෴සයිබර් සිහින උළෙල හා මගේ ආදරය෴



ඔන්න මම ලියන්නයි යන්නේ.. හ්ම්ම්.. මොනවද? කොහොමද? පෙරේදා ඉඳන්ම කල්පනා කරලා කරලා කොහොම හරි අමාරුවෙන් ලියන්න ගත්තා ඊයේ.. ම්හ්ම්... ලියාගන්නම බෑ.ලියනවා මකනවා. ආයෙමත් ලියනවා. ඒත් හරි යන්නේම නෑ. එපා වුනා මට ලියන එක.. එපා වුනා මට මාවම. ඔළුව ඇතුලේ පිරුන ඔක්කොම එළියට දාන්න ඕනේ වුනත් ලියන්න බෑ මට.. මාව හිර වෙලා.. සමහරු නම් කිව්වේ මට ආදරයක් ඇති වෙලා කියලා. මම හිතලා බැලුවා.. හ්ම්ම්.. ඇත්තටම මට ආදරයක් ඇති වෙලාද? හ්ම්ම්.. වෙන්න පුළුවන්ද ඒක..

සමහරවිට....

ඇත්ත.... මට ආදරයක් ඇති වෙලා.. කා එක්කද කියලා දන්නවද? ඔයාලා හැමෝම දන්න කෙනෙක් එක්ක.. 

හ්ම්ම්.. හැමෝම දන්න කෙනෙක්..????

හිතාගන්නම බැරිද?..

ඔයාලා හැමෝම දන්න, හැමෝම දැකලා තියෙන කෙනෙක්. ඉතින් මගේ ඒ ආදරේ ගැන මට හිතෙන දේ, මම දකින විදියට කියන්නම්.. හොඳ නරක කියලා යන්නකෝ හොඳේ.. ;)

මාස ගානක් තිස්සේ බලාපොරොත්තුවෙන් ඉඳලා ඉඳලා එයාව දකින දවස වෙනකන් මට ඉවසිල්ලක් තිබුනේ නෑ.. අන්තිමේ අප්‍රියෙල් මාසේ 22 වෙනිදා හරියටම උදේ 9ට එයා එනවා කිව්වා වැල්ලවත්තේ කුරේ ක්‍රීඩාංගනේට මාව බලන්න. ඉතින් එතනට ආව නම් ඔයාලා හැමෝම එයාව දකින්න ඕනෙනේ.. ඔව් ඔයාලා එයාව දැක්කා..

ඉතින් එයා එනකන් ඇඟිලි ගැන ගැන නිදි නැතුව හිටිය මට නම් එයාව දකින එක ලොකුම සතුටක් වුනා. මම යන්නත් කලින්ම මෙන්න එයා ඇවිත් මාව බලන්න. ඉතින් කුරේ ක්‍රීඩාංගනේම පිරිලා තිබුනේ එයාගේ මතකයන් වලින්...

දවස පුරාවටම මගේ ලඟ හිටපු එකම කෙනා එයා.. මට මහන්සි දැනුනම එයාගේ එක හිනාවකින් මගේ මහන්සිය නැතුව ගියා. එයාගේ එක බැල්මකින් මම කොච්චර සතු‍ටු වුනාද කියලා එයා දන්නවා නම්. ඒත් එයාවත් දන්නේ නැතුව ඇති මම එයාව දකින්න මෙච්චර ආසාවෙන් හිටිය බව. ඉතින් මේ පිස්සු කෙල්ල එයා වෙනුවෙන් කොච්චර නම් දේවල් කරාද? .

ඒත් .. සමහරවිට එයා ඒ මුකුත්ම දන්නේ නැතුව ඇති.. හ්ම්ම්..එයාව දැක්කම මට දැනුනේ පුදුම සතුටක්...මුලු දවසක් පුරාවටම එයා එක්ක ඉන්න ලැබෙන එකම කොච්චර සතුටක්දඒ සතුට අනිත් හැම දේකටම වඩා වටිනවා කියලා මට එදා තේරුනා. 

