෴ තුහින වර්ෂා෴ නවවන කොටස






යාන්තමට ඇරුණ ජනේලෙන් පෙරුන ඉර එළිය මගේ මූණට වැටෙද්දී වෙනදා තියෙන කම්මැලිකම නැති කරලා එක පාරටම මම ඇ‍ඳෙන් බිමට පැන්නා. වෙනදාට උදේම ඇහැරෙන දුලී තාමත් නිදි. මම ඇහැරුනා වේලාසන වැඩිද මන්දා. කමක් නෑ. ඇහැරුන එකේ පොතක් පතක්වත් බලාගන්න ඕනේ. එහෙම හිතලා මේසේ ගාවට ගිහින් MSA පොත පෙරළගත්තේ ගන් ටිකක්වත් හදන්න හිතාගෙන. උදේ පාන්දරම පාඩම් කරද්දී හොඳට මතක හිටිනවා කිව්වට කැම්පස් ආවට පස්සේ නම් පාඩම් කරපු දෙයක් විභාගෙන් පස්සේ මතක හිටිය කාලයක් මතක නෑ. උගන්නන ඕනෙම දෙයක් අපි හැමෝටම මතක හිටියේ උපරිම මාස 6යි. ඒකත් විභාගේ ලියනකන් විතරයි. විභාගේ ලියලා Exam hall එකෙන් එළියට ආපු ගමන් ඒකත් ඉවරයි. මාස 6ක මතකයකට කො‍ටු වෙලා කොහොම ඩිග්‍රිය ගොඩදාගන්නද මන්දා. පාඩම් කරන්න ගියාට ඊට වඩා එක එක විකාර වලට හිත යන නිසා කොහේ හරි ඇවිදින්න යන්න ඇත්නම් හොඳයි කියලා හිතුනා.. හවස ගෙදර යන්නත් ඕනේ.. අද උදේ ලෙක්චර් එක කැන්සල් වුන නිසා කැම්පස් යෑමකුත් නෑ.. ඒත් කොහේ යන්නද මේ පිස්සු කේස් දෙකත් එක්ක. යන තැන මාව නෝන්ඩි කරනවා ඇරෙන්න මුන් දෙන්නට දැන් වෙන වැඩක් නෑ. ආයෙමත් පොත් ටික මේසේ උඩ තියෙද්දි මිදුලට ගියේ හීතල හුළං ටිකක්වත් වදින්න හිතාගෙන. මේ දවස් ටිකේම උදේට පුදුම සීතලක්. නුවරඑළිය පැත්තට කොහොම සීතල ඇද්ද? එක පාරටම මගේ හිතට ආවේ කවියක් ලියන්න ඕනේ කියන හැඟීම. පද වැල් එකින් එක ගලාගෙන එද්දි ආයෙම කාමරේට දුවගෙන ගියේ හැමදේම කුරු‍ටු ගාන මගේ diary එකේ හිතට ආපු අදහස් ටිකත් කුරු‍ටු ගාන්න හිතාගෙන.

විසිරෙනා සේද සුළඟ මත
කල්පයක් පුරාවට පතාගෙන ආ
ඒ සුසුම් පොද ඔබම විය..
ඒ සුසුමෙහි සුවඳ සොයමින්
පෙරා සැම සුළං කෝඩයන්
වෙහෙස වූයෙමි මම,
නොදැන ඒ සුවඳ ඇති තැන...
රළු මල් සුවඳ ඇවිදින්,
නුඹේ සියුම් සුසුමෙහි සුවඳ සඟවමින්,
හමා යන්නට ඇති,
මඳ පවන හා සැනෙකින්...
‍රැව‍ටුනත් මල් සුවඳට
පරව ගිය පසු මල් සැම
මතු වුනා යලි යලි
ඔබේ සුසුමක සුව...
ඉතින්..
දෙනවාද විඳින්නට
රළු මල් සුවඳ නොව
ඔබගේ සුවඳවත් සුසුම් පොදක සුව....

