෴ තුහින වර්ෂා෴ හත්වන කොටස

හැඳින්වීම










කාලය.. කොයි තරම් නම් දේවල් අපේ ජීවිතේට ලං කරනවද... ඒ වගේම කොයි තරම් දේවල් අපෙන් ඈත් කරනවද? ඒ වගේමයි අපේ හිත.. සමහර වෙලාවට හිත ඉල්ලන දේ හොඳටම දැන දැනත් එහෙම නෑ කියලා හිතන්න වෙන වෙලාවල් ඕනේ තරම්. ඒ වගේම හිතට ඕනේ දේ හිතාගන්න බැරි වෙන වෙලාවලුත් ඕනේ තරම්. වචන වලින් ගලපගන්න බැරි හැඟීම් හිතේ හිරකරගෙන කොයිතරම් නම් දුක් විඳිනවද අපි හැමෝම. හ්ම්ම්.. දවසින් දවස මගේ හිතට ලං වුන මහීන් එක්ක මගේ තිබුන බැඳීම මොකක්ද කියලා හරියටම තේරුමක් නැති වුනත් ඒ බැඳීම මහීන්ට මාව, මට මහීන්ව නැතිව බැරි වුන බැඳීමක් වුනා. දවස ගානේ එවන මැසේජ් වලින් හැමවේලේම රණ්ඩු වෙන එක අපි දෙන්නගෙම දින චර්යාවේ කොටසක් වෙලා තිබුනා. වෙලාවක් කලාවක් නැතුව දවසේ හැම වෙලාවකම මගේ ෆෝන් එකට එන මැසේජ් ගැන මගේ යාළුවන්ට නම් තිබුනේ පුදුම ප්‍රශ්නයක්.. ඒත්.. අපි දෙන්නට නම් ඒකේ කිසිම ගානක් තිබුනේ නැති තරම්.

ඒත් එතන තිබුනේ ආදරයක් නෙවෙයි.. ඔවු ඒ ආදරයක් නෙවෙයි.. යාළුවෝ මොනදේ කිව්වත්, මොනවා වුනත් ඒ කිසිම දෙයක් ආදරේ නෙවෙයි..ඒත් මහීන්ව දැකපු මුල්ම දවසේ මගේ හීන කුමාරයා මේ වගේ නේද කියලා හිත ගැස්සුන හැටි හිත දෙගිඩියාවෙන් ඉන්න හැම වෙලාවකම මට මතක් වුනේ ඇයිද මන්දා...

කමක් නෑ.. වෙන දෙයක් වේවි.. කාලය හැමදේම විසදාවි..

හැමදාමත් ඒ ගැන හිතද්දි මගේ හිතට ආවේ ඒ විසඳුමම විතරයි..
ඉතින් අදත් පැය ගානක් තිස්සේ කල්පනා කරලා කරලා වෙනදා වගේම ඉස්සර දේවල් මතක් වෙලා මට ඇඬුම් ආවා. ඒ අතීතය හිතේ ගැඹුරුම තැනක තියෙන තුවාලයක් වගේ.. සැරෙන් සැරේට ඒ තුවාල පෑරුනාම දැනෙන්නේ පුදුම වේදනාවක්.

මොකද මේ මූඩ් ගහගෙන හීන කුමාරයා මතක් වුනාද?

එක පාරට එතනට ආපු දුලී මගේ අතක් කොනිත්තන ගමන් ඇහුවා.

උඹට නම් පිස්සු, මට ඔය කාවවත් මතක් කරන්න එපා බන්. කොල්ලෝ කියන ජාතිය තේරුම් ගන්න තරමට මම මේ ලෝකේ දන්නේ නෑ බන්. හැමෝම කරන්නේ දුක් දෙන එක. එහෙම දුක් විඳ විඳ ආදරේ කරන්නේ මොකටද බන්. මහීන් මගේ හොඳම යාළුවෙක්. එයාවත් ඔය ලේබලේ ගහලා නැති කරගන්න මම කැමති නෑ. ඒ නිසා එයාට ඇහෙන්න නම් ඔය විකාර කියවන්න එපා.. ඒ පාර එයා හිතයි මම එයා ගැන interest කියලා.. අන්තිමේ ඉඳලා ඉඳලා ලැබුන හොඳ යාළුවෙකුත් නැති වෙනවා.

