෴ තුහින වර්ෂා෴ එකොළොස්වන කොටස




"හ්ම්ම්ම්.... " කථාව ඇහුවට පස්සේ මහීන්ගේ කටින් නොදැනුවත්වම ලොකු හුස්මක් පිට වුනේ එයාගේ හිතෙ තිබුන කියාගන්න බැරි හැඟීමක් එළියට දාන්න වගේ.

"ඔයා නංගා.... "
"අනේ මන්දා....."

කැඩි කැඩී ගැලපෙන මහීන්ගේ වචන වලින් එයාගේ හිතේ නොසන්සුන්කම මට නොතේරුණා නෙවෙයි.

"හ්ම්ම්... මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ නංගා"
"මේ තරම් දුකක් ඔයා මෙච්චර කාලයක් හිතේ තියාගත්තේ කොහොමද කියන එක මටම පුදුමයි. පුංචි දේටත් හිත කලබල වෙන, අඬන , බය වෙන ඔයාගේ හිත කොහොමද මේ තරම් දුක් කන්දරාවක් දරාගත්තේ. ඔයා සුරංගනාවියක් නංගා, ඒ සුරංගනාවි ඉන්න ඕනේ දිව්‍ය ලෝකේ මිසක අපායක නෙවෙයි. ඒත් පහුගිය අවුරුදු දෙකම ඔයා ඉඳලා තියෙන්නේ අපායක. ඉතින් ඒ අපායෙන් ගැලවුන එකට ඔයා සතු‍ටු වෙන්න.. ආයෙමත් ඔය ඇස් වලින් ඒ කොල්ලා නිසා කඳුලක් වැටෙන්න දෙන්න එපා."

දිගටම කියවගෙන ගිය මහීන් අන්තිමේ මගේ දිහා බැලුවේ පුදුම දුකකින්.මා දිහා බලපු ඒ වීදුරු ඇස් වල මැණික් කැට දෙකක් වගේ දිලිසෙන කඳුළු බිඳු දෙකක් දඟලන බව මම දැක්කේ අහම්බෙන්..
දෙවියනේ ඒ ඇස් වල මම නිසා කඳුළු, මාව හිනස්සන ඒ ඇස් වල මම නිසා කඳුළු දකින්න මට ඕනේ කමක් තිබුනේ නෑ.

"ආයෙමත් මම අඬන්නේ නෑ අයියේ, මම පොරොන්දු වෙනවා ඔයාට"

මහීන්ගේ අත අරගෙන ඒ අත උඩින් මගේ අත තියන ගමන් මම දිවුරුවේ ඒ පොරොන්දුව ආයේ කඩන්න හිතාගෙන නෙවෙයි. ආයෙමත් මගේ දිහා බැලුව එයා හිනා වුනේ දුක හංගගෙන බව මට තේරුනා.

පැය තුනහමාරක් තිස්සේ ස්ටේශන් එකේ බංකුවක් උඩට වෙලා දුක බෙදාගත්ත මහීනුයි මමයි ස්ටේශන් එකෙන් එළියට එද්දි හවස 7ත් පහු වෙලා. අම්මා සැරෙන් සැරේට කෝල් කරද්දි බොරු කියලාම දැන් කියන්න බොරුත් නෑ.. මහීනුත් ඉන්නේ පාමංකඩ නිසා බස් එකේ යන එක නම් ප්‍රශ්නයක් වුනේ නෑ.. ඒත් මම නුගේගොඩට යනකන් තනියම යවන්න මහීන් කැමති වුනේ නෑ.

"පරෙස්සමෙන් බෝඩිමට යන්න. ඔයාට තනියම යන්න බැරි නම් මම ඇවිත් ඔයාව දාලා යන්නම්"

පාමංකඩ ලං වෙද්දි මහීන් එහෙම කිව්වේ හිතේ තිබුන බය නිසා වෙන්න ඇති.

"එපා මහීන් අයියා ඔයා යන්න, මට මේ ටික යන්න පුළුවන්. දුලීට පාරට ඇවිත් ඉන්න කියන්න පුළුවන්. ඔයා ආයේ බස් දෙකක එන්න වෙනවා මාව දාන්න ආවොත්. ඒක නිසා ඔයා පරෙස්සමෙන් යන්න. මට අවුලක් නෑ. මම යන්නම්.