අප්පටසිරි කාගෙද මේ සුවඳ සුසුම් පොද?

පිටිපස්සෙන් ඇහුන 
කටහඬෙන් එක පාරටම ගැස්සිලා ගිය මම 
පිටිපස්ස බලද්දි දැක්කේ දුලීව. මේ පිස්සි ඇහැරිලා එනකන් මට ඇහුනේ නැති හැටි.. දැන් ඉතින් ඉඳලා හමාරයි. ඕකටත් අර අහිංසකයවම තමා ගාවන්නේ..

"හපෝ ඔය ආවේ වදකාරයා. මම හිතුවේ උඹ නිදි නිසා උදේ වරුවෙවත් මට කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයි කියලා, කොහේද? ඒකත් ඉවරයි දැන්. අනුන්ගේ diary වලට එබී එබී ඉන්නේ නැතුව පලයන්, ගිහින් ඔය කුණු කෙළ ටික හෝදගෙන වරෙන්. උදේ පාන්දරම උඹව ඔහොම දැක්කම උදේ කෑම එකට අතවත් තියන්න හිතෙන්නේ නෑ"

දුලීට මම ලියපු එක අමතක කරවලා තරහා ගස්සන්නත් එක්ක එහෙම කිවත් මම මොන දේ කිව්වත් දුලී මා එක්ක තරහ වෙන්නේ නෑ කියලා මම දැනගෙන හිටියා.

"අනේ යනෝ හලෝ යන්න. කෑම එකට අතවත් තියන්න හිතෙන්නේ නැත්නම් කිසි අවුලක් නෑ උඹේ පංගුවටත් මම කිසි අවුලක් නැතුව වග කියන්නම්. උඹ ශේප් එකේ අහපු එකෙන් මඟ අරිනවානේ. මාව තම්බන්න හිතුවා මදි බන්. හා හා දැන් කියපන් බලන්න උදේ පාන්දරම love mood එක දාගෙන කා ගැනද මේ කවි ලියන්නේ. කියන්න ඕනෙත් නෑ එක්කෝ.. මම දන්නවා..

එහෙම කියාගෙන දුලී උදේ පාන්දරම මාව නෝන්ඩි කරන්න පටන් ගත්තා.
 එතකොටම මගේ phone  එක ring වෙන්න ගත්තා.

maheen calling 

සැරෙන් සැරේට නිවෙන පත්තු වෙන එළිය එක්ක මගේ phone screen එක දැක්ක ගමන් දුලී එක පාරට මට හිතන්නවත් ඉඩක් නොතියා phone එකට answer කරා..

"දීපන් මෙහෙට, ඇත්තමයි දුලී තරහයි." 

මොන දේ කිව්වත් දුලීව නම් නෙවෙයි නවත්තන්න පුළුවන් වුනේ. phone එකත් අරගෙන ඉස්සරහට දිව්ව දුලී මහීන් එක්ක කතා කරා.

"හා.. මල් කුමාරයා, කොහොමද ඉතින්.. වර්ෂා නම් මේ දැන් ඔයාව මතක් කරා විතරයි, උදේ පාන්දරම ඔයාට කවියකුත් ලියලා තියෙන්නේ"

මේකි මාව කනවා, ඒත් ඉතින් මොනවා කරන්නද ඕකට මැදින් පැන්නොත් තව මොනවා කියාවිද දන්නේ නෑ මහීන්ට, ඕනේ දෙයක් කියාගන්න කියලා මම කට වහගෙන හිටියේ ඒ නිසා.

"ආහ් ඇයි අපි එක්ක කතා කරාම මොකද වෙන්නේ, එයාවම 
ඕනේද? හා හා ඉන්නවා ඉන්නවා දෙන්නම්, නැත්නම් දෙන්නම මට දෙහි කපලා අද මට යහතින් ඉන්න වෙන්නේ නෑ. "

මහීන් phone එක මට දෙන්න කියලද කොහෙද? අම්මෝ ලොකු දෙයක්..