හිතේ තිබුන වේදනාවට , තරහට , එහෙම කිව්වත් දුලීගේ මූණ අමුතු වුන හැටි දැකලා මට දැනුනේ දුකක්..

sorry හලෝ.. ඔයා දන්නවනේ මම ඔය දේවල් වලින් විඳපු වේදනාව. ඉතින් ආයෙමත් ඒ වේදනාව විඳින්න මම කැමති නෑ.. ආදරේ මහාම බොරුවක්.. විකාරයක්. ඒක ගැන කථා කරන එක වැඩක් නෑ මා එක්ක"

"ඒත්.. උඹම හිතපන් ටිකක්... උගුරට හොරා බෙහෙත් කන්න බෑ නේද? උඹ මහීන් දිහා බලන්නේ ඔය වෙන එක කොල්ලෙක් දිහාවත් බලන විදියට නෙවෙයි. අඩුමගානේ උඹ අර ලස්සනයි ලස්සනයි කියලා නැහෙන්න හදපු කොල්ලා දිහාවත් උඹ එහෙම බලලා නෑ. මහීන් වුනත් එහෙමයි. උඹ එක්ක ඉද්දි මහීන්ට වෙන කවුරුත්ම මතක නෑ. අඩුම ගානේ මේ උඹගේ එහා පැත්තේ ඉන්න අපිවත්... අනේ මන්දා , දන්නම දෙන්නගේ හිත් රවට්ටගන්නවා. මොකක්ද බන් මේකේ තේරුම.. "

දුලී අහපු ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් මගේ ගාව තිබුනද නැද්ද කියලා මමවත් දැනගෙන හිටියේ නෑ. මම කරපු එකම දේ දුලී කියපු හැමදේම කරබාගෙන අහගෙන හිටපු එකම විතරයි.

එදා හවස් වරුවම එක එක විකාර හිතේ පුරවගෙන ගෙවිලා ගියේ නොදැනුවත්වම.ඊට පහුවෙනිදා  මගේ ඒකාකාරී ජීවිතේ තවත් දවසක් උදා වුනා. වෙනදා වගේම උදේම ඇහැරිලා ලෙක්චර්ස් යන්න ලේස්ති වුනා.. ඒත් ඒ ඒකාකාරී දවස ඇතුලේ හැංගුන මොකක්දෝ සුන්දරත්වයක් මට නොදැනුනාම නෙවෙයි. හිත ඇතුලෙන් එන මොකක්දෝ සතුටකින් හිත හිරි වැටිලා යද්දි ජීවිතේ කොච්චර ලස්සනද කියලා මට හිතෙන්න ගත්තා, කාලෙකට පස්සේ, ඔව්.. කාලෙකට පස්සේ මම හදවතින්ම හිනා වුනා.. ඒත් ඒ සතුටට හේතුවක් තිබුනේ නෑ. එක්කෝ මම දැනන් හිටියේ නෑ..

කාලෙකට පස්සේ හුරතල් විදියට කැම්පස් යන්න ඕනේ කියලා හිතුනේ මොක්ද මන්දා.අල්මාරියෙන් රෝස පාට හැට්ටෙකුයි, ඒකටම කැපෙන සායකුයි ‍තෝරගත්තේ රෝස පාටට කෙල්ලෙක් හරි ලස්සනට පේනවා කියලා අපේ අම්මා මට කියලා තිබුන නිසා. ඒකටම ගැලපෙන්න කොන්ඩේ එක කරලට ගොතාගත්තාම මටම මං ගැන ආස හිතුනා.

කණ්නාඩියෙන් දෙතුන් පාරක්ම හැඩ බලලා වෙලාව බලද්දි හොඳටම පරක්කුයි. බෑග් එකත් දාගෙන ඉක්මනට දිව්වේ බස් එකක් අල්ලගන්න. දුලී එක්ක කැන්ටිමෙන් බඩ පුරවගෙන ලෙක්චර් එකට යද්දිම ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා දැනුනා..ෆෝන් එක දැක්ක ගමන් මගේ මූණට ආපු හිනාව දැකපු දුලී අමුතු හිනාවක් දැම්මා.