එයා ටිකක් විතර ආඩම්බරයි, ඉතින් ඒ ආඩම්බරකාරයට මේ තරමට ආදරේ කරන මේ පුංචි කෙල්ල ගැන එයාට නොදැනුනා නම් තමා පුදුම. අපි ලඟින් හිටියෙ නැතත් මගේ හිතේ හැම වෙලේම හිටියේ එයාමයි, මට හැම තර‍ඟෙකටම යන්න බැරි වුනත් එයා මම දකින දකින හැම වෙලාවකම හිටියේ මොකක් හරි තර‍ඟෙකට දුවන ගමන්.. තුන් පා දිවීම, කඹ ඇදීම, යෝගට් කැවීම, මීටර් 100 දිවීම. ඒ ඔක්කෝගෙම එයා හිටියා. පිස්සා.. ඒත් අන්තිම මොහොතේ කොහොම හරි එයා එක්ක තරඟ දෙකකට යන්න මේ පිස්සිට අවස්ථාව ලැබුනා. එවෙලේ තරම් සතුටක් එදා දවසටම මට තිබුනෙම නැති තරම්. ඈතින් ඉඳන් එයා දිහා බලලා සතු‍ටු වුන මම දැන් එයා එක්කම එකම තර‍ඟෙක එකට.. ඊටත් වඩා දෙයක් තියෙනවද මට.

මුළු දවසම ගෙවුනේ එයා එක්කමයි, ඒත්...... අවාසනාවකට දවස ඉවරයි.. අපිට සමුගන්න වෙලා.....  සතුටෙන් ගෙවුන ඒ දවස කොච්චර සතුටක් ගෙනාවත් වෙන් වෙලා යන මොහොතේ, එයාට සමුදෙන මොහොතේ මට දැනුනේ කියාගන්න බැරි දුකක්. ආයේ කවදා නම් එයාව මුණ ගැහේවිද? සමහරවිට තව අවුරුද්දකින්, එහෙමත් නැත්නම් දෙකකින්. මූණු පොතේ නම් අදින් පස්සේ නිතරම එයාව මුණ ගැහේවි. ඒත්.. එහෙම හිතලාවත් හිත හදාගන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ.. හවස 5.30 වෙනකන්ම ඉඳලා සමූහ ඡායාරූපෙත් අරගෙන එළියට බැස්සෙත් එයාට හිතින් සමුදෙන ගමන්. එයා තව ටිකක් මෙහෙම ඉඳීවී.. ඊට පස්සේ කුරේ ground එකට සමු දීලා යන්නම යාවි. ඉතින් එයා වෙනුවෙන් මගේ හිතේ ඉතිරි මේ මතක විතරයි. එදා මම හිතුවේ එහෙමයි.

ඒ මතකයන් එක්ක දවස් දෙකක් ගතවෙලා ගිහින්.. ඒත් .. තාමත් මගේ හිත එයාව හොයනවා. පින්තූර හැම එකකම පැතිරුන හිනා මූණු අතරේ මම එයාව දකිනවා. හිතට දැනෙන පාළුව තනිකම මකාගන්න අද මට ඉතිරි එයාගේ මතකයක් විතරයි. ඉතින් හැමදාටම ඒ මතකය මා ගාවම තියේවි. මගේ හිත හැමදාමත් එයාට ආදරෙයි, ලෙංගතුයි...




ඉතින් අපේම සයිබර් සිහින උළෙල මම ඔයාට හැමදාමත් ගොඩක්ම ආදරෙයි..



:P දැන් කට්ටිය මට හෝ ගාලා බනිනවද දන්නේ නෑ.. ඔන්න මගේ ආදර කථාව. හැමදාටම මතකයේ ‍රැ‍ඳෙන සතුටක්ම වෙන මගේ ආදර කථාව... ගෙවිලා ගිය ඒ දවස ආයේ ගන්න බෑ.. ඒත් ඒ මතකයන් හැමදාටම සතුටක් ගෙනේවි. අපේම සහෝදර සහෝදරියෝ එකතු වෙලා පවත්වපු සයිබර් සිහින උළෙලට ආපු, නොආපු ඒත් අපිට විවිධ අයුරින් සහයෝගය දක්වපු හැමෝටම ගොඩාක්ම ස්තූතියි. සිහිනයක් වෙන්න නොදී ඒ සිහිනය සැබෑවක් බවට පත් කරන්න වෙහෙස වුන ප්‍රවීන, ආධුනික සියළුම බ්ලොග් කරුවන්ට, බ්ලොග් පාඨකයන්ට, ස්තූතියි.