"ඔන්න උඹේ ප්‍රේම කුමාරයට උඹවම ඕනෙලු කථා කරන්න.. ආ" 

phone එක අතින් වහගන්න ගමන් දුලී කිව්වේ මට හොඳ ගානට 
තරහා ගිහින් බව දැනුන නිසා වෙන්න ඇති.

"හෙලෝ"

ලැජ්ජාවත් එක්කම මම කථා කරේ හරිම හෙමින්

"හලෝ මැඩම්, good morning. මොනවද මේ යාළුවා කියන කථා
උදේ පාන්දරම කවි ලියනවා කියන්නේ."

"අයියෝ නෑ අනේ, මෙයාට පිස්සු. මගේ diary එකට එබිලා දැකපු කවියක් නිසා උඩ පනිනවා හේතුවක් නැතුව"

එහෙම කියද්දිම මට කිඹුහුමක් ගියා. සමහර විට උදේම පොද වැස්සේ තෙමුන නිසා වෙන්න ඇති.

"ආහ්.. ඒ කියන්නේ කවි ලියලා තමා, මොකෝ උදේ පාන්දර පිනි බෑවද? "

"ඔවු අනේ ටිකක්. ඇයි ඇහුවේ, බෙහෙත් අරන් දෙන්නද?"

මහීන්ව ටිකක් අවුස්සන්න හිතාගෙන එහෙම ඇහුවම
මහීන් කිව්වේ මම නොහිතපු දෙයක්

"පිස්සුද හලෝබෙහෙත් අරන් දෙන්න දෙයක් නෑනේ ඔය ලෙඩේට බෙහෙත් නෑ.පිස්සියොන්ගේ ඔළුව තෙමුනම එයාලා එක එක පිස්සු නටනවළු. ඔය උදේ පාන්දර කවි ලියනවා වගේ දේවල්"

උදේ පාන්දරම එක්කෙනෙක් මදිවට දෙන්නෙක්ම.. අනේ අහිංසක වර්ෂා.. මම දුලීට රවන ගමන් මහීන්ටත් බනින්නයි ලෑස්ති වුනේ.

"හෝව් හෝව්.. ලස්සන කෙල්ලෝ උදේම තරහ ගත්තොත් ඉක්මනට නාකි වෙනවා කියලා කවුදෝ පඬිවරයෙක් කියලා තියෙනවලු, ඒ නිසා දැන් හිනාවෙන්නකෝ.."

ආයෙමත් හිනාවක් දාන ගමන් මහීන් එහෙම කිව්වම මටත් හිනා ගියා..මේ කොල්ලා කොහොම මම හිතන ඒවා දැනගන්නවද මන්දා..

"ඕක කිව්වේ මහීන් පඬිතුමා වෙන්න ඇතිනේ" 

එහෙම කියලා මාත් හිනාවුනේ මහීන් එක්ක තරහා අරගෙන මටත් වැඩි වෙලාවක් ඉන්න බැරි නිසා.

"ඉතින් දැන් මේ පිස්සා මොකටද මට උදේම කෝල් කරේ, මාව නෝන්ඩි කරලා උදේම kik එකක් ගන්නද?"

"අපෝ අපි එහෙම කවුරුවත් නෝන්ඩි කරලා ජොලිය ගන්නේ නෑනෙ අනේ. උදේ පාන්දරම ලස්සන කෙල්ලෙක්ගේ ලස්සන කටහඬක් ඇහුවම දවසම ලස්සන වෙනවා කියලා තමා අපේ අම්මා කියලා දීලා තියෙන්නේ, ඉතින් මම මේ ඒක හරිද කියලා බලන්න හැදුවේ.."

මහීන් ඒ කියපු දෙයින් ලැජ්ජාවක් ඇති නොවුනම නෙවෙයි. ඒත් ඉතින් හැමදේම වලියට ගන්න අපි දෙන්නා පුරුදු වෙලා හිටිය නිසා මම ඒ ගැන වැඩිය ගනන් ගත්තේ නෑ.

