෴ තුහින වර්ෂා෴ අටවන කොටස


හැඳින්වීම







හත්වන කොටස



තත්පර කීපයක සුන්දර හමුවීමක් මේ තරමටම සුන්දර වේවි කියලා මහීන්ව හම්බ වෙන්න දුවගෙන ආපු වෙලාවේවත් මට පොඩ්ඩක්වත් හිතුනේ නෑ.. ටිකෙන් ටික ඇඳන් හැලෙන වැහි බිංඳු වලින් දැනෙන සීතල ඇඟේ හීගඩු පිපෙන්න තරමට දරුණු වුනත් මහීන්ගේ ඒ එක බැල්මක ‍රැඳිලා තිබුන උණුසුම මට ඒ හැමදේම අමතක කරා.

"ඉතින් නංගා.."

කාලයක් තිස්සේ කථා නොකරපු දෙන්නෙක් වගේ අපි දෙන්නා මූණට මූණ බලාගෙන ඉඳිද්දී මහීන් කටහඬ අවදි කරේ එහෙම ඉන්න එක හරි නෑ කියලා හිතුන නිසා වෙන්න ඇති..

"ඉතින් අයියා, කොහොමද ඔයාට.. අපෝ එපා වුනා හලෝ ලෙක්චර්ස් නම්.. ඔයාට කීයටද ලෙක්චර්ස් ඉවර වෙන්න තිබුනේ,"

කථා කරන්න දෙයක් නැති වුනත් මොනවා හරි කියන්න ඕනේ නිසා එක පාරට මම විකාර ටිකක් කියවන්න ගත්තා.

"අපිට ඉවර නෑ හලෝ තාම. ඒක හෙන කම්මැලියි, නිදියගන්න කියාපු ලෙක්චර් එක, ඉතින් මම ශේප් එකේ ඉන්ටර්වල් එකේ එළියට පැනගත්තා..ඉතින් ඔයාලට ආයෙ හවස ලෙක්චර්ස් නැද්ද මෝඩි.." 

එහෙම කියලා දඟකාර හිනාවකුත් දාපු මහීන් ආයෙමත් මගේ දිහා බැලුවේ මම මොනවා හරි කියාවි කියලා හිතාගෙන.

"මෝඩි....... මේ එන්න එපා ඕවට හරිද. මැට්ටා.. අපි ඔයාල වගේ කම්මැලි නෑ ලෙක්චර්ස් යන්න හොඳේ. මෙතන ලෙක්චර්ස්නුත් කට් කරලා මට මෝඩි කියන්න එනවා.. මෝඩයා.."

"හපෝ හරි හරි.. කොක්ක වගේ එල්ලෙනවනේ ඔයා, අපේ පැත්තේ වලියක් එහෙම තිබ්බොත් මම ඔයාට කථා කරන්නම්.. ඔය ඝාන්ඨාරේ ගහනකොට වලියට ආපු එවුනුත් නිකන්ම බය වෙලා දුවාවි.." 

නෝන්ඩි හිනාවකුත් දාගෙන මහීන් කියපු කථාවට මට හිනා ගියත් ඒ බව නොපෙන්නා මහීන්ගේ අතේ තිබුන පොත උදුරලා ගත්තේ ඒකෙන්ම හයියෙන් පාරක් එයාට දෙන්න.. මම ගහපු පාරට මහීන් එහාට පැනලා දුවන්න ගත්තත් එයාට එක ගුටියක් හරි නොදී පරාද වෙන්න මම කැමති වුනේ නෑ..

"හූ, හූ ඇත්ද මට ගහන්න ආවා, පවු එක්කෙනෙක්." 

එහෙට මෙහෙට පනින ගමන් මහීන් කැගහද්දි මමත් එයාට පාරක් දෙන්න හිතාගෙන පොතත් අරගෙන එයා පස්සේ දිව්වා..
කොහොම හරි මහීන් එහා මෙහා වෙනකන් බලන් ඉඳලා එයාට පොතෙන් පිට හරහා හොඳ පාරක් දුන්නේ මම ඉන්නේ කොතනද කියලාවත් අමතක වෙලා..

