෴ තුහින වර්ෂා෴ දසවන කොටස













පාරාවලල්ලක් වූ අතීත මතකය මැද
ඔබ, ඔබේ මතකය
හදවත ගැහෙන රිද්මයට එක්වන අපූරුව
වින්දෙමි රිසි ලෙස.
එනමුදු
වීදුරු හදවත පෙරදීම බිඳී ඇත..
බිඳී විසිරුන ඒ ක‍ටු මත
ඇවිද යන්නට එපා ඔබ... 
උල් ක‍ටු ඇනී ලේ ගලන 
ඔබේ පා දැක දැක
බලන් ඉන්නට හැකිවේද මට...

වර්ෂා෴

ඇත්තටම ඒ මහීන් නෙවෙයි,. එහෙනම් ඒ කවුද? ඒ මගේ අතීතය, හැමදාමත් මම පසුතැවෙන මගේ අතීතය සලිත්... වෙනදා වගේම අදත්. මේ තරමට මගේ ඇස් වලින් කඳුළු ගලන්නත්, කොල්ලෝ කියන කට්ටිය එපාම කරපු ජාතියක් කියලා හිතන්නත් මාව පෙළඹෙව්වේ එයාගේ හැසිරීම. කොච්චර අමතක කරන්න හැදුවත් පස්සෙන්ම එන මේ අතීතයෙන් මිදෙන්න මම කොච්චර නම් උත්සාහ කරාද?

හීන ලෝක මවා පාලා මාව රවට්ටපු, පුළුවන් තරම් මාව අඬවපු  එයා,. එයා ගාවත් තිබුන එකම දේ ලස්සන කටහඬක් විතරයි. ඒ කටහඬට හැමදෙනාම වශී වෙද්දි මමත්  එයාගේ කටහඬට වශී වුනා. ලස්සන සිංදු වලින් මාව වශී කරගෙන මගේ ආදරේ කුළුඳුලේ දිනාගත්තත් ඒ කුළුඳුල් ආදරේ තලලා පොඩි පට්ටම් කරලා දාන්න තරමට එයා දරුණු වුනේ කොහොමද කියලා මට අදටත් හිතාගන්න බෑ. මට විතරක් ආදරේ කරනවා කියලා පොරොන්දු වුන හිතෙන් මගේ ආදරේ විඳින ගමන් මාව රවට්ටපු තරම එයා තරමට වෙන කිසිම කෙනෙක් දන්නේ නැතුව ඇති.. එයාට තිබුන ආදරේ නිසාම එයාගේ ආදරේ මගේ ඉදිරිපිට දෙතුන් දෙනෙක්ට බෙදිලා යද්දිත් එක පාරක් සමාව දුන්නේ ඒ ඇස් වලින් ගලපු කඳුළු මට මගේ හැමදේකටම වඩා වටින නිසා. ඒත් ඒ කිඹුල් කඳුළු බව දැනගනිද්දි මම ප්‍රමාද වැඩියි. ආයෙමත් සමාවක් දෙන්න බැරි තරමටම මගේ හිත බිඳලා පොඩි කරපු දාපු එයාට තව එක තප්පරයක්වත් ආදරේ කරන්නේ නෑ කියලා මම මටම පොරොන්දු වෙලා දැනට අවුරුදු දෙකක්. ලස්සන හීනයක් කියලා මම හිතාගෙන හිටපු මගේ ජීවිතේ , මගේ හදවත එයාගේ ඉස්සරහ කෑලි කෑලි වලට කුඩුපට්ටම් වෙලා යද්දි එයා කරේ තව තවත් මට රිද්දපු එකම විතරයි. මේ පුංචි කෙල්ලගේ ආදරේ නැතුව ඉන්න බැරි තරමට එයා දැන් බොළඳ වෙලා. ආදරේ බෙදිලා යද්දි මම එයාගේ පාමුළ මටම විතරක් එයාගේ ආදරේ ඉල්ල ඉල්ලා අඬා වැටෙද්දී එයා හිත් පිත් නැති විදියට මාව අමතක කරේ කොහොමද මන්දා. මේ බොළඳ හිත හැම එකටම අඬද්දි ඒ කඳුළු වලට වටිනාකමක් දෙනවා වෙනුවට එයා කරේ ඒ කඳුළු වැහි බිඳක් තරමටවත් නොවටිනා ගානට මාව බාල්දු කල එක.