"අම්ම කියන දේම අහන පුතානේ, තව මොනවද අම්ම ඔයාට කිව්වේ."

"ආහ්හ්.. එහෙම තමා.. මම අම්මගේ චූ.............ටි, හුරතල් කොළු පැටියනේ............ ඉතින් අම්මා කියන දේ අහනවා. අමතක වුනානේ, අම්මා තව දෙයක් කිව්වා. අද ගෙදර එද්දි කෝච්චියේ තනියම එන්න එපා ලස්සන කෙල්ලෙක් එක්ක එන්න කියලා කිව්වා. ඒ කෙල්ලට කියන්න කිව්වා මගේ චූටි කොල්ලව බලාගන්න කියලා"

මහීන් ඇඳලා පැදලා තාලෙට හුරතලේට වචන ගලපද්දි මට දැනුනේ පුදුම හැඟීමක්. ඒ එක්කම හිනා ගියේ මේ පිස්සාගෙ පිස්සු වැඩ නිසා

"ආ.. එහෙමද? ඉතින් දැන් ඒකට ලස්සන කෙල්ලෙක් හොයාගත්තද? හොයාගත්තම මටත් කියන්න, මල වදේ නැතුව අද මට නිදහසේ කෝච්චියේ යන්න පුළුවන්"

මෙහෙම කිව්වත් මහීන්ට ඕනේ වුනේ මා එක්ක අදත් එකට කෝච්චියේ යන්න බව මට නොතේරුනා නෙවෙයි.

"අපෝ මෝඩි, ඔය කිව්වේ මැටි කථාවක්. මේ.... මොලේ පොඩ්ඩක් check කරගන්නවා, ඕකේ ඇතුලේ රටකජු ඇටයක තරමටවත් මොළයක් තියේද මට ශුවර් නෑ. මැටි පිරිලා ඇත්තේ ශුවර් එකට. මෝඩි"

මහීන්ට හොඳටම තද වෙලා.. ඒ තරම් සතුටක් මට තවත් නෑ.

" හපෝ, මෙන්න එක්කෙනෙක්ට තද වෙලා. හරි හරි මම මොලේ Check  කරගන්නම්. ඉතින් කියන්නකෝ කවුරු එක්කද අද ඔයා යන්නේ කියලා"

"නෑ.. ඕනේ නෑ.. මට තද වුනේ නෑ. හරි ආස ඇතිනේ මට තද වෙනවට. මැට්ටි.. මම යන්නේ අර එදා මම පින්තූරයක් ඇන්දේ කෙල්ලෙක්ගේ වර්ෂා කියලා, අන්න එයා එක්ක... දැන් ඉතින් එයාට කිව්වොත් හොඳයි මා එක්ක 1.40 කෝච්චියේ යන්න ලේස්ති වෙන්න කියලා. ආවේ නැතොත් මගෙන් ටොක්කක් කන්න බලාගෙන ඉන්න කියලත් කියන්න.. එහෙනම් මම තිබ්බා පිස්සී.. ටටා.. බායි.. "

"හා හා මම කියන්නම්, ටොකු දෙන්න ඔයා කවුරු කියලාද දන්නේ නෑ හිතන් ඉන්නේ නේ? එයාගේ තාත්තද? හහ්.. එයා බය නෑ හරිද? කෝච්චියේදි බලාගන්නම් කියලා එයා ඔයාට කියන්න කිව්වා. මෝඩස්.. මාත් තිබ්බා. මට වැඩ තියෙනවා ඔය මෝඩයො එක්ක කතා කර කර ඉන්න වෙලාවක් නෑ.. "
මම එක දිගට කියවගෙන ගිහින් නතර කරාම එහා පැත්තෙන් මට ඇහුනේ ලස්සන හිනාවක්.