1 new text message-  maheen

මම දඩිබිඩියේ ඔක්කොම වැඩ නතර කරලා මැසේජ් එක කියවන්න ගත්තේ පුදුම හදිස්සියකින්.

hii chuuti kella, udhema mama oyaawa dhakka law eka paththe. kalabaleta duwagena yanawa. mokada lectures walata late wunada

චූටි කෙල්ල... ඒ වචන ටික දැක්ක ගමන් මට මොනවා වුනාද මන්දා. ඇඟ පුරාම ගිය සීතලක් මුළු පපුවම කිතිකවාගෙන ගියා වගේ.
ලෙක්චර් හෝල් එකට ඇතුල් වෙලා පිටිපස්සෙම පේළියක් හොයාගෙන ගිහින් වාඩි වුනේ වුනේ හිත ටිකක් විතර කලබල වෙලා තිබුන නිසා.

ow ayya, ada tikak parakku wuna ane. dan nam inne lecture hall eke. oyaata lectures nadda?

ජීවිතේට මහීන්ට අයියේ කියලා කථා නොකරපු මම මොකක්දෝ හේතුවක් නිසා ඒ මැසේජ් එකේ එයාට අයියේ කියලා කථා කරා..
ඒ එක්කම හැරෙන තැපෑලෙන් මෙන්න ආයෙමත් රිප්ලයි එකක්

hmm, matath lectures nanga. eth hithata fit na wage. udhe 
paandarama oya dakka nisaada manda. :P ;) :D. oluwa ridenawa, e nisa kiyala dena melawa deyak oluwata yanne naa.

ආහ්.. එයාටත් මාව නංගා වෙලා.. මාව දැක්ක නිසා හිතට ‍ෆිට් නෑ.. මෝඩයා මෝඩයා මෝඩම මෝඩයා.. හිතින් එහෙම බැන බැන මම ආයෙම මැසේජ් එකක් යැව්වා.

:O, mama dhakka nisaa.. modaya, yanawa yanna. mama dakka nam oyage dawasa hoda wenna epay halo. api nikan ahinsaka mal wagea lamayne. itin api dakkama oluwa ridenne modayonta thama

"මේ.. උඹ නම් අද ලෙක්චර් අහගෙන ඉන්නේ නෑ, කොට කොටම ඉඳීවී. අනේ ඉතින් මුකුත්ම නෑලු ඒ වුනාට.. මම නම් කියන්නේ නෑ උඹට"

ඒ අස්සේ දුලී ආයෙමත් දෙහි කපන්න පටන් ගත්තා.

"හරි හරි බන්, දැන් වද නොදී පාඩම අහන් ඉඳපන්, මට බැරි ඒවා මම අහගන්නේ ඔයාගෙන්නේ සුදු.."

එහෙම කියලා දුලීටත් ශේප් පාරක් දාලා මහීන්ගෙන් රිප්ලයි ආපු මැසේජ් එක කියෙව්වේ ලෙක්චරර්ටත් හිතින් බැන බැන.

hari hari itin, oyaa malak wagea thama, wena mal nathnam.:P , meh.. eka newey, oya ada harima lassanay nangiyo. shok. rosa malak wage. puluwan nam ada meet wemuko api. dhakinnath asay. kalekin dakke nane..

මහීන්ගේ ඒ මැසේජ් එක දැක්ක ගමන් මට මම හිටපු තැනවත් අමතක වෙලා ගියා.

"පිස්සු හැදෙයි.. මෙන්න මෙයා.."

හයියෙන්ම එහෙම කියවුනත් මගේ වෙලාවට ඒක ඇහුනේ දුලීටයි තිසූටයි විතරයි..

