෴ මම රාත්‍රිය වුනා නම්... ෴






හඳ එළිය.. උණුහුම් රිදී පාට රේඛා වෙලා නිසොල්මනේ තියෙන ගස් 
වල අතු අතරෙන් මගේ මූණට වැටෙනවා. අතු අස්සෙන් පෙරෙන ඒ සඳ එළියේ තියෙන්නේ පුදුම උණුහුමක්.. රෑ සීතල පින්න වැටෙන මහා රූස්ස ගහක් යටට වෙලා ඔයාගේ උණුහුම විඳින්න ඇත්නම්. ඇත්තටම මම ලෝකේ වාසනාවන්තම කෙල්ල වේවි. ටිකෙන් ටික කළුවර වැටීගෙන එන අතරේ කණාමැදිරි එළි විතරක්ම හරිම ලස්සනට නිවි නිවී දැල්වෙනවා. හඳ එළිය මැඳින් එහෙට මෙහෙට හෙලවෙන ගස් වල හෙවනැලි මවන්නේ සුන්දර රටාවක්.. තරු  එළිය හඳ එළිය එක්ක මුහු වෙලා. ඔයාගේ සුන්දර මූණ සඳ එළියෙන් දිලිසෙන්නේ හඳක් වගේ. ඔව් මගේ සඳ කුමාරයා ඔයා. අමාවක දවසකට පවා මගේ ජීවිතේට එළිය දෙන්නේ ඔයා...

ඒත්.......නොදැනෙන මොකක්දෝ දුරස් බවක් අපි අතරේ තියෙනවා වගේ...

ඉතින්, මේ රාත්‍රිය කොච්චර සුන්දරද? ඉමක් කොනක් නැති අහස, සීතල වුන හිතට උණුහුම දෙන හඳ, හිතට අමුතුම හැඟීමක් දෙන තදම තද කරුවල, ඔයා, මම.. ඉතින් ඒ සුන්දරත්වය විඳගන්න මට ඔයාගේ හිතෙන් ඉඩක් ලැබෙනවා නම්.. අහසක් වගේ විහිදුන ඔයාගේ ආදරෙන් ඇබින්ඳක් විඳගන්න දෙනවා නම්... තනිකමට වාරු දෙන්න ඔය පලල් උරහිස දෙනවා නම්... උණුහුමට ගුලි වෙන්න ඔයාගේ අත් වල මට ඉඩක් තියෙනවා නම්... කළුවර රෑක තනිය මකන්න ඔය උකුල් තලය මගේ යහන වෙනවා නම්... හඳක් වගේ මගේ ලෝකේ එළිය කරනවා නම්... 

ඇත්තමයි මම රාත්‍රිය වෙන්නම්....... 

හීනයක් වෙලා හරි ඔය ඇස් අද්දර ‍රැ‍ඳෙන්න පුළුවන් නම්, ඔය ඇස් දෙකේ එක මොහොතකට හරි හෙවනැල්ලක් වෙලා හරි ඉන්න ඉඩ තියේ නම්... 
අනේ මම රාත්‍රිය වෙන්නම්...

පායගෙන එන හඳක් වෙලා රත්තරන් පාටින් පෙරෙන හඳ එළියෙන් හෙමි හෙමින් ඔය දෙතොල් පෙති සිඹින්න ඇත්නම්... සීරුවට, ඔයාටවත් නොදැනෙන්නආදරෙන්... ඇත්තමයි මම ආසයි... රැය පුරාවට දකින හීනයක් වෙලා ඔය දෙතොල් අගට හිනාවක් ගේන්නට පුළුවන් නම්... අනේ මම රාත්‍රිය වෙන්නම්...

මම එනකන් මඟ බලන ඔය මූණ දැකගන්න මම කොයිතරම් නම් ආසද කියලා ඔයා දන්නවා නම් සත්තමයි මේ තරම් ඈතින් ඉන්න එකක් නෑ... ඔයාගේ ඒ මඟ බලන ඇස් වල ‍රැඳුන බලාපොරොත්තුව, නොඉවසිල්ල, විඳගන්න තිබුනා නම්, හෙමි හෙමීට පෙති විහිදෙන කඬුපුල් මලක් වගේ ටිකෙන් ටික ඔයාගේ ලස්සන ඇස් වලින් මා දිහා බලද්දි දැනෙන හැඟීම විඳගන්න තිබුනා නම්, කිති කැවෙන ‍රැවුලෙන් වැහුන ඔය මූණට හුරතලේට පුංචිම පුංචි හාදුවක් දෙන්න තිබුනා නම්.. අනේ... ඔයා මගේම වුනා නම්..