"මෝඩි, අනේ ඇත්තමයි ඔයා නම් පොඩි එකෙක් වගේ, බලාගමු කෝච්චියේදි. ආ තව දෙයක්.. අර උදේම ලියපු කවියත් අරගෙන එන්න හොඳේ මටත් බලන්න ආසයි පිස්සියෝ ලියන කවි.. මම තිබ්බා. බායි.. බුදුසරනයි පිස්සි"

"බුදුසරණයි මෝඩයා"

මහීන්ට නම් පිස්සු.. call එක cut කරාට පස්සේ මට තනියම හිනා ගියා මහීන්ගේ එක එක විකාර කථා මතක් වෙලා..

"අම්මෝ.. පැය භාගයක්, යකෝ යාළු වෙලා ඉන්න එවුන්වත් ඔයි තරමට මල් කඩනවා මම දැකලා නෑ. මහීන්ට පිස්සුද? සල්ලි වැඩි වෙලා නම් අපිටත් කාඩ් එකක් දාලා දෙන්න කියනවා කොහේවත් යන පිස්සියෝ එක්ක කතා කරන්නේ නැතුව"
 දුලී ආයෙමත් පටන් ගත්තා.

"චුට්ටක් කට වහගෙන හිටපන්කෝ, අනේ ඇත්තට උඹේ ඔය හැකර කටට නිවනක් නැති හැටි, පිස්සී"

එහෙම කියාගෙන මම කාමරේට ගියේ ඇඳන් යන්න ඇඳුමක් ‍තෝරන්න හිතාගෙන.

"දුලී, මගේ සුදු පැටියෝ, මෙහෙ වරෙන් බන්.."

දූලීට මම ආයෙමත් කථා කරේ දුලී නැතුව ඇඳන් යන්න හොඳ ඇඳුමක් ‍තෝරගන්න තේරෙන්නේ නැති නිසා.

",.. ඔන්න බටර් පාර, ශුවර් එකට මල් කුමාරයා බලන්න යන්න ඇඳුමක් ‍තෝරගන්න වෙන්න ඇති, මම දන්නේ නැද්ද උඹේ හැටි"

දුලිත් එහෙම කියාගෙනම හිනාවේගෙන කාමරේට ආවා.

"අනේ ඉතින් දන්නවා නම් ‍තෝරලා දීපන්කෝ නිකන් බලන් ඉන්නේ. 
මෙහෙමනේ මහීන්ට පේන්න නෙවෙයි අනේ, ගමේ යද්දි ටිකක් ලස්සනට යන්න එපයි. නේද?"

දුලීවත් ශේප් කරගෙන ඇඳුමකුත් හොයාගෙන ලෙස්ති වුනේ ගෙදර යනවාටත් වඩා මහීන්ව මුණ ගැහෙන්න තිබුන ඉක්මන නිසා බව මගේ හිත දැනගෙන හිටියා. 