"උඹට නම් ආයේ කියන්නේ නෑ හොඳේ..පිස්සුම හැදෙයි තමා මෙහෙම ගියොත් නම්.ඉන්න බැරි නම් එළියට යමු, අහන බැනුමක් තුන් දෙනා එකටනේ. නැත්නම් උඹ මේ දඟලන දැඟලිල්ලට සර් හොඳ නෝන්ඩියක් දාලයි පස්ස බලන්නේ"

ආයෙමත් දෙන්නගෙම බැනුම් අහගෙන කටවහ ගත්තේ දෙන්නම කියපු කථාව බොරුවක් නෙවේ නිසා.ඒත් එවෙල ඉඳන් මගේ හිත නම් කොහොමටවත්ම තිබුනේ ලෙක්චර් එකේ නෙවෙයි..
***********************************************************************************
10.30ට ලෙක්චර් එක ඉවර වුන ගමන් දුලීවයි තිසූවයි ඇඳගෙන මම දිව්වේ science එකට. science එකේ ගේට්‍ටුව ගාවට යනකන්ම එක පිම්මට දුවපු මම එතන ඉඳන් ගමන පටන් ගත්තේ හරිම හෙමින්..

"ඒ පාර මොකෝ, මෙච්චර වෙලා දුවලා ඇවිත් දැන් හෙන හෙමින් යන්නේ"

"එහෙම තමයි බන්, එයාව බලන්න මේකිට හදිස්සිය තිබුනට මේකි
ඒක පෙන්නන්නේ නෑ"


දුලීයි, තිසූයි නෝන්ඩි දාද්දි කට වහගෙන හිටියේ ඒවා ඇත්ත වගේ කියලා මගේ හිත දන්න නිසා. මම එතනට යද්දිත් මහීන් ground එක ඉස්සරහ තිබුන ගහක් යට බංකුවක වාඩි වෙලා ඉන්නවා.
මැයි මල් පිරුන මැයි ගහ යටට යද්දි ඒ දැනුන සීතල හිතම හිරිවට්ටගෙන යද්දි මහීන් මගේ දිහා බලපු විදියෙන් ඊටත් වඩා අමුතු සීතලක් විදුලියක් වගේ මුළු ඇඟම හිරිවට්ටගෙන ගියා. දුලීයි තිසූයි කොහේ ගියාද කියලවත් හොයන්න මහන්සි වෙන්නේ නැතුව මම ගිහින් බංකුව ඉස්සරහ හිටගත්තේ පණ නැතුව වෙවුලන කකුල් වලින්.

නිලුයි සුදුයි ඉරි වැ‍ටුන ටී ෂර්ට් එක එක්ක ඩෙනිමක් ඇඳලා, ඒකටම ගැලපෙන තොප්පියක් දාගෙන හිටපු මහීන්ගේ තිබුනේ හරිම හුරතල් පෙනුමක්.. ඒ හිනාව අස්සේ හැංගිලා තිබුනේ මට තේරෙන්නේ නැති අමුතුම හැඟීමක්. හෙමින් හෙමින් එයාගේ ලඟට ගිහින් බංකුවේ පැත්තෙකින් වාඩි වුනේ එයාගෙන් ආරාධනාවක් නැතුවමයි.

හුළඟත් එක්ක තාලෙට පා වෙලා ආව මැයි මලක් දිහා බලාගෙන බර කල්පනාවකට වැ‍ටුන මහීන්ට මම ආපු බව ගානක්වත් නෑ වගේ.. හීතල හුළඟ. තාලෙට නැලවෙන ගහකොල.. හැමදෙයක්ම මගේ හිතේ උදේ ඉඳන් පුපුරු ගහපු සතුටට පිට පැනලා නිදහසේ දුව පනින්න කියනවා වගේ..

හ්ම්ම්...

දරාගන්න බැරි සතුට ලොකූ හුස්මක් වෙලා පිට වෙද්දි මුළු 
ලෝකෙම මගේ ලඟ කියලා මට එක මොහොතකට දැනුනා.. මහීන් හෙමින් මගේ දිහා බැලුවේ එයාටත් ඒ දේ දැනිලා වගේ..

**********************************************************************************
ආදරය නම් අකුරු හතරේ අර්ථයක් නොදු‍ටු තරුණියක්. සැහැල්ලු දිවියක හීන වලින් පිරුන ඇගේ සිත වටහාගත නොහැකි ගැටළුවක්.. ඇය ඇත්තටම ආදරය නොහඳුනන්නියක්ද? නැතිනම්.....

හමුවෙමු ඊළඟ කොටසින්..