ඒත්,..
අතීතයට හිත දුවද්දි ඔහු මා ගාවටම ඇවිත්,.

"අනේ මහීන් අයියා ඔයා කොහේද? "

මට නොදැනුවත්වම මගේ හිත මහීන්ව හොයන්න පටන් ගත්තා.

" වර්ෂා, මට ඔයා එක්ක ටිකක් කථා කරන්න ඕනේ, එකම එක පාරක් මම කියන දේ අහන්න,"

හැමදාමත් කියන එකම වචන ටික පටන් ගත්ත ඔහු දිගටම කියවගෙන යන්න පටන් ගත්තා...

"වැරද්දක් කරපු හැම වෙලාවකම ඔයාට සමාව දෙන්න තරමට මම හොඳ වුනා වැඩියි සලිත, ඔයා හැම වැ‍රැද්දම කරලා ඇවිත් සමාව ඉල්ලන හැම වාරයක් ගානෙම ඔයාට සමාව දුන්න මට ඔයා අන්තිමේ සැලකුවේ අන්තිම පහත් විදියට, එහෙම කරපු කෙනෙක් එක්ක ආයෙමත් එක වචනයක්වත් කථා කරන්න කිසිම උවමනාවක් නෑ මට, ඊටත් මම වෙන කෙනෙක්ට ආදරේ කරනවා,. ඒ නිසා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න"

හිතට හයිය අරන් එහෙම කිව්වත් මගේ හදවත ගැහෙන සද්දේ මටම ඇහෙන තරමටම මම බය වෙලයි හිටියේ, 

හොඳින් නැත්නම් නරකින් හරි ඔයාව ලබාගන්නවා 

කියලා මට තර්ජනය කරපු කෙනෙක් ඉස්සරහ නේද මම ඉන්නේ කියලා හිතුනාම මට දැනුනේ පුදුම බයක්.
ඇත්තටම එහෙම ආදරේ කරන කෙනෙකුත් නැතුව මම කොහොමද එහෙම කිව්වේ.... නමක්වත් ඇහුවොත් කාගේ කියලා නම කියන්නද? එක එක දේවල් වලින් හිත බර වුනත් සලිත්ට බය නැති බව පෙන්නන මම පුළුවන් තරම් උත්සාහ කරා. මම කියපු දෙයින් තවත් තත්වේ නරක අතට මිස හොඳ අතට හැරුනේ නෑ කියලා මට තේරුණා

"මොනවා වර්ෂා, ඔයා ඔය ඇත්තමද කියන්නේ,. නෑ එහෙම වෙන්න බෑ,. එහෙම ඉන්නවා නම් මට නම කියන්න, ප්ලීස්. ඒක ඇත්තක් නම් මම ආයේ ඔයාට වදයක් වෙන්නේ නෑ"

එහෙම කිව්වත් සලිත්ගේ ඇස් වල තිබුන වෛරය මට නොතේරුනා නෙවෙයි.

"මම ඔයාට එයාගේ නම කියන්නේ මොකටද? ඔයා හදන්නේ මගේ තියෙන සතුටත් නැති කරන්නද?

එහෙම අහපු මම ටික වෙලාවක් ගත්තේ නමක් මතක් කරගන්න. ඒත් මේ සිද්ධිය නිසාම කොල්ලොන්ට වෛර කරන , ආයෙමත් ආදරේ කරන්නෙ නෑ කියලා හිතාගත්ත මට කොහෙන්ද ආදරේ කරන්න කොල්ලෙක්.
මම බොරු කියන බව සලිත් දැනගනීවිද කියලා බයක් දැනුනත් එක පාරටම මට මතක් වුනේ මහීන්ව. කොච්චර බොරුවක් කිව්වත් මහීන් කවදාවත් මාව මේ වගේ තත්වෙකදි අත් අරින්නේ නෑ කියලා මට හිතුනා. බැරිම වුනොත් මහීන්ට තේරුම් කරලා දීලා සලිත්ට මහීන්ව පෙන්නලා මේ ප්‍රශ්නේ ඉවරයක් කරන්නයි මට ඕනේ වුනේ.. මම බය වුනා. ජීවිතේට කොල්ලෙක්ගෙන් බැනුම් අහලා නැති මම පළවෙනි වතාවට සලිත්ගෙන් බැනුම් ඇහුවේ අන්තිම නරක විදියට. ආයෙමත් ඒ තත්වෙට ඇදගෙන වැටෙන්න මට කිසිම උවමනාවක් තිබුනේ නෑ.