මහීන්ගේ මූණට ආයෙමත් අර සුපුරුදු හිනාව ආවා.

"ඇහුවට මම ඇත්තටම ගෙනිහින් දාන්නේ නෑ, බස් ගාස්තුවවත් ගන්නවා නම් ඔන්න සලකා බලන්න පුළුවන්,."

ඇත්තටම මේ කොල්ලො කියන ජාතිය නම් තේරුම් ගන්න බෑ, හිතෙ එකක් තියාගෙන තව එකක පෙන්නන්න හරිම දක්ශයි, එහෙම හිතුනත්  හිතන දේවල් වලින් 1% ටත් වඩා අඩු ගානක් වචන වලින් පිට කරන මම සද්ද නැතුව හිටියා,.

හරි හරි එන්න ඕනේ නෑ, මටත් කවුරුත් ඕනේ නෑ තනියට. මම යනවා යන්න. බායි.

මහීන්වත් තරහා ගස්සන්න හිතාගෙන මම එහෙම කිව්වේ දවසෙම අඬලා අඬලා හෙම්බත් වෙලා හිටපු මට හිනාවක් දෙන්න මහීන් ගන්න උත්සාහය දැකලා සතුටක් දැනුන නිසා.

"ආහ්හ් කෙල්ලට මළ පැනලනේ, එන්නෙම නෑ තමයි"

ආයෙමත් පරණ පුරුදු විදියමයි..

"මටත් ඔය කොල්ලොත් එක්ක රන්ඩු කර කර ඉන්න වෙලාවක් නෑ, ගෙදර ගිහින් මැසේජ් එකක් එවන්න,. නැත්නම් පිස්සුවෙන් කොහේ යාවිද දන්නේ නෑනේ."

මැසේජ් එකක් එවාගන්න පොටකුත් පාදගන්න ගමන් මම පාමංකඩින් බහින මහීන්ට සමුදුන්නා.

************************************************************************************
බෝඩිමට ගිය ගමන් මම මුලින්ම කරේ මහීන්ට message  එකක් යවපු එක..
ඊළඟට දුලී.........

"මොකද වුනේ, සලිත් මොකද කිව්වේ, මහීන් මොකද කිව්වේ, අම්මට මොනවද කිව්වේ. මොකද මෙච්චර රෑ වුනේ, උඹට පොඩ්ඩක් කෝල් එකක් දාන්න බැරි වුනානේ ස්ටේශන් එකෙන් එන වෙලාවෙවත්..."

වෙලාවකට දුලීත් අපේ අම්මා වගේ. ප්‍රශ්න ගොඩයි. උත්තර දෙන්න හදද්දි බැනුම් වැලයි.

"හරි හරි.. දැන් පොඩ්ඩක් මට හුස්මක් කටක් ගන්න දෙනවා. "

එහෙම කිව්වත් දුලී ගැන මට දැනුනේ පුදුම ආදරයක්. හොඳම යාළුවෙක්ටත් වඩා එයා මගේ සහෝදරියක් වගේ.

"මේකිට හොඳ කරන්න ගියත් අපිනේ වැරදි, හා හා.. එහෙනම් 
හුස්මක් කටක් අරගනින්කෝ, කොහොමත් මට තියෙනවා බේරගන්න ගොඩක් දේවල් උඹත් එක්ක"

"හරි හරි ඉතින් සුදූ හුස්මක් කටක් ගන්න දෙන්න කිව්වේ මහන්සි 
නිසා දැන් ඉතින් දෙන්නකෝ ප්‍රශ්න පත්තරේ.. බහුවරණ නම් ගොඩාක් හොඳයි මොකද මේ වෙලාවේ හැටියට රචනාමය ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ"

එහෙම කිව්වත් දුලී සම්පූර්ණ විස්තරේ දැනගන්නකන් මට නිදාගන්නවත් දෙන්නේ නෑ කියලා මම දැනගෙන හිටියා.