CONVERSATION

55 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. හිකිස්ස්.....නෑ කියපු ආදර කතා ඔය පනින්නෙ එලියට
    :D
    මම කිව්වේ නැද්ද මුලදිම...හික්ස් :D :D

    ReplyDelete
    Replies
    1. කව්ද බන් කියන හැමදේම ඇත්ත විදිහට පිළිගන්නෙ.... ;) ;)

      Delete
    2. ඒකත් ඇත්ත තමා....කෝමත් ගෑල්ලමයි පච හලන්න දස්සයිලුනේ ;)

      Delete
    3. හපෝ.. ඔය ඉතින්... ගෑණු ළමයි නෙවෙයි පච හලන්න දක්ශ පිරිමි ළමයි.. :P

      Delete
  2. මේක කියෙව්වාම මට මොනවා වුනාද මන්දා. ඇඟ පුරාම ගිය සීතලක් මුළු පපුවම කිතිකවාගෙන ගියා වගේ. :O :O

    හෆ්ෆොච්චියේ.. ආදරේ උතුරලා ගලාගෙන යන හැඟීමක් මටනම් එන්නෙ. උගුරට හොරා බේත් බොනවා කියන්නෙත් මේක්ටමද මංදා.. දැන් එතකොට මහීන් ගැන දෙයක් හිතේ ඇත්තෙම නැද්ද අක්කි?

    ReplyDelete
    Replies
    1. හම්මටසිලි මෙයාට මොකද වෙලා තියෙන්නෙ ....මම හැමදාම කියනවා ඕකට ඉක්මනට බෙහෙත් ගන්න කියලා...

      Delete
    2. මෙයාට කෝමත් පිස්සු නේ බන් ;)
      දැන් වහින කාලෙත් එක්කනේ අනික

      Delete
    3. හෆ්ෆටතිලි!! මේගොල්ලොන්ට තියෙන අමාරුව බලන්නකෝ..:O ඔව් ඔව්.. මට පිත්තු තමා... ඇයි මොකෝ ආ?? :/ :/ මට බේත් ගන්න ඕනෙ නෑ.. මේ පිත්තුවට මමත් හෙන ආසයි :D අහුවෙනවකෝ මෝඩ ජෝඩුව මට අඅයෙත්... >:(

      Delete
    4. හික්ස්ස්ස්...මෙයාගේ ඇග දිගේ කැරපොත්තෙක් ගිහින්ද කොහෙද :P
      කොහොම වුනත් පව් අහිංසක සතා...තවම නානවා ඇති :P :P

      Delete
    5. හෑ..:O ඒ ගමන අනිත් එක්කෙනත් ඇවිල්ලා..ඔයා තමා අඩුවෙලා හිටියෙ..:/ කැරපොත්තො මගේ ඇඟේ යනකම් මම බලන් ඉන්නෙ නෑ පිස්සො :p

      අර අසාර් ඛානුයි, නපුලු දිනේශ් අයියායි මදිවට දැන් මේ තුන්දෙනාත් එනවානෙ මාත් එක්ක ගේමටම :O :/ හිටුකෝ දැන් නම් බලන් ඉදලා බෑ.. :p :p මාත් බහින්න ඕනෙ ගේමටම..

      Delete
    6. හපොයි... ඔය දාන නෝන්ඩියක් මගේ නංගිට ඇර වෙන කෙනෙක්ට දානවා නම් හොඳයි අයියලා ටික..

      Delete
    7. @හිතු
      ඇග පුරාම සීතලට කිතිකවාගෙන යන්නේ වෙන මොකෙක්ද ඉතින් :P

      @ප්‍රාර්ථනා
      හා...මේ කියනකම් තමා හිටියෙ :P

      Delete
  3. හලී හලී හලී....දැන්නම් හලියටම හලි...පව් අනේ අහිංසක කොල්ලා..කාගෙ උනත් දරුවෙක්නේ.....

    ReplyDelete
    Replies
    1. මොකක්ද හරි.. පව් තමා වර්ෂා,, කොහොම වුනත් අහිංසක කෙල්ලෙක්නේ..

      Delete
  4. Replies
    1. ආයෙත් දාන්නම් ඔන්න..
      සාමාන්‍යයෙන් ගො‍ඩාක් ලෙචාල දන්නවා ළමයි හැරෙන කොටම.. ඒව හංගල වැඩක් නෑ... බයිට් වෙන එක වැඩිවෙනවා එතකොට.. හික් හික්..
      කථාව නම් ලස්සනයි.. ඒත් අර ~~තරූගේ ලෝකය~~ කියපු දේ ගැන නම් පට්ට දුකයි...