"හප්පා, ඒක නම් රිදුනා හොඳේ, ඉන්නවා මම අල්ලගන්නම් ඕකට දවසක, ඊටත් ඔයා දන්නේ නැද්ද මෝඩි පොත් වලට ගරු කරන්න ඕනේ කියලා". 

මාව තවත් තරහ ගස්සන්න හිතාගෙන එහෙම කියලා මහීන් මගේ අතින් ඇදලා අරගෙන ඔළුවට ටොක්කක් ඇන්නා.

"ආව්ව්... රිදුනා.... මෝඩයා.. ඔන්න තියාගන්න ඔයාගේ මහ ලොකු පොත" 

එහෙම කියපු මම පොත මහීන්ට දෙද්දී ඒ පොත ඇතුලෙන් වැ‍ටුනේ සුදු පාට A4 කොළයක්.. හීන් පිණි වැස්ස නිසා පොඩ්ඩක් විතර මඩ වෙලා තිබුන තැනකට පාවෙලා ගිහින් වැ‍ටුනා.

මහීන් ඒ බව දැක්ක ගමන් ඉක්මනට මම ඉන්න තැනට ආවේ මට කලින් කොලේ ඇහිඳගන්න හිතාගෙන. ඒ තරමට දඟලන්නේ මොකටද මේ කොළේ අරගන්න.. කෙල්ලෙක්ට ස්වභාවයෙන්ම උරුම වුන කුතුහලය නිසා මමත් ඉක්මනට නැවිලා මහීන්ට කලින් කොලේ ගත්තේ ඇත්තටම ඒ කොලේ මඩ ගොඩේ වැටෙන එක හරි නෑ කියලා මටත් හිතුන නිසා. 

"මෝඩයගේ note එකක්ද දන්නේ නෑනේ.. පව්"

එහෙම හිතාගෙන මම නැවිලා කොළේ ගනිද්දිම මහීන් මගෙන් කොලේ ඉල්ලුවා..

"පොඩ්ඩක් ඉන්නවා හලෝ, මඩ ගෑවිලා නම් පිහිදලා දෙන්නම්.. කොහේද ලේන්සුවක් තියෙනවාය ඔය කොල්ලෝ ගාව."

එහෙම කියලා මම  A 4 කොළේ අනිත් පැත්ත හැරෙව්වේ ලේන්සුවෙන් හරි කොළේ ගෑවුන මඩ ටික පිහිදලා දාන්න..
කොළේ අනිත් පැත්ත පිරෙන්න අකුරු බලාපොරොත්තුවෙන් හිටියත් මම දැක්කේ පැන්සල් ඉරි වලින් ලස්සනට ඇඳුන චිත්‍රයක්.. ගෑණු ළමයෙක්ගේ හරිම ලස්සන චිත්‍රයක්..කොළේ පැත්තකින් තිබුනේ මහීන්ගේ අත්සන. කොළේ පිහිදාන එක පැත්තක දාලා චිත්‍රේ දිහා හොඳට බලන් ඉඳිද්දියි මට තේරුනේ මේ රූපේ මොකක්දෝ හුරු පුරුදු ගතියක් තියෙනවා නේද කියලා..

මහීන් මම චිත්‍රේ දිහා බලන බව දැකලත් ඒක වලක්වන්න හැදුවේ නැති නිසා මම තව තවත් කල්පනා කරා..
දෙවියනේ.. ඒ චිත්‍රේ හිටියේ කෙනා අඳුරගනිද්දි මට මගේ ඇස් දෙක අදහා ගන්න බැරි වුනා.  කොණ්ඩ කරලක් ගොතලා පුංචි කරාබු කූට්ටමකින් හැඩ වෙලා මහීන්ගේ චිත්‍රේ හිටියේ වෙන කවුරුවත්ම නෙවෙයි ඒ මමමයි.. මගේ ඇස් වල තිබුන බැල්මෙන් මම පුදුම වෙලා ඉන්න බව මහීන්ට තේරුන නිසාදෝ ආයෙමත් මගේ දිහා බලලා ලස්සන හිනාවක් දාන්න මහීන් අමතක කරේ නෑ.

"අම්මෝ.. මේ මමද?"

සතුට වැඩි කමට මහීන්ගේ දිහා ඇස් ලොකු කරගෙන බලලා මම ඇහුවේ තාමත් මට හරියටම ශුවර් නැති නිසා.

