රිඩාංගනයට ඇතුලුවෙන දොරටුව තියෙනව.


Source- http://cyberfestival.blogspot.com


මේ map එකත් ඔයාලට වැදගත් වේවි කියලා මම හිතනවා.
මැප් එක විශාල කරලා බලන්න ඒක උඩ Click කරන්න.


ඒ කිසිම විදියකින් හොයාගන්න අමාරු නම් සංවිධායක මණ්ඩලේ ඕනෙම කෙනෙක්ට කෝල් එකක් දාලා විස්තර හොයාගන්නත් පුළුවන්.

කොහොම කොහොම හරි කට්ටිය එතනට ආවා කියමුකෝ..

ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ..??

එදා උදේ 9 ඉදන් හවස 5 වෙනකන්ම විවිධ තරඟ අංශ යටතේ ඔයාලට විනෝද වෙන්න අවස්ථාව අපි සලස්වලා තියෙනවා.

අලියාට ඇස තැබීම


කණා මුට්ටි බිඳීම


තුන් පා දිවීම

බනිස් කෑම

බැලුම් පිපිරවීම
මීටර් 100 දිවීම

සහ ඔයාලා හැමෝම ආසාවෙන්ම බලාගෙන ඉන්න තරඟය 
අවුරුදු කුමරා හා කුමරිය තේරීම.


ඒ වගේ තරඟ අංග ගොඩක් ඔයාලා හැමෝම වෙනුවෙන් අපි 
ලෑස්ති කරලා තියෙනවා. 

එහෙනම් සයිබර් සිහින සැනකෙළිය වෙනුවෙන් හැමදේම ලැහැස්තියි. එන්න අප්‍රියෙල් 22 වෙනිදා උදේ 9ට වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයට අපිත් එක්ක අත්වැල් බැඳගන්න, විනොද වෙන්න,තෑගි දිනාගන්න.. 

සමාජ සත්කාර වැඩසටහනක් ලෙස ව්‍යාපෘති තුනක් යෝජනා වෙලා තියෙනවා. එදාට ඔයාලා හැමෝගෙම අදහස් අරගෙන එයින් හොඳම ව්‍යාපෘතිය ‍තෝරගන්න තමයි අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ

වැඩි විස්තර ඔයාලට මේ බ්ලොග් ලිපි වලිනුත් දැනගන්න පුළුවන්.



  1. කට්ටියම සෙට්වෙමුද.............?
  2. මේ පාරත් සිහින උළෙලක් වෙයි ද?
  3. සයිබර් සිහින උළෙල දී හැඩවෙන මංගල සිනු
  4. අභිතයාගේ සයිබර් සිහිනය දෙවනි වරටත් කරළියේ
  5. මේඅවුරුදු කාලේ..හිනා වෙයන් රාලේ..ඩිස්ප්ලේ නැති මොනිටර් එක වාගේ..ලාල..ලාල..ලා.සයිබර් යායට උඩින් අපේ අවුරුද්ද...ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?
  6. "එන්ඩෝ එන්ඩෝ කස්ටියම බනිස් කන්න එන්ඩෝ"
  7. අප්‍රේල් 22 වෙනිදාට හැඩ වැඩ වෙන්න ඔයා ලස්සන සළු පළදා...... එනවා ඔබව සොයා...
  8. ළඟ ළඟ එන සිහින උළෙ

     
  9. අවුරුදු උත්සවේදී ASP කෙනෙක්ගේ තරු ගැලවේ
  10. විශේෂ නිවේදනයයි - සයිබර් සිහින උළෙල නිර්මාණ තරඟය… සයිබර් අවකාශයේ සියලුම නිර්මාණ කරුවන් වෙත
  11. සයිබර් සැණකෙළිය නිල බ්ලොග් අඩවි


ප.ලි
1.මත්පැන් මත්ද්‍රව්‍ය ක්‍රීඩාංගනයට අරගෙන ඒම සපුරා තහනම්
2.දවල් ආහාරය සඳහා රුපියල් 100ක මුදලක් ගෙන ආ යුතුයි. 




CONVERSATION

22 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. සයිබර් සැනකෙලිය පිලිබඳව සාරාංශයක් ලියලා වගේ

    ReplyDelete
  2. ඇයි ප්‍රජා සත්කාරය එක ගැන කියලා නැනේ අපි දැනට ව්‍යපෘති තුනක් ඉදිරි පත්වෙලා තියෙනවා අපි එදාට හැමොගෙම අදහස් යොජනා අරන් හොඳ එක කරනවා

    ReplyDelete
  3. අපරාදේ මට එන්න වෙන්නේ නැහැ නේ.චීක්...

    ReplyDelete
    Replies
    1. ලබන අවුරුද්දේ සෙට් වෙමු අසාර් :)

      Delete
  4. නියමයි නියමයි. මේ පාර එන්න බැරි වුනත් ඊළඟ පාර අනිවා එන්න ගේමක් දෙනවා.

    ReplyDelete
  5. මට හැම අවුරුද්දෙම අවුරුදු උත්සවේ මිස් වේවි.... :(

    ReplyDelete
  6. මම නං නොඑමි...
    ලබන සැරේ අනිවා එමි :-)

    ReplyDelete
  7. ගාල්ලෙන් යන කෙනෙක් තමා සෙට් කරගන්න ඕන:p

    ReplyDelete
    Replies
    1. අපි ඉන්නවෝ.........:D :D

      Delete
  8. ජයවේවා වැඩේ නැගලම යන්න කියලා මං පතනවා.

    ReplyDelete
  9. එන්න වෙන් නැතිවෙයි! නමුත් සුභපතනවා! :)

    ReplyDelete
  10. එල එල..එදාට සෙට් වෙමුමෝ එහෙනම්..

    ප්‍රාර්ථනා පොඩි ප්‍රශ්නයක් තියෙනවා , දැන් HSBC එක ළගින් බැහැලා පාර පනින්න ඕන කහ ඉරෙන්ද :P

    ReplyDelete
  11. හෆ්ෆා.. මේ එන විදිය දාපු එකෙනම් මරු අක්කියෝ!! මම මේ එන විදියක් දන්නෙ නැතුව හිටියෙ..:D එහෙනම් එදාට බලමුකෝ!!! :D

    ReplyDelete
  12. මම එද්දි නම් දවල් වේවි ඒත් කොහොම හරි කට්ටියව අඳුර ගන්න එනවා..........ඕ යේස්......

    ReplyDelete
  13. ane deviyane mata enna wenne ne ne.... Monawa karannadha dhuka thma.... :((((((

    kattiya hodhata fun eka ganna ehenam..photo balalawath senasennam...

    ReplyDelete
  14. ෂික්.... මමත් තවම ෂුවර් නැත.. එදාටම අපේ ගමේ අවුරුදු උත්සවයත් තියෙනවානේ... දෙකම වැදගත්... ගමේ එකේ සංවිධායකයෙක්ද වේ... අලේ මන්දා.. මට දැන් පිස්සු වගේ... :)

    ReplyDelete
  15. අවුරුදු උත්සවේ ගැන දාපු සාරථකම පෝස්ටුව..


    අපි එනෝ !

    ReplyDelete
  16. ම්ම්.. ඕවා දැක්කාම පපුව හෝස් ගාලා යනෝ.. :(

    ReplyDelete
  17. එදා නම් මාරම ෆන් දවසක්. බ්ලොග් ලියන ගොඩ දෙනෙක් අදුන ගත්තා.

    ReplyDelete

Back
to top