      Delete
    2. හික්ස්.. අනේ ඉතින් අයියත් ඇයි මහීන්ටම support කරන්නේ.. වර්ෂා පවු නැද්ද අෆ්ෆා..

      Delete
  5. මම නම් තාම කියොලා නෑ මුල ඉදන් බලන්නම්කො...

    ReplyDelete
  6. දැන් තමයි මම ආසා. ඔන්න නංගි ඔයා එහෙම මේක දුක හිතෙන විදියට ඉවර කළොත් නම් ....... අනේ මන්දා බනින්නත් බෑ ඉතින්.

    ReplyDelete
    Replies
    1. හික්ස්.. බනින්න එපා අනේ.. මම පවුනේ.. බලමුකෝ අක්කියෝ... :P :D

      Delete
  7. මට ඉස්සෙල්ලම පූජා මුණ ගැහෙද්දි එයා ඇදන් හිටියෙත් රෝස පාට අදුමක්.. ඔයා විස්තර කරපු විදිහමයි.. මේ අකුරුත් එක්කම ගැලපිලා හිතට ආයෙම ඒ මතකය ගලාගෙන ආවා.. තෑන්ක්ස්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ස්තූතියි අයියේ..

      Delete
  8. මේක කියවනකොට ඇත්තටම මොකද්ද මොකද්ද වෙනව අක්කියෝ......

    ඉක්මනට ඊළඟ කොටස දාන්නෝ........................

    ReplyDelete
  9. කුච් කුච් හෝතා හේ !!!!!

    ReplyDelete
    Replies
    1. ඇයි අයියාගෙ දිල් තෝ පාගල් හේ ද? ;) මම කිව්ව කලින්ම ඔය පාටි වලට යනකොට ;)

      Delete
  10. මහිමව මට දුන්‍නැත්තං ඉතිං.. බලාගනිමුකෝ.

    මේ ඔයා කොහොමද දන්නෙ මං ඇදගෙන හිටියෙ රෝස පාට ඇදුමක් කියලා...:D

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. මට තර්ජනය කරනවද ඔයා.. අනේ අම්මෝ.. හික්ස්..

      Delete
  11. සෝස පාට නේද??? මං නම් හිතන්නෙ එක එක්කෙනාට ඒකනම් වෙනස් වෙයි.මටනම් කහ පාට තමා නියම.

    ලව් සීන් පටන් ගන්න වගේ යන්නෙ.ඔහොම යන් ඔහොම යන්....

    ReplyDelete
    Replies
    1. මම ආස නිල් පාටයි රෝස පාටයි.. හී හී.. කහත් ලස්සනයි තමා..
      :D

      Delete
  12. එකත ජයසිරි මංගලම් කියුවලු

    ReplyDelete
  13. මහීන් මෙහෙම එස්එම්හස් එව්වාම මොන ලේක්චර්ස් ද ඉහ මොලෙත් එක්ක කරවෙන එස්එම්එස්.
    මේ බ්ලොග් ලියන ගමන්ම නරකද නවකතාවක් ලියන්න උත්සාහ කළොත්.

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. ඒකනේ අයියා ඒක නම් වෙලාවකට වදයක් තමයි..
      නවකථාවක්??? හ්ම්ම්.. ගොඩක් ස්තූතියි අයියා ඒ වගේ දෙයක් මට කරන්න පුළුවන් කියන විස්වාසේ දුන්නට.. බලමුකෝ නිවාඩු පාඩුවේ ලියන්න..

      Delete
  14. අනේ මං ද ඇයි මට මෙහෙම හිතෙන්නේ කියලා....

    සත්‍ය සිදුවීමක් ඇසුරෙනි...
    :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඇයි ඔයාට එහෙම හිතෙන්නේ කියලා.. හෙ හෙ :P

      Delete
  15. හප්පේ..... මට කොයිල් වගේ !!!
    මුල් කතා සෙට් එක කියවන්නම වෙනවා කොයිල් ටිකේ ඇද ඇරගන්ඩ !! ඒ ටිකත් කියවලාම එන්නම්

    ReplyDelete
    Replies
    1. හික්ස්.. හරි අයියා,, කියවලාම එන්නකෝ..