හිතින් හිත බැඳුන 
නෙත් වල සෙනෙහස පිරුන
ඒ සොඳුරු දවස ගැන
මුකුත් ලියන්න හිතෙන්නෙ නෑ ඇත්තමයි
මොකද මන්දා මේ තරම් හිත අසරණ...
පැය ගනන් වෙහෙසිලා
වචන දෙක තුනක් ගැට ගහන්
ලියන්නට හැදුවාම,
ආයෙමත් ඒ පාළුව
පසා කරගෙන යනවා මුළු හිතම....
පින්තූර බල බල
මතක ටික ටික අහුලන්
හිනාවෙනවා මම
තනියමම සත්තයි...
චතූ මිතූ, රාජ් අයියලා
අභීත, දේවා, පොඩි මෑන් , හිතූලා
උදිත් , ඩී ලී, බිම්සර , ජේඩීලා
හිම හංසි, රෙපා, ඉරූ, චාමිකලා,
ගැමියා, පිටසක්වලයා, වර්ණා , නාකියාලා,
අහිංසක සිංහයෝ, හාවෝ සහ දඟ මලු
පහන්, ගෙහාන් අයියා, පවනි තරංගලා
දුශ්, ඔබා මාමා, හසී, දුකා අයියලා
රචින්ත, රුචක, අයේශා
හිත හොඳ පිස්සෝ, පිස්සොන්ගේ පලා මලු,
රනා අයියා, තරූ, චම්මලා,
කුබූ, පූසා, වෙනි අයියා, ස්කූබි ඩූ ලා
දඟයා, සඳ කිඳුරා, පණුවා අයියලා, 
e-mail කවිකාරි, සුළැඟිල්ලා, සුමිත් අයියා
ප්‍රසාන් , ගයාන්, ගුණේ, සිහින අයියලා..
බැඳුනු ඒ මිතුදම්
මතකයේ ‍රැ‍ඳෙවි,
යලි යලිත් අලුත් වී 
සිනා මල් ගෙනේවි...


ප.ලි- ලියන්න දෙයක් තිබුනේ නෑ ඇත්තටම. ඒ තරමටම සිහින උළෙල මතකයන් ගොඩක් ඉතිරි කරලා තිබුනා. ඒ ඔක්කොම ගලපගන්න විදියක් මට තිබුනේ නෑ. ඉතින් අපි හැමෝම ආදරය කරන ඒ මතකය මේ විදියට වචන වලට ගලපන්න මට හිතුනා.හොඳ නැත්නම් කියන්න හොඳේ.. ;) 

CONVERSATION

98 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ලස්සනට ලියලා. මම ඒත් මුල ටික කියවද්දී හිතුවා ප්‍රාර්ථනා නංගී කොක්කක්වත් ගහගෙනද කියලා. :D

    ReplyDelete
    Replies
    1. හික්ස්.. මට මොන කොකුද බට්ටි අක්කේ.. ආදරේ කරන්න ඕනේ තමන් කරන වැඩේට. ඉතින් මට සිහින උළෙල ලෝකයක් වටිනවා.. ඒ ඒක අපේ උන් එකතු වෙලා කරපු වැඩක් නිසා. ස්තූතියි හොඳේ..

      Delete
  2. ගැනු ලමය කාපු කටු ගැන ලිව්වෙ නැත්තේ ඇයි..මහ රෑ වෙනකන් අම්මගෙන් බැනුම් අහල වැස්සේ තෙමිල...කොච්චර දෙවල් ඔය අවුරුදු උත්සවේ පිටුපස තියෙනවද...නේද ලොකු නංගියේ....

    ReplyDelete
    Replies
    1. ඒවයින් ලැබුන ප්‍රථිපලය ඊට වඩා ගොඩාක් වටිනවා මට අයියේ.. ඒ හැම වෙලාවකම අපේ ලඟින්ම හිටිය ඔයාටත් ගොඩාක් පින්. ඒ සතුට ඔයාටත් අයිතියි. අපිට මේ තරම් සතු‍ටු නම් ඔයාට කොයි තරම් සතු‍ටු ඇත්ද?