මහීන් ලඟදි මගේ ජීවිතේ මම පතපු සතුට මගේ ගාව කියලා මට දැනුනේ ඇයිද මන්දා.. ගිණි කන්දක් වගේ ඇතුලෙන් රත්වෙලා දුක පිටාර ගලපු මගේ හිත පුංචි මල් පොහොට්‍ටුවක් තරමට මෙලෙක වුනේ මහීන් මගේ ලඟ ඉන්නකොට විතරමයි. හැබෑවටම දුක අමතක කරලා හදවතින්ම හිනා වෙන්න මට කියලා දුන්නේ මහීන්ගේ ඒ සරළ බව.. ඒ බැඳීම තරමට වටින දෙයක් අහුගිය අවුරුදු තුන හතර පුරාවටම මට වෙන කාගෙන්වත් නොලැබුන තරම්. කවදාවත් නොහිතපු විදියට ටිකෙන් ටික මට ලං වුන මහීන් මගෙන් දුරස් වෙනවට පොඩිම කැමැත්තක්වත් මගේ හිතේ තිබුනේ නෑ..දවසින් දවස හිත පතුලටම කිඳා බහින මේ බැඳීමේ කෙළවර ගැන මට තිබුනේ අවිනිශ්චිත බයක්.  තප්පරෙන් තප්පරේට මහීන්ට තවත් ලං වෙන මගේ හිත කවදා හරි මහීන්ගෙන් ඈත් කරන්න වුනොත්.. ඇත්තටම මට ඒක කරන්න පුළුවන් වේවිද?  දවස පුරාම විහිලුවෙන් සැහැල්ලුවෙන් ගෙවෙන මගේ හිතේ සැහැල්ලු බව එන්න එන්නම අඩු වෙනවා වගේ. බැඳීම් වැඩි වුනාම ජීවත් වෙන්න අමාරු බව දැනගෙන ඒ බැඳීම් වලට වැට බැඳපු මමම මහීන් නිසා අලුත් බැඳීමක් ඇති කරගෙන. අනන්තයක් තරමට හීන කඳු ගොඩ ගහපු මගේ පුංචි හිත බිඳිලා ගිහින් ගොඩාක් කාලයක් බව මහීන්වත් තාම දන්නේ නෑ. ඒ බව දැනගෙන හිටියේ මගේ හොඳම යාළුවෝ කීප දෙනෙක් විතරක්. මහා ගොඩාක් හිනා වෙන මේ හිත ඇතුලේ කොච්චර නම් කඳුළු තියෙනවද? ඒත් දෙවියනේ මහීන් මේ කිසිම දෙයක් දන්නේ නෑ. ඒ අහිංසක ඇස් දිහා බලාගෙන මම කොයිතරම් නම් හිනා වෙනවද? කොයි තරම් නම් හීන මවනවද?. කවදා හරි දවසක අනිත් හැමෝම වගේ ඒ ඇස් දෙකත් මාව දාලා ගියොත්.. කල්පනාව දුර ගියා වැඩිද මන්දා.. පුංචි කඳුළු බිඳු දෙකක් ඇස් අග්ගිස්සෙන් එළියට පනින්න හදනකොට ඒක අතේ තිබුන ලේන්සුවෙන් මුවා කරගත්තත් හිතේ තියෙන කඳුළු ගඟ හංගන්න මට කවදාවත් බැරි වෙයි. ඒත් මේක තමයි ජීවිතේ. ඒක වෙනස් කරන්න කාටවත්ම බෑ..


හැමදාමත් පරක්කු වෙලා  අන්තිම මොහොතේ කොච්චියට දුවන් එන මම අද 1.00 වෙද්දි  මරදාන ස්ටේශන් එකේ.කෝච්චියට නැග්ග වෙලාවේ ඉදන්ම ජනේලෙන් ඔළුව එලියට දාගෙන කොච්චර බලන් හිටියත් මහීන් නම් පේන්නවත් නෑ වගේ,.


එනවා කියලා මෙයා මට කිව්වේ බොරුද? එක්කෝ වෙලාවවත් වැරදිලාද? එක එක දේවල් හිත හිතා මහීන් එනකන් මඟ බලන්  ඉඳලා මම ජනේලෙන් ඇතුල බලන්න හද්දිම ඈත ඉදන් දුවන් එනවා දැකලා පුරුදු රූපයක්.

ඇත්තටම ඒ කවුද?...

ඒ මහීන්මද

**************************************************************************************************
ආදරය නම් අකුරු හතරේ අර්ථයක් නොදු‍ටු තරුණියක්. සැහැල්ලු දිවියක හීන වලින් පිරුන ඇගේ සිත වටහාගත නොහැකි ගැටළුවක්.. ඇය ඇත්තටම ආදරය නොහඳුනන්නියක්ද? නැතිනම්.....

හමුවෙමු ඊළඟ කොටසින්..



