෴ මතක භූමදානය෴


මා ලුහුබැඳ ආ
මතක දඩ බල්ලන් රෑන,
කීතු කීතු කෙරූ
මතකය අද්දර
වැලපුනෙමි මම...

අවසාන භූමදානය
කරන්නට පෙර,
ලියා දන්වන වග නම්...
වර්ෂ දෙදහස් දොළහක් වූ,
බක් මස 30 වන සඳු දින,
මියගිය මතකයට,
අවසන් ගෞරවය දැක්වීමට,
අවසාන වතාවට එහි භෂ්ම දැකගන්ට,
මගේ මතකය අගය කරනා
සැමටයි මේ ආරාධනා...


CONVERSATION

51 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. Replies
    1. වෙනස්ම සිතුවිල්ලක් අක්කි!! ඔය මියගිය මතකය දිහා ආපහු හැරිල බලන එක මටනම් මහ මානසික වදයක් වෙලාවකට..නිසැඳෙස ලසනයි!! අමුතුයි!! ගුප්තයි වගේ.. අර පින්තූරෙ නිසා ඒක තවත් වැඩිවෙලා.. ඒ පින්තූරෙට මට මාර විදියට හිත ගියා.. නිසැඳෙසට වගේම..

      Delete
    2. ඇයි "මම එක" කියලා ගහන්නෙ හැම එකටම..??
      නැත්තං ගහන එක එක නොවෙයි කියලා ද? හිකිස්..

      Delete
    3. එහෙම තමා.. නැත්තම් ඔක්කොම ටයිප් කරන අතරෙ වෙන එක්කෙනෙක් එක වුනොත්..

      Delete
    4. තැන්කූ මගේ නංගියෝ.. මේ ආගන්තුකයාට පිස්සු අනේ.. ගනන් ගන්න එපා.. හී හී... :D

      Delete
  2. ඉතාමත් සංවේදී ලෙස මාන්දමිකයි... :-)

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක දැකලා මට මාන්දමිකයි වගේ....

      Delete
  3. මිය ගිය මතකයට මම හිස නමා ආචාර කරමි !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා... :))

      Delete
  4. අළු ගසා දා නැගිටිනිය . . .

    ReplyDelete
  5. කරකවල කරකවල අතෑරියා වගේ දැනෙනවා!

    ReplyDelete
    Replies
    1. :O ඒ මොකෝ අයියේ.. එහෙම කරන්න දෙයක් නෑ කොහොමත් ඔයා හැමවෙලේම ඉන්නේ ඒ වගේ තමා.. හික්ස්.. :P :D

      Delete
  6. අර පින්තූරෙ ලොකු කතාවක් කිවුවා..
    ඇත්තටම ඒ පින්තූරෙන් ලොකු කතාවක් කියන්න පුළුවන්..

    අවංකවම කිවුවොත් අක්කාගෙ නිසදැසෙන් කියන්නෙ මොකක්ද කියලා හරි අවබෝධයක් නම් නෑ.. ඒත් ගුප්ත හැගීමක් ආවා.. නිකං බයයි බයයි වගේ.. :/

    ReplyDelete
    Replies
    1. :O හපොයි, මොකට බය වෙනවද අනේ... මේකේ ඒ හැටි දෙයක් නෑ.. ස්තූතියි මල්ලියෝ..

      Delete
  7. මතකය ආදාහනය කලත් අමතක කරන්න බෑ තුන් මාසෙන් අවුරුද්දෙන් ආයේ මතක් වෙයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... වෙන්නත් පුළුවන් මල්ලියෝ.. ඒත් ඉතින් හැමදාමත් මතක තියාගෙන දුක් විඳිනවට වඩා ඒ විදිය හොඳයි නේද?

      Delete
  8. බලමුකෝ තව කොයි කාලයක් ඉදියිද කියලා ඔය කියන විදියට මතක අමතක කරලා :P

    ReplyDelete
    Replies
    1. හික්ස්.. බලමු බලමු..

      Delete
  9. මිය ගිය මතකය....ම්ම්ම්ම්ම්ම්...ලස්සනයි...

    ReplyDelete
  10. මියැදුනු මතකයන් වළලා හෙට අළුතින් උපදිමු :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් මල්ලියෝ...

      Delete
  11. අපූරු කවියක් අක්කි.. මේ මොහොතෙ ඉදන්ම අලුත් වෙන්න.

    ෆොටෝ එකත් නියමෙටම ගැළපෙනවා කවියට.

    ReplyDelete
  12. "වෙනස් කල නොහැකි අතීතයෙ දෙස බලා පසුතැවිලි වීම මෝඩ කමකි.ඒ සියල්ල සිදුවී ඇත්තේ සිදුවිය යුතු හොදම අයුරින් බව අදටත් වඩා හොදට හෙට දිනයේදී පසක් වනු ඇත."

    ~~~ කුබූ ~~~

    ReplyDelete
    Replies
    1. //~~~ කුබූ ~~~//

      පුහ්හ්... මේ ඔය කුබූ කියන කෙනා කොයි රටේද??

      Delete
    2. ස්තූතියි නංගියෝ...

      හික්ස්... ඇත්ත ඇත්ත අයියා.. ස්තූතියි හොඳේ..

      @හිතූ නංගා- හික්ස්.. (මම මෙතන මුකුත් කියන්නේ නැත) ;) ;)

      Delete
  13. ඔයාගෙ නිසඳැස වගේම පින්තූරෙත් නියමෙටම හිතට වැදුන අක්කියෝ......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගේ නංගියෝ...