"මම ඉතින් උඹට කියන්නේ නෑ, හරි ඒවයින් වැඩක් නෑ.. මොකද 
වුනේ.. සලිත්ට මොකද එක පාර උඹව මතක් වෙලා. පොරට වෙන කෙල්ලෝ අහු වුනේ නැද්ද දන්නේ නෑනේ ලඟදි.. මහීන් මොකද කිව්වේ, වෙච්ච දේ කියපන්කෝ අගේ නොකර"

"අගේ කරන්නම මට වැඩේනේ,"

 දුලීට සම්පූර්ණ විස්තරේ කියන්න හදද්දිම මහීන්ගෙන් මට reply 
message එකක්.

"paressamen bodimata awa neda nanga. salith message 
ehema kare naa neda? karoth mata kiyanna. mehh eka neweyi, thawa dheyak.. ara dhawal wechcha samaharak dewal duliita nam kiyanna epaa.. eki maawa waradiyata therum ganiwi. api dennawama waradiyata therum ganiwi"

මහීන්ගේ ඒ  message එක දැක්ක ගමන් මට හිනා ගියා, හොඳ වෙලාවට කලින් කිව්වේ, ඇත්ත තමා ඒ දේවල් කිව්වොතින් මුන් දෙන්නා එක්කම එකතු වෙලා අපිට හොඳටම විහිළු කරනවා. ඒත්... ඇයි ඉතින්.. ඕක කිව්වට මොකද වෙන්නේ. මහීනුත් මාත් අතර සිද්ධ වුන කිසිම දේක මම වැ‍රැද්දක් දැක්කේ නෑ. මගේම සහෝදරයෙක් , හොඳම යාළුවෙක් විදියට මහීන්ට කරන්න පුළුවන් හොඳම දේයි එයා ඒ වෙලාවේ කළේ. ඒත් මොකක්දෝ මන්දා හේතුවක් නිසා මටත් ඒක දුලීට කියන්න පුළුවන් කමක් තිබුනේ නෑ.සමහරවිට ලැජ්ජාව වෙන්නත් ඇති... 

එහෙමත් නැත්නම්...

"හරි, දැන් ඉති කියපන්.. කෝච්චියෙත් පැය ගානක් කථා කර කර
ඇවිත් තව smsනුත් කොටනවා. මේ දෙන්නා හම්බ වෙන්න අපිට appointment දාන්න වේවිද මන්දා?"

මගේ කල්පනා ලෝකේ බිඳුනේ දුලීගේ කෑගැහිල්ලෙන්. කොහොම වුනත් අර දේවල් නොකියා ඉන්න එක හොඳයි වගේ. ලැජ්ජාවත් එක්ක ආපු මොකක්දෝ හැඟීමක් නිසා මම අන්තිමේ එහෙම තීරණය කරා.

සලිත් මුණ ගැහුන තැන ඉඳන් වුන හැමදේම මම දුලීට විස්තර කරද්දි දුලීගේ ඇස් වලටත් කඳුළු පිරෙනවා මම දැක්කා.

සලිත් නම් අන්තිම නරක කොල්ලෙක් බන්, අනේ මන්දා උඹ ඌට තවත් හොඳින් කථා කරලානේ.. ඒ අතින් බලද්දි මහීන් කොච්චර හොඳද.. කොච්චර හොයනවද උඹ ගැන..

දුලී ඒ හැමදේම කිව්වේ අවංකවමයි. දුලීට කියවන්න දීලා මම අහගෙන හිටියේ ඒ හැමදෙයක්ම එයා කියන්නේ මගේම හොඳට බව දන්න නිසා.

"ඇත්තමයි කෙල්ලේ, මට නම් තේරෙන්නේ නෑ ඇයි උඹ මහීන්ට ආදරේ කරන්නේ නැත්තේ කියලා. සමහර වෙලාවට මහීන්ගේ මූණේ තියෙන්නේ පුදුම ආදරයක්. ඒ ආදරේ උඹට නොදැනෙන එක මට නම් පුදුමයි."