"ඔය ඇස් දෙකයි කටයි වහගන්නවා හලෝ.. පිස්සුද? නෑ.., මේ ඔයා කියලා කවුද කිව්වේ..ඔයා දන්නවද අර management  එකේ ඉන්නේ වර්ෂා කියලා මෝඩියෙක් , ගාල්ලේ ඉඳන් එන, අන්න එයා තමා මේ" 

මනමාල හිනාවකුත් දාන ගමන් මහීන් එක දිගට කියවගෙන ගියා.

"ආහ්හ්.. එයාද? මම දැනන් හිටියේ නෑනේ අර ucsc එකේ ඉන්න මහීන් මෝඩයටත් ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කියලා.."

මහීන් දිහා බලලා එහෙම කියපු මම ඒකටම මේ ටිකත් එකතු කරේ එයාව තරහගස්සන්නත් එක්ක.

"මෝඩයා...කවුද ඔයාට කිව්වේ එයාගේ චිත්‍ර අඳින්න කියලා, එයා හරි වසයි හොඳේ. ඒක නිසා එයාට විහිළු කරන්නේ පරෙස්සමෙන්.."
"ඒත් මේක දැක්කම නම් එයාට ආසා හිතේවි. සිරාවටම මාරම ලස්සනයි හලෝ, අනේ ඉතින් මේක මට දෙනවළු ඔයා තෑග්ගක් විදියට නේ?"

බටර් පාරක් ගාන ගමන් චිත්‍රේ මට ඉල්ලගන්න හැදුවත් මහීන් නම් ඒකට කැමැත්තක් නැති පාටයි..

"මට වෙන වැඩ නෑනේ මම මහන්සියෙන් ඇඳපු චිත්‍රේ 
කොහේවත් යන පිස්සියෙක්ට දෙන්න. ඕනේ නම් වෙන කෙනෙක්ට කියලා අන්දවගන්නවා.. " 

ආයෙමත් මට ටොක්කක් අනින්න හදන ගමන් මහීන් කිව්වා

"එහෙනම් මොකටද මගේ රුපේ ඇන්දේ, මම පිස්සියක් නම්"

හිතේ කැරකි කැරකි තිබුනත් මෙච්චර වෙලා අහගන්න බැරුව හිටිය ප්‍රශ්නේ මහීන්ගෙන්ම ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඇහුවේ ඒක දැනගන්නම ඕනේමයි කියලා මගේ හිත මටම බල කරපු නිසා..

"ඔය අද උදේ ලෙක්චර් එකේ කම්මැලිකමේ ඉන්න ගමන් කුරු‍ටු ගෑවේ හලෝ.. කවුද හිතුවේ ඔය මල පිස්සි මේ චිත්‍රෙකට ඔච්චර නහින්න හදාවි කියලා.."

උදේ ලෙක්චර් එකේදී.. මහීන්ට මොනවා වෙලාද? ලෙක්චර්ස් වලදිත් මගේ චිත්‍ර අඳින්න තරමට.. පිස්සු. 

මගේම මනෝ ලෝකෙක තනි වෙලා ටික වෙලාවක් හිටපු මගේ කල්පනාව බිඳුනේ මහීන්ගෙම කටහඬින්

"හා , හා මම පස්සේ වෙලාවක ඇඳලා දෙන්නම් චිත්‍රයක්, මේක නම් දෙන්න බෑ. දැන් ඉතින් අඬන්නේ නැතුව ඉන්නවා මෝඩි"

කවුද ඇඬුවේ. හිතන් ඉන්නේ මහා ලොකු artist කියලනේ මටත් ඕනේ නෑ.. මැට්ටා.. තියාගන්න..

"දෙන්නේ නෑ තමා.. ඉල්ලුවත්.. ඉල්ලගෙන එනවකෝ බලන්න."

මහීන් එක්ක රන්ඩු වෙවී ඉඳලා වෙලාව යනවාවත් මට දැනුනේ නෑ.. 12ත් පහු වෙලා කියලා මම දැනගත්තේ දුලීයි තිසූයි science  එකේ canteen එකේ ඉඳන් මට call කරද්දි.