      Delete
  16. පිස්සු හැදෙන සඳ කිව්වලු!;)
    හැබැයි ඉතින් වෙන ආදර කතා වල වගේ මේකෙත් කොල්ල වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙයිද දන්නෑ :P

    ReplyDelete
    Replies
    1. හික්ස්.. හපෝ..කියන්නත් බෑ.. සමහරු එහෙමනේ.. :P

      Delete
  17. හ්ම්ම්.. ඔන්න තියනව අපේ කැම්පස් වල ලෙක්ච්ර්ස් වල හැටි.. ලොල්ස්.. මමත් ඉතින් සමහර වෙලාවලට ඔය පිටිපස්සෙ පේලී ඇල්ලුව ඒ දවස් වල.. හැබැයි එස් එම් එස් කොටන්න නෙවි.. දෙයියනේ කියල හොදට නිදාගන්න. (මොකද නින්ද යනකොට මම ගොරවනවලුනේ :D )
    ඇත්තටම අර කිව්වත් වගේ ඊලග පාර ලියමුකො හොද නවකතාවක්..

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. අපෝ අපේ ලෙක්ස්ලා එක්ක නම් ඕවා බෑ.. එලවනවා පන්තියෙන්..
      බලමුකෝ අයියා.. උත්සාහ කරමු නවකතාවක් ලියන්න..

      Delete
  18. මට නම් බුදු ෂුවර් මේ ලව් එක පටන් ගන්නෙ නෑ...... ඕ යේස්

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ හලෝ.. ඔයා කොහොමද එච්චර සුවර් කරන්නේ..

      Delete
  19. ආදරේ මහාම බොරුවක්.. විකාරයක්. ඒක ගැන කථා කරන එක වැඩක් නෑ මා එක්ක"

    අඩුගානෙ වචන ටිකවත් අතින් ටයිප් වීමට හිස නවමි! :D

    ReplyDelete
    Replies
    1. ඇයි මල්ලි ඔච්චර ආදරේ එක්ක තරහා..

      Delete
  20. නියමයි නියමයි...දෙන්නම මෝඩයෝ වගේ :)

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඒ මොකෝ අක්කේ දෙන්නම මෝඩයෝ..

      Delete
  21. ආව් ආව්.. ඉතින් ඊට පස්සේ... :D
    ආසාවෙන් කියවනවා නංගියෝ..
    ඉතිරියත් හෙමින් සැරේ ලස්සනට ඕනා අපිට කියවන්න.. (හෙමින්සැරේ කිව්වට ඉතින් පුළුවන් ඉක්මනට හො‍ඳේ..) :D

    ReplyDelete
  22. බලාගෙන ඉන්නව ඉතුරු ටිකට....

    ReplyDelete
  23. "ඇත්තටම ජීවිතේ හරිම පුදුමයි... අපිට කවුරු කොයි වෙලාවෙ කොහොම මුණ ගැහෙයිද කියලා අපිවත් දන්නේ නෑ.. එහෙම මුණ ගැහෙන සමහරු අපේ ජීවිතේ අමතක නොවෙන මතකයන් එකතු කරන්න තරම් දක්ෂ වෙන්නේ කොහොමද මන්දා.. එක දවසකින් මගේ ජීවිතේ මම ප්‍රිය කරන චරිත අතරට එකතු වෙලා ඉවරයි.."

    එක හුස්මට කොටස් අටම (හැඳින්වීමත් එක්කම ) කියවගෙන ගියා කියන එක මටත් පුදුමයක්... ජීවිතේ දශකයකින් ආපහු පස්සට යන්න බෑ කියන එක තේරුම් අරගෙන ඉවරයි... ඒත් ප්‍රාර්ථනා... දරාගන්න බැරි සතුට ලොකූ හුස්මක් වෙලා පිට වෙද්දි මුළු ලෝකෙම මගේ ලඟ කියලා මට එක මොහොතකට දැනුනා..

    …මට සමාවෙන්න... මේවා ඔයාගෙ වචන මිසක් මගේ නෙවෙයි....

    ReplyDelete

Back
to top