෴ මායාවක් පමනකි෴



ලං නොවෙනා අහස පොලව
ගැටලන්නට තැත් දැරුවද,
ගැ‍ටුමක් නෑ බැම්මක් නෑ
මායාවක් පමනකි එය...

ක්ශිතිජ ඉමෙන් ඈත කොනක
වලාකුලක් ‍රැලි සිම්බද,
රළකට බෑ වලා සිඹිනු
මායාවක් පමනකි එය...

දුර පෙනෙනා හීන ලොවක
ඔබත් මමත් ගිම් නිව්වද,
ඔය නෙතු මට ලංවනු බෑ
මායාවක් පමනකි එය...

හුරතලී නුඹ, පෙම්බරි නුඹ
එලෙසින් පෙම් බස් කිව්වද,
හිත් අපගේ එක් වනු බෑ
මායාවක් පමනකි එය...

රහසෙම එනමුදු දැන දැන
සිත් රුක අග ලියලන පෙම,
මුල් ඇදෙනා හැටි නොදකිමි
මායාවක් පමනකි එය...


CONVERSATION

36 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. හුරතලී නුඹ, පෙම්බරි නුඹ
    එලෙසින් පෙම් බස් කිව්වද,
    හිත් අපගේ එක් වනු බෑ
    මායාවක් පමනකි එය...

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........... :'(

    ReplyDelete
    Replies
    1. හිතූට තදටම දැනිලා නේද?...

      Delete
    2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  2. Replies
    1. මම කොමෙන්ට් එක දාලා නැහැනේ...:D :D

      දුර පෙනෙනා හීන ලොවක
      ඔබත් මමත් ගිම් නිව්වද,
      ඔය නෙතු මට ලංවනු බෑ
      මායාවක් පමනකි එය...

      ලස්සනට ලියලා තියෙනවා නංගි.......

      Delete
    2. හා හා.. දැන් එහෙමවත් කියන්නකෝ අයියේ..:p

      Delete
  3. කොහොමත් අපි වටේ තියෙන හැම දේම මායවක් පමණි තමා නංගි...

    ReplyDelete
  4. මායාවක් පමණක් නොවෙයි
    හැමදාමත් මවන හීන

    ReplyDelete
  5. මායාවක් පමනකි එය...
    :(

    ReplyDelete
  6. කිසිම සැකයක් නෑ! හැබැයි මට අායෙත් ටිකක් මතක් කරගන්න වෙයි! ;)

    ReplyDelete
  7. ගත දැවටෙන සීත සුළඟ
    නෙතු පිනවන හීන සමග
    අප ගෙවනා මේ ජීවිත
    මායාවක් පමනද එය...

    ReplyDelete
  8. ඇත්තමයි නංගි. මායාවක් තමයි

    ReplyDelete
  9. ලස්සන අර්ථවත් කවක්...

    ReplyDelete
  10. මායාවක් නොවේය එය
    බිදුණු දාට මේ තිරපට.....

    ReplyDelete
  11. මායාවක් පමනකද එය,
    තේරුම් ගන්න බෑ තවම
    ඒත් දුර ඇදෙයි ලංවෙන හැම වරෙක
    මායාවක් යැයි කියා හිත..

    ඈතක නුඹ ක්ෂිතිජය බලාගෙන
    මෑතක මම නුඹ දෙසම බලාගෙන
    ඉදහිට වෙනස් වෙන නුඹේ රුව
    පේන තරමටම මායවක් නොවු නුඹ..

    ලං වෙන්නට බෑ අපිට තව
    සිතට නැගෙයි සිතුවිලි කැල
    ඒත් ආදරේ කිම තවම හිත තුල
    මායක් බව නුඹ දැන දැනම..


    විශේෂයි : ඔයාගේ කවි පෙල ලස්සනයි නංගියේ.. ඒත් කතාව නොදා මේවා දාන එක ගැන මගේ බලවත් විරෝධය... :)

    ReplyDelete
  12. ම්ම්ම්...අප වටේ මායාව​..! නමුදු, දැන දැන ඇයිදෝ අපි රැවටෙන්නෙ...වැලපෙන්නෙ...කඳුළු සලන්නෙ..
    කවිය අපූරුයි! අර්ථය යථාර්තය!! ප්‍රාර්ථනාට ජය​..:)

    ReplyDelete
  13. ලස්සනට ලියලා තියෙනවා.. ලස්‌සනම ලස්‌සනයි..

    ReplyDelete
  14. සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්
    සොයා ගම් දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක්...