"නෑ කෙල්ලේ, ඒක ආදරයක් නෙවෙයි. අපි හොඳම යාළුවෝ.. එච්චරමයි. ඒ යාළුකම ඇතුලේ අපි දෙන්නටම නොතේරෙන ලොකූ බැඳීමක් තියෙනවා , ඒත් ඒක උඹ කියන ජාතියේ දෙයක් නෙවෙයි"

"උඹම කියනවා ඒ යාළුකම ඇතුලේ දෙන්නටම නොතේරෙන බැඳීමක් තියෙනවලු. ඉතින් ඒක තමයි ආදරේ. පිළිගන්න වර්ෂා , ඒක තමා ආදරේ."

දුලී මට වර්ෂා කියන නමින් කථා කරන්නේ එයාගේ හිතේ ලොකූ දුකක්, එහෙමත් නැත්නම් මගේ ගැන වේදනාවක් තියෙනවා නම් බව මම තේරුම් ගත්තේ ගොඩාක් කාලෙකට කලින්. මැන්ඩි මැන්ඩි කියලා දවසෙන් වැඩි හරියක් මට කෑ ගහන දුලී වර්ෂා කියන නමින් මට කථා කරලා තිබුනේ බොහොම සුළු අවස්ථා ගනනකදි විතරයි.

"මට තේරෙනවා කෙල්ලේ. ඒත් වෙන ඕනෙම තැනකදි එහෙම 
වෙන්න පුළුවන්.. ඒත්... අපි දෙන්නා අතරේ එහෙම වෙන්න බෑ. උඹ හොඳටම දන්නවා සලිත්ට වුනෙත් මේ දේමයි. හොඳම යාළුකම ආදරයක් කියලා වරදවා වටහාගත්තම අන්තිමේ යාළුකමත් නෑ, අනික මම කලිනුත් දවසක් කිව්වා වගේ මම ආයේ ආදරේ කරන්නේ නෑ, ආදරේ කියන වචනෙත් මට පිළිකුල්. "

"එහෙනම් මොකටද උඹලා දෙන්නා මෙහෙම වෙන්නේ.. එකාට එකා
නොදැක ඉන්න බෑ, සුමානෙකට සැරයක් meet වෙනවාමයි කෝච්චියේ. මරාගන්නවා ඇති වෙන්න. ආයේ යාළුවෙනවා මුකුත් නොවුනා වගේ.. වෙලාවකට උඹලා දෙන්නා එකට ඉන්නේ couple එක වගේ.අනේ මන්දා බන්.. එක්කෝ මම ආදරේ දන්නේ නෑ,, එක්කෝ උඹ ආදරේ දන්නේ නෑ.. එක්කෝ උඹ දැනගෙනත් නොදන්නවා වගේ ඉන්නවා. එක්කෝ අර මහීන්ට උඹෙන් ආදරේ ඉල්ලන්න බයෙන් ඉන්නවා. අනේ මන්දා මේවා කොහෙන් කෙළවර වේවිද කියලා. උඹලා දෙන්නටම පිස්සු. "

දුලී එක දිගට කියවගෙන ගියේ මම වැරදි බව ඔප්පු කරන්න පුළුවන් හැම දේම ගැන කියලා. ඒවා අහගෙන මමත් කරබාගත්තේ මමත් ඒවට දෙන්න උත්තර දන්නේ නැති නිසා.

ඒත්.. හිතටත් නොදැනීම මොකක්දෝ දෙයක් වෙන බව නම් මට තේරුනා.. ඒක නිකන්ම නිකන් බැඳීමක් විතරයි.. හැමදේම තාවකාලික මේ ලෝකේ සදාකාලික බැඳීම් කියලා දෙයක් නෑ කියලා හිතන්නයි මම පුරුදු වෙලා හිටියේ.. මහීන් හිටපු ගමන් මගේ ජීවිතේට ආවා.. ආයේ එයාට ඕනේ දවසක මගේ ජීවිතෙන් සමහරවිට සදහටම යන්න යාවි. හරියටම සලිත් මට කරා වගේම..ඒ කිසිම දෙයකින් හිත නොරිද්දවගන්නයි මට ඕනේ වුනේ.

ඒත්... මහීන් මාව දාලා ගියොත්.......