"ඕයි.. උඹ ඔහෙට වෙලා පෙම් කෙලිනවා. පොඩ්ඩක්වත් බැලුවද අපිට මොකද වුනේ කියලාවත්.. බඩගිනියි බන්.. උඹේ නම් බඩ පිරිලා ඇති දැන්. ඒ වුනාට අපි අපේ මේ බෝක්කු බඩවල් වලට මොනවා හරි පටව ගන්න ඕනේනේ බන්, ඉක්මනට වරෙන් ඔය හීන කුමාරයත් එක්කම කැන්ටිමට. පොර ගානේම අපේ බඩට මොනවා හරිත් ඉල්ලගන්න පුලුවන්නේ"

දූලී කන මගේ කන පිරෙන්න ෆෝන් එකෙන් කෑගහද්දි ඒවා මහීන්ටත් ඇහුනද මන්දා.. කොහේද මුන්ට කෑගහන්න ගියහම තැනක් නොතැනක් නෑනේ..

"හරි හරි මම එන්නම්, ටිකක් ඉඳපන් කෑනොගහා.." 

එහෙම කියාගෙන මම phone එක cut කරේ මහීන්ට දුලී කියපුවා ඇහුනද කියලා හිත හිතා.

"යාළුවෝ කෑ ගහනවා නේද?, කොහේද ඉතින් කටර් එක වගේ කියවන්න ගියාම බඩගින්නක් දැනෙන්නේ නෑනේ ඔයාට. මමත් මේ කියාගන්න බැරුව හිටියේ මට බඩගිනියි කියලා.." 

දිවත් ඇදලා ඇද කර කර මහීන් එහෙම කිව්වම මම ආයෙමත් මහීන්ට පාරක් දුන්නා.

"අපෝ, ඔක්කෝම එකයි. යමු එහෙනම්.. මම ඉන්නේ මල පෙරේත රාජධානියකනේ"

මහීනුයි මමයි canteen එකට යනකොටම දුර ඉඳන් බලාගෙන අමුතු හිනාවක් දාන දුලීවයි තිසූවයි දැක්කා.

"ubala denna monawa hari kata kadichcha kathawak kiwoth mama balagannamko passe. ane wadinnam ban wikara nam kiyawanna epa"


එතනට යන්න කලින්ම තිසූගේ phone එකට එහෙම කියලා message එකක් යැවුවේ ඒ දෙන්නා මොනවා හරි කිව්වොත් නෝන්ඩි කන්න වෙන්න මටම බව දන්න නිසා.
මහීන් එක්කම Canteen  එකට ගියත් මට කලින්ට වඩා ලැජ්ජාවක් දැනුනේ මොකද මන්දා..

"ඉතින් දැන් දෙන්නා එක්ක අපි මෙතනට වෙලා කාපු කට්ටට මොනව හරි අරන් දුන්නොත් නරකද? " 

තිසූගේ කට මම කියන්නත් ඉස්සරින් ඉස්සර වුනා.

"හරි හරි, අද කෑම මායි වර්ෂායි ගානේ" 

මහීනුත් කිසිම ගානක් නැතුව එහෙම කියද්දි මම පර්ස් එක අතට ගත්තේ මහීන් එක්ක එකතු වෙලා මුන් දෙන්නාගේ කටවල් වහන්න හිතාගෙන. නැත්නම් ඕකේ return  එක මම තනිවුන ගමන් ඒ දෙන්නා මගෙන් ගන්න බව මම දැනගෙන හිටියා.

"ඔයා මොකටද පර්ස් එක ඇදගත්තේ, දැන් මම ඔයාගෙන් සල්ලි ඉල්ලුවද? නෑනේ.. දාගන්නවා ඇතුලට පර්ස් එක, මෝඩි"

දුලීයි තිසුයි මූනට මූණ බලාගත්ත විදියෙන්ම අද කෑම කෙසේ වෙතත් මට මාස ගානක් මඩ කන්න වෙන බව නම් මම දැනගත්තා.

"ඇයි ඔයාමනේ කිව්වේ අද කෑම අපි දෙන්නා ගානේ කියලා. ඉතින් මමත් සල්ලි දාන්නේ නැතුව මෙතන කොහේද දෙන්නෙක්.." 