      Delete
  3. වෙච්ච මහන්සියට ප්‍රතිඵල තියෙනවනෙ ඉතින් ඒ මදෑ....ඊළඟ පාර එකට නම් කලින් එනවා.....බොහොම ස්තූතියි අපිවත් මතක් කරාට....ජය වේවා....!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පිස්සා.. ගොඩාක් සතු‍ටුයි ඔයාලා ආපු එක ගැන.. :)))

      Delete
  4. අඩේ මං හිතුවෙත් එක්කෙනෙක්ට හරි ගිහින් කියල. බලන් ගියාම අවුරුදු සිහින උළෙලනේ මෙයාගේ කුමාරයා.

    අපිත් එහෙනම් ලබන පාර අනිවා එනවාලු.

    ReplyDelete
    Replies
    1. අඩේ මට කොහේ හරි යන්නද අනේ.. හී හී... තමන් කරන වැඩේට ආදරේ කරන්න කියලානේ අපේ අම්ම කියලා තියෙන්නේ, හී හී.. ඉතින් මම ආදරෙයි මගේ සිහින අවුරුදු කුමාරයට..
      ඊළඟ පාර අනිවාර්යෙන් එන්න..

      Delete
  5. ඇත්තටම මං හිතුවේ ඔයාගේ ආදර කතාව ලියලා කියලා.....
    :D
    නියමයි නියමයි එදා දවසනම්

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින්.. මගේ යාළුවට නොකියා මම කාටවත් ආදරේ කරනවද මැට්ටියේ... එදා දවස ගැන නම් වචන නෑ ඉතින්..

      Delete
  6. දැන් දැන් මෙයාගේ පෝස්ට් හොදට කියවලා ඕන කමෙන්ට් දාන්න... :)

    ReplyDelete
    Replies
    1. හේ හේ.. ඒ මොකෝ අයියේ...

      Delete
  7. ප්‍රසාන්...April 24, 2012 at 3:31 PM

    බොහෝම අගෙයි නගා ලිපිය......ඒ ආදරය ඉක්මනටම ලැබෙන්න කියලා මම මුලු හදවතින්ම ප්‍රාර්ථනාට ප්‍රාර්ථනය කරමි.........!!!!!

    ReplyDelete
    Replies
    1. ඒ ආදරේ ආයේ ලැබෙන්නේ ඉතින් ඊළඟ අවුරුද්දේ තමා අයියේ.. ස්තූතියි ..

      Delete
    2. අයියගේ හිනාව ඇල්ලුවේ නෑ වගේ.. :P

      Delete
    3. ඔන්න බලන්න ඉතින්... :(

      Delete
    4. ඔව්වා ගනන් ගන්නෙපා අක්කි!! ඊරිසියාවට ඔය :/

      Delete
  8. ෂාහ්....තනිකරම කවියක්නෙ....:)))
    සුබ පැතුම්...!! ආයෙත් හමුවෙමු.....

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඔබවත් දැකගන්න ලැබුනා අවුරුදු උත්සවේදි.. වැඩිය කථාකරන්න වුනේ නැති වුනත් සතු‍ටුයි අයියා... ස්තූතියි.. ආයෙත් හමුවෙමු අනිවාර්යෙන්..

      Delete
  9. ඔය කීවට අනිවා කාට හරි හිත ගොහින් වගේ.....

    ReplyDelete
    Replies
    1. හපොයි... මට කාටවත් හිත ගියේ නෑ අනේ..;) :D

      Delete
  10. මුල ඉදන් කියවනකොට මාත් කල්පනා කලේ කාටද කොක්ක ගැහුවෙ කියලා....ලස්සනට ලියල තියනවා..ඒ වගේම ඒ දවසත් ගොඩාක් ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. කාට කොකු ගහන්නද අනේ.. ස්තූතියි තරූ..

