ඔබා මාමේ , ඔබට නිවන් සුව!!!!


කෙනෙක් මේ ලෝකෙට ඉපදෙද්දී තවත් කෙනෙක් මේ ලෝකෙන් යන්නම යනවා.. ඒක තමයි ලෝක ස්වභාවය. ඒත් එහෙම යන්න යන සමහර සොඳුරු මිනිසුන් දැක්කම ඇයි මේ තරම් ඉක්මනින් මේ ලෝකෙන් සමුගන්න ඒ අයට සිද්ධ වුනේ කියලා අපි කාටත් හිතෙන වෙලාවක් තියෙනවා.. අද උදේම මට දැනගන්න ලැබුනේ ඒ වගේ වේදනාත්මක සමුගැනීමක්. මීට සුමාන දෙක තුනකට කලින් අපි හැමෝටම සතුට ගෙනාපු සයිබර් සිහින උළෙල පුරාවට ලස්සන හිනාවකින් මුව සරසගෙන හැමෝම එක්ක සුහදව කාලය ගත කරපු එක සොඳුරු මිනිසෙක් ආයෙමත්  නොඑන්නම අපෙන් සමු අරගෙන ගිහින්. "obsaerver , "ආදරේට අපි හැමෝම කිව්වේ "ඔබා මාමා". සොඳුරු සිනාවකින් මුව සරසගත්ත මේ සොඳුරු මිනිසා ගැන කියන්න දේවල් බොහොමයි. හැම කෙනෙක් එක්කම සුහදව , මිතුරුකමෙන් කාලය ගතකරපු ඒ සොඳුරු මිනිසා අද අපි හැමෝගෙම නෙත් වලට කඳුලක් දීලා යන්න ගිහින්. ඉතින් වේදනාවෙන් වුනත් සමුදෙන්න වෙනවා ඔබට. 

ඔබා මාමේ ඔබට නිවන් සුව!!!!

සොඳුරු සිතුවිලි 
ගැලපුම් අතර
සොඳුරු මිනිසෙකු විය නුඹ
විටෙක පියෙකු මෙන්,

විටක සොහොයුරෙකු මෙන්,
ලඟ ‍රැඳුනි කළණ මිතුරෙකු මෙන්,
පළමු වතාවට
දැකගත්තෙමි ඔය සොඳුරු රුව
සිහින උළෙල පුරාවට...
හිනැහෙමින් කෙළිදෙලෙන්
ගතවුනත් ඒ කාලය
අද....
ඔබ කොහිද , මා කොහිද
අතරමං වී ඇති නෙතු ලඟ
‍රැඳුනි කඳුළු බිඳුවක් 
මටත් නොදැනිම..
මේ සසර මඟ කෙලවර කොට
ලබනු මැන උතුම් වූ නිර්වානය

CONVERSATION

27 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ආදරණීය ඔබා මාමේ, ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  2. අනිච්චා වත සංඛාරා!!!

    …එදා අවුරුදු උත්සවේ දවසෙ ප්‍රාර්ථනා එක්ක කතා කරන්න බැරි වුනාට හිටපු පැය දෙක තුල ඔබා මාමා නම් හිනා වෙලා මාත් එක්ක කතා කලේ...

    …ඒ හිනාව මගේ හද තුල සදා අමරණීයයි!!!! ඔබා මමාට නිවන් සුව අත් වේවා!!!

    ReplyDelete
  3. හිතාගන්නවත් බැරි සමුගැනීමක්. මම මුලින්ම දැනගත්තෙ මාරයගෙ බ්ලොග් එකෙන්. තවමත් ඒ කම්පනය දැනෙනව දැනෙනව වගේ. මම වසර ගණනාවක් සිංහල බ්ලොග් ෆලෝ කරත් මෑතක් වනතුරුම කමෙන්ට් කරේ නෑ. ඔබා මාමා බ්ලොග් එක පටන් ගන්නත් කලින් ඉඳලම අන්තිම පේළියට ලියපු ලිපි කියවල රස වින්ද. ඒ වගේ සරල සුන්දර අත්දැකීම් බහුල මනුස්සයෙක් ආයෙත් අපිට ලැබෙනකන් නෑ. කාගෙ හරි බ්ලොග් එකක් කියවන කොට දැන් ඔබා මාම ඇවිත් මෙතන මොන වගේ කමෙන්ට් එකක් දායිද කියල හිතුන වාර අනන්තයි. ඔයාගෙ බ්ලොගයෙ පෝස්ට් වලට අමතරව ඔයා වෙන බ්ලොග්වල දමපු කමෙන්ට් පවා අපි රසවින්දා. අනේ මන්දා… දැන් බ්ලොග් අවකාශෙට එනකොට මොකක්දෝ මහා පාළුවකින් හිත වෙළිල යනව. ඔබ නැති අඩුව හැමදාම අපිට දැනේවි. ඔයාව මුණගැහෙන්නත් අවස්ථාවක් ලැබිල ඒක මිස් වෙච්ච එක ගැන මට එදාටත් වැඩිය අද කණගාටුවක් ඇති වෙනව. ජීවිතේ මහ පුදුමාකාරයි. අපි හිතන පතන දේවල් නෙවෙයි වෙන්නෙ. ඔබ අද අපෙන් සමු අරන් නොඑනගමන් ගිහින්. මේ සංසාරගමනේ කවදා හරි නැවත ඔබ මුණ ගැහේවි. එතෙක් සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  4. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