පොරොන්දු වෙන්නම් මම, හැමදාමත් ලඟින්ම ඉන්න.. හැම සතුටකදිම, හැම දුකකදිම, ඉතින් මේ පුංචි කෙල්ලට පුළුවන් ඔයා ලෙඩ වුනාම ඔයාව බලාගන්න. මහා ගොඩක් ආදරේ දෙන්න. වේදනාව දැනුනම ඔයාට අඬන්න උරහිස දෙන්නම් හැමදාම.. දරදඬුවට පෙන්නන ඔය හිතට දුකක් දැනුනොත් මඟ ඇරලා යන්නේ නෑ මම සත්තමයි... හෙමි හෙමිහිට ආදරෙන් ඒ වේදනාව නැති වෙනකන්ම ඔයාගේ ඔළුව අතගාන්නම්, ටිකෙන් ටික ඔයාට නින්ද යනකන්ම... හැමදාමත් හාදු දෙන ඔය පළල නලලට පුංචි පුංචි හාදු වැස්සක් වෙලා කඩන් වැටිලා ඔයාගේ වේදනාව හෝදලා අරින්නම්.. හැමදාමත්  ලඟින් ඉන්නම්...ඔයා මගේම වෙනවා නම්..

පුංචි දේටත් ගැස්සෙන ඔය හිත මලක් වගේ.. ඒ හිත හැමදාටම ආරක්ෂා කරන්න, පෙති නොකැඩෙන්න පරෙස්සමට තියාගන්න මම තවත් මලක් වෙන්නම්. ලස්සනට පිපුන රෑ මනමාලි මලක් වෙන්නම්. ඔයා වෙනුවෙන්ම පිපෙන, ඔයා වෙනුවෙන්ම ජීවත් වෙන.. 

ඉතින් කියන්න දැන්වත්...

ඔය හිතේ මට ඉඩක් තියෙනවා නේද??

කියන්න මට.. මම ආසයි ආයෙමත් ඔයාගේ නලලට හාදුවක් දෙන්න. 
ඉතින්........මම ඔයාගෙම නේද???


සඳ පහන් ‍රැයේ, මේ....
සඳ පහන් ‍රැයේ
උණුහුමක්  හොයාගෙන,
හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න   සොඳූරු පෙම් සිහියනෙ
අනේ... මම  රාත්‍රිය වුනා නම්......

මුව උඩින්, පාත් වී හිඳිවී
සිනා, මල් මිටක් වී පිපේවි
අනේ... මම  රාත්‍රිය වුනා නම්...

ලඟ ලඟම මා ඇතැයි සිතාලා
බිඳක් වත් දෑස හැර බැලී නම්
ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
අනේ.... මට ඔබව හිමි වුනා නම්..........

ගිලන් වී ඔබ, හිදින වෙලාවේ
ආදරයෙන් ලංවෙලා හිඳීවී,
උරහිසේ හිස හොවා හඬන විට
හාදු වැස්සක් වෙලා වැටේවි....

සඳ පහන් රැයේ.., මේ..
සඳ පහන් රැයේ... සදා කල්, ලඟින් හිඳින්නම්

මං නුඹව, මලක් සේ, රකින්නම්,
අනේ, මං මලක් සේ රැඳෙන්නම්..

ඔය හිතේ, මට ඉඩක් තියේ නම්..
ආදරයෙන් ලං වෙලා හිඳින්නම්, හාදු වැස්සක් වෙලා වැටෙන්නම්..




CONVERSATION

68 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. Replies
    1. මට හිතෙන දේවල්වලට සමානවම ඔයාටත් හිතෙන එකනෙ පුදුමෙ අක්කි..:D :* මේ සිංදුවට මම ලිව්වනම් , ලියන්නෙත් මෙහෙම්මමයි..:D <3 හුඟාක් තැන් මට හිතිච්ච විදියමයිනෙ..:O හික්ස්ස්.. මලු හෆ්ෆා :D

      මම ඔය සිංදුවෙ මේ කොටසට හරිම ආසයි..:D අක්කි ඒකට ලස්සනට ගැලපෙන්න ලියලා..
      ලඟ ලඟම මා ඇතැයි සිතාලා
      බිඳක් වත් දෑස හැර බැලී නම්
      ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
      අනේ.... මට ඔබව හිමි වුනා නම්..........

      ලස්සනයි!! ශෝයි!!!