"ප්ලීස් වර්ෂා මට කියන්න, ප්ලීස්."

සලිත්ගේ බල කිරීම එන්න එන්නම වැඩි වෙද්දි එයා තරහෙන් වෙවුලන හැටි මම දැක්කා. කොහේට හරි දුවලා ගිහින් හැංගෙන්න ඕනේ වුනත් මට එහෙම කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ.

"ඇයි සලිත් ඔයා මට මෙහෙම වද දෙන්නේ මම ඔයාට මොන වරදක් කරාටද? ඔව් මට ඉන්නවා ආදරෙ කරන්න කෙනෙක්. එයාගෙ නම මහීන්. දැන් මම ඉන්නෙත් එයා එනකන් බලාගෙන, ප්ලීස් දැන්වත් මෙතනින් යන්න මගේ ජීවිතේට ඔයාගෙ හෙවනැල්ලක්වත් ආයෙ වැටෙනවට මම කැමති නෑ.

සලිත්ව ඉක්මනට යවාගන්න හිතාගෙන එහෙම කිව්වත් මගේ කටින් කියපු වචන වල බරපතලකම මට තේරුණේ මහීන් එහා පැත්තේ ඉඳන් මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා දැක්කම,.
අනේ දෙවියනේ මෙයා කොහෙන්ද මෙතනට පාත් වුනේ,. කියපු ඔක්කොම ඇහුනාවත්ද?

"මහීන් අයියා, ඔයා කොයි වෙලාවෙද ආවේ,

මට නොදැනිම මගේ කටින් ඒ වචන පිට වුනා විතරයි මා දිහා බලපු සලිත මහීන්ටත් ඔරවගෙන යන්න ගියේ මොන හේතුවක් නිසාද කියලා නම් මට තේරුම් ගන්න බැරි වුනා. ඔක්කොම වෙන්නේ හොඳටයි කියලා හිත හදාගත්තත් මම නිසා මහීන්ට කරදරයක් අත ලඟම බව මට නොදැනුනාම නෙවෙයි,.

මහීන්ටත් මගේ මූණ දිහා බැලුවම මම බය වෙලා බව තේරෙන්න ඇති..
ඒත් මහීන්,
සුපුරුදු හිනාවම තියාගෙන මගේ ලඟින් ඇවිත් වාඩි වුනේ කිසිම ගානක් නැතුව,

"ඉතින් මැඩම්,මට දැන් කියනවද මෙතන මොකක්ද වුනේ කියලා"

හිනාවෙන්ම එහෙම අහපු මහීන්ගේ මූණ දැක්කම කියාගන්න බැරි හැඟීමක් හිත ඇතුලේ හිර වුනත් ඒ හැඟීම යට කරගෙන ආපු ඉකියක් තැන නොතැන නොබලා  මගේ කටින් පිටවුනේ හෝස් ගාලා එළියට පැන්න කඳුළු ගංගාවකුත් එක්කමයි,.