එහෙම ඇහුවම මහීන් කරේ නිකන් හිනා වුන එක විතරයි

"දෙන්නෙක් කොහේද,
එක සිත දෙතැනක නතර වෙලා, ඔබේ සිතයි මගේ සිතයි දෙසිතම එකම සිතක් වී , අන්න ඒ වගේ සීන් එකක්නේ මෙතන යන්නේ, මෝඩි ඒකවත් තේරෙන්නේ නැති හැටි" 

තිසූ මගේ කනට කරලා එහෙම කොඳුරද්දි මම කරේ තිසූට ඔරවපු එක.

මම කිව්වා උඹට.... ඕක ආයේ කිව්වොත් නම් මම තරහයි ඇත්තමයි.

හිතට ආපු තරහටයි ලැජ්ජාවටයි එහෙම කිව්වත් මේ වෙන දේ මොකක්ද කියන එක මටත් තේරුමක් වුනේ නෑ. චිත්‍රේ ගැන ඒ දෙන්නට කියන්නත් හදලා නොකියා හිටියේ ඒකත් කිව්වොත් තවත් මට මහීන් ඉස්සරහම නෝන්ඩි කන්න වෙයි කියන බයට.

අද දවස ඉවර වුනේ හරිම ඉක්මනට, මහීන් එක්ක ඉද්දි දවස ගෙවෙනවා දැනෙන්නෙවත් නැති හැටි....

සුමානයක් ගත වෙලා ආයෙ සිකුරාදාවක් ලබනවා හෙට.. මහීන් මට මුණ ගැහුනා වගේම සිකුරාදා දවසක්.. ඒත් ඒ සිකුරාදට වඩා හෙට දවස කොයි තරම් නම් වෙනස්ද? මගේ ජීවිතේ කොයි තරම් නම් වෙනසක් වෙලාද? . සතුට කියන දේ කවදාවත් ලැබෙන්නේ නෑ කියලා හිතපු මගේ ජීවිතේට මහීන් එක්කම සතුටත් ගලාගෙන ඇවිත්. ඒ තරමේ හොඳ යාළුකමක්, බැඳීමක් මට වෙන කාගෙන්වත් මේ වෙනකන්ම ලැබිලා තිබුනේ නෑ..

යාලුවන්ගේ දසකුත් එකක් විහිළු අහගෙන මම එදා රෑ 
නිදාගන්න ගියේ හෙට උදාවෙන අළුත් ලස්සන සිකුරාදාව එක්කම මගේ ජීවිතේ අලුතින්ම වෙනස් කරගන්නවා කියන බලාපොරොත්තුවත් එක්ක..

********************************************************************************

ආදරය නම් අකුරු හතරේ අර්ථයක් නොදු‍ටු තරුණියක්. සැහැල්ලු දිවියක හීන වලින් පිරුන ඇගේ සිත වටහාගත නොහැකි ගැටළුවක්.. ඇය ඇත්තටම ආදරය නොහඳුනන්නියක්ද? නැතිනම්.....


හමුවෙමු ඊළඟ කොටසින්..


CONVERSATION

59 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. මං එක..................(පොඩ්ඩක් ඉන්ඩෝ කියවල එන්නම්....)

    ReplyDelete
    Replies
    1. රණ්ඩුවෙන ගහගන්න ඒව සෝයි අප්ප....මලු කීල වැදක්නෑ...මැවිලම පේනෝ....^_^

      ඊළඟ කොටසත් ඉක්මන දාන්න අක්කියෝ ආසාවෙන් බලන් ඉන්නව....
      (වලි ටිකක් වැදිකලන්දෝ.....)

      Delete
    2. හික්ස්.. මාත් ආසයි රණ්ඩු වලට නම්.. නංගියා ඉතින් කෝමත් හුරතලේට රණ්ඩු කෙක්කනේ නේ?