      Delete
    2. අපෝ මේ දෙන්නාගෙ ලවු එක.... :පී

      Delete
    3. ආ.. එහෙම තම අක්කා නගාලා..:D

      Delete
    4. හරි හරි මං නෑ කිවුවයෑ..

      Delete
    5. තැන්කූ මගේ නංගියෝ.. ඒකනේ අපි දෙන්නා එක වගේමනේ හිතන්නේ.. මේ ගොල්ලන්ට හරි ඉරිසියාව නේ.. හික් හික්.. :P

      Delete
  2. ම්ම්ම්ම්ම්ම්ම්......මට නිකන් මැවිල පේනවා පේනවා වගේ.....අලේ මට ලැජෟජයි අෆ්ෆා.... :P

    ReplyDelete
    Replies
    1. ඔය මම ලියල තියෙන්නෙ ලැජ්ජයි කියල හොදේ...පොඩි ප්‍රින්ටින් මිස්ටෙක්ස්ස් එකක්..

      Delete
    2. :O හපෝ.. ලැජ්ජ වෙන්නේ මොකෝ.. සිකේ.. හිතන විදියේ වැ‍රැද්ද තමා.. ;) :P :D

      Delete
  3. හ්ම්..... මාත් ආස ම සින්දුවක්. අක්කි ලස්සන ට වචන ගලපලා තියෙනවා.

    අනේ..... මට ඔබ ව හිමි වුණා නම්....!!!!

    ~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  4. මේ පොස්ට් දාලා හරියන්නේ නෑ.. කෙලින්ම ගිහින් අහන්න :P

    ReplyDelete
    Replies
    1. නියම කතාව :පි

      Delete
    2. @දිනේශ් අයියා- ඔයාගෙන් නෙවෙයිලු!! බයවෙන්නෙපාලූ

      Delete
    3. කාගෙන්ද chamma මට දැන් අහන්න කියන්නේ..

      @හිතූ නංගා- දාන්න නංගියෝ 5ක්.. :D :*

      @දිනේශ් අයියා- කාගෙන් අහන්නද නේද අයියේ... :P

      Delete
  5. ඔව් ඔව්... මට තමයි

    ReplyDelete
  6. ලස්සන සින්දුවක්! සහ ඊටත් වඩා ලස්සන අදහස් ටිකක්! මතක තියාගන්න සෑම ලස්සනක් පසපසම අවදානමක් තියන බව!

    ReplyDelete
  7. දැන් මේකෙ නිමිත්ත ගැන පොඩ්ඩක් කිව්වොත්......?

    ReplyDelete
    Replies
    1. මොන නිමිත්තක්ද අනේ.. නිකමට ලිව්වේ.. :D :D

      Delete
  8. ලඟ ලඟම මා ඇතැයි සිතාලා
    බිඳක් වත් දෑස හැර බැලී නම්
    ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
    අනේ.... මට ඔබව හිමි වුනා නම්..........

    ගිලන් වී ඔබ, හිදින වෙලාවේ
    ආදරයෙන් ලංවෙලා හිඳීවී,
    උරහිසේ හිස හොවා හඬන විට
    හාදු වැස්සක් වෙලා වැටේවි....

    ReplyDelete
  9. ලස්සනයි ගොඩක් හිතට දැනුනා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ...

      Delete
  10. මාත් ගොඩක් ආස කරන ගීතයක්. මේ ළඟදී දවසක් මම යාලුවෙක් එක්ක මේ ගීතය ගැන ම ගොඩක් වෙලා කතා කළා.. ඉන්දිකා උපමාලිගේ හඬින් පුදුමාකාර විදියට හිතට දැනෙන්න නිර්මාණය වෙලා තියෙනවා. ඒ අදහස බොහොම ලස්සනට කියලා තියෙනවා. මාර ම ලස්සනයි.10 න් 10 යි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ...

      Delete
  11. නියමයි අක්කේ. නියමයි

    ReplyDelete
  12. අනේ මම නං දන්නේ නෑ ඕවා නම්.... :-)

    ReplyDelete
    Replies
    1. හම්මූ උයා බබා........:P

      Delete
    2. හික්ස්.. මටත් ඉතින් කියන්න තියෙන්නේ අග්නි නංගා කියපු දේ තමා... :))