" වර්ෂා නංගා , මේ මොකද මේ. ඔයා බය වෙලා නේද? මේ අහන්නකෝ දැන් මම ඔයා ලඟ ඉන්නවනේ . හොඳ කෙල්ල වගේ බය නොවී ඉන්න. හා දැන් අඬන එක නවත්තලා හිනා වෙන්න,. මුව පැටියෙක්ගේ වගේ අහිංසක ඔය ඇස් දෙකට කඳුළු ඉනුවම මටත් දුක හිතෙනවානේ"

මහීන්ගේ ඒ වචන වලින් මට දැනුනේ පුදුම දුකක්.. එක පාරටම වේල්ල කඩාගෙන එන මහා ගංවතුරක් වගේ කඳුළු ගංගාවක් ඇස් දෙකෙන් කඩාගෙන හැලෙද්දී එයා හෙමීට මගේ ලඟට ඇවිත් එයාගේ උරහිසේ මගේ ඔළුව ඔබාගත්තේ හෙමින් සැරේ ඔළුව අතගාන ගමන්.

හ්ම්ම්.. හරි හරි.. දැන් ඉතින් නාඬා ඉන්න.. මම ඔයා ලඟ. මේ බලන්න.. මාව පේනවනේ. දැන් බය වෙන්න දෙයක් නෑ. දැන් ඔළුව උස්සලා ආයෙමත් දිව ඇදලා හිනා වෙන්න.

මහීන්ගේ වචනයක් වචනයක් පාසා දෝරේ ගලාගෙන ගිය සහෝදරකම, ආදරේ ඉස්සරහ මම පුංචිම පුංචි කෙලි පැටික්කියෙක් වෙලා වගෙයි මට දැනුනේ. කඳුළු නතර වෙනවා වෙනුවට තව තවත් ගලාගෙන ආවේ මොකද මන්දා. මහීන්ගේ උරහිසක් අස්සේ මගේ ඔළුව ඔබාගෙන එයාගේ අත් දෙක තද කරලා අල්ලගෙන හිටියේ එයා මාව දාලා යනවට බයෙන් වගේ..
ඒත්.... ඒ දරදඬු අත් වලින් ආයේ කවදාවත් මගේ අත් අත ඇරෙන්නේ නැති බව මට ඉවෙන් වගේ දැනුනා.

ටිකෙන් ටික ඒ උණුහුමට ගුලි වුන මට නොදැනිම නින්ද ගිහින්. ආයෙමත් ඇහැරෙද්දි මම ගුලි වුන විදියටම තියාගෙන මහීන් මගේ එහා පැත්තෙන් වාඩි වෙලා.ලැජ්ජාවක් දැනුන නිසා ටිකක් එහාට මෙහාට දැඟලුවත් ඒ උණුහුමෙන් මිදෙන්න මටත් උවමනාවක් තිබුනේ නෑ. ඒත් මහීන්ටත් ලැජ්ජ හිතිලාදෝ මන්දා ටිකෙන් ටික අත් දෙක බුරුල් කරේ මට එයාගෙන් ඈත් වෙන්න ඉඩ හදලා දෙන ගමන්..හෙමින් හෙමින් එහාට වෙන ගමන් මම මහීන් එක්ක හිනා වුනේ පුදුම ලැජ්ජාවකින්

ඔයාගේ ඔය ලස්සන හිනාව බලන්නමයි මම මේ දුවගෙන ආවේ. ඒ එනකොට මෙයා මෙතන ටැප් එක ඇරගෙන,. අනේ ඉතින් මොනවා කරන්නද?"

මහීන්  ඒ කියපු විදිය බලන් හිටපු මට හිනා ගියේ නිකන්මයි.

"හා, ඔන්න හිනා වුනා,. ලොකු දෙයක්.."
දැන් හරිනේ, දැන් අපි ඒක අමතක කරමුකෝ, . පස්සේ ඔයා කැමති නම් විතරක් මට ඒ කථාව කියන්න. හැබැයි ඔන්න මට නම් බෑ බොරුවටවත් මේ කොහේවත් යන පිස්සියෙක්ගේ කොල්ලා වෙලා අර ගියපු මදාවියාගෙන් ගුටි කන්න හොඳේ, මදාවියා කිව්වට කමක් නැද්ද මන්දා..

ඇහැකුත් ගහලා මහීන් එහෙම කිව්වම මට හොඳටම හිනා. කලින් හමුවුන දවසේ වගේම කිසිම වෙනසක් නැතුව පුදුම සමීප බවකින් කතා කරන මේ කොල්ලා දැක්කම පුදුම හිතුනත්, ඒ හැඟීම පිට කරන්නේ නැතුව ඉන්න මම වග බලාගත්තා.