      Delete
  11. ලොග් වෙන්න බැරිවුනාට සොලි අක්කි!!!:(

    හික්ස්ස්.. මම හොදටම බය ව්උනා..:O මුල ටික කියවගෙන එද්දි... අක්කියා මටත් නොකියා හොරෙන්ම කාටද ආදරේ වුනේ කියලා මම කල්පනා කලේ.. හැබැයි මට සැකයිත් වගේ..;) හික්ස්ස්...:D

    ශෝයි නෙ එදා.. මෙච්ච්රකල් කතා කරපු අයව එදා හැබැහින්ම අදුරගත්තානෙ. ඔයාවත් :* :* <3

    ReplyDelete
    Replies
    1. හික්ස්.. මම ඔයාට නොකියා ඉන්නවද අනේ එහෙම දෙයක් නම්.. හික්ස්.. සැක කරන්න එපෝ.. ;) :D
      ඒකනේ නංගියෝ, කොච්චර කට්ටියව අඳුරගත්තද එදා..

      Delete
    2. දැන් ප්‍රාර්ථනා ආදරේ කරන්න ඕන හිතූගෙන් අවසර අරන්ද? අපෝ මෙයාටනම් කියන්න එපා නඟා මාත් එක්ක කිවුවත්... :)

      Delete
    3. හිතු = බය වෙන්න එපා එදා මම ආවේ නැහැ නේ.

      Delete
    4. හෑ...:O මෙන්න බොලේ වැඩක්.. මේ අඅවෙ නැති අය ඉරිසියාවට මෙතනත් අපිට මඩ ගහලානෙ..:p

      දිනේශ් අයියා- අලේ යන්න අලේ යන්න.. මගෙ අක්කියා මට නොකියා කොහෙ ආදරේ කරන්නද :p අපි දෙන්නා කාට හලි ආදරේනම් ඉස්සෙලාම කියන්නෙ අපි දෙන්නාටනෙ ;) :p

      අසර් ඛාන්- අපෝ... ඔයා ආවනම් විනාසයි.. කට්ටිය ඔයාව සූ එකට අල්ලලා දෙනවා අප්‍රිකාවෙ ඉන්න විශේෂ වඳුරු වර්ගයක වඳුරු පැටියෙක් මෙහෙට සංක්‍රමණය වෙලා කියලා..:p :p :p ;)

      (විහිලූ හොදේ )

      Delete
    5. එහෙනම් බ්ලොග් ලියන කියන හැමෝම මගේ බ්ලොග් එකට එනවා වඳුරෙක් විසින් ලියන බ්ලොග් එක බලන්න.එතකොට කාටද ආඩම්බර..

      Delete
  12. ඔව් ඉතින් මේ සිහිනය යතාර්ථයක් කර ගන්න ඔය නංගිලා මාස ගානක් තිස්සේ කාපු කට්ටේ හැටියට මේකට ගොඩාක් ආදරේ කරන්නම ඕනනේ. එදා දවසේ මතකය හැමදාමත් අපේ හිත් ඇතුලේ හැංගිලා ඉදිවී.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් අයියා. ඒ මතකයන්. ඒ බැඳුන මිතුරුකම් හැමදාටම අපේ මතකයේ තියේවි.

      Delete
  13. මුල ටික කියවද්දි වෙන දෙයක්නේ හිතුනේ :D

    ReplyDelete
  14. මමත් ඉතින් හිතුව වෙඩින් කේක් කෑල්ලක් කන පුළුවන් කියල
    බලන යද්දී අපි හැමෝගෙම ලව් 1ගැන නේ ලියල තියෙන්නේ:)
    අයෙත් ඒ වගේ දවසක් එනකම් බලන් ඉන්නව

    ReplyDelete
    Replies
    1. හෙ හෙ... දැන්ම වෙඩින් කේක් කන්න නම් හිතන්න එපෝ.. හෙ හෙ.. ඔයත් එයාට ආදරෙයිද මල්ලියෝ.. නියමයි නියමයි..

      Delete
  15. මම කේක් කන්න කියලා මේ පැත්තට ආවේ කමක්නැ සංවිධායක මණ්ඩලයේ අයට ගෙදර එන්න කියලා පොල්ලක් තිබ්බා මතකද

    ReplyDelete
    Replies
    1. මේ.. එන්න එපා හරිද? මම පොලු තිබ්බේ නෑ.. ඔයාලමනේ එන්න බෑ කිව්වේ..