ඒ සිතුවිල්ල හිතට එද්දි මට දැනුනේ කියාගන්න බැරි හැඟීමක්.. දුකක්, වේදනාවක්.. එහෙම විය යුතු නෑ කියන එක මම මගේ හිතටම කියාගත්තත් ඒ දැනෙන හැඟීම නවත්තගන්න මට පුළුවන් වුනේ නෑ.. ටිකෙන් ටික පරෙස්සමට හදාගත්ත මේ හිත ලඟ ආයෙවත් කොල්ලෙක්ගේ හෙවනැල්ලවත් නොවැටෙන්නයි මට ඕනේ වුනේ.. ඉතින් ඒක ඒ විදියටම තිබිච්චාවේ.. මට කිසිම කෙනෙක්ව ඕනේම නෑ..

අතීතය , අනාගතය ගැන හිතන්නේ නැතුව වර්ථමානේ ජීවත් වුනාම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. කල්පනා කරලා කරලා හෙම්බත් වුනාම මටම එහෙම කියාගත්ත මම ඉක්මනටම නිඳාගන්න ගියේ දවසෙම මහන්සිය නිසා හෙම්බත් වෙලා හිටපු නිසා.
********************************************************************************************************************

පස්සෙන්දා උදේම ඇහැරුන ගමන් මම කලේ ෆෝන් එක බලපු එක.මහන්සියත් එක්ක නින්ද ගිය නිසා රෑ මහීන් එවපු message වලට රිප්ලයි යවන්නෙවත් නැතුවයි මම නිදාගත්තේ.එහෙම වුනත් මහීන් මා එක්ක කවදාවත් තරහා වෙන්නේ නෑ කියලා මම දැනගෙන හිටියා.

උදේ පාන්දර ඇහැරුන ගමන් ඉතින් උඹට කවුරු නැතත් මල් කුමාරයව මතක් වෙනවනේ

දුලී එහෙම කියලා විහිලුවක් කරේ උදේම මම හිනා වෙවී මහීන්ගේ message  කියවනවා දැක්ක නිසා.

මහීන්ගේ message  අතරේ තිබුන නොදන්න dialog number එකක් මට ගෙනාවේ කුතුහලයක්. මහීන්ගේ message කියවන එක පැත්තක දාලා ඒ message එක කියවන්න පටන් ගත්තේ කවුරු හරි හදිස්සියකට එවපු message එකක්ද දන්නේ නැති නිසා..

message එකේ වචන එකින් එක කියවද්දී මගේ ඇස් වලින් කඳුළු බිඳු එකින් එක කඩන් වැටෙන්න ගත්තා.

ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නේ. කවදාවත්ම හිතේ සතුටින් ඉන්න මට ඉඩක් ලැබෙන්නේ නැද්ද.

අඬන ගමන්ම දුලීගෙන් මම එක පාරට එහෙම අහද්දි දුලිත් ඇස් උඩ තියාගත්තේ මම කියන කිසිම දේක අගක් මුලක් දුලීටත් නොතේරුන නිසා වෙන්න ඇති.

"මොකද මේ.. කියපන් අඬන්නේ නැතුව , මොකද බන් මේ. ඇයි මේ.. ඉතින් කියන්නකෝ.."

phone එක අතේ තියාගෙනම අඬන මාව දැක්කම දුලීටත් ඒක දරාගන්න බැරි වෙන්න ඇති. මගේ අතේ තිබුන phone එක උදුරලා අරගෙන ඒ message  එක දුලීම කියවන්න පටන් ගත්තේ ඒ නිසා. message එක කියවලා දුලීගෙත් මූණ අමුතු වෙන හැටි මම කඳුළු අතරින් යන්තමට දැක්කා.

"මේ මොකෙක්ද බන්, මම දන්නවා මේක එවපු එකාව. ඇයි ඌට උඹට පාඩුවේ ඉන්න දෙන්නම බැරි, මේ මොන විකාරයක්ද? උඹමයි ඌව හුරතල් කරේ. ශික් විතරක්. ඌ නම් සතෙක් බන්.."

දුලීට තරහා ගිහින්. ඒ තරමටම තරහා යන්න හේතුවක් තිබුනා.. නිර්නාමික වුනත් අළුත් number එකක් වුනත් මේ වගේ message එකක් එවන එකම කෙනෙක් විතරයි ඉන්නේ..