      Delete
  14. අපෝ මෙයා පස්සෙන් බල්ලෝ එනවලු මේස් දෙක හේදුවේ නෑ නේද ගඳට වෙන්න ඇති මතකය වෙනුවට මේස් කියලා දැමිමනම් ගැලපෙනවා

    ReplyDelete
  15. මා ලුහුබැඳ ආ
    මතක දඩ බල්ලන් රෑන,
    කීතු කීතු කෙරූ
    මේස් අද්දර
    වැලපුනෙමි මම...
    අවසාන භූමදානය
    කරන්නට පෙර,
    ලියා දන්වන වග නම්...
    වර්ෂ දෙදහස් දොළහක් වූ,
    බක් මස 30 වන සඳු දින,
    ඉරී ගිය මේස් වලට,
    අවසන් ගෞරවය දැක්වීමට,
    අවසාන වතාවට එහි භෂ්ම දැකගන්ට,
    මගේ මේස් අගය කරනා
    සැමටයි මේ ආරාධනා...

    ReplyDelete
    Replies
    1. සික් විතරක්.. කියපු කථාව... හික්ස්.. කවිය නම් මරු හොඳේ... :D

      Delete
  16. මේ සොහොන් බිම ලග
    අතර දමා මගේ මතක
    යන්න නුඹ,
    තව තවත් රිද්දන්නට
    ඉඩ නොදී
    ඒ මතකයට..

    ප.ලි . දවල් ස්කයිප් කතා කර කර ඉදලා කියන්නෙවත් නැතුව ගියේ මේ වැඩේ කරන්නද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...
      රිදවන්නට තවත්
      මගේ ලඟ මතක නැත
      අතීතයට පවරමි
      සිතේ වූ සියලු දුක සැප..

      හෙ හෙ.. නෑ අයියේ එවෙලේ මේ වෙන මොකක්දෝ අවුලක් වෙලා ගියේ.. :D

      Delete
  17. අතීතය ගැන තැවෙමින් හෝ අනාගතය ගැන සිහින දකිමින් නොව වර්තමානයේ සතුටින් ජීවත් වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත... නියම අදහසක් විසිතුරු.. ස්තූතියි..

      Delete
  18. භෂ්ම වූ මතකයන් මත
    …බුර බුරා නැගි අග්නි ධාරා
    …දඩ බල්ලන් ලෙසින්
    …හමා එයි මා පසුපස

    …සයිබර් සිහින උලෙලට
    …අහසින් කඩා වැටුනු මම
    …මතක දඩ බල්ලන් රෑන
    …දක්කනු රිසි සිත් අහස පුරාවට

    …නොම වුවද දොඩමළු
    …සිනා ඉතිරුණු ඒ ඉරිදා
    …අවසරයි නුඹේ සිත් අහසට
    …භෂ්ම පිසදා ඇතුළුවන්නට

    …රැඳෙන්නට සදාතනිකවම.....

    ReplyDelete
    Replies
    1. ආ... ඔයා සයිබර් සිහින උළෙලට ආවද යාලු.. කවි පන්තිය ලස්සනයි.. ගොඩක් ස්තූතියි. ආදරයෙන් පිළිගන්නවා සිත් අහසට.. :)))

      Delete
  19. මට තේරෙන විදියට නම් මේ වචන වලින් කියල තියෙන දේට වඩා ‍එහාට ගිය තේරුමක් මේකෙ තියෙනවා වගේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔව් අයියා.. තේරුමක් සහ නිධාන කථාවකුත් තියෙනවා..

      Delete
  20. අපිත් එන්නම ඕනද??:p
    හැබයි ඉතින් සංග්‍රහ කරන්න ඕන ;)

    ReplyDelete
  21. මියගිය ගමන් අදාහන කටයුතුත් ඉවර කරලා භෂ්මාවශේෂ විතරයි ඉතුරු.
    ඒවා බලන්න ආරාදනා කරලා.
    අපූරු ආරාධනාව. කදිමයි.

    ReplyDelete
  22. පින්තූරේ නියමයි....
    බය හිතෙනවනේ...
    :)

    ReplyDelete
  23. අක්ක ගැන ගොඩක්ම සතුටුයි! :)

    ReplyDelete
  24. මම අපේ ආදරේ

    වළදාලා

    පාංසකූලෙ දුන්නා

    හෙට ඒ ආදරේ

    මතක බණ කියන දවස......

    පුලුවන්නම් ඇවිත් යන්න

    මේක මගේ බ්ලොග් එකට මම දාපු එකක් ජනවාරි මාසේ. මෙතනට ගැලපෙනවා කියලා හිතුනා

    http://kavisandalla.blogspot.com/2012/01/blog-post_23.html#comment-form

    ReplyDelete
  25. ම්.....භූමදාන කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි....එහෙම කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
  26. ආත්මයක් ලැබ පුනර්භවයේ ඉපදුන අලුත් මතකයෙන් ලියන පොස්ට් එකක් කියවන්න මම ඊළඟ වතාවේ එනවා.

    ReplyDelete
  27. හෙටක් ගැන සුබ දැක්ම
    පිස ලාවි රුදු මතක !

    ReplyDelete
  28. අමුතු ගුප්ත නිසඳැසක් ගොඩාක් ලස්සනයි.වෙනස්ම වචන ටිකක්.

    පරණ අඳුරු මතක භූමදානය කරලා දාන්න.

    ReplyDelete
  29. අළු ගසා දාලා නැඟිටින්න අනේ.......ජය වේවා...!!!

    ReplyDelete

Back
to top