      Delete
  16. උපරිමයි නගා.. උපරිමයි.. ඕනිම සාර්ථක උත්සවයක් අවසානයේ සංවිධායකයන්ට ලැබෙන සතු‍ට ‍වචන වලින් ලියන්න කියන්න බෑ.. ඒක නම් ඇත්ත.. :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ අයියා.. ස්තූතියි හොඳේ. ඔයාලා හැමෝවම අඳුරගන්න ලැබුන එක සතුටක්..

      Delete
  17. මේන් මෙයත් මොනවද ලියලා...... :-D

    ReplyDelete
    Replies
    1. ලිව්වා නේන්නම් අයියා.. කොහොම හරි අයියගේ ක්‍රමේ හරි ගියා.. හෙ හෙ

      Delete
  18. එල අක්කෙ එල............ලබන පාරවත් හමුවෙමු... :-)

    ReplyDelete
  19. මං බැලුවා මටත් නොකියා අක්කියා මස්සිනෙක් හොයාගෙනද කියලා.. :P
    බනින්න වචන ටික ලෑස්ති කරගෙන හිටියේ.. සැක් අපරාදේ චාන්ස් එක

    ReplyDelete
    Replies
    1. හික්ස්.. හපොයි මම චුට්ටක් බැනුමුත් ඇහුවනේ මගේ මල්ලියගෙන් .. :D .. ඔයාට නොකියා එහෙමත් ඉන්නවද මම අනේ.. :D

      Delete
  20. මම ද පෙම් කළෙමි..
    දවස අවසන් වීය..
    මට දුක සිතුණි!!

    ReplyDelete
  21. මම හිතුවා මගේ ගැනයි ලිව්වේ කියලා.. අපරාදේ!!
    ආයෙත් ඊළඟ අවුරුද්දේ හමු වෙමු අක්කේ!

    ReplyDelete
    Replies
    1. හපෝ.. මෙන්න මල්ලිලා. හෙ හෙ හෙ.. හැමෝම දැක්කා අඳුරගත්තා.. මටත් හරිම සතු‍ටුයි මල්ලියෝ..

      Delete
  22. වැඩේ ලස්සනට තිබිලා. මුණු පොතෙත් පිටු පුරාම පිංතූර.. අපූරු මිතු දමක ගෙවුණ දවසක්..
    කෙටි වෙලාවක් හරි වෙන්කරගෙන විනාඩි දෙක තුනකට හරි ‍ඇවිත්යන්න තිබුණානම් කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අපරාදේ අයියා. ආව නම් හැමෝවම අඳුනගන්න තිබුනා.. කමක් නෑ ඊළඟ පාර බලමුකෝ අපි..

      Delete
  23. හානේ ඔයත් ආවද? ;)

    ReplyDelete
    Replies
    1. හානේ.. ඔයා දැක්කේ නැද්ද මාව.. මම අයියා කිව්වා කියලා අඬ අඬ හිටියේ.. ඒ ඔයා නෙවෙයිද? :P :D ;)

      Delete
    2. හික්ස්ස්... අක්කි මේ කිරි සුදු පූස් පැටියාට අයියා කියලා පූස් අයියා බිම පෙරලිලා අඬපු හැටි මට තාමත් මතකයි හෆ්ෆා...

      Delete
  24. අපොයි දෙවියනේ මමත් කියවගෙන කියවගෙන යනකොට හිතුවෙ වෙන කතාවක් නොවැ. හි හී ලස්සනට ලියලා තියෙනවා ඔයා

    ReplyDelete
    Replies
    1. හික්ස්.. හපොයි දෙවියනේ හැමෝම ‍රැවටිලා නොවැ.. ස්තූතියි කාව්‍යා

      Delete
  25. ඕවා හරියන්නෙ නෑ.. හොරයි.. :(

    ReplyDelete
  26. මට ගොඩක් දුකයි එන්න උනේ නැති එකට.... අනිවා ලබන පාරනම් කොහොම හරි එනවා........

    ReplyDelete
    Replies
    1. ඊළඟ පාර අනිවාර්යෙන් එන්න යාළු..

      Delete
  27. මම බය වුනා මේ කියන්නේ මන් ගැන කියලා..මේ මොඩයා කිරි කෑවේ මාත් එක්ක...තව පොඩ්ඩෙන් මට හාට් ඇටෑක් එකක් එනවා....බුදු අම්බො....