"oyaa hithanna epa hamadema iwaray kiyala, eye 
hamadema patan gaththe. mama oyata wena kagewath wenna dhenne naa. mage wenne nathnam wena kagewath wenna oyata ayithiyak naa. api balamuko. wadiya natanna lesthi wenna epa. oya natanawa nam nawaththana hatith mama dhannawa. e nisa oyage ara mokada ekatath kiyanawa paressam wenna kiyala. nathnam............."

සලිත්......
ඔවු මේ එයාම තමයි.මේ කිසිම දෙයකට කිසිම සම්භන්ධයක් නැති මහීන් අයියත් මේ හැම දේකටම පැටලිලා ඉවර බව. message එකේ වචනයක් වචනයක් පාසා තිබුන වෛරය දෝරේ ගලන වචන වලින් මට තේරුණා.. ඒත්.. මම පරක්කු වැඩියි..

*******************************************************************************
සිතක තෙරපෙන සිතුවිලි සුළඟට මුසු වෙන විට ගසාගෙන යන 
ජීවිතයක, නවමු මාවතක් හමුවේ අසරණ වුන තරුණියක්.. මතකය අමතක නොවන විට ජීවිතය අතරමඟ නතර වී ඇති ඇය ජීවිතය, ආදරය කෙලෙස දකීවිද?

CONVERSATION

46 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. Replies
    1. හෆ්ෆා... මේ සලිත් නම් මහ ඇනයක් වුනානෙ..:/ ඔන්න ඔහොම වුනාම මට තරහා යනවා හෆ්ෆා.. අලුතෙන් ලස්සන පෙම් කවියක් ලියන්න හදනකොටම, පරන බූට් කවියක් මතක් වෙද්දි යකා නගිනවානෙ..:/ :/ :/

      "එක්කෝ මම ආදරේ දන්නේ නෑ,, එක්කෝ උඹ ආදරේ දන්නේ නෑ.. එක්කෝ උඹ දැනගෙනත් නොදන්නවා වගේ ඉන්නවා. එක්කෝ අර මහීන්ට උඹෙන් ආදරේ ඉල්ලන්න බයෙන් ඉන්නවා. අනේ මන්දා මේවා කොහෙන් කෙළවර වේවිද කියලා. උඹලා දෙන්නටම පිස්සු. "

      හැබැයි දුලී කියපු කතාවත් ඇත්ත තමා.. මහීනුයි වර්ෂායි උගුරට හොරා බේත් බොනවාද කොහෙද හෆ්ෆා.. දැන් නම් බලන් හිටියා ඇති.. අර සලිත් මොකක් හරි කරන්න කලින් මහීන්ට ඉස්සර වෙන්න වෙයි..

      ලස්සනයි අක්කි කතාව..පිස්සු හැදෙනවා..

      Delete
    2. ඇත්තටම මේක උගුරට හොරා බේත් බීමක් ද? එහෙම නැත්නම් ගිනි පෙලෙල්ලෙන් බැට කාලා කණාමැදිරියටත් බිය වීමක් ද?

      ඇත්තටම ආදරය කියන්නෙ මොකක්ද? කෙයාරින් සහ ෂෙයාරින් තිබුණු පලියට, දෙන්නට දෙන්න නොදැක ඉන්න බැරිවුන පලියට, උදේම නැගිටල ෆෝන් එක අතට ගත්ත පලියට ඒක ආදරයක් වෙනවද? අර Niroshini කියල තිබුනු විදිහට මල් වැටුණු රීඩ් මාවතේ ඇවිද ගිය පලියට, එහෙම නැත්නම් උඩ පින්තූරයේ විදිහර හිරු මලානික වෙන හැන්දෑවක මුහුදු වෙරලේ තනි වුනු පලියට ඒක ආදරයක් වෙනවද?

      ආදරය කරපු හදකට වෛර කරන්න පුළුවන්ද?

      ඇත්තටම හිතූ, අපි මේ ප්‍රශ්ණ වලට තේරුමක් හෙව්වයි කියල වැඩක් වෙනවද?

      එහෙමත් නැත්නම් අතීතය , අනාගතය ගැන හිතන්නේ නැතුව වර්ථමානේ ජීවත් වුනාම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියල නිදා ගත්තාම ඔක්කොම හරිද?