CONVERSATION

33 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. Replies
    1. හම්මෝ..මම බයේ හිටියේ..මහීන් ළණුවක්වත් දුනාද කියලා.. නෑනෙ.. කොල්ලා දුවගෙන එනවා නේ?? අයියෝ අක්කි ඊළඟට දැන් මොකෝ වෙන්නෙ? මහීනුයි වර්ෂායි ගමේ යන ගමන් අද පටන්ගනීවිද එයාලගෙ ආදර කථාව...:D හික්ස්ස්.. ඒත් තව ටිකක් රණ්ඩු වෙවී ඉන්න එක තමා හොද..:Dමොකද යාලු වුනාට පස්සෙ ඇතිවෙන රණ්ඩු මෙහෙම සුන්දර, හුරතල්, ශෝයි රණ්ඩු නෙවෙයිනෙ.. හික්ස්ස්...

      මංදා මහීන් කොහොම වෙයිද කියලා.. බලමුකෝ අපි...

      Delete
  2. හැමදාම හොඳම තැනකින් නවත්තන්නේ... අනේ මන්දා.. ෂික්.. ඔය චුට්ටත් ලියලා දාලම නවත්තන්න තිබ්බනේ.. කමක් නෑ.. ඊලග කොටසත් ඉක්මනට දාන්න.. :D

    ReplyDelete
  3. තනි අලියාMay 8, 2012 at 8:06 PM

    [බැඳීම් වැඩි වුනාම ජීවත් වෙන්න අමාරු බව දැනගෙන ඒ බැඳීම් වලට වැට බැඳපු මමම මහීන් නිසා අලුත් බැඳීමක් ඇති කරගෙන]
    මතක් වෙද්දිත් ලේ ජෝ වෙලා ජෝ අයිස් වෙනව!

    ReplyDelete
  4. නුවරඑලි සීතලට කවි ලියවෙනවද ?

    අපිට නම් පෙවෙනවා..

    ReplyDelete
  5. හයියූ....ඩුක නැඩ්ඩ අප්ප මේම අවුස්සල තීල කටාව නවට්ටන්න.....හලේ ඊළඟ කොටස ඉක්මනට ඩාන්න අක්කියෝ.......:(
    බලං ඉන්නව....

    ReplyDelete
  6. බිදිලා ගිය බලාපොරොත්තු අතරට ආයෙම අළුත් බලාපොරොත්තුවක් එද්දි ඒ දේ ගැන හිත හිතනවා වැඩියි.. ලස්සන හීන දකිනවා වගේම ඒ ගැන පුංචි බයකුත් දැනෙනවා.. ඒ හැටි..

    ඔයා කුතුහලයක් තියලා නැවැත්තුවට ඒ ආවේ මහින් තමයි කියලා මට හිතෙනවා.. ඒක වරදින්න විදිහක් නෑ... :)

    ReplyDelete
    Replies
    1. අපි ඔට්ටුවක් අල්ලමුද? ඒ මහීන්ද නැද්ද? ;)

      Delete
    2. ඔට්ටු අල්ලන්න දෙයක් නෑ.. ඒ මහීන්ම තමයි...

      Delete
    3. මම කියන්නෙ ඒ මහීන් නෙවෙයි..^_^

      Delete
  7. තනි ඇහැට ඇඩෙනෝ!!! හනේ එන එකා වෙන එකෙක් උනොත් ????

    ReplyDelete
  8. Mate me akkige blog eke hambune hithu akkige blog eke thibba link ekaking ... last week eke hambune hatiye kathawe kiyawan giya eke usmate :) harima lassana kathawak akki,,, keep writing :) take care <3

    ReplyDelete
  9. මටනම් හිතට වැදුනෙම කවිය.... කතාව ගැනනම් මුකුත්ම දැන්ම මම අනාවැකි නොකියමි. ඒකයි බලලත් නිහඬවම ඉන්නෙ මම

    ReplyDelete
  10. බිඳ වැටුනු හීන මත
    කඳුළු කැටි මතින් ඇඳි
    අවර්ණ දේදුන්නකි ඔබ

    මීදුම් වලාවක් සේ
    සිත් අහස පුරාවට
    වෙලී ඇත ඔබේ රුව

    පොපියන හැඟුමන්
    තෙරපා තදකර
    ගැහෙන හදින් යුතුව

    බලා හිඳිමි මම
    කිෂිතිජ ඉම මතින්
    මතුවන තුරු

    මහද අරණ
    සින්නක්කරවම ගත්
    පෙම්බරාණන්!!!!