    ReplyDelete
  5. ඔබා මාමට නිවන් සුව ලැබේවා.!!!

    ReplyDelete
  6. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ReplyDelete
  7. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  8. මිතුරෙක් විදිහට ඇවිත් සොහොයුරෙක් වෙලා යන්න ගියා. ආපහු පර්ත් යන ගමනේ මොහොතක් බෙදාගෙන යන්න මගේ නිවහනට ගොඩවැදුනා. ලියන්න අදහස් ගලන්නේ නැහැ. ඔලුව තොන්තුවෙලා. සොහොයුරාණනි ඔබ සසරේ සරනාතුරා නැවත මුණගැසේවා.

    ReplyDelete
  9. වියපත් තරුණයෙක්, සොඳුරු මිනිසෙක්....

    ඔබා අයියෙ, ඔබට සුබ සැන්දෑවක්....

    ReplyDelete
  10. අපිටවත් අයිති නැති අපේ ජිවිතේ. ඔබා මාමාටත් එසේම විය.

    "ඔබා මාමේ" ඔබට නිවන් සුව!!

    ReplyDelete
  11. ඒ ආරංචියෙන් අපි තවම සිහි එළවගත්තේ නෑ!

    "නුඹේ කතා වෙනදාමෙන් ඇසුනි
    ඉබේ ඇහැරී ඒ හීනය බිඳුණි
    හැබෑව නම් නුඹ ළඟ නැති 1 පමණි"

    ReplyDelete
  12. ආදරණීය ඔබා මාමෙ ඔබට නිවන් සුව.....
    වෙන කියන්න දෙයක් හිතට එන්නෙ නෑ.... :'((((

    ReplyDelete
  13. අයියෝ හිතා ගන්න බෑ මොනාද වෙන්නේ කියලා. මම අම්මිටත් කියා කිය හිටියේ,
    ඔබා මාමේ ඔබට මොක් සුව

    ReplyDelete
  14. ඔබට නිවන් සුව ඔබා මාමේ :(

    ReplyDelete
  15. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  16. "සුවඳැති මල් ඇයි මේ හැටි හනිකට පරවන්නේ"

    නික්ම ගිය නොදුටු සුහදයාණෙනි ඔබට සුබ රාත්‍රියක්.

    ReplyDelete
  17. ඔබා මමාට නිවන්සුව අත්වේවා... !

    ReplyDelete
  18. රූපය දිරයි නාමය නොදිරයි..
    "ඔබා" සදාතනිකව අප හදවත් තුල ලැගුම් ගනු ඇති...

    ReplyDelete
  19. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  20. ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....

    ReplyDelete
  21. බ්ලොග් නිර්මාණයට අලුත් සාමාජිකාවක් නිසා මම ඔබා මාමා ගැන ‍ගොඩක් දේවල් දන්නෙ නැති වුණත් දැකපු හැම තැනම ආදරණීය කමෙන්ට් එකකින් පුංචි විහිලුවකින් දැනුවත් කමකින් හැම පෝස්ට් එකකටම වීරයෙක් වුන චරිතයක් බව මම දැක්කා.ආදරණීය බව හැම කෙනෙකුටම බෙදා දීපු චරිතයක්..ඔබව මා නොදන්නවා වුනත් දැකල තිබුන නිසා ඔබගේ වියෝව මටද කම්පනයක් ඇතිකලා...

    මෙවැනිම ආදරණීය මනුසත් බවින් පිරිපුන් ජීවිතයක් ඔබට නැවතත් හිමි වේවා.....

    ReplyDelete
  22. ඔබට නිවන් සුව ලැබේවා ඔබා මාමේ......

    ReplyDelete
  23. විස්වාස කරන්නත් අමාරු උනා :(
    ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  24. ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව..

    ReplyDelete
  25. සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......
    රාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
    අලුත් දවසක් උදාවේවි.....
    එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................

    ReplyDelete
  26. "ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
    දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
    සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ
    කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ.."

    ඔබා මාමේ ඔබට නිවන් සුව..

    ReplyDelete
  27. ඔබට නිවන් සුව ඔබා මාමේ....

    ReplyDelete

Back
to top