      Delete
  2. අද නම් පට්ටයි.....
    හොද වෙලාවට අපි ඉන්න කාලේ මේ පිස්සෝ හිටියෙ නැත්තෙ කැම්පස් එකේ...:D ;)

    ReplyDelete
    Replies
    1. හික්ස්.. කවුද පිස්සෝ.. ඒ කාලේ හිටිය එක පිස්සෙක් තමා මේ කමෙන්ට් එක දාලා තියෙන්නේ :P :D

      Delete
  3. කලින් කොටස කියෙව්වට කමෙන්ට් එකක් දාන්න බැරි වුනා නේ අලේ. ඔයාට හැමතිස්සෙම කියන දේ ආයෙත් කියන්නම්. කියවගෙන යනකොට මුළු කතාවම ඇස් ඉස්සරහ මැවෙනවා නගෝ. ඇත්තමයි. ඒක ඔයාගේ ලිවිල්ලේ හොඳ කම තමයි.

    "මාව තවත් තරහ ගස්සන්න හිතාගෙන එහෙම කියලා මහීන් මගේ අතින් ඇදලා අරගෙන ඔළුවට ටොක්කක් ඇන්නා."

    ගොඩක් දුර ගිහින් නේ...;) ඇඬෙනවා.:D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ... :D :D :D

      Delete
  4. මේ දෙන්නා හිතේ තියෙන එක කියන්නේ කවද්ද හැබෑටම? මම මේ අද ආපු ගමන් මේක දැකලා දුව ගෙන ආවා අදවත් කියලා ඇති කියලා හිතාගෙන..

    ReplyDelete
    Replies
    1. දිනේශ් අයියාට තියෙන හදිස්සියක් බලන්නකෝ...:p එහෙම කියන්නෙ නෑලු මේ දෙන්නා.. ඒකත් හරියට අර අයියා ලස්සන ගෑණූ ළමයෙක්ට ලස්සනයි කියලා කියන්නෙ නෑ වගේ..;) :p

      Delete
    2. හික්ස්.. එහෙම කියන්නේ නෑ තමා.. අපි දන්නේ කොහොමද ඉස්සරහට මොනවා වෙයිද කියලා.. මොකක්ද අයියේ මේ හිතූ නංගා කියන කථාව.. :P :P

      Delete
  5. "සතුට කියන දේ කවදාවත් ලැබෙන්නේ නෑ කියලා හිතපු මගේ ජීවිතේට මහීන් එක්කම සතුටත් ගලාගෙන ඇවිත්. ඒ තරමේ හොඳ යාළුකමක්, බැඳීමක් මට වෙන කාගෙන්වත් මේ වෙනකන්ම ලැබිලා තිබුනේ නෑ.."

    වෙනදට උදේම බුකියට යෑම පුරුද්දක් කර ගෙන හිටපු මම, අද පාන්දරම ෆෝන් එකෙන්ම ආවෙ සිත් අහසට... ඒ අටමගලෙන් කොමෙන්ට්ස් දාන බැරි නිසා කම්පීතර ඔන් කලා... ඒත්.... තුහින ගලන මේ හිමිදිරියේ හිත හිරි වැටිලා... මට කෑ ගහල කියන්න පුළුවන් නම්... මටත් මහීන් වෙන්න ඕන කියල....

    …කතාව ලස්ස්නයි කියල මම කියන්නෙ නෑ ප්‍රාර්ථනා... මොකද ලස්සන කියන්නෙ පිට පොත්ත විතරයි... ඔයාගෙ සිත, අහසටත් වඩා ගැඹුරුයි...

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකට නම් මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ යාළු.. ගොඩාක්ම ස්තූතියි, අවංකවම ගොඩාක්ම ස්තූතියි..

      Delete
  6. උපරිමයි.. ලස්සනට ලියැවිලා තියෙනවා.. අත්දැකීමක්වත්ද කියල සැකයකුත් තියෙනවා.. ;)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා,, අපොයි අත්දැකීමක් නම් නෙවෙයි.. නිකන්ම හිතට ආව කථාවක්..

      Delete
  7. [කොණ්ඩ කරලක් ගොතලා පුංචි කරාබු කූට්ටමකින් හැඩ වෙලා මහීන්ගේ චිත්‍රේ හිටියේ වෙන කවුරුවත්ම නෙවෙයි ඒ මමමය]
    පින්තූරෙ දැක්කම අැඟ සීතල වෙලා යන්න අැති නේ! :D

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ස්තූතියි ඇනෝ.. අනේ ඉතින් ඇඟ සීතල වුනාද අහන්න ඕනේ වර්ශාගෙන් තමයි...