      Delete
  13. මුලින් මුලින් කියවද්දි හිතුනෙම මේ නම් මයෙ අක්කණ්ඩි අත්දැකීමෙන්ම ලියනදෙයක් කියල.බාගෙට කියවගෙන යද්දි, ගෙවුනු අතීතයන් මතක් වෙද්දි අනේ මටත් එහෙම ආදරේ කරන්න කෙනෙක් තවමත් ඇත්නම්, එයාට මේ අහස තරම් නැති උනත් හදවතට උහුලන්න පුලුවන් උපරිමයෙන් ආදරේ දෙන්න ඇත්නම් කියල හිත හිත, උණුහුමෙන් වගේම තේරුම්ගැනීමෙන් තනාගත්තු ලස්සන හීනයකට මුල පුරන් කියවන් එද්දිම................. අයියෝ :( මේ සිංදුවක් ගැනනෙ කියල තියෙන්නෙ :p... හැබැයි මං ජීවිතේ ගොඩක් ආදරේ කරපු වගේම තවමත් ආදරේ කරන සිංදුවක් :)

    ReplyDelete
    Replies
    1. අනේ මගේ අත්දැකීමක් නම් නෙවෙයි මල්ලියෝ.. සිංදුව ඇහුනම හිතට දැනුන දේ තමා ලිව්වේ.. මල්ලියට ඉක්මනටම මේ වගේ ගොඩාක් ආදරේ කරන කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම.. :)))

      Delete
  14. "පොරොන්දු වෙන්නම් මම, හැමදාමත් ලඟින්ම ඉන්න.. හැම සතුටකදිම, හැම දුකකදිම, ඉතින් මේ පුංචි කෙල්ලට පුළුවන් ඔයා ලෙඩ වුනාම ඔයාව බලාගන්න. මහා ගොඩක් ආදරේ දෙන්න. වේදනාව දැනුනම ඔයාට අඬන්න උරහිස දෙන්නම් හැමදාම.. දරදඬුවට පෙන්නන ඔය හිතට දුකක් දැනුනොත් මඟ ඇරලා යන්නේ නෑ මම සත්තමයි... හෙමි හෙමිහිට ආදරෙන් ඒ වේදනාව නැති වෙනකන්ම ඔයාගේ ඔළුව අතගාන්නම්, ටිකෙන් ටික ඔයාට නින්ද යනකන්ම... හැමදාමත් හාදු දෙන ඔය පළල නලලට පුංචි පුංචි හාදු වැස්සක් වෙලා කඩන් වැටිලා ඔයාගේ වේදනාව හෝදලා අරින්නම්.. හැමදාමත් ලඟින් ඉන්නම්...ඔයා මගේම වෙනවා නම්.."

    මෙන්න මේටිකනම් ඇත්තටම දැණුන අක්කියෝ........:‘(

    ReplyDelete
    Replies
    1. හලේ... ස්තූතියි නංගියෝ...

      Delete
  15. ඉන්දිකා උපමාලිගේ කඩ හඩ නියමෙට යන ගීතයක් !

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් අයියා... ඒ කටහඬටම ගැලපෙනවා.. නියම මියුසික්...

      Delete
  16. ඉස්සර අපි කට්ටිය පොරකකා ගිහින් බලපු ආදරණිය වස්සානයේ සින්දුව නේද මේ... චතුරිකා පීරිස් ස්ටේජ් එකක ඉදන් ඕක කියන කොට (චිත්‍රපටය අනුව) අර කොල්ලගෙ මූනේ තිබුණු පෙම් පාට තවමත් මැවිල මේනව

    ReplyDelete
    Replies
    1. අන්න ඉස්කෝලේ කාලේ හොර වැඩ අහුවෙනවා.. ඇත්ත.. මේ සිංදුව වගේම ‍ෆිල්ම් එකත් ලස්සනයි. ටිකක් විතර බොළඳදත් මන්දා..

      Delete
  17. හම්මෝ මෙයාටත් හිතෙන දේවල් :P

    ලස්සනට ලියලා තියෙනවා නංගි :)

    ReplyDelete
    Replies
    1. ඇයි මොකෝ එහෙම හිතෙන්න බැරිද? :P
      තැන්කූ හොඳේ අයියා..

      Delete
  18. හප්පා.....
    :D
    ඇත්තටම නරකද ඔය ටික ගිහින්ම කීවනම්...

    ලස්සන සිංදුවක්. මාත් ආසයි ඔය සිංදුවට ගොඩක්ම. ඉස්සර රසරිසි ගී වල ගියානේ...
    ඔයා ලියලා තියෙන ටිකත් ගොඩක්ම ලස්සනයි. හිතටම දැනෙන්න ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ඔන්න... මම කියන්නේ නෑ ඔයාට.. කාට කියන්නද හලේ.. හික්ස්.. ස්තූතියි මිනෝ..