    ඒ මායාවට ආදරය කරන්න.. නොලැබෙනා බව දැනුනත් ආදරයෙන් බැඳෙන්න ඉඩ දෙන්න.. හැමදාම වගේ බුද්ධියට සවන් දෙමින් ආදරය කරන්න බෑ.. හැගීම් වලට ඉඩ දීමෙන් කවදා හරි බොහොම දුක් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි තමන් ජීවිතයේ එක පාරක් හරි හරියට ආදරය කළා කියලා සතුටු වෙන්න පුළුවන් වේවි! ඒ සතුටත් එක්ක ජීවිත කාලයක් ම ජීවත් වෙන්න පුළුවන් වේවි!

    ආදරය විශ්වාස කරන්න එපා!
    නමුත් විශ්වාසයෙන් යුතුව ආදරය කරන්න!!

    ජය!

    ReplyDelete
    Replies
    1. ආදරය විශ්වාස කරන්න එපා!
      නමුත් විශ්වාසයෙන් යුතුව ආදරය කරන

      බොහොම වටිනා කියමනක් සහෝ....!!

      Delete
  15. දුර පෙනෙනා හීන ලොවක
    ඔබත් මමත් ගිම් නිව්වද,
    ඔය නෙතු මට ලංවනු බෑ
    මායාවක් පමනකි එය...

    මගේ ජිවිතෙත් මට කියන්න ඉතිරි වෙලා ‍තියෙන්නේ මේ ටිකමයි අක්කි...

    ReplyDelete
  16. ලස්සනයි කවි ටික...

    ක්ශිතිජ ඉමෙන් ඈත කොනක
    වලාකුලක් ‍රැලි සිම්බද,
    රළකට බෑ වලා සිඹිනු
    මායාවක් පමනකි එය...

    ReplyDelete
  17. ඔක්කොම කවි ටික හරිම ලස්සනයි ප්‍රාර්ථනා...හැබැයි මේ කවිය නම් පුදුම විදිහට හිතට දැනුනා.

    //දුර පෙනෙනා හීන ලොවක
    ඔබත් මමත් ගිම් නිව්වද,
    ඔය නෙතු මට ලංවනු බෑ
    මායාවක් පමනකි එය...//

    ReplyDelete
  18. නොලැබෙන බව දැනුනත් ඔබ
    නුඹ අත ඇර යන්නත් බෑ
    නුඹෙන් ලැබෙන රැකවරණය
    නැතිව මෙමට ඉන්නත් බෑ

    ReplyDelete
  19. මන් නම් මායාවට ආදරෙයි ලස්සනයි .

    ReplyDelete
  20. //..දුර පෙනෙනා හීන ලොවක
    ඔබත් මමත් ගිම් නිව්වද,
    ඔය නෙතු මට ලංවනු බෑ
    මායාවක් පමනකි එය...//

    හුගක් ලස්සන කවි පෙළක්....

    ReplyDelete
  21. මායාවක් නොවේද ආදරේ.

    ReplyDelete
  22. රහසෙම එනමුදු දැන දැන
    සිත් රුක අග ලියලන පෙම,
    මුල් ඇදෙනා හැටි නොදකිමි
    මායාවක් පමනකි එය...

    හ්ම්ම් හරිම අපූරු පද පෙළක්

    ReplyDelete
  23. “දුර පෙනෙනා හීන ලොවක
    ඔබත් මමත් ගිම් නිව්වද,
    ඔය නෙතු මට ලංවනු බෑ
    මායාවක් පමනකි එය... “

    හ්ම්ම්මම්ම්ම්

    ReplyDelete
  24. මායාවක්මයි ආදරය
    ගිම් නිවා ගෙනාවද වසන්තය
    නිති පෙරලුනද විලස රෝදය
    දිරියෙන් පැදයමු මේ ජිවිතය. . .

    ReplyDelete
  25. නියමයි නියමයි... ගිනි ගින්දර :-)

    එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  26. මුළු ලෝකයම මායාවක් තමා ඇත්තටම. අපිත් ඉතින් මිරිගුව පසුපස හඹායන මුව පොව්ව්වන් වගේ මායාව පස්සෙම දුවනවා.. කවි පෙළ ලස්සනයි

    ReplyDelete
  27. :( :( hmmm godak lassanai e wagema feel wenawa :'(
    gud luck!

    ReplyDelete
  28. ඈත දුරක ක්ෂිතිජ කොනක
    ආදරයක් නුඹ සෙව්වද
    නෙත් මානෙක මෑත ඉමක
    නුඹේ නමට පිදු ආලය
    නුඹ නොදුටුව අරුමය කිම

    මායාවක් නොවේය එය
    රැවටීමක් නොවේය එය
    නුඹේ නමට පිදු ස්නේහය
    පසෙකට දැමුවේ ඔබමය

    ලස්සන කවිය නගෝ...!

    ReplyDelete

Back
to top