      Delete
    3. හෆ්ෆා Skyman125 , මේ කතාව ලියන්න මගෙ අක්කි.. මම නෙවෙයි..:D මගෙන් අහලා ප්‍රශ්න තොගයක්..:D

      ඇත්තටම ආදරේ කියන්නෙ මොකක්ද කියලා මමවත් තාම දන්නෙ නෑ.. මම හිතන්නෙ නෑ මැරෙනකම් ම මට ඒකට උත්තර හොයාගන්න ලැබෙයි කියලානම්.. අනික ඔයා ඔය කිව්ව දේවල් තිබ්බ පලියට ඒකට ආදරේ කියන්නත් බෑ තමා.. ඇත්ත.

      ආදරෙයි වෛරයයි අතරේ තියෙන්නෙ කෙස් ගහක පරතරයක්ලු... මම හිතන්නෙ ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.. මංදා මටනම් ආදරේ කරපු කෙනෙක්ට මේ හිතින් වෛර කරන්න බෑ.. මම දන්නෙ එච්චරයි!!!

      Delete
    4. හම්මෝ.. මෙතන දිග විස්තර විචාරයක් ගිහින් වගේ ආදරේ ගැන.. අනේ මන්දා ඉතින්.. හිතූ කිව්වා වගේම මටත් ආදරේ කරපු හිතකට වෛර කරන්න නම් බෑ..

      Delete
    5. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. Replies
    1. සලිතව මට අහුවුනානම් දනී මම ඕකාට කරන දේ :/

      Delete
    2. ඒක නම් මමත් දන්නවා. සලිතව ඔයාගෙ සගයා කර ගන්නවා නේද?

      Delete
    3. හික්ස්.. මොකක්ද නංගියෝ ඇත්තටම කරන්නේ...

      Delete
  3. එන පොට නං හොඳ මදී............

    බලමුකො! :)

    ReplyDelete
  4. “ඒත්... මහීන් මාව දාලා ගියොත්.......

    ඒ සිතුවිල්ල හිතට එද්දි මට දැනුනේ කියාගන්න බැරි හැඟීමක්.. දුකක්, වේදනාවක්.. එහෙම විය යුතු නෑ කියන එක මම මගේ හිතටම කියාගත්තත් ඒ දැනෙන හැඟීම නවත්තගන්න මට පුළුවන් වුනේ නෑ.. ටිකෙන් ටික පරෙස්සමට හදාගත්ත මේ හිත ලඟ ආයෙවත් කොල්ලෙක්ගේ හෙවනැල්ලවත් නොවැටෙන්නයි මට ඕනේ වුනේ.. ඉතින් ඒක ඒ විදියටම තිබිච්චාවේ.. මට කිසිම කෙනෙක්ව ඕනේම නෑ..“


    ඇත්තටම කියන්න වචන නෑ අක්කියෝ.....සුපිරී....

    ReplyDelete
  5. අදත් ලස්සන කොටසක්..
    මහීන් වර්ෂාට ආදරේ නැද්ද?

    ඊළඟ කොටස එනතෙක් මග බලා හිඳිමි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ..
      මහීන් වර්ෂාට ආදරේද? හ්ම්ම්... ඒක දන්නේ නම් මහීන්ගේ හිත විතරමයි..

      Delete
  6. හම්ම්...
    :(

    බලමුකෝ සලිත් මොනාද කරන්නේ කියලා.

    ReplyDelete
  7. හොඳ පිවිතුරු ආදරයක් ලබන්න නම් පින් කරලා තියෙන්න ඔන.. නැතුව සලිත් හිතන් ඉන්නව වගේ බලෙන් ලබාගන්න නම් බෑ :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒක ඇත්ත.. ඒත් සමහරු ඒ බව නොදැන ආදරේ බලෙන් ලබාගන්න උත්සාහ කරනවා නේද?

      Delete
  8. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........බලමුකො මොකද වෙන්නෙ කියලා...