    ReplyDelete
  11. මළා.. දැං මගෙ ඇස් පේනවත් හොරයි.මහීන් නෙවෙයිද මන්ද.

    ReplyDelete
  12. කවිය ලස්සනයි....

    මහීන් නෙමෙයි නම් වෙන කවුද ඉතිං...

    ReplyDelete
  13. ඔයාත් මාර තැනින් කතාව නැවැත්තුවේ...

    ReplyDelete
  14. අද කතාව නම් පට්ට....
    ඒත් ඉතින් මට නම් දුක අහිංසක කොල්ලා ගැනම තමා....මොනව කරන්නද ඉතින්, ලබා උපන් හැටි වෙන්ටැ......

    ReplyDelete
  15. කතාව නම් හරිම ලස්සනයි ප්‍රරාර්ථනා......අකුරෙන් අකුරට පෙම් බැඳීම ගැන හැඟුම්බරව හිත පැතුලෙන් ම දැනෙන විදියට ලියවෙලා තියනවා...වර්ෂා මහීන් දෙන්නම ඇස් ඉදිර්යෙම ඉන්නවා වගෙ දැනෙනවා කතාව කියවද්දි... ඒ තරමටම ඇදීගෙන යනවා කියවන්නන්ව. ඉක්මනටම දාන්න 10 වන කොටස...:)

    ReplyDelete
  16. ඔන්න එකත් කියෙවුවා. ලියලිය ඉන්න අතරේ අනුන්ගේ එවුවටත් එබෙන්න ඕන හැබැයි..

    ReplyDelete
  17. දිගටම කතාවම ලියන්නේ අම්මපා අතර මැද වෙන මොනවත් ලියන්න හිතෙන්නේම නැති හැටි...

    මාගේ උගත් නැගනිය මේ කතාව අදෛර්ය මත් කරන්නට කියු දෙයක් ලෙසට වරදවා වටහා නොගන්නා බවට මා තරයේ විෂ්වාස කරමි...

    ReplyDelete
  18. mn nam hithanne oya enne maheen newei...warshage parana bf...:/

    gdk lassanai akkiyo...warsha mn da kyalath hithenawa...:P

    ReplyDelete
  19. දුම්රියේ සීට් එක වෙන් කර තබා ගැනීම සුදුයි. මහින් ළග ළගම දිව එනු පෙනේ..

    ReplyDelete
  20. වෙන දුෂ්ටයෙක් එන්ටර් වෙලාද??:-/

    ReplyDelete
  21. කවිය වගේම කතාවත් උපරිමයි අක්කාස්!!!

    ReplyDelete
  22. ලස්සනම ලස්සන කතාවක් අක්කි... මම අදයි ඔයාගේ බ්ලොක් එක දැක්කේ..එක හුස්මට කියවගෙන ගියා මාරම ලස්සනයි අක්කි.. අනේ ඉතුරු ටිකත් ඉක්මණට දාන්න ඉවසුමක් නෑ කියවනකන්

    ReplyDelete
  23. කවුද මේ දුවගෙන එන්නෙ...අමතක උන මතකයක්වත්ද??????????

    ReplyDelete
  24. මහීන් එන්නේ නැතුව වෙන අහවලා එන්නද. මහීන් තමයි :පි
    නියමයි අක්කේ :)

    ReplyDelete
  25. ඔක්කොම කොටස් ටික කියවගෙන ගියා. මගේ කැම්පස් කාලේ මතක් වෙනවා මේක කියවන කොට :D
    PS:මේ දෙන්න දවසක අර මල් මල් වැටෙන රීඩ් මාවතේ ඇවිදන් යාවි නේද?

    ReplyDelete

Back
to top