      Delete
  19. මුලින්ම කියවගෙන යද්දී සින්දුවක පද පේලි ටිකක් මතක උණා!
    මමත් ආසම සින්දුවක් :)

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඒ මතක් වුන සිංදුව මල්ලියෝ..

      Delete
  20. කළුකරගෙන එන්නේ..... අද හෙටම වහීවී මහිතේ.. :)


    ලස්සනට ලියලා තියෙනවා. මටත් ආසයි ගෑල්ලමයෙක්ගෙන් මේ වගේ ලියවිල්ලක් අහන්ඩ. ඒත් කොයි ??

    ReplyDelete
    Replies
    1. හලේ... ඔන්න මධුරංග අයියත් මාව වැරදියට තේරුම් අරගෙනනේ අෆ්ෆා.. අද හෙට නම් වහින්නේ නෑ මේ හිත් අහසේ...
      අයියට ඔය ආසාව ඉක්මනටම ඉ‍ටු කරගන්න ලැබේවි.. අපි බලමුකෝ නේ???

      Delete
  21. 22 න් පස්සේ හිතෙන දේවල්..

    ReplyDelete
    Replies
    1. හප්පා.. 22න් පස්සෙද මෙහෙම හිතෙන්නේ අසර් අයියේ..

      Delete
  22. දැන් දැන් මෙයාටත් එක එක දේවල් හිතෙන්න පටන් අරන්.. ඔහොම යංකෝ...

    ReplyDelete
    Replies
    1. :O හපෝ... ඇයි අෆ්ෆා මම ගැන හොඳටම දන්න අයම මට එක එක මඩ ගහන්නේ.. හී හී.. ;) :D

      Delete
  23. උපුල් ශාන්ත සන්නස්ගලගේ පදමාලාව නවරත්න ගමගේ ගේ තනුව ඉන්දිකා උපමාලිගේ ගායනයට ගැලපෙන්නම ලස්සන පසුබිම් කතාවක් ලියලා ඔබේ කතාවයි සන්නස්ගලගේ ගිතයේ අදහසයි දෙකම එකයි. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි අයියේ..

      Delete
  24. හරි ස්වීට් අක්කියෝ.. ඔයා ලස්සනට ලියලා.

    ReplyDelete
  25. හිතට දැනෙන විදිහට, හිතේ සියුම් තැන් වලට දැනෙන්න ලියල තියනවා. සින්දුවත් ඒ තරම්ම ලස්සනයි. මම ආසම සින්දුවක්

    ReplyDelete
  26. ජීවිතේ ගො‍ඩාක් වෙලාවට මේවගේ දේවල් ලස්සනට කවි සිංදු වලින් ලියන්න කියන්න පුළුවන්.. ඒත් ඒ මොනව කලත් අපි හිතන දේ නෙවෙයි වෙන්නේ... ‍කොහොම හරි ඒ ලස්සන බලා‍පොරොත්තු හැබෑකරගන්න උත්සාහ කරන්න.. එතකොටයි මේ පදවල හැබෑ ලස්සන පේන්නේ.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත අයියේ.. අපි හිතන දේම වෙන්නේ නෑ ගොඩාක් වෙලාවට.. ඒත් ආදරේ කියන දේ බලෙන් ලබාගන්නත් බෑ නේද? :)

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. පිස්සු හැදෙනවා....වන බඹරයි...රොස මලයි.. කිව්වලු..!
    ඇත්තටම.. එහෙම..වෙන්න හිතන් ඉන්නවද.?
    (සමාවෙන්න කලින් පොඩි අතපසුවීමක් උනා. තාම අලුත්නෙ.. ඒකයි..)

    ReplyDelete
    Replies
    1. හම්මේ... හික්ස්...
      අවුලක් නෑ..
      ස්තූතියි යාළු..

      Delete
  29. ආදරණිය වස්සානය ෆිල්ම් එකත් දෙතුන් පාරක්ම බලලා තියෙනවා. ආයෙමත් මේ සින්දුව දැක්කම ඒක මතක් උනා. හිතට වදින්නම ලියල තියෙනවා..
    //ලඟ ලඟම මා ඇතැයි සිතාලා
    බිඳක් වත් දෑස හැර බැලී නම්
    ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
    අනේ.... මට ඔබව හිමි වුනා නම්..........//

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ...
      හ්ම්ම්.. අනේ මට ඔහුව හිමි වුනා නම්.. :P
      හී හී....

      Delete

Back
to top