    ReplyDelete
  9. ඒකත් නරකම නෑ.... :P ඒත් ඉතින් අර අහින්සක කොල්ලා ගැන නම් මට දුකයි. ;)

    සලිත් කාරයා ඔය මැසේජ් එකක් දැම්මට ආයෙ දකින්නවත් ලැබෙන්නේ නෑ.ඒක නම් ෂුවර්. :D D

    ReplyDelete
    Replies
    1. ඔයාට ඉතින් හරි දුකයිනේ මහීන් ගැන.. නරකට තියේවි මහීන්ට වර්ෂා වගේ කෙල්ලෙක් set වුනා නම්... :P
      බලමුකෝ අයියා කියන විදියටම වේවිද කියලා..

      Delete
  10. තේරෙන්නේ නෑ මොනා කියන්නද කියලා බලමු..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... බලමුකෝ අයියේ..

      Delete
  11. මේ මොකාටද මේ එන්න හදන්නේ? :-0

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. :O මේ වගේ වෙලාවක සුභ වේවා කියලා කියනවද?

      Delete
  12. මටත් හිතෙන්නේ කුබූ කිව්ව වගේ දෙයක් තමයි.. හැබැයි ඉතින් දුෂ්ඨයෝ නැති කථාවක අගේකුත් නෑ.. ත්‍රිල් එකකුත් නෑ.. එහෙම එකෙක් ඉන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. බලමුකෝ අයියලා දෙන්නම හිතන දේ හරිද කියලා...

      Delete
  13. හ්ම්ම්..සලිත, සලිත වේවි හදන්නේ ආදරය බලෙන් ගන්නේ..අනේ මන්දා...හිතේ කොනක තියනවා ඉතින් කතාවේ නමේ හැටියට මහින්ගේනුත් ලැබෙන්නේ ඊට සමාන දෙයක් වගේ කියන එක...ඉතිරියත් කියවලාම බලමුකෝ...ඉක්මනට දාමුකෝ හොදේ...:)

    ReplyDelete
    Replies
    1. :O මහීනුත් එහෙම වෙවි කියලා හිතනවද? බලමු බලමු..

      Delete
  14. වෙනස්ම කතාවක් ලස්සනයි..

    ReplyDelete
  15. වර්ෂා උගුරට හොරා බෙහෙත් බොනවද මන්ද :D
    අපෝ මේ සලිත කියන්නේ සැහෙන මොලේ කචල් එක්කෙනෙක් වගේ. නැත්තම් ඔහොම බලෙන් අයිති කර ගන්න යාවිද

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... සලිත විතරක් නෙවෙයිනේ ඕනේ තරම් ඇත්ත ජීවිතෙත් ඔය වගේ අය ඉන්නේ..
      වර්ෂා ගැන නම් ඉතින්... අනේ මන්දා.. :D

      Delete
  16. කතාව ආයෙම කියවන්න වෙයි වගේ. ගොඩක් කාලෙකින් ආව කිසා මතක නෑ හරියට

    දුෂ්ටයා නැතුව කතාවක් රසවත් නෑ තමයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. බලමුකෝ දුශ්ඨයට මොකද වෙන්නේ කියලා.

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. වර්ෂ සතුටින් ඉන්න හැදුව විතරයි ..... සලිතත් අවානේ ඇඩ් දාන්න

    ReplyDelete
    Replies
    1. ඒකනේ අනේ... ඔහොමම තමා වෙන්නේ... හික්ස්...

      Delete
  19. සලිත් ට දෙන්න හිතෙනවා එකක් සලිත වෙලා යන්න...ග්ර්ර්

    ReplyDelete
    Replies
    1. :O හපොයි... සයුරි අක්කට තරහා ගිහින්..

      Delete
  20. හ්ම්ම් ආනෙ මංදා හිතා ගන්න බෑ මොනා වෙන්න යනවද කියලා.මම දැන්මම කිසිම අනාවැකියක් නොකියා ඉන්නම්කෝ තව ටිකක් ඔහොම යන්න දෙන්නකෝ කතාවට

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... බලමුකෝ අක්කේ..

      Delete
  21. හෆොයි.. නගේ.. දුෂ්ටයට කතාවට එන්න දුන්නෙ ඇයිඊඊඊඊඊඊඊඊඊඊ... :(
    බලාගෙන ඉන්නවා.. කතාවේ ඊළඟ කොටසත්.. :)

    ReplyDelete

Back
to top