    ReplyDelete
    Replies
    1. අන්න ටැපලිලා.. මම නැ‍ටුවේ ඔයා එක්ක.. කිරි කෑවේ නෑ මම අනේ.. හික් හික්

      Delete
  28. මට ඇයි මේ හිතෙන්නේ මේ අහළ පහළක නංගි නැත්තේ මොකද කියලා...





    වෙන මොනවටවත් නෙමේ මෙහෙම රවට්ටනවට හොද ටොක්කක් අනින්න.. එක්කෝ අපිටත් හොද වැඩේ අනුන්ගේ ඕප දූප හොයනවට... හැබැයි ඉතින් කාට හරි දෙයක් නොකියා කියනවා වගේ කතාවකුත් මට නම් මේකෙන් පේනවා.. අනේ මන්දා මම වපරද කියලා..;)

    ReplyDelete
    Replies
    1. හී හොඳ වෙලාවට ලඟ නොහිටියේ ..
      අනේ මම හරී අහිංසකයි අනේ.. කවුරුත් ගැන නෙවෙයි මේ කිව්වේ.. නාකියා අයියා වපර නෙවෙයි අෆ්ෆා, වයස නිසා ඇස් පේන්නේ නැතුව ගිහින්.. ඒකයි ඔය. :P ;)

      Delete
  29. අනිවාර්යෙන්ම ප්‍රාර්ථනා.....

    ReplyDelete
    Replies
    1. ඔයා ආවද මකුළුස්.. මම දැක්කේ නෑනේ අනේ.

      Delete
    2. මයික් එකක් උස්සගෙන ඇවිද්දේ මම තමා හලෝ දුලාන්,ජනරඟ,සුද්දී ඇරුන විට.... :)

      Delete
  30. අහ්... සිරා වැඩක්.. සුපිරි නංගි...

    ඔයා ගැන මගෙන් දෙතුන් දෙනෙක්නම් ඇහුවා.... අර වර්ණ ලියන දිනේශ් මලයා මේ පැත්තේ කැරකෙනවා වැඩියි වගේ ටිකක්.... ;) :D

    ReplyDelete
    Replies
    1. අපිට එහෙනම් ඇත්තටම කේක් කැල්ලක් කන්න පුළුවන් වෙයිද දන්නේ නැ නේද අභිත අයියේ.....

      Delete
    2. කේක් කෙසේ වෙතත් මේ කියලා තියන විදිහට තව පොඩ්ඩෙන් මගේ දානේ සෙට් වෙනවා ඔක්කොටොම...

      Delete
    3. @අභීත අයියා- හික් හික්.. හපොයි අයියේ.. අනේ මම නම් නෑ ඕවට.. හී හී.. ස්තූතියි හොඳේ..

      @සී.නි- හෙ හෙ.. ඇත්තට කේක් කන්න තව ගොඩක් කල් බලන් ඉන්න වෙයි නගේ..

      @ස්කූබි- වැරදිලාවත් ඔයා ගැන නම් ලියන්නේ නෑ මම .. හෙ හෙ

      Delete
    4. අභීත මහත්මයා මේ මට මඩක් ගහලා නොවැ.....

      Delete
  31. වැඩේ නම් උපරිමෙන්ම සතුටු වුණා ප්‍රාර්ථනා....

    අපරාදේ කේක් කැල්ලක් කන්න දත කට මැදගත්තා......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සි.නි.. අනේ ඉතින් එදා අපි කෑවේ කේක්..

      Delete
  32. මම ඒත් බැලුවා මොකද මේ වෙලා තියෙන්නේ කියල.එක එක දේවල් හිතුනා.අනිතිමටම හිත වෙනස් වුනා.

    ReplyDelete
    Replies
    1. හික්ස්.. මොනවද අෆ්ෆේ ඔය තරමට හිතුනේ

      Delete
  33. අපිව නොමග යැව්වට නම් සමාව දෙන්න අමාරුයි නගෝ...:D
    ෆන් එක නම් උපරිමයි.... ඔයාලා හැමෝටම පිං අපි හැමෝම වෙනුවෙන් කාපු කටු වලට!