      Delete
  8. ඒ මේ ටික නම් නියමයි. ඈත්තටම කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඈයි මෙච්චර රණ්ඩුවෙන්නේ.....
    :D
    තරහවෙන්නේ නෑ කියලා දන්න නිසා හෑමදේම ඔහේ කියව ගන්නවා. මෑවිලා පෙනුනා දෙන්න ටොකු ඈනගන්න හෑටි.

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. අනේ මන්දා ඉතින්.. ඒ දෙකම රණ්ඩු කෙකි දෙකක්නේ අෆ්ෆා..

      Delete
  9. නියමයි නංගෝ කතාව.ලෙසටම ගලා ගෙන යනවා.අපේ නගත් හරිම ආසයි කතාවට.හැමදාම අහනවා කතාව ලියලද කියලා.

    ReplyDelete
    Replies
    1. නිසු බොරුත් කියනවා ;)

      Delete
    2. තැන්කූ අක්කියෝ... අම්මෝ.. නංගිත් බලනවද... නංගිටත් තැන්කූ කිව්වා කියන්න..

      @සැමා අයියා- ඒ මොකෝ.. කථාව ලෙසටම ගලාගෙන යන්නේ නැත්ද?? :P හික් හික්..

      Delete
  10. ලස්සනට ලියලා ඔයා අක්කියෝ.. වලිම තමා නේද? :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියා... ඔවුනේ අනේ.. ඒ දෙන්නා වලිම තමා... ;) :D

      Delete
  11. පේනවනේ මං රණ්ඩු කෙක්කක්.වැරදිලාවත් ඔයා ඊළග කොටසෙන් මට අසාධාරණයක් කළොත් අක්කේ,
    සෑහෙන කාලයක් පසුතැවිලි වෙන්න වෙයි හොදේ.. මතක තියාගන්න...:DDD

    ReplyDelete
    Replies
    1. මෙන්න වර්ෂා නංගියා මට මරණ තර්ජන කරනවා.. හෆ්ෆේ... :P :D :D

      Delete
  12. ලස්සනයි....ගොඩාක් ලස්සනයි..

    ReplyDelete
  13. ගොඩක් ආදර කතා පටන්ගන්නේ වලි වලින්ම නේද....

    ලස්සනයි ප්‍රාර්ථනා.....

    ReplyDelete
    Replies
    1. හෙ හෙ... ගොඩාක් වෙලාවට එහෙම තමා.. මුලින් පේන්නම බැරි කෙනා තමා පස්සේ ආදරේ වෙන්නේ..

      Delete
    2. ඒත් හැම ආදර කතාවකම අවසානය ගොඩක් වෙලාවට දුකක් නේද?

      Delete
    3. හ්ම්ම්.. ඔව් එහෙම වෙන්නත් පුළුවන් සී.නී..

      Delete
  14. කෝ ඉතින් අද සිකුරාදනේ...ඉතුරු ටිකත් දාන්න....

    ReplyDelete
    Replies
    1. හික්ස්..අද ඉරිදා අනේ... :P

      Delete
  15. ඇසුවොත් මදක් ලංවී.....

    කැම්පස් අඩවිය කියාවි.....

    දහසක් පෙම්කතා....

    ඔබ මා නොදත්......

    එබිම ලියවූ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියා.. ලස්සන ආදර කථා ගොඩාක් කැම්පස් එක ඇතුලෙ ඇති වෙලා සමහර වෙලාවට කැම්පස් එක ඇතුලෙම නැති වෙලා යනවා..

      Delete
  16. හම්මියෝ.. මහීන් ච්ත්‍රත් අඳිනවා.. එයානම් ශෝයි හෆ්ෆා... <3 හික්ස්...
    මාත් අඅසයි වර්ෂයි මහීනුයි රණ්ඩුවෙවී ඉන්න විදියට.. හරිම ජොලි!!! හික්ස්ස්... :D

    අක්කියෝ වෙනදා වගේම සුපිරියි කතාව.. මට මේක කියවන් යද්දි හරිම ලස්සනට මැවුනා.. ;) වැඩිවිස්තර මම කියන්නම්කො ඔයාට ප්‍රය්වට් එකේ..:p නියමයි අක්කී!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඒකනේ අනේ.. මහීන් නියම කලාකාරයෙක්.. තව කියන්න දෙයක් ටයිප් කරලා ආයේ ඒක ප්‍රයිවට් එකේම කියන්නම් කියලා හිතුවා.. හික්ස්.. නැත්නම් ඔය uscs ඉගෙන ගත්ත කට්ටිය අපි දෙන්නට විරුද්ධව කථා හදාවි.. :P (දන්නවනේ කවුද කියලා) හික්ස්..

