෴නලඟනකට පෙම් බැඳ ෴



සැදී මිණිබරණින් හැඩ කල වත වත්සුනෙන්
උදුල මිණි පියුම් මෙන් දිලෙනා කොපුල් රත්වන්,
විලිකුන් සුරත් ඵල මෙන් ඇවිලෙනා දෙතොල් රතුවන්
තරු නෙතු දිදුලමින් ගෙනෙයි සොඳුරු ලියක කැල්මන්...


රඟනා විටදි දෙනයන හෙලන බැල්මෙන්
උදුරා සිතැඟි ඈ නෙතු මතම සැතපෙම්,
‍රැ‍ඳෙනා දසුන නොමියෙනා ලෙස පතමින්
දිලෙනා නෙතින් ඈ රුව දෙසම බලනෙම්...


දිගුවී ‍රැයම තව තව රඟන රිසියෙන්
සිටිනා ඇයගේ රූ රස පහස විඳිමින්,
ගැහෙනා දෙතොල් චුම්භන යදින බැල්මෙන්
කිසිදා නොයමි හැර දමා ඇගේ ‍රැඟුමන්...



CONVERSATION

34 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. Replies
    1. මේ පින්තූරෙයි කවි පෙළයි හරිම ලස්සනයි අක්කි!! වෙනස් විදිහට ලියැවිච්ච ලස්සන කවි පෙළක්..

      Delete
    2. ස්තූතියි නංගියා :D

      Delete
  2. නියමයි අක්කා...
    අම්බේ...නළගන.. උම්මා :-)

    ReplyDelete
  3. මිණි මුතු අබරණින් - රැස් දිලෙන කොපුලින්
    ඇවිලෙනා දෙතොලින් - වඩයි ආලය සියොළගින්

    රැය දිගුවුවත් රැගුමින් - වින්දත් රූ පහස සිඹිමින්
    සිත සොරා එසැනින් - ගියෙ ඔබයි විගසින්

    හෙළුවත් රා බැලුම් නෙතඟින් - පෑවත් සිනා මුවගින්
    සොරා ගත්තද මගේ දෙනුවන් - නොපතමි කිසිදිනේ මසැසින්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා.. ලස්සන පිළිතුරු පද පෙලක්..

      Delete
  4. මට වැඩියෙන් හිත ගියේ පින්තූරෙට.. නෑ නෑ කවියත් හොදායී..

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. හපෝ.. අයියා නරකයි.. :D :P :D

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. පින්තූරෙට නං කැමැත්තක් නෑ! හැබැයි කවිය ලස්සනයි! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියා...

      Delete
  7. ගොඩක් ලස්සනයි නංගි....හොද වෙනසක් :)
    අර කිව්වා වගේ පිංතූරේ දිහා නම් ගොඩක් වෙලා බලාගෙන ඉන්න හිතෙනවා :D :D

    ReplyDelete
    Replies
    1. නරක ළමයි.:P . ස්තූතියි අයියේ..

      Delete
  8. පීන්තූරයේ ගැබ්ව තිබෙන අදහස ඉස්මතුවෙන විදියට පබැදුන කවියක් කියලයි මට හිතුනෙ.. ටිකක් අමුතු උනත් ලස්සන නිමාණයක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා.. පින්තූරේ නම් හොයාගත්තේ පස්සේ.. කවියට ගැලපෙනවා කියල හිතුන නිසා දැම්මා...

      Delete
  9. එක මොහෙතක් ඉදලා හැරදා නොයමි කියනවාද ? ;)

    ReplyDelete
    Replies
    1. අපොයි මම නම් දන්නේ නෑ ඔව්වා.. හෙ හෙ ;)

      Delete
  10. ටිකක් බය හිතෙන වචන ටිකක් නේ.

    ReplyDelete
    Replies
    1. මමත් කියන්න ගියේ :D

      Delete
    2. හික්ස්.. මොකෝ බය හිතෙන්නේ.. :P

      Delete
  11. අක්ක සංදේශ කාව්‍ය එහෙම ගොඩක් කියවනව වගේ!;)
    කොහොම කියෙව්වට් ඉතින් හැමෝටම ඔහොම ලියන්න බෑනේ:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මම ආසයි මල්ලියෝ සංදේශ කවි වලට.. ස්තූතියි හොඳේ..

      Delete
  12. හරිම ලස්සනයි. මට මේක කියවද්දී කියවුන තාලෙට මතක් වුනේ සැළලිහිණි සංදේශය.

    ReplyDelete
  13. පින්තූරෙ දැක්කම අමුතු අමුතු ඒව හිතුන......කවි ටිකත් ලස්සනයි.....:)

    ReplyDelete
    Replies
    1. මම කිව්වේ.. නරක ළමයි ඔයාලා.. හෙ හෙ.. ස්තූතියි හොඳේ..

      Delete
  14. ආයෙත් 10-11 පන්තියට ගියාවගෙයි.. හරිම ලස්සනයි නංගියෝ.. සංදේශ කාව්‍ය මතක්වුණා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ.. :D

      Delete
  15. මටත් මතක් වුණේ සංදේශ කාව්‍යයන්.... වචන ටික නියමෙ ට ගලපනා තියෙනවා අක්කියෝ. ලස්සනයි.........

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  16. බොහොම සෘංගරාත්මක කවි පබැඳුමක්.. සැලලිහිනියේ ගුත්තිලයේ කවිලකුනු එමටයි. බොහොම සාහිත්‍යමය ගුණයෙන් පිරිලා.

    අර පිංතූරයත් ලස්සනයි. මට මතක් වෙන්නෙම තණමල්විල මලක් පාවිච්චි කරපු කෙනෙක්ගෙ සිතේ ඇඳෙන සිතුවිල්ලක්

    ReplyDelete
  17. මම මේ කල්පනා කලේ කොහොමද මට මේක මිස් උනේ කියලා...ලස්සන කවි ටික...

    ReplyDelete
  18. අමරු ශෛලියකින් වෙනස්ම ආරක කවි ටිකක් !! ලස්සනයි !

    ReplyDelete

Back
to top