කොළඹට එනකන්ම මාව හිනාවෙන්ම තියන්න මහීන් ගත්තේ පුදුම උත්සාහයක්.. කෝච්චියෙන් බැහැලා වෙන් වෙන්න මොහොත ආවත් ඒ ඇස් දෙක අස්සේ මට කියාගන්න බැරි වුන මොකක්දෝ දෙයක් හිර වෙලා තියෙනවා වගේ කියලා මට හිතුනා.

" වර්ෂා

මහීන් අයියා 

එයා මට මොකක්දෝ කියන්න කලින් මම එයාට කථා කරන්න ගත්තා.

ඔයාට අහගෙන ඉන්න පුළුවන් නම් මම ඔයාට අද මගේ කථාව කියන්නම්

හරි, ඒත් ඉතින් මෙහෙම ඉඳගෙන ???"

මහීන් එහෙම ඇහුවේ අපි හිටියේ කො‍ටුව ස්ටේශන් එකේ නිසා,

"කමක් නෑ, අපි අර එහාට වෙන්න තියෙන බංකුවක වාඩි වෙමු."

ආයෙමත් එයා එහෙම කිව්වේ මගේ හිතේ තිබුන වේදනාව මගේ මූණෙන් තේරුම් අරගෙන වගේ. හෙමින් හෙමින් කො‍ටුව ස්ටේශන් එකේ එහා කොනක බංකුවක් දිහාට ඇවිදගෙන යන අපි දෙන්නා දැක්කම ඕනෙම කෙනෙක් අපිට පිස්සු කියලා හිතන්න ඇති. හිතට සැහැල්ලුවක් දැනෙන්න නම් මේ හැමදේම මහීන්ට කියන්න ඕනෙමයි කියලා හිතුන නිසා මට වුනත් වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. දාහක් සෙනඟ ගැවසෙන මේ ස්ටේශම ඇතුලේ අපි දෙන්නා තවත් කෝච්චි ටිකට් දෙකක් විතරයි කියලා මට දැනුනා. ජීවිතෙත් මේ වගේ, එක පාරක් ගන්න ටිකට් එක ලකුණු කරාට පස්සේ ආයෙමත් පාවිච්චි කරන්න බෑ වගේම් අපේ ජීවිතෙත් කොහේ හරි වැරදුනොත්, කැලලක් ඇති වුනොත් ඒ වැ‍රැද්ද ආයෙමත් හදන්න බෑ. ටිකට් එකේ ලකුණ වගේම අපේ ජීවිතෙත් ඒ ලකුණු හැමදාටම රිදවන මතකයන් වෙලා ‍රැඳිලා තියෙනවා. අන්තිමේ ස්ටේශන් එකෙන් එළියට එද්දි පාවිච්චියට ගත්ත ටිකට් එක කිසිම වටිනාකමක් නැති එකක් වගේ විසිකරනවා වගේම අපේ ජීවිතෙත් කවදාම හරි  දවසක කිසිම වටිනාකමක් නැති හිස් දෙයක් වෙලා නැති වෙලා යන්නේ නොදැනුවත්වමයි.
බංකුවක වාඩි වුන මට නිකන්ම හුස්මක් පිට වුනේ මගේ කථාව පටන් ගන්න අගක් මුලක් හිතාගන්න බැරි වුන නිසා.

"ඉතින්.........."

මහීන් එහෙම කියලා නතර වුනේ එයාටත් වචන ගලපගන්න බැරි වුන නිසා වෙන්න ඇති.
ටිකෙන් ටික අතීත මතකයන් හිතේ ගොඩගැහෙද්දී මෙච්චර කාලයක් කාටවත් නොකියපු, මගේ හොඳම යාළුවෝ විතරක් දන්න රහසක් වුන මගේ හිත අදටත් රිද්දන ඒ ආදර කථාව අද හෙමින් හෙමින් මහීන්ගේ ඉස්සරහ පිට කථාවක් වෙලා දිග ඇරුනා. පැයක්,.. පැය දෙකක්, පැය තුනක්.. ගත වෙලා යන්න ඇති... කාලයත් එක්කම මගේ කථාවත් ගලාගෙන ගියේ අතරින් පතර ආයෙමත් ගලපු කඳුළු ගංගාවකුත් එක්කමයි. 