      Delete
    2. හික්ස්ස්.. හා හා අක්කියා මාත් ඒකමයි ටයිප් නොකර ප්‍රයිවට් එකේ කියන්නම් කිව්වෙ..;) හික්ස්ස්..

      Delete
    3. අහ්හ්...... :/ :/
      මොකක්ද UCSC එක ගැන කියන්න හැදුවෙ??

      Delete
  17. maheen :o
    ena pota hoda naha :D

    niyami akke niyamai ela supiri. anith kotasath ikmanin daanna :)

    ReplyDelete
  18. "සුමානයක් ගත වෙලා ආයෙ සිකුරාදාවක් ලබනවා හෙට........"

    ඒ ඡේදය ඉතාමත් රසවත් සහ භාෂා අලංකරණයෙන් ඉහලයි. හරියටම සරච්චන්ද්‍රයන්ගේ 'මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා " කෘතිවල භාෂා රටාව.

    ඉතාමත් රසවත්ව ඔබට ලියන්න පුළුවන්. හොඳ හැකියාවක්.

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තූතියි හැමදාමත් වගේ කථාවේ ගුණ දොස් ගැන සටහනක් තබනවාට.. :)

      Delete
  19. මම මේ කතාව කියවගෙන යනකොට රූප රාමු ටික මැවිලා පෙනුනා. ලස්සනට කතාව ගලාගෙන යනවා. දැන් ඉතින් එහෙම කියලා බෑ. කන්ඩ අරන් දෙන්න ඕනා. :)

    ReplyDelete
    Replies
    1. :O මොකටද කන්න අරන් දෙන්නේ අයියේ... මහීන් අරන් දුන්නේ.. හී හී... ස්තූතියි අයියා...

      Delete
  20. මම බය වුනා අර කොලේ ඇතුලේ වෙන කෙනෙක්ගේ රුපයක් තියේවි කියල.වෙලාවට එහෙම දෙයක් නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. හික්ස්... එහෙම වුනා නම් ඉතින්..... මොනවා කරන්නද අෆ්ෆා... වර්ෂා තමා දන්නේ.. :P

      Delete
  21. මෝඩි / මැට්ටා වගේ වචන වලින් කතාව තාත්වික වෙලා..

    ඒකයි කස්ටියට දැනෙන්නේ..

    ජය !

    සිල් ගත්තෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ..
      සිල් ගත්තේ නම් නෑ අනේ.. පන්සල් නම් ගියා..

      Delete
    2. අපේ ආච්චි නම් සිල් ගන්නවා.. ඒකයි ඇහුවේ !

      Delete
  22. හම්මෝ.. මං හිතුවෙ පොත ඇතුලෙන් ලියුමක් වත් වැටුණදෝ කියලා.. :D
    චිත්‍රයනම් ලස්සනයි ගොඩක්..

    මහීන් එනවද වර්ෂත් එක්ක දුම්රියෙ මේ සිකුරාදත්..
    බලන් ඉන්නවා ඉතිරි කොටස.. :)

    ReplyDelete
    Replies
    1. හම්මෝ ලියුමක් වැටුනා නම් වර්ෂා පවු.. :D ස්තූතියි අක්කියා..

      Delete
  23. ගොඩක් කාලෙකින් ආවේ...දැන් කතාව ගොඩක් දුර ගිහින්... :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. ඒකනේ.. දැන් ඉඳන්වත් කියවමු අනූ.. :))

      Delete
  24. සිරාවටම බ්ලොග් වල ලියවෙන කතා අතරින් හොදම 1 මේක:)
    පට්ට ක්රුතුහලයක් තියෙන්නෙ කියවල ඉවර උනාම!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියෝ... හැමදාමත් හොඳ නරක කියලා යන එක මට ලොකු හයියක්..:D

      Delete

Back
to top