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. නොමඟ යැවුවේ නෑනේ අනේ.. ඔය යටින් ඉන්නේ ලස්සනට බැබලි බැබලි මම ආදරෙයි කියපු කෙනා..
      ස්තූතියි අයියා..

      Delete
  34. මට එන්න බැරි වුනානේ සික්

    ReplyDelete
    Replies
    1. අපරාදේ.. ඊළඟ සැරේ එන්නකෝ ඉතින්

      Delete
  35. මදෑ මං හිතුවෙ නගා අවුරුදු උත්සවේ අස්සෙ ගොඩ ගිහින් කියල නොවැ.
    මේ හැට හතරෙන් කීවෙනි එකද?

    ReplyDelete
    Replies
    1. හික්ස්.. පිස්සුද අයියා අපි ගොඩ යන්නේ නැ‍තෝ..
      හපෝ,, මම 64 දැම්මේ නෑ හලෝ.. :P

      Delete
  36. අනේ මාව හලලෝ...


    කඹ සීන් එකේ තරහටද කොහෙද :පී

    ReplyDelete
    Replies
    1. හපොයි. හික් හික්.. හැලුවේ නැ‍තෝ.. එහෙමත් කරනවද අනේ මම... :P

      Delete
  37. හික් මදැයි කේක් කෑල්ලක් කන්න කියලා හිතන් පෝස්ට් එක කියෙව්වා! :D මොනා වුනත් ලෙංගතු කමින් පිරුණු සුන්දර දවසක් අක්කා ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තට හැමෝම කේක් කන්න බලාගෙන ඇවිත් තියෙන්නේ.. හයියූ..
      එදා සතුට නම් උපරිමයි නේද මල්ලියෝ..

      Delete
  38. අනේ ඉතින් අපටත් එන්ඩ බැරි උනානෙ... මේ තොටුපොල දාලා කොහේ එන්ඩද අප්පා.. මිනිස්සු එගොඩ කරන්නත් එපායැ.. ලබන සැරේවත් බලමු එහෙනම්

    ReplyDelete
    Replies
    1. ඕක වෙන කෙනෙක්ට හරි භාර දීලා ඇවිත් යන්න එපාය අනේ.. එහෙනම් ඊළඟ සැරේවත් බලමුකෝ..

      Delete
  39. අඩේ....... මං හිතුවේ ප්‍රර්ථනා අක්ක ට හරි ගිහින් කියලා......
    මදැයි කේක් කන්න බලන් හිටියා......

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  40. හැංගිච්ච මොකක්හලි කටාවක් ටියෙනෝ..........;)

    ReplyDelete
  41. මොකුත්ම කියන්නෙ නෑ මම

    ReplyDelete
  42. අයියෝ.. මම මුල් කොටස කියවලා..ඉවර වෙනකන් ඉන්න බැරි නිසා අන්තිම කොටස කියෙව්වා කවුද මේ ආදරේ කියලා බලා ගන්න.. මදැයි.. හෙහ් හෙහ්.. මට එන්න බැරි වුනානේ.. :)

    ReplyDelete
  43. ඇන්දුවා ගානට නේ? ඒකත් ජයසිරි මංගලම් වෙයි කියලා මාත් හිතුවෙ. එක අතකට ඔයින් ගියා ඇති. මොකද බ්ලොගර්ල දෙන්නෙක් සෙට් වුනාම උන් දෙන්නා බ්ලොග් වල ලව් ලෙටර්සුයි ප්‍රේම යාතිකායි දාන්න ගත්තොත් කියවන අපිට වාතයක් වෙන්න පුලුවන්නෙ..

    henryblogwalker the Dude

    ReplyDelete
  44. හිහිහී‍‍.. දුවද්දි මට හිතුණා.. නංගියා අපිටත් හොරෙන් කේක් කන්න යන්නෙ කියලා.. :D

    දුකයි එන්න වුණේ නැති එක ගැනනම්.. බලමු ඉදිරියටවත්..!
    එතකල් ස්තූතියි ඔයාලට ගොඩක්.. මේ තොරතුරු වලට වගේම එදා දවස ලස්සන කරන්නට දුන්න අතහිතත්...!!! :)

    ReplyDelete
  45. නම් ට්ක තිබ්බ පද පේලිය නම් පස්ටයි ඈ..

    ReplyDelete

Back
to top