*********************************************************************************************************************
සිතක තෙරපෙන සිතුවිලි සුළඟට මුසු වෙන විට ගසාගෙන යන 
ජීවිතයක, නවමු මාවතක් හමුවේ අසරණ වුන තරුණියක්.. මතකය අමතක නොවන විට ජීවිතය අතරමඟ නතර වී ඇති ඇය ජීවිතය, ආදරය කෙලෙස දකීවිද? 

CONVERSATION

28 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. Replies
    1. ආ.. මම කිව්වානෙ දුවන් එන්නෙ මහීණ් නෙවෙයි කියලා..හික්ස්ස්ස් ;)

      //ඒ දරදඬු අත් වලින් ආයේ කවදාවත් මගේ අත් අත ඇරෙන්නේ නැති බව මට ඉවෙන් වගේ දැනුනා.//

      ම්ම්.... ශුවර් එකටම එහෙම දැනුනාද අක්කි? ;) මේ සලිත කෙනෙක් ආවයින් මට නිකන් බයයි වගේ දැන්... :/ මහීන්ටයි, වර්ෂාටයි සලිතගෙන් බාධාවක් වෙයිද? :O

      Delete
    2. ඔයාල දෙන්න හොරෙන් කතා වෙලා නේද දාන්නේ. අපිටත් චෑන්ස් එකක් දෙන්නකෝ එක වෙන්න.

      Delete
    3. අපි හොරෙන් කතා වෙන්නෙ නෑ...:/ කාට දුන්නත් ඔයාටනම් දෙන්නෙ නෑ චාන්ස් එකක්..:p

      Delete
    4. හපෝ මෙයාගේ තියෙන ඉරිසියාව.

      Delete
    5. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. හප්පුච්චෝ... වෙච්ච දෙයක් :-)

    ReplyDelete
  3. කිසිම දෙයක් කියන්න හිතෙන්නෑ අක්කියෝ.....මේකතාව මාරයි.....ඇත්තටම මාරයි.......

    ReplyDelete
  4. ම්ම්ම් මදැයි වෙච්ච දේ....හනෙ අම්මේ එක හුස්මට කියෙව්වා.උදෙ ඉදන් දෙනුවන් අනුහසලා එක්ක ඔට්ටු වෙවී හිටිය මට දැන් ඒ පාර මහීනුයි සලිතයි ගැන හිතන්න වෙලා හික්ස්

    ReplyDelete
  5. තනි අලියාMay 15, 2012 at 6:08 PM

    මගෙ අලිඉවේ හැටියට මහින් තියන්නෙත් සලිත තියපු record එක තමා!

    ReplyDelete
  6. මොකක්ද මේ වෙන්න එන්නේ??? සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් වෙයි වගේ

    ReplyDelete
  7. හෆොයි. :( ලව් මල ඉලව් කියන්නේ ඔව්වට තමයි :පි
    නියමයි අක්කේ, ඔක්කොම රුප මැවෙනවා

    ReplyDelete
  8. මේ සලිතයෙක් ඇවිත් මගේ හිතත් සලිත උනානේ.. ශික්..

    දැන්නම් මේකේ අවසානය හිතෙනවා.. ඒත් නොකියා ඉන්නම්.. :)

    ReplyDelete
  9. මදැයි.. මන් හිතුවෙ මහීන් තමයි දුවගෙන එන්නෙ කියලා.. :)
    බලමු ඉතින් ඉස්සරහට මොනවා වෙයිද කියලා :)

    ReplyDelete
  10. මේවගේ අවස්ථාවකට ගැලපෙන්න හොඳ ගීයක් මතක් වුණා
    මේ ගීයෙත් තියෙන්නෙ මේ වගේ අවස්ථාවක්

    "මිනිසා බලා සිටී
    මරණ තුනක් ඇති මිනිසා
    බලා සිටී..
    නිරුවත් දෑසින් වයන්න වීණා..
    කන්‍යාවී..."

    ෴ අමරසිරි පීරිස්෴

    ReplyDelete
  11. අද කතාව සංවේදියි වගේම වෙනදාටත් වඩා ආදරණිය යි....බලමුකෝ ඉස්සරහට :)

    ReplyDelete
  12. ගොඩාක් ලස්සනෛ..
    අසාවෙන් කියවනවා හැමදාමත් ..

    ReplyDelete
  13. ප්‍රචන්ඩ හිරු රැස්
    තුහින බිඳුවක් මතින්
    පරාවර්ථනය වී මැවුනු
    නේක වර්ණ දේ දුන්න

    කඳුළු ගඟකට මැදිව
    දිය වී ගියත් නේක වර්ණ
    පායා නැගී එන්න
    අවර්ණ දේදුන්නක් විලස

    තුහින බිඳුවක් වත්
    උරුම නොවුන
    වැලි නොමැති කතරක් වූ
    මගේ සිත් අහස මත

    ReplyDelete
  14. ගොඩාක් ලස්සන කතාවක් හැබැයි මම මේ කොටසේ ඉදන්නේ කියවන්න පටන් ගත්තේ ඒක නිසා ටිකක් විතර තේරෙනවා අඩුයි ,ඉතිරි කොටස් ටිකත් වැඩ අඩුවුනු ගමන් කියවන්න ඕන...

    ReplyDelete
  15. මාවත් සලිත වෙනවා වගේ. දැන් මොකද කරන්නෙ. මහීන් ට සලිතගෙන් වර්ෂාව බේරගන්න පුළුවන් වෙයිද. බලන් ඉමු නේ?

    ReplyDelete
  16. හෆ්ෆට සිරි...අපිට වෙඩින් කේක් කෑල්ලක් කන්න පොටක් පෑදෙනවා වගේ.. ;)

    අද කතාව නම් පට්ටයි (‍Y) :D

    ReplyDelete
  17. හම්මියෝ..මට පොස්ට් බර ගානක් මිස් වෙලා නොව...අනේ සොලී...:( මේ ටිකේ වැඩ වැඩියි...:/ මන් ඉතින් ඔක්කොම එක සැරේ කියවලා ආවා හොදේ..:)ආහු නම් මිස් කොර ගන්නේ නෑ:'( දැන් නම් කතාව නොහිතපු පැත්තකට නොව යන්නේ...මොනවා උනත් වර්ෂට එවෙලේ දැනුන හැගීම් ටික ඇත්තටම කියවන යද්දී මට දැනුනා...
    මට පෙන්නේ මේ සලිත, සලිත වෙයි වගේ මේක මැද්දට...කොහම හරි හොද විදියට වෙයි කියලා හිතනවා..ඉතුරු ටිකත් කියවලාම බලමුකෝ...:)

    ReplyDelete
  18. කතාවක් ඇතුලේ කතාවක් ඊළඟට !!

    ReplyDelete
  19. මුල හරිය කියවද්දි හිතට බයකුත් දැනුනා... ‍එත් වෙලාවට මහීන් එතෙන්ට ආවේ.. මේ කොටස කියවන්න කොච්චර කාලයක් බලන් හිටියද..ඊළඟ කොටසනන් ඉක්මනින් දාන්න අක්කියෝ

    ReplyDelete
  20. හෆොයි...දුෂ්ටයෙක් මැදට පැනලානෙ.හැබැයි ඒ වැඩෙන් ඉක්මනටම අලුත් ජෝඩුව සෙට් වෙලා වගේ... :D

    ReplyDelete
  21. මම කිව්ව කෙනාම නේද ආවේ......
    ගොඩක් ලස්සනයි...ඒ වගේම ගොඩක් ප්‍රාෙයා්ගික විදිහට ලියල තියනවා..දැනෙන්න..

    ReplyDelete
  22. මඟ ඇරුන ටික බලල එන්නම් නැත්න්ම් මොනවත් හිතන්න බෑ අනේ......

    ReplyDelete

Back
to top